1. එවං මෙ සුතං – එකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්‌මා නන්‌දො භගවතො භාතා මාතුච්‌ඡාපුත්‌තො සම්‌බහුලානං භික්‌ඛූනං එවමාරොචෙති – ‘‘අනභිරතො අහං, ආවුසො, බ්‍රහ්‌මචරියං චරාමි; න සක්‌කොමි බ්‍රහ්‌මචරියං සන්‌ධාරෙතුං, සික්‌ඛං පච්‌චක්‌ඛාය හීනායාවත්‌තිස්‌සාමී’’ති.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් වෙහෙර නම් වූ අනේපිඬුහු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේගේ භ්‍රාතෘ වූ සුළුමවුපත් ආයුෂ්මත් නන්‍ද තෙමේ බොහෝ භික්‍ෂූනට “ඇවැත්නි, මම් සස්නැ නො ඇලුණෙම් බඹසර සරමි. බඹසර උසුළන්නට නො හැක්කෙමි. ශික්‍ෂාව හැරැ පියා ගිහිබවට පෙරැළෙන්නෙමි”යි දන්වයි.
2. අථ ඛො අඤ්‌ඤතරො භික්‌ඛු යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදි. එකමන්‌තං නිසින්‌නො ඛො සො භික්‌ඛු භගවන්‌තං එතදවොච – ‘‘ආයස්‌මා, භන්‌තෙ, නන්‌දො භගවතො භාතා මාතුච්‌ඡාපුත්‌තො සම්‌බහුලානං භික්‌ඛූනං එවමාරොචෙති – ‘අනභිරතො අහං, ආවුසො, බ්‍රහ්‌මචරියං චරාමි, න සක්‌කොමි බ්‍රහ්‌මචරියං සන්‌ධාරෙතුං, සික්‌ඛං පච්‌චක්‌ඛාය හීනායාවත්‌තිස්‌සාමී’’’ති.
2. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹැ සකසා වැඳ, “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ භ්‍රාතෘ වූ සුළුමවුපුත් ආයුෂ්මත් නන්‍ද තෙමේ බොහෝ භික්‍ෂූනට “ඇවැත්නි, මම් සස්නැ නො ඇලුණෙම් බඹසර සරමි. බඹසර උසුළන්නට නොහැක්කෙමි. ශික්‍ෂාව හැරැ පියා ගිහිබවට පෙරැළෙන්නෙමි”යි කියා යැ යි මෙ පවත් සැළ කෙළේ ය.
3. අථ ඛො භගවා අඤ්‌ඤතරං භික්‌ඛුං ආමන්‌තෙසි – ‘‘එහි ත්‌වං, භික්‌ඛු, මම වචනෙන නන්‌දං භික්‌ඛුං ආමන්‌තෙහි – ‘සත්‌ථා තං, ආවුසො නන්‌ද, ආමන්‌තෙතී’’’ති. ‘‘එවං, භන්‌තෙ’’ති ඛො සො භික්‌ඛු භගවතො පටිස්‌සුත්‌වා යෙනායස්‌මා නන්‌දො තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා ආයස්‌මන්‌තං නන්‌දං එතදවොච – ‘‘සත්‌ථා තං, ආවුසො නන්‌ද, ආමන්‌තෙතී’’ති.
3. එවිට භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු බණවා, “මහණ, මෙහි එ, “ඇවැත් නන්‍දයෙනි, ශාස්තෲහු තොප කැඳවතැ’යි මගේ වචනයෙන් නන්‍ද භික්‍ෂුහු කැඳව”යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’යි කියා ම ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ආයුෂ්මත් නන්‍ද භික්‍ෂු කරා එළැඹියේ ය. එළැඹ “ඇවැත් නන්‍දයෙනි, ශාස්තෲන් වහන්සේ මුඹ කැඳවන සේකැ”යි කීයේ ය.
