ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » සුත්ත නිපාතය » 2. චූල වර්ගය

2 - 1 රතනසුත්‌තං

2 - 1 රතන සූත්‍රය

224.
යානීධ භූතානි සමාගතානි,
භුම්‌මානි [භූමානි (ක.)] වා යානි ව අන්‌තලික්‌ඛෙ;
සබ්‌බෙව භූතා සුමනා භවන්‌තු,
අථොපි සක්‌කච්‌ච සුණන්‌තු භාසිතං.

224. මෙහි රැස්වූ යම් භූම්‍යස්ථ අමනුෂ්‍ය කෙනෙක් හෝ වෙත් ද යම් අන්තරීක්‍ෂයෙහි වැසි අමනුෂ්‍ය කෙනෙක් හො වෙත් ද, ඒ හැම භූතයෝ සොම්නස් වෙත් වා! තවද මාගේ භාසිතය සකසා අසත් වා.

225.
තස්‌මා හි භූතා නිසාමෙථ සබ්‌බෙ,
මෙත්‌තං කරොථ මානුසියා පජාය;
දිවා ච රත්‌තො ච හරන්‌ති යෙ බලිං,
තස්‌මා හි නෙ රක්‌ඛථ අප්‌පමත්‌තා.

225. එසෙයින් ම හැම අමනුෂ්‍යයෝ අසත්වා! මනුෂ්‍ය ප්‍ර‍ජාවට මෛත්‍රිකරව. යම් මනුෂ්‍ය කෙනෙක් දව රෑ දෙක්හි පුද එළවත් ද, එහෙයින් ම අප්‍ර‍මත්ත වූවාහු ඔවුන් රකුව.

226.
යං කිඤ්‌චි විත්‌තං ඉධ වා හුරං වා,
සග්‌ගෙසු වා යං රතනං පණීතං;
න නො සමං අත්‌ථි තථාගතෙන,
ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං;
එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

226. මෙ මිනිස් ලොවැ හෝ නාග සූපර්‍ණාදී අන් ලොවෙකැ හෝ යම් ධනයෙකුත් වේද, ස්වර්ගයෙහි හෝ යම් ප්‍රණීත වූ රත්නයෙකුත් වේද, ඔවුනතුර තථාගතයන් හා සම එක ද රුවනෙක් නැත, මෙ ද බුදුරදුන් කෙරෙහි වූ ශ්‍රෙෂ්ඨ රත්න භාවයයි. ඒ සත්‍යයෙන් සත්නට සෙත් වේවා!

227.
ඛයං විරාගං අමතං පණීතං,
යදජ්‌ඣගා සක්‍යමුනී සමාහිතො;
න තෙන ධම්‌මෙන සමත්‌ථි කිඤ්‌චි,
ඉදම්‌පි ධම්‌මෙ රතනං පණීතං;
එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

227. (ආර්‍ය්‍යමාර්‍ග සමාධියෙන්) සමාහිත වූ ශාක්‍යමුනි රාගාදී කෙලෙසුන්ගෙන් දුරු වූ හෙයින් විරාග නම් වූ ක්ලේශ ක්ෂය වූ අමෘත වූ ප්‍ර‍ණීත වූ යම් නිවනක් අවබෝධ කෙළේ ද, ඒ නිර්‍වාණ ධර්මය හා සමවූ අන් කිසිදු රුවනෙක් නැත, මෙද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඒ සත්‍යයෙන් (සත්නට) සෙත් වේවා!

