ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » සුත්ත නිපාතය » 3. මහා වර්ගය

3 - 8 සල්‌ලසුත්‌තං

3 - 8 සල්‌ල සූත්‍රය

577.
අනිමිත්‌තමනඤ්‌ඤාතං, මච්‌චානං ඉධ ජීවිතං;
කසිරඤ්‌ච පරිත්‌තඤ්‌ච, තඤ්‌ච දුක්‌ඛෙන සංයුතං.

577. මෙලොව්හි මනුෂ්‍යයන් ගේ ජීවිතය (මරණය හඟවන) නිමිති නැතියෙක. එහෙයින් මැ අඥාත යැ. සුඛ යාපනීය නොවෙයි. අල්පද වෙයි. එද දුකින් යුක්තය.

578.
න හි සො උපක්‌කමො අත්‌ථි, යෙන ජාතා න මිය්‍යරෙ;
ජරම්‌පි පත්‌වා මරණං, එවංධම්‌මා හි පාණිනො.

578. යම් උපක්‍ර‍මයෙකින් උපන් සත්ත්‍වයෝ නොමියෙත් නම්, එබඳු උපක්‍ර‍මයක් නැත, ජරාවට පැමිණ ද ( නො පැමිණ ද) මරණය වෙයි, ප්‍රාණීහු මෙබඳු සැහැවි ඇතියහ.

579.
ඵලානමිව පක්‌කානං, පාතො පතනතො [පපතතො (සී. පී. අට්‌ඨ.)] භයං;
එවං ජාතාන මච්‌චානං, නිච්‌චං මරණතො භයං.

579. පරිපක්ව (ඉදුනු) ඵලයනට ප්‍රාතඃකාලයෙහි (අලුයම) පතනයෙන් වන බිය සෙයින් උපන් සත්නට නිරතුරු මරණින් බිය උපදනේ ය.

580.
යථාපි කුම්‌භකාරස්‌ස, කතා මත්‌තිකභාජනා;
සබ්‌බෙ භෙදනපරියන්‌තා [භෙදපරියන්‌තා (ස්‍යා.)], එවං මච්‌චාන ජීවිතං.

580. යම් සෙයෙකින් කුඹලු විසින් කරණ ලද මැටිමුවා බදුන් හැම බිඳුම් හිමි කොට ඇතියේ ද, මිනිසුන්ගේ ජීවිතයත් එබඳු වෙයි.

581.
දහරා ච මහන්‌තා ච, යෙ බාලා යෙ ච පණ්‌ඩිතා;
සබ්‌බෙ මච්‌චුවසං යන්‌ති, සබ්‌බෙ මච්‌චුපරායණා.

581. ලදරු කෙනෙක් වෙත්වයි මහලු කෙනෙක් වෙත්වයි යම් අඥාන කෙනෙක් වෙත්වයි පණ්ඩිත කෙනෙක් වෙත්වයි, උහු හැම මරවසට යෙති හැම මෘත්‍යුපරායණ වෙත්.

582.
තෙසං මච්‌චුපරෙතානං, ගච්‌ඡතං පරලොකතො;
න පිතා තායතෙ පුත්‌තං, ඤාතී වා පන ඤාතකෙ.

582. මරහු විසින් මඩනා ලද උන් පරලොව යත් මැ පියා සිය පුතු පරලොවින් නො රක්නේ ය. ඥාතීහු හෝ සිය නෑයන් නො රක්නාහ.

583.
පෙක්‌ඛතං යෙව ඤාතීනං, පස්‌ස ලාලපතං පුථු;
එකමෙකොව මච්‌චානං, ගොවජ්‌ඣො විය නීයති [නිය්‍යති (බහූසු)].

583. බලව, ඥාතීන් බලාසිටුත්මැ බොහෝ දෙන නන් දොඩත්මැ එකලා වූ මැ මර මිනිසුන් අතුරෙන් එකඑකා ගෝඝාතකයා සෙයින් ගෙණ යනු ලැබෙයි.

584.
එවමබ්‌භාහතො ලොකො, මච්‌චුනා ච ජරාය ච;
තස්‌මා ධීරා න සොචන්‌ති, විදිත්‌වා ලොකපරියායං.

584. මෙසේ ලොව මෘත්‍යුහු විසිනුදු ජරාව විසිනුදු මැඩුනේ වෙයි. එහෙයින් ලෝකාස්වභාවය දැන ධීරයෝ නො සොවිති.

585.
යස්‌ස මග්‌ගං න ජානාසි, ආගතස්‌ස ගතස්‌ස වා;
උභො අන්‌තෙ අසම්‌පස්‌සං, නිරත්‌ථං පරිදෙවසි.

585. මවු කුසට පැමිණියා වූත් මියගියාවූත් යමකුගේ ගතාගතමාර්ගය නොදනුයෙහි නම්, උභයාන්තයන් නො දක්මින් නිරර්ථකව වලප්නෙහි.

586.
පරිදෙවයමානො චෙ, කිඤ්‌චිදත්‌ථං උදබ්‌බහෙ;
සම්‌මූළ්‌හො හිංසමත්‌තානං, කයිරා චෙ නං විචක්‌ඛණො.

586. ඉදින් වලප්නා තැනැත්තේ කිසි අර්ථයක් දරා නම් විචක්ෂණ තැනැත්තේ ද සම්මූඪ වැ තමා පෙළමින් තෙල මැ කරන්නේ ය.

587.
න හි රුණ්‌ණෙන සොකෙන, සන්‌තිං පප්‌පොති චෙතසො;
භිය්‍යස්‌සුප්‌පජ්‌ජතෙ දුක්‌ඛං, සරීරං චුපහඤ්‌ඤති.

