ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » උදානපාළි » 4. මෙඝිය වර්ගය

4. 8. සුන්‌දරීසුත්‌තං

4. 8. සුන්‌දරී සූත්‍රය

1. එවං මෙ සුතං – එකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා සක්‌කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ්‌ඩපාතසෙනාසනගිලානපච්‌චයභෙසජ්‌ජපරික්‌ඛාරානං. භික්‌ඛුසඞ්‌ඝොපි සක්‌කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ්‌ඩපාතසෙනාසනගිලානපච්‌චයභෙසජ්‌ජපරික්‌ඛාරානං. අඤ්‌ඤතිත්‌ථියා පන පරිබ්‌බාජකා අසක්‌කතා හොන්‌ති අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා න ලාභිනො චීවරපිණ්‌ඩපාතසෙනාසනගිලානපච්‌චයභෙසජ්‌ජපරික්‌ඛාරානං.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර, ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ලෝවැස්සා විසින් සත්කාර කරන ලද ගරු කරන ලද බුහුමන් කරන ලද පුදන ලද යටත්පැවතුම් දක්වන ලද සේක් වෙති. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සේක් වෙති. අන්තොටු පිරිවැජ්ජෝ වනාහි සත්කාර නොලදුවෝ, ගුරුකාර නො ලදුවෝ, බුහුමන් නොලදුවෝ, පූජා නො ලදුවෝ, යටත්පැවතුම් නො ලදුවෝ වෙති. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන සුල්ලෝ වෙති.

2. අථ ඛො තෙ අඤ්‌ඤතිත්‌ථියා පරිබ්‌බාජකා භගවතො සක්‌කාරං අසහමානා භික්‌ඛුසඞ්‌ඝස්‌ස ච යෙන සුන්‌දරී පරිබ්‌බාජිකා තෙනුපසඞ්‌කමිංසු; උපසඞ්‌කමිත්‌වා සුන්‌දරිං පරිබ්‌බාජිකං එතදවොචුං – ‘‘උස්‌සහසි ත්‌වං, භගිනි, ඤාතීනං අත්‌ථං කාතු’’න්‌ති? ‘‘ක්‍යාහං, අය්‍යා, කරොමි? කිං මයා න සක්‌කා [කිං මයා සක්‌කා (ස්‍යා. පී.)] කාතුං? ජීවිතම්‌පි මෙ පරිච්‌චත්‌තං ඤාතීනං අත්‌ථායා’’ති.

2. ඉක්බිත්තෙන් ඒ අන්තොටු පිරිවැජ්ජෝ භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂුසඞ්ඝයාට ද ලැබෙන සත්කාර නො ඉවසන්නෝ, සුන්‍දරී පිරිවැජිය කරා එළැඹුණහ. එළැඹ, “බිහිනිය, නෑයනට වැඩක් කරන්නට හැක්කහු දැ”යි කීහ. “ආර්‍ය්‍යයෙනි, කුමක් කෙරෙම් ද? මා විසින් කට නොහැකි කිමෙක් ද? නෑයන්ගේ යහපත පිණිස දිවි පවා මා විසින් පරිත්‍යක්ත යැ”ඕ කිවු ය.

3. ‘‘තෙන හි, භගිනි, අභික්‌ඛණං ජෙතවනං ගච්‌ඡාහී’’ති. ‘‘එවං, අය්‍යා’’ති ඛො සුන්‌දරී පරිබ්‌බාජිකා තෙසං අඤ්‌ඤතිත්‌ථියානං පරිබ්‌බාජකානං පටිස්‌සුත්‌වා අභික්‌ඛණං ජෙතවනං අගමාසි. යදා තෙ අඤ්‌ඤිංසු අඤ්‌ඤතිත්‌ථියා පරිබ්‌බාජකා – ‘‘වොදිට්‌ඨා ඛො සුන්‌දරී පරිබ්‌බාජිකා බහුජනෙන අභික්‌ඛණං ජෙතවනං ගච්‌ඡතී’’ති [ගච්‌ඡතීති (සී. ස්‍යා. කං. පී.)]. අථ නං ජීවිතා වොරොපෙත්‌වා තත්‌ථෙව ජෙතවනස්‌ස පරිඛාකූපෙ නික්‌ඛිපිත්‌වා [නිඛනිත්‌වා (සී. ස්‍යා. පී.)] යෙන රාජා පසෙනදි කොසලො තෙනුපසඞ්‌කමිංසු; උපසඞ්‌කමිත්‌වා රාජානං පසෙනදිං කොසලං එතදවොචුං – ‘‘යා සා, මහාරාජ, සුන්‌දරී පරිබ්‌බාජිකා; සා නො න දිස්‌සතී’’ති. ‘‘කත්‌ථ පන තුම්‌හෙ ආසඞ්‌කථා’’ති? ‘‘ජෙතවනෙ, මහාරාජා’’ති. ‘‘තෙන හි ජෙතවනං විචිනථා’’ති.

