ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » දීඝ නිකාය » මහා වර්ගය » 3. මහාපරිනිර්වාණ සූත්‍රය

3. මහාපරිනිබ්බානසුත්තං

3. මහාපරිනිර්වාණ සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහීපුත්තො වජ්ජී අභියාතුකාමො හොති. සො එවමාහ: ‘අහං හි ඉමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි1, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්යසනං ආපාදෙස්සාමි වජ්ජී’ති.

මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එසමයෙහි වෛදේහීපුත්‍ර වූ මගධදේශාධිපති අජාසත් රජ වැදෑ රජුන් මැඩැ ලනු පිණිස යනු කැමැත්තේ වෙයි. හෙ තෙම ‘මම් වූ කලි මේසා මහත් රාජර්ධියෙන් සමන්විත මේසා මහත් ආනුභාව ඇති ‍වැදෑ රජුන් මුලින් සිඳලන්නෙමි, වජ්ජීන් වනසන්නෙමි, වජ්ජීන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි’ යි මෙසේ කියයි.

2. අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වස්සකාරං බ්රාහ්මණං මගධමහාමත්තං ආමන්තෙසි:

2. ඉක්බිත්තෙන් වෛදේහීපුත්‍ර මගධදේශාධිපති අජාසත් රජ මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණහු බැණැවීය:

“එහි ත්වං බ්රාහ්මණ, යෙන භගවා තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි. අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ: ‘රාජා භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පාදෙ සිරසා වන්දති. අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති.

“බමුණාණනි, මෙහි එන්න, භාග්‍යවතුන් වහන්සේ වෙත යවු. ගොස් මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් (පාමුල හිස තබා) වඳිවු. ‘වහන්ස, වෛදේහීපුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ භාග්‍යවගුන් වහන්සේගේ පාමුල හිස තබා වඳියි. භාග්‍යවතුන් වහන්සේගේ නිරාබාධ බව, නිරෝග බව, හෑල්ලු පවැත්ම, කායබලය, සැප විහරණය විචාරා’ යැ යි නිරාබාධ බව, නීරෝග බව, හෑල්ලු පැවැත්ම, කාය බලය, සිප විහරණය විචාරන්න.

එවං ච වදෙහි: ‘රාජා භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො හොති. සො එවමාහ: අහං හි ඉමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි, විනාසෙස්ස මි වජ්ජී, අනයබ්යසනං ආපාදෙස්සාමි වජ්ජි’ති. යථා ච තෙ භගවා බ්යාකරොති, තං සාධුකං උග්ගහෙත්වා මම ආරොචෙය්යාසි. න හි තථාගතා විතථං භණන්තී”ති.

‘වහන්ස, වෛදේහීපුත්‍ර මගධෙශ්වර අජාසත් රජ වැදෑරජුන් මඩිනුවට යනු කැමැත්තේ වෙයි. හෙතෙම ‘මේසා මහඉදුමත් මේසා මහතෙදැති වැදෑ රජුන් මුල්සුන් කරන්නෙමි, වැදෑ රජුන් වනසන්නෙමි, වැදෑ රජුන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි’ යි මෙපරිද්දෙන් කියා’ යැ යි මෙසේත් කියන්න. භාග්‍යවතුන් වහන්සේ ඔබට යම්සේ වදාරන සේක් ද, එය මොනොවට ඉගෙන මට සැළ කරන්න. තථාගතවරු නො සැබෑ බසක් නො බෙණෙත්” යැ යි කී ය.

3. ‘එවං භො’ති ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස පටිස්සුත්වා, භද්දානි භද්දානි යානානි යොජාපෙත්වා,2 භද්දං යානං අභිරූහිත්වා, භද්දෙහි භද්දෙහි යානෙහි රාජගහම‍්හා නිය්යාසි. යෙන ගිජ්ඣකූටො පබ්බතො තෙන පායාසි. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකො’ව යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො භගවන්තං එතදවොච:

3. ‘එසේ ය, පින්වතාණනි’ යි කියා මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු වෛදේහීපුත්‍ර වූ මගධෙශ්වර වූ අජාසත් රජුට පිළිවදන් දී, මනාප මනාප යානයන් යොදවා, මනාප යානයක් නැඟ, මනාප මනාප යානයන් ගෙන් උපලක්‍ෂිත ව රජගහපුරයෙන් නික්මියේ ය. ගිජුකුළු පව්ව වෙත එළැඹියේ ය. යානයෙන් යෑමට සුදුසු බිම යම් තාක් ද, ඒ තාක් ගොස් යානයෙන් බැස පාගමන් ඇත්තේ ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටට කරුණු වූ, සිතැ රැඳැවිය යුතු වූ කථාව අවසන් කොට එක් පසෙක හිඳගත. එක් පසෙක හුන්නා වූ මගද මහමැති වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:

“රාජා භො ගොතම, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භොතො ගොතමස්ස පාදෙ සිරසා වන්දති. අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. රාජා භො ගොතම, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො. සො එවමාහ: අහං හි ඉමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි, විනාසෙස්සාමි වජ්ජී අනයබ්යසනං ආපාදෙස්සාමි වජ්ජී”ති.

“භවද් ගෞතමයිනි, වෛදේහීපුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ හිස නමා භවද් ගෞතමයන්ගේ පා වඳී. ඔබ නිරාබාධ නියා, නීරෝග නියා, හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇති නියා, සුව විහරණ ඇති නියා විචාරයි. භවද් ගෞතමයිනි, වෛදේහීපුත්‍ර මගධෙශ්වර අජාසත් රජ වැදෑ රජුන් මඩින්නට යනු කැමැත්තේ ය. ‘මෙසේ වූ මහත් රාජර්ද්ධි ඇති මෙසේ වූ මහත් අනුභාව ඇති මේ වැදෑ රජුන් මුල්සුන් කරන්නෙමි යි, මේ වැදෑ රජුන් වනසන්නෙමි යි, මේ වැදෑ රජුන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි’ යි මෙසේ කියා” යි භාග්‍යවතුන් වහන්සේ ට සැළ කෙළේය.

[වජ්ජීනං සත්ත අපරිහානියා ධම්මා:]

වජ්ජීන් පිළිබඳ අපරිහානිය දහම් සත

4. තෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො භගවතො පිට්ඨිතො ඨිතො හොති භගවන්තං වීජයමානො1. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි:

4. ඒ වේලෙහි අනඳ තෙ‍රණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට පවන් සලමින් පිටුපසින් සිටියාහු වෙති. එකලැ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූ සේක:

“කින්තිතෙ ආනන්ද, සුතං: වජ්ජී අභිණ්හසන්නිපාතා සන්නිපාතබහුලාති?

“අනඳයෙනි, වැදෑ රජුහු නිරතුරු (දවස තෙවරක්) රැස් වන්නාහු ය, රැස් වනු බහුල කොට ඇත්තාහ යි මෙය තොප විසින් අසන ලද දැ?” යි අසා වදාළ සේක.

“සුතම්මෙතං භන්තෙ, වජ්ජී අභිණ්හසන්නිපාතා සන්නිපාතබහුලා”ති.

“වහන්ස, වැඳැ රජුහු නිරතුරු රැස්වන්නාහ, රැස් වනු බහුල කොට ඇත්තාහ’ යි මෙය මා විසින් අසන ලදැ” යි අනඳ තෙරණුවෝ පිළිතුරු දුන්හ.

“යාවකීවඤ්ච ආනන්ද, වජ්ජී අභිණ්හසන්නිපාතා සන්නිපාතබහුලා භවිස්සන්ති වුද්ධියෙව2 ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානි.” (1)

“අනඳයෙනි, වැදෑ රජුහු යම්තාක් එක්වන් රැස්වීම් ඇත්තාහු ද, රැස් වනු බහුල කොට ඇත්තෝ වන්නාහු ද, ඒතාක් අනඳයෙනි, වැදෑ රජුන්ගේ වැඩීම ම ඇවෙක්සිය (කැමැතිවිය) යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.” (1)

“කින්ති තෙ ආනන්ද, සුතං: වජ්ජී සමග්ගා සන්නිපාතන්ති, සමග්ගා වුට්ඨහන්ති, සමග්ගා වජ්ජිකරණීයානි කරොන්තීති?”

“අනඳයෙනි, වැදෑ රජුහු සමඟ වැ රැස් වෙත් ය, සමඟ වැ නැගී සිටිත් ය, සමඟ වැ වැදෑකරණී කෙරෙත් යැයි මෙය තොප විසින් අසන ලද ද?”

“සුතම්මෙතං භන්තෙ, වජ්ජී සමග්ගා සන්නිපතන්ති, සමග්ගා වුට්ඨහන්ති, සමග්ගා වජ්ජිකරණීයානි කරොන්තී”ති.

“වහන්ස, වැදෑ රජුහු සමඟ වැ රැස් වෙත්, සමඟ වැ නැඟී සිටිත්, සමඟ වැ වැදෑකරණී කෙරෙත් යැයි මෙය මා විසින් අසන ලදි.”

“යාවකීවඤ්ච ආනන්ද, වජ්ජී සමග්ගා සන්නිපතිස්සන්ති, සමග්ගා වුට්ඨහිස්සන්ති, සමග්ගා වජ්ජිකරණීයානි කරිස්සන්ති, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානි.” (2)

“අනඳයෙනි, යම්තාක් වැදෑ රජුහු සමඟ වැ රැස් වන්නාහු ද, සමඟ වැ නැගීසිටින්නාහු ද, සමඟ වැ වැදෑකරණී කරන්නාහු ද, අනඳයෙනි, ඒතාක් ම වැදෑ රජුන්ගේ වැඩීම ම අවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.” (2)

“කින්ති තෙ ආනන්ද, සුතං: වජ්ජී අපඤ්ඤත්තං න පඤ්ඤපෙන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දන්ති, යථාපඤ්ඤත්තෙ පොරාණෙ වජ්ජිධම්මෙ සමාදාය වත්තන්තීති?”

“අනඳයෙනි, වැදෑ රජුහු (පෙර තම පරපුරෙහි රජුන්) නො පනවන ලද්දක් නො පනවත්, පනවන ලද්ද නො සිඳිත්, පනවන ලද පොරණ වැදෑ දහම්හි පිහිටා පවතිත් යැයි මෙය තොප විසින් අසන ලද ද?”

“සුතම්මෙතං භන්තෙ, වජ්ජී අපඤ්ඤත්තං න පඤ්ඤපෙන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දන්ති, යථාපඤ්ඤත්තෙ පොරාණෙ වජ්ජිධම්මෙ සමාදාය වත‍්තන‍්තී”ති.

“වහන්ස, වැදෑ රජුහු පෙර තම පරපුරෙහි රජුන් නො පැනැවූවත් නො පනවත්, පැනැවූවක් නො සිඳිත්, පනවන ලද පොරණ වැදෑ දහම්හි පිහිටා සිටිත් යැයි මෙය මා විසින් අසන ලදි.”

“යාවකීවඤ්ච ආනන්ද, වජ්ජී අපඤ්ඤත්තං න පඤ්ඤපෙස්සන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දිස්සන්ති, යථාපඤ්ඤත්තෙ පොරාණෙ වජ්ජිධම්මෙ සමාදාය වත්තිස්සන්ති, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානි. (3)

“අනඳයෙනි, යම්තාක් වැදෑරජුහු පෙර වැදෑරජුන් නො පැනැවූවක් නො පනවන්නාහු ද, පැනැවූවක් නො සිඳින්නාහු ද, පනවන ලද පොරණ වැදෑ දහම්හි පිහිටා සිටින්නාහු ද, ඒ තාක් ම අනඳයෙනි, වැදෑ රජුන්ගේ වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.” (3)

කින්ති තෙ ආනන්ද, සුතං: වජ්ජී යෙ තෙ වජ්ජීනං වජ්ජිමහල්ලකා, තෙ සක්කරොන්ති ගරුකරොන්ති1 මානෙන්ති පූජෙන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤන්තීති?”

“අනඳයෙනි, වැදෑ රජුන් අතුරෙහි යම් මහළු වැදෑ කෙනෙක් වෙත් නම්, වැදෑ රජුහු ඔවුනට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙත්, ඔවුන් බස් ඇසිය යුතු කොට සිතත් යැයි මෙය තොප විසින් අසන ලදද?”‍‍

“සුතම්මෙතං භන්තෙ, වජ්ජී යෙ තෙ වජ්ජීනං වජ්ජිමහල්ලකා, තෙ සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤන්තී”ති.

“වහන්ස, වැදෑ රජුන් අතුරෙහි යම් මහළු වැදෑ කෙනෙක් වෙත් නම්, වැදෑරජුහු ඔවුනට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙත්, ඔවුන් බස් ඇසිය යුතු කොට සිතත් යැයි මෙය මා විසින් අසන ලදි.”

“යාවකීවඤ්ච ආනන්ද, වජ්ජී යෙ තෙ වජ්ජීනං වජ්ජිමහල්ලකා, තෙ සක්කරිස්සන්ති ගරුකරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤිස්සන්ති, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානි.” (4)

“අනඳයෙනි, යම් තාක් වැදෑ රජුහු සිය මහළු වැදෑවනට සත්කාර ගුරුකාර මානන පූජන කරන්නාහු නම්, ඔවුන් බස් ඇසිය යුතු කොට සිතන්නාහු නම්, ඒ තාක් අනඳයෙනි, වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.”‍‍ (4)

“කින්ති තෙ ආනන්ද, සුතං: “වජ්ජී යා තා කුලිත්ථියො කුලකුමාරියො තා න ඔක්කස්ස පසය්හ වාසෙන්තී?”ති.

“අනඳයෙනි, යම් කුලවමියෝ කුලදැරියෝ වෙත් ද, වැදෑ රජුහු ඔවුන් ඇදැගෙන ගොස් බලාත්කාරයෙන් තමන් කෙරෙහි නො වස්වත් යැයි මෙය තොප විසින් අසන ලද ද?”‍‍‍

“සුතම්මෙතං භන්තෙ, වජ්ජී යා තා කුලිත්ථියො කුලකුමාරියො, තා න ඔක්කස්ස පසය්හ වාසෙන්තී”ති.

“වහන්ස, යම් කුලවමියෝ කුලදැරියෝ වෙත් නම්, වැදෑ රජුහු ඔවුන් ඇදැගෙන ගොස් බලාත්කාරයෙන් තමන් කෙරෙහි නො වස්වත් යැයි මෙය මා විසින් අසන ලදි.”

“යාවකීවඤ්ච ආනන්ද, වජ්ජී යා තා කුලිත්ථියො කුලකුමාරියො, තා න ඔක්කස්ස පසය්හ වාසෙස්සන්ති, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානි. (5)

“අනඳයෙනි, යම් තාක් වැදෑරජුහු කුලවමියන් කුලදැරියන් ඇදැ ගෙන ගොස් බලාත්කාරයෙන් තමන් වෙතැ නො වස්වන්නාහු ද, ඒ තාක් ම අනඳයෙනි, වැදෑවනට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සියැ යුතු.” (5)

“කින්ති තෙ ආනන්ද, සුතං: වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචෙතියානි අබ්භන්තරානි චෙව බාහිරානි ච, තානි සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, තෙසඤ්ච දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නො පරිහාපෙන්තීති?”

“අනඳයෙනි, නුවර ඇතුළත ද පිටත ද වැදැ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, වැදෑහු එයට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙත්, එයට දුන් විරූ, කළ විරූ දැහැමි බිලියම් නො පිරිහෙළත් යැයි මෙය තොප විසින් අසන ලද ද?”

“සුතම්මෙතං භන්තෙ, වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචෙතියානි අබ්භන්තරානි චෙව බාහිරානි ච, තානි සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, තෙසඤ්ච දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නො පරිහාපෙන‍්තී”ති.

“වහන්ස, නුවර ඇතුළත ද බැහැර ද වැදෑ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, වැදෑ රජුහු එයට සත්කාර ගුරුකාර බුහුමාන පූජා කෙරෙත්, එයට දුන් විරූ කළ විරූ, දැහැමි බිලියම් නො පිරිහෙළත් යැයි මෙය මා විසින් අසන ලදි.”

“යාවකීවඤ්ච ආනන්ද, වජ්ජී යානි තානි වජ‍්ජීනං වජ්ජිචෙතියානි අබ්භන්තරානි චෙව බාහිරානි ච, තානි සක්කරිස්සන්ති ගරුකරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්ති, තෙසඤ්ච දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නො පරිහාපෙස්සන්ති, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානි.” (6)

“අනඳයෙනි, නුවර ඇතුළතත් බැහැරත් වැදෑ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, එයට වැදෑ රජුහු යම් තාක් සත්කාර බහුමාන පූජා කරන්නාහු නම්, එයට දුන් විරූ දැහැමි බලි නො පිරිහෙලන්නාහු නම්, ඒ තාක් ම වැදෑවනට වැඩිම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ඇවෙක්සිය යුතු” (6)

“කින්ති තෙ ආනන්ද, සුතං: වජ්ජීනං අරහන්තෙසු ධම්මිකා රක්ඛාවරණගුත්ති සුසංවිහිතා: කින්ති අනාගතා ච අරහන්තො විජිතං ආගච්ඡෙය්යුං, ආගතා ච අරහන්තො විජිතෙ ඵාසුං1 විහරෙය්යුන්ති?”

“අනඳයෙනි, ‘කෙසේ නම් සිය රටට නොආ රහත්හු එන්නාහු ද, ආ රහත්හුත් සිය රටෙහි පහසුවෙන් වසන්නාහු දැ’ යි වැදෑ රජුන් විසින් රහතුන් කෙරෙහි (මහණබමුණන් කෙරෙහි) දැහැමි රකවළ මොනොවට පිහිටුවන ලද යැයි තොප විසින් මෙය අසන ලද ද?”

“සුතම්මෙතං භන්තෙ වජ්ජීනං අරහන්තෙසු ධම්මිකා රක්ඛාවරණගුත්ති සුසංවිහිතා: කින්ති අනාගතා ච අරහන්තො විජිතං ආගච්ඡෙය්යුං, ආගතා ච අරහන්තො විජිතෙ ඵාසුං විහරෙය්යුන්ති.”

“වහන්ස, ‘කෙසේ නම් සිය රටට නොආ රහත්හු එන්නාහු ද, ආ රහත්හුත් සිය රටෙහි පහසු සේ වසන්නාහු දැ’ යි වැදෑ රජුන් විසින් රහතුන් කෙරෙහි (මහණබමුණන් කෙරෙහි) දැහැමි රකවළ මොනොවට පිහිටුවන ලදුයේ යැයි මෙය මා විසින් අසන ලදි.”

“යාවකීවඤ්ච ආනන්ද, වජ්ජීනං අරහන්තෙසු ධම්මිකා රක්ඛාවරණගුත්ති සුසංවිහිතා භවිස්සන්ති: කින්ති අනාගතා ච අරහන්තො විජිතං ආගච්ඡෙය්යුං, ආගතා ච අරහන්තො විජිතෙ ඵාසුං විහරෙය්යුන්ති, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානී’ති.” (7)

“අනඳයෙනි, යම් තාක් සිය රටට නොආ රහත්හු ‘කෙසේ නම් එන්නාහු දැ යි, ආ රහත්හු කෙසේ නම් පහසු සේ වසන්නාහු දැ’ යි, වැදෑ රජුන් විසින් රහතුන් කෙරෙහි දැහැමි රකවළ මොනොවට පිහිටුවන ලද්දේ වන්නේ ද, අනඳයෙනි, ඒතාක් ම වැදෑවනට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.” (7)

5. අථ ඛො භගවා වස්සකාරං බ්රාහ්මණං මගධමහාමත්තං ආමන්තෙසි: “එකමිදාහං බ්රාහ්මණ සමයං වෙසාලියං විහරාමි සාරන්දදෙ චෙතියෙ. තත්රාහං වජ්ජීනං ඉමෙ සත්ත අපරිහානියෙ ධම්මෙ දෙසෙසිං. යාවකීවඤ්ච බ්රාහ්මණ, ඉමෙ සත්ත අපරිහානියා ධම්මා වජ්ජීසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානියෙසු ධම්මෙසු වජ්ජී සන්දිස්සිස්සන්ති, වුද්ධියෙව බ්රාහ්මණ, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානී”ති.

5. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මගද මහමැති වස්සකාර බමුණා අමතා, “බමුණ, එක් සමයෙක මම් විසල්පුරැ සාරන්දද චෛත්‍ය විහාරයෙහි විසීමි. එහිදී මම් වැදෑ රජුනට මේ අපරිහානිය දහම් සත දෙසීමි. බමුණ, යම්තාක් කල් මේ සත් අපරිහානිය දහම්හු වැදෑවන් කෙරෙහි සිටින්නාහු ද, වැදෑවෝ මේ සත් අපරිහානිය දහම්හි (සිටියාහු) දක්නා ලැබෙත් ද, බමුණ, ඒ තාක් ම වැදෑවනට වැඩීම ම අවෙක්සිය යුතු, පිරිහීම නො ම අවෙක්සිය යුතු’ යැ යි (මෙයින් වජ්ජීන්ගේ විනාශය කල් යන බව දැන) වදාළ සේක.

[ඉති වජ්ජීනං සත්ත අපරිහානියා ධම්මා.]

1. මේ වජ්ජීන් පිළිබඳ අපරිහානිය දහම් සතය

6. එවං වුත්තෙ වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො භගවන්තං එතදවොච: එකමෙකෙනාපි භො ගොතම, අපරිහානියෙන ධම්මෙන සමන්නාගතානං වජ්ජීනං වුද්ධියෙව පාටිකඞ්ඛා නො පරිහානි, කො පන වාදො සත්තහි අපරිහානියෙහි ධම්මෙහි, අකරණීයා’ව, භො ගොතම වජ්ජී රඤ්ඤා මාගධෙන අජාතසත්තුනා වෙදෙහිපුත්තෙන යදිදං යුද්ධස්ස, අඤ්ඤත්ර උපලාපනාය අඤ්ඤත්ර මිථුභෙදා2.

6. “මෙසේ (වජ්ජීන් කෙරෙහි අනුකම්පාවෙන්) වදාළ කලැ (මෙයින් වජ්ජීනාසයට ක්‍රමයක් සිතාගත්) මගද මහමැති වස්සකාර බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට “භවද් ගෞතමයෙනි, මේ එක් එක් අපරිහානිය දහමෙකිනුදු යුත් වූ වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. අපරිහානිය දහම් සතෙකින් යුත් වූ කලැ කියනුම කවර යැ. භවද් ගෞතමයෙනි, වෛදේභීපුත්‍ර මගධාධිපති අජාසත් රජුහු විසින් වැදෑරජුහු සිත්ගැන්මෙන් හෝ උනුන් බිඳුවාලීමෙන් හෝ විනා යුද්ධයෙකින් වූ කලී ගත නො හැක්කාහු ම ය.

“හන්ද ච’දානි මයං භො ගොතම, ගච්ඡාම, බහුකිච්චා මයං බහුකරණීයා”ති.

‘භවද් ගෞතමයෙනි, දැන් අපි යම්හ. අපි බොහෝ කෘත්‍ය ඇත්තම්හ’ යි කී ය.

“යස්ස’දානි ත්වං බ්රාහ්මණ, කාලං මඤ්ඤසී”ති.

“බමුණ, යම් ගමනකට සිතහි නම්, මේ එයට කලැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි.

ඉක්බිත්තෙන් මගද මහමැති වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන (සිතින් නොව වචනයෙන්) අනුමෝදන් ව හුනස්නෙන් නැගී නික්මැ ගියේ ය.

7. අථ ඛො භගවා අචීරපක්කන්තෙ වස්සකාරෙ බ්රාහ්මණෙ මගධමහාමත්තෙ ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ගච්ඡ ත්වං ආනන්ද, යාවතිකා භික්ඛූ රාජගහං උපනිස්සාය විහරන්ති, තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙහී”ති.

7. මගද මහමැති වස්සකාර බමුණා නික්මැ ගිය නොබෝ වේලායෙහි භාග්‍යවතුන් වහන්සේ අනඳතෙරුන් බණවා, “අනඳයෙනි, තෙපි යවු. යම් පමණ මහණහු රජගහ නුවර නිසා වෙසෙත් නම්, ඒ හැම උවටන්හලට එක්රැස් කරවු” යැ යි වදාළ සේක.

‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා යාවතිකා භික්ඛූ රාජගහං උපනිස්සාය විහරන්ති, තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “සන්නිපාතිතො1 භන්තෙ භික්ඛුසඞ්ඝො. යස්ස’දානි භන්තෙ භගවා කාලං මඤ්ඤතී”ති.

‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් දී රජගහනුවර නිසා වසන තාක් සියලු මහණුන් උවටන්හලැ රැස් කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ වැඳැ පසෙක සිටියහ. පසෙක සිටියා වූ අනඳ තෙරණුවෝ “වහන්ස, යමකට භාග්‍යවතුන් වහන්සේ දැන් කලැයි සිතන සේක් නම්, දැන් ඒ භික්‍ෂුසඞ්ඝසන්නිපාතය කරන ලදැ” යි සැළ කළහ.

[1. භික්ඛූනං සත්ත අපරිහානියා ධම්මා:]

[1. භික්ඛූනං සත්ත අපරිහානියා ධම්මා:]

8. අථ ඛො භගවා උට්ඨායාසනා යෙන උපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි “සත්ත වො භික්ඛවෙ, අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී”ති. ‘එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:

8. එකල්හි භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී උවටැන්හල කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නැ වැඩහුන් සේක. වැඩහිඳ භික්‍ෂූන් අමතා ‘මහණෙනි, තොපට සත් අපරිහානි දහම් දෙසන්නෙමි. එය අසවු, මොනොවට සිත්හි දරවු, කියන්නෙමි’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූ හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

“යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ අභිණ්හසන්නිපාතා සන්නිපාතබහුලා භවිස්සන්ති, වුද්ධියෙව භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (1)

“මහණෙනි, යම්තාක් මහණහු එක්වන් රැස්වන්නාහු, රැස්වීම් බහුල කොටැත්තෝ වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (1)

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ සමග්ගා සන්නිපතිස්සන්ති, සමග්ගා වුට්ඨහිස්සන්ති, සමග්ගා සඞ්ඝකරණීයානි කරිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (2)

මහණෙනි, යම්තාක් මහණහු සමග වැ රැස් වන්නාහු ද, සමග වැ නැගී සිටින්නාහු ද, සමග ව සංඝකාර්ය කරන්නාහු ද, මහ‍ණෙනි, ඒ තාක් මහණනුට වැඩීම ම ඇවෙක්සියැ යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (2)

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ අපඤ්ඤත්තං න පඤ්ඤපෙස්සන්ති2, පඤ්ඤත්තං න සමුච්ඡින්දිස්සන්ති, යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (3)

මහණෙනි, යම්තාක් මහණහු නොපැනැවුණක් නො පනවන්නාහු ද, පැනැවුණු දෑ නො සිඳින්නාහු ද, පැනැවූ තාක් සිකපද සමාදන් ව ගෙන පවත්නාහු ද, ඒතාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (3)

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා3, තෙ සක්කරිස්සන්ති ගරුකරිස්සන්ති4 මානෙස්සන්ති පූජෙස්සන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤිස්සන්ති, වුද්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (4)

මහණෙනි, චිරරාත්‍රඥ වූ, පැවිදි වූ බොහෝ කල් ඇති, සඞ්ඝපිතෘ වූ, සඞ්ඝපරිනායක වූ යම් තෙරහු වෙත් ද, ඔවුනට මහණහු යම්තාක් සත්කාර කරන්නාහු ද, ගරුකාර කරන්නාහු ද, බුහුමන් කරන්නාහු ද, ඔවුන් පුදන්නාහු ද, ඔවුන් බස ඇසියැ යුතු කොට සිතන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුනට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (4)

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ උප්පන්නාය තණ්හාය පොනොභවිකාය න වසං ගච්ඡන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (5)

මහණෙනි, යම්තාක් කල් මහණහු පුනර්භවය පිණිස පවත්නා, තමන් කෙරෙහි උපන් තෘෂ්ණාවගේ වශයට නො යෙත් ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (5)

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ ආරඤ්ඤකෙසු සෙනාසනෙසු සාපෙක්ඛා භවිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (6)

මහණෙනි, මහණහු යම් තාක් වන සෙනසුන්හි අපේක්‍ෂාසහිත වන්නාහු ද, ඒ තාක් මහණුනට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (6)

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ පච්චත්තඤ්ඤෙව සතිං උපට්ඨපෙස්සන්ති1, ‘කින්ති අනාගතා ච පෙසලා සබ්රහ්මචාරී ආගච්ඡෙය්යුං, ආගතා ච පෙසලා සබ්රහ්මචාරී ඵාසුං විහරෙය්යුන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (7)

මහණෙනි, යම්තාක් මහණහු ‘කෙසේ නම් (තමන් සෙනස්නට) නොආ ප්‍රියශීල සබ්රම්සරුහු එන්නාහු ද, ආ ප්‍රියශීල සබ්රම්සරුහු සැප සේ වසන්නාහු දැ’ යි තමන් තමන් කෙරෙහි ම සිහිය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු‍. (7)

යාවකීවඤ්ච භික්ඛවෙ, ඉමෙ සත්ත අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානියෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි.

මහණෙනි, යම් තාක් මේ සත් අපරිහානි ධර්මයෝ මහණුන් කෙරෙහි සිටින්නාහු ද, මහණහු මේ අපරිහානිය ධර්ම සතෙහි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.

[2. අපරෙපි භික්ඛූනං සත්ත අපරිහානියා ධම්මා:]

2. අනෙකුදු අපරිහානිය දහම් සතක්

9. අපරෙ පි වො භික්ඛවෙ, සත්ත අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:

9. මහණෙනි, තොපට අන් අපරිහානිය දහම් සතක් දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න කම්මාරාමා භවිස්සන්ති න කම්මරතා න කම්මාරාමතං අනුයුත්තා, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (1)

මහණෙනි, මහණහු යම්තාක් කර්මාරාම (උද්දේසාදි‍ය හැර සිවුරු කිරීම් ආදි කටයුත්තෙහි පමණක් ම යෙදුණෝ) නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු. (1)

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න භස්සාරාමා භවිස්සන්ති න භස්සරතා න භස්සාරාමතං අනුයුත්තා, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (2)

මහණෙනි, යම් තාක් මහණහු භස්සාරාම (ස්ත්‍රීපුරුෂවර්ණනාදිකථායෙහි, කෙළිකවට බස්හි යෙදුණෝ) නොවන්නාහු ද, භස්සරත නො වන්නාහුද, මහණෙනි, ඒ තාක් මහණනුට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (2)

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න නිද්දාරාමා භවිස්සන්ති න නිද‍්දාරතා න නිද්දාරාමතං අනුයුත්තා, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (3)

මහණෙනි, යම්තාක් මහණහු නිද්‍රාරාම (නින්දෙහි බෙහෙවින් යෙදුණෝ) නො වන්නාහු ද, නිද්‍රාරත නො වන්නාහු ද, නිද්‍රාරාමතායෙහි යෙදුණෝ නො වන්නා හු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ඇවෙක්සිය යුතු. (3)

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න සඞ්ගණිකාරාමා භවිස්සන්ති න සඞ්ගණිකරතා න සඞ්ගණිකාරාමතං අනුයුත්තා, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (4)

මහණෙනි, යම් තාක් මහණහු ගණසඞ්ගණිකාරාම (බොහෝ දෙනා හා එක් වැ විසීමේ යෙදුණෝ) නො වෙත් ද, ගණසඞ්ගණිකායෙහි ඇලුණෝ නො වෙත් ද, ගණසඞ්ඝණිකාරාම බව්හි යෙදුණෝ නො වෙත් ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (4)

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න පාපිච්ඡා භවිස්සන්ති න පාපිකානං ඉච්ඡානං වසං ගතා, වුද්ධියෙව භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (5)

මහණෙනි, යම් තාක් මහණහු පාපිච්ඡ (ලාමක ඊප්සා ඇත්තෝ) නො වන්නාහු ද, ලාමක ඊප්සාවනට වසඟ නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (5)

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න පාපමිත්තා භවිස්සන්ති න පාපසහායා න පාපසම්පවඞ්කා, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (6)

මහණෙනි, යම් තාක් මහණහු පාපමිත්‍රයන් ඇත්තෝ නො වන්නාහු ද, පාප සහායයන් ඇත්තෝ නො වන්නාහු ද, පාපයනට නැමුණෝ නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (6)

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න ඔරමත්තකෙන විසෙසාධිගමෙන අන්තරා වොසානං ආපජ්ජිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (7)

මහණෙනි, මහණහු යම් තාක් අල්පමාත්‍ර වූ විශේෂාධිගමයෙන් (රහත්බවට වො පැමිණ) අතරැ නිමියා වූ කෘත්‍ය ඇති බවට (ධ්‍යානාදී අල්පමාත්‍රලාභයෙන් තෘප්තියට) නො පැමිණෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (7)

යාවකීවඤ්ච භික්ඛවෙ, ඉමෙ සත්ත අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානියෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි.

මහණෙනි, යම් තාක් මේ සත් අපරිහානිය ධර්මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මේ සත් අපරිහානිය ධර්මයන්හි මහණහු දක්නා ලැබෙන්නාහ ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.

[3. අපරෙපි සත්ත අපරිහානියා ධම්මා:]

3. අනෙකුදු අපරිහානිය දහම් සතක්

10. අපරෙපි වො භික්ඛවෙ, සත්ත අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී ති. ‘එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:

10. මහණෙනි, තොපට අන් අපරිහානිය ධර්ම සතක් ද දෙසන්නෙමි. එය අසවු. මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛු සද්ධා භවිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි. යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ හිරිමන භවිස්සන්ති, -පෙ- ඔත්තප්පී භවිස්සන්ති, -පෙ- බහුස්සුතා භවිස්සන්ති, -පෙ- ආරද්ධවිරියා භවිස්සන්ති, -පෙ- උපට්ඨිතසතී භවිස්සන්ති, -පෙ- පඤ්ඤවන්තො භවිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.

මහණෙනි, යම්තාක් මහණහු සැදැහැ ඇත්තෝ වන්නාහු ද, මහණෙනි, ඒතාක් ම මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. මහණෙනි, යම්තාක් මහණහු පවට පිළිකුල් සිතැතියෝ වන්නාහු ද … පවට බිය ඇත්තෝ වන්නාහු ද ... බොහෝ ඇසූ පිරු තැන් ඇතියෝ වන්නාහු ද, ... ඇරැඹූ වැර ඇතියෝ වන්නාහු ද ... එළැඹැ සිටි සිහි ඇතියෝ වන්නාහු ද, ... ප්‍රඥා ඇතියෝ වන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.

යාවකීවඤ්ච භික්ඛවෙ, ඉමෙ සත්ත අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානියෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව, භික්ඛවෙ භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.

මහණෙනි, යම්තාක් මෙ කී සත් අපරිහානිය ධර්මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ සත් අපරිහානිය ධර්ම කෙරෙහි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.

[4. අපරෙපි සත්ත අපරිහානියා ධම්මා:]

4. අනෙකුදු අපරිහානිය දහම් සතක්

11. අපරෙපි වො භික්ඛවෙ, සත්ත අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි, තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී ති. ‘එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:

11. මහණෙනි, තොපට අන් අපරිහානිය දහම් සතක් ද දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති, -පෙ- ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති, -පෙ- විරියසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති, -පෙ- පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති, -පෙ- පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති, -පෙ- සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති, -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.

මහණෙනි, යම්තාක් මහණහු සතිසම්බොජ්ඤඞ්ගය වඩන්නාහු ද ... ධම්මවිචයසම්බොජ්ඤඞ්ගය වඩන්නාහු ද ... විරියසම්බොජ්ඤඞ්ගය වඩන්නාහු ද ... පීතිසම්බොජ්ඤඞ්ගය වඩන්නාහු ද ... පස්සද්ධිසම්බොජ්ඤඞ්ගය වඩන්නාහු ද ... සමාධිසම්බොජ්ඤඞ්ගය වඩන්නාහු ද ... උපේක්ඛාසම්බොජ්ඤඞ්ගය වඩන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.

යාවකීවඤ්ච භික්ඛවෙ, ඉමෙ සත්ත අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානියෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.

මහණෙනි, යම්තාක් මේ සත් අපරිහානිය ධර්මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ සත් අපරිහානිය ධර්මයන්හි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීමක් නො ම ඇවෙක්සිය යුතු.

[5. අපරෙපි සත්ත අපරිහානියා ධම්මා:]

5. අනෙකුදු අපරිහානිය දහම් සතක්

12. අපරෙපි වො භික්ඛවෙ, සත්ත අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී’ති. ‘එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:

12. මහණෙනි, තොපට අන් අපරිහානිය දහම් සතක් ද දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ අනිච්චසඤ්ඤං භාවෙස්සන්ති -පෙ- අනත්තසඤ්ඤං භාවෙස්සන්ති -පෙ- අසුභසඤ්ඤං භාවෙස්සන්ති -පෙ- ආදීනවසඤ්ඤං භාවෙස්සන්ති -පෙ- පහානසඤ්ඤං භාවෙස්සන්ති -පෙ- විරාගසඤ්ඤං භාවෙස්සන්ති -පෙ- නිරොධසඤ්ඤං භාවෙස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි:

මහණෙනි, මහණහු යම්තාක් අනිත්‍යසංඥාව වඩන්නාහු ද … අනාත්මසංඥාව වඩන්නාහු ද ... අශුභසංඥාව වඩන්නාහු ද ... ආදීනව සංඥාව වඩන්නාහු ද ... ප්‍රහාණසංඥාව වඩන්නාහු ද ... විරාගසංඥාව වඩන්නාහු ද ... නිරෝධසංඥාව වඩන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.

යාවකීවඤ්ච භික්ඛවෙ, ඉමෙ සත්ත අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානියෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.

මහණෙනි, යම්තාක් මේ සත් අපරිහානිය ධර්මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ සත් අපරිහානිය ධර්මයන්හි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.

[6. අපරෙපි ඡ අපරිහානියා ධම්මා:]

6. අනෙක් අපරිහානිය දහම් සයක්

13. අපරෙ භික්ඛවෙ, ඡ අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී’ති. ‘එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:

13. මහණෙනි, අන් අපරිහානිය ධර්ම සයක් දෙසන්නෙමි. එය අසවු. මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිලිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ මෙත්තං කායකම්මං පච්චුපට්ඨාපෙස්සන්ති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි. (1)

මහණෙනි, මහණහු යම්තාක් සබ්රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නොහමුයෙහිත් මෛත්‍රීමය කායකර්මය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (1)

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ මෙත්තං වචීකම්මං පච්චුපට්ඨාපෙස්සන්ති සබ්රහ්මචාරීසු -පෙ- මෙත්තං මනොකම්මං පච්චුපට්ඨාපෙස්සන්ති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි. (2-3)

මහණෙනි, යම්තාක් මහණහු සබ්රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නොහමුයෙහිත් මෛත්‍රීමය වාක්කර්මය එළවා තබන්නාහු ද ... සබ්රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නොහමුයෙහිත් මෛත්‍රීමය මනඃකර්මය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (2 - 3)

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ යෙ තෙ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි, තථාරූපෙහි ලාභෙහි අප්පටිවිභත්තභොගී1 භවිස්සන්ති සීලවන්තෙහි සබ්රහ්මචාරීහි සාධාරණභොගී, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි. (4)

මහණෙනි, යම්තාක් යටත්පිරිසෙයින් පාත්‍රයෙහි ඇතුළත් ආහාර මාත්‍ර වූ දෑ යැ යි දැහැමි වූ දැහැමෙන් ලත් යම් ලාභ කෙනෙක් වෙත් නම්, එබඳු ලාභයන් බෙදා නොදී නො වළඳන්නෝ සිල්වත් සබ්රම්සරුන් හා සාධාරණභෝගී වන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ‍ම ඇවෙක්සිය යුතු පිරිහීම නො ඇවෙක්සිය යුතු. (4)

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤූප්පසත්ථානි1 අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි, තථාරූපෙසු සීලෙසු සීලසාමඤ්ඤගතා විහරිස්සන්ති සබ්රහ්මචාරීහි ආවී චෙව රහො ච, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි. (5)

මහණෙනි, නොකඩ වූ නොසිදුරු වූ සබල නොවූ, නොකැලැල් වූ තෘෂ්ණාදාසත්වයෙන් මිදුණා වූ, පැණවතුන් විසින් පසස්නා ලද්දා වූ, තෘෂ්ණාදෘෂ්ටීන් අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා වූ යම් සිල් කෙනෙක් වෙත් ද, එබඳු ශීලයන්හි සබ්රම්සරුන් හා හමුයෙහිත් නොහමුයෙහිත් යම්තාක් ශීලසාමාන්‍යගත වැ (ශීලයෙන් සමාන බවට පැමිණ) වාස කරන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (5)

යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූනං යායං දිට්ඨි අරියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මාදුක්ඛක්ඛයාය, තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතා විහරිස්සන්ති සබ්රහ්මචාරීහි ආවී චෙව රහො ච භික්ඛවෙ, වුද්ධියෙව භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි. (6)

මහණෙනි, ආර්ය වූ (නිදොස් වූ) නෛර්යාණික වූ යම් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, යමෙක් තථාකාරී වූවහුගේ සියලු දුක් නැසීමට යේ ද, මහණහු යම්තාක් එසේ වූ දෘෂ්ටියෙන් සබරම්සරුන් හා හමුයේත් නො හමුයේත් දෘෂ්ටිසාමාන්‍යගත වැ (සම්දිටුයෙන් සමාන බවට පැමිණ) වසන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (6)

යාවකීවඤ්ච භික්ඛවෙ, ඉමෙ ඡ අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමෙසු ච ඡසු අපරිහානියෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානී’ති.

මහණෙනි, යම්තාක් මේ අපරිහානිය ධර්ම සදෙන මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ අපරිහානිය ධර්ම සයෙහි දක්නා ලැබෙන්නාහු ද, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.

[භික්ඛූනං ධම්මීකථා:]

භික්‍ෂූනට දෙසූ දැහැමි කථා:

14. තත්ර සුදං භගවා රාජගහෙ විහරන්තො ගිජ්ඣකූටෙ පබ්බතෙ එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්යථිදං2: කාමාසවා භවාසවා3 අවිජ්ජාසවා”ති.

14. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහ නුවරැ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක් “සිල් මෙබඳු ය, සමාධිය මෙබඳු ය, ප්‍රඥාව මෙබඳු ය. ශීලයෙන් වඩන ලද සමාධිය මහත්පල ඇත්තේ මහත් අනුසස් ඇත්තේ වේ. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත් පල ඇති වේ. මහත් අනුසස් ඇති වේ. ප්‍රඥායෙන් වඩන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මොනොවට මිදේ” යැ යි ශීලසමාධි ආදි වූ මේ දැහැමි කතාව ම බහුල කොට වදාරන සේක.

15. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ආයාමානන්ද, යෙන අම්බලට්ඨිකා තෙනුපසඞ්කමිස්සාමාති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන අම්බලට්ඨිකා තදවසරි. තත්ර සුදං භගවා අම්බලට්ඨිකායං විහරති රාජාගාරකෙ. තත්රපි සුදං4 භගවා අම්බලට්ඨිකායං විහරන්තො රාජාගාරකෙ එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්යථිදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා”ති.

15. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් රජගහ නුවරැ වැස, අනඳ තෙරුන් අමතා “අනඳයෙනි, යම්හ, අඹයැටිඋයන කරා එළැඹෙන්නම්හ” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් මහණමුළුවක් හා අඹයැටිඋයන වෙත එළැඹි සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ අඹයැටි වෙනෙහි රාජාගාරයෙහි වැඩ වසන සේක් - “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් වඩන ලද සමාධිය මහත්පල ඇත්තේ මහත් අනුහස් ඇත්තේ වෙයි. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත්පල ඇත්තේ මහත් අනුහස් ඇත්තේ වෙයි. ප්‍රඥායෙන් පුරුදු කරන ලද චිත්තය කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මොනොවට මිදේ” යැ යි මහණුනට මේ දැහැමි කතාව ම බහුල කොට කරන සේක.

16. අථ ඛො භගවා අම්බලට්ඨිකායං යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ආයාමානන්ද, යෙන නාලන්දා තෙනුපසඞ්කමිස්සාමා’ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන නාලන්දා තදවසරි. තත්ර සුදං භගවා නාලන්දායං විහරති පාවාරිකම්බවනෙ.

16. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අඹයැටියෙහි කැමැති තාක් කල් වැස අනඳතෙරුන් අමතා ‘අනඳයෙනි, එවු, නාලන්‍දාව කරා යම්හ’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුව නාලන්‍ද නුවරට වැඩිසේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දා නුවරැ පාවාරික අඹවෙනෙහි වැඩ වසන සේක.

[සාරිපුත්ත සීහනාදො.]

ශාරීපුත්‍ර සිංහනාදය

17. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: ‘එවං පසන්නො අහං භන්තෙ භගවතී: න චාහු න ච භවිස්සති න චෙතරහි විජ්ජති අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා භගවතා භිය්යො’භිඤ්ඤතරො1 යදිදං සම්බොධියන්ති.” උළාරා ඛො තෙ අයං සාරිපුත්ත, ආසභී වාචා2 භාසිතා, එකංසො ගහිතො, සීහනාදො නදිතො: “එවං පසන්නො අහම්භන්තෙ භගවති: න චාහු න ච භවිස්සති න චෙතරහි විජ්ජති අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා භගවතා භිය්යො’භිඤ්ඤතරො යදිදං සම්බොධියන්ති.”

