ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » සුත්ත නිපාතය » 1. උරග වර්ගය

1 - 7 වසලසුත්‌තං

1 - 7 වසල සූත්‍රය

එවං මෙ සුතං – එකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමෙ. අථ ඛො භගවා පුබ්‌බණ්‌හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය සාවත්‌ථිං පිණ්‌ඩාය පාවිසි. තෙන ඛො පන සමයෙන අග්‌ගිකභාරද්‌වාජස්‌ස බ්‍රාහ්‌මණස්‌ස නිවෙසනෙ අග්‌ගි පජ්‌ජලිතො හොති ආහුති පග්‌ගහිතා. අථ ඛො භගවා සාවත්‌ථියං සපදානං පිණ්‌ඩාය චරමානො යෙන අග්‌ගිකභාරද්‌වාජස්‌ස බ්‍රාහ්‌මණස්‌ස නිවෙසනං තෙනුපසඞ්‌කමි. අද්‌දසා ඛො අග්‌ගිකභාරද්‌වාජො බ්‍රාහ්‌මණො භගවන්‌තං දූරතොව ආගච්‌ඡන්‌තං. දිස්‌වාන භගවන්‌තං එතදවොච – ‘‘තත්‍රෙව [අත්‍රෙව (ස්‍යා. ක.)], මුණ්‌ඩක; තත්‍රෙව, සමණක; තත්‍රෙව, වසලක තිට්‌ඨාහී’’ති.

මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඩු මහසිටුහුගේ අම්හි වැඩවෙසෙනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු යෙහි හැද පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත් නුවරට පිඬුසිඟා වැඩි සේක. එසමයෙහි අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ නිවෙස්න සමීපයෙහි හෝම ගිනි දල්වන ලද වෙයි. ඉදිරියෙහි හොමද්‍රව්‍ය එළවනලද වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ගෙපිළි වෙළින් පිඬුසිඟා වඩනාසේක්. අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ නිවෙසට වැඩි සේක, අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ දුර ම වඩනා භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය: මුණ්ඩකය, ඔබ මැ සිට, ශ්‍ර‍මණකය ඔබ මැ සිට, වසලකය ඔබ මැ සිට යි.

එවං වුත්‌තෙ, භගවා අග්‌ගිකභාරද්‌වාජං බ්‍රාහ්‌මණං එතදවොච – ‘‘ජානාසි පන ත්‌වං, බ්‍රාහ්‌මණ, වසලං වා වසලකරණෙ වා ධම්‌මෙ’’ති?

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ අග්ගික භාරද්වාජ බමුණු හට තෙල වදාළහ: “බමුණ, තෝ වැලිත් වසලයා වේවයි වසල කරණ ධර්‍ම වේවයි දන්හි දැ”යි.

‘‘න ඛ්‌වාහං, භො ගොතම, ජානාමි වසලං වා වසලකරණෙ වා ධම්‌මෙ; සාධු මෙ භවං ගොතමො තථා ධම්‌මං දෙසෙතු, යථාහං ජානෙය්‍යං වසලං වා වසලකරණෙ වා ධම්‌මෙ’’ති.

“භවත් ගෞතමයානන් වහන්ස, මම වසලයා වේවයි වසල කරණ ධර්ම වේවයි නො දන්මි ඉදින් භගවත් ගෞතමයන් යම් පරිදි මම වසල වේවයි, වසල කරණ ධර්ම වේවයි දැනගණිම් ද එපරිදි භවත් ගෞතමයානන් වහන්සේ දහම් දෙසන සේක්වා”යි.

‘‘තෙන හි, බ්‍රාහ්‌මණ, සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්‌සාමී’’ති. ‘‘එවං, භො’’ති ඛො අග්‌ගිකභාරද්‌වාජො බ්‍රාහ්‌මණො භගවතො පච්‌චස්‌සොසි. භගවා එතදවොච –

එසේ නම් “බ්‍රාහ්මණය, අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි”යි. “භවත්නි, එසේය” යි අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වීය. භාග්‍යවතුන් වහන්සේ තෙල වසල සුත් වදාළ සේක:

116.
‘‘කොධනො උපනාහී ච, පාපමක්‌ඛී ච යො නරො;
විපන්‌නදිට්‌ඨි මායාවී, තං ජඤ්‌ඤා වසලො ඉති.