3. “එසේ නම් බිහිනිය, එක්වන් දෙව්රමට යව”යි ඔහු කීහ. “එසේ ය, ආර්‍ය්‍යයෙනි”යි කියා ම සුන්‍දරී පිරිවැජිය ඒ අන්තොටු පිරිවැජ්ජනට පිළිවදන් දී එක්වන් දෙව්රමට ගියා ය. ‘බොහෝ දෙනා විසින් දක්නා ලදු ව සුන්‍දරී පිරිවැජිය එක්වන් දෙව්රම් යේ’ යැ යි යම් විටෙක ඒ අන්තොටු පිරිවැජ්ජෝ දැන ගත්තාහු ද, එකල්හි ඇය දිවියෙන් තොර කොට, එහි ම ජෙතවනයේ දිය අගලෙහි වළැ ලා පසේනදී කොසොල්රජු වෙත එළැඹියහ. එළැඹ, “මහරජ, යම් සුන්‍දරී නම් පිරිවැජියක් වූ ද, ඕ අප විසින් නො දක්නා ලබායැ”යි සැළ කළහ. “තෙපි කොහි සැක කරවු දැ?”යි රජ පිළිවිත. “මහරජ, ජේතවනයෙහි යැ”යි ඔහු කීහ. “එසේ නම් ජේතවනය සොයා බලව”යි රජ කීය.

4. අථ ඛො තෙ අඤ්‌ඤතිත්‌ථියා පරිබ්‌බාජකා ජෙතවනං විචිනිත්‌වා යථානික්‌ඛිත්‌තං පරිඛාකූපා උද්‌ධරිත්‌වා මඤ්‌චකං ආරොපෙත්‌වා සාවත්‌ථිං පවෙසෙත්‌වා රථියාය රථියං සිඞ්‌ඝාටකෙන සිඞ්‌ඝාටකං උපසඞ්‌කමිත්‌වා මනුස්‌සෙ උජ්‌ඣාපෙසුං –

4. ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ ජේතවනය පුරා සොයා හැවිද, තමන් වළැ ලූ පරිදි ම දිය අගලැ වළෙන් ගොඩට ගෙන ඇඳෙක නංවා, සැවැත්නුවරට පිවිස්වා (ඇතුළු කොට) වීථියෙන් වීථියට, තුන්මංහන්දියෙන් තුන්මංහන්දියට එළැඹ, මිනිසුන්හට මෙසේ කීහ:

‘‘පස්‌සථාය්‍යා සමණානං සක්‍යපුත්‌තියානං කම්‌මං! අලජ්‌ජිනො ඉමෙ සමණා සක්‍යපුත්‌තියා දුස්‌සීලා පාපධම්‌මා මුසාවාදිනො අබ්‍රහ්‌මචාරිනො. ඉමෙ හි නාම ධම්‌මචාරිනො සමචාරිනො බ්‍රහ්‌මචාරිනො සච්‌චවාදිනො සීලවන්‌තො කල්‍යාණධම්‌මා පටිජානිස්‌සන්‌ති! නත්‌ථි ඉමෙසං සාමඤ්‌ඤං, නත්‌ථි ඉමෙසං බ්‍රහ්‌මඤ්‌ඤං. නට්‌ඨං ඉමෙසං සාමඤ්‌ඤං, නට්‌ඨං ඉමෙසං බ්‍රහ්‌මඤ්‌ඤං. කුතො ඉමෙසං සාමඤ්‌ඤං, කුතො ඉමෙසං බ්‍රහ්‌මඤ්‌ඤං? අපගතා ඉමෙ සාමඤ්‌ඤා, අපගතා ඉමෙ බ්‍රහ්‌මඤ්‌ඤා. කථඤ්‌හි නාම පුරිසො පුරිසකිච්‌චං කරිත්‌වා ඉත්‌ථිං ජීවිතා වොරොපෙස්‌සතී’’ති!