17. ඒ කල්හි සැරියුත් තෙ‍රණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන්නාවූ සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, සම්බෝධි (රහත්මග නුවණ) නම් වූ යමෙක් ඇද්ද, එයින් භාග්‍යවතුන් වහන්සේට වඩා අහිඥතර වූ (උත්තරීතර ඥානයෙන් යුක්ත වූ) අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඉකුත් කල්හි නො වී ය. මතුත් නො වන්නේ ය. දැනුදු නැතැ යි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම් මෙසේ ප්‍රසන්නයෙමි” යි සැළ කළහ. එවිට “ශාරිපුත්‍රයෙනි, සම්බෝධිඥානයෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා අහිඥතර වූ අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඉකුත් කල්හි නො වී ය, මතුත් නො වන්නේ ය, දැනුදු නැතැ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම් ප්‍රසන්නයෙමි” යි තොප විසින් කියන ලද මේ ශ්‍රෙෂ්ඨ වචනය මහත් ම එකෙක. මෙහි ලා තොප විසින් ඒකාන්තය ගන්නා ලද්දේ ය (ප්‍රත්‍යක්‍ෂඥානයෙන් දැන කීවාක් සේ ඒකාන්ත නිශ්චය කථාවෙක් ම කියන ලද්දේ ය.) සිංහනාදය පවත්‍වන ලද්දේ ය.

කින්තෙ3 සාරිපුත්ත, යෙ තෙ අහෙසුං. අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, සබ්බෙ තෙ භගවන්තො චෙතසා චෙතො පරිච්ච විදිතා: එවංසීලා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංධම්මා - එවංපඤ්ඤා - එවංවිහාරී - එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉති පී ති?

ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, ඉකුත් කලැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු නම්, ඒ භගවත්හු මෙබඳු සිල් ඇත්තෝ වූහ යි කියා ද, ඒ භගවත්හු මෙබඳු දහම් ඇත්තෝ, මෙබඳු ප්‍රඥා ඇත්තෝ, මෙබඳු විහරණ ඇත්තෝ, මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ යි කියාත් ඔබ සිත් තමන් සිතින් පිරිසිඳ ඒ සියලු භගවත්හු තොප විසින් දන්නා ලද්දාහු දැ? යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“නො හෙතං භන්තෙ”.

“වහන්ස, මෙය එසේ නො දන්නා ලද්දේ ම යැ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.

කිම්පන තෙ සාරිපුත්ත, යෙ තෙ භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, සබ්බෙ තෙ භගවන්තො චෙතසා චෙතො පරිච්ච විදිතා: එවංසීලා තෙ භගවන්තො භවිස්සන්ති ඉතිපි, එවංධම්මා - එවම්පඤ්ඤා - එවංවිහාරී - එවංවිමුත්තා තෙ භගවන්තො භවිස්සන්ති ඉති පී ති?

කිමෙක් ද ශාරිපුත්‍රයෙනි, මතු කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වන්නාහු නම්, ඒ භගවත්හු මෙබඳු සිල් ඇත්තෝ වන්නාහ, මෙබඳු දහම් ඇත්තෝ, මෙබඳු ප්‍රඥා ඇත්තෝ, මෙබඳු විහරණ ඇත්තෝ, මෙබඳු විමුක්ති ඇත්තෝ වන්නාහ යි ඔබ සිත් සිය සිතින් පිරිසිඳ ඒ සියලු භගවත්හු තොප විසින් දන්නා ලදහු දැ? යි භාග්‍යවතුන් වහන්සෝ වදාළ සේක.

“නො හෙතං භන්තෙ”.

“වහන්ස, මෙය එසේ නො දන්නා ලදැ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.

කිම්පන තෙ1 සාරිපුත්ත, අහං එතරහි අරහං සම්මාසම්බුද්ධො චෙතසා චෙතො පරිච්ච විදිතො: එවංසීලො භගවා ඉති පි, එවංධම්මො - එවංපඤ්ඤො - එවංවිහාරී - එවංවිමුත්තො භගවා ඉති පී ති?

ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, භගවත් තෙමේ මෙබඳු සිල් ඇත්තේ යැයි ද, භගවත් තෙමේ මෙබඳු දහම් ඇත්තේ ය යි, මෙබඳු ප්‍රඥා ඇත්තේ යැ යි, මෙබඳු විහරණ ඇත්තේ යැ යි, මෙබඳු විමුක්ති ඇත්තේ යැ යි ද කියා මා සිත තොප සිතින් පිරිසිඳ, මෙ කලැ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් තොප විසින් දන්නා ලදුයෙම් දැ? යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“නො හෙතං භන්තෙ”.

“වහන්ස, මෙය එසේ නො ම දන්නා ලදැ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.

එත්ථ හි2 තෙ සාරිපුත්ත, අතීතානාගතපච්චුප්පන්නෙසු අරහන්තෙසු සම්මාසම්බුද්ධෙසු චෙතොපරියඤාණං3 නත්ථි. අථ කිඤ්චරහි තෙ අයං සාරිපුත්ත, උළාරා ආසභී වාචා භාසිතා, එකංසො ගහිතො, සීහනාදො නදිතො: ‘එවං පසන්නො අහං භන්තෙ, භගවති න චාහු න ච භවිස්සති න චෙතරහි විජ්ජති අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා භගවතා4 භිය්‍යො’භිඤ‍්ඤතරො යදිදං සම්බොධියන්ති?”

ශාරිපුත්‍රයෙනි, මෙ කරුණෙහි ලා තොපට අයුඅනාවත්මන් යන තෙකලට අයත් වූ රහත් සම්මාසම්බුදුවරුන් විෂයයෙහි චෙතස්පර්යායඥානයෙක් නැත. ශාරීපුත්‍රයෙනි, එසේ කලැ තොප විසින් “වහන්ස, සම්බෝධියෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා අභිඥතර වූ අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඉකුත් කල්හි නො වී ය, මතු කල්හිත් නො වන්නේ ය, දැනුදු නැතැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ මම් ප්‍රසන්නයෙමි” යි මේ මහත් අභීත වචනය කවර කරුණෙකින් කියන ලද ද? ඒකාන්තය ගන්නා ලද ද? සිංහනාදය පවත්වන ලද දැ?” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

18. න ඛො පනෙතං භන්තෙ, අතීතානාගතපච්චුප්පන්නෙසු අරහන්තෙසු සම්මාසම්බුද්ධෙසු චෙතොපරියඤාණං අත්ථි. අපි ච ඛො මෙ භන්තෙ ධම්මන්වයො විදිතො:

18. “වහන්ස, අයුඅනාවත්මන් යන තෙකලට අයත් රහත් සම්මා සම්බුදුවරුන් විෂයයෙහි චෙතස්පර්යාය ඥානයෙක් මට නැත. එතෙකුදු වූවත් ධර්මාන්වයය (සර්වඥතාඥානදිධර්ම පිළිබඳ අනුබෝධ ඥානය) මා විසින් ලබන ලද්දේ ය.

සෙය්යථාපි භන්තෙ, රඤ්ඤො පච්චන්තිමං නගරං දළ්හුද්දාපං5 දළ්හපාකාරතොරණං එකද්වාරං, තත්රස්ස දොවාරිකො පණ්ඩිතො බ්යත්තො මෙධාවී අඤ්ඤාතානං6 නිවාරෙතා ඤාතානං පවෙසෙතා. සො තස්ස නගරස‍්ස සාමන්තා7 අනුපරියායපථං8 අනුක්කමමානො න පස්සෙය්ය පාකාරසන්ධිං වා පාකාරවිවරං වා අන්තමසො බිළාරනිස්සක්කනමත්තම්පි,9 තස්ස එවමස්ස: යෙ කෙචි ඔළාරිකා පාණා ඉමං නගරං පවිසන්ති වා නික්ඛමන්ති වා සබ්බෙ තෙ ඉමිනා’ව ද්වාරෙන පවිසන්ති වා නික්ඛමන්ති වා’ති, එවමෙව ඛො මෙ භන්තෙ, ධම්මන්වයො විදිතො: යෙ තෙ භන්තෙ, අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, සබ්බෙ තෙ භගවන්තො පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, චතුසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තා, සත්තසම්බොජ්ඣඞ්ගෙ10 යථාභූතං භාවෙත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣිංසු, යෙපි තෙ භන්තෙ, භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධො, සබ්බෙ තෙ භගවන්තො පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, චතූසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තා, සත්තසම්බොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣිස්සන්ති, භගවා’පි භන්තෙ, එතරහි අරහං සම්මාසම්බුද්ධො පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, චතූසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තො, සත්තසම්බොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති,

වහන්ස, යම්සේ තර වූ පවුරුපා ඇති, දැඩි වූ පවුරු හා තොරණ ඇති, එක් ම දොරක් ඇති පසල් නුවරෙක් වේ ද, පණ්ඩිත වූ කීමෙහි බිණීමෙහි හුරුබුහුටි වූ, තැනට නිසි නුවණ ඇති, තමා නො දන්නවුන් නුවරට එනු නොදී වළක්වාලන, දන්නවුන් නුවරට පිවිස්වන දොරොටුපල්ලෙක් වන්නේ ද, හෙතෙම නුවර පවුරුමගැ හැවිදුනේ, යටත් පිරිසෙයින් බළලකුට නික්මිය හැකි තරම් වූ ප්‍රාකාරසන්ධියක් (ගඩොල් බැම්ම ඇද හැලුණු තැනක්) හෝ පවුරැ සිදුරු වූ තැනක් හෝ නො දක්නේ ද, ඔහුට ‘යම් මහත් සිරුර ඇති සත්ත්ව කෙනෙක් මෙ නුවර වදිත් හෝ මෙයින් නික්මෙත් හෝ ඒ සියල්ලෝ ම මේ මහ වහසල්දොරින් ම පිවිසෙන්නාහු හෝ නික්මෙන්නාහු හෝ වෙති’ යි මෙසේ සිතෙක් වන්නේ ද, වහන්ස, එ පරිද්දෙන් ම ‘ඉකුත් කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද, ඒ සියලු භගවත්හු සිත කෙලෙසන, ප්‍රඥාව දුබල කරන පස් වීවරණයන් පහ කොට, සතර සීවටන්හි මොනොවට පිහිටි සිත් ඇති ව, සත් සම්බොධ්‍යඞ්ගයන් තත් වූ පරිදි බවා නිරුත්තර සම්‍යක්සම්බෝධිය සමධිගත කළහ. වහන්ස, මතු කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වන්නාහු නම්, ඒ සියලු භගවත්හු සිත කෙලෙසන, ප්‍රඥාව දුබල කරන පංච නීවරණයන් පහ කොට, සතර සීවටන්හි මොනොවට පිහිටි සිතැත්තාහු, සත් සම්බොදහ තත් වූ පරිදි වඩා, නිරුත්තර සම්‍යක්සම්බෝධිය සමධිගත කරන්නාහ. වහන්ස, මෙ සමයෙහි රහත් සම්මාසම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ ද සිත කෙලෙසන නුවණ දුබල කරන පංච නීවරණයන් පහ කොට, සතර සීවටන්හි මොනොවට පිහිටි සිතැති සේක්, තත් වූ පරිදි සත් සම්බොදඟ වඩා නිරුත්තර සම්‍යක්සම්බෝධිය සමධි ගතකළ සේකැ යි මා විසින් ධර්මානුබෝධය ලබන ලද්දේ යැ” යි සැරියුත් තෙරණුවෝ කීහ.

19. තත්රපි සුදං භගවා නාලන්දායං විහරන්තො පාවාරිකම්බවනෙ එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො: සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්යථිදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා”ති,

19. එසමයෙහි ද භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවරැ පාවාරික අඹවෙනෙහි වැඩ වසන සේක්, “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් වඩන ලද සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ වේ. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ වේ. ප්‍රඥායෙන් වඩන ලද සිත කාමස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන සියලු ආස්‍රව කෙරෙන් මොනොවට මිදේ” යැ යි භික්‍ෂූනට බෙහෙවින් මේ දැහැමි කතාව ම කරන සේක.

20. අථ ඛො භගවා නාලන්දායං යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ආයාමානන්ද, යෙන පාටලිගාමො තෙනුපසඞ්කමිස්සාමාති. ‘එවං භන්තෙති’ ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන පාටලිගාමො තදවසරි. අස්සොසුං ඛො පාටලිගාමියා උපාසකා ‘භගවා කිර පාටලිගාමං අනුප්පත්තො ති, අථ ඛො පාටලිගාමියා උපාසකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො පාටලිගාමියා උපාසකා භගවන්තං එතදවොචුං: අධිවාසෙතු නො භන්තෙ, භගවා ආවසථාගාරන්ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන,

20. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවරෙහි කැමැති තෙක් කල් වැස අනඳ තෙරුන් අමතා “අනඳයෙනි, එවු, පළොල්ගමට (පාටලිග්‍රාමයට) යම්හ” යි වදාළ සේක. ‘එසේ ය, වහන්ස’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා පළොල්ගමට ‍වැඩි සේක. පළොල්ගම් වැසි උවසුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ පළොල්ගම් වැඩි සේක් ල’ යි ඇසූහ. ඉක්බිති පළොල්ගැමි උවසුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්හ. එක් පසෙක උන්නාවූ පළොල්ගැමි උවසුවෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපගේ ආවාස ගෙය ඉවසා වදාරන සේක් වා’ යි භාග්‍යවතුන් වහන්සේට මෙ බස් කීහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක.

21. අථ ඛො පාටලිගාමියා උපාසකා භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන ආවසථාගාරං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සබ්බසන්ථරිං ආවසථාගාරං සන්ථරිත්වා ආසනානි පඤ්ඤාපෙත්වා උදකමණිකං පතිට්ඨපෙත්වා තෙලප්පදීපං ආරොපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො පාටලිගාමියා උපාසකා භගවන්තං එතදවොචුං: සබ්බසත්ථරිසන්ථතං1 භන්තෙ ආවසථාගාරං, ආසනානි පඤ්ඤත්තානි, උදකමණිකො පතිට්ඨාපිතො, තෙලප්පදීපො ආරොපිතො. යස්ස’දානි භන්තෙ, භගවා කාලං මඤ්ඤතී ති.

21. ඉක්බිති පළොල්ගැමි උවසුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවැසීම දැන හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු ‍කොට නික්මැ ගියහ. ගොස් ආවාස ගෙය හැම බුමුතුරුණු අතුරා, අසුන් පණවා, දියසැළක් තබා, තෙල් පහනක් නංවා, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියහ. එක් පසෙක සිටියාවූ පළොල්ගැමි උවසුවෝ “වහන්ස, ආවාසගෙය හැම බුමුතුරුණින් වසන ලද්දේ ය. අසුන් පණවන ලද්දේ ය. දියසැළෙක් තබන ලද්දේ ය. තෙල් පහනෙක් නැංවිණ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් ගමනකට බලාපොරොත්තු සේක් ද, එයට කල් වේ” යැ යි මෙ බස් කීහ.

22. අථ ඛො භගවා සායණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන ආවසථාගාරං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පාදෙ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා මජ්ඣිමං ථම්භං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි. භික්ඛුසඞ්ඝොපි ඛො පාදෙ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා පච්ඡිමං භිත්තිං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි භගවන්තං යෙව පුරක්ඛත්වා.2 පාටලිගාමියා පි ඛො උපාසකා පාදෙ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා පුරත්ථිමං භිත්තිං නිස්සාය පච්ඡිමාභිමුඛා නිසීදිංසු භගවන්තං යෙව පුරක්ඛත්වා2.

22. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි හැඳ පෙරෙවැ පා සිවුර ගෙන බික්සඟුන් හා අවාස ගෙය කරා වැඩි සේක. වැඩ, පා දෙවැ ආවාස ගෙට පිවිසැ මැදුම් ටැඹ නිසා පෙරදිගට මුහුණ ලා වැඩහුන් සේක. බික්සඟහු ද පා දෙවැ ආවාස ගෙට වැද පැසිම් බිත නිසා පෙරදිගට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳගත්හ. පළොල්ගැමි උවසුවෝ ද පා දෙවැ ආවාස ගෙට වැද පෙර දිගැ බිත නිසා පැසිම් දිගට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳගත්හ.

[පාටලියාගාමියානං උපාසකානං ඔවාදො:]

පළොල්ගම උවසුන්ට අවවාද:

23. අථ ඛො භගවා පාටලිගාමියෙ උපාසකෙ ආමන්තෙසි. පඤ්චිමෙ ගහපතයො, ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා. කතමෙ පඤ්ච:

23. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පළොල්ගැමි උවසුවන් අමතා මෙසේ වදාළ සේක: ගැහැවියනි, දුසිල්හුගේ සිල්විපත්හි මේ දොස් පසෙක. කවර පසෙක් ද?

ඉධ ගහපතයො, දුස්සීලො සීලවිපන්නො පමාදාධිකරණං මහතිං භොගජානිං නිගච්ඡතී. අයං පඨමො ආදීනවො දුස්සීලස්ස සීලං විපත්තියා.

ගැහැවියෙනි, මෙහි සිල්විපන් දුසිල් තෙමේ පමා කරුණෙන් මහත් භෝගහානියට (භෝගයෙන් පිරිහීමට) යෙයි. මේ දුසිල්හු සිල්විපතැ පළමු දොස වෙයි.

පුන චපරං ගහපතයො, දුස්සීලස්ස සීලවිපන්නස්ස පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. අයං දුතියො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.

තවද, ගැහැවියනි, සිල්විපන් දුසිල්හට ලාමක කිත්හ‍‍‍ඬෙක් (අපවාද කථාවෙක්) උස් වැ නැ‍ඟෙයි. මේ දුසිල්හු සිල්විපතැ දෙවෙනි දොස වෙයි.

පුන චපරං ගහපතයො, දුස්සීලො සීලවිපන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, අවිසාරදො උපසඞ්කමති මඞ්කුභූතො. අයං තතියො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.

තව ද ගැහැවි‍යනි, සිල්විපන් දුසිල් තෙම කැත්පිරිස කරා හෝ බමුණු පිරිස කරා හෝ ගැහැවිපිරිස කරා හෝ මහණපිරිස කරා හෝ යම් යම් පිරිසක් කරා එළැඹේ නම්, බිය සැක ඇත්තේ, තෙද නැත්තේ එළැඹෙයි. මේ දුසිල්හු සිල් විපත්හි තෙවැනි දොස ය.

පුන චපරං ගහපතයො, දුස්සීලො සීලවිපන්නො සම්මූළ්හො කාලං කරොති. අයං චතුත්ථො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.

තව ද ගැහැවියෙනි, සිල්විපන් දුසිල් තෙම සිහිමුළා වූයේ කලුරිය කෙරෙයි. මේ දුසිල්හු සිල්විපත්හි සිවුවන දොස ය.

පුන චපරං ගහපතයො, දුස්සීලො සීලවිපන්නො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. අයං පඤ්චමො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.

තව ද ගැහැවියෙනි, සිල්විපන් දුසිල් තෙම කා බුන් මරණින් මතු සුවයෙන් පහ වූ, දුකට කරුණු වූ, විවසවැ පතිත වන තැන වූ නිරයට උත්පත්ති විසින් පැමිණෙයි. මේ දුසිල්හු සිල්විපතැ පස්වන දොස වෙයි.

ඉමෙ ඛො ගහපතයො, පඤ්ච ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා.

ගැහැවියනි, දුසිල්හු සිල්විපත්හි මේ දොස් පස වෙයි.

24. පඤ්චිමෙ ගහපතයො, ආනිසංසා සීලවතො සීලසම්පදාය. කතමෙ පඤ්ච?

24. ගැහැවියනි, සිල්වත්හුගේ සිල්සම්පත්හි මේ අනුසස් පසෙකි. කවර පසෙක් ද?

ඉධ ගහපතයො, සීලවා සීලසම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡති. අයං පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

ගැහැවියෙනි, මෙහි සිල්සපන් සිල්වත් තෙම නොපමා කරුණින් භෝග රැසක් ලබයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි පළමු අනුහස ය.

පුන චපරං ගහපතයො, සීලවතො සීලසම්පන්නස්ස කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. අයං දුතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

තව ද, ගැහැවියනි, සිල්සපන් සිල්වත්හු පිළිබඳ කලණ කිත්හ‍ඬෙක් උස් වැ නැ‍ඟෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි දෙවෙනි අනුහස ය.

පුන චපරං ගහපතයො, සීලවා සීලසම්පන්නා යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො. අයං තතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

තව ද ගැහැවියනි, සිල්සපුව ඇති සිල්වත් තෙමේ කැත්පිරිසක් හෝ බමුණුපිරිසක් හෝ ගැහැවි පිරිසක් හෝ මහණපිරිසක් හෝ යම් යම් පිරිසක් කරා එළැ‍‍ඹේ ද, නොබිය වැ තෙදැති වැ එළැඹෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි තෙවෙනි අනුහස ය.

පුන චපරං ගහපතයො, සීලවා සීලසම්පන්නො අසම්මූළ්හො කාලං කරොති. අයං චතුත්ථො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

තව ද ගැහැවියනි, සිල්සපුව ඇති සිල්වත් තෙමේ සිහි මුළා නොවී කලුරිය කෙරෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි සිවුවන අනුහස ය.

පුන චපරං ගහපතයො, සීලවා සීලසම්පන්නො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. අයං පඤ්චමො ආනිසංසො සීලවතො සීලසම්පදාය.

තව ද ගැහැවියනි, සිල්සපුව ඇති සිල්වත් තෙමේ කාබුන් මරණින් මතු ශෝභන ගති ඇති සග ලොවට යෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි පස්වැනි අනුහස යි.

“ඉමෙ ඛො ගහපතයො, පඤ්ච ආනිසංසා සීලවතො සීලසම්පදායා”ති.

ගැහැවියනි, සිල්වත්හුගේ සිල්සපුයෙහි මේ අනුසස් පස ය.

25. අථ ඛො භගවා පාටලිගාමියෙ උපාසකෙ බහුදෙව රත්තිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උය්යොජෙසි “අභික්කන්තා ඛො ගහපතයො රත්ති, යස්ස’දානි තුම්හෙ කාලං මඤ්ඤථා”ති. ‘එවං භන්තෙ’ති ඛො පාටලිගාමියා උපාසකා භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු. අථ ඛො භගවා අචිරපක්කන්තෙසු පාටලිගාමියෙසු උපාසකෙසු සුඤ්ඤාගාරං පාවිසි.

25. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පළොල්ගැමි උවසුවනට රෑ බොහෝ වේලාවක් දෙලෝ වැඩ දක්වා, දැක්වූ වැඩෙහි සිත් ගන්වා, එහි සිත් තියුණු කොට, එහි (යහපතැ යි) සිත සතුටු කොට, “ගැහැවියෙනි, රැය බොහෝ ඉක්මිණ. යම් ගමනක් යෑ යුතු නම් එයට කල් දනිවු” යි නික්ම යෑමට උද්‍යෝගවත් කළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා ඒ පළොල්ගැමි උවසුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැඟී ඔබ වැඳ පැදකුණු කොට නික්මැ ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පළොල්ගැමි උවසුන් නික්මුණු නොබෝ කල්හි ශුන්‍යාගාරයට පිවිසි සේක.

[පාටලීනගරමාපනං]

පාටලීනගරය මැවීම

26. තෙන ඛො පන සමයෙන සුනීධවස්සකාරා1 මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහාය. තෙන ඛො පන සමයෙන සම්බහුලා දෙවතායො සහස්සසහස්සෙව පාටලිගාමෙ වත්ථූනි පරිගණ්හන්ති. යස්මිං පදෙසෙ මහෙසක්ඛා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, මහෙසක්ඛානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ මජ‍්ඣිමා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, මජ්ඣිමානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ නීචා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, නීචානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං.

26. එ සමයෙහි මගද මහමැති සුනීධ වස්සකාර යන දෙබමුණෝ වැදෑ රජුන් පිළිබහනු පිණිස (වැදෑ රජුන්ගේ) ආයමුඛ (අය ලැබෙන දොරටු පසිඳින පිණිස) පළොල්ගමැ නුවරක් කෙරෙති. එකලැ දහස දහස (වර්ග වශයෙන්) දේවතාවෝ පළොල්ගමැ ගෙවතු තම තමනට වෙන් කොට ගනිත්. යම් පෙදෙසෙක මහ තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් කරන්නට මහ තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක මැදුම් තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් නංවන්නට මැදුම් රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක හීන තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් නංවන්නට හීන තෙද ඇති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ.

27. අද්දසා ඛො භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තා දෙවතායෙ සහස්සසහස්සෙව2 පාටලිගාමෙ වත්ථූනි පරිගණ්හන්තියො. අථ ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: කොනු ඛො3 ආනන්ද, පාටලිගාමෙ නගරං මාපෙන්තී?ති4 “සුනීධවස්සකාරා භන්තෙ, මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහායා”ති.

27. භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්මි පිරිසිදු දිවැසින් පළොල්ගමැ ගෙවතු පිරිසඳ ගන්නා දහස් දහස් ගණන් දේවතාවන් දුටු සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයමැ නැගී සිට අනඳ තෙරුන් අමතා “අනඳයෙනි, කවරහු පළොල්ගමැ නුවරක් කෙරෙද් දැ?” යි අසා වදාළ සේක. “වහන්ස, මගද මහමැති සුනීධ - වස්සකාර යන දෙබමුණෝ වැදෑ රජුන් පිළිබහනුවට පළොල්ගමැ නුවරක් මවති” යි අනඳ තෙරණුවෝ සැළ කළහ.

28. සෙය්යථාපි ආනන්ද, දෙවෙහි තාවතිංසෙහි සද්ධිං මන්තෙත්වා එවමෙව ඛො ආනන්ද, සුනීධවස්සකාරා මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහාය. ඉධාහං ආනන්ද, අද්දසං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සම්බහුලා දෙවතායො සහස්සසහස්සෙව පාටලිගාමෙ වත්ථූනි පරිගණ්හන්තියො. යස්මිං ආනන්ද, පදෙසෙ මහෙසක්ඛා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, මහෙසක්ඛානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ මජ්ඣිමා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, මජ්ඣිමානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ නීචා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, නීචානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යාවතා ආනන්ද, අරියං ආයතනං යාවතා වණිප්පථො1 ඉදං අග්ගනගරං භවිස්සති පාටලිපුත්තං පුටභෙදනං. පාටලිපුත්තස්ස ඛො ආනන්ද, තයො අන්තරායා භවිස්සන්ති: අග්ගිතො වා උදකතො වා මිථුභෙදා වාති.

28. “අනඳයෙනි, තව්තිසාවැසි දෙවියන් හා මන්ත්‍රණය කොට මවන්නාක් මෙන් මගදමහමැති සුනීධ - වස්සකාර දෙ බමුණෝ වැදෑවන් පිළිබහනුවට (වැදෑරජුන්ගේ අයමුඛ වසනු සඳහා) පළොල්ගමැ නුවරක් මවත්. අනඳයෙනි, මෙහි මම් මිනිසැස් ඉක්මි පිරිසිදු දිවැසින් පළොල්ගමැ ගෙවතු පිරිසිඳ ගන්නා බොහෝ දහස් දහස් ගණන් දේවතාවන් දිටිමි. යම් පෙදෙසෙකැ මහ තෙදැති දේවතාවෝ ගෙවතු අරක්ගනිත් ද, එහි නිවෙස් මවන්නට මහ තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක මැදුම් තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් මවන්නට මැදුම් තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක හීන තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් මවන්නට හීන තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. ආර්‍ය්‍යන්ගේ ආයතනය (රැස්වෙන තැන) යම්තාක් ද, වණික්පථය (ගනුදෙනු කරන වෙළෙඳුන් වසන තැන) යම්තාක් ද ඔවුනතුරෙන් මේ පැළලුප් නුවර (නොයෙක් රටින් ගෙනෙන වෙළෙඳ) බඩුපොදි ලිහා තබන අග්‍ර නගරය වන්නේ ය. අනඳයෙනි, මේ පැළලුප්නුවරට ගින්නෙන් හෝ, දියෙන් හෝ, අන්‍යොන්‍යය භේදයෙන් හෝ (තුන් පරිද්දෙකින්) අන්තරාය තුනෙක් වන්නේ යැ” යි වදාළ සේක.

29. අථ ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං එතදවොචුං: “අධිවාසෙතු නො භවං ගොතමො අජ්ජතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.

29. එ කලැ මගදමහමැති සුනීධ - වස්සකාර දෙබමුණෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹීයහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටු විය යුතු සිතැ රැඳවියැ යුතු කථා අවසන්‍ කොට එක් පසෙක සිටියහ. එක් පසෙක සිටියාවූ මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙන “භවද් ගෞතමයෝ බික්සඟුන් හා අප‍ගේ බත අදට ඉවසත්ව” යි මෙබස් කීහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවසා වදාළ සේක.

30. අථ ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවතො අධිවාසනං විදිත්වා යෙන සකො ආවසථො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සකෙ ආවසථෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසුං. ‘කාලො භො ගොතම, නිට්ඨිතං භත්තන්ති’.

30. ඉක්බිත්තෙන් මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙන භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැන සිය ආවාස ගෙය කරා ගියහ. ගොස් සිය ආවාසයෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙල කරවා ‘භවද් ගෞතමයිනි, දැන් කල් වෙයි. බත පිළියෙල කොට නිමියේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා යැවූහ.

31. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන සුනීධවස්සකාරානං මගධමහාමත්තානං ආවසථො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසුං සම්පවාරෙසුං.

31. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන බික්සඟුන් කැටුව මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙනාගේ ආවාස ගෙය කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. ඉක්බිති මගද මහමැති සුනීධ - වස්සකා‍ර දෙදෙන සියතින් ම ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් බුදුපාමොක් බිකසඟුන් සැතැප්වූහ, පෙරැත්ත කොට වැළැඳැවූහ.

32. අථ ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො සුනීධවස්සකාරෙ මගධමහාමත්තෙ භගවා ඉමාහි ගාථාහි අනුමොදි:

32. ඉක්බිති මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙන වැළැඳූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේට එක් පසෙක එක්තරා මිටි අස්නක් ගෙන හුන්හ. එක් පසෙක හුන්නාවූ මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙනාට භාග්‍යවතුන් වහන්සේ මේ ගාථායෙන් අනුමෝදනා වශයෙන් දහම් දෙසූසේක:

යස්මිං පදෙසෙ කප්පෙති වාසං පණ්ඩිතජාතියො,1
සීලවන්තෙත්ථ භොජෙත්වා සඤ්ඤතෙ බ්රහ්මචාරයො,2
යා තත්ථ දෙවතා ආසුං3 තාසං දක්ඛිණමාදිසෙ.
තා පූජිතා පූජයන්ති මානිතා මානයන්ති නං,
තතො නං අනුකම්පන්ති4 මාතා පුත්තං’ව ඔරසං
දෙවතානුකම්පිතො පොසො සදා භද්රානි පස්සතී’ති.

පණ්ඩිත ස්වභාව ඇති තැනැත්තේ යම් පෙදෙසෙක වාසය කෙරේ ද, එ තන්හිදී සංයත වූ බඹසර රක්නා සිල්වතුන් වළඳවා, එහි යම් දේවතා කෙනෙක් වූවාහු නම්, ඔවුනට ඒ දානමය පින පමුණුවන්නේ ය. මෙසේ පින්දීමෙන් පුදන ලද ඒ දේවතාවෝ ඒ පින් දුන්නාහු (ආරක්‍ෂා කිරීම් වශයෙන්) පුදත්. කලින් කලැ බිලියම් කරීම් වශයෙන් මානිත වූ ඒ දේවතාවෝ (ඔහුගේ උවදුරු දුරු කිරීම් වශයෙන්) ඔහුට බුහුමන් කෙරෙත්. ඒ පින් අනුමෝදන් වීමෙන්, මවක් තම කුසින් උපන් දරුවකුට සෙයින් ඔහුට අනුකම්පා කෙරෙත්. මෙසේ දේවතාවන් විසින් අනුකම්පා කරන ලද පුරුෂ තෙම හැම කල්හි යහපත ම දකී.

අථ ඛො භගවා සුනීධවස්සකාරෙ මගධමහාමත්තෙ ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි.

ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙනාට මේ ගාථායෙන් අනුමෝදනා බණ වදාරා හුනස්නෙන් නැගී වැඩි සේක.

33. තෙන ඛො පන සමයෙන සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධා හොන්ති. ‘යෙනජ්ජ සමණො ගොතමො ද්වාරෙන නික්ඛමිස්සති, තං ගොතමද්වාරං නාම භවිස්සති. යෙන තිත්ථෙන ගඞ්ගං නදිං5 තරිස්සති, තං ගොතමතිත්ථං නාම භවිස්සතී’ති.

33. එ කල්හි මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙනා ‘ශ්‍රමණ ගෞතමයෝ යම් දොරෙකින් අද නික්මෙන්නාහු නම්, එය ගෞතමද්වාර නම් වන්නේ ය. යම් තොටෙකින් ගංගානදිය තරණය කරන්නාහු නම්, එය ගෞතමතීර්ථ නම් වන්නේ යැ’ යි කියා භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ගියාහු වෙති.

අථ ඛො භගවා යෙන ද්වාරෙන නික්ඛමි, තං ගොතමද්වාරං නාම අහොසි.* අථ ඛො භගවා යෙන ගඞ්ගා නදී තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන ගඞ්ගා නදී පූරා හොති සමාතිත්තිකා කාකපෙය්යා. අප්පෙකච්චෙ මනුස්සා නාවං පරියෙසන්ති, අප්පෙකච්චෙ උළුම්පං පරියෙසන්ති, අප්පෙකච්චෙ කුල්ලං බන්ධන්ති ඔරා පාරං6 ගන්තුකාමා. අථ ඛො භගවා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං7 වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය,8 එවමෙව ගඞ්ගාය නදියා ඔරිමතීරෙ අන්තරහිතො පාරිමතීරෙ පච්චුට්ඨාසි සද්ධිං භික්ඛුසඞ්ඝෙන.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් දොරෙකින් නික්මුණු සේක් ද, ඒ ගෞතමද්වාර නම් විය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ගංගානදිය වෙත වැඩි සේක. එ සමයෙහි ගංගානදිය දෙගොඩ තළා ගළනුයේ, කවුඩන් විසින් සුවසේ පිය හැකි සේ පිරුණේ විය. මෙතෙරින් එතෙර යනු රිසි ඇතැම් මිනිස්සු නැව් සොයත්. ඇතැම් කෙනෙක් පසුරු සොයත්. ඇතැම් කෙනෙක් පසුරු බඳිත්. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ කාබලැතියක්හු යම්සේ වක් කළ අත දික් කරන්නේ ද, දික් කළ අත හෝ වක් කරන්නේ ද, එසේ ම ගංගානදියේ මෙ තෙරැදී බික්සඟන හා අතුරුදහන් වූ සේක් එතෙරැ වැඩ සිටි සේක.

අද්දසා ඛො භගවා තෙ මනුස්සෙ අප්පෙකච්චෙ නාවං පරියෙසන්තෙ අප්පෙකච්චෙ උළුම්පං පරියෙසන්තෙ, අප්පෙකච්චෙ කුල්ලං බන්ධන්තෙ ඔරා පාරං ගන්තුකාමෙ. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

භාග්‍යවතුන් වහන්සේ මෙතෙරින් එතෙර යනු කැමැති වූ ඇතැම් මිනිසුන් නැව් සොයන්නවුන් ද ඇතැම් මිනිසුන් පසුරු සොයන්නවුන් ද ඇතැම් මිනිසුන් පසුරු බඳනාවුන් ද දුටු සේක් ම ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලෙහි මෙ උදන් ඇනූ සේක:‍‍

“යෙ තරන්ති අණ්ණවං සරං
සෙතුං කත්වාන විසජ්ජ පල්ලලානි,
කුල්ලං හි ජනො පබන්ධති9
තිණ්ණා මෙධාවිනො ජනා’ති.”

“යම් කෙනෙක් ගැඹුරු වූ පුළුල් වූ තෘෂ්ණානදිය තරිත් ද, ඔහු ආර්‍ය්‍යමාර්ග නැමැති හෙය කොට දිය කඩිති නො ඇක්ම එ තෙර (නිවන කරා) යෙත්. එහෙත් මේ කුඩා නදියක් තරනුවට මේ ජන තෙම පසුරක් බඳී. ඒසා තෘෂ්ණා මහා නදිය තිණූ ප්‍රඥා ඇති ජනයෝ මේ සුළු නදිය සැණින් තැරූහ.”

පඨමභාණවාරං.

පළමු බණවර නිමියේ ය.

[අරියසච්ච පටිවෙධකථා]

ආර්‍ය්‍යසත්‍ය ප්‍රතිවේධ කථා

34. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ආයාමානන්ද, යෙන කොටිගාමො තෙනුපසඞ්කමිස්සාමා’ති. ‘එවං භන්තෙ’ති. ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන කොටිගාමො තදවසරි. තත්ර සුදං භගවා කොටිගාමෙ විහරති. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි:

34. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, එවු, කොටිග්‍රාමයට යම්හ” යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් මහණමුළුවක් හා කොටිග්‍රාමය කරා වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි කොටිග්‍රාමයෙහි වැඩ වසන සේක. එහිදී භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක:

චතුන්නං භික්ඛවෙ, අරියසච්චානං අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. කතමෙසං චතුන්නං:

මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන් අනුබෝධ නො කළ හෙයින්, ප්‍රතිවේධ නො කළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. කවර සතර සත්‍යයන් ද? යත්:

දුක්ඛස්ස භික්ඛවෙ, අරියසච්චස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. දුක්ඛසමුදයස්ස භික්ඛවෙ, අරියසච්චස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. දුක්ඛනිරොධස්ස භික්ඛවෙ, අරියසච්චස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. දුක්ඛනිරොධගාමිනියා පටිපදාය භික්ඛවෙ, අරියසච්චස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච.

“මහණෙනි, දුඃඛාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නො කළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. මහණෙනි, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නොකළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. මහණෙනි, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නොකළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. මහණෙනි, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නොකළ හෙයින් මාගේ ද ‍තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය.

තයිදං භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං දුක්ඛසමුදයො1 අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං. දුක්ඛනිරොධො2 අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං. දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං. උච්ඡින්නා භවතණ්හා, ඛීණා භවනෙත්ති. නත්ථිදානි පුනබ්භවො’ති.

මහණෙනි, ඒ දුඃඛාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. භවතෘෂ්ණාව මුල් සිඳින ලදි. භවනෙත්‍රිය (සතුන් භවයට පමුණුවන තෘෂ්ණා රැහැන) ක්‍ෂීණ විය. දැන් යලි භවෝත්පත්තියෙක් නැත.”

ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශෝභන ගති ඇති ශාස්තෘන් වහන්සේ මෙය වදාරා එයින් මත්තෙහි (ගාථාබන්ධන වශයෙනුදු) මෙය වදාළ සේක:

චතුන්නං අරියසච‍්චානං යථාභූතං අදස්සනා
සංසිතං3 දීඝමද්ධානං තාසු තාස්වෙව4 ජාතිසු
තානි එතානි දිට්ඨානි භවනෙත්ති සමූහතා,
උච්ඡින්නං මූලං දුක්ඛස්ස නත්ථිදානි පුනබ්භවො’ති.

“සතර සත්‍යයන් තත් වූ පරිදි නොදැක්මෙන් ඒ ඒ ජාතීන්හි දික් කලක් ම හැසිරීම විය. දැන් සතර සත්‍යයෝ දක්නා ලදුහ. භවනියන්ත්‍රිය (තෘෂ්ණාව) වැනැසිණ. දුක්මුල සිඳිණ. දැන් මෙයින් මතු භවයෙක් නැත”.

35. තත්රපි සුදං භගවා කොටිගාමෙ විහරන්තො එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්යථිදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා”ති.5

35. භාග්‍යවතුන් වහන්සේ එහි ද කොටිග්‍රාමයෙහි වැඩවසන සේක්, “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් පුරුදු කරන ලද සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ වෙයි. සමාධියෙන් පුරුදු කරන ලද ප්‍රඥාව මහත්පල මහත් අනුසස් ඇත්තේ වෙයි. ප්‍රඥායෙන් පුරුදු කරන ලද සිත මොනොවට කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මිදේ” යැයි බොහෝ සේ මේ දැහැමි කතාව ම වදාරන සේක.

ධම්මාදාස ධම්මපරියායො

ධර්මාදර්ශ ධර්මපර්‍ය්‍යාය

36. අථ ඛො භගවා කොටිගාමෙ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි “ආයාමානන්ද, යෙන නාදිකා1 තෙනුපසඞ්කමිස්සාමා”ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන නාදිකා තදවසරි. තත්රපි සුදං භගවා නාදිකෙ විහරති ගිඤ්ජකාවසථෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:

36. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කොටිග්‍රාමයෙහි කැමැති තාක් වැස, අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, එවු, නාදිකා ගමට යම්හ” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා නාදිකා ගමට වැඩි සේක. වැඩ එහි නාදිකා ගමැ ගඩොළුයෙන් කළ ආවාසයෙහි වසන සේක. එකලැ අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ ඔබ වැඳ පසෙක හුන්හ. පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවැසූහ:

සාළ්හො නාම භන්තෙ, භික්ඛු නාදිකෙ කාලකතො.2 තස්ස කා ගති, කො අභිසම්පරායො? නන්දා නාම භන්තෙ, භික්ඛුනී නාදිකෙ කාලකතා. තස්සා කා ගති, කො අභිසම්පරායො? සුදත්තො නාම භන්තෙ, උපාසකො නාදිකෙ කාලකතො. තස්ස කා ගති, කො අභිසම්පරායො? සුජාතා නාම භන්තෙ, උපාසිකා නාදිකෙ කාලකතා. තස්සා කා ගති, කො අභිසම්පරායො? කකුධො3නාම භන්තෙ, උපාසකො නාදිකෙ කාලකතො. තස්ස කා ගති, කො අභිසම්පරායො? කාලිඞ්ගො4 නාම භන්තෙ, උපාසකො -පෙ- නිකටො නාම භන්තෙ, උපාසකො -පෙ- කටිස්සහො නාම භන්තෙ, උපාසකො -පෙ- තුට්ඨො නාම භන්තෙ, උපාසකො -පෙ- සන්තුට්ඨො නාම භන්තෙ, උපාසකො -පෙ- භද්දො නාම භන්තෙ, උපාසකො -පෙ- සුභද්දො නාම භන්තෙ, උපාසකො නාදිකෙ කාලකතො. තස්ස කා ගති, කො අභිසම්පරායො?ති.

වහන්ස, නාදිකායෙහි සාළ්හ නම් භික්‍ෂු කලුරිය කෙළේය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, නන්‍දා නම් මෙහෙණ නාදිකා ගමැ කලුරිය කළා ය. ඇයගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කරව යැ? වහන්ස, සුදත්ත නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, සුජාතා නම් උවැසි නාදිකායෙහි කලුරිය කළා ය. ඇයගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, කකුධ නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, කාලිංග නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, නිකට නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, කටිස්සහ නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, තුට්ඨ නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය ... සන්තුට්ඨ නම උවසු ... භද්‍ර නම් උවසු … සුභද්‍ර නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ?”.

37. සාළ්හො ආනන්ද, භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. නන්දා ආනන්ද, භික්ඛුනී පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනී අනාවත්තිධම්මා තස්මා ලොකා. සුදත්තො ආනන්ද, උපාසකො තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සති. සුජාතා ආනන්ද, උපාසිකා තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා.
කකුධො නාම ආනන්ද, උපාසකො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. කාලිඞ්ගො ආනන්ද, උපාසකො -පෙ- නිකටො ආනන්ද, උපාසකො -පෙ- කටිස්සහො ආනන්ද, උපාසකො -පෙ- තුට්ඨො ආනන්ද, උපාසකො -පෙ- සන්තුට්ඨො ආනන්ද, උපාසකො -පෙ- භද්දො ආනන්ද, උපාසකො -පෙ- සුභද්දො ආනන්ද, උපාසකො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා.

37. “අනඳයෙනි, සාළ්හ මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵල සමාධිය ද ඵලප්‍රඥාව ද මෙ අත්බවෙහි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට සපයා විසී ය. අනඳයෙනි, නන්‍දා මෙහෙණ ඔරම්භාගිය සඤ්ඤාේජන පස ක්‍ෂය කිරීමෙන් (ශුද්ධාවාසයෙහි) උපපාදුක වූවා, එහි පිරිනිවෙන්නී, එ බඹලොවින් පෙරළා මෙහි නොඑන ස්වභාවය ඇත්තී ය. අනඳයෙනි, සුදත්ත උවසු තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන්, රාග ද්වේශ මොහ තුනී වූ බැවින් සකෘදාගාමී වූයේ, එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නේ ය. අනඳයෙනි, සුජාතා උවැසි තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සෝවාන් වූවා, අවාදුකට නො වැටෙන සුලු වූවා, ධර්මනියමයෙන් රහත්බව් ලබනුවට නියත වූවා, සම්බෝධිපරායණ (ඉහළ තුන් මගට අවශ්‍යයෙන් ම පැමිණිය යුතු) වූවා ය. අනඳයෙනි, කකුධ නම් උවසු ඔරම්භාගිය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපපාදුක වූයේ, එහිදී පිරිනිවෙන සුලු වූයේ, එ ලොවින් මෙහි පෙරළා නො එන ස්වභාවය ඇත්තේ ය. අනඳයෙනි, කාලිංග උවසු තෙම ... නිකට උවසු තෙම ... කටිස්සහ උවසු තෙම ... තුට්ඨ උවසු තෙම ... සන්තුට්ඨ උවසු තෙම ... භද්‍ර උවසු තෙම ... සුභද්‍ර උවසු තෙම ඔරම්භාගිය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපපාදුක වූයේ, එහි පිරිනිවෙන සුලු වූයේ, එ ලොවින් මෙහි පෙරළා නො එන සුලු වෙයි.

පරොපඤ්ඤාසං ආනන්ද, නාදිකෙ උපාසකා කාලකතා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා.

අනඳයෙනි, නාදිකායෙහි පනසකට වැඩි දෙනෙක් උවසුවෝ කලුරිය කළාහු, ඔරම්භාගිය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපපාදුක වූවාහු, එහි පිරිනිවෙන සුලු වූවාහු, එ ලොවින් මෙහි පෙරළ නො එන සුලු වෙත්.

සාධිකා නවුති ආනන්ද, නාදිකෙ උපාසකා කාලකතා තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති.

