14. (ප්‍රේතයෝ) සිය මුල් ගෙවලට පැමිණ ගෘහප්‍රාකාර භිත්තීන්හි පිටත ද තුන්මං සතරමං සන්ධිවල ද ගෘහවල දොරබායෙහි ද සිටිති.
15. බොහෝ ආහාරපානවර්ග හා කෑ යුතු බිදියයුතු දේ දානය සඳහා පිළියෙළ කළ ද ඒ ප්‍රේතයන්ගේ අකුශල කර්ම හේතුවෙන් කිසිවෙක් ඔවුන් සිහි නො කරයි.
16. නෑයන් අතුරෙන් ඒ ප්‍රේතයනට අනුකම්පා කරන දූපුත් ආදී යම් නෑ කෙනෙක් වෙද්ද, ඔවුහු පිරිසිදු ව ප්‍රණීත වූ කැප වූ පැන් සහ බොජුන් සුදුසු කලැ පිරිනමත්. “මේ පින ඥාතිප්‍රෙතයනට පැමිණේවා. ඒ ඥාති ප්‍රෙතයෝ සුවපත් වෙත්වා”යි පින් දෙත්.
17. ඒ ඥාතිප්‍රේතයෝ ද ඒ ඒ තැන් වලින් අවුත් රැස් වූවාහු වෙති. බොහෝ වූ ආහාරපාන දානවිෂයෙහි පිදූ කල්හි එහි පින් මෙසේ සකසා අනුමෝදන් වෙත්.
18. “යම් නෑයන් නිසා අපි මේ සම්පත් ලබමෝ නම් ඒ නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා.” අපට ද පූජා පවත්වන ලද. දායකයෝ ද යහපත් විපාක ඇත්තෝ වෙත්.
19. ඒ ප්‍රේතලොකයෙහි ගොවිකමෙක් නැත. ගවයන් රැකීමෙක් ද නැත. (ඔවුනට සම්පත් ලැබෙන) එවැනි වෙළඳාමෙක් ද නැත. ගැනීම් විකිනීම් සංඛ්‍යාත මුදලින් කෙරෙන ගනු දෙනුවක් ද නැත. කලුරිය කළ ප්‍රේතයෝ මෙලොවින් දුන් පිනින් එහි යැපෙති.
20. උස්තැන වැටුණු වැසිදිය යම්සේ පහත් තැන කරා පැමිණේ ද එමෙන් ම මේ මිනිස්ලොවින් දුන් පින ඒ ප්‍රේතයන්ට පැමිණේ.
21. යම්සේ පිරුණු මහානදීහු සාගරය පුරවත් ද, එසේ ම මෙයින් දෙනලද පින ප්‍රෙතයනට පැමිණේ.
22. “මට මේ දෙය දුන්නේ ය, මාගේ මෙනම් කටයුත්ත කෙළේ ය, අසවල් අය මාගේ නෑයෝ ය, මිතුරෝ ය, යහළුවෝ” යි පෙර කළ උපකාරය සිහි කරමින් ප්‍රේතයනට පින් දෙන්නේ ය.
23. හැඞීම හෝ ශෝක කිරීම හෝ යම් අනික් විලාප කීමෙක් හෝ වේ ද, ඒ හැඞීම් ආදිය ප්‍රේතයනට හිත පිණිස නො වේ. (එහෙත්) එබඳු අවිඥ වූ නෑයෝ ද සිටිත්.
24. සංඝයා විෂයෙහි දෙන ලද මේ දක්ෂිණාව මැනැවින් පිහිටියා ය. බොහෝ කලක් මුළුල්ලෙහි ඒ ප්‍රේතයාට හිත පිණිස එකෙණෙහි ම එය පැමිණේ.
25. මේ දක්වන ලද්දේ නෑයන් විසින් ඉටු කළයුතු ඒ ඥාතිධර්මය යි. ප්‍රේතයනට මහත් වූ පූජාවක් ද කරන ලද ඒ භික්ෂුනට බලය ද දෙන ලද තොප විසිනුදු මහත් පිනක් රැස් කරන ලදී.
තිරොකුඩ්ඩ ප්‍රේතවස්තු යි.