“ආර්‍ය්‍යයෙනි, ශාක්‍යපුත්‍රීය මහණුන්ගේ කමක් බලව. මේ ශාක්‍යපුත්‍රීය මහණහු අලජ්ජීහු ය. දුශ්ශීලය හ. නිහීන පැවැතුම් ඇතියම්හ. මුසවා කියන්නෝය. බඹසර නැත්තෝ ය. මොවුහු වූ කලී ‘කුසල්දහම් සරනුවම්හ. සම හැසුරුම් ඇතියම්හ, බඹසැරියම්හ, සබවස් ඇතියම්හ, සිල්වතුම්හ, කලණසැහැවි ඇතියම්හ‘යි පිළින දුන්හුය. මුන්ගේ මහණදමෙක් නැත. මුන්ගේ පව් බැහැරැ කළ බවෙක් නැත. මොවුන්ගේ මහණබව් නටුයේ ය. මොවුන්ගේ පව් බැහැරැ ලූ බව් නටුයේ ය. මොවුනට මහණබවෙක් කොයින් ද? මොවුන්ගේ පව් බැහැරැ ලූ බවෙක් කොයින් ද? මොහු මහණ බැවින් පහ වූහ. මොහු පව් බැහැරැ ලූ බව කෙරෙන් පහ වූහ. කෙසේ නම් පිරිමියෙක් මෙවුන්දම් සෙවැ ස්ත්‍රියක් දිවි ගළවා ද?” යනු යි.

5. තෙන ඛො පන සමයෙන සාවත්‌ථියං මනුස්‌සා භික්‌ඛූ දිස්‌වා අසබ්‌භාහි ඵරුසාහි වාචාහි අක්‌කොසන්‌ති පරිභාසන්‌ති රොසන්‌ති විහෙසන්‌ති – ‘‘අලජ්‌ජිනො ඉමෙ සමණා සක්‍යපුත්‌තියා දුස්‌සීලා පාපධම්‌මා මුසාවාදිනො අබ්‍රහ්‌මචාරිනො. ඉමෙ හි නාම ධම්‌මචාරිනො සමචාරිනො බ්‍රහ්‌මචාරිනො සච්‌චවාදිනො සීලවන්‌තො කල්‍යාණධම්‌මා පටිජානිස්‌සන්‌ති! නත්‌ථි ඉමෙසං සාමඤ්‌ඤං, නත්‌ථි ඉමෙසං බ්‍රහ්‌මඤ්‌ඤං. නට්‌ඨං ඉමෙසං සාමඤ්‌ඤං, නට්‌ඨං ඉමෙසං බ්‍රහ්‌මඤ්‌ඤං. කුතො ඉමෙසං සාමඤ්‌ඤං, කුතො ඉමෙසං බ්‍රහ්‌මඤ්‌ඤං? අපගතා ඉමෙ සාමඤ්‌ඤා, අපගතා ඉමෙ බ්‍රහ්‌මඤ්‌ඤා. කථඤ්‌හි නාම පුරිසො පුරිසකිච්‌චං කරිත්‌වා ඉත්‌ථිං ජීවිතා වොරොපෙස්‌සතී’’ති!