අනඳයෙනි, වැඩියක් සහිත අනූ දෙනෙක් නාදිකායෙහි කලුරිය කළාහු තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන්, රාගද්වේශමෝහයන් තුනී බැවින් සකෘදාගාමී වූවාහු, එක් වරක් ම උත්පත්ති වශයෙන් මෙ ලොවට අවුත් දුක් කෙළව‍ර කරන්නාහ.

සාතිරෙකානි ආනන්ද, පඤ්ච සතානි නාදිකෙ උපාසකා කාලකතා, තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා.

අනඳයෙනි, වැඩියක් සහිත පන්සියක් නාදිකායෙහි උවසුවෝ කලුරිය කළාහු, තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සෝවාන් වූවාහු, අවාහි නොවැටෙන සුලු වූවාහු, රහත්බවට නියත වූවාහු, සම්බෝධිපරායණ (ඉහළ තුන් මඟට අවශ්‍යයෙන් පැමිණිය යුතු) වූහ.

38. අනච්ඡරියං ඛො පනෙතං ආනන්ද, යං මනුස්සභූතො කාලංකරෙය්ය. තස්මිඤ්චෙ කාලකතෙ තථාගතං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡිස්සථ, විහෙසා චෙසා ආනන්ද, තථාගතස්ස. තස්මාතිහානන්ද, ධම්මාදාසං නාම ධම්මපරියායං දෙසෙස්සාමි යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනා’ව අත්තානං බ්යාකරෙය්ය: ‘ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නො’හමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති.

38. අනඳයෙනි, විස්මය ජනක ය! යම් හෙයකින් මිනිස් වූයෙක් කලුරිය කරන්නේ නම්, ඉදින් ඒ ඒ මිනිසා කලුරිය කළ කල්හි තථාගතයන් කරා එළැඹ මෙ කරුණ විචාරන්නාහු නම්, ඒ (හැම එකක්හුගේම පරලොව ගතිය කීම) තථාගතයන්ගේ කයට වෙහෙසෙක් ම ය. අනඳයෙනි, එහෙයින් යමෙකින් සමන්විත ආර්‍ය්‍යශ්‍රාවක කැමැත්තේ ‘ක්‍ෂය කළ නිරය ඇත්තෙමි’ යි, ‘ක්‍ෂය කළ තිරිසන් යොන් ඇත්තෙමි’ යි ‘ක්‍ෂය කළ ප්‍රේතවිෂය ය ඇත්තෙමි’ යි, ‘ක්‍ෂය කළ අපාය දුර්ගති විනිපාතයන් ඇත්තෙමි’ යි, ‘මම් අවාහි නොවැටෙන සුලු, නියත වූ සම්බෝධිපරායණ වූ සෝවාන් පුඟුලෙකිම් වෙමි’ යි තෙමේ ම තමා ප්‍රකාශ කළ හැකි වන්නේ ද, එසේ වූ ධර්මාදර්ශ නම් ධර්මක්‍රමය දෙසන්නෙමි.

කතමො ච සො ආනන්ද, ධම්මාදාසො ධම්මපරියායො යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනා’ව අත්තානං බ්යාකරෙය්ය: ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නො’හමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති:

අනඳයෙනි, යමෙකින් සමන්විත අරි සවු තෙම කැමැත්තේ ‘මම් ක්‍ෂීණ නිරය ඇත්තෙමි, ක්‍ෂීණ තිරශ්චිනයෝනි ඇත්තෙමි, ක්‍ෂීණ ප්‍රේතවිෂය ඇත්තෙමි, ක්‍ෂීණ අපාය දුර්ගති විනිපාත ඇත්තෙමි, අවිනිපාත ස්වභාවය ඇති, නියත වූ, සම්බෝධිපරායණ වූ සෝවාන් පුඟුලෙකිම් වෙමි’ යි තෙමේ ම තමා පැවැසි යැ හැකි වන්නේ නම්, ඒ ධර්මාදර්ශ ධර්මපර්‍ය්‍යාය කවරේ ද:

ඉධානන්ද, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති.

අනඳයෙනි, මෙහි අරි සවු තෙම “ඒ භාග්‍යවත් තෙම මේ මේ කරුණින් අර්හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණසම්පන්න ය, සුගතය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථී ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ”යි බුදුන් කෙරෙහි ගුණ පැහැදීමෙන් සමන්විත වෙයි.

ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො1 පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති.

“භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනා කොට කියන ලද. තමන් විසින් ම දැක්ක යුතු ය. ඵල දෙනුවට කාලාන්තරයක් ඇති නො වේ. ‘එව, බලව’ යි කීමට නිසි ය. භාවනා වසයෙන් තමසිත්හි එළවනුවට සුදුසු ය. විඥයන් විසින් තමතමා කෙරෙහි දැක්ක යුතු යැ” යි ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් සමන්විත වෙයි.

සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි, අට්ඨ පුරිසපුග්ගලා. එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො, පාහුනෙය්යො, දක්ඛිණෙය්යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති.

“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙම සුපිළිපන් ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම සෘජු ව පිළිපන්නේ ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙම න්‍යායප්‍රතිපන්න ය (නිවන් පිණිස පිළිපන්නේ ය). භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙම සාමිචිප්‍රතිපන්න ය. යම් මේ ප්‍රථම මාර්ගස්ථ, ප්‍රථම ඵලස්ථ ආදි විසින් පුරුෂයුග සතර දෙනෙක් ඇද්ද, මේ නියායෙන් පුරුෂ පුද්ගලයෝ අට දෙනෙකි. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවකසංඝ තෙම දුරැ සිට ද ගෙනවුත් සිල්වත්නට පිරිනැමියැ යුතු සිවුපස පිළිගනුවට සුදුසු ය. අමුත්තනට පිළියෙල කළ දානය පිළිගන්නට සුදුසු ය. පරලොව සුව පතා දෙන දන් පිළිගන්නට සුදුසු ය. දෝත් මුදුන් තබා වැන්ද යුත්තේ ය. ලොව නිරුත්තර වූ පින්කෙත යැ” යි. සංඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් සමන්විත වෙයි.

අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤූප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි.

කඩ නොවූ, සිදුරු නො වූ (තැනින් තැන සිකපද බිඳීමෙන්) සඛල නො වූ, කැලැල් රහිත වූ, නිදහස් වූ (තෘෂ්ණාදාසත්වයෙන් මිදුණු), නුවණැතියන් විසින් පසස්නා ලද, තෘෂ්ණාදෘෂ්ටි දෙකින් අපරාමෘෂ්ට වූ, උපචාර අර්පණා මාර්ග ඵල සමාපත්ති පිණිස පවත්නා වූ ආර්‍ය්‍යයනට ප්‍රිය මනාප වූ ශීලයන්ගෙන් සමන්විත වෙයි.

අයං ඛො සො ආනන්ද, ධම්මාදාසො ධම්මපරියායො යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනා’ව අත්තානං බ්යාකරෙය්ය ‘ඛීණනිරයො’ම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො. සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති.

අනඳයෙනි, යමෙකින් සමන්විත අරි සවු තෙම කැමැත්තේ, ‘මම් ක්‍ෂීණ නිරය ඇත්තෙමි, ක්‍ෂීණ තිරශ්චීන යෝනි ඇත්තෙමි, ක්‍ෂීණ ප්‍රේතවිෂය ඇත්තෙමි, ක්‍ෂීණ අපාය දුර්ගති විනිපාත ඇත්තෙමි. අවිනිපාත ස්වාභාවය ඇති, නියත වූ සම්බෝධිපරායණ වූ, සෝවාන් පුඟුලෙකිමි’ යි තෙමේ ම තමා පවසනු හැක්කේ නම්, මේ ඒ ධර්මාදර්ශ ධර්මපර්යාය වේ.

39. තත්ර පි සුදං භගවා නාදිකෙ විහරන්තො ගිඤ්ජකාවසථෙ එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්යථිදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා”ති.

39. භාග්‍යවතුන් වහන්සේ එහි ද නාදිකා ගමෙහි ගඩොළුයෙන් කළ ආවාසයෙහි වසන සේක්, “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් පුරුදු කරන ලද සමාධිය මහත් ඵල මහත් අනුසස් ඇත්තේ ය, සමාධියෙන් පුරුදු කරන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ ය, ප්‍රඥායෙන් පුරුදු කරන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මිදේ යැ” යි භික්‍ෂූනට බෙහෙවින් මේ දැහැමි කතාව ම කරන සේක.

[අම්බපාලිවනෙ සතිපට්ඨාන දෙසනා]

[අම්බපාලිවනයෙහි සීවටන් දෙසීම]

40. අථ ඛො භගවා නාදිකෙ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ආයාමානන්ද, යෙන වෙසාලී තෙනුපසඞ්කමිස්සාමා’ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන වෙසාලී තදවසරි. තත්ර සුදං භගවා වෙසාලියං විහරති අම්බපාලිවනෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි:

40. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ඥාතිකා ගමෙහි කැමැති තාක් වැස, අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, එවු, විසල්පුර කරා එළැඹෙන්නමු’ යි වදාළ සේක. ‘එසේ යැ, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟුන් හා විසල්පුරට වැඩි සේක. එහි විසල් පුරැ අම්බපාලි වනයෙහි වැඩ වසන සේක. එහි දී භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක.

“සතො භික්ඛවෙ, භික්ඛු විහරෙය්ය සම්පජානො. අයං වො අම්හාකං අනුසාසනී.

“මහණෙනි, මහණහු සිහි ඇති වැ සම්‍යක් ප්‍රඥා ඇති වැ විසිය යුතු. මේ තොපට අප‍ ගෙ අනුශාසනය වේ.”

කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සතො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සතො හොති.

මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් සිහි ඇත්තේ වේ ද: මහණෙනි, මෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ (මේ කයෙහි) කාමච්ඡන්දය හා දොම්නස හා සන්හිඳුවා, කයෙහි විදසුන් නුවණින් කය අනුව බලනුයේ වාස කෙරෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, වේදනා ලොවැ කාමච්ඡන්දය හා දොම්නස හා සන්හිඳුවා, වේදනාවන්හි විදසුන් නුවණින් වේදනාව අනුව බලනුයේ වාස කෙරෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ කාමච්ඡන්දය හා දොම්නස හා සන්හිඳුවා සිත්හි විදසුන් නුවණින් සිත අනුව බලනුයේ වාස කෙරෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ කාමච්ඡන්දය හා දොම්නස හා සන්හිඳුවා, නීවරණාදී ධර්මයන්හි විදසුන් නුවණින් නීවරණාදිය අනුව බලනුයේ වාස කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ තෙම සිහි ඇත්තේ වේ.

කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සම්පජානො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති. සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති. සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති. උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සම්පජානො හොති.

මහණෙනි, මහණතෙම කෙසේ නම් සම්‍යක්ප්‍රඥා ඇත්තේ වේ ද: මහණෙනි, මෙහි මහණ තෙම ඉදිරි ගමනෙහි පෙරළා ඊමෙහි (කය නම් ලත් ඇටසැකිල්ලෙක් යෑම් ආදිය කරන්නේ යැයි) නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. ඉදිරි බැලීමෙහි දෙපස බැලීමෙහි නුවණින් සලකා දැන ම එය කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහි දිගු කි‍රීමෙහි නුවණින් දැන ම එය කරන්නේ වෙයි. සංඝාටිය ද පාත්‍රය ද සිවුරු ද දැරීමෙහි නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. බොජුන් වැළැඳීමෙහි ද පැන් පීමෙහි ද විකා කෑ යුතු දැය කෑමෙහි ද මී සකුරු ආදීන් රසවිඳීමෙහි ද නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. යෑමෙහි ද සිටීමෙහි ද හිඳීමෙහි ද නිදි ගැන්මෙහි ද නිදිවැරීමෙහි ද කීමෙහි ද නිහඬ වීමෙහි ද නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. මහණෙනි, මහණ තෙම මෙසේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ වෙයි.

සතො භික්ඛවෙ, භික්ඛු විහරෙය්ය සම්පජානො. අයං වො අම්හාකං අනුසාසනී”ති.

මහණෙනි, මහණ සිහි ඇති වැ නුවණ ඇති ව විසිය යුතු. මේ තොපට අපගේ අනුශාසනය යි.

[අම්බපාලී ආරාමපටිග්ගහනං]

[අම්බපාලි ආරාමය පිළිගැනීම]

41. අස්සොසි ඛො අම්බපාලී ගණිකා ‘භගවා කිර වෙසාලිං අනුප්පත්තො වෙසාලියං විහරති මය්හං අම්බවනෙ’ති. අථ ඛො අම්බපාලී ගණිකා භද්දානි භද්දානි යානානි යොජාපෙත්වා, භද්දං භද්දං යානං අභිරුහිත්වා, භද්දෙහි භද්දෙහි යානෙහි වෙසාලියා නිය්යාසි. යෙන සකො ආරාමො තෙන පායාසි. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකා’ව යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අම්බපාලිං ගණිකං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො අම්බපාලී ගණිකා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවන්තං එතදවොච: ‘අධිවාසෙතු මෙ භන්තෙ, භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො අම්බපාලී ගණිකා භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.

41. අම්බපාලී ගණිකා තොමෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසල් පුර වැඩ විසල්පුරට නොදුරු වූ මාගේ අඹවෙනෙහි වසන සේකැ’ යි ඇසුවා ය. ඉක්බිති ඕ තොම සොඳුරු සොඳුරු යානයන් යොදවා, සොඳුරු යානයකට නැඟ, සොඳුරු සොඳුරු යානයන්ගෙන් උපලක්‍ෂිත වැ විසල්පුරෙන් නික්මුණා ය. සිය අරම කරා එළැඹියා ය. යානයට බිම යම් තාක් ද ඒ තාක් යානයෙන් ගොස් එයින් බැස පාගමන් ඇත්තී ම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නා ය. එක් පසෙක හුන් අම්බපාලිගණිකාවට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දොලෝවැඩ දක්‍වා වදාළ සේක. එය සිතට ගැන්වූ සේක. එහි සිත් තියුණු කළ සේක. එහි සිත සතුටු කරැවූ සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්‍වන ලද, එය සිතට ගන්නව ලද, එහි සිත තියුණු කරන ලද, එහි සතුටු කරන ලද අම්බපාලි ගණිකා තොමෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන සමඟ ව සෙට දිනට මගේ බත ඉවසන සේක් වා’ යි අයැද සිටියා ය. භාග්‍යව‍‍‍තුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති අම්බපාලි ගණිකා තොම භාග්‍යවතුන් වහන්සේ තම අයැදුම ඉවැසූ නියා දැන හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මියා ය.

42. අස්සොසුං ඛො වෙසාලිකා ලිච්ඡවී ‘භගවා කිර වෙසාලිං අනුප්පත්තො වෙසාලියං විහරති අම්බපාලිවනෙ’ති. අථ ඛො තෙ ලිච්ඡවී භද්දානි භද්දානි යානානි යොජාපෙත්වා, භද්දං භද්දං යානං අභිරුහිත්වා, භද්දෙහි භද්දෙහි යානෙහි වෙසාලියා නීයංසු.1 තත්ර එකච්චෙ ලිච්ඡවී නීලා හොන්ති නීලවණ්ණා නීලවත්ථා නීලාලඞ්කාරා, එකච්චෙ ලිච්ඡවී පීතා හොන්ති පීතවණ්ණා පීතවත්ථා පීතාලඞ්කාරා, එකච්චෙ ලිච්ඡවී ලොහිතා2 හොන්ති ලොහිතවණ්ණා ලොහිතවත්ථා ලොහිතාලඞ්කාරා, එකච්චෙ ලිච්ඡවී ඔදාතා හොන්ති ඔදාතවණ්ණා ඔදාතවත්ථා ඔදාතාලඞ්කාරා.

42. විසල්පුර වැසි ලිච්ඡවි රජදරුවෝ භාග්‍යවතුන් වහන්සේ විසල් පුර වැඩිසේක් විසල්පුර අම්බපාලිවනයෙහි වසන සේක් ලැ යි ඇසූහ. ඉක්බිති තෙල ලිච්ඡවීහු උතුම් උතුම් යාන යොදවා, උතුම් උතුම් යාන නැඟ, උතුම් උතුම් යානයන්ගෙන් උපලක්‍ෂිත වැ විසල්පුරයෙන් නික්මුණාහ. ඔවුන් අතුරෙහි ඇතැම් ලිච්ඡවීහු නිල් අඟරා ඇත්තාහු නිල් වත් දරන්නාහු නිල්මිණෙන් හා නිල්මලින් සැරහුණා හු නිල්වන් වෙති. ඇතැම් ලිච්ඡවීහු රන්වන් අඟරා ඇත්තාහු රන්වන් වත් දරන්නාහු රන්වන් මිණෙන් හා රන්වන් මලින් සැරහුණාහු රන්වන් වෙති. ඇතැම් ලිච්ඡවීහු රත් අඟරා ඇත්තාහු රත් වත් දරන්නාහු රත් මිණෙන් හා රත් මලින් සැරහුණාහු රත්වන් වෙති. ඇතැම් ලිච්ඡවීහු සුදු අඟරා ඇත්තාහු සුදු වත් දරන්නාහු සුදුමිණෙන් හා සුදු මලින් සැරහුණාහු සුදු වන් වෙත්.

43. අථ ඛො අම්බපාලී ගණිකා දහරානං දහරානං ලිච්ඡවීනං අක්ඛෙන අක්ඛං චක්කෙන චක්කං යුගෙන යුගං පතිවට්ටෙසි.3 අථ ඛො තෙ ලිච්ඡවී අම්බපාලිං ගණිකං එතදවොචුං: ‘කිඤ්ජෙ, අම්බපාලි, දහරානං දහරානං ලිච්ඡවීනං අක්ඛෙන අක්ඛං චක්කෙන චක්කං යුගෙන යුගං පටිවට්ටෙසී?’ති. ‘තථා හි පන මෙ අය්යපුත්තා, භගවා නිමන්තිතො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. ‘දෙහි ජෙ, අම්බපාලි, එතං භත්තං සතසහස්සෙනා’ති. ‘සචෙ’පි මෙ අය්යපුත්තා වෙසාලිං සාහාරං දස්සථ, එවමහං තං භත්තං4 න දස්සාමී’ති. අථ ඛො තෙ ලිච්ඡවී අඞ්ගුලිං5 පොඨෙසුං ‘ජිතම්හා වත භො අම්බකාය,6 ජිතම්හා7 වත භො අම්බකායා’ති.

43. ඉක්බිති අම්බපාලි ගණිකා තොම තමාට ඉදිරියෙන් රිය නැඟ යන තරුණ ලිච්ඡවීන්ගේ යාන තම රියහිසින් ඔවුන් රියහිස් ද, තම රියසකින් ඔවුන් රියසක් ද, තම රියැ වියගසින් ඔවුන් රියැ වියගස් ද හැන ඉවත් කෙරෙමින් ගියා ය. එකලැ ලිච්ඡවීහු අම්බපාලි ගණිකාවට ‘හෙම්බා අම්බපාලිය, තරුණ තරුණ ලිච්ඡවීන්ගේ රියහිසින් රියහිස ද රියසකින් රියසක ද රියවියෙන් රියවිය ද ගටා ඉවත් කෙරෙමින් යුහු යුහු ව කුමට යෙයි ද?’ යි විචාළාහ. “ආර්‍ය්‍යපුත්‍රයිනි, එසේම ය. සෙට බතට මා විසින් බික්සඟන හා භාග්‍යවතුන් වහන්සේ නිමතන ලද සේකැ” යි ඕ කිවූ ය. ‘හෙම්බා අම්බපාලි ය, මේ බත (මේ බතට කළ නිමන්ත්‍රණය) කහවණු ලක්‍ෂයක් ගෙන අපට දෙව’ යි ලිච්ඡවීහු කීහ.‘ආර්‍ය්‍යපුත්‍රයිනි, මම දනවු සහිත විසල්පුර දෙන්නහු නුමුදු මෙසේ මහත් අනුසස් ඇති මෙ බත (බතට කළ නිමන්ත්‍රණය) ඔබට පවරා නො දෙමි’යි ඕ කිවු ය. එ කලැ ඒ ලිච්ඡවීහු ‘පින්වත්නි, ඒකාන්තයෙන් අපි ස්ත්‍රියක විසින් දිනන ලදුම්හ, පින්වත්නි, ඒකාන්තයෙන් අපි ස්ත්‍රියක විසින් දිනන ලදුම්හ’ යි ඇඟිලි පෙළුහ. (අසුර ගැසූහ.)

44. අථ ඛො තෙ ලිච්ඡවී යෙන අම්බපාලිවනං තෙන පායිංසු. අද්දසා ඛො භගවා තෙ ලිච්ඡවී දූරතො’ව ආගච්ඡන්තෙ. දිස්වා භික්ඛූ ආමන්තෙසි: ‘යෙසං භික්ඛවෙ, භික්ඛූනං දෙවා තාවතිංසා අදිට්ඨා,1 ඔලොකෙථ භික්ඛවෙ, ලිච්ඡවීපරිසං, අවලොකෙථ2 භික්ඛවෙ, ලිච්ඡවීපරිසං, උපසංහරථ භික්ඛවෙ, ලිච්ඡවීපරිසං තාවතිංසසදිසන්ති3.

44. ඉක්බිති ඒ ලිච්ඡවීහු අම්බපාලිවනය කරා ගියහ. භාග්‍යවතුන් වහන්සේ දුරින් ම එන ඒ ලිච්ඡවීන් දුටු සේක් ම ය. දැක භික්‍ෂූන් අමතා ‘මහණෙනි, යම් භික්‍ෂු කෙනෙකුන් විසින් තවුතිසාවැසි දෙවියෝ නො දක්නා ලදහු ද, මහණෙනි, ඒ තෙපි තෙල එන ලිච්ඡවී පිරිස බලවු. තෙල ලිච්ඡවි පිරිස පුනපුනා බලවු. තෙල ලිච්ඡවි පිරිස තවුතිසා වැසි දෙවි පිරිසට ළං කොට (සම කොට) සලකවු’ යැ යි වදාළ සේක.

45. අථ ඛො තෙ ලිච්ඡවී යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා, පත්තිකා’ව යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ ලිච්ඡවී භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො තෙ ලිච්ඡවී භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවන්තං එතදවොචුං: ‘අධිවාසෙතු නො භන‍්තෙ, භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. අථ ඛො භගවා තෙ ලිච්ඡවී එතදවොච. ‘අධිවුත්ථං ඛො මෙ ලිච්ඡවී, ස්වාතනාය අම්බපාලියා ගණිකාය4 භත්තන්ති.’ අථ ඛො තෙ ලිච්ඡවී අඞ්ගුලිං පොඨෙසුං: ‘ජිතම්හා වත භො අම්බකාය. ජිතම්හා වත භො අම්බකායා ති. අථ ඛො තෙ ලිච්ඡවී භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.

45. ඉක්බිති ඒ ලිච්ඡවීහු යානයට යෝග්‍ය බිම යම්තාක් ද, ඒ තාක් යානයෙන් ගොස්, යානයෙන් බැස, පාගමන් ඇත්තාහු ම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ඒ ලිච්ඡවීනට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දෙලෝ වැඩ දැක්වූ සේක. එහි සමාදන් කරවූ සේක. එහි සිත් තියුණු කරවූ සේක. එහි සතුටු කරවූ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වන ලද, එහි සමාදන් කරවන ලද, එහි සිත් තියුණු කරවන ලද, එහි සතුටු කරවන ලද ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට දවසට අපගේ බත ඉවසන සේක්ව’ යි කීහ. ‘ලිච්ඡවීනි, මා විසින් සෙට දවසට අම්බපාලී ගණිකාවගේ බත ඉවසන ලදැ’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එකල්හි ඒ ලිච්ඡවීහු ‘භවත්නි, ඒකාන්තයෙන් ස්ත්‍රියක විසින් දිනන ලද්දම්හ. භවත්නි, ඒකාන්තයෙන් ස්ත්‍රියක විසින් දිනන ලද්දම්හ’ යි ඇඟිලි පෙළුෑහ. ඉක්බිති ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ‍ගේ වචනය පිළිගෙන, අනුමෝදන් ව, හුනස්නෙන් නැඟී, භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට නික්මැ ගියහ.

46. අථ ඛො අම්බපාලී ගණිකා තස්සා රත්තියා අච්චයෙන සකෙ ආරාමෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: ‘කාලො භන්තෙ, නිට්ඨිතං භත්තන්ති’. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන අම්බපාලියා ගණිකාය නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො අම්බපාලී ගණිකා බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො අම්බපාලී ගණිකා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො අම්බපාලී ගණිකා භගවන්තං එතදවොච: “ඉමාහං භන්තෙ, ආරාමං බුද්ධපමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දම්මී”ති. පටිග්ගහෙසි භගවා ආරාමං. අථ ඛො භගවා අම්බපාලිං ගණිකං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.

46. ඉක්බිති අම්බපාලි ගණිකා බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සැතප්වූවා ය. පෙරැත්ත කොට වැළැඳවූවා ය. ඉක්බිත්තෙන් අම්බපාලි ගණිකා තොම බොජුන් වැළැඳු, පාත්‍රයෙන් ඉවතට ගන්නා ලද අත් ඇති භාග්‍යවතුන් වහන්සේට එකත්පස් වැ එක්තරා මිටි අස්නක් ගෙන උන්නා ය. එසේ එකත්පස්වැ හුන් අම්බපාලි ගණිකා තොම භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, මේ අරම බුදුපාමොක් බික්සඟනට දෙමි’ යි කීවා ය. භාග්‍යවතුන් වහන්සේ අරම පිළිගත් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බපාලි ගණිකාවට දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වා, එහි ඇය සමාදන් කරවා, එහි උත්සාහවත් කරවා සිත සතුටු කරවා හුනස්නෙන් නැගී වැඩි සේක.

47. තත්රපි සුදං භගවා වෙසාලියං විහරන්තො අම්බපාලිවනෙ එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති: ‘ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්යථිදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා”ති.

47. භාග්‍යවතුන් වහන්සේ ඒ අම්බපාලිවනයෙහිදු වසමින් “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙ‍සේ ය, ශිලයෙන් පුරුදු කරන ලද සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ ය, සමාධියෙන් පුරුදු කරන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ ය, ප්‍රඥායෙන් පුරුදු කරන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මිදේ” යැ යි වදාළ සේක.

[බෙලුවගාමෙ ජීවිත සඞ්ඛාර - අධිට්ඨානං]

[බේලුවගම්හි ජීවිතසංස්කාර - අධිෂ්ඨානය]

48. අථ ඛො භගවා අම්බපාලිවනෙ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ආයාමානන්ද, යෙන බෙලුවගාමකො2 තෙනුපසඞ්කමිස්සාමා’ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන බෙලුවගාමකො තදවසරි. තත්ර සුදං භගවා බෙලුවගාමකෙ විහරති. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: ‘එථ තුම්හෙ භික්ඛවෙ, සමන්තා වෙසාලිං යථාමිත්තං යථාසන්දිට්ඨං යථාසම්භත්තං වස්සං උපෙථ.3 අහං පන ඉධෙව බෙලුවගාමකෙ වස්සං උපගච්ඡාමී’ති. ‘එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා සමන්තා වෙසාලිං යථාමිත්තං යථාසන්දිට්ඨං යථාසම්භත්තං වස්සං උපගච්ඡිංසු.4 භගවා පන තත්ථෙව බෙලුවගාමකෙ වස්සං උපගඤ්ඡි.5

48. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අම්බපාලිවනයෙහි කැමැති තාක් වැස, අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, එවු, බේලුවගම කරා යන්නෙමු’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්ස’ යි අනඳ තෙරණුවෝ පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා බේලුව ගමට වැඩි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එහි බේලුව ගමෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, තෙපි මෙහි එවු. විසල්පුර හාත්පසැ ඒ ඒ මිතුරු පැවිද්දන් ද, දැක හඳුනන පැවිද්දන් ද, දැඩිමිතුරු පැවිද්දන් ද වසන තන්හි වස් එළැඹෙවු. මම මේ බේලුව ගමෙහි ම වස් එළැඹෙමි” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ මහණහු විසල්පුර හාත්පසැ ඒ ඒ මිතුරන් දැක හඳුනන්නන් දැඩි මිතුරන් වසන තන්හි වස් එළැඹියහ. භාග්‍යවතුන් වහන්සේ ඒ බේලුව ගමෙහි වස් එළැඹි සේක.

49. අථ ඛො භගවතො වස්සූපගතස්ස ඛරො ආබාධො උප්පජ්ජි. බාළ්හා6 වෙදනා වත්තන්ති මාරණන්තිකා. තා සුදං7 භගවා සතො සම්පජානො අධිවාසෙති8 අවිහඤ්ඤමානො. අථ ඛො භගවතො එතදහොසි: ‘න ඛො මෙතං පතිරූපං යො’හං9 අනාමන්තෙත්වා උපට්ඨාකෙ අනපලොකෙත්වා භික්ඛුසඞ්ඝං පරිනිබ්බායෙය්යං. යන්නූනාහං ඉමං ආබාධං විරියෙන10 පටිප්පනාමෙත්වා ජීවිතසඞ්ඛාරං අධිට්ඨාය විහරෙය්ය’න්ති. අථ ඛො භගවා තං ආබාධං විරියෙන පටිප්පනාමෙත්වා ජීවිතසඞ්ඛාරං අධිට්ඨාය විහාසි. අථ ඛො භගවතො සො ආබාධො පටිප්පස්සම්භි. අථ ඛො භගවා ගිලානා වුට්ඨිතො අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා විහාරා නික්ඛම්ම විහාරපච්ඡායායං11 පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.

49. එකල්හි වස් එළැඹි භාග්‍යවතුන් වහන්සේට දරුණු ආබාධයෙක් උපන. මරණය වෙතට පැමිණැවීමෙහි සමත් වූ දැඩි වේදනා පැවැත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව නුවණින් සලකමින් එයින් නො පෙළෙමින් ඒ වේදනාව ඉවැසූ සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේට ‘යම්බඳු වූ මම් උවටුවන් නො අමතා බික්සඟනට නො දන්වා පිරිනිවෙන්නෙම් නම් එය මට නො සුදුසු ය. මම මේ ආබාධය වීර්‍ය්‍යයෙන් මැඩලා ජීවිතසංස්කාරය (දිවි පවත්වනුවට සමත් පලසමවත) ඉටා වසන්නෙම් නම් මැනැවැ’ යි මේ සිත විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධය වීර්‍ය්‍යයෙන් මැඩ ජීවිතසංස්කාරය ඉටා වුසූ සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය සන්හිඳුණේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිලන් බැවින් නැගී සිටි සේක්, ගිලන් බැවින් නැගි නොබෝ කල් ඇති සේක්, වෙහෙරෙන් නික්මැ වෙහෙර ඉදිරිපසැ සෙවණෙහි පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක.

50. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “දිට්ඨො12 මෙ භන්තෙ භගවතො ඵාසු. දිට්ඨං මෙ භන්තෙ භගවතො ඛමනීයං. අපි ච මෙ භන්තෙ මධුරකජාතො විය කායො. දිසා’පි මෙ න පක්ඛායන්ති, ධම්මා’පි මං නප්පටිභන්ති භගවතො ගෙලඤ්ඤෙන. අපි ච මෙ භන්තෙ අහොසි කාචි දෙව අස්සාසමත්තා ‘න තාව භගවා පරිනිබ්බායිස්සති, න යාව භගවා භික්ඛුසඞ්ඝං ආරබ්භ කිඤ්චිදෙව උදාහරතී”ති.

50. එකල්හි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියෝ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන් අනඳ තෙරණුවෝ වහන්ස, “භාග්‍යවතුන් වහන්සේගේ පහසුව දක්නා ලදි. භාග්‍යවතුන් වහන්සේගේ සහනය දක්නා ලදි. එහෙත් මගේ සිරුර හටගත් තද බව ඇත්තක්හු මෙන් විය. භාග්‍යවතුන් වහන්සේගේ ගිලන් බව හේතු කොට ගෙන දිශාවෝ ද මට නො පෙනෙත්. සතිපට්ඨාන ධර්මයෝ ද මට නොවැටහෙත්. වහන්ස, එතෙකුදු වුවත් යම්තාක් භාග්‍යවතුන් වහන්සේ බික්සඟන ඇරැබ කිසි පශ්චිමාවවාදයක් වදාරන සේක් ද, ඒතාක් ම නො පිරිනිවෙන සේකැ යි කිසි ආස්වාදමාත්‍රයෙක් මට වී යැ” යි සැළ කළහ.

51. කිම්පනානන්ද, භික්ඛුසඞ්ඝො මයි පච්චාසිංසති:1 දෙසිතො ආනන්ද, මයා ධම්මො අනන්තරං අබාහිරං කරිත්වා. නත්ථානන්ද2, තථාගතස්ස ධම්මෙසු ආචරියමුට්ඨි. යස්ස නූන ආනන්ද, එවමස්ස: ‘අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී’ති වා, මමුද්දෙසිකො භික්ඛුසඞ්ඝො’ති වා, සො නූන ආනන්ද, භික්ඛුසඞ්ඝං ආරබ්භ කිඤ්චිදෙව උදාහරෙය්ය. තථාගතස්ස ඛො ආනන්ද, න එවං හොති: ‘අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී’ති වා මමුද්දෙසිකො භික්ඛුසඞ්ඝො’ති වා. ස කිං3 ආනන්ද, තථාගතො භික්ඛුසඞ්ඝං ආරබ්භ කිඤ්චිදෙව උදාහරිස්සති?

51. අනඳයෙනි, භික්‍ෂුසංඝ තෙම මා කෙරෙහි කුමක් නම් අපේක්‍ෂා කෙරෙයි ද? අනඳයෙනි, මා විසින් අභ්‍යන්තර බාහිර යැ යි (ධර්ම වශයෙන් හෝ පුද්ගල වශයෙන් දෙ කොටසක් නො කොට) දහම් දෙසන ලදි. අනඳයෙනි, ධර්මවිෂයයෙහි තථාගතයන්ගේ ආචාර්‍ය්‍යමුෂ්ටියෙක් නැත. අනඳයෙනි, යමකුට ‘මම් බික්සඟන පරිහරණය කරන්නෙමි’ කියා හෝ ‘බික්සඟන මා උදෙසා වසන්නේ වේව’ යි කියා හෝ මේ සිත වන්නේ ද, අනඳයෙනි, හෙ තෙම බික්සඟන ඇරැබ කිසිවක් ම කියන්නේ ය. අනඳයෙනි, තථාගතයනට “මම බික්සඟන පරිහරණය කරන්නෙමි” කියා හෝ “බික්සඟන මා උදෙසා ම (මා බලා ම) සිටුනේ වේ ව” යි කියා හෝ මෙසේ සිතෙක් නො ම වෙයි. අනඳයෙනි, කවර හෙයින් ඒ තථාගතයෝ බික්සඟන ඇරැබැ කිසිවක් නම් කියන්නෝ ද?

52. අහං ඛො පනානන්ද, එතරහි ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො. ආසීතිකො මෙ වයො වත්තති. සෙය්යථාපි ආනන්ද, ජජ්ජරසකටං වෙක්ඛමිස්සකෙන4 යාපෙති, එවමෙව ඛො ආනන්ද, වෙක්ඛමිස්සකෙන මඤ්ඤෙ තථාගතස්ස කායො යාපෙති. යස්මිං ආනන්ද, සමයෙ තථාගතො සබ්බනිමිත්තානං අමනසිකාරා එකච්චානං වෙදනානං නිරොධා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති, ඵාසුතරො5 ආනන්ද, තස්මිං සමයෙ තථාගතස්ස කායො හොති. තස්මාතිහානන්ද, අත්තදීපා විහරථ අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා.

52. අනඳයෙනි, මම් දැන් ජීර්ණයෙමි, වෘද්ධයෙමි, මහලුයෙමි. දික් කලක් ඉක්මියෙමි, පැසිම් වියට පැමිණයෙමි. මා වයස දැන් අසූවෙක් වෙයි. අනඳයෙනි, දිරූ ගැලක් චක්‍රබන්ධනාදි පිළිසකරින් යැපෙන්නේ ද, එසේ ම තථාගතයන්ගේ කය රහත්පලසමවත් නැමැති පිළිසකරින් යැපෙන්නේ ය. අනඳයෙනි, තථාගතයෝ රූපනිමිත්තාදි සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් ඇතැම් වේදනාවන්ගේ නිරෝධයෙන් නිමිති රහිත චිත්තවිමුක්තියට පැමිණ වෙසෙත් ද, අනඳයෙනි, එසමයෙහි තථාගතයන්ගේ කය අතිශයින් පහසු ඇතියෙක් වෙයි. අනඳයෙනි, එහෙයින් තෙපි (ඒ පලසමයත් පිණිස) තමන් ම ද්වීප (පිහිට) කොට ගෙන, තමන් ම ශරණ කොට ඇති ව, අනන්‍යශරණ ව (බාහිර සරණක් නැත්තෝ ව) වසවු. ධර්මය ම ද්වීප කොට ඇති ව, ධර්මය ම සරණ කොට ඇති ව, අනන්‍යශරණ ව (අන්සරණක් අපෙක්‍ෂා නොකරන්නෝ ව) වසවු.

53. කථඤ්ච ආනන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො: ඉධානන්ද භික්ඛු කායෙ කායානුපස්සී විහරති අතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.

53. අනඳයෙනි, මහණ තෙම කෙසේ නම් තමා ම ද්වීප කොට ඇත්තේ, තමා ම සරණ කොට ඇත්තේ, අනන්‍යශරණ ව, ධර්මය ද්වීප කොට ඇත්තේ, ධර්මශරණ ව අනන්‍යශරණ ව වෙසේ ද යත්: අනඳයෙනි, මෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යා ව්‍යාපාද දුරැ ලා කයෙහි කායානුපස්සී ව වෙසෙයි. වේදනාවන්හි වේදනානුපස්සී ව ... සිත්හි චිත්තානුපස්සී ව වෙසෙයි. කෙලෙස් තවන වැර ඇති ව, නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවෙහි අභිධ්‍යා ව්‍යාපාද දුරැලා (නීවරණාදි) ධර්මයන්හි ධම්මානුපස්සී ව වෙසෙයි.

54. එවං ඛො ආනන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො. යෙ හි කෙචි ආනන්ද, එතරහි වා මමං වා අච්චයෙන අත්තදීපා විහරිස්සන්ති අත්තසරණා අනඤ්ඤසරණා. ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා, තමතග්ගෙ මෙ තෙ ආනන්ද, භික්ඛූ භවිස්සන්ති යෙ කෙචි සික්ඛාකාමා’ති.

54. අනඳයෙනි, මෙසේ මහණ තෙම තමා ද්වීප කොට ඇති ව, තමා ශරණ කොට ඇති ව අන් සරණක් නැති ව, ධර්මය ද්වීප කොට ඇති ව, ධර්මය ශරණ කොට ඇති ව අන්සරණක් නැති ව වෙසෙයි. අනඳයෙනි, යම් භික්‍ෂූ කෙනෙක් දැන් හෝ මා ඇවෑමෙන් හෝ තමන් ද්වීප කොට ඇත්තාහු තමන් සරණ කොට ඇත්තාහු අන් සරණක් නැත්තාහු, ධර්මය ද්වීප කොට ඇත්තාහු ධර්මය සරණ කොට ඇත්තාහු අන් සරණක් නැත්තාහු වසන්නෝ නම්, අනඳයෙනි, ශික්‍ෂාකාමී වූ සියලු භික්‍ෂූන් අතුරෙන් සතර සිවටන් වඩන ඒ මාගේ ශ්‍රාවක භික්‍ෂූහු තමොයොග සිඳ අග්‍රතම (අත්‍යග්‍ර) වන්නාහ.

දුතියභාණවාරං.

දෙවෙනි බණවර නිමියේ ය.

[චාපාලචෙතියෙ ආයුසඞ්ඛාරොස්සජනං]

චාපාල චෙතියෙහිදී ආයුසංස්කාර හැරලීම

55. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පාවිසි. වෙසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ගණ්හාහි ආනන්ද නිසීදනං, යෙන චාපාලං චෙතියං1 තෙනුපසඞ්කමිස්සාම දිවාවිහාරායා”ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා නිසීදනං ආදාය භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. අථ ඛො භගවා යෙන චාපාලං චෙතියං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. ආයස්මා පි ඛො ආනන්දො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච:

55. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසි සේක. විසල්පුර පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩි සේක්, අනඳතෙරුන් බණවා “අනඳයෙනි, නිසීදනය ගනුව, දිවාවිහරණය පිණිස චාපාල චෛත්‍යය කරා එළැඹෙන්නමු” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ අනුව පසුපසින් ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාලචෛත්‍යය කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නැ වැඩ හුන් සේක. අනඳ තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් අනඳ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

56. “රමණීයා ආනන්ද වෙසාලී, රමණීයං උදෙනං චෙතියං, රමණීයං ගොතමකං චෙතියං, රමණීයං සත්තම්බ2 චෙතියං, රමණීයං බහුපුත්තං චෙතියං, රමණීයං සාරන්දදං චෙතියං3 රමණීයං චාපාලං චෙතියං. යස්ස කස්සචි ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො පන ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සො ආකඞ්ඛමානො ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා”ති.

56. “අනඳයෙනි, විසල්පුර රම්‍ය ය, උදේන චෛත්‍යය (සමවත් සුවයට) රම්‍ය ය, ගෞතමක චෛත්‍යය රම්‍ය ය, සත්තම්බ චෛත්‍යය රම්‍ය ය, බහුපුත්‍ර චෛත්‍යය රම්‍ය ය, සාරන්‍දද චෛත්‍යය රම්‍ය ය, චාපාල චෛත්‍යය රම්‍ය ය. අනඳයෙනි, යමකු විසින් සතර ඉදුපාහු වඩන ලදහු ද, පුනපුනා වඩන ලදහු ද, යුක්ත යානයක් සේ කරන ලදහු ද, තහවුරු කොට පිහිටුවන ලදහු ද, අනුෂ්ඨිත ද, පුරුදු කරන ලදහු ද, මොනොවට සම්පූර්ණ කරන ලදහු ද, හේ කැමැත්තේ ආයුෂ්කල්පයක් හෝ ආයුෂ්කල්පයකට මඳක් වැඩි වූ කලක් හෝ සිටුනේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඉදුපාහු භාවිතය හ, බහුලීකෘතය හ, යානීකෘතය හ, වාස්තුකෘතය හ, අනුෂ්ඨිතය හ, පරිචිතය හ, සුසමාරබ්ධය හ. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැත්තාහු නම්, කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනාහ” යනු යි.

57. එවං ඛො4 ආයස්මා ආනන්දො භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න භගවන්තං යාචි “තිට්ඨතු භන්තෙ භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති” යථා තං මාරෙන පරියුට්ඨිතචිත්තො.

57. භාග්‍යවතුන් වහන්සේ විසින් (පිරිනිවන්පානා බවට) මෙසේ ඖදාරික නිමිති ඖදාරික අවභාස කරනු ලබන කල්හි දු, මරහු විසින් මඩනා ලද සිතැතියක්හු සේ, අනඳ තෙරණුවෝ එය දැන ගන්නට නො හැකි වූහ. ‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්ව’ යි, ‘සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්ව’ යි භාග්‍යවතුන් වහන්සේ නො යැදූහ.

58. දුතියම්පි ඛො භගවා -පෙ- තතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්‍දං ආමන්තෙසි: “රමණීයා ආනන්‍ද වෙසාලී, රමණීයං උදෙනං චෙතියං, රමණීයං ගොතමකං චෙතියං, රමණීයං සත්තම්බං චෙතියං, රමණීයං බහුපුත්තං චෙතියං, රමණීයං සාරන්‍දදං චෙතියං, රමණීයං චාපාලං චෙතියං. යස්ස කස්සචි ආනන්‍ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො ආනන්‍ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සො ආකඞ්ඛමානො ආනන්‍ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසෙසං වා”ති.

58. භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වර ද ... තෙවෙනි වර ද “අනඳයෙනි, විසල්පුර සිත්කලු ය, උදේන චෛත්‍යය සිත්කලු ය, ගෞතම චෛත්‍යය සිත්කලු ය, සත්තම්බ චෛත්‍යය සිත්කලු ය, බහුපුත්‍ර චෛත්‍යය සිත්කලු ය, සාරන්‍දද චෛත්‍යය සිත්කලු ය, චාපාල චෛත්‍යය සිත්කලු ය. අනඳයෙනි, යමක්හු විසින් සතර ඉදුපාහු භාවිත ද, බහුලීකෘත ද, යානීකෘත ද, වාස්තුකෘත ද, අනුෂ්ඨිත ද, පරිචිත ද, සුසමාරබ්ධ ද, හේ කැමැත්තේ කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඉදුපාහු භාවිතයහ, බහුලීකෘතයහ, යානීකෘතයහ, වාස්තුකෘතයහ, අනුෂ්ඨිතයහ, පරිචිතයහ, සුසමාරබ්ධයහ. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැති වන්නාහු නම්, කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනාහ” යි අනඳ තෙරුනට වදාළ සේක.

59. එවම්පි ඛො ආයස්මා ආනන්දො භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න භගවන්තං යාචි “තිට්ඨතු භන්තෙ භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති” යථා තං මාරෙන පරියුට්ඨිතචිත්තො.

59. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ඖදාරික නිමිත්තය ඖදාරිකාවභාසය කරනු ලබන කල්හි දු මරහු විසින් මඩනා ලද සිතැත්තක්හු සෙයින් අනඳ තෙරණුවෝ එය දැනගන්නට නො හැකි වූහ. භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩසිටුනා සේක් වා. සුගතයන් වහන්සේ කල්පයක් වැඩසිටුනා සේක් වා” යි යාච්ඤා නො කළහ.

60. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ගච්ඡ ත්වං ආනන්ද, යස්ස’දානි කාලං මඤ්ඤසී”ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා අවිදූරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. අථ ඛො මාරො පාපිමා අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ආනන්දෙ යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො මාරො පාපිමා භගවන්තං එතදවොච:

60. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙ‍රුන් බණවා, “අනඳයෙනි, දැන් යම් විවේකයකට කල් සලකවු නම්, ඒ සඳහා යවු” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, හුනස්නෙන් නැඟී, භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට, නොදුරෙහි එක්තරා රුක්මුලෙක හුන්හ. එ කල්හි අනඳ කෙරුන් ගිය නොබෝ කල්හි පවිටු වූ වසවත් මර තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ මර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කී:

61. “පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා. පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො. “භාසිතා ඛො පනෙසා භන්තෙ, භගවතා වාචා: ‘න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ භික්ඛූ නා සාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස‍්සන‍්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙස්සන්තී’ති. එතරහි ඛො පන භන්තෙ, භික්ඛූ භගවතො සාවකං වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙන්ති. පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා. පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො.”

61. “වහන්‍ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක් වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කල් ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව, යම්තාක් මාගේ භික්‍ෂූහු ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධර්මානුධර්මප්‍රතිපන්න වූ සාමිචිප්‍රතිපන්න වූ අනුධර්මචාරිවූ ශ්‍රාවකයෝ නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දකවන්නාහු ද, බෙදා නො දක්වන්නාහු ද, ප්‍රකට කොට නො දක්වන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා ප්‍රාතිහාර්‍ය්‍ය සහිත (නෛර්‍ය්‍යාණික කොට) දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි” යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්‍ෂූහු ව්‍යක්තහ, විනීතහ, විශාරදහ, බහුශ්‍රැතහ, ධර්මධරහ, ධර්මානුධර්මප්‍රතිපන්නහ, සාමිචිප්‍රතිපන්නහ, අනුධර්මාචාරීහ, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පනවත්, පිහිටුවත්, විවෘත කෙරෙත්, විභාග කොට දක්වත්, හෙළි කෙරෙත්, උපන් පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට මැඩ නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක් වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවනට කල් ය.”

62. “භාසිතා ඛො පනෙසා භන්තෙ, භගවතා වාචා: ‘න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ භික්ඛුනියො න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙස්සන්තී’ති. එතරහි ඛො පන භන්තෙ, භික්ඛුනියො භගවතො සාවිකා වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙන්ති. පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා. පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො.”

62. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව, යම්තාක් මගේ භික්‍ෂුණීහු ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධර්මානුධර්මප්‍රතිපන්න වූ සාමිචිප්‍රතිපන්න වූ අනුධර්මචාරී වූ ශ්‍රාවිකාවෝ නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍ය වාදය ඉගෙන‍ නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දක්‍වන්නාහු ද, බෙදා නො දක්‍වන්නාහු ද, ප්‍රකට කොට නො දක්‍වන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා මෙහෙණියෝ ව්‍යක්ත හ, විනීත හ, විශාරද හ, බහුශ්‍රැත හ, ධර්මධර හ, ධර්මානුධර්ම ප්‍රතිපන්න හ, සාමීචිප්‍රතිපන්න හ, අනුධර්මචාරී හ, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පනවත්, පිහිටුවත්, මතු කෙරෙත්, බෙදා දක්‍වත්, උපන් පරප්‍රවාදය කරුණු සහිත මොනොවට මැඩ නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා, වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කල් ය.”

63. “භාසිතා ඛො පනෙසා භන්තෙ, භගවතා වාචා: ‘න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ උපාසකා න සාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පටිහාරියං ධම්මං දෙසෙස්සන්තී’ති. එතරහි ඛො පන භන්තෙ, උපාසකා භගවතො සාවකා වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙන්ති. පරිනිබ්බාතු’දානි භන්තෙ, භගවා. පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො.”

63. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව, යම්තාක් මගේ ශ්‍රාවක උපාසකයෝ ව්‍යක්ත විනීත විසාරද බහුශ්‍රැත ධර්මධර ධර්මානුධර්මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්මචාරීහු නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දක්‍වන්නාහු ද, බෙදා නො දක්‍වන්නාහු ද, නො හෙළි කරන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ උපාසකයෝ ව්‍යක්ත හ, විනීත හ, විශාරද හ, බහුශ්‍රැත හ, ධර්මධර හ, ධර්මානුධර්මප්‍රතිපන්න හ, සාමීචිප්‍රතිපන්න හ, අනුධර්මචාරී හ, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පණවත්, පිහිටුවත්, මතු කෙරෙත්, බෙදා දක්‍වත්, උපන්පරප්‍රසාදය කරුණු සහිත ව මොනොවට මැඩ, නෛර්‍ය්‍යාණීක කොට දහම් දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා, සුගතයන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කල් ය.”

64. “භාසිතා ඛො පනෙසා භන්තෙ, භගවතා වාචා: ‘න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ උපාසිකා න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියො, සකං ආචරියකං උග්ගහෙත්‍වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්‍වා සප්පටිහාරියං ධම්මං දෙසෙස්සන්තී’ති. එතරහි ඛො පන භන්තෙ, උපාසිකා භගවතො සාවිකා වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන‍්නා අනුධම්මචාරිනියො, සකං ආචරියකං උග්ගහෙත්‍වා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්‍වා සප්පාටිහාරියං ධම්මං දෙසෙන්තී. පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා. පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො.”

64. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව යම්තාක් මගේ ශ්‍රාවිකා වූ උවැසියෝ ව්‍යක්ත විනීත විසාරද බහුශ්‍රැත ධර්මධර ධර්මානුධර්මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්මචාරීණීහු නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නෝ ද, නො පණවන්නෝ ද, නො පිහිටුවන්නෝ ද, විවෘත කොට නො දක්‍වන්නෝ ද, බෙදා නො දක්‍වන්නෝ ද, නො හෙළි කරන්නෝ ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නෝ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා වූ උවැසියෝ ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රැත ධර්මධර ධර්මානුධර්මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න, අනුධර්මචාරීණීහු වෙත්. ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පණවත්, පිහිටුවත්, බෙදා දක්‍වත්. උපන් පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට මැඩ නෛර්‍ය්‍යාණීක කොට දහම් දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනිවෙන්නට කල් ය.”

65. භාසිතා ඛො පනෙසා භන්තෙ, භගවතා වාචා: ‘න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ ඉදං බ්රහ්මචරියං න ඉද්ධං චෙව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං1 බාහුජඤ්ඤං පුථුභූතං, යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතන්ති’. එතරහි ඛො පන භන්තෙ, භගවතො බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතං. පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා. පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො”ති.

65. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටුව, යම් තාක් මාගේ මේ ශාසනමාර්ගබ්‍රහ්මචර්‍ය්‍ය සමෘද්ධ නො වන්නේ ද, වෘද්ධිප්‍රාප්ත නො වන්නේ ද, විස්තීර්ණ නො වන්නේ ද, බොහෝ දෙනා විසින් දැන ගන්නා ලද්දක් නො වන්නේ ද, පෘථුල නො වන්නේ ද, ඇති තාක් නුවණැති හැම දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිත නො වන්නේ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි” යි මේ වචනය වදාරන ලද්දේ ම ය. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනමාර්ගබ්‍රහ්මචර්‍ය්‍ය සමෘද්ධ ද වෘද්ධිප්‍රාප්ත ද විස්තෘත ද බාහුජන්‍ය ද පෘථුල ද ඇති තාක් නුවණැති දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිත ද වේ. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේන් වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක් වා. දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට ලක් යැ” යි කී ය.

66. එවං වුත්තෙ භගවා මාරං පාපිමන්තං එතදවොච: අප්පොස්සුක්කෙ ත්වං පාපිම හොහි. න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතො තිණ්ණං මාසානං අච්චයෙන තථාගතො පරිනිබ්බායිස්සතී”ති.

66. මෙසේ කී කලැ භාග්‍යවතුන් වහන්සේ පවිටු මරදෙව්පුතුට “පවිට තෝ මන්දොත්සාහීවව. නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තෙමසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ” යි වදාළ සේක.

67. අථ ඛො භගවා චාපාලෙ චෙතියෙ සතො සම්පජානො ආයුසඞ්ඛාරං ඔස්සජී. ඔස්සට්ඨෙ ච භගවතා ආයුසඞ්ඛාරෙ මහාභූමිචාලො අහොසි භිංසනකො සලොමහංසො2. දෙවදුන්දුභියො3 ච ඵලිංසු. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

67. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යයෙහි දී සිහි ඇති සේක් මනානුවණින් දන්නා සේක් ම ආයුසංස්කාරය හළ සේක. (මෙ තැන් පටන් කොට තෙමසක් ම සමවත් සමවදිමින් දිවි පවත්වමි. එයින් මත්තෙහි සමවතට නො සමවදිමි’ සිත ඉපිදැවු සේක.) භාග්‍යවතුන් වහන්සේ ආයුස්සංස්කාරය හළ කෙණෙහි ම බිහිසුණු වූ ලොමුදහ ගන්වන මහත් භූමිකම්පනයෙක් විය. දෙව්බෙර පැළිණ (නොකල්හිවැසි වට). එකලැ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:

තුලමතුලඤ්ච සම්භවං
භවසඞ්ඛාරමවස්සජී මුනි,
අජ්ඣත්තරතො සමාහිතො
අභින්දි කවචමිවත්තසම්භවන්ති.

“බුද්ධමුනි තෙම නිවන ද භවය ද තුලනා කරනුයේ (තීරණය කරනුයේ) භවසංස්කාරකර්මය (බොමැඩදීම) හළේ ය. විදර්ශනා විසින් නිජකාධ්‍යාත්මයෙහි ඇලුණේ ශමථ වශයෙන් සමාහිත වූයේ, (මෙ‍සේ ශමථ - විදර්ශනා බලයෙන්) කවචයක් (යුදසැට්ටයක්) මෙන් තම අත් බව වැළඳ සිටි සියලු කෙලෙස් බිඳ හළේ ය. (එහෙයින් අභීත ව ආයුසංස්කරාය හළේ ය.)”

[භූමිචාලස්ස අට්ඨ හෙතූ]

(භූමිචලනයෙහි හේතු අට)

68. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො. මහා වතායං භූමිචාලො, සුමහා වතායං භූමිචාලො, භිංසනකො සලොමහංසො. දෙවදුන්දුභියො ච ඵලිංසු. කො නු ඛො හෙතු කො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවායා’ති. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: අච්ඡරියං භන්තෙ, අබ්භූතං භන්තෙ, මහා වතායං භන්තෙ භූමිචාලො, සුමහා වතායං භන්තෙ භූමිචාලො, භිංසනකො සලොමහංසො. දෙවදුන්දුභියො ච ඵලිංසු. කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවායා?”ති.

68. එකල්හි අනඳ තෙරුනට “භවත්නි, ආශ්චර්‍ය්‍ය ය, භවත්නි, අද්භූත ය. මේ භූමිචලනය මහත් ය. මේ භූමිකම්පනය ඉතා මහත් ය, බිහිසුණු ය, ලොමුදහ ගන්වන සුලු ය. දෙව්බෙර ද පැළිණ (නොකල් වැසි වට). මහත් භූමිචලනය ඇති වන්නට හේතු කවර ය, ප්‍රත්‍යය කවර යැ” යි මේ සිත විය. ඉක්බිති අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ වැඳ පසෙක හුන්හ. පසෙක හිඳ, “වහන්ස, ආශ්චර්‍ය්‍ය ය, වහන්ස, අද්භූත ය. වහන්ස, මේ භූමිචලනය මහත් ය, මේ භූමිචලනය ඉතා මහත් ය. බිහිසුණු ය, ලොමුදහ ගන්වන සුලු ය. දෙව් බෙර ද පැළිණ. වහන්ස, මහත් භූමිකම්පනයට හේතු කවර ය? ප්‍රත්‍යය කවර ය?” යි මෙය විචාළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

69. අට්ඨ ඛො ඉමෙ ආනන්ද, හෙතූ අට්ඨ පච්චයා මහතො භූමිචාලස්ස පාතුභාවාය. කතමෙ අට්ඨ?

69. අනඳයෙනි, මහද්භූමිකම්පනය ඇති වන්නට මේ හේතු අටෙක, ප්‍රත්‍යය අටෙක. කවර අටෙක් ද යත්:

අයං ආනන්ද, මහාපඨවි1 උදකෙ පතිට්ඨිතා. උදකං වාතෙ පතිට්ඨිතං. වාතො ආකාසට්ඨො හොති. හොති ඛො සො ආනන්ද සමයො යං මහාවාතා වායන්ති, මහාවාතා වායන්තා උදකං කම්පෙන්ති, උදකං කම්පිතං පඨවිං කම්පෙති. අයං පඨමො හෙතු පඨමො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. (1)

අනඳයෙනි, මේ මහ පෙළොව දිය ආධාර කොට පිහිටියේ වෙයි. දිය වාතය ආධාර කොට පිහිටියේ වෙයි. වාතය අහසෙහි සිටියේ වෙයි. අනඳයෙනි, යම් විටෙක මහා වාතයෝ හමත් ද, මහා වාතයෝ හමන්නාහු දිය සොලොවත් ද, දිය සෙලැවුණේ පොළොව සොලොවා ද, එසේ වූ කාලයෙක් වෙයි. මහත් භූමිකම්පනය ඇති වනුවට මේ පළමු හේතුව, පළමු ප්‍රත්‍යය වෙයි. (1)

පුන චපරං ආනන්ද, සමණො වා හොති බ්රාහ්මණො වා ඉද්ධිමා චෙතොවසිප්පත්තො, දෙවො වා මහිද්ධිකො මහානුභාවො, තස්ස පරිත්තා පඨවිසඤ්ඤා භාවිතා හොති, අප්පමාණා ආපොසඤ්ඤා. සො ඉමං පඨවිං කම්පෙති සංකම්පෙති සම්පකම්පෙති සම්පවෙධෙති. අයං දුතියො හෙතු දුතියො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. (2)

තවද අනෙකක් කියම්. අනඳයෙනි, සෘද්ධිමත් චිත්තවශිතා ලත් මහණෙක් හෝ බමුණෙක් වෙයි ද, මහත් සෘද්ධි ඇති මහානුභාව ඇති දෙවියෙක් හෝ වෙයි ද, ඔහු විසින් පෘථවිසංඥාව මඳ ලෙස වඩන ලද්දේ වේ ද, අප්සංඥාව අප්‍රමාණ කොට වඩන ලද්දේ වේ ද, හෙතෙම මේ පොළොව සොලොවයි. උඩු දෙසට සොලොවා යවයි. උඩු යට දෙදෙසට යවමින් හාත්පසින් සෙලොවයි. වඩාත් වෙවුල්වයි. මහත් භූමිකම්පනයට මේ දෙවෙනි හේතුව, දෙවෙනි ප්‍රත්‍යය වෙයි. (2)

පුන චපරං ආනන්ද, යදා බොධිසත්තො තුසිත කායා චවිත්වා සතො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කමති, තදා’යං පඨවී කම්පති සංකම්පති සම්පකම්පති සම්පවෙධති. අයං තතියො හෙතු තතියො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. (3)

තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක්හි බෝසත් තෙම තුසී දෙව්නකායෙන් සැව, සිහි ඇත්තේ නුවණ ඇත්තේ මවු කුසට බසී ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, හාත්පස වඩාත් සැලෙයි, වෙවුලයි. මහද්භූමිකම්පනය ඇති වන්නට මේ තෙවෙනි හේතුව, තෙවෙනි ප්‍රත්‍යය වෙයි. (3)

පුන චපරං ආනන්ද, යදා බොධිසත්තො සතො සම්පජානො මාතුකුච්ඡිස්මිං නික්ඛමති, තදායං පඨවී කම්පති සංකම්පති සම්පකම්පති සම්පවෙධති. අයං චතුත්ථො හෙතු චතුත්ථො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. (4)

තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක බෝසත් තෙම සිහි ඇත්තේ නුවණ ඇත්තේ මවු කුසින් බිහි වේ ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, හාත්පසින් වඩාත් සැලෙයි, වෙවුලයි. මහද්භූමිකම්පනය පහළ වන්නට මේ සිවුවන හේතුව, සිවුවන ප්‍රත්‍යය වෙයි. (4)

පුන චපරං ආනන්ද, යදා තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, තදායං පඨවී කම්පති සඞ්කම්පති සම්පකම්පති සම්පවෙධති. අයං පඤ්චමො හෙතු පඤ්චමො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. (5)

තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම නිරුත්තර සම්‍යක්සම්බෝධිසමධිගමය කෙරේ ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, වඩාත් සැලෙයි, වෙවුලයි. මහද්භූමිකම්පනය ඇති වන්නට මේ පස්වන හේතුව, පස්වන ප්‍රත්‍යය වෙයි. (5)

පුන චපරං ආනන්ද, යදා තථාගතො අනුත්තරං ධම්මචක්කං පවත්තෙති, තදායං පඨවී කම්පති සංකම්පති සම්පකම්පති සම්පවෙධති. අයං ඡට්ඨො හෙතු ඡට්ඨො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. (6)

තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම නිරුත්තර දහම්සක් පවත්වා ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, වඩාත් සැලෙයි, වෙවුලයි. මේ මහද්භූමිකම්පනය ඇති වන්නට සවන හේතුව සවන ප්‍රත්‍යය වෙයි. (6)

පුන චපරං ආනන්ද, යදා තථාගතො සතො සම්පජානො ආයුසඞ්ඛාරං ඔස්සජති, තදායං පඨවී කම්පති සංකම්පති සම්පකම්පති සම්පවෙධති. අයං සත්තමො හෙතු සත්තමො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. (7)

තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම සිහි ඇත්තේ මනා නුවණ ඇත්තේ ආයුසංස්කාරය හරී ද, එ කල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, වඩාත් සැලෙයි, වෙවුලයි. මේ මහද්භූමිකම්පනය ඇති වන්නට සත්වන හේතුව සත්වන ප්‍රත්‍යය වෙයි. (7)

පුන චපරං ආනන්ද, යදා තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, තදා’යං පඨවී කම්පති සංකම්පති සම්පකම්පති සම්පවෙධති. අයං අට්ඨමො හෙතු අට්ඨමො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. (8)

තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම අනුපාදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවෙයි ද, එකලැ මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි. වඩාත් සැලෙයි. වඩාත් සැලෙයි, වෙවුලයි. මේ මහද්භූමිකම්පනය ඇති වන්නට අටවැනි හේතුව, අටවැනි ප්‍රත්‍යය වෙයි.

ඉමෙ ඛො ආනන්ද, අට්ඨ හෙතූ අට්ඨ පච්චයා මහතො භූමිචාලස්ස පාතුභාවායා’ති.

අනඳයෙනි, මේ මහද්භූමිකම්පනය ඇති වන්නට හේතු වූ ප්‍රත්‍යය වූ කරුණු අට ය.

[අට්ඨපරිසා]

[පිරිස් අට]

70. අට්ඨ ඛො ඉමා ආනන්ද, පරිසා. කතමා අට්ඨ? ඛත්තියපරිසා බ්රාහ්මණපරිසා ගහපතිපරිසා සමණපරිසා චාතුම්මහාරාජිකපරිසා තාවතිංසපරිසා මාරපරිසා බ්රහ්මපරිසා.

70. අනඳයෙනි, මේ පිරිස් අටෙක. කවර අටෙක් ද යත්: කැත්පිරිස බමුණුපිරිස ගැහැවිපිරිස මහණපිරිස සියුමහරැජිපිරිස තව්තිසාපිරිස මරපිරිස බඹපිරිස යන මොහු ය.

අභිජානාමි ඛො පනාහං ආනන්ද , අනෙකසතං ඛත්තියපරිසං උපසඞ්කමිතා1. තත්රාපි මයා සන්නිසින්නපුබ්බඤ්චෙව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බා. තත්ථ යාදිසකො තෙසං වණ්ණො හොති, තාදිසකො මය්හං වණ්ණො හොති. යාදිසකො තෙසං සරො හොති, තාදිසකො මය්හං සරො හොති. ධම්මියා ච2 කථාය සන්දස්සෙමි. සමාදපෙමි සමුත්තෙජෙමි සම්පහංසෙමි. භාසමානඤ්ච මං න ජානන්ති ‘කො නු ඛො අයං භාසති දෙවො වා මනුස්සො වා’ති. ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා අන්තරධායාමි. අන්තරහිතඤ්ච මං න ජානන්ති ‘කො නු ඛො අයං අන්තරහිතො දෙවො වා මනුස්සො වා’ති.

අනඳයෙනි, මා නොයෙක් සිය ගණන් කැත්පිරිස් කරා එළැඹුණා දනිමි (සිහි කෙරෙමි). එහි ද මා විසින් හුන් විරූ ද, කතාබස් කළ විරූ ද, සාකච්ඡා කළ විරූ ද වෙයි. එහි ඔවුන්ගේ පැහැ යම් බඳු වේ ද මගේ පැහැ ද එබඳු වෙයි. ඔවුන්ගේ කටහඬ යම් බඳු වේ ද මගේ කටහඬ ද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් ද කරුණු දක්වමි, එය ඔවුනට ගන්වමි, එහි ඔවුන් තියුණු කෙරෙමි, එහි ඔවුන් තුටුපහටු කෙරෙමි. එසේ කියන මා ඔහු ‘මේ කවරෙක් කතා කෙරේ ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි නො දනිත්. දැහැමි කතායෙන් දරුණු දක්වා, කරුණු ගන්වා, එහි ඔවුන් තියුණු කොට, තුටු පහටු කොට අතුරුදහන් වෙමි. අතුරුදහන් වූ ද මා ‘කවරෙක් නම් මේ අතුරුදහන් වී ද දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි ඔහු නො දනිත්.

අභිජානාමි ඛො පනාහං ආනන්‍ද, අනෙකසතං බ්‍රාහ්මණපරිසං -පෙ- ගහපතිපරිසං -පෙ- සමණපරිසං -පෙ- චාතුම්මහාරාජිකපරිසං -පෙ- තාවතිංසපරිසං -පෙ- මාරපරිසං -පෙ- බ්‍රහ්මපරිසං උපසඞ්කමිතා. තත්‍රාපි මයා සන්නිසින්නපුබ්බඤ්චෙව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බා. තත්‍ථ යාදිසකො තෙසං වණ්ණො හොති, තාදිසකො මය්හං වණ්ණො හොති. යාදිසකො තෙසං සරො හොති, තාදිසකො මය්හං සරො හොති. ධම්මියා ච කථාය සන්‍දස්සෙමි සමාදපෙමි සමුත්තෙජෙමි සම්පහංසෙමි. භාසමානඤ්ච මං න ජානන්ති ‘කො නු ඛො අයං භාසති දෙවො වා මනුස්සො වා’ති. ධම්මියා කථාය සන්‍දස්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත්තෙජෙත්‍වා සම්පහංසෙත්‍වා අන්තරධායාමි. අන්තරහිතඤ්ච මං න ජානන්ති ‘කො නු ඛො අයං අන්තරහිතො දෙවො වා මනුස්සො වා’ති.

ඉමා ඛො ආනන්‍ද, අට්ඨ පරිසා.

අනඳයෙනි, මා නොයෙක් සියගණන් බමුණුපිරිස් ... ගැහැවිපිරිස් ... මහණ පිරිස් ... සිවුමහරැජි පිරිස් ... තව්තිසාපිරිස් ... මරපිරිස් ..... බඹපිරිස් කරා එළැඹුණා දනිමි. එහි ද මා විසින් හුන්විරූ ද, කතාබස් කළ විරූ ද, සාකච්ඡා කළ විරූ ද වෙයි. එහි ඔවුන්ගේ පැහැ යම්බඳු වේ ද මගේ පැහැ ද එබඳු වෙයි. ඔවුන්ගේ කටහඬ යම්බඳු වේ ද මගේ කටහඬ ද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් ද කරුණු දක්වමි, එය ඔවුනට ගන්වමි, එහි ඔවුන් තියුණු කෙරෙමි, තුටුපහටු කෙරෙමි. එසේ කියන මා ඔහු ‘මේ කවරෙක් කියා ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි නො දනිත්. දැහැමි කතායෙන් කරුණු දක්වා, කරුණු ගන්වා, එහි ඔවුන් තියුණු කොට, තුටු පහටු කොට අතුරුදහන් වෙමි. අතුරුදහන් වූ ද මා ‘කවරෙක් නම් මේ අතුරුදහන් වී ද දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි ඔහු නො දනිත්. අනඳයෙනි, මේ අට පිරිස් ය.

[අට්ඨඅභිභායතනානි]

[අභිභායතන අට]

71. අට්ඨ ඛො ඉමානි ආනන්ද, අභිභායතනානි. කතමානි අට්ඨ?

71. අනඳයෙනි, මේ අභිභායතන අටෙකි. කවර අටෙක් ද? යත්:

අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ‘ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං පඨමං අභිභායතනං. (1)

එකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්ම වශයෙන් රූපසංඥා ඇත්තේ පිටත්හි සුවර්ණ හෝ දුර්වර්ණ හෝ පරිත්තාරම්මණ ප්‍රතිභාග නිමිති දකී. ඒ නිමිති මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පළමු අභිහායතනය යි. (1)

අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ‘ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං දුතියං අභිභායතනං. (2)

එකෙක් අධ්‍යාත්මයේ රූපසංඥා ඇත්තේ පිටත්හි අප්‍රමාණ වූ සුවර්ණ දුර්වර්ණ නිමිත්තරූපයන් දකි. ඒ රූප මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ දෙවෙනි අභිහායතනය යි. (2)

අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ‘ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං තතියං අභිභායතනං. (3)

එකෙක් අධ්‍යාත්ම අරමුණෙහි පරිකර්ම සංඥා නැත්තේ පිටත්හි වූ සුවර්ණ හෝ දුර්වර්ණ වූ පරිත්ත වූ පරිකර්ම නිමිති ද ප්‍රතිභාග නිමිති ද දකී. ඒ අරමුණු මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ තෙවෙනි අභිභායතන යි. (3)

අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ‘ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං චතුත්ථං අභිභායතනං. (4)

එකෙක් අධ්‍යාත්ම අරමුණෙහි රූපසංඥා නැත්තේ පිටත්හි වූ අප්‍රමාණ වූ සුවර්ණ දුර්වර්ණ රූපයන් දකී. ඒ රූප අභිභවා ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සතරවන අභිහායතනය යි. (4)

අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. සෙය්යථාපි නාම උම්මාපුප්ඵං1 නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං, එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං පඤ්චමං අභිභායතනං. (5)

එකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්මසංඥා නැත්තේ, නිල් වූ නිල්වන් නිල්දැකුම් ඇති නිල් පැහැ ඇති පිටත්හි රූප දකී. නිල්, නිල්වන්, නිල් දැකුම් ඇති, නිල් පැහැ ඇති දියමෙරලිය මලක් යම් සේ වේද, දෙපිට ම මොළොක් කසීවතෙක් යම්සේ නිල් වේ ද, නිල්වන් වේ ද, නිල් දැකුම් ඇත්තේ වේ ද, නිල් පැහැ වේ ද, එසේ ම එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්මසංඥා නැත්තේ නිල් වූ නිල්වන් වූ නිල්දැකුම් ඇති නිල් පැහැති බාහිර නීලකසිණාලම්බන රූප දකී. ඒ රූප අභිබවා ‘දනිමි දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ පස්වන අභිභායතනය යි. (5)

අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. සෙය්යථාපි නාම කණිකාරපුප්ඵං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං, එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. තානි අභිභුය්ය ‘ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං ඡට්ඨං අභිභායතනං. (6)

එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්මසංඥා නැත්තේ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන්පැහැති බාහිර පීත රූප දකී. රන්වන් වූ රන්වන් දැකුම් ඇති, රන්පැහැ ඇති පීත වූ කිණිහිරි මලෙක් යම් සේ වේ ද, දෙපස මට සිලිටි වූ රන්වන් වූ රන්වන් දැකුම් ඇති රන්පැහැති පීත වූ කසීවතෙක් හෝ යම්සේ ද, එසේ ම එකෙක් අධ්‍යාත්මරූපයෙහි රූපසංඥා නැත්තේ, රන්වන්, රන්වන් දැකුම් ඇති රන්පැහැති බාහිර පීත කසිණ රූපයන් දකී. ඔවුන් මැඩැ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සවන අභිභායතනය යි. (6)

අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි. සෙය්යථාපි නාම බන්ධුජීවකපුප්ඵං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං, එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි. තානි අභිභුය්ය ‘ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං සත්තමං අභිභායතනං. (7)

එකෙක් අධ්‍යාත්මරූපයෙහි රූපසංඥා නැත්තේ රතු වූ රත්වන් වූ රත්වන් දැකුම් ඇති රත්පැහැති බාහිර රූපයන් දකී. රතු වූ රත්වන් වූ රත්වන් දැකුම් ඇති රත්පැහැ වූ බඳුවද මලෙක් යම්සේ වේ ද, දෙපසැ මට සිලිටි වූ රතු වූ රත්වන් වූ රත්වන් දැකුම් රත්පැහැ වූ කසීවතෙක් හෝ යම්සේ වේද, එසේම එකෙක් අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැත්තේ, රතු වූ රතුවන් වූ රත්වන් දැකුම් ඇති, රත්පැහැ වූ බැහිර රූපයන් දකී. ඔවුන් මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සත්වන අභිභායතනය යි. (7)

අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. සෙය්යථාපි නාම ඔසධී තාරකා ඔදාතා ඔදාතවණ්ණා ඔදාතනිදස්සනා ඔදාතනිභාසා, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ඔදාතං ඔදාතවණ්ණං ඔදාතනිදස්සනං ඔදාතනිභාසං, එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. තානි අභිභුය්ය ‘ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං අට්ඨමං අභිභායතනං. (8)

එකෙක් අධ්‍යාත්මරූපයෙහි රූපසංඥා නැත්තේ, සුදු වූ සුදුවන් වූ සුදුවන් දැකුම් ඇති සුදුපැහැ වූ බාහිර රූපාලම්බනයන් දකී. සුදු වූ සුදුවන් දැකුම් ඇති සුදු පැහැ වූ ඔසධී තාරකාව යම් සේ ද, දෙපසැ මට සිලිටි වූ සුදු වූ සුදුවන් දැකුම් ඇති සුදුපැහැති කසීවතෙක් හෝ යම් සේ වේ ද, එසේ ම සුදු වූ සුදුවන් වූ සුදුදැකුම් ඇති සුදුපැහැ වූ බාහිර කසිණ රූපයන් දකී. ඔවුන් මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ අටවැනි අභිභායතනය යි. (8)

ඉමානි ඛො අට්ඨ ආනන්ද, අභිභායතනානි.

අනඳයෙනි, මොහු අටදෙන අභිභායතනයෝ ය.

[අට්ඨ විමොක්ඛා]

[විමෝක්‍ෂ අට]

72. අට්ඨ ඛො ඉමෙ ආනන්ද, විමොක්ඛා. කතමෙ අට්ඨ?

72. අනඳයෙනි, මේ විමෝක්‍ෂයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක් ද යත්:

රූපී රූපානි පස්සති. අයං පඨමො විමොක්ඛො. (1)

රූපධ්‍යාන ඇත්තේ නීලකසිණාදි රූපයන් ධ්‍යාන ඇසින් දකී. මේ පළමුවන විමොක්ෂය යි. (1)

අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති. අයං දුතියො විමොක්ඛො. (2)

අධ්‍යාත්මයෙහි රූපසංඥා නැත්තේ බාහිර රූප දකී. මේ දෙවෙනි විමොක්ෂය යි. (2)

සුභන්තෙව අධිමුත්තො හොති. අයං තතියො විමොක්ඛො. (3)

පිරිසිදු වූ කසිණ අරමුණු දහන් ඇසින් දක්නේ, ‘ශුභ ම යැ’ යි එහි ඇලුණේ වෙයි. මේ තෙවෙනි විමොක්ෂය යි. (3)

සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං චතුත්ථො විමොක්ඛො. (4)

සර්වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහ වැ යෑමෙන් නානාත්වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘අහස අනන්තය’ යි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ සිවුවන විමොක්ෂය යි. (4)

සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං පඤ්චමො විමොක්ඛො. (5)

සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ ‘විඥානය අනන්ත යැ’ යි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමොක්ෂය යි. (5)

සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං ඡට්ඨො විමොක්ඛො. (6)

සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමොක්ෂය යි. (6)

සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං සත්තමො විමොක්ඛො. (7)

සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. ‍මේ සත්වන විමොක්‍ෂය යි. (7)

සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. අයං අට්ඨමො විමොක්ඛො. (8)

සර්වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සංඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි. මේ අටවන විමොක්ෂය යි. (8)

ඉමෙ ඛො ආනන්ද, අට්ඨ විමොක්ඛා.

අනඳයෙනි, මොහු අෂ්ට විමෝක්ෂයෝ ය.

[මාරායචනා]

[මාර ආයාචනය]

73. එකමිදාහං ආනන්ද, සමයං උරුවෙලායං විහරාමි නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධමූලෙ පඨමාභිසම්බුද්ධො. අථ ඛො ආනන්ද, මාරො පාපිමා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො ආනන්ද, මාරො පාපිමා මං එතදවොච: පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා, පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො’ති.

73. අනඳයෙනි, එක් කලෙක මම් බුදු වැ පළමු කොට ම උරුවෙල් දනව්වෙහි නිල්දලා නී තෙරැ අජපල් නුගරුක්මුලැ වෙසෙමි. අනඳයෙනි, එ කලැ පවිටු මරු මා වෙත එළැඹියේ ය. එළැඹ එකත්පස්වැ සිටියේ ය. අනඳයෙනි, එකත්පස් වැ සිටියාවූ ම මර තෙම “වහන්ස, භගවත්හු දැන් පිරිනිවෙත් වා, සුගත්හු පිරිනිවෙත් වා, දැන් භගවත්නට පිරිනිවෙන්නට කල් ය” යි මෙ බස් කී ය.

එවං වුත්තො’හං ආනන්ද, මාරං පාපිමන්තං එතදවොචං: “න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ භික්ඛූ න සාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤාපෙස්සන්ති1 පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති,2 උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං3 නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙස්සන්ති.

අනඳයෙනි, මෙසේ කියන ලද මම් පවිටු මරහට මෙය කීමි. “පවිට, ම සවු මහණහු යම්තාක් කල් ව්‍යක්ත ද විනීත ද විසාරද ද බහුශ්‍රැත ද ධර්මධර ද ධර්මානුධර්මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්මචාරි ද නො වන්නාහු නම්, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පණවන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට නිගහා නෛර්‍ය්‍යාණීක කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.”

න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි. යාව මෙ භික්ඛුනියො න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤාපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙස්සන්ති.

මා සවු මෙහෙණහු යම්තාක් ව්‍යක්ත ද විනීත ද විසාරද ද බහුශ්‍රැත ද ධර්මධර ද ධර්මානුධර්මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්මචාරි ද නො වන්නාහු නම්, ස්ව ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පණවන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු දක්වා මොනොවට නිගහා නෛර්‍ය්‍යාණීක කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිවෙන්නෙමි.

න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ උපාසකා න සාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤාපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙස්සන්ති.

මා සවු උවසුහු යම්තාක් ව්‍යක්ත ද විනීත ද විසාරද ද බහුශ්‍රැත ද ධර්මධර ද ධර්මානුධර්මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්මචාරි ද නො වන්නාහු නම්, ස්ව ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පණවන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත කොට මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිවෙන්නෙමි.

න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ උපාසිකා න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීපටිපන්නා අනුධම්මචාරිනියො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤාපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙස්සන්ති.

මා සවු උවැසීහු යම්තාක් ව්‍යක්ත ද විනීත ද විසාරද ද බහුශ්‍රැත ද ධර්මධර ද ධර්මානුධර්මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්මචාරි ද නො වන්නාහු නම්, ස්ව ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පණවන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත කොට මොනොවට නිගහා නෛර්‍ය්‍යාණීක කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිවෙන්නෙමි.

න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ ඉදං බ්රහ්මචරියං න ඉද්ධඤ්චෙව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං1 පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතන්ති.’

යම්තාක් මගේ මේ සසුන්බඹසර සමෘද්ධ නො වන්නේ ද, ස්ථිත නො වන්නේ ද, විස්තාරිත නො වන්නේ ද, බොහෝ දෙනා අතරැ පැතුරුණේත් පෘථුභූතත් නො වන්නේ ද, යම්තාක් දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිතත් නො වන්නේ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි” යි කීමි.

74. ඉදානෙව ඛො ආනන්ද, අජ්ජ චාපාලෙ2 චෙතියෙ මාරො පාපිමා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො ආනන්ද, මාරො පාපිමා මං එතදවොච: “පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා, පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො. භාසිතා ඛො පනෙසා භන්තෙ, භගවතා වාචා: න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ භික්ඛූ න සාවකා භවිස්සන්ති -පෙ- යාව මෙ භික්ඛුනියො න සාවිකා භවිස්සන්ති -පෙ- යාව මෙ උපාසකා න සාවකා භවිස්සන්ති -පෙ- යාව මෙ උපාසිකා න සාවිකා භවිස්සන්ති -පෙ- යාව මෙ ඉදං බ්රහ්මචරියං න ඉද්ධඤ්චෙව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතන්ති.–

74. අනඳයෙනි, දැනුදු අද චාපාල චෛත්‍යයෙහි මර තෙම මා කරා එළැඹියේ ය. එළැඹ එකත්පස් වැ සිටියේ ය. එකත්පස් ව සිටියේ ම ‘වහන්ස, භගවත්හු දැන් පිරිනිවෙත් වා, සුගත්හු පිරිනිවෙත් වා. දැන් භගවත්නට පිරිනිවෙන්නට කල් ය. වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් “පවිට, යම්තාක් මා සවු මහණහු ... මෙහණහු ... උවසුහු ... උවැසිහු ව්‍යක්ත ද විනීත ද ... නෛර්යාණිකකොට දම් නො දෙසන්නාහු නම් ඒ තාක් නො පිරිනිවෙන්නෙමි. යම්තාක් මගේ මේ සසුන්බඹසර සමෘද්ධ නො වන්නේ ද, ස්ථිත නො වන්නේ ද, විස්තාරිත නො වන්නේ ද, බොහෝ දෙනා අතරැ පැතුරුණේත් පෘථුභූතත් නො වන්නේ ද, යම් තාක් දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිතත් නොවන්නේ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි” යි මේ වචන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය.

එතරහි ඛො පන භන්තෙ, භගවතො බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතං. පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා, පරිනිබ්බාතු සුගතො පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො”ති.

වහන්ස, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සසුන් බඹසර සමෘද්ධ ද ස්ථිත ද විස්තාරිත ද බාහුජන්‍ය ද පෘථුභූත ද දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිත ද වේ. වහන්ස, සැන් භගවත්හු පිරිනිවෙත් වා, සුගත්හු පිරිනිවෙත් වා. වහන්ස, දැන් භගවත්නට පිරිනිවෙන්නට කල්වේ යැ” යි කීය.

එවං වුත්තෙ අහං ආනන්ද, මාරං පාපිමන්තං එතදවොචං: “අප්පොස්සුක්කො ත්වං පාපිම හොහි. න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතො තිණ්ණං මාසානං අච්චයෙන තථාගතො පරිනිබ්බායිස්සතී”ති. ඉදානෙව ඛො ආනන්ද, අජ්ජ චාපාලෙ චෙතියෙ තථාගතෙන සතෙන සම්පජානෙන ආයුසඞ්ඛාරො ඔස්සට්ඨො”ති.

අනඳයෙනි, මෙසේ කී කල්හි මම් “පවිට, තෝ මන්දොත්සාහ වව, නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවන වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ යි කීමි. අනඳයෙනි, අද මේ දැන් චාපාල චෛත්‍යයෙහි දී තථාගතයන් සිහි ඇතියවුන් නුවණින් දන්නවුන් විසින් ආයුසංස්කාරය හරන ලද්දේ යැ” යි වදාළහ.

[ආනන්දයාචනා]

(ආනන්ද - ආයාචනය)

75. එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “තිට්ඨතු භන්තෙ භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං, බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන”න්ති.

75. මෙසේ වදාළ කලැ අනඳ තෙරණුවෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස, හිත පිණිස, සුව පිණිස කපක් වැඩ සිටුනා සේක් වා, සුගතයන් වහන්සේ කපක් වැඩ සිටුනා සේක් ව” කීහ.

අලං ආනන්ද, මා තථාගතං යාචි. අකාලො’දානි ආනන්ද, තථාගතං යාචනායා’ති.

“අනඳයෙනි, කම් නැත, තථාගතයන් නො යදින්න, අනඳයෙනි, තථාගතයන් යදනට දැන් කල් නො වෙ” යි වදාළහ.

දුතියම්පි ඛො ආයස්මා ආනන්දො -පෙ- තතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “තිට්ඨතු භන්තෙ භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං, බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන”න්ති.

දෙවනු ද ... තෙවනු ද අනඳ තෙරණුවෝ “වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස ... කපක් වැඩ සිටුනා සේක් ව” යි කීහ.

සද්දහසි ත්වං ආනන්ද, තථාගතස්ස බොධින්ති? “එවම්භන්තෙ”. අථ කිඤ්චරහි ත්වං ආනන්ද තථාගතං යාවතතියකං අභිනිප්පීළෙසී?ති.

එවිට භගවත්හු “අනඳයෙනි, තථාගතයන්ගේ බෝධිය හදහවු දැයි” අසා වදාළහ. “එසේය, වහන්සැ” යි අනඳ තෙරණුවෝ කීහ. “එසේ නම් අනඳයෙනි, තෙපි කවර හෙයින් තෙවෙනි වර තෙක් තථාගතයන් පෙළවු දැ?” යි අසා වදාළහ.

සම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං: “යස්ස කස්සචි ආනන්ද චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සො ආකඞ්ඛමානො ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා”ති.

වහන්ස, “අනඳයෙනි යමක්හු විසින් සතර සෘද්ධිපාදයෝ වඩන ලද්දාහු, යානයක් බඳු කරන ලද්දාහු, වාස්තුවක් බඳු කරන ලද්දාහු, පිළිපදනා ලද්දාහු, පුරුදු කරන ලද්දාහු, මොනොවට පුරන ලද්දාහු නම්, හේ කැමැත්තේ කපක් හෝ කපකට වැඩිතරම් හෝ සිටිය හැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් වනාහි සතර සෘද්ධිපාදයෝ භාවිත හ, බහුලීකෘත හ, යානීකෘත හ, වාස්තූකෘත හ, අනුෂ්ඨිත හ. පරිචිත හ, සුසමාරබ්ධ හ. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැත්තෝ කපක් හෝ කපකට වැඩිතරම් කලක් හෝ සිටිය හැකි වන්නාහ” යන මේ වචනය භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් මා විසින් අසන ලදි, භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මා විසින් පිළිගන්නා ලදි” යි අනඳ තෙරණුවෝ කීහ.

සද්දහසි ත්වං ආනන්දා?ති. “එවම්භන්තෙ”.

“අනඳයෙනි, තෙපි මෙය හදහවුදැ?” යි බුදුරජුහු අසා වදාළහ. ‘එසේ ය, වහන්සැ’ අනඳ තෙරණුවෝ පිළිවඳන් දුන්හ.

තස්මාතිහානන්ද, තුය්හෙවෙතං දුක්කටං, තුය්හෙවෙතං අපරද්ධං, යං ත්වං තථාගතෙන එවං ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ,1 ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න තථාගතං යාචි ‘තිට්ඨතු භන්තෙ භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන’න්ති. සචෙ ත්වං ආනන්ද තථාගතං යාචෙය්යාසි, ද්වෙව තෙ වාචා තථාගතො පටික්ඛිපෙය්ය, අථ තතියකං අධිවාසෙය්ය. තස්මාතිහානන්ද, තුය්හෙවෙතං දුක්කටං, තුය්හෙවෙතං අපරද්ධං.

“අනඳයෙනි, එබැවින් මෙහි තෙපි තථාගතයන් විසින් මෙසේ ඖදාරික නිමිති කරනු ලබන කල්හි, ඖදාරිකාවභාසය කරනු ලබන කල්හි, යම් හෙයෙකින් එය පිළිවිදිනුවට නො හැකි වූහු ද, ‘වහන්ස, භාග්‍යවත්හු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත්වා’ යි තථාගතයන් නො යැදූහු ද, එය තොපගේ ම දුෂ්කෘතය, තොපගේ ම වරද ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදුහු නම්, තථාගතයෝ තොපගේ වචන දෙකක් පිළිකෙව්නාහ. වැලි තෙවැන්න ඉවසන්නාහ. එහෙයින් අනඳයෙනි, මෙහි මෙය තොපගේ ම දුෂ්කෘතය, තොපගේ ම වරද ය”.

76. එකමිදාහං ආනන්ද, සමයං රාජගහෙ විහරාමි ගිජ්ඣකූටෙ පබ්බතෙ. තත්රාපි ඛො තාහං ආනන්ද ආමන්තෙසිං: රමණීයං ආනන්ද, රාජගහං රමණීයො ගිජ්ඣකූටො පබ්බතො. යස්ස කස්සචි ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්කමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සො ආකඞ්කමානො ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා’ති. එවම්පි ඛො ත්වං ආනන්ද, තථාගතෙන ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න තථාගතං යාචි: ‘තිට්ඨතු භන්තෙ භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන’න්ති. සචෙ ත්වං ආනන්ද, තථාගතං යාචෙය්යාසි, ද්වෙව තෙ වාචා තථාගතො පටික්ඛිපෙය්ය, අථ තතියකං අධිවාසෙය්ය. තස්මාතිහානන්ද, තුය්හෙවෙතං දුක්කටං, තුය්හෙවෙතං අපරද්ධං.

76. අනඳයෙනි, එක් සමයෙක මම් රජගහ නුවරැ ගිජුකුළු පව්වෙහි වෙසෙමි. එහි දී ද මම් තොප බණවා “අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය. ගිජුකුළු පව්ව සිත්කළු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘථ යානිකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාරබ්ධ නම්, හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩියක් කල් සිටිය හැකි වන්නේ යැ” යි කීමි. අනඳයෙනි, මෙසේත් තථාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි, ඖදාරික අවභාසය කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට “වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩසිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදුහු නම්, තථාගතයෝ තොප වචන දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.

