එවං මෙ සුතං – එකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමෙ. අථ ඛො අඤ්‌ඤතරා දෙවතා අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කෙවලකප්‌පං ජෙතවනං ඔභාසෙත්‌වා යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං අට්‌ඨාසි. එකමන්‌තං ඨිතා ඛො සා දෙවතා භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි –
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙවුරම් නම් වූ අනාථපිණ්ඩික සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. ඉක්බිත්තෙන් ඉක්ම ගිය පෙර යම ඇති රැයෙක විසිතුරු සිරුරු පැහැයෙන් යුත් එක්තරා දෙවියෙක් මුලු මහත් දෙවුරම එකලු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක් සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් සැළකෙළේ ය:-
260. සෙත් පතන්නාවූ බොහෝ දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද (සව් සැපට කරුණුවූ) මුඟුල් සිතූහ. (එහෙයින්) උතුම්වූ මඟුල් (කිම දැ යි) දෙසන සේක්වා!
261. බාලයන් නො සෙවීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, පිදිය යුත්තන් පිදීම ද, යන මෙය උතුම් මඟුලි.
262. සුදුසු පියසෙක්හි විසීම ද, පෙර කළ පින් ඇතිබව ද, සිත මොනොවට පිහිටුවීම ද යන මෙය උතුම් මඟුලි.
263. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, ශිල්පයෙහි දක්ෂ බව ද, (කාවිසිමුනු දොර ) හික්මවීම ද, (ආචාර ගුණව්‍යවස්ථානයෙන්) මොනොවට හික්මුනු බව ද. සුබැසි බස ද යන මෙය උතුම් මඟුලි.
264. මවුපිය උවටන ද, අඹුදරුවන් සැඟහීම ද, නිරවුල් වූ කර්මාන්ත ද යන මෙය උතුම් මඟුලි.
265. දන්දීම ද, (දසකුසල්) දම්හි හැසිරීම ද, නෑයනට සැඟහීම ද, නිරවද්‍යකර්ම ද යන මෙය උතුම් මඟුලි.
266. (සිතින්) පවෙහි නො ඇල්ම ද, (ත්‍රිවිධ විරතීන්ගේ වශයෙන්) පවින් වැළකීම ද, මත්පැනින් වෙන් වීම ද, (කුසල්) දහම්හි නො පමා බව ද යන මෙය උතුම් මඟුලි.
267. (බුදු-පසේ බුදු- බුදුසවු-ඇදුරු උවදෑ ඈනට) ගරු කිරීම ද, නිහතමාන බවද, ලද දැයින් සතුටු වීම ද, කළගුණ දන්නා බව ද, සුදුසු කල්හි දහම් ඇසීම ද යන යන මෙය උතුම් මඟුලි.
268. ඉවසීම ද සුවච බව ද මහණුන් දැක්ම ද සුදුසු කල්හි ධර්ම සාකච්ඡාව ද යන මෙය උතුම් මඟුලි.
269. (ඉන්ද්‍රිය සංවර වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) තපස ද බඹසර ද චතුරාර්‍ය්‍ය සත්‍යයන් දැකීම ද නිවන් පසක් කිරීම ද යන මෙය උතුම් මඟුලි.
270. අටලෝ දහමින් පහස්නා ලද යමකුගේ සිත නො සැලේ ද ශොකයෙන් තොර ද පහ වූ කෙලෙස් රජස් ඇත්තේ ද බිය රහිත ද යන මෙය උතුම් මඟුලි.
271. (ස්කන්ධ-ක්ලේස -අභිසංස්කාර-දේවපුත්‍රමාර සඞ්ඛ්‍යාත) සියලු තන්හි නො පැරදුනාහු මෙබඳු මඞ්ගලයන් කොට (මෙලෝ පරලෝ) හැම තන්හි සැපයට පැමිණෙත් යි.
මඞ්‌ගලසුත්‌තං නිට්‌ඨිතං.
මහාමඞ්ගල සූත්‍රය නිමි.