5. එ කලැ සැවැත්හි මිනිස්සු භික්‍ෂූන් දැක, “මේ ශාක්‍යපුත්‍රීය ශ්‍ර‍මණ‍යෝ අලජ්ජීහු ය, දුශ්ශීලයෝ ය, පාපස්වභාව ඇැත්තෝ ය, මුසාවාදීහු ය. අබ්‍ර‍හ්මචාරීහු ය. අපි ධර්‍මචාරීම්හ, සමචාරීම්හ, බ්‍ර‍හ්මචාරීම්හ, සත්‍යවාදීම්හ, සිල්වතුම්හ, කලණදහම් ඇතියම්හ”යි මොහුදු පිළින දුන්හු. මොවුන්ගේ මහණකමෙක් නැත, මොවුන්ගේ බ්‍රාහහ්මණ බවෙක් නැත. මොවුන්ගේ මහණ බව නටුයේය, මොවුන්ගේ බ්‍රාහ්මණ බව නටුයේ ය. මොවුනට මහණ බවෙක් කොයින් ද? මොවුනට බ්‍රාහ්මණ බවෙක් කොයින් ද? මොහු මහණ බැවින් බැහැරැ වූවෝ ය. බ්‍රාහ්මණ බැවින් බැහැරැ වූවෝ ය. කෙසේ නම් පිරිමියෙක් මෙවුන්දම් සෙවැ ස්ත්‍රිය දිවියෙන් තොර කෙරේ දැ?”යි නොසැබි පරොස් බසින් අක්‍රොශ කරෙත්, පරිභව කෙරෙත්, රොස් උපදවත්, වෙහෙසත්.

6. අථ ඛො සම්‌බහුලා භික්‌ඛූ පුබ්‌බණ්‌හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය සාවත්‌ථිං පිණ්‌ඩාය පාවිසිංසු. සාවත්‌ථියං පිණ්‌ඩාය චරිත්‌වා පච්‌ඡාභත්‌තං පිණ්‌ඩපාතපටික්‌කන්‌තා යෙන භගවා තෙනුපසඞ්‌කමිංසු; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදිංසු. එකමන්‌තං නිසින්‌නා ඛො තෙ භික්‌ඛූ භගවන්‌තං එතදවොචුං – ‘‘එතරහි, භන්‌තෙ, සාවත්‌ථියං මනුස්‌සා භික්‌ඛූ දිස්‌වා අසබ්‌භාහි ඵරුසාහි වාචාහි අක්‌කොසන්‌ති පරිභාසන්‌ති රොසන්‌ති විහෙසන්‌ති – ‘අලජ්‌ජිනො ඉමෙ සමණා සක්‍යපුත්‌තියා දුස්‌සීලා පාපධම්‌මා මුසාවාදිනො අබ්‍රහ්‌මචාරිනො. ඉමෙ හි නාම ධම්‌මචාරිනො සමචාරිනො බ්‍රහ්‌මචාරිනො සච්‌චවාදිනො සීලවන්‌තො කල්‍යාණධම්‌මා පටිජානිස්‌සන්‌ති. නත්‌ථි ඉමෙසං සාමඤ්‌ඤං, නත්‌ථි ඉමෙසං බ්‍රහ්‌මඤ්‌ඤං. නට්‌ඨං ඉමෙසං සාමඤ්‌ඤං, නට්‌ඨං ඉමෙසං බ්‍රහ්‌මඤ්‌ඤං. කුතො ඉමෙසං සාමඤ්‌ඤං, කුතො ඉමෙසං බ්‍රහ්‌මඤ්‌ඤං? අපගතා ඉමෙ සාමඤ්‌ඤා, අපගතා ඉමෙ බ්‍රහ්‌මඤ්‌ඤා. කථඤ්‌හි නාම පුරිසො පුරිසකිච්‌චං කරිත්‌වා ඉත්‌ථිං ජීවිතා වොරොපෙස්‌සතී’’’ති!

6. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන, සැවැතට පිඬු පිණිස පිවිසියහ. සැවැතෙහි පිඬු පිණිස හැසිරැ පසුබත් සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හිඳ ගත්හ. එකත්පසෙක හුන්නා වූ ම ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: “වහන්ස, දැන් සැවැත්නුවර මිනිස්සු භික්‍ෂූන් දැක,” මේ ශ්‍ර‍මණශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහු ය, දුශ්ශීලයෝ ය, පාපස්වභාව ඇත්තෝ ය, මුසවාදීහු ය, අබ්‍ර‍හ්මචාරීහු ය, මොහු නම්, ‘තුමූ ධර්‍මචාරීම්හ යි, සමචාරිම්හ යි, බ්‍ර‍හ්මචාරීම්හ යි, සත්‍යවාදීම්හ යි, සිල්වතුම්හි යි, කලණදහම් ඇත්තම්හ යි පිළින දුන්හ. මොවුනට මහණබවෙක් නැත. මොවුනට බ්‍රාහ්මණබවෙක් නැත. මොවුන්ගේ මහණ බව නටුයේ ය, මොවුන්ගේ බ්‍රාහ්මණ බව නටුයේ ය. මොවුනට මහණබවෙක් කොයින් ද? මොවුනට බ්‍රාහ්මණ බවෙක් කොයින් ද? මොහු මහණ බැවින් පහ වූවෝ ය. මොහු බ්‍රාහ්මණ බැවින් පහ වූවෝ ය. කෙසේ නම් පිරිමියෙක් පුරිස්කිස (මෙවුන්දම) කොට ස්ත්‍රිය දිවියෙන් තොර කෙරේදැ?”යි අසභ්‍ය වූ පරුෂ වචනයෙන් ආක්‍රොශ කෙරෙත්, පරිභව කෙරෙත්, රොස් දනවත්, වෙහෙසත්”යනු යි.

7. ‘‘නෙසො, භික්‌ඛවෙ, සද්‌දො චිරං භවිස්‌සති සත්‌තාහමෙව භවිස්‌සති. සත්‌තාහස්‌ස අච්‌චයෙන අන්‌තරධායිස්‌සති. තෙන හි, භික්‌ඛවෙ, යෙ මනුස්‌සා භික්‌ඛූ දිස්‌වා අසබ්‌භාහි ඵරුසාහි වාචාහි අක්‌කොසන්‌ති පරිභාසන්‌ති රොසන්‌ති විහෙසන්‌ති, තෙ තුම්‌හෙ ඉමාය ගාථාය පටිචොදෙථ –

7. “මහණෙනි, මේ ශබ්දය බොහෝ කල් නො පවත්නේය. සතියක් ම මෙය පවත්නේ ය. සතිය ඇවෑමෙන් අතුරුදන් වන්නේ ය. මහණෙනි, එබැවින්, යම් මිනිස් කෙනෙක් භික්‍ෂූන් දැක, අසභ්‍ය පරුෂ වචනයෙන් ආක්‍රොශ කෙරෙත් නම්, පරිභව කෙරෙත් නම්, රොස් නංවත් නම්, වෙහෙසත් නම් ඔවුනට තෙපි මේ ගාථායෙන් පෙරළා චොදනා කරව:

‘‘‘අභූතවාදී නිරයං උපෙති,
යො වාපි [යො චාපි (සී. පී. ක.)] කත්‌වා න කරොමි චාහ;
උභොපි තෙ පෙච්‌ච සමා භවන්‌ති,
නිහීනකම්‌මා මනුජා පරත්‌ථා’’’ති.

“බොරු කියන තැනැත්තේ නිරයට පැමිණේ. යමෙක් කොට ‘නො කෙළෙමි’යි කියා නම්, හේ ද නිරයට පැමිණේ. පහත් කර්‍ම ඇති ඒ මිනිස්සු දෙදෙන ම පරලොව ගොස් පරලොව්හි දී (විපාක දුක් විසින්) සම වෙත්”

8. අථ ඛො තෙ භික්‌ඛූ භගවතො සන්‌තිකෙ ඉමං ගාථං පරියාපුණිත්‌වා යෙ මනුස්‌සා භික්‌ඛූ දිස්‌වා අසබ්‌භාහි ඵරුසාහි වාචාහි අක්‌කොසන්‌ති පරිභාසන්‌ති රොසන්‌ති විහෙසන්‌ති තෙ ඉමාය ගාථාය පටිචොදෙන්‌ති –

8. ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා ඉගෙන, යම් මිනිස් කෙනෙක් භික්‍ෂූන් දැක නොසැබි පරොස් බසින් ආක්‍රොශ කෙරෙත් නම්, පරිභව කෙරෙත් නම්, රොස් දනවත් නම්, වෙහෙසත් නම්, ඒ මිනිසුන්හට මේ ගාථායෙන් පෙරළා චෝදනා කෙරෙත්:

’’’අභූතවාදී නිරයං උපෙති,
යො වාපි [යො චාපි (සී. පී. ක.)] කත්‌වා න කරොමි චාහ;
උභොපි තෙ පෙච්‌ච සමා භවන්‌ති,
නිහීනකම්‌මා මනුජා පරත්‌ථා’’’ති.