228.
යං බුද්‌ධසෙට්‌ඨො පරිවණ්‌ණයී සුචිං,
සමාධිමානන්‌තරිකඤ්‌ඤමාහු;
සමාධිනා තෙන සමො න විජ්‌ජති,
ඉදම්‌පි ධම්‌මෙ රතනං පණීතං;
එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

228. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ (කෙළෙස් මල මුලුසුන් කරන හෙයින්) අත්‍යන්තයෙන් ව්‍යවදාන වූ යම් මාර්‍ගධර්මයක් වර්‍ණනා කළ සේක්ද, යම් ඵල සමාධියක් (මාර්‍ගයටඅනතුරුවම පල දෙන බැවින්) ආනන්තරිකය’යි වදාළ සේක් ද, ඒ සමාධිය හා සම වූ අනෙක් රුවනෙක් නැත. මෙ ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඒ සත්‍යයෙන් සත්නට සෙත් වේවා!

229.
යෙ පුග්‌ගලා අට්‌ඨ සතං පසත්‌ථා,
චත්‌තාරි එතානි යුගානි හොන්‌ති;
තෙ දක්‌ඛිණෙය්‍යා සුගතස්‌ස සාවකා,
එතෙසු දින්‌නානි මහප්‌ඵලානි;
ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං,
එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

229. බුද්ධාදි සත්පුරුෂයන් විසින් පසස්නා ලද යම් අට අරී පුඟුල් කෙනෙක් වෙත් ද, තෙල පුරුෂ යුගලයෝ සතර දෙනෙක් වෙති. බුද්ධ ශ්‍රාවක වූ ඔහු දක්ෂිණාර්භ වෙති. තුලුනු කෙරෙහි දන්හු මහත් ඵල වෙති. මෙ ද සඞ්ගයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවය වේ. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!

230.
යෙ සුප්‌පයුත්‌තා මනසා දළ්‌හෙන,
නික්‌කාමිනො ගොතමසාසනම්‌හි;
තෙ පත්‌තිපත්‌තා අමතං විගය්‌හ,
ලද්‌ධා මුධා නිබ්‌බුතිං [නිබ්‌බුති (ක.)] භුඤ්‌ජමානා;
ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං,
එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

230. යම් රහත් කෙනෙක් ගෞතම සාසනයෙහි දැඩි සිතින් මොනොවට විදර්‍ශනායෙහි ප්‍ර‍යුක්ත වූවාහු (ප්‍ර‍ඥා වීර්‍ය්‍ය ධූර දෙකින්) සියලු කෙළෙසුන්ගෙන් නික්මුනාහු වෙත් ද, ඔවුහු අර්හත් ඵල සඞ්ඛ්‍යාත ප්‍රාප්තියට පැමිණයාහු නිර්‍වාණ නම් වූ අමෘතයට බැස ගෙන නිවන් ලැබ ව්‍යය රහිතව වළදනාහු වෙති. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඒ සත්‍යයෙන් (සත්නට) සෙත් වේවා!

231.
යථින්‌දඛීලො පථවිස්‌සිතො [පදවිස්‌සිතො (ක. සී.),පඨවිං සිතො (ක. සී. ස්‍යා. කං. පී.)] සියා,
චතුබ්‌භි වාතෙහි අසම්‌පකම්‌පියො;
තථූපමං සප්‌පුරිසං වදාමි,
යො අරියසච්‌චානි අවෙච්‌ච පස්‌සති;
ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං,
එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

231. යම් (‍සෝවාන්) පුඟුලෙක් චතුරාර්‍ය්‍යසත්‍යයන් මාර්‍ග ප්‍ර‍ඥාවෙන් විනිවිද දක්නේ ද, ඒ සත්පුරුෂ පොළොවෙහි සිටුවන ලද ඉන්ද්‍ර‍කීලය සිවු දිගින් හමන සුළඟින් යම් සේ නොසැලිය හේ ද, එ සත්පුරුෂ එවැනි උපමා ඇතිකොට කියමි. මෙ ද සඞ්ඝරත්නය කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!