116. යම් මිනිසෙක් කිපෙන සුලු යේත් බඳනාලද වෙර ඇතියෙත් පවිටු ලමු ගුණමකු වූයේත්, විපර්‍ය්‍යස්තදෂ්ටි ඇතියේත් මායාවීත් වේ ද, ඔහු (ලමුදම් වස්වන හෙයින්) ‘වසලයෙකැ’යි දන්නේය.

117.
‘‘එකජං වා ද්‌විජං [දිජං (පී.)] වාපි, යොධ පාණං විහිංසති;
යස්‌ස පාණෙ දයා නත්‌ථි, තං ජඤ්‌ඤා වසලො ඉති.

117. මෙලොවැ යමෙක් ඒකජ වේවයි. ද්වීජ වේවයි ප්‍රාණීන් දිවිගලවා ද, යමක් හට ප්‍රාණීන් කෙරෙහි දයා නැත් ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.

118.
‘‘යො හන්‌ති පරිරුන්‌ධති [උපරුන්‌ධෙති (ස්‍යා.), උපරුන්‌ධති (ක.)], ගාමානි නිගමානි ච;
නිග්‌ගාහකො [නිග්‌ඝාතකො (?)] සමඤ්‌ඤාතො, තං ජඤ්‌ඤා වසලො ඉති.

118. යමෙක් ගමුදු නියම්ගමුදු වනසා ද, වටලාගණී ද “ගම් පහරණ සොරෙකැ” යි පළට වේ ද, ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.

119.
‘‘ගාමෙ වා යදි වා රඤ්‌ඤෙ, යං පරෙසං මමායිතං;
ථෙය්‍යා අදින්‌නමාදෙති [අදින්‌නං ආදියති (සී. පී.)], තං ජඤ්‌ඤා වසලො ඉති.

119. ගම්හි වේවයි වල්හි වේවයි අනුන් විසින් මමත්‍ව කළ (හිමියන් විසින් නොදුන්) වතක් සොර සිතින් ගණී ද, ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.

120.
‘‘යො හවෙ ඉණමාදාය, චුජ්‌ජමානො [භුඤ්‌ජමානො (?)] පලායති;
න හි තෙ ඉණමත්‌ථීති, තං ජඤ්‌ඤා වසලො ඉති.

120. යමෙක් එකැතින් (පරාගෙන්) ණය ගෙණ චෝදනා කරණු ලබන්නේ “තට මාගේ ණයක් නැතැ”යි පලායේ නම් ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.

121.
‘‘යො වෙ කිඤ්‌චික්‌ඛකම්‍යතා, පන්‌ථස්‌මිං වජන්‌තං ජනං;
හන්‌ත්‌වා කිඤ්‌චික්‌ඛමාදෙති, තං ජඤ්‌ඤා වසලො ඉති.

121. යමෙක් අල්පමාත්‍ර‍වූ ද, කිසිවක් කැමැත්තෙන් මගැ යන ජනයා නසා බඩු වොලො ගණී ද ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.

122.
‘‘යො අත්‌තහෙතු පරහෙතු, ධනහෙතු ච [ධනහෙතු ව (ක.)] යො නරො;
සක්‌ඛිපුට්‌ඨො මුසා බ්‍රෑති, තං ජඤ්‌ඤා වසලො ඉති.

122. යමෙක් ආත්ම හේතුයෙන් හෝ පරහේතුයෙන් හෝ වේවයි තවද යම් මිනිසෙක් ධනය හේතුයෙන් හෝ සාක්ෂි කොට පුළුවුස්නා ලදුයේ දැන දැන මුසා බෙණේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.

123.
‘‘යො ඤාතීනං සඛීනං වා, දාරෙසු පටිදිස්‌සති;
සාහසා [සහසා (සී. ස්‍යා.)] සම්‌පියෙන වා, තං ජඤ්‌ඤා වසලො ඉති.

