එවං මෙ සුතං – එක සමයං භගවා සාවත්‌ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්‌ඛූ ආමන්‌තෙසි – ‘‘භික්‌ඛවො’’ති. ‘‘භදන්‌තෙ’’ති තෙ භික්‌ඛූ භගවතො පච්‌චස්‌සොසුං. භගවා එතදවොච –
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි හාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසළැ අනේපිඬුහු ගේ ජෙතවන නම් අරම්හි වැඩවසනසේක -පෙ- භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
‘‘චතූහි, භික්‌ඛවෙ, අඞ්‌ගෙහි සමන්‌නාගතා වාචා සුභාසිතා හොති, න දුබ්‌භාසිතා, අනවජ්‌ජා ච අනනුවජ්‌ජා ච විඤ්‌ඤූනං. කතමෙහි චතූහි?
මහණෙනි, කරුණු සතරෙකින් සමන්වාගත වාක් සුභාෂිත වෙයි දුර්භාෂිත නොවෙයි. අනවද්‍ය ද වෙයි. විඥයන් විසින් අනුවාද නො කටයුතු ද වේ. කවර සතෙරකින යත්:
ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු සුභාසිතංයෙව භාසති නො දුබ්‌භාසිතං, ධම්‌මංයෙව භාසති නො අධම්‌මං, පියංයෙව භාසති නො අප්‌පියං, සච්‌චංයෙව භාසති නො අලිකං. ඉමෙහි ඛො, භික්‌ඛවෙ, චතූහි අඞ්‌ගෙහි සමන්‌නාගතා වාචා සුභාසිතා හොති, නො දුබ්‌භාසිතා, අනවජ්‌ජා ච අනනුවජ්‌ජා ච විඤ්‌ඤූන’’න්‌ති. ඉදමවොච භගවා. ඉදං වත්‌වාන සුගතො අථාපරං එතදවොච සත්‌ථා –
මහණෙනි, මෙසස්නෙහි මහණ සුභාෂිතය මැ කියයි, දුර්භාෂිත නො කියයි. ධර්මය මැ කියයි, අධර්ම නො කියයි. ප්‍රියතෙපුල් මැ කියයි, අප්‍රියවචන නො කියයි. සත්‍යය මැ කියයි, අලීක නොකියයි. මහණෙනි, මෙ කරුණු සතරින් සමන්වාගත වාක් සුභාෂිත වෙයි, දුර්භාෂිත නො වෙයි. අනවද්‍ය ද වෙයි. විඥයන් විසින් නො ගැරැහියයුතු වේ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාරා සුගතශාස්තෘන් වහන්සේ ඉක්බිති තෙල ගාථා ද වදාළසේක.
452. බුද්ධාදි සත්පුරුෂයෝ සුභාෂිතය උතුමැයි කීහු: (පළමු අඞ්ගය) ධර්මය මැ කියනේය, අධර්මය නො කියන්නේය යන එය දෙවන අඞ්ගය. ප්‍රියවචන මැ කියනේය, අප්‍රියවචන නො කියන්නේය යන එය තෙවන අඞ්ගය. සත්‍යය කියනේය, අලීක (බොරු) නො කියන්නේය යන එය සතරවන අඞ්ගය.
අථ ඛො ආයස්‌මා වඞ්‌ගීසො උට්‌ඨායාසනා එකංසං චීවරං කත්‌වා යෙන භගවා තෙනඤ්‌ජලිං පණාමෙත්‌වා භගවන්‌තං එතදවොච – ‘‘පටිභාති මං භගවා, පටිභාති මං සුගතා’’ති.
එක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරණුවෝ හුනස්නෙන් නැගැ සිවුර එකස්හි ලා භාග්‍යවතුන් වහන්සේ වෙතැ ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේය. භාග්‍යවතුන් වහන්ස, මට වැටැහෙයි, සුගතයන් වහන්ස, මට වැටැහෙයි.
‘‘පටිභාතු තං වඞ්‌ගීසා’’ති භගවා අවොච.
“වඞ්ගීසයෙනි, ඒ තට වැටැහේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
අථ ඛො ආයස්‌මා වඞ්‌ගීසො භගවන්‌තං සම්‌මුඛා සාරුප්‌පාහි ගාථාහි අභිත්‌ථවි –
එක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සාරුප්‍ය ගාථායෙන් පැවසූහ.
453. යම් බසෙකින් තමා නො තවන්නේ නම්, මෙරමාත් නො පෙළන්නේ නම්, ඒ බස් ම කියන්නේය. ඒකාන්තයෙන් ඒ වචන මැ සුභාෂිත වේ.
454. යම් බසෙක් අභිනන්දිත වේ නම්, අප්‍රියවචන නො ගෙණ මෙරමාහට යම් ප්‍රිය වචනයක් කියා නම්, එබඳු ප්‍රියවචන ම කියන්නේය.
455. “ඒකාන්තයෙන් සත්‍යය අමෘතසදෘශවචනයි යන තෙල පෞරාණික ධර්මය”යි සත්‍යයෙහි හා අර්ථයෙහි හා ධර්මයෙහි පිහිටි සත්පුරුෂයෝ කීහ.
456. ක්ලේශපරිනිර්වාණප්‍රාප්තිය සඳහා සංසාරදුඃඛයා ගේ අන්තකරණය සඳහා ද යම් නිරුපද්‍රව වචනයක් බුදුරජානන්වහන්සේ වදාරත් නම් ඒකානතයෙන් එය වචනයන් අතුරෙහි උත්තම වේ යි.
සුභාසිතසුත්‌තං නිට්‌ඨිතං.
සුභාසිත සූත්‍රය නිමි.