4. ‘‘එවමාවුසො’’ති ඛො ආයස්‌මා නන්‌දො තස්‌ස භික්‌ඛුනො පටිස්‌සුත්‌වා යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදි. එකමන්‌තං නිසින්‌නං ඛො ආයස්‌මන්‌තං නන්‌දං භගවා එතදවොච – ‘‘සච්‌චං කිර ත්‌වං, නන්‌ද, සම්‌බහුලානං භික්‌ඛූනං එවමාරොචෙසි – ‘අනභිරතො අහං, ආවුසො, බ්‍රහ්‌මචරියං චරාමි, න සක්‌කොමි බ්‍රහ්‌මචරියං සන්‌ධාරෙතුං, සික්‌ඛං පච්‌චක්‌ඛාය හීනායාවත්‌තිස්‌සාමී’’’ති? ‘‘එවං, භන්‌තෙ’’ති. ‘‘කිස්‌ස පන ත්‌වං, නන්‌ද, අනභිරතො බ්‍රහ්‌මචරියං චරසි, න සක්‌කොසි බ්‍රහ්‌මචරියං සන්‌ධාරෙතුං, සික්‌ඛං පච්‌චක්‌ඛාය හීනායාවත්‌තිස්‌සසී’’ති? ‘‘සාකියානී මං [මම (ස්‍යා., අට්‌ඨකථා ඔලොකෙතබ්‌බා)], භන්‌තෙ, ජනපදකල්‍යාණී ඝරා නික්‌ඛමන්‌තස්‌ස [නික්‌ඛමන්‌තං (අට්‌ඨකථායං පාඨන්‌තරං)] උපඩ්‌ඪුල්‌ලිඛිතෙහි කෙසෙහි අපලොකෙත්‌වා මං එතදවොච – ‘තුවටං ඛො, අය්‍යපුත්‌ත, ආගච්‌ඡෙය්‍යාසී’ති. සො ඛො අහං, භන්‌තෙ, තමනුස්‌සරමානො අනභිරතො බ්‍රහ්‌මචරියං චරාමි, න සක්‌කොමි බ්‍රහ්‌මචරියං සන්‌ධාරෙතුං, සික්‌ඛං පච්‌චක්‌ඛාය හීනායාවත්‌තිස්‌සාමී’’ති.
4. ‘එසේ ය, ඇවැත්නි’යි කියා ම ආයුෂ්මත් නන්‍ද තෙම ඒ මහණහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක හිඳ ගත්තේ ය. එක් පසෙක හුන්නාවූ ම ආයුෂ්මත් නන්‍දහට භාග්‍යවතුන් වහන්සේ ‘සැබැව, නන්‍ද ය, “ඇවැත්නි, නො ඇලුණෙම් මම් බඹසර සරමි. බඹසර උසුළන්නට නො හැක්කෙමි. ශික්‍ෂාව හැරපියා ගිහිබවට පෙරැළෙන්නෙමි”යි බොහෝ මහණුනට මෙසේ දැන්වූයෙහි දැ?” අසා වදාළ සේක. “එසේ ය වහන්සැ”යි ආයුෂ්මත් නන්‍ද තෙම කීය. කවර හෙයින් නො ඇලුණක් වැ බඹසර සරයි ද? බඹසර උසුළන්නට නො හැක්කෙහි ද? ශික්‍ෂාව හැරැපියා ගිහිබවට පෙරැළෙන්නෙහි දැ?”යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක. “වහන්ස, මා ගෙන් නික්මෙද්දී සෑ දු දනවුකලණ අඩක් පණාගැසු හිසකෙසින් උපලක්‍ෂිත වැ මා බලා, ‘ස්වාමිපුත්‍රය, වහා ම එන්නැ’යි මට කිවු ය. වහන්ස, එය සිහි කරන මම් නොඇලී බඹසර සරමි. බඹසර උසුළන්නට නො හැක්කෙමි. ශික්‍ෂාව හැරපියා ගිහි බවට පෙරැළෙන්නෙමි”යි නන්‍ද තෙම කීය.
5. අථ ඛො භගවා ආයස්‌මන්‌තං නන්‌දං බාහායං ගහෙත්‌වා – සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්‌ජිතං [සම්‌මිඤ්‌ජිතං (සී. ස්‍යා. කං. පී.)] වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්‌ජෙය්‍ය [සම්‌මිඤ්‌ජෙය්‍ය (සී. ස්‍යා. කං. පී.)], එවමෙව – ජෙතවනෙ අන්‌තරහිතො දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි.
5. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දයා අතැගෙන යම්සේ කාබලැති මිනිසෙක් වක් කළ අත දික් කරන්නේ හෝ දික් කළ අත වක් කරන්නේ ද, එ පරිද්දෙන් ම දෙව්රම්හි අතුරදන් වැ තව්තිසා දෙව්ලොවැ පහළ වූ සේක.
6. තෙන ඛො පන සමයෙන පඤ්‌චමත්‌තානි අච්‌ඡරාසතානි සක්‌කස්‌ස දෙවානමින්‌දස්‌ස උපට්‌ඨානං ආගතානි හොන්‌ති කකුටපාදානි. අථ ඛො භගවා ආයස්‌මන්‌තං නන්‌දං ආමන්‌තෙසි – ‘‘පස්‌සසි නො ත්‌වං, නන්‌ද, ඉමානි පඤ්‌ච අච්‌ඡරාසතානි කකුටපාදානී’’ති? ‘‘එවං, භන්‌තෙ’’ති.
6. එ සමයෙහි පරෙවිපා බඳු රත් පැහැ පා ඇති පන්සියක් පමණ වූ දෙවඟනෝ සක්දෙවිඳුට උවටැනට ආවා වෙති. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දයන් අමතා “නන්‍දයෙනි, තෙපි පරෙවිපා බඳු රත්පැහැ පා ඇති මේ පන්සියක් පමණ වූ දෙවඟනන් දක්නහු දැ?” යි අසා වදාළ සේක. “එසේ ය වහන්සැ”යි නන්‍දයෝ කීහ.
7. ‘‘තං කිං මඤ්‌ඤසි, නන්‌ද, කතමා නු ඛො අභිරූපතරා වා දස්‌සනීයතරා වා පාසාදිකතරා වා, සාකියානී වා ජනපදකල්‍යාණී, ඉමානි වා පඤ්‌ච අච්‌ඡරාසතානි කකුටපාදානී’’ති?
7. “නන්‍දයෙනි, එය කිමැ යි සිතවු ද? සැහැදූ ජනවුකලණ ද පරෙවිපා බඳු රත් පැහැ පා ඇති මේ පන්සියක් පමණ දෙවඟනෝ ද යන මොවුන්ගෙන් කවර කෙනෙක් වඩා විශිෂ්ට රූපසම්පත් ඇත්තෝ ද, වඩා දැකුම් කටයුත්තෝ ද? වඩා ප්‍රසාද එළවන්නෝ දැ?”යි අසා වදාළ සේක.
‘‘සෙය්‍යථාපි, භන්‌තෙ, පලුට්‌ඨමක්‌කටී කණ්‌ණනාසච්‌ඡින්‌නා, එවමෙව ඛො, භන්‌තෙ, සාකියානී ජනපදකල්‍යාණී ඉමෙසං පඤ්‌චන්‌නං අච්‌ඡරාසතානං උපනිධාය සඞ්‌ඛ්‍යම්‌පි [සඞ්‌ඛම්‌පි (සී.)] නොපෙති කලභාගම්‌පි නොපෙති උපනිධිම්‌පි නොපෙති. අථ ඛො ඉමානි පඤ්‌ච අච්‌ඡරාසතානි අභිරූපතරානි චෙව දස්‌සනීයතරානි ච පාසාදිකතරානි චා’’ති.
“වහන්ස, සැහැදූ ජනවුකලණ කන්නාසා සුන් පුළුටු වැඳිරිය බඳු ය. මේ පන්සියක් දෙවඟනන් සමීපයෙහි ලා සැලැකීමෙහි දී ඕ ගණනට ද නො එයි. සොළොස් වන කලාවට ද නො එයි. කලාවෙන් කලාවට ද නො එයි. මොවුන් හා මෝ සමාන යැ යි ළඟ තැබීමට ද නො එයි. වැලිදු මේ පන්සියක් දෙවඟනෝ ම වඩා විශිෂ්ට රූපසම්පත් ඇත්තෝ ද, වඩා දැකුම් කටයුත්තෝ ද, වඩා ප්‍රසාද එළවන්නෝ ද වෙති”යි ආයුෂ්මත් නන්‍දයෝ කීහ.