123. යමෙක් නෑසබඳුන්ගේ වේවයි යහලුවන්ගේ වේවයි අඹුවන් කෙරෙහි බලහත්කාරයෙන් හෝ දෙදෙනාගේ සනායෙන් හෝ ප්‍ර‍තිකූල සේ මර්‍ය්‍යදා භෙද කරණු දක්නා ලැබේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

124.
‘‘යො මාතරං පිතරං වා, ජිණ්‌ණකං ගතයොබ්‌බනං;
පහු සන්‌තො න භරති, තං ජඤ්‌ඤා වසලො ඉති.

124. යමෙක් අර්ථොපකරණයෙන් පොහොසත් වූයේ ජරාවෙන් දිරූ ගිය යොවුන් ඇති මව හෝ පියා හෝ නො පුස්නේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

125.
‘‘යො මාතරං පිතරං වා, භාතරං භගිනිං සසුං;
හන්‌ති රොසෙති වාචාය, තං ජඤ්‌ඤා වසලො ඉති.

125. යමෙක් මව හෝ පියා හෝ බෑනා හෝ බුහුන හෝ පෙළා ද, වචනයෙන් හෝ කෝප උපදවා ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

126.
‘‘යො අත්‌ථං පුච්‌ඡිතො සන්‌තො, අනත්‌ථමනුසාසති;
පටිච්‌ඡන්‌නෙන මන්‌තෙති, තං ජඤ්‌ඤා වසලො ඉති.

126. යමෙක් (සාන්‍දෘෂ්ටිකාදි අර්ථය) පුළුවුස්නා ලදුයේ (ඔහුට) අහිතයක් මැ පවසා ද, (අර්ථය මැ හෝ) ප්‍ර‍තිච්ඡන්නක වශයෙන් බෙණේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

127.
‘‘යො කත්‌වා පාපකං කම්‌මං, මා මං ජඤ්‌ඤාති ඉච්‌ඡති [විභ. 894 පස්‌සිතබ්‌බං];
යො පටිච්‌ඡන්‌නකම්‌මන්‌තො, තං ජඤ්‌ඤා වසලො ඉති.

127. යමෙක් පව්කම් කොට ‘මා නහමක් දනීවා’යි කැමැති වේ ද, යමෙක් ප්‍ර‍තිච්ඡන්න කර්‍ම ඇතියේත් වේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

128.
‘‘යො වෙ පරකුලං ගන්‌ත්‌වා, භුත්‌වාන [සුත්‌වා ච (ස්‍යා. ක.)] සුචිභොජනං;
ආගතං නප්‌පටිපූජෙති, තං ජඤ්‌ඤා වසලො ඉති.

128. යමෙක් පරකුලයට ගොස් පිණී බොජුන් වළඳා (තම නිවෙසට) පැමිණියහුට ප්‍ර‍තිපූජා නො කෙරේ ද ඔහු ‘වසලයෙක’යි දන්නේය.

129.
‘‘යො බ්‍රාහ්‌මණං සමණං වා, අඤ්‌ඤං වාපි වනිබ්‌බකං;
මුසාවාදෙන වඤ්‌චෙති, තං ජඤ්‌ඤා වසලො ඉති.

129. යමෙක් බමුණකු වේවයි මහණකු වේවයි අන්කිසි යදියකු වේවයි මුසවායෙන් රවටා ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

130.
‘‘යො බ්‍රාහ්‌මණං සමණං වා, භත්‌තකාලෙ උපට්‌ඨිතෙ;
රොසෙති වාචා න ච දෙති, තං ජඤ්‌ඤා වසලො ඉති.

130. යමෙක් භෝජන කාලය එළැඹෙත්ම බමුණකු වේවයි මහණකු වේවයි පරොස් බසින් කෝප උපදවා ද, කිසිත් නො දේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

131.
‘‘අසතං යොධ පබ්‍රෑති, මොහෙන පලිගුණ්‌ඨිතො;
කිඤ්‌චික්‌ඛං නිජිගීසානො [නිජිගිංසානො (සී. ස්‍යා. කං. පී.)], තං ජඤ්‌ඤා වසලො ඉති.

