ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 1. මග්ග සංයුක්තය » 14. බලකරණීය වර්ගය

1.14.9 - 12 නාගසුත්තානි

1.14.9 - 12 නාග සූත්‍ර

187–190. සෙය්‍යථාපි භික්ඛවෙ, හිමවන්තං1 පබ්බතරාජං නිස්සාය නාගා කායං වඩ්ඪෙන්ති, බලං ගාහෙන්ති. තෙ තත්‍ථ කායං වඩ්ඪෙත්‍වා බලං ගාහෙත්‍වා කුස්සුබ්භෙ2 ඔතරන්ති, කුස්සුබ්භෙ2 ඔතරිත්‍වා මහාසොබ්භෙ ඔතරන්ති. මහාසොබ්භෙ ඔතරිත්‍වා කුන්නදියො ඔතරන්ති, කුන්නදියො ඔතරිත්‍වා මහානදියො ඔතරන්ති, මහානදියො ඔතරිත්‍වා මහාසමුද්දං සාගරං ඔතරන්ති. තෙ තත්‍ථ මහන්තත්තං වෙපුල්ලත්තං3 ආපජ්ජන්ති කායෙන. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො මහන්තත්තං වෙපුල්ලත්තං3 පාපුණාති ධම්මෙසු. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො මහන්තත්තං වෙපුල්ලත්තං3 පාපුණාති ධම්මෙසු: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති –පෙ– සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො මහන්තත්තං වෙපුල්ලත්තං3 පාපුණාති ධම්මෙසූති.

187–190. මහණෙනි යම්සේ හිමවත් පර්වතරාජයා නිසා නාගයෝ කය වඩද්ද, බල ගනිද්ද, ඔහු එහි කය වඩා බල ගෙන කුඩා හෙබ්වලට බසිත්. කුඩා හෙබ්වලට බැස මහහෙබ්වලට බසිත්. මහහෙබ්වලට බැස කුඩාගඩ්ගාවලට බසිත්. කුඩාගඩ්ගාවලට බැස මහාගඩ්ගාවලට බසිත්. මහාගඩ්ගාවලට බැස මහමුහුදුසයුරට බසිත්. ඔහු එහි කයින් මහත්වයට විපුලත්වයට පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ, අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්වයට විපුලත්වයට පැමිණෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්වයට විපුලත්වයට පැමිණේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරොධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්වයට විපුලත්වයට පැමිණේ යයි.