‘‘අභිරම, නන්‌ද, අභිරම, නන්‌ද! අහං තෙ පාටිභොගො පඤ්‌චන්‌නං අච්‌ඡරාසතානං පටිලාභාය කකුටපාදාන’’න්‌ති.
“නන්‍දයෙනි, සස්නෙහි සිත් අලව. නන්‍දයෙනි, සස්නෙහි සිත් අලව. මම් තොපට පරෙවිපා බඳු රත් පැහැ පා ඇති දෙවඟනන් පන්සියක් ලැබවිමට ඇප වෙමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
‘‘සචෙ මෙ, භන්‌තෙ, භගවා පාටිභොගො පඤ්‌චන්‌නං අච්‌ඡරාසතානං පටිලාභාය කකුටපාදානං, අභිරමිස්‌සාමහං, භන්‌තෙ, භගවති බ්‍රහ්‌මචරියෙ’’ති [භගවා බ්‍රහ්‌මචරියෙති (ස්‍යා. පී.), භගවා බ්‍රහ්‌මචරියන්‌ති (ක.)].
“වහන්ස, ඉදින් පරෙවිපා බඳු රත් පැහැ පා ඇති දෙවඟනන් පන්සියක් ලබා දීමට භාග්‍යවතුන් වහන්සේ ඇප වන සේක නම්, මම් භාග්‍යවතුන් වහන්සේ වෙත සසුන්බඹසර රැක්මෙහි සිත් අලවන්නෙමි”යි (ආයුෂ්මත් නන්‍දයෝ කීහ.)
8. අථ ඛො භගවා ආයස්‌මන්‌තං නන්‌දං බාහායං ගහෙත්‌වා – සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්‌ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්‌ජෙය්‍ය, එවමෙව – දෙවෙසු තාවතිංසෙසු අන්‌තරහිතො ජෙතවනෙ පාතුරහොසි.
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දයන් අත ගෙන ශක්තිමත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේත් දිගු කළ අතක් හකුළන්නේත් යම්සේ ද, එසේ තව්තිසාවැසි දෙවියන් කෙරෙහි අතුරුදහන් වැ දෙව්රම්හි පහල වූ සේක.
9. අස්‌සොසුං ඛො භික්‌ඛූ – ‘‘ආයස්‌මා කිර නන්‌දො භගවතො භාතා මාතුච්‌ඡාපුත්‌තො අච්‌ඡරානං හෙතු බ්‍රහ්‌මචරියං චරති; භගවා කිරස්‌ස පාටිභොගො පඤ්‌චන්‌නං අච්‌ඡරාසතානං පටිලාභාය කකුටපාදාන’’න්‌ති. අථ ඛො ආයස්‌මතො නන්‌දස්‌ස සහායකා භික්‌ඛූ ආයස්‌මන්‌තං නන්‌දං භතකවාදෙන ච උපක්‌කිතකවාදෙන ච සමුදාචරන්‌ති – ‘‘භතකො කිරායස්‌මා නන්‌දො උපක්‌කිතකො කිරායස්‌මා නන්‌දො අච්‌ඡරානං හෙතු බ්‍රහ්‌මචරියං චරති; භගවා කිරස්‌ස පාටිභොගො පඤ්‌චන්‌නං අච්‌ඡරාසතානං පටිලාභාය කකුටපාදාන’’න්‌ති.
9. භාග්‍යවතුන් වහන්සේගේ භ්‍රාතෘ වූ සුළුමවුපුත් ආයුෂ්මත් නන්‍දයෝ දෙවඟනන් පිණිස බඹසර සෙරෙත්ල, භාග්‍යවතුන් වහන්සේ ඔවුනට පරෙවිපා බඳු රත්පැහැ පා ඇති දෙවඟනන් පන්සියක් ලැබවීමට ඇප වූහු ලු”යි භික්‍ෂූහු ඇසූහ. ඉක්බිති ආයුෂ්මත් නන්‍දයන්ගේ යහළු භික්‍ෂූහු “ආයුෂ්මත් නන්‍දයෝ වනාහි බැළමේකරුහු ල, විකුණා ගන්නා ලද්දෝ ලු, දෙවඟනන් පිණිස බඹසර සෙරෙත් ලු. භාග්‍යවතුන් වහන්සේ පරෙවිපා බඳු රත්පැහැ පා ඇති දෙවඟනන් ලැබවීමට ඔවුනට ඇප වූ සේක් ලැ”යි ආයුෂ්මත් නන්‍දයනට භෘතකවාදයෙන් ද උපක්‍රිතකවාදයෙන් ද (භෘතකයෝ ය, උපක්‍රීතකයෝ ය යි) ව්‍යවහාර කෙරෙත්.