232.
යෙ අරියසච්‌චානි විභාවයන්‌ති,
ගම්‌භීරපඤ්‌ඤෙන සුදෙසිතානි;
කිඤ්‌චාපි තෙ හොන්‌ති භුසං පමත්‌තා,
න තෙ භවං අට්‌ඨමමාදියන්‌ති;
ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං,
එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

232. (සත්තක්ඛත්තුපරම යි කියන ලද) යම් පුද්ගල කෙනෙක් ගැඹුරු පැණ ඇති බුදුරජුන් විසින් මොනොවට දෙසන ලද ආර්‍ය්‍යසත්‍යයන් (ප්‍ර‍ඥාවභාසයන්) ප්‍ර‍කට කෙරෙත් ද, ඔවුහු (දෙව්රජසිරි, සක්විතිරජසිරි ඈ ලබා) සසර බෙහෙවින් පමාවූවාහු නමුදු ඔහු අටවැනි භවයක් (උපත් විසින්) නො ගනිත්. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!

233.
සහාවස්‌ස දස්‌සනසම්‌පදාය [සහාවසද්‌දස්‌සනසම්‌පදාය (ක.)],
තයස්‌සු ධම්‌මා ජහිතා භවන්‌ති;
සක්‌කායදිට්‌ඨි විචිකිච්‌ඡිතඤ්‌ච,
සීලබ්‌බතං වාපි යදත්‌ථි කිඤ්‌චි.
චතූහපායෙහි ච විප්‌පමුත්‌තො,
ඡච්‌චාභිඨානානි [ඡ චාභිඨානානි (සී. ස්‍යා.)] භබ්‌බ කාතුං [අභබ්‌බො කාතුං (සී.)];
ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං,
එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

233. ඔහුගේ (සොත්පත්තිමග්ගසම්පත්තිසඞඛ්‍යාත) දර්‍ශන සම්පත් සමග මැ සත්කාය දෘෂ්ටි ද විච්කිත්සා ද ශීලව්‍ර‍පරාමර්‍ශ දැයි යන යම් කිසිවක් ඇත් ද, ඒ ධර්මයෝ තුන්දෙන (ප්‍ර‍හීණ කිරීම් වශයෙන්) හරණා ලද වෙති. සිවු අපායෙනුදු හෙ විමුක්ත වෙයි. (පඤ්ච ආනන්තර්‍ය්‍ය හා අන්‍යශාස්තෘ උද්දේශකය ද යන) ඖදාරික කර්ම සය කිරීමට ද නොනිසි වෙයි. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!

234.
කිඤ්‌චාපි සො කම්‌ම [කම්‌මං (සී. ස්‍යා. කං. පී.)] කරොති පාපකං,
කායෙන වාචා උද චෙතසා වා;
අභබ්‌බ [අභබ්‌බො (බහූසු)] සො තස්‌ස පටිච්‌ඡදාය [පටිච්‌ඡාදාය (සී.)],
අභබ්‌බතා දිට්‌ඨපදස්‌ස වුත්‌තා;
ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං,
එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

234. තව ද හේ කයින් වේවයි බසින් වේවයි යලි සිතින් වේවයි පව්කම් කෙරේ නමුදු, එය පිළිපන් කිරීමට අභව්‍ය වෙයි. දුටු නිර්වාණ පද ඇතියහුගේ (දර්‍ශන සම්පන්න පුද්ගලයාගේ) (ඒ) අභව්‍යතාව කියන ලදු. මෙද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!

235.
වනප්‌පගුම්‌බෙ යථ [යථා (සී. ස්‍යා.)] ඵුස්‌සිතග්‌ගෙ,
ගිම්‌හානමාසෙ පඨමස්‌මිං [පඨමස්‌මි (?)] ගිම්‌හෙ;
තථූපමං ධම්‌මවරං අදෙසයි [අදෙසයී (සී.)],
නිබ්‌බානගාමිං පරමං හිතාය;
ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං,
එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

235. ග්‍රීෂ්ම ඍතුයෙහි ප්‍ර‍ථම ග්‍රීෂ්ම මාසයෙහි, (බක් මසැ) පිපී ගිය මල් බර අතු පතර ඇති වන ගොමුවක් යම් සේ වේ ද, එය උපමා කොට ඇති අත්‍යුත්තම වූ නිර්‍වාණගාමී වූ (පර්‍ය්‍යාප්ති) ධර්මය (සත්‍වයනට) හිත පිණිස දෙසූහ. මෙ ද බුදුරදුන් කෙරෙහි වූ ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!