131. මෙලොවැ යමෙක් මෝහයෙන් වෙළුනේ කිසිවක් (ලබා) ගණු කැමැත්තේ අසත් බස් තෙපලා ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

132.
‘‘යො චත්‌තානං සමුක්‌කංසෙ, පරෙ ච මවජානාති [මවජානති (සී. ස්‍යා. පී.)];
නිහීනො සෙන මානෙන, තං ජඤ්‌ඤා වසලො ඉති.

132. යමෙක් ස්වකීය මානයෙන් ඉතා හීන වූයේ තමා හුවා දක්වා ද, මෙරමා හෙලා දකී ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

133.
‘‘රොසකො කදරියො ච, පාපිච්‌ඡො මච්‌ඡරී සඨො;
අහිරිකො අනොත්‌තප්‌පී, තං ජඤ්‌ඤා වසලො ඉති.

133. (මෙරමාහට) කෝප උපදවනුයේ තද මසුරු වූයේත් වේ ද, ලාමක වු ඊප්සා ඇත්තේ ද, මසුරු බැව් ඇත්තේ ද, ශඨභාවයෙන් යුක්ත වේ ද, පවට ලජ්ජ නැත්තේ පවට බිය නැත්තේ වේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

134.
‘‘යො බුද්‌ධං පරිභාසති, අථ වා තස්‌ස සාවකං;
පරිබ්‌බාජං [පරිබ්‌බජං (ක.), පරිබ්‌බාජකං (ස්‍යා. කං.)] ගහට්‌ඨං වා, තං ජඤ්‌ඤා වසලො ඉති.

134. යමෙක් සම්මා සම්බුදුනට පරිභව බෙණේ ද, නොහොත් උන්වහන්සේගේ සවු වූ පැවිද්දකුට වේවයි ගැහැවියකුට වේව යි අපවාද කෙරේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

135.
‘‘යො වෙ අනරහං [අනරහා (සී. පී.)] සන්‌තො, අරහං පටිජානාති [පටිජානති (සී. ස්‍යා. පී.)];
චොරො සබ්‍රහ්‌මකෙ ලොකෙ, එසො ඛො වසලාධමො.
එතෙ ඛො වසලා වුත්‌තා, මයා යෙතෙ පකාසිතා.

135. යමෙක් රහත් නොවූයේ මම් රහත්මියි පිළින කෙරේ ද, බඹුන් සහිත වූ ලොව්හි සොරකු වූ මෙතෙමේ මැ අධම වූ ම වසල වෙයි. යම් පුඟුල් කෙනෙක් මා විසින් තොපට පවසන ලද්දාහු ද මොහු ඒකාන්තයෙන්ම වසලයහ යි කියනලදහ.

136.
‘‘න ජච්‌චා වසලො හොති, න ජච්‌චා හොති බ්‍රාහ්‌මණො;
කම්‌මුනා [කම්‌මනා (සී. පී.)] වසලො හොති, කම්‌මුනා හොති බ්‍රාහ්‌මණො.

136. (පරමාර්ථ විසින්) ජාතියෙන් වසල නො වෙයි. ජාතියෙන් (උපතින්) බමුණු ද නොවේ. (අපරිශුද්ධ) කර්‍මයෙන් වසල වෙයි (පරිශුද්ධ) කර්‍මයෙන් බ්‍රාහ්මණ වේ.

137.
‘‘තදමිනාපි ජානාථ, යථාමෙදං [යථාපෙදං (ක.)] නිදස්‌සනං;
චණ්‌ඩාලපුත්‌තො සොපාකො [සපාකො (?)], මාතඞ්‌ගො ඉති විස්‌සුතො.

137. යම් ප්‍ර‍කාරයකින් මාගේ මේ නිදසුන වේ ද, එකරුණ මේ ප්‍ර‍කාරයෙනු දු දැන ගණිවු. (කෑමට) බලුමස් උයන ශ්වපාක නම් සැඩොල් පුතෙක් මාතඞ්ගයයි ප්‍ර‍සිද්ධ විය.

138.
‘‘සො යසං පරමං පත්‌තො [සො යසප්‌පරමප්‌පත්‌තො (ස්‍යා. ක.)], මාතඞ්‌ගො යං සුදුල්‌ලභං;
ආගච්‌ඡුං තස්‌සුපට්‌ඨානං, ඛත්‌තියා බ්‍රාහ්‌මණා බහූ.