10. අථ ඛො ආයස්‌මා නන්‌දො සහායකානං භික්‌ඛූනං භතකවාදෙන ච උපක්‌කිතකවාදෙන ච අට්‌ටීයමානො හරායමානො ජිගුච්‌ඡමානො එකො වූපකට්‌ඨො අප්‌පමත්‌තො ආතාපී පහිතත්‌තො විහරන්‌තො නචිරස්‌සෙව – යස්‌සත්‌ථාය කුලපුත්‌තා සම්‌මදෙව අගාරස්‌මා අනගාරියං පබ්‌බජන්‌ති තදනුත්‌තරං – බ්‍රහ්‌මචරියපරියොසානං දිට්‌ඨෙව ධම්‌මෙ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහාසි. ‘‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්‌මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‌ථත්‌තායා’’ති අබ්‌භඤ්‌ඤාසි. අඤ්‌ඤතරො ඛො පනායස්‌මා නන්‌දො අරහතං අහොසි.
10. ඉක්බිති ආයුෂ්මත් නන්‍දයෝ යහළු භික්‍ෂූන්ගේ ‘බැළයෙක, විකුණ ගන්නා ලද්දෙක’ යන වචනයෙන් පෙළනු ලබනුවෝ ලජ්ජාපත් කරනු ලබනුවෝ ගරහනු ලබනුවෝ හුදකලා වැ චිත්තවිවේකයෙන් විවික්ත වැ, අප්‍රමත්ත වැ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ, නිවන් කරා මෙහෙයන ලද සිත් ඇති වැ වසනුවෝ, යමක් පිණිස කුලදරුවෝ මොනොවට ම ගිහිගෙන් නික්මැ සසුන් වදිත් ද, ඒ නිරුත්තර වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවසානය (හෙවත් රහත් බව) නොබෝ කලෙකින් ම, මෙ අත්බව්හි ම, තුමූ ම විශිෂ්ට නුවණින් දැන , නුවණැසට හමු කොට ලැබ වාසය කළහ. “පුනර්භවය ක්‍ෂීණ විය. මගබඹසර වැස නිමැවිණ. සත්‍යාවබෝධය පිණිස කටයුතු දැය කොට නිමැවිණ. මේ රහත්බව පිණිස තවත් කටයුත්තෙක් නැතැ”යි දැන ගත්හ. ආයුෂ්මත් නන්‍දයෝ රහතුත් අතුරෙහි එක්තරා කෙනෙක් වූහ.
11. අථ ඛො අඤ්‌ඤතරා දෙවතා අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කෙවලකප්‌පං ජෙතවනං ඔභාසෙත්‌වා යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං අට්‌ඨාසි. එකමන්‌තං ඨිතා ඛො සා දෙවතා භගවන්‌තං එතදවොච – ‘‘ආයස්‌මා, භන්‌තෙ, නන්‌දො භගවතො භාතා මාතුච්‌ඡාපුත්‌තො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්‌තිං පඤ්‌ඤාවිමුත්‌තිං දිට්‌ඨෙව ධම්‌මෙ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරතී’’ති. භගවතොපි ඛො ඤාණං උදපාදි – ‘‘නන්‌දො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්‌තිං පඤ්‌ඤාවිමුත්‌තිං දිට්‌ඨෙව ධම්‌මෙ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරතී’’ති.
