93. වුත්‌තඤ්‌හෙතං භගවතා, වුත්‌තමරහතාති මෙ සුතං –
93. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. ‘‘තයොමෙ, භික්‌ඛවෙ, අග්‌ගී. කතමෙ තයො? රාගග්‌ගි, දොසග්‌ගි, මොහග්‌ගි – ඉමෙ ඛො, භික්‌ඛවෙ, තයො අග්‌ගී’’ති.
1. මහණෙනි, මේ ගිනි තුණෙකි. කවර තුණෙක් ද යත්: රාග නැමැති ගින්න, ද්වේෂ නැමැති ගින්න, මොහ නැමැති ගින්න, යන මේ යි. මහණෙනි, මේ ගිනි තුණ යැ යි.
එතමත්‌ථං භගවා අවොච. තත්‌ථෙතං ඉති වුච්‌චති –
භාග්‍යවත්හු මෙ කරුණ වදාළහ. එහි අර්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “රාගාග්නි තෙම රාගයෙන් රත් වූ කාමයන්හි මුළා වූ මිනිසුන් දවයි. ද්වේෂාග්නි තෙම ව්‍යාපාද වශයෙන් පෙරැළුනු සිත් ඇති, ප්‍රාණඝාතය කරණ මිනිසුන් දවයි.
3. මොහාග්නි තෙම ආර්‍ය්‍ය ධර්‍මයෙහි අදක්‍ෂ වූ වෙසෙසින් මුළා වූ මිනිසුන් (දවයි.) සත්කායයෙහි (ස්කන්‍ධ පංචකයෙහි) ඇලුනාවු ඒ සත්ත්‍වයෝ මේ රාගාදි අග්නීන් නොදන්නාහු වෙත්.
4. ඒ මාරබන්‍ධනයෙන් නොමිදුනාවූ (ඔහු) නිරය ද, තිරච්ඡානයොනිය ද, අසුරනිකාය ද, ප්‍රෙතවිෂයය ද, (එහි ඉපදීම් වශයෙන්) වඩන්නෝ වෙත්.
5. යම් කෙනෙක් රෑ දාවල් දෙක්හි සම්‍යක් සම්බුද්ධශාසනයෙහි (භාවනා වශයෙන්) යෙදුනාහු වෙත් ද, නිතර අශුභ සංඥා ඇති ඔහු රාගාග්නිය නිවත්.
6. ඒ නරොත්තමයෝ මෛත්‍රීභාවනායෙන් ද්වේෂාග්නිය ද, යම් මේ කෙලෙස් කඳු විඳින ප්‍රඥාවෙක් වේ නම් ඒ ප්‍රඥායෙන් මොහාග්නිය ද නිවත්.
7. ප්‍රඥායෙන් යුක්ත වූ රෑ දාවල් දෙක්හි නොමැලි වූ (ඔහු) රාගාදි ගිනි නිවා (අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුවෙන්) පිරිනිවෙත්. සියලු සසර දුක් ඉක්මෙත්.
8. ආර්‍ය්‍ය වූ (නිර්‍වාණය) දුටුවාවූ වෙද සංඛ්‍යාත මාර්‍ගඥානයෙන් (සසර කෙළවරට) ගියා වූ නුවණැති ඔහු (ස්කන්‍ධාදිය) මොනොවට දැන නිර්‍වාණාවබොධය කොට නැවැත ඉපැදීමට නො පැමිණෙත්.”
අයම්‌පි අත්‌ථො වුත්‌තො භගවතා, ඉති මෙ සුතන්‌ති. චතුත්‌ථං.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ ද වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.