138. ඒ මාතඞ්ග හීනකුලොත්පන්නයකු විසින් ඉතා දුර්ලභ වූ යම් යශසකට පැමිණියේ ද, ඔහුට උවටැනට බොහෝ ක්ෂත්‍රියෝ ද බ්‍රාහ්මණයෝ ද පැමිණියහ.

139.
‘‘දෙවයානං අභිරුය්‌හ, විරජං සො මහාපථං;
කාමරාගං විරාජෙත්‌වා, බ්‍රහ්‌මලොකූපගො අහු.

140.
න නං ජාති නිවාරෙසි, බ්‍රහ්‌මලොකූපපත්‌තියා.
‘‘අජ්‌ඣායකකුලෙ ජාතා, බ්‍රාහ්‌මණා මන්‌තබන්‍ධුනො.

139 - 140 හේ (රාගාදී කෙලෙස් රජස් නැති) බුද්ධාදීන් විසින් පිළිපන් හෙයින් මහාමාර්ගවූ (අටසමවත්) දේව යානයට නැග කාමරාගය ප්‍ර‍හීණ කොට බඹලොවට පිළිසඳ විසින් පැමිණියේය. ජාතිය බඹලොව උපතින් ඔහු නො වැළහීය. වෙදහදාරණ කුලෙහි උපන්, වෙදය පිළිසරණ කොට ඇති, ඒ බ්‍රාහ්මණයෝ ද නිතර පව්කම්හි (ගැලුනාහු) දක්නා ලැබෙත්.

141.
‘‘තෙ ච පාපෙසු කම්‌මෙසු, අභිණ්‌හමුපදිස්‌සරෙ.
දිට්‌ඨෙව ධම්‌මෙ ගාරය්‌හා, සම්‌පරායෙ ච දුග්‌ගති;
න නෙ ජාති නිවාරෙති, දුග්‌ගත්‍යා [දුග්‌ගච්‌චා (සී. ස්‍යා. කං. පී.)] ගරහාය වා.

141. දිටු දැමියෙහි ගැරහීමට පත් වූවාහු පරලොව්හි දුගතියට ද පත්වූවාහි දක්නා ලබෙති. ජාතිතොමෝ ඔවුන් දුගතියෙන් හෝ ගැරහීමෙන් හෝ නො වළහා.

142.
‘‘න ජච්‌චා වසලො හොති, න ජච්‌චා හොති බ්‍රාහ්‌මණො;
කම්‌මුනා වසලො හොති, කම්‌මුනා හොති බ්‍රාහ්‌මණො’’ති.

142. ජාතියෙන් වසල නොවේ. ජාතියෙන් බ්‍රාහ්මණ නොවේ. කර්‍මයෙන් වසල වේ. කර්‍මයෙන් බ්‍රාහ්මණ වේ.

එවං වුත්‌තෙ, අග්‌ගිකභාරද්‌වාජො බ්‍රාහ්‌මණො භගවන්‌තං එතදවොච –

මෙසේ වදාළ කල්හි අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:

අභික්කන්තං භො ගොතම අභීක්කන්තං භො ගොතම සෙය්‍යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය පටිච්ඡන්නං වා විවරෙය්‍ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය අන්ධකාරෙ වා තෙලපජ්ජාතං ධාරෙය්‍ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්‌ඝඤ්ච. උපාසකං මං භවං ගොතමා ධරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.

භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරය, භවත් ගෞතමයන් වහන්ස, යටිහුරු කොට තබන ලද්දක් උඩුහුරු කොට තබන්නේ යම් සේ ද, වසන ලද්දක් හෝ විවෘත කරන්නේ යම්සේ ද, මං මුළා වූවකුට මග කියන්නේ හෝ යම් සේද, ඇස් ඇත්තාහු රූ දක්නාහ’යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ යම් සේ ද, අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ යම් සේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් දහම් දෙසන ලද. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්මය ද භික්ෂුසඞ්ඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසුවෙකු කොට මා දරණ සේක් ව යි.

වසල සුත්තං නිට්ඨිතං.

වසල සූත්‍ර‍ය නිමි.