11. ඉක්බිත්තෙන් එක්තරා දෙවියෙක් රැය බොහෝ ඉක්ම ගිය කල්හි විශිෂ්ට ශරීරප්‍රභා ඇත්තේ සියලු දෙව්රම බබුලුවා, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටියා වූ ම ඒ දෙවි “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ භ්‍රාතෘ වූ සුළුමවුපුත් වූ ආයුෂ්මත් නන්‍දයෝ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලඥානය ද මෙ අත්බව්හි ම තුමූ ම විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලැබ වෙසෙති”යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. ‘නන්‍දයෝ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥානයත් මෙ අත්බව්හි ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලැබ වෙසෙති’යි භාග්‍යවතුන් වහන්සේට ද නුවණ පහළ විය.
12. අථ ඛො ආයස්‌මා නන්‌දො තස්‌සා රත්‌තියා අච්‌චයෙන යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදි. එකමන්‌තං නිසින්‌නො ඛො ආයස්‌මා නන්‌දො භගවන්‌තං එතදවොච – ‘‘යං මෙ, භන්‌තෙ, භගවා පාටිභොගො පඤ්‌චන්‌නං අච්‌ඡරාසතානං පටිලාභාය කකුටපාදානං, මුඤ්‌චාමහං, භන්‌තෙ, භගවන්‌තං එතස්‌මා පටිස්‌සවා’’ති. ‘‘මයාපි ඛො ත්‌වං, නන්‌ද [ඛො තෙ නන්‌ද (සී. ස්‍යා. පී.), ඛො නන්‌ද (ක.)], චෙතසා චෙතො පරිච්‌ච විදිතො – ‘නන්‌දො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්‌තිං පඤ්‌ඤාවිමුත්‌තිං දිට්‌ඨෙව ධම්‌මෙ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරතී’ති.
12. ඉක්බිත්තෙන් ආයුෂ්මත් නන්‍දයෝ ඒ රැය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ම ආයුෂ්මත් නන්‍දයෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පරෙවියන්ගේ පාබඳු රත්පැහැ පා ඇති පන්සියක් දෙවඟනන් ලැබෙන බවට මට ඇප වූ සෙක් ද, වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ මේ ඇපයෙන් මුදමි”යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. “නන්‍දයෙනි”, මා විසින් ද තොප සිත මා විසින් පිරිසිඳ; “නන්‍දයෝ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත්, ඵලඥානයත් මෙ අත්බව්හි ම විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලැබ වෙසෙති”යි දන්නා ලද්දේ ය.
13. දෙවතාපි මෙ එතමත්‌ථං ආරොචෙසි – ‘ආයස්‌මා, භන්‌තෙ, නන්‌දො භගවතො භාතා මාතුච්‌ඡාපුත්‌තො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්‌තිං පඤ්‌ඤාවිමුත්‌තිං දිට්‌ඨෙව ධම්‌මෙ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරතී’ති. යදෙව ඛො තෙ, නන්‌ද, අනුපාදාය ආසවෙහි චිත්‌තං විමුත්‌තං, අථාහං මුත්‌තො එතස්‌මා පටිස්‌සවා’’ති.
13. දෙවියෙක් ද ‘වහන්ස, ... නන්‍දයෝ … පසක් කොට ලැබ වෙසෙති’යි මට මෙ කරුණ සැළ කෙළේ ය. නන්‍දයෙනි, යම් විටෙක ම තොප සිත උපාදාන රහිත ව ආස්‍රව කෙරෙන් මිදුණේ ද, එ විට මම් මේ ඇපයෙන් මිදුනෙමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාල සේක.
14. අථ ඛො භගවා එතමත්‌ථං විදිත්‌වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි –
14. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
‘‘යස්‌ස නිත්‌තිණ්‌ණො පඞ්‌කො, මද්‌දිතො කාමකණ්‌ටකො;
මොහක්‌ඛයං අනුප්‌පත්‌තො, සුඛදුක්‌ඛෙසු න වෙධතී ස භික්‌ඛූ’’ති.
“යමෙකු විසින් දෘෂ්ටි නැමැති මඩවගුර හෝ සසර නැමති මඩවගුර තරණය කරන ලද ද, කෙලෙස් නැමැති කටුව මඩින ලද ද, යමෙක් මොහක්‍ෂයට (රහත්පලයට) පැමිණියේ ද, ඒ මහණ සුවදුක් දෙක්හි නො සැලේ.”