236.
වරො වරඤ්‌ඤූ වරදො වරාහරො,
අනුත්‌තරො ධම්‌මවරං අදෙසයි;
ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං,
එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

236. (සර්වඥතාඥානලාබයෙන්) උතුම් වූ, (නිර්වාණ ධර්ම සංඛ්‍යාත) වරය දන්නා වූ, (දෙවි මිනිස්නට නිර්වේද භාගීය වාසනා භාගීය) වරධර්මය දෙන්නා වූ, (ආර්යමාර්ගසංඛ්‍යාත) වර එළවන්නාවූ, අනුත්තර බුදුහු ලොකෝත්තර ධර්මය දෙසූහ. මෙ ද බුදුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාව යි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!

237.
ඛීණං පුරාණං නව නත්‌ථි සම්‌භවං,
විරත්‌තචිත්‌තායතිකෙ භවස්‌මිං;
තෙ ඛීණබීජා අවිරූළ්‌හිඡන්‌දා,
නිබ්‌බන්‌ත්‌න්‌ත්‌ති ධීරා යථායං [යථයං (ක.)] පදීපො;
ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං,
එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

237. (රහත්හුගේ) පැරණි කර්ම ගෙවී ගියේ ය. නව (කර්ම) ප්‍රාදූර්භූතභාවයෙක් නැත. පුනර්භවයෙහි පහ වූ රාගසිත් ඇති ගෙවුනු කර්ම බීජ ඇති, නො වැඩෙන ඡන්දරාග ඇති, ඒ පණ්ඩිත වූ ක්ෂීණශ්‍රාවයෝ මේ පහන සෙයින් නිවෙත්. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාව යි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!

238.
යානීධ භූතානි සමාගතානි,
භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ;
තථාගතං දෙවමනුස්‌සපූජිතං,
බුද්‌ධං නමස්‌සාම සුවත්‌ථි හොතු.

238. මෙහි රැස් වූ යම් භූමිත්‍ථ වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද, යම් ආකාශස්ථ අමනුෂ්‍ය කෙනෙක් හෝ වෙත් ද, (අපි) දෙවිමිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජුන් නමදිම්හ. සත්හට සෙත් වේවා !

239.
යානීධ භූතානි සමාගතානි,
භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ;
තථාගතං දෙවමනුස්‌සපූජිතං,
බුද්‌ධං නමස්‌සාම සුවත්‌ථි හොතු.

239. මෙහි රැස් වූ යම් භූමිස්ත්‍ථ වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද, යම් ආකාශස්ථ අමනුෂ්‍ය කෙනෙක් හෝ වෙත් ද, (ඒ අපි) දෙවිමිනිසුන් විසින් පුදන ලද තථාගත ධර්මය නමදිම්හ. සත්හට සෙත් වේවා !

240.
යානීධ භූතානි සමාගතානි,
භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ;
තථාගතං දෙවමනුස්‌සපූජිතං,
ධම්‌මං නමස්‌සාම සුවත්‌ථි හොතු.

240. මෙහි රැස් වූ යම් භූමිස්ත්‍ථ වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද, යම් ආකාශස්ථ අමනුෂ්‍ය කෙනෙක් හෝ වෙත් ද, (ඒ අපි) දෙවිමිනිසුන් විසින් පුදන ලද තථාගත සඞ්ඝයා නමදිම්හ. සත්හට සෙත් වේවා !

රතනසුත්‌තං පඨමං නිට්‌ඨිතං.

රතන සූත්‍ර‍ය නිමි.