“බොරු කියන තැනැත්තේ නිරයට පැමිණේ. යමෙක් කොට ‘නො කෙළෙමි’යි කියා නම්, හේ ද නිරයට පැමිණේ. පහත් කර්‍ම ඇති ඒ මිනිස්සු දෙදෙනා ම පරලොව ගොස් පරලොව්හි දී (විපාක දුක් විසින්) සම වෙත්.”

9. මනුස්‌සානං එතදහොසි – ‘‘අකාරකා ඉමෙ සමණා සක්‍යපුත්‌තියා. නයිමෙහි කතං. සපන්‌තිමෙ සමණා සක්‍යපුත්‌තියා’’ති. නෙව සො සද්‌දො චිරං අහොසි. සත්‌තාහමෙව අහොසි. සත්‌තාහස්‌ස අච්‌චයෙන අන්‌තරධායි. අථ ඛො සම්‌බහුලා භික්‌ඛූ යෙන භගවා තෙනුපසඞ්‌කමිංසු; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදිංසු. එකමන්‌තං නිසින්‌නා ඛො තෙ භික්‌ඛූ භගවතො එතදවොචුං – ‘‘අච්‌ඡරියං, භන්‌තෙ, අබ්‌භුතං, භන්‌තෙ! යාව සුභාසිතං චිදං භන්‌තෙ භගවතා – ‘නෙසො, භික්‌ඛවෙ, සද්‌දො චිරං භවිස්‌සති. සත්‌තාහමෙව භවිස්‌සති. සත්‌තාහස්‌ස අච්‌චයෙන අන්‌තරධායිස්‌සතී’ති. අන්‌තරහිතො සො, භන්‌තෙ, සද්‌දො’’ති.

9. (භික්‍ෂූන්ගේ වචන ඇසූ) මිනිසුන්හට “මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ මේ අපරාධය නො කොළෝ ය. මොවුන් විසින් මෙය නො කරන ලදී. මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ශාප දෙත්”යැ යි. මේ සිත විය. ඒ ශබ්දය බොහෝ කල් නො පැවැත්තේ ය. සතියක් ම එය පැවැත්තේ ය. සතිය ඇවෑමෙන් අතුරුදහන් විය. ඉක්බිත්තෙන් බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ආශ්චර්‍ය්‍ය යි! වහන්ස, අද්භූත යි! වහන්ස, “මේ ශබ්දය බොහෝ කල් නො පවත්නේ ය. සතියක් ම මෙය පවත්නේ ය. සතිය ඇවෑමෙන් අතුරුදන් වන්නේ යැ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් අත්‍යර්ථයෙන් සුභාෂිතය. වහන්ස, ඒ ශබ්දය අතුරුදන් වියැ”යි මෙය සැළ කළහ.

10. අථ ඛො භගවා එතමත්‌ථං විදිත්‌වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි –

10. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:

‘‘තුදන්‌ති වාචාය ජනා අසඤ්‌ඤතා,
සරෙහි සඞ්‌ගාමගතංව කුඤ්‌ජරං;
සුත්‌වාන වාක්‍යං ඵරුසං උදීරිතං,
අධිවාසයෙ භික්‌ඛු අදුට්‌ඨචිත්‌තො’’ති.

“යුදවන් ඇතුට, සතුරු යොධයෝ ශරයෙන් මෙන්, සංවර නැති (නොහික්මුණු) බාලජනයෝ වචනයෙන් විදිත්. මහණ තෙම අනුන් විසින් කියන ලද පරොස් බස් අසා නොකිපි සිතැත්තේ ඉවසන්නේ ය.”