587. රෝදනයෙන් හෝ ශෝකයෙන් හෝ චිත්තශාන්තිය නො ලබයි. ඔහට අධිකමාත්‍රායෙන් දුක් උපදනේ ය. සිරිරු ද වැනැසෙයි.

588.
කිසො විවණ්‌ණො භවති, හිංසමත්‌තානමත්‌තනා;
න තෙන පෙතා පාලෙන්‌ති, නිරත්‌ථා පරිදෙවනා.

588. කෘශවූයේත් දුර්වර්ණවූයේත් වෙයි. තෙමේ තමා නසන්නේ ද වෙයි. ඒ පරිදේවනායෙන් මිය ගියාහු ද තමන් නො රක්නාහ. එ හෙයින් පරිදේවනා නිරර්ථක වෙයි.

589.
සොකමප්‌පජහං ජන්‌තු, භිය්‍යො දුක්‌ඛං නිගච්‌ඡති;
අනුත්‌ථුනන්‌තො කාලඞ්‌කතං [කාලකතං (සී. ස්‍යා.)], සොකස්‌ස වසමන්‌වගූ.

589. ඥාතිව්‍යසනශෝක නොහරනා නරතෙම බෙහෙවින් දුකට පැමිණෙයි. කලුරිය කළහු අනුව සොවින්නේ ශෝකවශයට ම ගියේ වෙයි.

590.
අඤ්‌ඤෙපි පස්‌ස ගමිනෙ, යථාකම්‌මූපගෙ නරෙ;
මච්‌චුනො වසමාගම්‌ම, ඵන්‌දන්‌තෙවිධ පාණිනො.

590. පරලොව ගමනට සැදි සිටුනා, කම්වූ පරිදි මියන, මාරවශයට පැමිණ සසලන, මෙලොව්හි අන්‍ය ප්‍රාණීන් ද බලව.

591.
යෙන යෙන හි මඤ්‌ඤන්‌ති, තතො තං හොති අඤ්‌ඤථා;
එතාදිසො විනාභාවො, පස්‌ස ලොකස්‌ස පරියායං.

591. යම් මැ අයුරෙකින් සත්ත්‍වයෝ හඟිත් නම්, එය එයින් අන් පරිදි වෙයි. මෙබඳු විනාභාවයෙක් ඇත. ලෝකස්වාභාවය බලව.

592.
අපි වස්‌සසතං ජීවෙ, භිය්‍යො වා පන මාණවො;
ඤාතිසඞ්‌ඝා විනා හොති, ජහාති ඉධ ජීවිතං.

592. ඉදින් මිනිස් තෙමේ සිය වසක් හෝ ඉන් වැඩියක් හෝ ජීවත් වේ නම්, නෑ ගණයාගෙන් (මරණ විසින්) වියෝ වේ මැයි. මෙලොව්හි දිවි මෙසේ දන්නේ ය.

593.
තස්‌මා අරහතො සුත්‌වා, විනෙය්‍ය පරිදෙවිතං;
පෙතං කාලඞ්‌කතං දිස්‌වා, නෙසො ලබ්‌භා මයා ඉති.

593. එකරුණින් මැ රහත්හුගේ (සම්බුදුන්ගේ) මෙබඳු ධර්මදේශනා අසා පරිදේවනා හැරපියා කලුරිය කළ පරලොව ගියහුදැක තෙල ප්‍රේත මා විසින් යලි නොලද හැක්කේ”යි පරිදේවනා හැර පියන්නේ ය.

594.
යථා සරණමාදිත්‌තං, වාරිනා පරිනිබ්‌බයෙ [පරිනිබ්‌බුතො (සී. ක.)];
එවම්‌පි ධීරො සපඤ්‌ඤො, පණ්‌ඩිතො කුසලො නරො;
ඛිප්‌පමුප්‌පතිතං සොකං, වාතො තූලංව ධංසයෙ.

594. ගින්නෙන් ඇවිළගත් ගෙයක් දියෙන් යම් සෙයින් නිවන ලදුයේ ද එසෙයින් කෙලෙස් පිරිනිවි ධෘතිසම්පන්න ස්වාභාවික ප්‍ර‍ඥා ඇති (බහුශ්‍රැත ප්‍ර‍ඥායෙන්) පණ්ඩිත වූ චින්තාමය ප්‍ර‍ඥායෙන් දක්ෂවූ නරතෙම උපන් ශෝකය මාරුතය පුළුන් පෙදක් සෙයින් වහා පිඹ හරනේ ය.

595.
පරිදෙවං පජප්‌පඤ්‌ච, දොමනස්‌සඤ්‌ච අත්‌තනො;
අත්‌තනො සුඛමෙසානො, අබ්‌බහෙ සල්‌ලමත්‌තනො.

595. තම හට සුව පතනුයේ තමාගේ පරිදේව යැ තෘෂ්ණා යැ, දොම්නස යැ යන ශල්‍යයන් උදුරා ලන්නේය.

596.
අබ්‌බුළ්‌හසල්‌ලො අසිතො, සන්‌තිං පප්‌පුය්‍ය චෙතසො;
සබ්‌බසොකං අතික්‌කන්‌තො, අසොකො හොති නිබ්‌බුතොති.

596. උදුරා ලූ සෝහුල් ඇතියේ තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍රිත නොවූයේ චිත්තශාන්තියට පැමිණ සර්‍වශෝකයන් ඉක්මැවූයේ කෙලෙස් පිරිනිවියේ අශෝක වේ යයි.

සල්‌ලසුත්‌තං නිට්‌ඨිතං

සල්ල සූත්‍ර‍ය නිමි.