එකමිදාහං ආනන්ද, සමයං තත්ථෙව රාජගහෙ විහරාමි ගොතමනිග්රොධෙ2 -පෙ- තත්ථෙව රාජගහෙ විහරාමි චොරපපාතෙ -පෙ- තත්ථෙව රාජගහෙ විහරාමි වෙභාරපස්සෙ සත්තපණ්ණිගුහායං -පෙ- තත්ථෙව රාජගහෙ විහරාමි ඉසිගිලිපස්සෙ කාළසිලායං -පෙ- තත්ථෙව රාජගහෙ විහරාමි සීතවනෙ සප්පසොණ්ඩිකපබ්භාරෙ -පෙ- තත්ථෙව රාජගහෙ විහරාමි තපොදාරාමෙ -පෙ- තත්ථෙව රාජගහෙ විහරාමි වෙළුවනෙ කලන්දක නිවාපෙ -පෙ- තත්ථෙව රාජගහෙ විහරාමි ජීවකම්බවනෙ -පෙ- තත්ථෙව රාජගහෙ විහරාමි මද්දකුච්ඡිස්මිං මිගදායෙ. තත්රාපි3 ඛො තාහං ආනන්ද ආමන්තෙසිං: රමණීයං ආනන්ද රාජගහං, රමණීයො ගිජ්ඣකූටො පබ්බතො -පෙ- රමණීයො ගොතමනිග්රොධො -පෙ- රමණීයො චොරපපාතො -පෙ- රමණීයා වෙභාරපස්සෙ සත්තපණ්ණිගුහා -පෙ- රමණීයා ඉසිගිලිපස්සෙ කාළසිලා -පෙ- රමණීයො සීතවනෙ සප්පසොණ්ඩිකපබ්භාරො -පෙ- රමණීයො තපොදාරාමො -පෙ- රමණීයො වෙළුවනෙ කලන්දකනිවාපො -පෙ- රමණීයං ජීවකම්බවනං -පෙ- රමණීයො මද්දකුච්ඡිස්මිං මිගදායො. යස්ස කස්සචි ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො ආනන්ද චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා’ති.

අනඳයෙනි, එක් සමයෙක්හි මම් ඒ රජගහ නුවරැ ම ගෞතම න්‍යග්‍රොධය මුලැ වෙසෙමි ... ඒ රජගහ නුවර ම චොරප්‍රපාතයෙහි වෙසෙමි ... ඒ රජගහ නුවර ම වෛහාර පර්වතපාර්ශවයෙහි සප්තපර්ණිගුහායෙහි වෙසෙමි - ඒ රජගහ නුවර ම සෘෂිගිරිපාර්ශ්වයෙහි කාලශිලායෙහි වෙසෙමි ... ඒ රජගහ නුවර ම ශීතවනයෙහි සප්පසොණ්ඩික පබ්භාරයෙහි වෙසෙමි … ඒ රජගහ නුවර ම තපෝදාරාමයෙහි වෙසෙමි ... ඒ රජගහ නුවරෙහි කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වෙසෙමි ... ඒ රජගහ නුවරෙහි ම මද්දකුච්ඡි මුවලැවුහි වෙසෙමි. අනඳයෙනි, එහි දී ද තොප බණවා ‘අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය, අනඳයෙනි, ගෞතම න්‍යග්‍රොධය සිත්කලු ය, ... චොරප්‍රපාතය සිත්කලු ය ... වෛහාරපාර්ශ්වයෙහි සප්තපර්ණීගුහාව සිත්කලු ය ... සෘෂිගිරිපාර්ශ්වයෙහි කාලශිලාව සිත්කලු ය ... ශීතවනයෙහි සප්පසොණ්ඩිකපබ්හාරය සිත්කලු ය ... තපෝදාරාමය සිත්කලු ය ... කලන්‍දකනිවාප නම් වූ වේළුවනය සිත්කලු ය ... මද්දකුච්ඡි මුවවනය සිත්කලු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත ද බහුලීකෘත ද යානීකෘත ද වාස්තුකෘත ද, අනුෂ්ඨිත ද පරිචිත ද සුසමාරබ්ධ ද හේ කැමැත්තේ කපක් හෝ කපකට වැඩියක් කල් හෝ සිටිය හැකි වන්නේ යැ’ යි කීමි.

එවම්පි ඛො ආනන්ද, තථාගතෙන ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ -පෙ- නාසක්ඛි පටිවිජ්ඣිතුං. න තථාගතං යාචි ‘තිට්ඨතු භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති’. සචෙ ත්වං ආනන්ද, තථාගතං යාචෙය්යාසි, ද්වෙ තෙ වාචා තථාගතො පටික්ඛිපෙය්ය, අථ තතියකං අධිවාසෙය්ය. තස්මාතිහානන්ද, තුය්හෙවෙතං දුක්කටං, තුය්හෙවෙතං අපරද්ධං.

අනඳයෙනි, මෙසේත් තථාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ... එය දැනගන්නට නො හැකි වූහ. ‘භගවත්හු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, ‍දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස කපක් හෝ කපකට වැඩියක් වැඩ සිටිත් වා’ යි තථාගතයන් නො ම යැදූහ. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තොපගේ වචන දෙකක් ම තථාගතයෝ පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. එහෙයින් අනඳයෙනි, මෙහි තොපගේ ම දුෂ්කෘතය වෙයි, තොපගේ ම වරද වෙයි.‍

77. එකමිදාහං ආනන්ද, සමයං ඉධෙව වෙසාලියං විහරාමි උදෙනචෙතියෙ. තත්රාපි ඛො තාහං ආනන්ද ආමන්තෙසිං: රමණීයා ආනන්ද වෙසාලී, රමණීයං උදෙනං චෙතියං. යස්ස කස්සචි ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා -පෙ- සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා තථාගතස්ස ඛො ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා -පෙ- සුසමාරද්ධා. සො ආකඞ්ඛමානො ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා’ති. එවම්පි ඛො ත්වං ආනන්ද, තථාගතෙන ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ -පෙ- නාසක්ඛි පටිවිජ්ඣිතුං -පෙ- තස්මාතිහානන්ද තුය්හෙවෙතං දුක්කටං, තුය්හෙවෙතං අපරද්ධං.

77. අනඳයෙනි, එක් සමයෙක්හි මේ විසල්පුරෙහි ම උදේන චෛත්‍යයෙහි වෙසෙමි. එහි දී ද අනඳයෙනි, තොප බණවා “අනඳයෙනි, විසල් පුර සිත්කලු ය, උදේන චෛත්‍යය සිත්කලු ය. අනඳයෙනි, යමක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත ... සුසමාරබ්ධ වී නම්, හේ කැමැත්තේ කපක් හෝ කපකට වැඩි කල් සිටිය හැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් වනාහි සතර සෘද්ධිපාදයෝ භාවිත හ ... සුසමාරබ්ධ හ. ඔබ කැමැත්තාහු කපක් හෝ එයට වැඩියක් කල් හෝ සිටියැ හැකි වන්නාහ” යි කීමි. අනඳයෙනි, මෙසේ තථාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ... එය දැනගන්නට නො හැකි වූහ. එහෙයින් අනඳයෙනි, මෙහි මේ තොපගේ ම දෘෂ්කෘතය ය, මේ තොපගේ ම වරද ය.

එකමිදාහං ආනන්ද, සමයං ඉධෙව වෙසාලියං විහරාමි ගොතමකෙ චෙතියෙ -පෙ- ඉධෙව වෙසාලියං විහරාමි සත්තම්බෙ චෙතියෙ -පෙ- ඉධෙව වෙසාලියං විහරාමි බහුපුත්තෙ චෙතියෙ. -පෙ- ඉධෙව වෙසාලියං විහරාමි සාරන්දදෙ චෙතියෙ -පෙ- ඉදානෙව ඛො තාහං ආනන්ද, අජ්ජ චාපාලෙ චෙතියෙ ආමන්තෙසිං: රමණීයා ආනන්ද වෙසාලී, රමණීයං චාපාලං චෙතියං, -පෙ- යස්ස කස්සචි ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා’ති. එවම්පි ඛො ත්වං ආනන්ද, තථාගතෙන ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ, ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න තථාගතං යාචි: තිට්ඨතු භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති. සචෙ ත්වං ආනන්ද, තථාගතං යාචෙය්යාසි, ද්වෙව තෙ වාචා තථාගතො පටික්ඛිපෙය්ය, අථ තතියකං අධිවාසෙය්ය. තස්මාතිහානන්ද, තුය්හෙවෙතං දුක්කටං, තුය්හෙවෙතං අපරද්ධං.

අනඳයෙනි, මම් එක් සමයෙක මෙහි විසල්පුරැ ගෞතමක චෛත්‍යයෙහි වෙසෙමි ... මේ විසල්පුරෙහි ම සප්තාමුචෛත්‍යයෙහි වෙසෙමි ... මේ විසල්පුරයෙහි ම බහුපුත්‍රක චෛත්‍යයෙහි වෙසෙමි ... මේ විසල්පුරයෙහි ම සාරන්‍දද චෛත්‍යයෙහි වෙසෙමි ... අනඳයෙනි, අද දැන් මේ චාපාල චෛත්‍යයෙහි දී තොප බණවා ‘අනඳයෙනි, විසල්පුර සිත්කලු ය, චාපාලචෛත්‍යය සිත්කලු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාරබ්ධ නම්, හේ කැමැත්තේ කපක් හෝ කපකට වැඩියක් කල් සිටියැ හැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර සෘද්ධිපාද භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වාස්තුකෘත ය, අනුෂ්ඨිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැත්තාහු නම් කපක් හෝ එයට වැඩියක් කල් සිටිය හැකි වන්නාහ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තථාගතයන් විසින් ඖදාරික නිමිත්තය කරනු ලබන කල්හි, ඖදාරිකාවභාසය කරනු ලබන කල්හි, එය දැනගන්නට නො හැකි වූහු. ‘බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුග්‍රහ පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස, භගවත්හු කපක් වැඩසිටිත් වා, සුගත්හු කපක් වැඩසිටිත් ව’ යි තථාගතයන් නො යැදූහ. අනඳයෙනි, ඉදින් තෙපි යැදූහු නම්, තථාගතයෝ තොප කී බස දෙවරක් ම පිළිකෙව්නාහ. තෙවෙනි වරැ ඉවසන්නාහ. එහෙයින් අනඳයෙනි, මෙහි මේ තොපගේ ම දුෂ්කෘතය වෙයි, තොපගේ ම වරද වෙයි.

78. නන්වතෙං ආනන්ද, මයා පටිගච්චෙව අක්ඛාතං: සබ්බෙහෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ්ඤථාභාවො. තං කුතෙත්ථ ආනන්ද, ලබ්භා යං තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං. තං වත මා පලුජ්ජීති. නෙතං ඨානං විජ්ජති. යං ඛො පනෙතං ආනන්ද, තථාගතෙන චත්තං වන්තං මුත්තං පහීණං පටිනිස්සට්ඨං, ඔස්සට්ඨො ආයුසඞ්ඛාරො, එකංසෙන වාචා තථාගතෙන භාසිතා ‘න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති, ඉතො තිණ්ණං මාසානං අච්චයෙන තථාගතො පරිනිබ්බායිස්සතී’ති. තඤ්චෙනං1 තථාගතො ජීවිතහෙතු පුන පච්චාවමිස්සතී’ති නෙතං ඨානං විජ්ජති.

78. අනඳයෙනි, ප්‍රිය වූ මන වඩන්නාවූ සියලු දැය කෙරෙන් වෙන් වීම, ඉවත් වීම, අන් සැටියෙකින් වීම යන මෙය මා විසින් කල් තබා ම තොපට කියන ලද්දේ නො වේ ද? අනඳයෙනි, යමක් උපන්නේ ද, වූයේ ද, සැකැසුණේ ද, පලුදු වන සුලු ද, ‘එය පලුදු නො වේ වා’ යි යන මෙය කොයින් ලැබෙන්නේ ද? මෙ කරුණ විද්‍යාමාන නො වේ. අනඳයෙනි, යමක් තථාගතයන් විසින් හරන ලද ද, බැහැර කරන ලද ද, මුදන ලද ද, පහ කරන ලද ද, දුරැ ලන ලද ද, යම් ආයුසංස්කාරයෙක් හරන ලද ද, නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ යැ යි. මෙයින් තෙමසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ’ යි යම් ඒකාන්ත වචනයෙක් තථාගතයන් විසින් කියන ලද ද, ඒ වචනය තථාගතයෝ දිවි යෙහින් නුමුදු වළහන්නාහ යන මෙය නැත්තේ ය. මේ කාරණය අවිද්‍යාමාන ය.

79. ආයාමානන්ද, යෙන මහාවනං කූටාගාරසාලා තෙනුපසඞ්කමිස්සාමා’ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන සද්ධිං යෙන මහාවනං කූටාගාරසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ගච්ඡ ත්වං ආනන්ද, යාවතිකා භික්ඛූ වෙසාලිං උපනිස්සාය විහරන්ති, තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙහී”ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා, යාවතිකා භික්ඛූ වෙසාලිං උපනිස්සාය විහරන්ති, තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “සන්නිපාතිතො භන්තෙ භික්ඛුසඞ්ඝො, යස්ස’දානි භන්තෙ භගවා කාලං මඤ්ඤතී”ති.

79. ‘අනඳයෙනි, යමු, මහාවනය යම් තැනෙක ද, කුළාරහල වෙහෙර යම් තැනෙක ද, එ තැනට එළැඹෙන්නම්හ’ යි බුදුරජුහු වදාළහ. ‘එසේ ය වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. එකල්හි භාග්‍යවත්හු ආයුෂ්මත් අනඳ තෙරුන් හා මහ වෙනෙහි කුළාරහල් වෙහෙර කරා වැඩියහ. වැඩ අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, යවු, යම් පමණ මහණහු විසල්පුර නිසා වෙසෙත් ද, ඔවුන් හැම උවටන්හලැ රැස්කරවු’ යි වදාළහ. ‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ බුදුරජුනට පිළිවදන් දී විසල්පුර වසනා තාක් හැම මහණුන් උවටන්හලැ රැස් කොට භාග්‍යවත් බුදුරජුන් කරා එළැඹ වැඳ පසෙක සිටියාහ. පසෙක සිටියා වූ අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට ‘වහන්ස, බික්සඟ රැස් කරන ලද්දේ ය. යමක් පිණිස භාග්‍යවතුන් වහන්සේ දැන් කල් සිතන සේක් නම් මේ ඒ කලැ’ යි සැළ කළහ.

[බ්රහ්මචරියචිරට්ඨිතික - ධම්මදෙසනා]

[බ්‍රහ්මචර්‍ය්‍යාචිරස්ථායි ධර්‍මදේශනා]

80. අථ ඛො භගවා යෙන උපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “තස්මාතිහ භික්ඛවෙ, යෙ තෙ2 මයා ධම්මා අභිඤ්ඤා දෙසිතා, තෙ වො සාධුකං උග්ගහෙත්වා ආසෙවිතබ්බා භාවෙතබ්බා බහුලීකාතබ්බා යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමෙ ච තෙ භික්ඛවෙ, ධම්මා මයා අභිඤ්ඤා3 දෙසිතා, යෙ වො4 සාධුකං උග්ගහෙත්වා ආසෙවිතබ්බා භාවෙතබ්බා බහුලීකාතබ්බා යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. සෙය්යථිදං, චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො.

80. ඉක්බිති භගවත්හු උවටන්හල කරා එළැඹියහ. එළැඹ, පණවා තුබුණු අස්නැ වැඩහුන්හ. වැඩහිඳ ම මහණුන් බණවා, “මහණෙනි, යම් සේ මේ සසුන්බඹසර බොහෝ කල් පැවැත්ත හෙන්නේ ද, චිරස්ථිතික වන්නේ ද, එසේ මෙහි මා විසින් යම් ධර්ම කෙනෙක් වෙසෙසි නුවණින් දැන දෙසන ලද ද, තොප විසින් ඒ මොනොවට ඉගෙන ආසේවන කළ යුතු, භාවනා විසින් වැඩිය යුතු, බහුල වශයෙන් කළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට අර්ථ පිණිස, හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි, යම්සේ මේ සසුන් බඹසර බොහෝ කල් පැවැත්ත හෙන්නේ ද, චිරස්ථිතික වන්නේ ද, එය බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට අර්ථ පිණිස, හිත පිණිස, සුව පිණිස වන්නේ ද, එසේ ඒ යම් ධර්ම කෙනෙක් තොප විසින් මොනොවට ඉගෙන ආසේවන කළ යුතු ද, වැඩිය යුතු ද, බහුල කළ යුතු ද, මහණෙනි, මා විසින් වෙසෙසි නුවණින් දැන දෙසන ලද ඒ ධර්මයෝ කවුරු ද යත්: ඔහු නම් සතර සතිපට්ඨානයෝ ය, සතර සම්‍යක්ප්‍රධානයෝ ය, සතර සෘද්ධිපාදයෝ ය, පංච ඉන්ද්‍රි‍යයෝ ය, පඤ්ච බල ය, සප්ත බොධ්‍යඞ්ග ය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ය යන මොහු ය.

ඉමෙ ඛො භික්ඛවෙ, ධම්මා මයා අභිඤ්ඤා දෙසිතා. තෙ වො සාධුකං උග්ගහෙත්වා ආසෙවිතබ්බා භාවෙතබ්බා බහුලීකාතබ්බා යථායිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.”

මහණෙනි, මේ ධර්මයෝ වනාහි මා විසින් වෙසෙසි නුවණින් දැන දෙසන ලදහ. ඔහු තොප විසින් මේ සසුන්බඹසර බොහෝ කල් පවත්නා පිණිස, චිරස්ථිතික වනු පිණිස, මොනොවට ඉගෙන ආසේවන කළ යුතු, වැඩියැ යුතු, බහුල කල යුතු. එය ‍බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සැප පිණිස වන්නේ යැ” යි වදාළහ.

81. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “හන්‍ද’දානි භික්ඛවෙ, ආමන්තයාමි වො. වයධම්මා සඞ්ඛාරා. අප්පමාදෙන සම්පාදෙථ. නචිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතො තිණ්ණං මාසානං අච්චයෙන තථාගතො පරිනිබ්බායිස්සතී”ති. ඉදමවොච භගවා. ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා.1

81. ඉක්බිති භගවත්හු භික්‍ෂූන් බණවා, “මහණෙනි, දැන් තොප අමතමි. සංස්කාරයෝ නැසෙන සුල්ලහ. නොපමායෙන් තුන්සික සපයවු. නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවන වන්නේ ය. මෙයින් තුන් මස් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ” යි වදාළහ. භගවත්හු මෙය වදාළහ. සුගත්හු මෙය වදාරා ඉක්බිති ඒ ශාස්තෘහු ගාථාබන්ධන වශයෙන් අනෙකක් වූ මේ වචන ද වදාළහ:

පරිපක්කො වයො මය්හං පරිත්තං මම ජීවිතං
පහාය වො ගමිස්සාමි කතම්මෙ සරණමත්තනො.

අප්පමත්තා සතිමන්තො සුසීලා හොථ භික්ඛවො,
සුසමාහිතසඞ්කප්පා සචිත්තමනුරක්ඛථ.

යො ඉමස්මිං ධම්මවිනයෙ අප්පමත්තො විහස්සති2
පහාය ජාතිසංසාරං දුක්ඛස්සන්තං කරිස්සතී’ති.

“මගේ වයස මුහුකෙළේ ය. මගේ ජීවිතකාලය (තව) ස්වල්පයකි. තොප හැර යන්නෙමි. මා විසින් තමහට පිහිට කරන ලද්දේ ය.

මහණෙනි, නොපමා වවු, සිහි ඇත්තෝ වවු, සුසිල් වවු, මොනොවට පිහිටුවූ සම්‍යක්කල්පනා ඇත්තෝ තමන් සිත රැකගනිවු.

යමෙක් මේ සස්නෙහි නොපමා ව වෙසෙන්නේ නම්, හෙතෙම ජාතිසංසාරය (ඉපැත්ම ද සසර ද නොහොත් ජාතිසංඛ්‍යාත සසර) හැරැ ලා දුක් කෙළවර කරන්නේ ය.”

තතියභාණවාරො.

තෙවෙනි බණවර යි.

[චත්තාරො අරියධම්මා]

[ආර්‍ය්‍යධර්ම සතර]

82. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පාවිසි. වෙසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නාගාපලොකිතං1 වෙසාලිං අපලොකෙත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ඉදං පච්ඡිමකං ආනන්ද, තථාගතස්ස වෙසාලියා දස්සනං භවිස්සති. ආයාමානන්ද, යෙන භණ්ඩගාමො2 තෙනුපසඞ්කමිස්සාමා’ති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන භණ්ඩගාමො තදවසරි. තත්ර සුදං භගවා භණ්ඩගාමෙ විහරති.

82. ඉක්බිත්තෙන් භගවත්හු පෙරවරු සමයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන විසල්පුර පිඬු පිණිස පිවිසියහ. විසල්පුරැ පිඬු පිණිස හැසිර පසුබත්හි පිඬුවායෙන් පෙරළා වැඩියාහු, නාගාපලෝකනයෙන් විසල්පුර බලාවදාරා, අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, මේ තථාගතයන්ගේ පහ්චිම වෛශාලිදර්ශනය වන්නේ ය. යමු, අනඳයෙනි, භාණ්ඩගාමය වෙත එළඹෙන්නමු” යි වදාළහ. ‘එසේ ය වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භගවත්හු මහත් බික්සඟන කැටුව භණ්ඩ ගම වෙත වැඩියහ. භගවත්හු එහි භණ්ඩ ගමෙහි වැඩවෙසෙති.

තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “චතුන්නං භික්ඛවෙ, ධම්මානං අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. කතමෙසං චතුන්නං? අරියස්ස භික්ඛවෙ, සීලස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. අරියස්ස භික්ඛවෙ, සමාධිස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. අරියාය භික්ඛවෙ, පඤ්ඤාය -පෙ- අරියාය භික්ඛවෙ, විමුත්තියා -පෙ-

එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් බණවා, “මහණෙනි, සතර ධර්මයන් අනුබෝධ නොකිරීමෙන් ප්‍රතිවේධ නොකිරීමෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොපගේ ද සසරැ සැරුම විය. කවර සතර ධර්මයන්ගේ (අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන්) ද යත්: මහණෙනි, ආර්‍ය්‍ය ශීලයාගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොපගේ ද සසරැ දිවැ හැවිදීම, සසරැ සැරීම විය. මහණෙනි, ආර්‍ය්‍ය සමාධිහුගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොපගේ ද සසරැ දිවැ හැවිදීම, සසරැ සැරීම විය. මහණෙනි, ආර්‍ය්‍ය ප්‍රඥාවගේ ... මහණෙනි, ආර්‍ය්‍ය විමුක්තියගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන් මෙසේ මේ දීර්ඝ කාලයක් මගේ ද තොපගේ ද සසරැ දිව හැවිදීම, සසර සැරීම විය.

තයිදං භික්ඛවෙ, අරියං සීලං අනුබුද්ධං. පටිවිද්ධං අරියො සමාධි අනුබුද්ධො පටිවිද්ධො. අරියා පඤ්ඤා අනුබුද්ධා පටිවිද්ධා. උච්ඡින්නා භවතණ්හා, ඛීණා භවනෙත්ති. නත්ථිදානි පුනබ්භවො”ති. ඉදමවොච භගවා ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:

මහණෙනි, ඒ ආර්‍ය්‍ය ශීලය මා විසින් ද තොප විසින් ද අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ඒ ආර්‍ය්‍ය සමාධිය මා විසින් ද තොප විසින් ද අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ඒ ආර්‍ය්‍ය ප්‍රඥාව මා විසින් ද තොප විසින් ද අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. භවතෘෂ්ණාව සිඳුනා ලදි, භවනෙත්තිය ක්‍ෂීණ විය. දැන් පුනර්භවයෙක් නැතැ” යි වදාළහ. භගවත්හු මෙය, වදාළහ. සුගත්හු මෙය වදාරා, යලිදු ගාථා බන්ධන විසින් අනෙකක් වූ මේ වචන වදාළහ:

“සීලං සමාධි පඤ්ඤා ච විමුත්ති ච අනුත්තරා
අනුබුද්ධා ඉමෙ ධම්මා ගොතමෙන යසස්සිනා,

“ලොවුතුරු ශීලය ද ලොවුතුරු සමාධිය ද ලොවුතුරු ප්‍රඥාව ද ලොවුතුරු විමුක්තිය ද යන මේ දහම්හු කීර්තිමත් ගෞතමයන් විසින් අනුබෝධ කරන ලදුහ.

ඉති බුද්ධො අභිඤ්ඤාය ධම්මමක්ඛාසි භික්ඛුනං
දුක්ඛස්සන්තකරො සත්ථා චක්ඛුමා පරිනිබ්බුතො”ති.

මෙසේ බුදුහු වෙසෙසින් දැන මහණුනට දහම් දෙසූහ. පසැස් ඇති, දුක් නැසූ ඒ ශාස්තෘහු කෙලෙස් පිරිනිවනින් පිරිනිවියාහ.”

තත්රාපි සුදං භගවා භණ්ඩගාමෙ විහරන්තො එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්යථිදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා’ති.

භාග්‍යවතුන් වහන්සේ ඒ භණ්ඩගාමයෙහි වසන සේක් “ශීලය මෙ බඳු යැ, සමාධිය මෙ බඳු යැ, ප්‍රඥාව මෙ බඳු යැ. ශීලයෙන් පරිභාවිත සමාධිය මහත් පල ඇත්තේ ය, මහත් අනුසස් ඇත්තේ ය, සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත් ඵල ඇත්තේය, මහත් අනුසස් ඇත්තේ ය, ප්‍රඥායෙන් පරිභාවිත සිත කාමාස්‍රවය කෙරෙන් ද භවාස්‍රවය කෙරෙන් ද අවිද්‍යාස්‍රවය කෙරෙන් දැ යි මෙසේ මෙ කී ආස්‍රව කෙරෙන් මොනොවට ම මිදේ යැ” යැ යි භික්‍ෂූනට මෙය ම බහුල කොටැති ධර්මකථාවක් කරන සේක.

[චත්තාරො මහාපදෙසා]

සතර මහා අපදේශ

83. අථ ඛො භගවා භණ්ඩගාමෙ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ආයාමානන්ද, යෙන හත්ථිගාමො, යෙන අම්බගාමො, යෙන ජම්බුගාමො, යෙන භොගනගරං තෙනුපසඞ්කමිස්සාමා”ති. “එවම්භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන භොගනගරං තදවසරි. තත්ර සුදං භගවා භොගනගරෙ විහරති ආනන්දෙ චෙතියෙ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භණ්ඩගාමයෙහි කැමැති තාක් රැඳී හිඳ, අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, එවු යමු, හස්තිග්‍රාමය යම් තැනෙක ද එතැනට එළැඹෙන්නමු’ යි වදාළ සේක ... අම්බගාමය යම් තැනෙක ද එ තැනට ... ජම්බුගාමය යම් තැනෙක ද එ තැනට … භෝග නගරය යම් තැනෙක ද එහි යන්නමු’ යි වදාළ සේක. ‘එසේ යැ, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුව භෝග නගරය කරා වැඩි සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ භෝග නගරයෙහි ආනන්‍ද චෛත්‍යස්ථානයෙහි වැඩ වෙසෙන සේක.

තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “චත්තාරො’ මෙ භික්ඛවෙ, මහාපදෙසෙ දෙසිස්සාමි. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමී”ති. “එවම්භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:

ඉධ භික්ඛවෙ, භික්ඛු එවං වදෙය්‍ය: “සම්මුඛා මෙතං ආවුසො, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං, අයං ධම්මො අයං විනයො ඉදං සත්‍ථුසාසනන්ති”. තස්ස භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්‍දිතබ්බං න පටික්කොසිතබ්බං. අනභිනන්‍දිත්‍වා අප්පටික්කොසිත්‍වා තානි පදබ්‍යඤ්ජනානි සාධුකං උග්ගහෙත්‍වා සුත්තෙ ඔතාරෙතබ්බානි1 විනයෙ සන්‍දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි2 විනයෙ සන්‍දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරන්ති3 න ච විනයෙ සන්‍දිස්සන්ති, නිට්ඨමෙත්‍ථ ගන්තබ්බං: අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං, ඉමස්ස ච භික්ඛුනො දුග්ගහිතන්ති. ඉති හෙතං භික්ඛවෙ, ඡඩ්ඩෙය්‍යාථ. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්‍දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති විනයෙ ච සන්‍දිස්සන්ති, නිට්ඨමෙත්‍ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං තස්ස භගවතො වචනං. ඉමස්ස ච භික්ඛුනො සුග්ගහිත’න්ති. ඉමං භික්ඛවෙ, පඨමං මහාපදෙසං ධාරෙය්‍යාථ. (1)

83. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, “මහණෙනි, සතර මහා අපදේශයන් දෙසන්නෙමි. එය අසවු, මොනොවට සිත්හි කරවු, කියන්නෙමි” යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ ’ යි ඒ මහණහු භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, මෙහි මහණෙක්, ‘ඇවැත්නි, ධර්මය මේ යැ, විනය මේ යැ, ශාස්තෘශාසනය මේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සිට මා විසින් මෙය අසන ලද්දේ ය, භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී පිළිගන්නා ලද්දේ යැ’ යි මෙසේ කියන්නේ නම්, මහණෙනි, (එ පමණින්) එ මහණහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යංජන මොනොවට ඉගෙන සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳියැ යුතු. ඉදින් සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි නො බස්නාහු ද, විනයයෙහි නො සැසැ‍ඳෙන්නාහු ද, එ විටැ ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ, මෙය මේ මහණහු වරදවා ගත් දැයෙකැ’ යි මෙහි නිෂ්ඨාවට පැමිණියැ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඒ පද ව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහිත් බැසැගනිත් ද විනයෙහිත් සැසැ‍ඳෙත් ද, එ විටැ ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ, යි මේ මහණහු විසින් මෙය මොනොවට උගන්නා ලදැ’ යි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ පළමු මහා අපදේශය සිත්හි ලා දරවු. (1)

ඉධ පන භික්ඛවෙ, භික්ඛු එවං වදෙය්ය: අමුකස්මිං නාම ආවාසෙ සඞ්ඝො විහරති සථෙරො සපාමොක්ඛො. තස්ස මෙ සඞ්ඝස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන’න්ති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං නප්පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි1 විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි2 විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරන්ති3 න ච විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං, තස්ස ච සඞ්ඝස්ස දුග්ගහිත’න්ති. ඉති හෙතං භික්ඛවෙ, ඡඩ්ඩෙය්යාථ. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං තස්ස භගවතො වචනං, තස්ස ච සඞ්ඝස්ස සුග්ගහිත’න්ති. ඉදං භික්ඛවෙ, දුතියං මහාපදෙසං ධාරෙය්යාථ. (2)

මහණෙනි, මෙහි මහණෙක් ‘තෙරුන් සහිත ගණපාමොක් මහණක්හු සහිත භික්‍ෂුසංඝයා අසෝ නම් ආවාසයෙහි වෙසෙයි. ‘මේ දහමැ යි, මේ විනයැ යි, මේ ශාස්තෘශාසන යැ යි ඒ සඟන හමුයෙහි සිටි මා විසින් අසන ලදි, අසා ඒ සඟන හමුයෙහි මැ පිළිගන්නා ලදැ’ යි කියන්නේ වී නම් මහණෙනි, (එ පමණින්) ඒ මහණහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහාලියැ යුතු, විනයෙහි සැසැඳිය යුතු. ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො ම බැස ගන්නාහු නම් විනයෙහි නො ද සැසැ‍ඳෙත් නම්, ‘ඒකාන්තයෙන් මේ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ’ යැයි ද ‘ඒ සඟන විසිනුත් වරදවා ගන්නා ලද්දෙකැ’ යි ද කියා මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මෙය ද බැහැර ලවු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙකින් බැස ගනිත් නම්, විනයෙහිත් සැසැ‍ඳෙත් නම්, ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ මෙය ඒ සඟන විසිනුත් මොනොවට උගන්නා ලද්දේ යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ දෙවෙනි මහ අපදේශය සිත්හි ලා දරවු. (2)

ඉධ පන භික්ඛවෙ, භික්ඛු එවං වදෙය්ය: අමුකස්මිං නාම ආවාසෙ සම්බහුලා ථෙරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා. තෙසං මෙ ථෙරානං සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන’න්ති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං නප්පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි, විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරන්ති න ච විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: “අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං, තෙසඤ්ච ථෙරානං දුග්ගහිත’න්ති. ඉති හෙතං භික්ඛවෙ, ඡඩ්ඩෙය්යාථ. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං තස්ස භගවතො වචනං, තෙසඤ්ච ථෙරානං සුග්ගහිත’න්ති. ඉදං භික්ඛවෙ, තතියං මහාපදෙසං ධාරෙය්යාථ. (3)

මහණෙනි, මෙහි මහණෙක් ‘අසෝ නම් ආවාසයෙහි බොහෝ ඇසූ පිරූ තන් ඇති, වාචෝද්ගත කළ ආගමය ඇති, ධර්මධර විනයධර මාතෘක ධර බොහෝ ස්ථවිර භික්‍ෂූහු වෙසෙත්. ‘මේ ධර්මයැ’යි ‘මේ විනයැ’ යි ‘මේ ශාස්තෘශාසනයැ’ යි ඒ තෙරුන් හමුයෙහි සිටි මා විසින් අසන ලදි. මා විසින් පිළිගන්නා ලදැ’ යි කියන්නේ නම්, මහණෙනි, ඒ මහණහුගේ වචනය නො මැ පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු, නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳිය යුතු. ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො බැසැගනිත් ද, විනයෙහි නො සැසැ‍ඳෙත් ද, එ විටැ ‘ඒකාන්තයෙන් මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනය නො වේ, ඒ තෙරවරුන් විසින් ද මෙය වරදවා ගන්නා ලදසේ යැ’ යි මෙහි නිෂ්ඨාවට පැමිණියැ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඔහු සූත්‍රයෙහ් බහාලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි බැසැ ගනිත් ද, විනයෙහි සැසැ‍ඳෙත් ද, ‘ඒකාන්තයෙන් මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යි, ඒ තෙරවරුන් විසිනුත් මොනොවට උගන්නා ලද සේ යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ තෙවෙනි මහා අපදේශය සිත්හි ලා දරවු. (3)

ඉධ පන භික්ඛවෙ, භික්ඛු එවං වදෙය්ය: ‘අමුකස්මිං නාම ආවාසෙ එකො ථෙරො භික්ඛු විහරති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො. තස්ස මෙ ථෙරස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං: ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන’න්ති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං නප්පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරන්ති, න ච විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං, තස්ස ච ථෙරස්ස දුග්ගහිත’න්ති. ඉති හෙතං භික්ඛවෙ, ඡඩ්ඩෙය්යාථ. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං තස්ස භගවතො වචනං, තස්ස ච ථෙරස්ස සුග්ගහිත’න්ති. ඉදං භික්ඛවෙ, චතුත්ථං මහාපදෙසං ධාරෙය්යාථ. (4) ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො මහාපදෙසෙ ධාරෙය්යාථා”ති.

ම‍හණෙනි, මෙහි මහණෙක් ‘අසෝ නම් ආවාසයෙහි බොහෝ ඇසූ පිරූ තන් ඇති, වාචෝද්ගත ආගමය ඇති, ධර්මධර විනයධර මාතෘකාධාර එක් ස්ථවිර භික්‍ෂු නමෙක් වෙසෙයි. ‘මේ ධර්මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ’ යි ඒ තෙරුන් හමුයෙහි සිටි මා විසින් අසන ලදි, ඒ තෙරුන් හමුයෙහි මා විසින් පිළිගන්නා ලදැ’ යි මෙසේ කියන්නේ නම්, මහණෙනි, ඒ මහණහුගේ වචනය එ පමණින් නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳියැ යුතු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහා ලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො ම බැසගනිත් ද, විනයෙහිත් නො ම සැසැ‍ඳෙත් ද, එ විටැ ‘මෙය ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ, ඒ තෙරහු විසින් ද වරදවා ගන්නා ලද්දෙකැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහා ලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි බැසගනිත් ද, විනයෙහිත් සැසැ‍ඳෙත් ද, එ විට ‘මෙය ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ. ඒ තෙරහු විසිනුත් මොනොවට ඉගෙන ඇති නියා යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ සිවුවන මහා අපදේශය සිත්හි ලා දරවු. (4) මහණෙනි, මේ සතර මහා අපදේශයන් සිත්හි දරවු” යනුයි.

තත්රපි සුදං භගවා භොගනගරෙ විහරන්තො ආනන්දෙ චෙතියෙ එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති: ‘ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්යථිදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා’ති.

භාග්‍යවතුන් වහන්සේ ඒ භෝග නගරයෙහි අනඳ සෑයෙහි වසන සේක්, “සිල් නම් මෙසේ යැ, සමාධි නම් මෙසේ යැ, ප්‍රඥාව මෙසේ යැ, ශීලයෙන් පරිභාවිත සමාධිය මහත් පල හා මහත් අනුසස් හා ඇත්තේ වේ, සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත් පල හා මහත් අනුසස් හා ඇති වේ, ප්‍රඥායෙන් පරිභාවිත සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රවකෙරෙන් මොනොවට මිදේ යැ” යි මහණුනට මේ ධර්මකථාව ම බහුල කොට කරන සේක.

[චුන්ද-කම්මාරපුත්තකථා]

චුන්ද කර්මාරපුත්‍ර කථාව

84. අථ ඛො භගවා භොගනගරෙ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ආයාමානන්ද, යෙන පාවා, තෙනුපසඞ්කමිස්සාමා”ති. “එවම්භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන පාවා තදවසරි. තත්ර සුදං භගවා පාවායං විහරති චුන්දස්ස කම්මාරපුත්තස්ස අම්බවනෙ. අස්සොසි ඛො චුන්දො කම්මාරපුත්තො: ‘භගවා කිර පාවං අනුප්පත්තො, පාවායං විහරති මය්හං අම්බවනෙ’ති. අථ ඛො චුන්දො කම්මාරපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො චුන්දං කම්මාරපුත්තං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො චුන්දො කම්මාරපුත්තො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො භගවන්තං එතදවොච: ‘අධිවාසෙතු මෙ භන්තෙ, භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො චුන්දො කම්මාරපුත්තො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.

84. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ භෝග නගරයෙහි කැමැතිතාක් කල් රැඳී සිට, අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, එවු, යමු, පාවා නුවර කරා යන්නම් හ’ යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුව පාවා නුවර කරා වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පාවා නුවරැ චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ අඹ වෙනෙහි වැඩ වෙසෙන සේක. චුන්ද කර්මාර පුත්‍ර තෙම ‘භගවත්හු පාවා නුවරට වැඩියාහු, පාවා නුවරැ මගේ අඹවෙනෙහි වෙසෙත් ලු’ යි ඇසී ය. එ කලැ චුන්ද කර්මාර පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් ඔබ වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ ම චුන්ද කර්මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දෙලෝ වැඩ දැක්වූ සේක. දැක්වූ වැඩෙහි සිත් ගැන්වූ සේක. එහි සිත තියුණු කළ සේක. එහි සිත සතුටු කළ සේක. එ කල්හි චුන්‍ද කර්මාර පුත්‍ර තෙම භගවත් බුදුරජුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වන ලදුයේ, දෙලෝ වැඩෙහි සිත ගැන්වුණේ, එහි සිත තියුණු කරන ලදුයේ, එහි සිත සතුටු කරන ලදුයේ, ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවසට බික්සඟන හා මා බත ඉවසන සේක් වා’ යි කීය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් එය ඉවැසූ සේක. ඉක්බිති චුන‍්‍ද කර්මාර පුත්‍ර තෙම භගවත් බුදුරජුන්ගේ ඉවැසීම දැන, හුනස්නෙන් නැගී ඔබ වැඳ, පැදකුණු කොට නික්මියේ ය.

අථ ඛො චුන්දො කම්මාරපුත්තො තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා පහූතඤ්ච සූකරමද්දවං, භගවතො කාලං ආරොචාපෙසි: කාලො භන්තෙ, නිට්ඨිතං භත්තන්ති. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන චුන්දස්ස කම්මාරපුත්තස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා චුන්දං කම්මාරපුත්තං ආමන්තෙසි: ‘යන්තෙ චුන්ද, සූකරමද්දවං පටියත්තං, තෙන මං පරිවිස. යං පනඤ්ඤං ඛාදනීයං භොජනීයං පටියත්තං, තෙන භික්ඛුසඞ්ඝං පරිවිසා’ති. ‘එවම්භන්තෙ’ති ඛො චුන්දො කම්මාරපුත්තො භගවතො පටිස්සුත්වා යං අහොසි සූකරමද්දවං පටියත්තං, තෙන භගවන්තං පරිවිසි. යං පනඤ්ඤං ඛාදනීයං භොජනීයං පටියත්තං, තෙන භික්ඛුසඞ්ඝං පරිවිසි.

ඉක්බිති චුන්‍ද කර්මාර පුත්‍ර තෙම එ රැය ඇවෑමෙන් සිය ගෙහි ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍ය ද ‍ බොහෝ සූකරමාර්දව ද පිළියෙල කරවා, ‘වහන්ස, වඩනට කල් පැමිණියේ ය, බත පිළියෙළ කොට නිමැවිණැ’ යි කියා භගවත් බුදුරජුනට කාලය දන්වා යැවී ය. භාග්‍යවතුන් වහන්සේ ද පෙරවරු සෙමෙහි හැඳැ පෙරවැ පා සිවුරු ගෙන බික්සඟන කැටුව චුන්‍ද කර්මාර පුත්‍රයාගේ ගෙට වැඩි සේක. වැඩ ප්‍රඥප්ත අසුන්හි හිඳගත් සේක. හිඳැගෙන (ඒ සූකරමාර්දවය ඒ කිසිදු භික්‍ෂූනමක් විසින් දිරවා ගත නොහෙනු දැක), චුන්‍ද කර්මාර පුත්‍රයා බණවා, “චුන්‍දයෙනි, තොප විසින් යම් සූකරමාර්දවයෙක් පිළියෙල කරන ලද ද, එයින් මා වළඳවව, යම් අන් ඛාද්‍යයෙක් භෝජ්‍යයෙක් පිළියෙල කරන ලද ද, එයින් බික්සඟන වළඳවව’ යි වදාළ සේක. චුන්‍ද කර්මාර පුත්‍ර ද ‘එසේ යැ, වහන්සැ’ යි භගවත් බුදුරජුනට පිළිවදන් දී, පිළියෙල කරන ලද යම් සූකරමාර්දවයෙක් වී ද එයින් භගවත් බුදුරජුන් වැළැඳැවී ය. යම් අන් ඛාද්‍ය භෝජනයෙක්, පිළියෙල කරන ලද ද, එයින් බික්සඟන වැළැඳවී ය.

අථ ඛො භගවා චුන්දං කම්මාරපුත්තං ආමන්තෙසි: යන්තෙ චුන්ද, සූකරමද්දවං අවසිට්ඨං, තං සොබ්භෙ නිඛනාහි. නාහං තං චුන්ද, පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ, සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය, යස්ස තං පරිභුත්තං සම්මා පරිණාමං ගච්ඡෙය්ය අඤ්ඤත්ර තථාගතස්සා’ති. ‘එවම්භන්තෙ’ති ඛො චුන්දො කම්මාරපුත්තො භගවතො පටිස්සුත්වා, යං අහොසි සූකරමද්දවං අවසිට්ඨං, තං සොබ්භෙ නිඛණිත්වා, යෙන භගවා තෙනුපසඞ්කමි: උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො චුන්දං කම්මාරපුත්තං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චුන්‍ද කර්මාරපුත්‍රයා අමතා, ‘චුන්‍දයෙනි, ‍තොප පිළීයෙල කළ යම් සූකරමාර්දවයෙක් ඉතිරි වැ ඇද්ද, එය වළෙකැ ලව. චුන්‍දයෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවැ, මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්මුළුයෙහි, තථාගතයන් හැර අන් යමක්හු විසින් ඒ සූකරමාර්දවය වළඳන ලද්දේ ජඨරාග්නියෙන් මැනැවින් දිරීමට යන්නේ නම්, එ වැන්නක්හු මම් නො දකිමි’ යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි කියා ම චුන්‍ද කර්මාර පුත්‍ර භගවත් බුදුරජුනට පිළිවදන් දී, යම් ඉතිරි වැ තුබුණු සූකරමාර්දවයෙක්වී ද, එය වළෙකැ ලා භගවත් බුදුරජුන් කරා එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ පසෙක හුන්නේ ය. පසෙකැ හුන් චුන්‍ද කර්මාරපුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් දන් අනුහස් දක්වා එහි සිත් ගන්වා, එහි සිත තියුණු කොට, එහි සිත සතුටු කොට, හුනස්නෙන් නැඟී වැඩි සේක.

[ලොහිතපක්ඛන්දිකා ආබාධො]

ලෝහිත පක්ඛන්දිකා ආබාධය

85. අථ ඛො භගවතො චුන්දස්ස කම්මාරපුත්තස්ස භත්තං භුත්තාවිස්ස ඛරො ආබාධො උප්පජ්ජි ලොහිතපක්ඛන්දිකා. පබාළ්හා වෙදනා වත්තන්ති මාරණන්තිකා. තා සුදං භගවා සතො සම්පජානො අධිවාසෙසි අවිහඤ්ඤමානො.

85.චුන්‍ද කර්මාරපුත්‍රයාගේ බොජුන වැළැඳූ භාග්‍යවතුන් වහන්සේට ක්‍රෑර වූ ලෝහිත පක්ඛන්දිකා රෝගයෙක් උපන. මරණය කෙළවර කොටැති ඉතා දැඩි දුක් වේදනාවෝ පවත්නාහ. භාග්‍යවතුන් වහන්‍සේ එළැඹැ සිටි සිහි ඇති සේක්, නුවණින් දන්නා සේක්. ඒ රෝගයෙන් නො ම ගැහැටෙන සේක්, ඒ දුක් වේදනාවන් ඉවැසූ සේක.

අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ආයාමානන්ද, යෙන කුසිනාරා තෙනුපසඞ්කමිස්සාමා”ති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් ඇමැතූ සේක. අමතා, ‘අනඳයෙනි, එමු, කුසිනාරාව කරා යන්නමු’ යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ.

“චුන්දස්ස භත්තං භුඤ්ජිත්වා කම්මාරස්සාති මෙ සුතං,
ආබාධං සම්ඵුසී ධීරො පබාළ්හං1 මාරණන්තිකං.

චුන්‍ද කර්මාරපුත්‍රයාගේ බත වැළැඳීමෙන් ධීර වූ බුදුරජුහු මරණය කෙළවර කොටැති ඉතා දැඩි ආබාධයක් ස්පර්ශ කළහ’ යි මා විසින් අසන ලදි.

භුත්තස්ස ච සූකරමද්දවෙන,
බ්යාධිප්පබාළ්හෙ උදපාදි සත්ථුනො.
විරිඤ්චමානො2 භගවා අවොච
ගච්ඡාමහං කුසිනාරං නගරන්ති.”

සූකරමාර්දවය හා බොජුන් වැළැඳූ ශාස්තෲන් වහන්සේට ඉතා දරුණු වූ ව්‍යාධියෙක් උපන. භගවත්හු එක්වන් පැවැති ලෝහිත විරේචන ඇත්තාහු, මම් කුසිනාරා නුවර යමි’ යි වදාළහ.”

[ආනන්දෙන පානීයාහරණං]

අනඳ තෙරුන් පැන් ගෙනැ ඊම

86. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම යෙනඤ්ඤතරං රුක්ඛමූලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤපෙහි. කිලන්තො’ස්මි ආනන්ද, නිසීදිස්සාමී”ති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤපෙසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, පානීයං ආහර, පිපාසිතො’ම්හි ආනන්ද, පිවිස්සාමී’ති. එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “ඉදානි භන්තෙ, පඤ්චමත්තානි සකටසතානි අතික්කන්තානි. තං චක්කච්ඡින්නං උදකං පරිත්තං ලුළිතං ආවිලං සන්දති. අයං භන්තෙ, කකුත්ථා නදී අවිදූරෙ අච්ඡොදකා3 සාතොදකා සීතොදකා සෙතකා4 සුපතිත්ථා5 රමණීයා. එත්ථ භගවා පානීයඤ්ච පිවිස්සති, ගත්තානි ච සීතීකරිස්සතීති”. දුතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, පානීයං ආහර, පිපාසිතො’ස්මි ආනන්ද, පිවිස්සාමී’ති. දුතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “ඉදානි භන්තෙ, පඤ්චමත්තානි සකටසතානි අතික්කන්තානි. තං චක්කච්ඡින්නං උදකං පරිත්තං ලුළිතං ආවිලං සන්දති. අයං භන්තෙ කකුත්ථා නදී අවිදූරෙ අච්ඡොදකා සාතොදකා සීතොදකා සෙතකා4 සුප්පතිත්ථා5 රමණීයා. එත්ථ භගවා පානීයඤ්ච පිවිස්සති, ගත්තානි ච සීතීකරිස්සතී”ති.

86. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මඟින් ඉවත් වැ, එක්තරා රුකක් මුලට වැඩිසේක. වැඩ අනඳ තෙරුන් බණවා, අනඳයෙනි, මා සඟළ සිවුර සිවු ගුණ කොට පණවවු, ක්ලාන්තයෙමි, අනඳයෙනි, හිඳගන්නෙමි’ යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි අනඳ තෙරණුවෝ බුදුරජුනට පිළිවදන් දී, සඟළ සිවුර සිවුගුණ කොට පැණැවූ හ. එසේ පැණැවුණු අස්නෙහි භගවත්හු වැඩහුන්හ. භගවත්හු වැඩහිඳ ම ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙවු, පවස් ඇතියෙමි, පැන් බොන්නෙමි’ යි වදාළ සේක. මෙසේ වදාළ කල්හි, අනඳ තෙරණුවෝ බුදුරජුනට “වහන්ස, පන්සියක් පමණ ගැල්හු ඉක්මියාහ. ගැල් සකින් සිඳුණු මඳ වූ ජලය කැලැඹුණේ බොරවැ ගලා යයි. වහන්ස, මේ කකුත්ථා නදිය නොදුරෙහි ය, පහන් දිය ඇත්තේ ය, මිහිරි දිය ඇත්තේ ය, සිසිල් දිය ඇත්තේ ය, මඩ නැත්තේ ය, මනා තොට ඇත්තේ ය, සිත්කලු ය. භාග්‍යවතුන් වහන්සේ ඒ මේ කකුත්ථා නදියෙහි දී පැන් වැළැඳිය හැකි වන සේක, ඇඟ සිසිල් කැරැගත හැකි වන සේකැ” යි කීහ. භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වර ද අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, මට පැන් ගෙනෙවු, පවස් ඇතියෙමි, පැන් බොන්නෙමි’ යි වදාළ සේක. දෙවෙනි වර ද අනඳ තෙරණුවෝ බුදුරජුනට, ‘වහන්ස, දැන් පන්සියක් පමණ ගැල්හු ඉක්මියාහ. ගැල්සකින් සිදුණු මඳ වූ ජලය කැලැඹුණේ බොර වැ ගලා යෙයි. වහන්ස, මේ කකුත්ථා නදිය නොදුරෙහි ය, පහන් දිය ඇත්තේ ය, මිහිරි දිය ඇත්තේ ය, සිසිල් දිය ඇත්තේ ය, මඩ නැත්තේ ය, මනා කොට ඇත්තේ ය, සිත්කලු ය, භාග්‍යවතුන් වහන්සේ ඒ මේ කකුත්ථා නදියෙහි දී පැන් වැළැඳියැ හැකි වන සේක, ඇඟ සිසිල් කැරැ ගත හැකි වන සේකැ’ යි කීහ.

තතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, පානීයං ආහර, පිපාසිතො’ස්මි ආනන්ද, පිවිස්සාමී”ති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා පත්තං ගහෙත්වා යෙන සා නදිකා තෙනුපසඞ්කමි.
අථ ඛො සා නදිකා චක්කච්ඡින්නා පරිත්තා ලුළිතා ආවිලා සන්දමානා ආයස්මන්තෙ ආනන්දෙ උපසඞ්කමන්තෙ අච්ඡා විප්පසන්නා අනාවිලා සන්දිත්ථ. අථ ඛො ආයස්මතෙ, ආනන්දස්ස එතදහොසි: ‘අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. අයං හි සා නදිකා චක්කච්ඡින්නා පරිත්තා ලුළිතා ආවිලා සන්දමානා මයි උපසඞ්කමන්තෙ අච්ඡා විප්පසන්නා අනාවිලා සන්දතී’ති. පත්තෙන පානීයං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. ඉදානි සා භන්තෙ නදිකා චක්කච්ඡින්නා පරිත්තා ලුළිතා ආවිලා සන්දමානා මයි උපසඞ්කමන්තෙ අච්ඡා විප්පසන්නා අනාවිලා සන්දිත්ථ. පිවතු භගවා පානීයං, පිවතු සුගතො පානීයන්ති”. අථ ඛො භගවා පානීයං අපාසි.

තෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙවු. පවස් ඇතියෙමි, පැන් බොන්නෙමි’ යි වදාළ සේක. ‘එසේ යැ, වහන්සැ’ යි කියා ම අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දී, පාත්‍රය ගෙන ඒ කුඩා නදිය වෙතට වැඩියාහ. එ කල්හි ගැල් සකින් සිඳුණු ස්වල්ප ජලය ඇති, කැළැඹුණු, බොර වූ ඒ කුඩා නදිය ගලනුයේ, අනඳ තෙරුන් එළැඹෙන විටැ පහන් වැ, වෙසෙසින් පෑදුණු දියැති වැ කැලැඹුම් නැති වැ ගැලීය. එ විටැ අනඳ තෙරුනට භවත්නි, තථාගතයන් වහන්සේගේ මහර්ද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය යැ, අද්භූත යැ. ස්වල්ප දිය ඇති, ගැල් සකින් සිඳුණු කැලැඹුණු, බොර වැ ගලන මේ නදිය මා එළැඹෙන විට පහන් විය, වෙසෙසින් පෑදුණු දිය ඇති විය, කැලැඹුම් නැති වැ ගලා යැ” යි මේ සිත විය. ඉක්බිති තෙරණුවෝ පාත්‍රයෙන් පැන් ගෙන භගවත් බුදුරජුන් වෙත එළැඹියාහ. එළැඹ ඔබට, “වහන්ස, තථාගතයන් වහන්සේගේ මහර්ධි ඇති බව, මහත් අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය යැ, අද්භූත යැ! වහන්ස, දැන් ගැල්සකින් සිඳී ගිය ජලය ඇති, ස්වල්ප ජලය ඇති, කැළැඹුණු බොර වැ ගලන ඒ කුඩා නදිය මා එළැඹෙන කලැ පහන් වැ, වෙසෙසින් පෑදුණු දිය ඇති වැ කැළැඹුම් නැති වැ බොර නැති වැ ගැලී ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සේක් වා, සුගතයන් වහන්සේ පැන් වළඳන සේක් වා” යි කීහ. එ විටැ භාග්‍යවතුන් වහන්සේ පැන් වැළැඳූ සේක.

[පුක්කුසමල්ලපුත්තකථා]

පුක්කුස මල්ල පුත්‍ර කථාව

87. තෙන ඛො පන සමයෙන පුක්කුසො මල්ලපුත්තො ආළාරස්ස කාලාමස්ස සාවකො කුසිනාරාය පාවං අද්ධානමග්ගපටිපන්නො හොති. අද්දසා ඛො පුක්කුසො මල්ලපුත්තො භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං. දිස්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පුක්කුසො මල්ලපුත්තො භගවන්තං එතදවොච: “අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, සන්තෙන වත භන්තෙ, පබ්බජිතා විහාරෙන විහරන්ති. භූතපුබ්බං භන්තෙ, ආළාරො කාලාමො අද්ධානමග්ගපටිපන්නො මග්ගා ඔක්කම්ම අවිදූරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො භන්තෙ, පඤ්චමත්තානි සකටසතානි ආළාරං කාලාමං නිස්සාය නිස්සාය අතික්කමිංසු. අථ ඛො භන්තෙ, අඤ්ඤතරො පුරිසො තස්ස සකටසත්ථස්ස පිට්ඨිතො පිට්ඨිතො ආගච්ඡන්තො යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොච: “අපි භන්තෙ, පඤ්චමත්තානි සකටසතානි අතික්කමන්තානි අද්දසා?’ති. ‘න ඛො අහං ආවුසො අද්දසන්ති.’ ‘කිම්පන භන්තෙ, සද්දං අස්සොසී?’ති. ‘න ඛො අහං ආවුසො, සද්දං අස්සොසි’න්ති. ‘කිම්පන භන්තෙ, සුත්තො අහොසී?’ති. න ඛො අහං ආවුසො, සුත්තො අහොසි’න්ති. ‘කිම්පන භන්තෙ, සඤ්ඤී අහොසී?’ති. ‘එවමාවුසො’ති. ‘සො ත්වං භන්තෙ, සඤ්ඤී සමානො ජාගරො පඤ්චමත්තානි සකටසතානි නිස්සාය නිස්සාය අතික්කමන්තානි නෙව අද්දස, න පන සද්දං අස්සොසි. අපිස්සු තෙ භන්තෙ, සඞ්ඝාටි රජෙන ඔකිණ්ණා?ති. ‘එවමාවුසො’ති. අථ ඛො භන්තෙ, තස්ස පුරිසස්ස එතදහොසි: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, සන්තෙන වත භො පබ්බජිතා විහාරෙන විහරන්ති. යත්ර හි නාම සඤ්ඤී සමානො ජාගරො පඤ්චමත්තානි සකටසතානි නිස්සාය නිස්සාය අතික්කමන්තානි නෙව දක්ඛිති, න පන සද්දං සොස්සතී’ති ආළාරෙ කාලාමෙ උළාරං පසාදං පවෙදිත්වා පක්කාමී”ති.

87. එකලැ වනාහි ආළාරකාලාම තවුසාණන්ගේ ශ්‍රාවක වූ පුක්කුස නම් මල්ල පුත්‍රයෙක් කුසිනාරායෙන් පාවා නුවරට යන දික් මඟට පිළිපන්නේ වෙයි. පුක්කුස මල්ලපුත්‍ර තෙමෙ එක්තරා රුකක් මුලැ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක ඔබ වෙතට ගියේ ය. ගොස් ඔබ වැඳ පසෙක හිඳ ගත. එක් පසෙක හුන්නා වූ ම පුක්කුස මල්ල පුත්‍ර තෙමෙ භගවත් බුදුරජුනට මෙසේ කී ය: වහන්ස, ආශ්චර්‍ය්‍යය! වහන්ස, අද්භූත ය!! වහන්ස, පැවිද්දෝ ශාන්ත වූ විහරණයෙන් වෙසෙත්. වහන්ස, පෙරැ වූවක් කියම්. “පෙරැ ආළාර කාලාමයෝ දික් මඟකට පිළිපන්නාහු, මඟින් ඉවත් වැ නොදුරෙහි වූ එක්තරා රුකක් මුලැ දිවාවිහරණය පිණිස හුන්හ. වහන්ස, එ කල්හි එක්තරා පුරුෂයෙක් ඒ ගැල්සාත්තුව පසු පයින් එනුයේ, ආළාර කාලාමයන් කරා එළැඹියේ ය. එළැඹ, ‘වහන්ස, (මෙ පෙදෙස) ගැටි ගැටි ඉක් මැ යන පන්සියයක් පමණ ගැල් දුටු සේක් දෝ?’යි විචාළේ ය. ‘ඇවැත්නි, මම් නො ම දිටිමි’යි ආළාරකාලාමයෝ වදාළහ. ‘වහන්ස, කිම? ගැල්සක් හඬ ඇසූ සේක දෝ?’ යි හේ විචාළේ ය. ‘ඇවැත්නි, ගැල්සක් හඬ ද නො ම ඇසීමි’ යි ආළාරකාලාමයෝ වදාළාහ. ‘වහන්ස කිමෙක් ද? නිද්‍රෝපගත වැ හොත් සේක් දෝ’යි හේ පුළුවුත. ‘ඇවැත්නි මම් නිද්‍රෝපගත ද නො වීමි’ යි ආළාරකාලාමයෝ වදාළහ. ‘කිමෙක් ද? වහන්ස, ඔබ සංඥා ඇති වැ හුන් සේක් දැ?’ යි හේ පුළුවත. ‘එසේ යැ, ඇවැත්නි’ යි ආළාර කාලාමයෝ වදාළහ. ‘වහන්ස, ඔබ සංඥා ඇති වන්නාහු ම, පිබිදැ හුන්නාහු ම ගැටි ගැටී ඉක්මැ යන පන්සියයක් පමණ ගැල් නො දුටුවාහ, ගැල්සක් හඬ නො ම ඇසුවාහ. වහන්ස, එහෙත් ඔබ සඟළ සිවුරු ධූලියෙන් වැකුණේ යැ!’ යි හේ කීය. ‘එසේ යැ ඇවැත්නි’ යි ආළාර කාලාමයෝ වදාළහ. වහන්ස, එ විටැ ඒ පුරුෂයාට මේ සිත විය. ‘භවත්නි, ආශ්චර්‍ය්‍ය යැ! භවත්නි, පුදුම යැ!! යමෙක් සංඥාව ම පිබිදැ හුන්නේ ම ගැටි ගැටි ඉක්මෙන පන්සියයක් පමණ ගැල් නො ම දිටී ද, ගැල් හඬක් නො ම ඇසී ද, එ බඳු වූ ශාන්ත විහරණයෙකින් මේ පැවිද්දෝ වෙසෙති!!!’ යි මේ සිත විය. හේ මෙසේ ආළාරකාලාමයන් කෙරෙහි මහත් ප්‍රසාදය පළ කොට එතැනින් නික්මියේ ය” යනු යැ.

තං කිම්මඤ්ඤසි පුක්කුස, කතමන්නු ඛො දුක්කරතරං වා දුරභිසම්භවතරං වා යො සඤ්ඤී සමානො ජාගරො පඤ්චමත්තානි සකටසතානි නිස්සාය නිස්සාය අතික්කමන්තානි නෙව පස්සෙය්ය, න පන සද්දං සුණෙය්ය, යො වා සඤ්ඤී සමානො ජාගරො දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ විජ්ජුතාසු1 නිච්ඡරන්තිසු අසණියා ඵලන්තියා නෙව පස්සෙය්ය න පන සද්දං සුණෙය්යා?ති.

“පුක්කුසයෙනි, එය තෙපි කිමැ යි සිත වු ද? යමෙක් සංඥීවන්නේ ම පිබිද ඉන්නේ ම දිව දී යන පන්සියයක් පමණ ගැල් නො ම දක්නේත් නො ම අසන්නේ ත් වේ ද, යමෙක් හෝ සංඥී වැ ම, පිබිදැ ඉන්නේ ම, (වියැලි ගැජුම් කොට අතරින් පතර) වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි, විදුලිය නික්මෙන කල්හි, හෙණ පුපුරන කල්හි, එය නො ම දක්නේ ද, එහි හඬ හෝ නො ම අසන්නේ ද, මේ දෙකින් කිමෙක් නම් වඩා දුෂ්කර ද, වඩා දුර්ලභ දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.

“කිඤ්හි භන්තෙ, කරිස්සන්ති පඤ්ච වා සකටසතානි ඡ වා සකටසතානි සත්ත වා සකටසතානි අට්ඨ වා සකටසතානි නව වා සකටසතානි සකටසහස්සං වා සකටසතසහස්සං වා. අථ ඛො එතදෙව දුක්කරතරං චෙව දුරභිසම්භවතරඤ්ච යො සඤ්ඤී සමානො ජාගරො දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ විජ්ජුතාසු නිච්ඡරන්තිසු අසණියා ඵලන්තියා නෙව පස්සෙය්ය න පන සද්දං සුණෙය්යා”ති.

“වහන්ස, පන් සියයෙක් හෝ හය සියයෙක් හෝ හත් සියෙක් හෝ අට සියයෙක් හෝ නව සියයෙක් හෝ දහසෙක් හෝ සිය දහසෙක් හෝ ගැල්හු කුමක් කරන්නාහු ද? වැලි දු යමෙක් සංඥී ව ම, පිබිදැ හිඳ ම, වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි විදුලිය නික්මෙන කල්හි, හෙණ පුපුරන කල්හි එය නො දක්නේ නම්, එහි හඬත් නො අසන්නේ නම්, මෙය ම වඩා දුෂ්කර යැ, වඩා දුර්ලභ යැ” යි පුක්කුස කී ය.

එකමිදාහං පුක්කුස, සමයං ආතුමායං විහරාමි භූසාගාරෙ. තෙන ඛො පන සමයෙන දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ විජ්ජුතාසු නිච්ඡරන්තීසු අසණියා ඵලන්තියා අවිදූරෙ භුසාගාරස්ස ද්වෙ කස්සකා භාතරො හතා චත්තාරො ච බලිවද්දා. අථ ඛො පුක්කුස, ආතුමාය මහාජනකායො නික්ඛමිත්වා යෙන තෙ ද්වෙ කස්සකා භාතරො හතා චත්තාරා ච බලිවද්දා, තෙනුපසඞ්කමි. තෙන ඛො පනාහං පුක්කුස, සමයෙන භුසාගාරා නික්ඛමිත්වා භුසාගාරද්වාරෙ අබ්භොකාසෙ චඞ්කමාමි. අථ ඛො පුක්කුස, අඤ්ඤතරො පුරිසො තම්හා මහාජනකායා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො අහං පුක්කුස තං පුරිසං එතදවොචං ‘කින්නුඛො සො ආවුසො මහාජනකායො සන්නිපතිතො?ති. ඉදානි භන්තෙ, දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ විජ්ජුතාසු නිච්ඡරන්තීසු අසණියා ඵලන්තියා ද්වෙ කස්සකා භාතරො හතා චත්තාරො ච බලිවද්දා. එත්ථෙසො මහාජනකායො සන්නිපතිතො. ත්වම්පන භන්තෙ කුහිං අහොසී?’ති. ‘ඉධෙව ඛො අහං ආවුසො අහොසි’න්ති. ‘කිම්පන භන්තෙ න අද්දසා?ති. ‘න ඛො අහං ආවුසො අද්දසන්ති’. ‘කිම්පන භන්තෙ සද්දං අස්සොසී?’ති. ‘න ඛො අහං ආවුසො සද්දං අස්සොසින්ති’. ‘කිම්පන භන්තෙ සුත්තො අහොසී?ති. ‘න ඛො අහං ආවුසො සුත්තො අහොසින්ති’. ‘කිම්පන භන්තෙ සඤ්ඤී අහොසී?’ති. ‘එවමාවුසො’ති. ‘සො ත්වං භන්තෙ, සඤ්ඤී සමානො ජාගරො දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ විජ්ජුතාසු නිච්ඡරන්තීසු අසණියා ඵලන්තියා නෙව අද්දස, න පන සද්දං අස්සොසී?’ති. ‘එවමාවුසො’ති.

එවිට, භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්, ‘පුක්කුසයෙනි, මම් එක් සමයෙක ආතුමා නම් නුවරැ පිදුරුකිළියෙකැ වෙසෙන්නෙම් වීමි. එ සමයෙහි වැසි වස්නා කලැ, මේ ගැජුම් පවත්නා කලැ, විදුලිය හැසිරෙන කලැ, සෙණ පුපුරන කලැ ඒ පිදුරු කිළීයට නොදුරෙහි ගොවිදෙබෑ කෙනෙක් ද ගොන්නු සිවු දෙනෙක් ද නැසුණහ. පුක්කුසයෙනි, එ කලැ ආතුමා වුනරින් මහජන මුළුවෙක් නික්මැ අවුත් ඒ මළා වූ ගොවි දෙබෑයන් ද සිවු ගවයන් ද හෝනා තැනට ආය. පුක්කුසයෙනි, එ වෙලෙහි මම්, පිදුරු කිළියෙන් නික්මැ, එහි දොර එළිමහනේ සක්මන් කෙරෙමි. පුක්කුසයෙනි, එ කලැ ඒ මහජන මුළුවෙන් එක්තරා මිනිසෙක් මා කරා ආ ය. අවුත් මා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටි ඒ මිනිසා බණවා, “ඇවැත්නි, කවර හෙයින් මහජනමුළුවෙක් රැස් විණි දැ?” යි ඇසීමි. “වහන්ස, දැන් වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි, විදුලිය නික්මෙන කල්හි, හෙණ වැටෙන කල්හි, දෙ බෑ ගොවි කෙනෙක් ද සිවු දෙනෙක් ගවයෝ ද නටහ. එහි තෙල මහජන මුළුව රැස් විය. වහන්ස, ඔබ කොහි වූ හු ද?” යි ඒ මිනිසා කී ය. “ඇවැත්නි, මම් මෙහි ම වීමි” යි මම් කීමි. “වහන්ස කිම? එය ඔබ නො දුටු සේක් දෝ?” යි හේ පුළුවුත. “මම් නොදිටිමි ඇවැත්නි” යි මම් කීමි. “කිමෙක් ද? වහන්ස, ඔබවහන්සේ ඒ හඬ ඇසූ සේක් දැ?” යි හේ පුළුවුත. “ඇවැත්නි, මම් ඒ හඬ නො ඇසීමි” යි කීමි. “කිමෙක් ද, වහන්ස, ඔබ සංඥී වූහු ද?” යි හේ පුළුවුත. ‘එසේ ය ඇවැත්නි’ යි මම් කීමි. “වහන්ස, ඒ ඔබ වහන්සේ සංඥී වන සේක් ම පිබිදැ හුන් සේක් ම, වැසි වස්නා කලැ මේ ගැජුම් පවත්නා කලැ, විදුලිය හැසිරෙන කලැ, සෙණ පුපුරන කලැ එය නොම දුටු සේක් ද? හඬ හෝ නො ම ඇසූ සේක් දැ?” යි හේ විචාළේ ය. “එ සේය, ඇවැත්නි” යි මම් කීමි. පුක්කුසයෙනි, එ විටැ, “භවත්නි, යමෙක් සංඥීව ම, පිබිදැ හුන්නේ ම, වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි, විදුලිය හැසිරෙන කල්හි, සෙණ පුපුරන කල්හි එය නො ම දුටුයේ ද, එහි හඬත් නො ම ඇසුයේ ද, එ බඳු වූ ශාන්ත විහරණයෙකින් පැවිද්දෝ වෙසෙත්” යැ යි ඒ පුරුෂයාට මේ සිත විය. ඉක්බිති හෙ තෙම මා කෙරෙහි මහත් ප්‍රසාදය පහළ කොට, මා වැඳ පැදැකුණු කොට නික්මියේ යැ” යි වදාළ සේක.

අථ ඛො පුක්කුස, තස්ස පුරිසස්ස එතදහොසි. ‘අච්ඡරියං වත භො අබ්භූතං වත භො, සන්තෙන වත භො පබ්බජිතා විහාරෙන විහරන්ති. යත්ර හි නාම සඤ්ඤී සමානො ජාගරො දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ විජ්ජුතාසු නිච්ඡරන්තීසු අසණියා ඵලන්තියා නෙව දක්ඛීති, න පන සද්දං සොස්සතී’ති මයි උළාරං පසාදං පවෙදෙත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමී’ති.

මෙසේ වදාළ කල්හි, පුක්කුස මල්ලපුත්‍ර තෙම “වහන්ස, ආළාර කාලාමයන් කෙරෙහි මගේ යම් පැහැදීමක් වී ද, එය මහ සුළ‍‍ඟෙහි පොළා හරිමි. සැඩ දිය පාර ඇති නදියෙක හෝ පා කොට යවමි. වහන්ස, අභිකාන්ත යැ, වහන්ස, අභිකාන්ත යැ. වහන්ස, යම් සේ මුහුණින් නමා තබන ලද්දක් උඩුකුරු කොට තබන්නේ ද, පිළිසන් වූවක් හෝ විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට මඟ හෝ කියන්නේ ද, ‘ඇස් ඇතියන් රූප දකිති’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එසේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පැවැසිණ. “වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද බික්සඟන ද සරණයෙමි. අද පටන් කොට, දිවි හිමින් සරණ ගිය උවසුවකු කොට භාග්‍යවතුන් වහන්සේ මා සලකා වදාරන සේක් වා” යි කී ය.

එවං වුත්තෙ පුක්කුසො මල්ලපුත්තො භගවන්තං එතදවොච: ‘එසාහං භන්තෙ, යො මෙ ආළාරෙ කාලාමෙ පසාදො, තං මහාවාතෙ වා ඔපුනාමි, සීඝසොතාය වා නදියා පවාහෙමි. අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති, එවමෙව භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති. අථ ඛො පුක්කුසො මල්ලපුත්තො අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි. ‘ඉඞ්ඝ මෙ ත්වං භණෙ සිඞ්ගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං ආහාර’ති. ‘එවං භන්තෙ’ති සො පුරිසො පුක්කුසස්ස මල්ලපුත්තස්ස පටිස්සුත්වා තං සිඞ්ගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං ආහරි. අථ ඛො පුක්කුසො මල්ලපුත්තො තං සිඞ්ගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං භගවතො උපනාමෙසි ‘ඉදම්භන්තෙ සිඞ්ගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං. තම්මෙ භන්තෙ භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා’ති. ‘තෙන හි පුක්කුස, එකෙන මං අච්ඡාදෙහි එකෙන ආනන්දන්ති’. ‘එවම්භන්තෙ’ති ඛො පුක්කුසො මල්ලපුත්තො භගවතො පටිස්සුත්වා එකෙන භගවන්තං අච්ඡාදෙසි එකෙන ආයස්මන්තං ආනන්දං. අථ ඛො භගවා පුක්කුසං මල්ලපුත්තං ධම්මියා කථාය සන්දස්සෙසි, සමාදපෙසි, සමුත්තෙජෙසි, සම්පහංසෙසි. අථ ඛො පුක්කුසො මල්ලපුත්තො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.

ඉක්බිති පුක්කුස මල්ලපුත්‍ර තෙම එක්තරා පුරුෂයකු බණවා, “සගය යව, රන්වන් වූ මට සිලිටි වූ මඟුල් උළෙල ඈහි මා විසින් දැරියැ යුතු වූ වස්ත්‍ර යුගලය ගෙනෙව” යි කී ය. ‘එසේ යැ ස්වාමීනි’ යි කියා හේ පුරුෂ තෙම ඒ රන්වන් මට සිලිටි වත් යුවල ගෙනායේ ය. ඉක්බිති, පුක්කුස මල්ල පුත්‍ර තෙම රන්වන් මට සිලුටු (උත්සවාදීන්හි) දැරියැ යුතු ඒ වත් යුවල ගෙන, “වහන්ස, මේ රන්වන් වූ මට සිලුටු වූ, (උත්සවාදියෙහි මා විසින්) දැරියැ යුතු වූ වස්ත්‍ර යුග්මයෙක. වහන්ස, මා සතු වස්ත්‍ර යුග්මය මට අනුකම්පා සඳහා භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක් වා” යි එය භගවත් බුදුරජුනට එළැවී ය. “එසේ වී නම්, පුක්කුසයෙනි, එයින් එකෙකින් මා පුදව. අනෙකින් අනඳයන් පුදව” යි භගවත්හු වදාළහ. “එසේ යැ වහන්සැ” යි පුක්කුස මල්ල පුත්‍ර තෙම භගවත් බුදුරජුනට පිළිවදන් දී, එකෙකින් භගවත් බුදුරජුන් පිදී ය. (එකක් හඳනා පොරෝනා පිණිස භගවත් බුදුරජුනට දුන), එකෙකින් අනඳ තෙරුන් පිදීයි. (හඳනා පොරෝනා පිණිස එකක් අනඳ තෙරුනටද දුන). ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පුක්කුස මල්ල පුත්‍රයාට වස්ත්‍රානුමෝදනා ධර්මකථායෙන් කරුණු දැක් වූ සේක. එහි සිත් ගැන් වු සේක. එහි සිත් තියුණු කැරැවූ සේක, එහි සිත් සතුටු කැරැවූ සේක. මල්ල පුත්‍ර පුක්කුස තෙමේ ද භගවත් බුදුරජුන් විසින් දැහැමි කතායෙන් කරුණු දක්වන ලදුයේ, එහි සිත් ගැන්වුණේ, එහි සිත් තියුණු කරවන ලදුයේ, එහි සිත් සතුටු කරවන ලදුයේ, හුනස්නෙන් නැගී භගවත් බුදුරජුන් වැඳැ පැදැකුණු කොට නික්මැ ගියේ ය.

88. අථ ඛො ආයස්මා ආනන්දො අචිරපක්කන්තෙ පුක්කුසෙ මල්ලපුත්තෙ තං සිඞ්ගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං භගවතො කායං උපනාමෙසි. තං භගවතො කායං උපනාමිතං වීතච්චිකං විය ඛායති.

88. ඉක්බිති අනඳ තෙරණුවෝ පුක්කුස මල්ල පුත්‍රයා නික්මගිය නොබෝ කල්හි, ඒ (ඔහු විසින් උළෙල ඈහි) දැරිය යුතු වැ තුබුණු මට සිලිටි රන්වන් වත් යුවල භගවත් බුදු රජුන්ගේ සිරි සිරුරට එළැවී ය. එය භගවත් බුදුරජුන්ගේ සිරි සිරුරට එළවන ලදුයේ, පහ වූ සිළු ඇති ගිනි අඟුරු රැසක් මෙන් පැණෙයි.

අථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ‘අච්ඡරියම්භන්තෙ, අබ්භුතම්භන්තෙ, යාවපරිසුද්ධො භන්තෙ, තථාගතස්ස ඡවිවණ්ණො පරියොදාතො. ඉදම්භන්තෙ සිඞ්ගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං භගවතො උපනාමිතං වීතච්චිකං විය ඛායතී’ති.

එ කලැ අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට ‘වහන්ස, තථාගතයන් වහන්සේගේ ඡවිවර්ණය කොතරම් පිරිසිදු ද, කොතරම් ප්‍රභාස්වර ද යනු ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස, අද්භූත යැ. වහන්ස, මේ රන්වන් වූ, මට සිලිටි වූ ධාරණීය (උතුම් මංගල) වස්ත්‍ර යුගලය භාග්‍යවතුන් වහන්සේගේ කයට එළවන ලදුයේ, පහවූ සිළු ඇති, ගිනි අඟුරු රැසක් මෙන් පැනේ’ යැ යි කීහ.

“එවමෙතං ආනන්ද, ද්වීසු ඛො ආනන්ද, කාලෙසු අතිවිය තථාගතස්ස කායො පරිසුද්ධො හොති ඡවිවණ්ණො පරියොදාතො. කතමෙසු ද්වීසු? යඤ්ච ආනන්ද, රත්තිං තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති. ඉමෙසු ඛො ආනන්ද, ද්වීසු කාලෙසු අතිවිය තථාගතස්ස කායො පරිසුද්ධො හොති ඡවිවණ්ණො පරියොදාතො. අජ්ජ ඛො පනානන්ද, රත්තියා පච්ඡිමෙ යාමෙ කුසිනාරායං උපවත්තනෙ මල්ලානං සාලවනෙ අන්තරෙන යමකසාලානං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ආයාමානන්ද, යෙන කකුත්ථා නදී තෙනුපසඞ්කමිස්සාමා”ති. “එවම්භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි.

“අනඳයෙනි, අවස්ථා දෙකෙක්හි ම තථාගතයන්ගේ සිරුර පිරිසිදු වෙයි, ඡවිවර්ණය ප්‍රභාස්වර වෙයි. කවර අවස්ථා දෙකෙක් හි ද යත්: අනඳයෙනි, යම් රැයෙක තථාගතයෝ නිරුත්තර සම්‍යක් සම්බෝධිය අධිගම කෙරෙත් ද, යම් රැයෙක තථාගතයෝ අනුපාදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවෙත් ද, අනඳයෙනි, මේ අවස්ථා දෙක්හි ම තථාගතයන්ගේ සිරුර ඉතාම පිරිසිදු වෙයි, ඡවිවර්ණය ප්‍රභාස්වර වෙයි. අනඳයෙනි, අද වනාහි රෑ පැසිම් යම්හි කුසිනාරාහි උපවර්තන නම් මල්ල රජුන්ගේ සල් වෙනෙහි යමා සල් රුක් අතරැ තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ ය. අනඳයෙනි, එවු, යමු. කකුත්‍ථා නදිය කරා එළැ‍ඹෙන්නමු” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ යැ, වහන්සැ” යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ.

එහෙයින් සංගීතිකාරකයෝ කීහ:

“සිඞ්ගීවණ්ණං යුගං මට්ඨං පුක්කුසො අභිහාරයි,
තෙන අච්ඡාදිතො සත්ථා හෙමවණ්ණො අසොභථා”ති.

“රන්වන් මට සිලිටි වත් යුවලක් පුක්කුස තෙමේ එළැවී ය.
එය හැඳැ පෙරැ වූ ශාස්තෘහු රන් පැහැ වූහු, හෙබියාහ.”

[අම්බවනූපගමනං]

අඹවනයට එළැඹීම

89. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන කකුත්ථා නදී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා කකුත්ථං නදිං අජ්ඣොගාහෙත්වා න්හාත්වා ච පිවිත්වා ච පච්චුත්තරිත්වා යෙන අම්බවනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං චුන්දකං ආමන්තෙසි. ‘ඉඞ්ඝ මෙ චුන්දක, චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙහි. කිලන්තො’ස්මි චුන්දක, නිපජ්ජිස්සාමී’ති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා චුන්දකො භගවතො පටිස්සුත්වා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙසි. අථ ඛො භගවා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා. ආයස්මා පන චුන්දකො තත්ථෙව භගවතො පුරතො නිසීදි.

89. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහ බික්සඟන කැටුව කකුත්ථා නදිය වෙතට වැඩි සේක. වැඩ, ඒ නදියට බැස, දිය සනහා, පැන් වළඳා, එයින් ගොඩ නැඟ, අඹ වනය කරා වැඩි සේක. වැඩැ (වෙතැ සිටි) චුන්දක තෙරුන් බණවා “චුන්‍දකයෙනි, මට සඟළ සිවුර සතර පට කොට පණවවු. චුන්‍දකයෙනි, ක්ලාන්තයෙමි, වැදැහෙන්නෙමි” යි වදාළ සේක. “එසේ යැ වහන්සැ” යි ම චුන්‍දක තෙරණුවෝ භගවත්නට පිළිවදන් දී, සඟළ සිවුර සතර ගුණ කොට පැනැවූ හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දකුණු සිරිපා හි වම් සිරි පා මඳක් මෑත් කොට පිහිටුවා, එළැඹැ සිටි සිහි ඇති සේක්, නුවණින් දන්නා සේක්, නැඟී සිටුනා සංඥාව සිත්හි කොට දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක. චුන්‍දක තෙරණුවෝ ද එහි ම භගවත් බුදුරජුන් ඉදිරියෙහි හුන්හ.

“ගන්ත්වාන බුද්ධො නදියං කකුත්ථං අච්ඡොදකං සාතොදකං විප්පසන්නං,1
ඔගාහි සත්ථා සුකිලන්තරූපො තථාගතො අප්පටිමො’ධ ලොකෙ.

[එහෙයින් කීහු සංගීතිකාරකයෝ:]

“මෙ ලොවැ අප්‍රතිම ශාස්තෘ වූ තථාගත බුදු රජුහු කකුක්ථා නදිය කරා වැඩ, ඉතා ක්ලාන්ත ස්වභාවය ඇත්තාහු, එහි දියට බටහ.

නහාත්වා ච පීත්වා චුදතාරි සත්ථා පුරක්ඛතො භික්ඛුගණස්ස මජ්ඣෙ,
සත්ථා පවත්තා භගවා’ධ ධම්මෙ උපාගමී අම්බවනං මහෙසි.

ශාස්තෘහු දිය සනහා පැන් වළඳා, බික් සඟන මැද පෙරට වැ සිටියෝ, නදියෙන් ගොඩ නැංගාහ. මෙහි ධර්මයේ ප්‍රවක්තෘ වූ මහර්ෂි වූ භගවත් ශාස්තෘහු අඹවනයට වැඩියහ.

ආමන්තයී චුන්දකං නාම භික්ඛුං චතුග්ගුණං පත්ථර මෙ නිපච්ඡං2
සො වොදිතො3 භාවිතත්තෙන චුන්දො චතුග්ගුණං පත්ථරි ඛිප්පමෙව.
නිපජ්ජි සත්ථා සුකිලන්තරූපො චුන්දො’පි තත්ථ පමුඛෙ නිසීදී”ති.

චුන්‍දක නම් මහණහු බණවා ‘මා සඟළ සිවුර සිවු ගුණ කොට අතුරවා වැදැහෙන්නෙමි’ යි වදාළහ. භාවිතාත්ම වූ ඒ බුදුරජුහු විසින් මෙහෙයන ලද ඒ චුන්‍දක තෙර වහා ම සඟළ සිවුර සිවු ගුණ කොට පැනැවී ය. ඉතා ක්ලාන්ත ස්වභාවය ඇති ශාස්තෘහු එහි සැතැපුණාහ. චුන්‍ද තෙර ද ඔබ ඉදිරියෙහි හුන්නේ ය.”

[ද්වෙ පිණ්ඩපාතා සමඵලා]

සමවිපාක ඇති පිණ්ඩපාත දෙක

90. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි. “සියා ඛො පනානන්ද, චුන්දස්ස කම්මාරපුත්තස්ස කොචි විප්පටිසාරං උපදහෙය්ය” ‘තස්ස තෙ ආවුසො චුන්ද, අලාභා, තස්ස තෙ දුල්ලද්ධං, යස්ස තෙ තථාගතො පච්ඡිමං පිණ්ඩපාතං භුඤ්ජිත්වා පරිනිබ්බුතො’ති. චුන්දස්සානන්ද, කම්මාරපුත්තස්ස එවං විප්පටිසාරො විනෙතබ්බො.

90. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා මෙසේ වදාළ සේක: “අනඳයෙනි, චුන්‍ද කර්මාර පුත්‍ර හට ‘ඇවැත් චුන්‍දයිනි, තථාගතයෝ යමක්හුගේ අන්තිම පිණ්ඩපාතය (භෝජනය) වළඳා පිරිනිවියෝ ද, ඒ ඔබට (එයින්) අලාභයෝ යැ, ඒ තොප විසින් මිනිසත් බව නපුරු කොට ලබන ලද සේ යැ’ යි කිසිවෙක් විපිළිසරක් උපදවන්නේ ය යන්න වියැ හැක්ක. අනඳයෙනි, චුන්‍ද කර්මාර පුත්‍රයාගේ විපිළිසර මෙසේ දුරු කටයුතු ය:”

තස්ස තෙ ආවුසො ලාභා, තස්ස තෙ සුලද්ධං, යස්ස තෙ තථාගතො පච්ඡිමං පිණ්ඩපාතං භුඤ්ජිත්වා පරිනිබ්බුතො. සම්මුඛා මෙතං ආවුසො චුන්ද, භගවතො සුතං සම්මුඛා පටිග්ගහීතං ‘ද්වෙ’මෙ පිණ්ඩපාතා සමඵලා සමවිපාකා අතිවිය අඤ්ඤෙහි පිණ්ඩපාතෙහි මහප්ඵලතරා ච මහානිසංසතරා ච. කතමෙ ද්වෙ? යඤ්ච පිණ්ඩපාතං භුඤ්ජිත්වා තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣතී, යඤ්ච පිණ්ඩපාතං භුඤ්ජිත්වා තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, ඉමෙ ද්වෙ පිණ්ඩපාතා සමඵලා සමවිපාකා අතිවිය අඤ්ඤෙහි පිණ්ඩපාතෙහි මහප්ඵලතරා ච මහානිසංසතරා ච.

“යම් බඳු ඔබ‍ගේ පශ්චිම පිණ්ඩපාතය වළඳා තථාගතයෝ පිරිනිවියෝ ද, ඒ ඔබට ලාභයෙක, ඒ ඔබ විසින් මිනිසත් බව මොනොවට ලද සේ ය. අන් හැම පිණ්ඩපාතයනට වඩා ඉමහත් ඵල ඇති, වඩා ඉමහත් අනුසස් ඇති, හැම අයුරින් සම පල වූ සමවිපාක වූ මේ පිණ්ඩපාත දෙකෙද. කවර දෙකෙක් ද යත්: යම් පිණ්ඩපාතයක් වළඳා තථාගතයෝ අනුත්තර සම්‍යක් සම්බෝධියට පැමිණෙත් ද, යම් පිණ්ඩපාතයක් වළඳා තථාගතයෝ නිරුපාදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවෙත් ද, මේ අන් හැම පිණ්ඩපාතයනට වඩා ඉතා ඉමහත් පල ඇති ඉතා මහත් විපාක ඇති හැම ලෙසින් ම සම ඵල ඇති, සම අනුසස් ඇති පිණ්ඩපාත දෙක ය.

ආයුසංවත්තනිකං පනායස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, සුඛසංවත්තනිකං පනායස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, වණ්ණසංවත්තනිකං පනායස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, යසසංවත්තනිකං පනායස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, සග්ගසංවත්තනිකං පනායස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, ආධිපතෙය්යසංවත්තනිකං පනායස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිත’න්ති. චුන්දස්ස ආනන්ද කම්මාරපුත්තස්ස එවං විප්පටිසාරො පටිවිනෙතබ්බො”ති.

‘මෙයින් ආයුෂ්මත් චුන්‍ද කර්මාර පුත්‍රයන් විසින් දීර්ඝායුෂ පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්‍ද කර්මාර පුත්‍රයන් විසින් පැහැපත් බව පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්‍ද කර්මාර පුත්‍රයන් විසින් සුවය පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්ද කර්මාර පුත්‍රයන් ස්වර්ගය පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්‍ද කර්මාරපුත්‍රයන් විසින් අධිපති බව පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ යැ, ඇවැත් චුන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙන් ම මා විසින් මෙය අසනලද්දේ ය, භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් ම මා විසින් මෙය පිළිගන්නාලද්දේ යැ යි කියා මෙසේ චුන්ද කර්මාර පුත්‍රයා විපිළිසර දුරු කටයුතු යැ” යනු යි.

අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

ඉක්බිති භග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වෙලෙහි මෙ උදන් ඇනූ සේක:

“දදතො පුඤ්ඤං පවඩ්ඪති සඤ්ඤමතො වෙරං න චීයති,
කුසලො ච ජහාති පාපකං රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො’ති.

“දන් දෙන්නහුට පින් වැඩේ. සිල් රක්නහු සිතැ වෙර නො පවතී. නුවණැත්තේ වෙර (පව්) දුරැ ලයි. හේ මෙසේ (පව්) දුරැ ලා රාග ද්වේශ මොහ මුල් ඉදිරීමෙන් කෙලෙස් පිරිනිවනින් ද එයට පසු කඳ පිරිනිවනින් ද පිරිනිවියේ වෙයි” යනු යි.

ආළාරවෙදල්ලභාණවාරො චතුත්ථො.

සතර වැනි බණවර යි.

[කුසිනාරා ගමනං]

යමා සල්රුක්

91. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි. ආයාමානන්ද, යෙන හිරඤ්ඤවතියා නදියා පාරිමං තීරං, යෙන කුසිනාරා, යෙන උපවත්තනං මල්ලානං සාලවනං, තෙනුපසඞ්කමිස්සාමා’ති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන හිරඤ්ඤවතියා නදියා පාරිමං තීරං, යෙන කුසිනාරා, යෙන උපවත්තනං මල්ලානං සාලවනං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි. “ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, අන්තරෙන යමකසාලානං උත්තරසීසකං මඤ්චකං පඤ්ඤාපෙහි. කිලන්තො’ස්මි ආනන්ද, නිපජ්ජිස්සාමී’ති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා අන්තරෙන යමකසාලානං උත්තරසීසකං මඤ්චකං පඤ්ඤාපෙසි. අථ ඛො භගවා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො.

91. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඇවැත් අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, යම්හ. හිරණ්‍යවතී නදිය පර තෙරට (නදියෙන් එගොඩට) එහි කුසිනාරා නුවරට, එහි මල්ල රජුන්ගේ උපවර්තන නම් සල්උයනට එළැඹෙන්නමු” යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’ යි කියා ම අනඳ තෙරණුවෝ පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික් සඟන කැටුව හිරණ්‍යවතී නදියෙන් එතෙරැ කුසිනාරා නුවරැ මල්ලයන්ගේ උපවර්තන නම් සල්උයන කරා වැඩියාහ. වැඩ අනඳතෙරුන් අමතා “අනඳයෙනි, යමා සල් රුක් අතරැ හිස උතුරු දෙසට සිටුනා යේ කොට මට ඇඳක් පනවවු. අනඳයෙනි, ක්ලාන්තයෙමි, වැදැහෙනු කැමැත්තෙමි” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා ම අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දී, යමා සල්රුක් අතරැ උතුරු දෙසට හිස සිටුනා සේ කොට ඇඳක් පැනවූහ. ඉක්බිති භගවත්හු දකුණු පයින් වම් පය මඳක් ඉක්මැ බිහිටුවා සිහි නුවණින් යුතු වැ දකුණැලයෙන් සිංහ ශය්‍යාව කළාහ. (සිංහශය්‍යායෙන් සැතැපුණුසේක.) එ වේලෙහි වනාහි යමා සල් රුක් හු නොකල් මලින් මුළුල්ල ම ගැවැසුණාහු වෙත්. ඔහු තථාගතයනට පූජා විසින් ඔබ සිරුර මත්තෙහි වැටෙත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව මදාරා මලුදු අහසින් හෙයි. ඔහු තථාගතයනට පුද පිණිස ඔබ සිරුර මත වැටෙත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව සඳුන් සුණුදු අහසින් හෙයි. ඔහු තථාගතයනට පුද පිණිස ඔහ සිරුර මත හොත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව තුරුහු ද තථාගතයනට පුද පිණිස අහසැ වැයෙත්. දිව ගැයුම්හු ද තථාගතයනට පුද පිණිස අහසැ පැවැතෙත්.

92. තෙන ඛො පන සමයෙන යමකසාලා සබ්බඵාලිඵුල්ලා හොන්ති අකාලපුප්ඵෙහි. තෙ තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි මන්දාරවපුප්ඵානි අන්තළික්ඛා පපතන්ති, තානි තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි චන්දනචුණ්ණානි අන්තළික්ඛා පපතන්ති. තානි තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි තුරියානි අන්තළික්ඛෙ වජ්ජන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි සඞ්ගීතානි අන්තළික්ඛෙ වත්තන්ති තථාගතස්ස පූජාය. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: සබ්බඵාලිඵුල්ලා ඛො ආනන්ද, යමකසාලා අකාලපුප්ඵෙහි තෙ තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි මන්දාරවපුප්ඵානි අන්තළික්ඛා පපතන්ති, තානි තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානිපි චන්දනචුණ්ණානි අන්තළික්ඛා පපතන්ති, තානි තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි තුරියානි අන්තළික්ඛෙ වජ්ජන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි සඞ්ගීතානි අන්තළික්ඛෙ වත්තන්ති තථාගතස්ස පූජාය. න ඛො ආනන්ද, එත්තාවතා තථාගතො සක්කතො වා හොති ගරුකතො වා මානිතො වා පූජිතො වා අපචිතො වා, යො ඛො ආනන්ද, භික්ඛු වා භික්ඛුනී වා උපාසකො වා උපාසිකා වා ධම්මානුධම්මපටිපන්නො විහරති සාමීචිපටිපන්නො අනුධම්මචාරී, සො තථාගතං සක්කරොති ගරුකරොති මානෙති පූජෙති අපචියති පරමාය පූජාය. තස්මාතිහානන්ද, ධම්මානුධම්මපටිපන්නා විහරිස්සාම සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො ති, එවං හි වො ආනන්ද සික්ඛිතබ්බන්ති.

92. එකලැ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, යමාසල්රුක්හු නොකල් මලින් මුළුල්ල හැසුණාහු ගැවැසුණාහු වෙත්. ඔහු තථාගතයනට පුද පිණිස ඔබ සිරුර මතැ හෙත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව මදාරා මලුදු අහසින් හෙයි ... දිව සඳුන් සුණු ද අහසින් හෙයි ... දිව තුරු ගොසු දු ... දිව ගැයුමුදු තථාගතයනට පුද පිණිස අහසැ වැටෙයි. අනඳයෙනි, මෙතෙකින් තථාගතයෝ සත්කෘත හෝ ගුරුකෘත හෝ මානිත හෝ පූජිත හෝ අපචිත හෝ නො වෙත්. අනඳයෙනි, යම් මහණෙක් හෝ මෙහෙණක් හෝ උවසුවෙක් හෝ උවැසියක් හෝ ධර්මානුධර්ම ප්‍රතිපන්න වැ සම්‍යක් ප්‍රතිපන්න වැ අනුධර්මචාරී වැ වෙසෙයි ද, හේ මැ පරම පූජායෙන් තථාගතයනට සත්කාර කෙරෙහි, ගරු කෙරෙයි, බුහුමන් කෙරෙයි, පූජා කෙරෙයි, අපචායන කෙරෙයි. අනඳයෙනි, එ බැවින් මෙහි ලා ධර්මානුධර්ම ප්‍රතිපන්න වැ සම්‍යක් ප්‍රතිපන්න වැ අනුධර්මචාරී ව වසන්නමෝ’ යි, මෙසේ ම තොප විසින් හික්මියැ යුතු” යි වදාළ සේක.

උපවාණ ථෙරො

උපවාන තෙරණුවෝ

93. තෙන ඛො පන සමයෙන ආයස්මා උපවාණො භගවතො පුරතො ඨිතො හොති භගවන්තං වීජමානො. අථ ඛො භගවා ආයස්මන්තං උපවාණං අපසාදෙසි: ‘අපෙහි භික්ඛු, මා මෙ පුරතො අට්ඨාසී’ති. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: ‘අයං ඛො ආයස්මා උපවාණො දීඝරත්තං භගවතො උපට්ඨාකො සන්තිකාවචරො සමීපචාරී. අථ ච පන භගවා පච්ඡිමෙ කාලෙ ආයස්මන්තං උපවාණං අපසාදෙසි: අපෙහි භික්ඛු, මා මෙ පුරතො අට්ඨාසීති. කො නු ඛො හෙතු කො පච්චයො යං භගවා ආයස්මන්තං උපවාණං අපසාදෙසි.1 අපෙහි භික්ඛු මා මෙ පුරතො අට්ඨාසීති. අථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: අයං භන්තෙ, ආයස්මා උපවාණො දීඝරත්තං භගවතො උපට්ඨාකො සන්තිකාවචරො සමීපචාරී, අථ ච පන භගවා පච්ඡිමෙ කාලෙ ආයස්මන්තං උපවාණං අපසාදෙති: අපෙහි භික්ඛු, මා මෙ පුරතෙ අට්ඨාසීති. කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො යං භගවා ආයස්මන්තං උපවාණං අපසාදෙති අපෙහි භික්ඛු, මා මෙ පුරතො අට්ඨාසී’ති? යෙභුය්යෙන ආනන්ද, දසසු සහස්සිසු ලොකධාතුසු දෙවතා සන්නිපතිතා තථාගතං දස්සනාය. යාවතා ආනන්ද, කුසිනාරා උපවත්තනං මල්ලානං සාලවනං සමන්තතො ද්වාදසයොජනානි, නත්ථි සො පදෙසො වාළග්ගකොටිනිත්තුදන මත්තොපි මහෙසක්ඛාහි දෙවතාහි අප්ඵුටො. දෙවතා ආනන්ද, උජ්ඣායන්ති දූරා ච වතම්හා ආගතා තථාගතං දස්සනාය. කදාචි කරහචි තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා. අජ්ජෙව රත්තියා පච්ඡිමෙ යාමෙ තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. අයඤ්ච මහෙසක්ඛො භික්ඛු භගවතො පුරතො ඨිතො ඔවාරෙන්තො, න මයං ලභාම පච්ඡිමෙ කාලෙ තථාගතං දස්සනායා’ති.

93. එ සමයෙහි වනාහි උපවාණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පවන් සලනුවෝ ඔබ ඉදිරියේ සිටියාහු වෙත්. එ කලැ භාග්‍යවතුන් වහන්සේ උපවාණ තෙරුන් බණවා, ‘මහණ, ඉවත් වන්න, මා ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කළ සේක. එ විටැ, ‘මේ උපවාණ තෙරණුවෝ වූ කලි බොහෝ කලක් වෙතැ ගැවැසෙන, ළඟ හැසිරෙන, භාග්‍යවතුන් වහන්සේගේ උවටුවෙකි. එහෙත් පැසිම් සෙමෙහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, ඉවත්වන්න. මැ ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, ඉවත් වන්න. මා ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කළ සේක යන යමෙක් ඇද්ද, එයට හේතුව කවර යැ, එයට කරාණය කවර යැ, යි අනඳ තෙරුනට මේ සිත විය. ඉක්බිති අනඳ තෙරණුවෝ ‘වහන්ස, මේ උපවාණ තෙරණුවෝ බොහෝ කලක් වෙතැ ගැවැසෙන, ලඟ හැසිරෙන භාග්‍යවතුන් වහන්සේගේ උවටුවෙක. එතෙකුදු වූවත් භාග්‍යවතුන් වහන්සේ පැසිම් සමයෙහි ‘මහණ, ඉවත් වන්න, මා ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කරන සේක. වහන්ස, ... එයට හේතුව, එයට කාරණය කවර යැ?’ යි භගවත් බුදුරජුන් පුළුවුත්හ. “අනඳයෙනි, ලෝදා දස දහසෙක දෙවියෝ තථාගතයන් දක්නා පිණිස බොහෝ සෙයින් රැස්වූවාහු වෙත්. අනඳයෙනි, කුසිනාරා නුවර යම් පමණ ද, මල්ලවයන්ගේ උපවර්තන ශාලවනය යම් පමණ ද හාත්පස දොළොස් යොදුන් වූ ඒ සියලු පෙදෙස යම් පමණ ද, එහි මහායශස්ක දේවතාවන් වැද නොගත්, හිඳි අගක් එළාලන පමණ වූ ද ඒ තැනෙක් නැත. අපි වූ කලි භාග්‍යවතුන් වහන්සේ දක්නට දුරැ සිට ද ආම්හ. රහත් සම්මා සම්බුදු වූ තථාගතවරු (බොහෝ කල් ඉක්මැ) කිසි කලෙක්හි ම ලොවැ පහළ වෙත්. අද රෑ ම පැසිම්යම්හි තථාගතයන් වහන්සේගේ පිරිනිවීම වන්නේ ය, මේ මහ තෙදැති මහණ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ඔබ මුවහ කරනුයේ සිටියේ වෙයි. (එහෙයින්) අපි (මේ) පැසිම් සමයෙහි තථාගතයන් වහන්සේ දක්නට නො ලබමෝ’ යි දෙවියෝ (උපවාණ මහණහට) දොස් නඟත්” යැ යි භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුනට වදළ සේක.

94. කථං භූතා පන භන්තෙ, භගවා දෙවතා මනසි කරොතී’ති.

94. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙසේ වූ දේවතා කෙනකුන් මෙනෙහි කරන සේක් දැ?’ යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.

“සන්තානන්ද, දෙවතා ආකාසෙ පථවීසඤ්ඤිනියො, කෙසෙ පකිරිය කන්දන්ති, බාහා පග්ගය්හ කන්දන්ති, ඡින්නපාතං පපතන්ති ආවට්ටන්ති, විවට්ටන්තිඅතිඛිප්පං භගවා පරිනිබ්බායිස්සති, අතිඛිප්පං සුගතො පරිනිබ්බායිස්සති, අතිඛිප්පං චක්ඛු ලොකෙ අන්තරධායිස්සතී’ති. සන්තානන්ද, දෙවතා පඨවියං පඨවීසඤ්ඤිනියො කෙසෙපකිරිය කන්දන්ති, බාහා පග්ගය්හ කන්දන්ති, ඡින්නපාතං පපතන්ති ආවට්ටන්ති විවට්ටන්ති:

‘අනඳයෙනි, අහසෙහි පෘථිවි යැ’ යි සංඥා ඇති දේවතා කෙනකුන් ඇත. ඔහු ‘ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක, ඉතා වහා සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක.

අතිඛිප්පං භගවා පරිනිබ්බායිස්සති, අතිඛිප්පං සුගතො පරිනිබ්බායිස්සති, අතිඛිප්පං චක්ඛු1 ලොකෙ අන්තරධායිස්සතීති!

ඉතා වහා ලොවැ ඇස අතුරු දහන් වන්නේ යැ’ යි හිස කෙස් මුදා හඬත්, දොහොත් නඟා හඬත්, මැදින් සිඳී වැටුණවුන් සේ වැටෙත්, පෙරැළෙන්නාහු වැටුණු තැනට ම එත්, වැටුණු තැනින් ඈතට ද පෙරැළී යෙත්.

යා පන තා දෙවතා වීතරාගා, තා සතා සම්පජානදා අධිවාසෙන්ති: අනිච්චා සඞ්ඛාරා තං කුතෙත්ථ ලබ්භා?ති.

යම් දේවතා කෙනෙක් පහ වූ රාගය ඇත්තාහු ද, ඔහු සිහි ඇත්තාහු නුවණින් දන්නාහු, ‘සංස්කාරයෝ අනිත්‍යය හ. එහෙයින් මෙහි ස්ථිරතාවෙක් කොයින් ලැබෙන්නේ දැ!’ යි ඉවසත් යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

95. “පුබ්බෙ භන්තෙ, දිසාසු වස්සං වුත්ථා භික්ඛූ ආගච්ඡන්ති තථාගතං දස්සනාය. තෙ මයං ලභාම මනොභාවනීයෙ භික්ඛූ දස්සනාය ලභාම පයිරුපාසනාය. භගවතො පන මයං භන්තෙ අච්චයෙන න ලභිස්සාම මනොභාවනීයෙ භික්ඛූ දස්සනාය න ලභිස්සාම පයිරුපාසනායා”ති.

95. “වහන්ස, පෙරැ ඒ ඒ දෙසැ වස් වූසු භික්‍ෂුහු තථාගතයන් වහන්සේ දක්නට එත්. අපි මෙත් බවුන් විසින් සිත් වඩනා (සමාධිය වඩනා) ඒ භික්‍ෂූන් දක්නට ලබම්හ, එළැඹැ පිළිදග්නට ලබම්හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් ඒ මෙත් බවුනෙත් සිත වඩනා භික්‍ෂූන් දක්නට නො ලබන්නමු. එළැඹැ පිළිදග්නට නො ලබන්නමු” යි අනඳ තෙරණුවෝ කීහ.

“චත්තාරිමානි ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි:

එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “අනඳයෙනි, සැදැහැවත් කුලපුතක්හට දක්නට සුදුසු, සංවේග උපදවන මේ තැන් සතරෙකි. කවර දතරෙක් ද? යත්:

‘ඉධ තථාගතො ජාතො’ති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං.

‘අනඳයෙනි, ‘තථාගතයන් වහන්සේ මෙහි උපන් සේකැ’ යි (ඒ උපන් තැන) සැදැහැවත් කුල පුත්හට දක්නට සුදුසු සංවේග උපදවන තැනෙකි.

‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං.

‘තථාගතයන් වහන්සේ මෙහි නිරුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කළ සේකැ’ යි, අනඳයෙනි, මෙය සැදැහැවත් කුලපුත්හට දක්නට සුදුසු සංවේගය උපදවන තැනෙකි.

‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්ති’ ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං.

‘මෙහි තථාගතයන් වහන්සේ විසින් නිරුත්තර ධර්‍මචක්‍රය පවත්වන ලදැ’ යි, අනඳයෙනි, මෙය සැදැහැවත් කුලපුතුහට දක්නට සුදුසු සංවේග උපදවන තැනෙකි.

‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා’ පරිනිබ්බුතොති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං.

‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවන් පෑ සේකැ’ යි, අනඳයෙනි, මෙය සැදැහැවත් කුලපුත් හට දක්නට සුදුසු සංවේග උපදවන තැනෙකි.

ඉමානි ඛො ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.

අනඳයෙනි, මොහු සැදැහැවත් කුලපුතක්හට දක්නට සුදුසු සංවේග උපදවන තැන් සතර ය.

ආගමිස්සන්ති ඛො ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො ඉධ තථාගතො ජාතො ති පි, ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො ති පි, ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්තිපි, ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො ති පි. යෙ හි කෙචි ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලං කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තීති.

අනඳයෙනි, සැදැහැවත් මහණහු ද මෙහෙණහු ද උවසුහු ද උවැසියෝ ද ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේකැ’ යි ද, ‘මෙහි තථාගතයන් වහන්සේ නිරුත්තර සම්‍යක්සම්බෝධි අවබෝධ කළ සේකැ’ යි ද, ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් නිරුත්තර ධර්මචක්‍රය පවත්වන ලදැ’ යි ද, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවි සේකැ’ යි ද සලකා මේ තැන් කරා එන්නාහු ම ය. අනඳයෙනි, යම් කෙනෙක් වනාහි චෛත්‍යචාරිකාව කරන්නාහු (සෑ වඳිමින් පුදමින ඇවිදුනාහු) පහන් සිතැත්තෝ කලුරිය කරන්නාහු ද, ඒ සියල්ලෝ කාබුන් මරණින් මතු මනාප ගති ඇති සග ලොවට පැමිණෙන්නාහ.”

ආනන්ද පුච්ඡා කථා

ආනන්ද පාච්ඡා කථාව

96. “කථං මයං භන්තෙ, මාතුගාමෙ පටිපජ්ජාමා?”ති.

96. ඉක්බිති, අනඳ තෙරණුවෝ “වහන්ස, අපි මාගම කෙරෙහි කෙසේ පිළිපදුමෝ දැ” යි විචාළහ.

“අදස්සනං ආනන්දා”ති.

“අනඳෙයනි, මාගම නොදැක්ම යැ” යි භගවත්හු වදාළහ.

“දස්සනෙ භගවා, සති කථං පටිපජ්ජිතබ්බන්ති?”

“භාග්‍යවතුන් වහන්ස, දැක්මක් ඇති කල්හි කෙසේ පිළිපැද්ද යුතු දැ?” යි අනඳ තෙරණුවෝ විචාළහ.

“අනාලාපො ආනන්දා”ති .

“අනඳයෙනි, ඇය හා කතා නො කිරීම යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“ආලපන්තෙන පන භන්තෙ, කථං පටිපජ්ජිතබ්බන්ති?”

(කතා කළ යුතු ම තැනක් වුව) “වහන්ස, කතා කරන මහණහු විසින් කෙසේ පිලිපැද්ද යුතු දැ?” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.

“සති ආනන්ද, උපට්ඨාපෙතබ්බා”ති.

“අනඳයෙනි, (ඇය ගේ) වයස අනුව මේ මව යැ යි හෝ සොහොයුරි යැ යි හෝ දූ යැ යි හෝ සලකා සිහිය එළැඹැවියැ යුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“කථං මයං භන්තෙ, තථාගතස්ස සරීරෙ පටිපජ්ජාමා?”ති

“වහන්ස, අපි කෙසේ නම් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි පිළිපදුමෝ දැ” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.

“අබ්යාවටා තුම්හෙ ආනන්ද, හොථ තථාගතස්ස සරීරපූජාය. ඉඞ්ඝ තුම්හෙ ආනන්ද සදත්ථෙ, ඝටථ1 සදත්ථමනුයුජ්ජථ, සදත්ථෙ2 අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථ, සන්තානන්ද, ඛත්තියපණ්ඩිතා පි බ්රාහ්මණපණ්ඩිතා පි ගහපතිපණ්ඩිතා පි තථාගතෙ අභිප්පසන්නා තෙ තථාගතස්ස සරීරපූජං කරිස්සන්තී”ති.

“අනඳයෙනි, තෙපි තථාගතයන්ගේ සිරුර පුදනුයෙහි නිරුත්සාහ වවු. අනඳයෙනි, ‍තෙපි වූ කලි තමහට වැඩෙහි (රහත්බව් ලබනුයෙහි) තැත් කරවු, තමහට වැඩෙහි පුනපුනා යෙදෙවු (රහත්බව් පිණිස පිළිවෙත් කරවු, බවුන් බවවු), තමහට වැඩෙහි (රහත්බව් ලැබීමෙහි) නොපමා වූවාහු, කෙලෙස් තවන වැර ඇත්තාහු, නිවන් කරා මෙහෙයූ සිතැත්තාහු වසවු. අනඳයෙනි, තථාගතයන් කෙරෙහි වෙසෙසින් පහන් වූ නුවණැති කැත්හු ද, නුවණැති බමුණෝ ද, නුවණැති ගැහැවියෝ ද ඇත. ඔහු තථාගතයන්ගේ සිරුරට පූජා සත්කාර කරන්නාහ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“කථං පන භන්තෙ, තථාගතස්ස සරීරෙ පටිපජ්ජිතබ්බන්ති?”

“වහන්ස, (ඔවුන් විසින්) තථාගතයන් වහන්සේගේ සිරුරෙහි කෙසේ පිළිපැද්දැ යුතු දැ?” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.

“යථා ඛො ආනන්ද, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති, එවං තථාගතස්ස සරීරෙ පටිපජ්ජිතබ්බන්ති.” “කථං පන භන්තෙ, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්තී?”ති. “රඤ්ඤො ආනන්ද, චක්කවත්තිස්ස සරීරං අහතෙන වත්ථෙන වෙඨෙන්තී. අහතෙන වත්ථෙන වෙඨෙත්වා විහතෙන කප්පාසෙන වෙඨෙන්ති. විහතෙන කප්පාසෙන වෙඨෙත්වා අහතෙන වත්ථෙන වෙඨෙන්ති.

“අනඳයෙනි, සක්විති රජක්හුගේ සිරුරෙහි යම්සේ පිළිපදිත් ද, තථාගතයන්ගේ සිරුරෙහි එසේ ම පිළිපැද්දැ යුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “වහන්ස, සක්විති රජක්හුගේ සිරුරැ කෙසේ පිළිපදිත් දැ?” අනඳ තෙරණුවෝ පුළුවුත්හ.

එතෙනුපායෙන පඤ්චහි යුගසතෙහි රඤ්ඤො චක්කවත්තිස්ස සරීරං1 වෙඨෙත්වා ආයසාය තෙලදොණියා පක්ඛිපිත්වා අඤ්ඤිස්සා ආයසාය දොණියා පටිකුජ්ජිත්වා සබ්බගන්ධානං චිතකං කරිත්වා රඤ්ඤො චක්කවත්තිස්ස සරීරං ඣාපෙන්ති. චාතුම්මහාපථෙ2 රඤ්ඤො චක්කවත්තිස්ස ථූපං කරොන්ති. එවං ඛො ආනන්ද, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති. යථා ඛො ආනන්ද, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති. එවං තථාගතස්ස සරීරෙ පටිපජ්ජිතබ්බං චාතුම්මහාපථෙ තථාගතස්ස ථූපො කාතබ්බො. තත්ථ යෙ මාලං වා ගන්ධං වා චුණ්ණකං3 වා ආරොපෙස්සන්ති වා, අභිවාදෙස්සන්ති වා, චිත්තං වා පසාදෙස්සන්ති, තෙසන්තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායා”ති.

“අනඳයෙනි, සක්විති රජක්හුගේ සිරුර අළුත් පිළියෙන් වෙළත්. අළුත් පිළියෙන් වෙළා පොළාලු (මොනොවට නඟා පාදන ලද) කපු පුළුනෙන් වෙළත්. පොළා ලූ කපුපුළුනෙන් වෙළා අළුත් පිළියෙන් වෙළත්. මෙ නයින් යුගල පන්සියෙකින් සක්විති රජුගේ සිරුර වෙළා, රන්මුවා දෙණෙක බහා අන් රන්මුවා දෙණෙකින් වසා, හැම වර්ගයේ සුවඳ දරින් චිතකයක් කොට එ සිරුර දවත්. සක්විති රජහට (සක්විති රජුගේ සිරුර දා ඉතිරි වූ ධාගු තැන්පත් කොට) සතර මං හන්දියෙක තුඹක් (ස්තූපයක්) කරත්. අනඳයෙනි, මෙසේ ම සක්විති රජුගේ සිරුරෙහි පිළිපදිත්. අනඳයෙනි, යම්සේ සක්විති රජුගේ සිරුරෙහි පිළිපදිත් ද, එ සේම තථාගතයන්ගේ සිරුරෙහි පිළිපැද්ද යුතු. තථාගතයනට සිවු මං සන්දියෙක තුඹක් කැරැවිය යුතු. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුවඳ සුණු හෝ නඟන්නාහු (පුදන්නාහු) හෝ වෙත් ද, ආදරයෙන් වඳින්නාහු හෝ වෙත් ද, සිත හෝ පහදවන්නාහු වෙත් ද, එය ඔවුනට බොහෝ කල් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

ථූපාරහා පුග්ගලා

තුඹට සුදුසු පුඟුලෝ

97. “චත්තාරො’මෙ ආනන්ද, ථූපාරහා. කතමෙ චත්තාරො? තථාගතො අරහං සම්මාසම්බුද්ධො ථූපාරහො, පච්චෙකසම්බුද්ධො ථූපාරහො, තථාගතස්ස සාවකො ථූපාරහො, රාජා චක්කවත්තී ථූපාරහො’ති.

97. “අනඳයෙනි, තුඹ (ස්තූප) කොට පුදනු ලබන්නට සුදුසු වූ මේ පුඟුලෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක් ද යත්: අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගත තෙමේ තුඹින් (ස්තූපයෙන්) පුදනු ලබනුවට සුදුසු ය. පසේ බුදුරජ තෙමේ තුඹින් පුදනු ලබන්නට සුදුසු ය. තථාගත සම්මා සම්බුදුන්ගේ සවු තෙමේ තුඹින් පුදනු ලබන්නට සුදුසු ය, සක්විති රජ තෙමේ තුඹින් පුදනු ලබන්නට සුදුසු ය.

කිඤ්චානන්ද, අත්ථවසං පටිච්ච තථාගතො අරහං සම්මාසම්බුද්ධො ථූපාරහො? අයං තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ථූපො’ති ආනන්ද, බහූ ජනා චිත්තං පසාදෙන්ති. තෙ තත්ථ චිත්තං පසාදෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. ඉදං ඛො ආනන්ද, අත්ථවසං පටිච්ච තථාගතො අරහං සම්මාසම්බුද්ධො ථූපාරහො.

අනඳයෙනි, කවර කරුණක් නිසා අර්හත් සම්‍යක්සම්බුද්ධ තථාගත තෙමේ තුඹින් පුදනු ලබනුවට සුදුසු වෙයි ද යත්: අනඳයෙනි, ‘මේ ඒ භගවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ස්තූප යැ’ යි බොහෝ දෙනා සිත පහදත්, සිත පහදා කාබුන් මරණින් මතු මනාගති ඇති සග ලොවට පැමිණෙත්.

කිඤ්චානන්ද, අත්ථවසං පටිච්ච පච්චෙකසම්බුද්ධො ථූපාරහො? අයං තස්ස භගවතො පච්චෙකසම්බුද්ධස්ස ථූපො’ති ආනන්ද, බහුජනා චිත්තං පසාදෙන්ති. තෙ තත්ථ චිත්තං පසාදෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. ඉදං ඛො ආනන්ද, අත්ථවසං පටිච්ච පච්චෙකසම්බුද්ධො ථූපාරහො.

අනඳයෙනි, මේ කරුණ නිසා ම අර්හත් සම්‍යක්සම්බුද්ධ තථාගත තෙමේ තුඹින් පුදනු ලබනුවට සුදුසු ය. අනඳයෙනි, කවර කරුණක් නිසා පසේ සම්බුදුරජ තුඹින් පුදනු ලබනුවට සුදුසු ද යත්: අනඳයෙනි, මේ ඒ භගවත් පසේ බුදුරජුගේ ස්තූප යැ’ යි බොහෝ දෙනා සිත පහදත්. ඔහු එහි සිත පහදා කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙත්. අනඳයෙනි, මෙ කරුණ නිසා ම පසේබුදු රජ තුඹින් පුදනු ලබනුවට සුදුසු ය.

කිඤ්චානන්ද, අත්ථවසං පටිච්ච තථාගතස්ස සාවකො ථූපාරහො? අයං තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සාවකස්ස ථූපො’ති ආනන්ද, බහූ ජනා චිත්තං පසාදෙන්ති.1 තෙ තත්ථ චිත්තං පසාදෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. ඉදං ඛො ආනන්ද, අත්ථවසං පටිච්ච තථාගතස්ස සාවකො ථූපාරහො.2

අනඳයෙනි, කවර කරුණක් නිසා තථාගතයන්ගේ සච්චා තුඹින් පුදනු ලබන්නට සුදුසු ද යත්: අනඳයෙනි, ‘මේ ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ සව්වක්හුගේ ස්තූපයෙකැ’ යි බොහො දෙනා සිත පහදත්. ඔහු එහි සිත පහදා කා බුන් මරණින් මතු මනා ගති ඇති සගලොවට පැමිණෙත්. අනඳයෙනි, මෙ කරුණ නිසා ම තථාගතයන්ගේ සව්වා තුඹින් පුද ලබනුවට සුදුසු ය.

කිඤ්චානන්ද, අත්ථවසං පටිච්ච රාජා චක්කවත්තී ථූපාරහො? අයං ධම්මිකස්ස ධම්මරඤ්ඤො ථූපො’ති ආනන්ද, බහූ ජනා චිත්තං පසාදෙන්ති. තෙ තත්ථ චිත්තං පසාදෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.

අනඳයෙනි, කවර කරුණක් නිසා සක්විති රජ තුඹින් පුදනු ලබනුවට සුදුසු වෙයි ද යත්: අනඳයෙනි, ‘මේ දැහැමි වූ දස රජ දහමින් ජනන් රැඳැවූ සක්විති රජුගේ ස්තූප යැ’ යි බොහෝ දෙනා සිත පහදත්. ඔහු එහි සිත පහ දා කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙත්. අනඳයෙනි, මේ කරුණ නිසා සක්විති රජ තුඹින් පුද ලබනුවට සුදුසු ය.

ඉදං ඛො ආනන්ද, අත්ථවසං පටිච්ච රාජා චක්කවත්තී ථූපාරහො. ඉමෙ ඛො ආනන්ද චත්තාරො ථූපාරහා”ති.

අනඳයෙනි, මේ ස්තූපාර්හ පුද්ගල සතර දෙනා යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

ආනන්දත්ථෙරස්ස අච්ඡරියධම්මා.

අනඳ තෙරුන්ගේ අසිරි දහම්

98. අථ ඛො ආයස්මා ආනන්දො විහාරං පවිසිත්වා කපිසීසං ආලම්බිත්වා රොදමානො අට්ඨාසි: “අහඤ්ච වතම්හි සෙඛො සකරණීයො, සත්ථු ච මෙ පරිනිබ්බානං භවිස්සති යො මමං3 අනුකම්පකො”ති. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: ‘කහන්නු ඛො භික්ඛවෙ ආනන්දො”ති “එසො භන්තෙ, ආයස්මා ආනන්දො විහාරං පවිසිත්වා කපිසීසං ආලම්බිත්වා රොදමානො ඨිතො: ‘අහඤ්ච වතම්හි සෙඛො සකරණීයො සත්ථු ච මෙ පරිනිබ්බානං භවිස්සති යො මමං ආනුකම්පකො”ති. අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: “එහි ත්වං භික්ඛු, මම වචනෙන ආනන්දං ආමන්තෙහි: සත්ථා තං ආවුසො ආනන්ද, ආමන්තෙතී”ති. “එවම්භන්තෙ’ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොච: සත්ථා තං ආවුසො ආනන්ද, ආමන්තෙතී”ති. ‘එවමාවුසො’ති ඛො ආයස්මා ආනන්දො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච:

98. ඉක්බිති අනඳ තෙරණුවෝ වෙහෙර වැද දොරැ අගුළුකණුවැ එල්බැ ගෙන “අහෝ! මම් රහත්බව ලබනුවට කළ යුතු දෑ ඇති ශෛක්ෂයෙකිම් වෙමි. මට අනුකම්පා කරන මගේ ශාස්තෲන් වහන්සේගේ පිරිනිවන ද වන්නේ යැ” යි හඬමින් සිටියේ ය. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ආනන්දයෝ කොහි දැ?” යි භික්‍ෂූන් අමතා වදාළ සේක. “වහන්ස, තෙල අනඳ තෙරණුවෝ වෙහෙර වැද දොරැ අගුළු කණුවැ එල්බැගෙන ‘අහෝ! මම් කළ යුතු දෑ ඇති ශෛක්ෂයෙකිම් වෙමි, මට අනුකම්පා කරන මගේ ශාස්තෲන් වහන්සේගේ පිරිනිවන ද වන්නේ යැ’ යි හඬමින් සිටියාහු” යැ යි භික්‍ෂූහු සැළ කළාහ. එ විටැ භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණක්හු බණවා “මහණ, මෙහි එව, ‘ඇවැත්නි, ශාස්තෘහු ඔබ කැඳවති’ යි කියා මගේ වචනයෙන් අනඳයන් කැඳවා ගෙනව” යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි එ මහණ භගවත් බුදුරජුනට පිළිවදන් දී, අනඳ තෙරුන් කරා එළැඹ, ‘ඇවැත්නි, අනඳයෙනි, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවන සේකැ’ යි සැළ කළේ ය. ‘එසේ යැ ඇවැත්නි’ යි අනඳ තෙරණුවෝ එ මහණ හට පිළිවදන් දී, භගවත් බුදුරජුන් වෙත එළැඹියහ. එළැඹ ඔබ ආදර සහිත වැ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක හුන් ම අනඳ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

“අලං ආනන්ද මා සොචි, මා පරිදෙවි- නනු එතං ආනන්ද, මයා පටිකච්චෙව අක්ඛාතං සබ්බෙහෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ්ඤථාභාවො. තං කුතෙත්ථ ආනන්ද, ලබ්භා ‘යන්තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං, තං වත තථාගතස්සාපි සරීරං මා පලුජ්ජිති. නෙතං ඨානං විජ්ජති. දීඝරත්තං ඛො තෙ ආනන්ද, තථාගතො පච්චුපට්ඨිතො මෙත්තෙන කායකම්මෙන හිතෙන සුඛෙන අද්වයෙන අප්පමාණෙන, මෙත්තෙන වචීකම්මෙන -පෙ- මෙත්තෙන මනොකම්මෙන හිතෙන සුඛෙන අද්වයෙන අප්පමාණෙන. කතපුඤ්ඤො’සි ත්වං ආනන්ද පධානමනුයුඤ්ජ, ඛිප්පං හෙහිසි1 අනාසවො”ති.

“අනඳයෙනි, හැඬීමෙන් වැඩෙක් නැත. ශෝක නො කරවු, නො හඬවු. අනඳයෙනි, ප්‍රිය මනාප සියලු දැයෙන් ඉවත් වීම, වෙන් වීම, අන් සැටියකට පෙරැළීම කල් තබා ම මා කීවා නො වේ ද? අනඳයෙනි, යමෙක් උපන්නේ නම්, වූයේ නම්, සකස් වූයේ න,ම් පලුදු වන සුලු වී නම්, ඒ ස්වභාවය ම ඇති තථාගත ශරීරය ද නො නැසේ ව යි පැතුව ද, එය කොයින් ලැබෙන්නේ ද? මෙ කරුණ අවිද්‍යාමාන ය (මේ නො වන දැයෙකි). අනඳයෙනි, තොප විසින් හිතවත් වූ, සුව ගෙන දෙන්නා වූ, දෙසැටියක් නැති, (මුව දෝනා පැන් එළැවීම් ආදි) අප්‍රමාණ වූ මෛත්‍රී සහගත කාය කර්මයෙන් තථාගත තෙමේ ප්‍රත්‍යුපස්ථිත (නිතර උවටන් කරනු ලදුයේ) වෙයි. හිතවත් වූ, සුව ගෙන දෙන, දෙසැටියක් නැති, (මේ මුවදෝනා කලැ යි සැලකිරීම් ආදි විසින් පැවැත්වුණු) අප්‍රමාණ වූ මෛත්‍රී සහගත වාක් කර්මයෙන් ද ... (මගේ ශාස්තෘන් වහන්සේ නිදුක් නීරෝග වන සේක්වා යන ආදි විසින් පැවැත් වුණු) අප්‍රමාණ වූ මෛත්‍රී සහගත මනඃකර්මයෙන් ද තථාගත තෙමේ ප්‍රත්‍යුපස්ථිත වී ය. අනඳයෙනි, තෙපි කෘතපුණ්‍යයහ (බොහෝ පින් කළ කෙනෙක), ප්‍රධන් වඩනුයෙහි යෙදෙවු. වහා රහත් වන්නාහු” (යනු යි.)

99. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “යෙ පි තෙ භික්ඛවෙ, අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙසම්පි භගවන්තානං එතපරමායෙව උපට්ඨාකා අහෙසුං සෙය්යථාපි මය්හං ආනන්දො. යෙ පි තෙ භික්ඛවෙ, භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙසම්පි භගවන්තානං එතපරමායෙව උපට්ඨාකා භවිස්සන්ති සෙය්යථාපි මය්හං ආනන්දො. පණ්ඩිතො භික්ඛවෙ ආනන්දො, මෙධාවී භික්ඛවෙ ආනන්දො, ජානාති ‘අයං කාලො තථාගතං දස්සනාය උපසඞ්කමිතුං භික්ඛූනං, අයං කාලො භික්ඛුනීනං, අයං කාලො උපාසකානං, අයං කාලො උපාසිකානං, අයං කාලො රඤ්ඤො රාජමහාමත්තානං තිත්ථියානං තිත්ථියසාවකානන්ති.’

99. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් අමතා මෙසේ වදාළ සේක. “මහණෙනි, ගිය කලැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද, ඒ භගවත් බුදුවරුනට ද, මට අනඳයන් සේ, මෙවැන්නක්හු පරම කොටැති උවටුවෝ වූහ. මහණෙනි, මතු දවසැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් පහළ වන්නාහු ද, ඒ භගවත් බුදුවරුනට ද, මට අනඳයන් සේ, මෙබන්දක්හු පරම කොටැති උවටුවෝ වන්නාහ. මහණෙනි, අනඳයෝ නුවණැත්තෝ ය. මහණෙනි, අනඳයෝ පියෙවියෙන් ම නැණවත් හ. ‘තථාගතයන් දක්නා පිණිස එළැඹෙන්නට මහණුනට සුදුසු කල් මේ යැ, මෙහෙණියනට සුදුසු කල් මේ යැ, උවසුවනට සුදුසු කල මේ යැ, උවැසියනට සුදුසු කල මේ යැ. රජක්හට, රජමහ මැත්තනට තොටුවනට, තොටු සව්වනට සුදුසු කල මේ යැ’ යි දනිති.

100. චත්තාරො’මෙ භික්ඛවෙ, අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ. කතමෙ චත්තාරො? සචෙ භික්ඛවෙ, භික්ඛුපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති. තත්ර චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙන පි සා අත්තමනා හොති. අතිත්තා’ව, භික්ඛවෙ, භික්ඛුපරිසා හොති. අථ ඛො ආනන්දො තුණ්හී හොති. සචෙ භික්ඛවෙ, භික්ඛුනීපරිසා, උපාසකපරිසා, උපාසිකාපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති. තත්ර චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තා’ව භික්ඛවෙ, උපාසිකාපරිසා හොති. අථ ඛො ආනන්දො තුණ්හී හොති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ.

100. මහණෙනි, අනඳයන් කෙරෙහි මේ අසිරිමත් පුදුම සතර දහම් කෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: මහණෙනි, ඉදින් මහණ පිරිසෙක් අනඳයන් දක්නට එළඹෙයි නම්, ඔබ දැක්මෙන් ම එ පිරිස ආරාධිත සිතැති වෙයි. ඉදින් එහි අනඳයෝ දහම් සෙදත් නම්, ඔබ වචනයෙන් ද එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ඒ මහණ පිරිස අපිරියත් ම (අතෘප්ත ම) වෙයි. එ කල්හි අනඳයෝ නිහඬ වෙත්. මහණෙනි, ඉදින් මෙහෙණ පිරිසෙක්, උවසු පිරිසෙක්, උවැසි පිරිසෙක් අනඳයන් දක්නා වස් එළැඹෙයි ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එහි අනඳයෝ දහම් දෙසත් නම්, ඔබ දම් දෙස්මෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, උවැසි පිරිස අතෘප්තම වෙයි. එ කලැ අනඳයෝ නිහඬ වෙත්. මහණෙනි, මේ අසිරිමත් පුදුම සතර දෙනෙක් අනඳයන් කෙරෙහි වෙත්.

චත්තාරො’මෙ භික්ඛවෙ, අච්ඡරියා අබ්භුතා ධම්මා රඤ්ඤෙ චක්කවත්තිම්හි. කතමෙ චත්තාරො? සචෙ භික්ඛවෙ, ඛත්තියපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති. තත්ර චෙ රාජා චක්කවත්තී භාසති භාසිතෙනපි සා අත්තමනා හොති, අතිත්තා’ව භික්ඛවෙ, ඛත්තියපරිසා හොති. අථ ඛො රාජා චක්කවත්තී තුණ්හී හොති. සචෙ භික්ඛවෙ බ්රාහ්මණපරිසා, ගහපතිපරිසා, සමණපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති. තත්ර චෙ රාජා චක්කවත්තී භාසති භාසිතෙන පි සා අත්තමනා හොති, අතිත්තා’ව භික්ඛවෙ, සමණපරිසා හොති. අථ ඛො රාජා චක්කවත්තී තුණ්හී හොති. එවමෙව ඛො භික්ඛවෙ, චත්තාරො’මෙ අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ. සචෙ භික්ඛවෙ, භික්ඛුපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති, තත්ර චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙන පි සා අත්තමනා හොති, අතිත්තා’ව භික්ඛවෙ, භික්ඛුපරිසා හොති. අථ ඛො ආනන්දො තුණ්හී හොති. සචෙ භික්ඛුනීපරිසා, උපාසකපරිසා, උපාසිකාපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති, තත්ර චෙ ආනන්දො ධම්මං භාසති භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තා’ව භික්ඛවෙ, උපාසිකාපරිසා හොති. අථ ඛො ආනන්දො තුණ්හී හොති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ’ති.

“මහණෙනි, මේ අසිරිමත් පුදුම දහම් සතර දෙනෙක් සක්විති රජක්හු කෙරෙහි වෙත්. කවර සතර දෙනෙක් ද යත්: මහණෙනි, ඉදින් කැත් පිරිසෙක් සක්විති රජුහු දක්නට එළැඹෙයි ද, එ පිරිස ඔහු දැක්මෙන් ම සතුටු වෙයි. එහි ඉදින් සක්විති රජ කතා කෙරෙහි නම්, ඔහු කතායෙනුදු එ පිරිස සතුටු වෙයි. මහ‍ණෙනි, කැත් පිරිස එයින් අතෘප්ත ම වෙයි. එ කල්හි සක්විති රජ නිහඬ වෙයි. මහණෙනි, ඉදින් බමුණු පිරිසෙක්, ගැහැවි පිරිසෙක්, මහණ පිරිසෙක්, සක්විති රජු දක්නට එළැඹෙයි ද, එ පිරිස ඔහු දැක්මෙන් ම සතුටු වෙයි. එහි ඉදින් සක්විති රජ ඔවුනට කතා කෙරෙයි ද, ඔහුගේ කතායෙනුදු එ පිරිස සතුටු වෙයි. එ මහණ පිරිස අතෘප්ත ම වෙයි. එකල්හි සක්විති රජ නිහඬ වෙයි. මහණෙනි, එසේ ම අනඳයන් කෙරෙහි මේ අසිරිමත් පුදුම දහම් සතර දෙනෙක් වෙත්. මහණෙනි, ඉදින් මහණ පිරිසෙක් අනඳයන් දක්නට එළැඹෙයි නම්, ඔබ දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. මහණ පිරිස (ඔබ දැක්මෙහි) අතෘප්ත ම වෙයි. එහි ඉදින් අනඳයෝ දහම දෙසත් නම්, දහම් කතායෙනුදු එ පිරිස සතුටු වෙයි. එ මහණ පිරිස අතෘප්ත ම වෙයි. එ කලැ අනඳයෝ නිහඬ වෙත්. ඉදින් මෙහෙණ පිරිසෙක්, උවසු පිරිසෙක්, උවැසි පිරිසෙක් අනඳයන් දක්නට එළැඹෙයි නම්, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි, එහි ඉදින් අනඳයෝ දහම් කියත් නම්, ඔබ දහම් කතායෙනුදු එ පිරිස සතුටු වෙයි, උවැසි පිරිස එහි ලා අතෘප්ත ම වෙයි. එ කල්හි යැ අනඳයන් නිහඬ වනුයේ. මහණෙනි, ‍මේ අසිරිමත් පුදුම සතර දහම් හු අනඳයන් කෙරෙහි වෙත්” යනු යි.

[මහාසුදස්සන සුත්ත දෙසනා.]

මහ සුදසුන් දෙසුම

101. එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “මා භන්තෙ, භගවා ඉමස්මිං කුඩ්ඩනගරකෙ1 උජ්ජඞ්ගලනගරකෙ සාඛානගරකෙ පරිනිබ්බායී.2 සන්ති භන්තෙ, අඤ්ඤානි මහානගරානි, සෙය්යථිදං චම්පා රාජගහං සාවත්ථී සාකෙතං කොසම්බී බාරාණසී. එත්ථ භගවා පරිනිබ්බාතු. එත්ථ බහූ ඛත්තියමහාසාලා බ්රාහ්මණමහාසාලා ගහපතිමහාසාලා තථාගතෙ අභිප්පසන්නා. තෙ තථාගතස්ස සරීරපූජං කරිස්සන්තී”ති. “මාහෙවං ආනන්ද අවච, මාහෙවං ආනන්ද අවච, කුඩ්ඩනගරකං උජ්ජඞ්ගලනගරකං සාඛානගරකන්ති.”

101. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කලැ අනඳ තෙරණුවෝ “වහන්ස, (ගල් සෙල් ආදියෙන් විසම බැවින්) රළු නුවරක් වූ (මහරුක්හි ශාඛාවක් බඳු) අතුනුවරක් වූ මේ කුඩා නුවරෙහි නො පිරිනිවෙන සේක්‍වා. වහන්ස, චම්පා, රජගහ, සැවැත්, සාකේත, කොසොඹෑ, බරණැස් යන ආදි අන් මහ නුවරහු ඇත. ඒ එකෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. මේ නුවරන්හි තථාගතයන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පහන් වූ බොහෝ කැත් මහසල්හු ද බමුණු මහසල්හු ද ගැහැවි මහසල්හු ද ඇත. ඔහු තථාගතයන් වහන්සේගේ සිරුරට පූජාසත්කාර කරන්නාහ” යි සැළ කළහ.

‘භූතපුබ්බං ආනන්ද, රාජා මහාසුදස්සනො නාම අහොසි චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො.

“අනඳයෙනි, කුඩා නුවරෙකැ යි, රළු නුවරෙකැ යි, අතු නුවරෙකැ” යි මෙසේ නහමක් කියවු. අනඳයෙනි, බොහෝ පෙර දවසැ මෙහි මුදුනැ අබිසෙස් ලත්, සයු‍රහිම් සිවු මහදිවයිනට හිමි, පසමිතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්‍රුවනින් සමාන වූ මහ සුදසුන් නම් කැත්‍රජෙක් විය.

රඤ්ඤො ආනන්ද, මහාසුදස්සනස්ස අයං කුසිනාරා කුසාවතී නාම රාජධානී අහොසි. පුරත්ථිමෙන ච පච්ඡිමෙන ච ද්වාදසයොජනානි ආයාමෙන, උත්තරෙන ච දක්ඛිණෙන ච සත්තයොජනානි විත්ථාරෙන, කුසාවතී ආනන්ද, රාජධානී ඉද්ධා චෙව අහොසි ඵීතා ච බහුජනා ච ආකිණ්ණමනුස්සා ච සුභික්ඛා ච. සෙය්යථාපි ආනන්ද, දෙවානං ආළකමන්දා නාම රාජධානී ඉද්ධා චෙව හොති ඵීතා ච බහුජනා ච ආකිණ්ණයක්ඛා ච සුභික්ඛා ච, එවමෙව ඛො ආනන්ද, කුසාවතී රාජධානී ඉද්ධා චෙව අහොසි ඵීතා ච බහුජනා ච ආකිණ්ණමනුස්සා ච සුභික්ඛා ච. කුසාවතී ආනන්ද, රාජධානී දසහි සද්දෙහි අවීවිත්තා අහොසි දිවා චෙව රත්තිඤ්ච: සෙය්යථිදං හත්ථිසද්දෙන අස්සසද්දෙන රථසද්දෙන භෙරිසද්දෙන මුදිඞ්ගසද්දෙන වීණාසද්දෙන ගීතසද්දෙන සඞ්ඛසද්දෙන සම්මසද්දෙන තාලසද්දෙන අස්නාථ පිවථ ඛාදථාති දසමෙන සද්දෙන. ගච්ඡ ත්වං ආනන්ද, කුසිනාරාං පවිසිත්වා කොසිනාරකානං මල්ලානං ආරොචෙහි: අජ්ජ ඛො වාසෙට්ඨා රත්තියා පච්ඡිමෙ යාමෙ තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. අභික්කමථ වාසෙට්ඨා, අභික්කමථ වාසෙට්ඨා. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ: අම්හාකඤ්ච නො ගාමක්ඛෙත්තෙ තථාගතස්ස පරිනිබ්බානං අහොසි, න මයං ලභිම්හා පච්ඡිමෙ කාලෙ තථාගතං දස්සනායා”ති.

අනඳයෙනි, මේ කුසිනාරා නුවර මහසුදසුන් රජුහුගේ කුශාවතී නම් රජදහන විය. අනඳයෙනි, කුශාවතී රජදහන පෙර දිගින් ද පැසිම් දිගින් ද අයමින් දොළොස් යොදුන් විය. උතුරු දිගින් ද දකුණු දිගින් ද විතරින් සත් යොදුන් විය. අනඳයෙනි, කුශාවතී රජදහන සමෘද්ධ ද සැපතින් පිරුණේ ද බොහෝ ජනයා ඇත්තේ ද මිනිසුන් ගෙන් ගැවැසුණේ ද සුලභ ආහාර පාන ඇත්තේ ද විය. අනඳයෙනි, දෙවියන්ගේ ආලකමන්දා රාජධානිය යම්සේ සමෘද්ධ ද, ස්ථිත ද, බහුජනවත් ද, යක්‍ෂාකීර්ණ ද, සුභික්ෂ ද, අනඳයෙනි, එසේ ම කුසාවතී රජදහනත් සමෘද්ධ ද ස්ථිත ද බහුජනවත් ද මනුෂ්‍යාකීර්ණ ද සුභික්ෂ ද විය. අනඳයෙනි, කුශාවතී රජදහන ඇත් හඬින් අස් හඬින් රිය හඬින් බෙර හඬින් මිහිඟුබෙර හඬින් වෙණ හඬින් ගී හඬින් සක් හඬින් කස් තල් හඬින් අත්තාලම් ඈ හඬින් ‘බුදිවු බොවු කවු’ යි දසවැනි හඬින් දැ යි දස හඬින් නිරතුරු විය. අනඳයෙනි, තෙපි යවු. කුසිනාරාවට පිවිස, කුසිනාරා වාසී මල්ලයනට “වාසිෂ්ටයෙනි, අද රෑ පැසිම් යම්හි තථාගතයන්ගේ පිරිනිවන වන්නේ ය, වාසිෂ්ටයෙනි, පිටත් වැ එවු. වාසිෂ්ටයෙනි, පිටත් වැ එවු. “අප ගම්කෙතෙහි තථාගතයන්ගේ පිරිනිවන වී ය. පැසිම් සෙමෙහි අපි ඔබ දක්නට නො ලදුම්හ’යි පසු වැ විපිළිසැරි නො වවු’ යි සැළ කරවු” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“එවම්භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා නිවාසෙත්වා පත්තචීවරමාදාය අත්තදුතියො කුසිනාරං පාවිසි.

අනඳ තෙරණුවෝ ‘වහන්ස, එසේ යැ’ යි ම භගවත් බුදුරජුනට පිළිවදන් අස්වා, හැඳ පෙරවැ පා සිවුරු ගෙන තමා දෙවෙනි කොටැති ව කුසිනාරාවට වන්හ.

මල්ලානං වන්දනා

මල්ලයන්ගේ වැඳීම

102. තෙන ඛො පන සමයෙන කොසිනාරකා මල්ලා සන්ථාගාරෙ සන්නිපතිතා හොන්ති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො ආයස්මා ආනන්දො යෙන කොසිනාරකානං මල්ලානං සන්ථාගාරං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා කොසිනාරකානං මල්ලානං ආරොචෙසි: “අජ්ජ ඛො වාසෙට්ඨා රත්තියා පච්ඡිමෙ යාමෙ තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. අභික්කමථ වාසෙට්ඨා, අභික්කමථ වාසෙට්ඨා. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ! ‘අම්හාකඤ්ච නො ගාමක්ඛෙත්තෙ තථාගතස්ස පරිනිබ්බානං අහොසි, නං මයං ලභිම්හා පච්ඡිමෙ කාලෙ තථාගතං දස්සනායා”ති.

102. එ සමයෙහි කුසිනාරාවාසී මල්ලයෝ කිසි කරුණෙකින් සන්ථාගාරයෙහි (කාරණාකාරණ විචාරණ පිණිස රැස් වන හලෙහි) කැටි වූවාහු වෙත්. එ කලැ අනඳ තෙරණුවෝ කුසිනාරා වැසි මල්ලයන්ගේ සන්ථානාගාරය වෙත වැඩියාහ. වැඩ, “වාසිෂ්ටයෙනි, අද රෑ පැසිම් යම්හි තථාගතයන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය. වාසිෂ්ටයෙනි, නික්මැ යවු. වාසිෂ්ටයෙනි, නික්මැ යවු. ‘අප ගම්කෙතැ තථාගතයන් වහන්සේගේ පිරිනිවන වී ය. අපි පැසීම් සමයෙහි තථාගතයන් වහන්සේ දක්නට නො ලදුම්හ’ යි පසු වැ විපිළිසර ඇතියෝ නො වවු” යි කුසිනාරා වැසි මල්ලයනට සැළ කළහ.

ඉදමායස්මතො ආනන්දස්ස වචනං සුත්වා මල්ලා ච මල්ලපුත්තා ච මල්ලසුණිසා ච මල්ලපජාපතියො ච අඝාවිනො දුම්මනා චෙතොදුක්ඛසමප්පිතා අප්පෙකච්චෙ කෙසෙ පකිරිය කන්දන්ති, බාහා පග්ගය්හ කන්දන්ති, ඡින්නපාතං පතන්ති, ආවට්ටන්ති විවට්ටන්ති “අතිඛිප්පං භගවා පරිනිබ්බායිස්සති, අතිඛිප්පං සුගතො පරිනිබ්බායිස්සති, අතිඛිප්පං චක්ඛු1 ලොකෙ අන්තරධායිස්සතී”ති.

අනඳ තෙරුන්ගේ මේ වචන අසා, මල්ලයෝ ද මල්ල ලෙහෙලියෝ ද (විවා නො පත් මල්ල තරුණියෝ ද) මල්ල බිරියෝ ද දුක් ඇත්තාහු, දොම්නස් ඇත්තාහු, සිතැ උපන් ශෝක ඇත්තාහු, ‘ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරි නිවෙන සේක, ඉතා වහා සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක, ඉතා වහා ලොවැ ඇස අතුරුදහන් වන්නේ යැ’ යි කෙහෙ උවා (කෙස් මුදා) හඬත්, දොහොත් හුවා (දෙ අත් හිසැ තබා) හඬත්, මැදින් බිඳුණවුන් සේ ඇද වැටෙත්, පෙරැළෙන්නාහු වැටි හොත් තෙනට ම පෙරැළී එත්, වැටී හොත් තැනින් ඉවතට ද පෙරැළී යෙත්.

අථ ඛො මල්ලා ච මල්ලපුත්තා ච මල්ලසුණිසා ච මල්ලපජාපතියො ච අඝාවිනො දුම්මනා චෙතොදුක්ඛසමප්පිතා යෙන උපවත්තනං මල්ලානං සාලවනං යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: සචෙ ඛො අහං කොසිනාරකෙ මල්ලෙ එකමෙකං භගවන්තං වන්දාපෙස්සමිං, අවන්දිතො’ව භගවා කොසිනාරකෙහි මල්ලෙහි භවිස්සති. අථායං රත්ති විභායිස්සති. යන්නූනාහං කොසිනාරකෙ මල්ලෙ කුලපරිවත්තසො කුලපරිවත්තසො ඨපෙත්වා භගවන්තං වන්දාපෙය්යං ‘ඉත්ථන්නාමො භන්තෙ මල්ලො සපුත්තො සභරියො සපරිසො සාමච්චො භගවතො පාදෙ සිරසා වන්දතී’ති.

ඉක්බිති මල්ලයෝ ද මල්ල පුත්හු ද මල්ල ලෙහෙලියෝ ද මල්ල බිරියෝ ද දුක් ඇත්තාහු, දොම්නස ඇත්තාහු, සිතැ උපන් ශෝකයෙන් යුක්ත වූවාහු, මල්ලයන්ගේ උපවර්තන නම් සල් වනයට, අනඳ තෙරුන් වෙතට එළැඹුණාහ. එ කල්හි, “ඉදින් මම් කුසිනාරා වැසි එකක් එකක්හු ලවා භාග්‍යවතුන් වහන්සේ වැන්දැවීම් නම්, කුසිනාරා පුරැ මල්ලයන් විසින් නො වඳනා ලද සේක් ම වන්නාහ. එ කල්හි මේ රෑ පාන් වන්නේ ය. මම් කුසිනාරා වැසි මල්ලයන් කුල පරම්පරා විසින් යි වෙන වෙන ම සිටුවා ‘වහන්ස, මෙ නම් මල්ල තෙම අඹුදරු සහිත වැ, පිරිස සහිත වැ, ඇමැත්තන් සිහිත වැ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිස බිමැ තබා වඳී’ යැ සැළ කෙරෙමින් භාග්‍යවතුන් වහන්සේ වැන්දෑවීම් නම් යෙහෙකැ” යි අනඳ තෙරුනට මේ සිත විය.

අථ ඛො ආයස්මා ආනන්දො කොසිනාරකෙ මල්ලෙ කුලපරිවත්තසො කුලපරිවත්තසො ඨපෙත්වා භගවන්තං වන්දාපෙසි: ‘ඉත්ථන්නාමො භන්තෙ, මල්ලො සපුත්තො සභරියො සපරිසො සාමච්චො භගවතො පාදෙ සිරසා වන්දතී’ති. අථ ඛො ආයස්මා ආනන්දො එතෙන උපායෙන පඨමෙනෙව යාමෙන කොසිනාරකෙ මල්ලෙ භගවන්තං වන්දාපෙසි.

ඉක්බිති අනඳ තෙරණුවෝ කුසිනාරා වැසි මල්ලයන් කුල පරපුර විසින් වෙන වෙන ම සිටුවා ‘වහන්ස, මෙ නම් මල්ල තෙම දරුවන් සහිත වැ, බිරිය සහිත වැ, පිරිස සහිත වැ, ඇමැත්තන් සහිත වැ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිස බිමැ තබා වඳී’ යැ යි කියා භගවත් (බුදුරජුන්) වැන්දැවූ හ. එ කල්හි අනඳ තෙරණුවෝ මෙ නයින් පළමු යම්හි ම කුසිනාරා නුවරැ මල්ලයන් ලවා භගවත් බුදුරජුන් වැන්දවූහ.

සුභද්ද පරිබ්බාජක වත්ථු

සුභද්‍ර පරිව්‍රාජක වස්තුව

103. තෙන ඛො පන සමයෙන සුභද්දො නාම පරිබ්බාජකො කුසිනාරායං පටිවසති. අස්සොසි ඛො සුභද්දො පරිබ්බාජකො: ‘අජ්ජ කිර රත්තියා පච්ඡිමෙ යාමෙ සමණස්ස ගොතමස්ස පරිනිබ්බානං භවිස්සතී’ති. අථ ඛො සුභද්දස්ස පරිබ්බාජකස්ස එතදහොසි: “සුතං ඛො පන මෙ’තං පරිබ්බාජකානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං කදාචි කරහචි තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා’ති. අජ්ජෙව රත්තියා පච්ඡිමෙ යාමෙ සමණස්ස ගොතමස්ස පරිනිබ්බානං භවිස්සති. අත්‍ථි ච මෙ අයං කඞ්ඛාධම්මො උප්පන්නො. එවං පසන්නො අහං සමණෙ ගොතමෙ ‘පහොති මෙ සමණො ගොතමො තථා ධම්මං දෙසෙතුං, යථාහං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්‍යන්ති’. අථ ඛො සුභද්දො පරිබ්බාජකො යෙන උපවත්තනං මල්ලානං සාලවනං යෙන ආයස්මා ආනන්‍දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්‍වා ආයස්මන්තං ආනන්‍දං එතදවොච: සුතං මෙතං භො ආනන්‍ද පරිබ්බාජකානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං: “කදාචි කරහචි තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා”ති. අජ්ජෙව රත්තියා පච්ඡිමෙ යාමෙ සමණස්ස ගොතමස්ස පරිනිබ්බානං භවිස්සති. අත්‍ථි ච මෙ අයං කඞ්ඛාධම්මො උප්පන්නො, “එවං පසන්නො අහං සමණෙ ගොතමෙ, පහොති මෙ සමණො ගොතමො තථා ධම්මං දෙසෙතුං යථාහං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්‍යං. සාධාහං භො ආනන්‍ද, ලභෙය්‍යං සමණං ගොතමං දස්සනායා”ති.

103. එ සමයෙහි සුභද්‍ර නම් පිරිවැජියෙක් කුසිනාරායෙහි වෙසෙයි. “අද රෑ පැසීම් යම්හි ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පිරිනිවන වෙතැ” යි සුභද්‍ර පිරිවැජි ඇසුයේ ම ය. ඉක්බිති ඔහුට “කිසි කලෙක ම (කලාතුරෙකින් ම) තථාගත අර්හත් සම්මාසම්බුදුවරයෝ ලොවැ උපදනාහ” යි වයසින් වැඩි සිටි මහළු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය පිරිවැජියන් කියන වචනයෙක් මා විසින් අසන ලද්දේ ම ය. අද රෑ ම පැසීම් යම්හි මහණ ගොයුමාණන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය. මට උපන් සැකයෙක් ද ඇත. යම්සේ මේ සැකය දුරැලියැ හෙම් ද එසේ මට දහම්දෙසන්නට මහණ ගොයුමන් වහන්සේ හැකි සේකැ’ යි “මෙසේ මම් මහණ ගොයුම් වහන්සේ කෙරෙහි පැහැදුණෙම් වෙමි” යි මේ සිත විය. ඉක්බිත්තෙන් සුභද්‍ර පිරිවැජි තෙම මල්ල රජුන්ගේ උපවර්තන සල්වනය යම් තැනෙක ද, අනඳ තෙරණුවෝ යම් තැනෙක ද, එ තැනට එළැඹියේ ය. එළැඹ අනඳ තෙරුන් අමතා “පින්වත් අනඳයෙනි, කිසි කලෙක්හි ම තථාගත අර්හත් සම්මාසම්බුදුවරයෝ ලොවැ උපදනාහ” යි වයසින් වැඩි සිටි මහළු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය පිරිවැජියන් කියන මේ වචනය මා ඇසුවා ඇත. අද රෑ ම පැසිම් යම්හි මහණ ගොයුමන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය. මට උපන් සැකයෙක් ද ඇත. මේ සැකය මගෙන් දුරු වී යන පරිදි දහම් දෙසන්නට මහණ ගොයුමන් වහන්සේ හැකි සේකැ’ යි මෙසේ මහණ ගොයුමන් වහන්සේ කෙරෙහි මම් පැහැදුණෙකිම් වෙමි. පින්වත් අනඳයෙනි, මහණ ගොයුමන් වහන්සේ දක්නට ලබන්නෙම් නම් මැනැවැ’ යි මෙ වචන කී ය.

එවං වුත්තෙ ආයස්මා ආනන්දො සුභද්දං පරිබ්බාජකං එතදවොච: ‘අලං ආවුසො සුභද්ද, මා තථාගතං විහෙඨෙසි, කිලන්තො භගවා”ති. දුතියම්පි ඛො සුභද්දො පරිබ්බාජකො -පෙ- තතියම්පි ඛො සුභද්දො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං එතදවොච: “සුතං මෙතං භො ආනන්ද පරිබ්බාජකානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං: කදාචි කරහචි තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධාති. අජ්ජෙව රත්තියා පච්ඡිමෙ යාමෙ සමණස්ස ගොතමස්ස පරිනිබ්බානං භවිස්සති. අත්ථි ච මෙ අයං කඞ්ඛා ධම්මො උප්පන්නො, එවං පසන්නො අහං සමණෙ ගොතමෙ, ‘පහොති මෙ සමණො ගොතමො තථා ධම්මං දෙසෙතුං යථාහං ඉමං කඞ්ඛා ධම්මං පජහෙය්යං’. සාධාහං භො ආනන්ද, ලභෙය්යං සමණං ගොතමං දස්සනායා”ති. තතියම්පි ඛො ආයස්මා ආනන්දො සුභද්දං පරිබ්බාජකං එතදවොච: “අලං ආවුසො සුභද්ද, මා තථාගතං විහෙඨෙසි, කිලන්තො භගවා”ති.

මෙසේ කී කල්හි අනඳ තෙරණුවෝ ‘ඇවැත් සුභද්‍රයෙනි, කම් නැත. තථාගතයන් වහන්සේ නො වෙහෙසන්න. භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්ත වැ හෝනැ සේකැ’ යි වදාළහ. දෙවෙනි වර ද සුභද්‍ර පිරිවැජි ... තෙවෙනි වර ද සුභද්‍ර පිරිවැජි අනඳ තෙරුනට “පින්වත් අනඳයෙනි, කිසි කලෙක්හි ම තථාගත අර්හත් සම්මාසම්බුදු වරු ලොවැ උපදනාහ’ යි වයෝවෘද්ධ වූ මහළු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය පිරිවැජියන් කියන මෙ බස් මා ඇසුවා ඇත. අද රෑ ම පැසීම් යම්හි මහණ ගොයුමන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය. මට උපන් සැකයෙක් ද ඇත. මේ සැකය මගෙන් දුරු වන පරිදි දහම් දෙසන්නට මහණ ගොයුමන් වහන්සේ සමත් සේකැ’ යි මෙසේ ඔබ කෙරෙහි මම් පැහැදුණෙම් වෙමි. පින්වත් අනඳයෙනි, මහණ ගොයුමන් වහන්සේ දක්නට ලබන්නෙම් නම් මැනැවැ’ යි මෙ බස් පැවැසී ය. තෙවෙනි වර ද අනඳ තෙරණුවෝ සුභද්‍ර පිරිවැජියාට ‘ඇවැත් සුභද්‍රයෙනි, කම් නැත. තථාගතයන් වහන්සේ නො වෙහෙසන්න. භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්ත වැ හෝනා සේකැ’ යි වදාළහ.

104. අස්සොසි ඛො භගවා ආයස්මතො ආනන්දස්ස සුභද්දෙන පරිබ්බාජකෙන සද්ධිං ඉමං කථාසල්ලාපං. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “අලං ආනන්ද මා සුභද්දං වාරෙසි, ලභතං ආනන්ද සුභද්දො තථාගතං දස්සනාය. යං කිඤ්චි මං සුභද්දො පුච්ඡිස්සති, සබ්බන්තං අඤ්ඤාපෙක්ඛො’ව පුච්ඡිස්සති නො විහෙසාපෙක්ඛො. යඤ්චස්සාහං පුට්ඨො බ්යාකරිස්සාමි, තං ඛිප්පමෙව ආජානිස්සතී”ති.

104. සුභද්‍ර පිරිවැජියා හා පැවැති අනඳ තෙරුන්ගේ මේ කථා සංවාදය භගවත් බුදුරජුහු ඇසූහු ම ය. ඉක්බිති භගවත්හු අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, කම් නැත. සුභද්‍රයා නහමක් වළක්වවු. සුභද්‍ර තෙමේ තථාගතයන් දක්නට ලබා වා. සුභද්‍රයා යම් කිසිවක් මා විචාරන්නේ ද, ඒ සියල්ල දැනගනුයෙහි අපේක්‍ෂා ඇත්තේ ම, වෙහෙසන අදහසක් නැත්තේ ම විචාරයි. විචාරනු ලැබූ මම් යමක් ඔහුට හෙළි කරන්නෙම් ද, යුහු ව ම හේ එය දැනගන්නේ යැ” යි වදාළ සේක.

අථ ඛො ආයස්මා ආනන්දො සුභද්දං පරිබ්බාජකං එතදවොච: “ගච්ඡාවුසො සුභද්ද, කරොති තෙ භගවා ඔකාසන්ති. අථ ඛො සුභද්දො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුභද්දො පරිබ්බාජකො භගවන්තං එතදවොච: ‘යෙ’මෙ භො ගොතම, සමණබ්රාහ්මණා සඞ්ඝිනො ගණිනො ගණාචරියා ඤාතා යසස්සිනො තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස, සෙය්යථිදං: පූරණො කස්සපො, මක්ඛලි ගොසාලො, අජිතො කෙසකම්බලො, පකුධො කච්චායනො, සඤ්ජයො බෙලට්ඨපුත්තො, නිගණ්ඨො නාතපුත්තො, සබ්බෙ තෙ සකාය පටිඤ්ඤාය අබ්භඤ්ඤිංසු, සබ්බෙව න අබ්භඤ්ඤිංසු, උදාහු එකච්චෙ අබ්භඤ්ඤිංසු, එකච්චෙ නාබ්භඤ්ඤිංසූ?”ති.

එ කල්හි අනඳ තෙරණුවෝ සුභද්‍ර පිරිවැජියාට, “ඇවැත්නි, සුභද්‍රයෙනි, යන්නැ. ඔබට භාග්‍යවතුන් වහන්සේ අවසර දෙන සේකැ” යි කීහ. එවිටැ සුභද්‍ර පිරිවැජි තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ ඔබ හා සතුටු වන්නට නිසි, සිතැ රැ‍ඳෙන්නට නිසි කථා නිම කොට එක් පසෙක ඉඳ ගත්තේ ය. එක් පසෙක හිඳ ම සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදුරජුනට කථා කොට “භවද් ගෞතමයිනි, ශ්‍රාවක සංඝයා ඇති, සවු ගණ ඇති, ගණැදුරු වූ, ප්‍රකට වූ, යශස් ඇති බොහෝ දෙනා විසින් සාධු යැ යි සම්මත වූ, කාශ්‍යපගෝත්‍රික පුරාණ, ගෝශාලමස්කරි, කේශකම්බල දැරු අජිත, කාත්‍යායන ගෝත්‍රික පකුධ, වෛරාටිපුත්‍ර සංයත, ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථ යන ‍යම් මේ තීර්ථංකර කෙනෙක් වූහු ද, ඔහු හැම දෙනා තමන් පිළිණ කළ සේ සත්‍යය දැන ගත්තාහු ද? ඔහු හැම දෙනාම එසේ නො ම දැන ගත්තාහු ද? නො හොත් (ඔවුන් අතුරෙන්) එක්තරා කෙනෙක් දැන ගත්තාහු එක්තරා කෙනෙක් නො ම දැන ගත්තාහු දැ?” යි මෙ පැණය විචාළේ ය.

“අලං සුභද්දං, තිට්ඨතෙතං සබ්බෙ තෙ සකාය පටිඤ්ඤාය අබ්භඤ්ඤිංසු, සබ්බෙව න අබ්භඤ්ඤිංසු, උදාහු එකච්චෙ අබ්භඤ්ඤිංසු, එකච්චෙ නාබ්භඤ්ඤිංසූ”ති. ධම්මං තෙ සුභද්ද, දෙසිස්සාමි. තං සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමී”ති. ‘එවං භන්තෙ’ති ඛො සුභද්දො පරිබ්බාජකො භගවතො පච්චස්සොසි, භගවා එතදවොච:

“සුභද්‍රයෙනි, එයින් වැඩෙක් නැත. ‘ඒ සියලු දෙනා තමන් පිළින කරන පරිදි සත්‍යය දැන ගත්තාහු ද? සියල්ලෝ ම නො දැන ගත්තාහු ද? නො හොත් එක්තරා කෙනෙක් දැන ගත්තාහු, එක්තරා කෙනෙක් නො දැන ගත්තාහු ද?’ යන මේ කරුණ සිටි වා (ප‍සෙකැ තැබේ වා). සුභද්‍රයෙනි, තොපට දහමක් දෙසන්නෙමි. එය අසවු, මෙනෙහි කරවු. කියන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ ය, වහන්සැ” යි ම සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදු රජුනට පිළිවදන් ඇස්වී ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

105. “යස්මිං ඛො සුභද්ද, ධම්මවිනයෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො න උපලබ්භති, සමණො පි න උපලබ්භති, දුතියො පි තත්ථ සමණො න උපලබ්භති, තතියො පි තත්ථ සමණො න උපලබ්භති, චතුත්ථො පි තත්ථ සමණො න උපලබ්භති. යස්මිඤ්ච ඛො සුභද්ද, ධම්මවිනයෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො උපලබ්භති, සමණොපි තත්ථ උපලබ්භති, දුතියො පි තත්ථ සමණො උපලබ්භති, තතියො පි තත්ථ සමණො උපලබ්භති, චතුත්ථො පි තත්ථ සමණො උපලබ්භති. ඉමස්මිං ඛො සුභද්ද, ධම්මවිනයෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො උපලබ්භති, ඉධෙ ව සුභද්ද සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො. සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ. ඉමෙ ච1 සුභද්ද, භික්ඛූ සම්මා විහරෙය්යුං අසුඤ්ඤො ලොකො අරහන්තෙහි අස්සා”ති.

105. “සුභද්‍රයෙනි, යම් ධර්ම විනයයෙක (යම් සස්නෙක) අරී අටැඟි මඟ නො ලැබෙයි ද, එහි (පළමු වන) සෝවාන් මහණ ද නො ලැබේ (නො මැත), ‍ දෙවෙනි සෙදැගැමි මහණ ද එහි නැත, තෙවෙනි අනැගැමි මහණ ද එහි නැත, සතර වන රහත් මහණ ද එහි නැත. වැලි දු සුභද්‍රයෙනි, යම් සස්නෙක අරී අටැඟි මඟ ඇද්ද, එහි (පළමු) සෝවාන් මහණ ද ඇත, දෙවෙනි සෙදැගැමි මහණ ද ඇත, තෙවැනි අනගැමි මහණ ද ඇත, සතරවන රහත් මහණ ද ඇත. සුභද්‍රයෙනි, මෙ (දහම් විනය ඇති) සස්නෙහි අරී අටැඟි මඟ ඇත. සුභදුයෙනි, මෙහි ම (පළමු) සෝවාන් මහණ ද ඇත, මෙහි ම දෙවෙනි සෙදැගැමි මහණ ද ඇත, මෙහි ම තෙවෙනි අනැගැමි මහණ ද ඇත, මෙහි ම සිවු වැනි රහත් මහණ ද ඇත. මේ සතර මහණුන්ගෙන් අන්‍ය වූ පරප්‍රවාදයෝ (පර තන්ත්‍රයෝ) සත්‍යයෙන් ශුන්‍ය හ. සුභද්‍රයෙනි, මේ මහණහු ද නිසි පරිදි වසන්නාහු නම් ලොව රහතුන් ගෙන් හිස් නො වන්නේ ය.”

“එකූනතිංසො වයසා සුභද්ද
යං පබ්බජිං කිං කුසලානුඑසී
වස්සානි පඤ්ඤාස සමාධිකානි
යතො අහං පබ්බජිතො සුභද්ද
ඤායස්ස ධම්මස්ස පදෙසවත්තී
ඉතො බහිද්ධා සමණොපි නත්ථි.2
දුතියොපි සමණො නත්ථි,
තතියොපි සමණො නත්ථි,
චතුත්ථොපි සමණො නත්ථි.
සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ
ඉමෙ ච සුභද්ද භික්ඛූ සම්මා විහරෙය්යුං
අසුඤ්ඤො ලොකො අරහන්තෙහී”ති1

“සුභද්‍රයෙනි, කුසල් නම් (නිවන් මඟ නම්) කිම් දැ යි සොයනුයෙම් මම් පැවිදි වීමි යන යමක් ඇද්ද, එය වයසින් එකුන්තිසක් ඇත්තෙම් කෙළෙමි. සුභදුයෙනි, යම් කලෙක මම් පැවිදි වීම් ද, එ දා සිට මෙ දෑතුරෙහි මඳක් වැඩි පස් පනස් වසෙක් ඉකුත් විය. අරීමඟ දහමැ විවසුන් වැඩීම් වශයෙන් ඒකදේශයෙක්හි දු (එක් කොටසෙක නමුදු) පවත්නා මහණෙක් මෙ සස්නෙන් බැහැරැ නැත. පළමු මහණ ද මෙ සස්නෙන් බැහැරැ නැත. දෙවෙනි මහණ ද නැත. තෙවෙනි මහණ ද නැත. සිවුවන මහණ ද නැත. මේ සතර මහණුන්ගෙන් අන්‍ය වූ පරප්‍රවාදයෝ හිස් හ. සුභද්‍රයෙනි, මේ මහණහු නිසි පරිදි (සම්‍යක්ප්‍රතිපන්න වැ) වසන්නා හු නම්, ලොව රහතුන් ගෙන් නොසිස් වන්නේ ය.”

106. එවං වුත්තෙ සුභද්දො පරිබ්බාජකො භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථා පි භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති, එවමෙව භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පදන්ති.

106. මෙසේ වදාළ කල්හි සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදුරජුනට, “වහන්ස, දම් දෙසුම ඉතා මනා ය, වහන්ස, දම් දෙසුම ඉතා මනා ය. යම් සේ මුණින් නමා තුබූ බඳුනක් උඩුකුරු කොට තබන්නේ ද, වැසුණු දැයක් විවෘත කරන්නේ ද, මං මුළා වූවක් හට මඟ කියන්නේ ද, ඇස් ඇත්තන් රූප දකිති යි අඳුරෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ ද, එ සේම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් මට දහම් පැවැසිණ. වහන්ස එයැසූ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද භික්‍ෂූ සංඝයා ද සරණ යෙමි. වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිද්ද ලබම් වා, උපසපුව ලබම් වා” යි කී ය.

“යො ඛො සුභද්ද, අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති, පබ්බජ්ජං, ආකඞ්ඛති උපසම්පදං, සො චත්තාරො මාසෙ පරිවසති. චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අපි ච මෙත්ථ පුග්ගලවෙමත්තතා විදිතා”ති. “සචෙ භන්තෙ, අඤ්ඤතිත්ථියපුබ්බා ඉමස්මිං ධම්මවිනයෙ, ආකඞ්ඛන්තා පබ්බජ්ජං, ආකඞ්ඛන්තා උපසම්පදං, චත්තාරො මාසෙ පරිවසන්ති, චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි, චතුන්නං වස්සානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්තු උපසම්පාදෙන්තු භික්ඛුභාවායා”ති.

“සුභද්‍රයෙනි, පෙරැ අන් ‍තොටු වූයෙක් මෙ සස්නැ පැවිද්ද කැමැත්තේ නම්, උපසපුව කැමැත්තේ නම්, හේ සිවු මසක් පිරිවෙස් වෙසෙයි. සිවු මස ඇවෑමෙන් සතුටු වූ මහණහු ඔහු භික්‍ෂූත්‍වය පිණිස පැවිදි කෙරෙත්, උපසපන් කෙරෙත්. වැළිදු මෙහි ලා මා විසින් පුඟුල් වෙසෙස දන්නා ලද්දේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, “ඉදින් වහන්ස, පෙරැ අන් තොටු වූවාහු මෙ සස්නැ පැවිද්ද පතන්නාහු, උපසපුව පතන්නාහු, සිවු මසක් පිරිවෙස් වසන්නාහු නම්, සිවු මස ඇවෑමෙන් සතුටු සිතැති මහණහු භික්‍ෂූත්වය පිණිස පැවිදි කරන්නාහු, උපසපන් කරන්නාහු නම්, මම් (සිවුමසක් නො ව) සිවුවසක් ම පිරිවෙස් වසන්නෙමි. සිවු වස ඇවෑමෙන් සතුටු වූ සිතැති මහණහු භික්ෂූභාවය පිණිස මා පැවිදි කෙරෙත් වා, උපසපන් කෙරෙත් වා” යි පිරිවැජි කී ය.

අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: තෙනහානන්ද, සුභද්දං පබ්බාජෙථා’ති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො සුභද්දො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං එතදවොච: “ලාභා වො ආවුසො ආනන්ද, සුලද්ධං වො ආවුසො ආනන්ද, යෙ1 එත්ථ සත්ථු සම්මුඛා අන්තෙවාසාභිසෙකෙන අභිසිත්තා’ති.2

ඉක්බිති භගවත්හු අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, එසේ වී නම් සුභද්‍රයා පැවිදි කරන්නැ” යි වදාළහ. “එසේ ය වහන්සැ” යි කියා ම අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. එ කල්හි සුභද්‍ර පිරිවැජි තෙම අනඳ තෙරුනට “ඇවැත් අනඳයෙනි, යම් කෙනෙක් මෙහි ශාස්තෘන් හමුයෙහි අන්තේවාසිකාභිසේකයෙන් අභිෂික්ත ද, ඒ ඔබට මහත් ලාභ කෙනෙක, ඒ ඔබ විසින් ලද සේ මැනැවැ” යි කී ය.

අලත්ථ ඛො සුභද්දො පරිබ්බාජකො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ඛො පනායස්මා සුභද්දො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො, නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ඛො පනායස්මා සුභද්දො අරහතං අහොසි. සො ච3, භගවතො පච්ඡිමො සක්ඛිසාවකො අහොසී ති.

සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදුරජුන් වෙතැ පැවිද්ද ලැබී ය, උපසපුව ලැබී ය. ආයුෂ්මත් සුභද්‍ර තෙම උපසපන් වූ නොබෝ කල් ඇත්තේ ම හුදෙකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වැ නොපමා වැ කෙලෙස් තවන වැර ඇති වැ කමටහන කරා මෙහෙයූ සිතැති වැ වසනුයේ, යමක් පිණිස කුලදරුවෝ මනා ව ම ගිහිගෙන් නික්ම සසුන් වදනා හු ද, ඒ මඟබඹසරැ කෙළවර වූ ලොවුතුරා රහත් බව මේ අත් බව්හි ම නොබෝ කල්හි ම තෙමේ ම නුවණින් දැන පසක් කොට ලැබ විසී ය. හේ “ඉපැත්ම නැවැතිණ, මහ බඹසර වැස නිමැවිණ. කළ යුතු දෑ කොට නිමැවිණ. මේ රහත් බව පිණිස තව කළ යුතු දැයෙක් නැතැ” යි වෙසෙසින් දත්තේ ය. ආයුෂ්මත් සුභද්‍රයෝ රහතුන්ගෙන් එක්තරා කෙනෙක් වූ හ. ඔබ භගවත් බුදුරජුන්ගේ අන්තිම ප්‍රත්‍යක්ෂ ශ්‍රාවක (ඔබ ධරමාණ කල්හි ම රහත් වූ අන්තිම ශ්‍රාවක) වූහ.

පඤ්චමො භාණවාරො.

පස් වන බණවර යි.

තථාගතස්ස පච්ඡිමා වාචා

තථාගතයන් වහන්සේගේ අන්තිම වචනය

107. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙති.

107. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා මෙසේ වදාළ සේක:

“සියා ඛො පනානන්ද, තුම්හාකං එවමස්ස අතීතසත්ථුකං පාවචනං, නත්ථි නො සත්ථාති. න ඛො පනෙතං ආනන්ද, එවං දට්ඨබ්බං. යො ඛො ආනන්ද, මයා ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො සො වො මමච්චයෙන සත්ථා ති. යථා ඛො පනානන්ද, එතරහි භික්ඛූ අඤ්ඤමඤ්ඤං ආවුසොවාදෙන සමුදාචරන්ති, න ඛො මමච්චයෙන එවං සමුදාචරිතබ්බං. ථෙරතරෙන ආනන්ද, භික්ඛුනා නවකතරො භික්ඛු නාමෙන වා ගොත්තෙන වා ආවුසොවාදෙන වා සමුදාචරිතබ්බො. නවකතරෙන භික්ඛුනා ථෙරතරො භික්ඛු භන්තෙති වා ආයස්මාති වා සමුදාචරිතබ්බො.

“අනඳයෙනි, ප්‍රවචනය (පෙළ දහම) ඉකුත් වූ ශාස්තෘහු ඇති එකෙකැ යි ‘අපගේ ශාස්තෘහු නැතැ’ යි තොපට මෙ බඳු සිතක් ඇති විය හැක්කේ ම ය. අනඳයෙනි, එය එසේ දැක්ක යුතු නො වෙයි. අනඳයෙනි, මා විසින් යම් දහමෙකුත් විනයෙකුත් දෙසිණි ද පැණැවිණි ද එය මා ඇවෑමෙන් තොපට ශාස්තෘ වෙයි. අනෙකක් කියම්. අනඳයෙනි, දැන් මහණහු උනුනට ආවුසෝවාදයෙන් (ඇවැත්නි යි යන වචනයෙන්) කතා කෙරෙත් ද, මා ඇවෑමෙන් එසේ කතා නො කළ යුතු. අනඳයෙනි, (උපසපුයෙන්) වඩා මහළු වූ මහණහු විසින් (උපසපුයෙන්) වඩා බාල වූ මහණ තෙම සංඥානාමයෙන් හෝ ඔහු අයත් ගොත්‍රයේ නමින් හෝ ආවුසෝවාදයෙන් හෝ ඇමැතියැ යුතු. වඩා බාල මහණහු විසින් වඩා මහළු මහණ තෙම ‘වහන්සැ’ යි හෝ ‘ආයුෂ්මත්නි’ යි හෝ කියා ඇමැතියැ යුතු.

ආකඞ්ඛමානො ආනන්‍ද, සඞ්ඝො මමච්චයෙන ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි සමූහනතු.1 ඡන්නස්ස ආනන්‍ද, භික්ඛුනො මමච්චයෙන බ්‍රහ්මදණ්ඩො දාතබ්බො”ති. “කතමො පන භන්තෙ, බ්‍රහ්මදණ්ඩො?”ති. “ඡන්නො ආනන්‍ද, භික්ඛු යං ඉච්ඡෙය්‍ය තං වදෙය්‍ය, සො භික්ඛූහි නෙව වත්තබ්බො න ඔවදිතබ්බො න අනුසාසිතබ්බො”ති.

අනඳයෙනි, ඉදින් සංඝ තෙමේ කැමැති වන්නේ නම්, මා ඇවෑමෙන් කුඩා අනු කුඩා සික පද සමූහනනය කෙරේ වා (උදුරා ඉවත් කෙරේවා).

අනඳයෙනි, මා ඇවෑමෙන් ඡන්න මහණහට බ්‍රහ්මදණ්ඩනය දියැ යුතු. ‘වහන්ස, බ්‍රහ්මමදණ්ඩනය නම් කවරේ දැ’ යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ. ‘අනඳයෙනි, ඡන්න මහණ යමක් කැමැත්තෙන් ද එය කියා වා. මහණුන් විසින් හෙ තෙම කිසිවක් නො කියැ යුතු (ඔහු හා කතා නො කළ යුතු), නො ම ඔවා දියැ යුතු, අනුශාසනා නො ම කට යුතු. (බ්‍රහ්ම දණ්ඩන නම් මේ යැ.)’

108. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: සියා ඛො පන භික්ඛවෙ, එකභික්ඛුස්සාපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා, පුච්ඡථ භික්ඛවෙ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ: සම්මුඛීභූතො නො සත්ථා අහොසි, න මයං සක්ඛිම්හ භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතුන්ති. එවං වුත්තෙ තෙ භික්ඛූ තුණ්හී අහෙසුං. දුතියම්පි ඛො භගවා -පෙ- තතියම්පි ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: සියා ඛො පන භික්ඛවෙ, එකභික්ඛුස්සාපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා පුච්ඡථ භික්ඛවෙ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ, සම්මුඛීභූතො නො සත්ථා අහොසි, න මයං සක්ඛිම්හ භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතුන්ති. තතියම්පි ඛො තෙ භික්ඛූ තුණ්හී අහෙසුං. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “සියා ඛො පන භික්ඛවෙ, සත්ථුගාරවෙනාපි න පුච්ඡෙය්යාථ. සහායකො පි භික්ඛවෙ, සහායකස්ස ආරොචෙතූ’ති. එවං වුත්තෙ තෙ භික්ඛූ තුණ්හී අහෙසුං.

108. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මහණුන් බණවා වදාරනසේක්, ‘මහ‍ණෙනි, එක් මහණකුට නමුදු බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මාර්ගය කෙරෙහි හෝ පිළිවෙත කෙරෙහි හෝ සැකයෙක් හෝ විමතියෙන් ඇත් නම්, මහණෙනි, එය විචාරවු. ‘ශාස්තෘහු අපට හමු වූහ. අපි ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතින් විචාරන්නට නො හැකි වූ මු’ යි පසු වැ විපිළිසැරි නො වවු’ යි වදාළ සේක. මෙසේ වදාළකල්හි ඒ මහණහු නිහඬ වූහ. භගවත්හු දෙවෙනි වර ද ... තෙවෙනි වරද ‘මහණෙනි, එක් මහණකුට නමුදු බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මාර්ගය කෙරෙහි, පිළිවෙත කෙරෙහි හෝ සැකයෙක් හෝ විමතියෙක් හෝ ඇත් නම් එය විචාරවු. ‘ශාස්තෘහු අපට හමු වූහ, අපි ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතින් විචාරන්නට නො හැකි වූ මු’ යි පසු වැ විපිළිසැරි නො වවු’ යි වදාළහ. තෙවෙනි වරැ ද ඒ මහණහු නිහඬ වූහු. එ විට භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, ‘මහණෙනි, ශාස්තෘහු කෙරෙහි ගෞරවයෙනුදු තොප නො විචාරනු විය හැක්ක. (එසේ කලැ) යහලු මහණ තෙමේ යහලු මහණකුට හෝ සැළ කෙරේ වා’ යි වදාළ හ. මෙසේ වදාළ කල්හි ද ඒ මහණහු නිහඬ වුහ.

අථ ඛො ආයස්මා ආනන්‍දො භගවන්තං එතදවොච: “අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, එවං පසන්නො අහං භන්තෙ, ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ ‘නත්‍ථි එකභික්ඛුස්සාපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා’ති. “පසාදා ඛො ත්‍වං ආනන්‍ද වදෙසි. ඤාණමෙව හෙත්‍ථ ආනන්‍ද තථාගතස්ස. නත්‍ථි ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ එකභික්ඛුස්සාපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා. ඉමෙසං හි ආනන්‍ද, පඤ්චන්නං භික්ඛුසතානං යො පච්ඡිමකො භික්ඛු සො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති.

එ කල්හි අනඳ තෙරණුවෝ ‘වහන්ස, ආශ්චර්‍ය්‍ය! වහන්ස, අද්භූත ය! වහන්ස, බුදුරජුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මඟ කෙරෙහි හෝ පිළිවෙත කෙරෙහි හෝ එක් මහණක්හට දු සැකයෙක් හෝ විමතියෙන් හෝ නැතැ’ යි මෙසේ මේ භික්‍ෂූ සංඝයා කෙරෙහි මම් පැහැදුණෙමි’ යි භගවත් බුදුරජුනට සැළ කළහ.

“අනඳයෙනි, තෙපි පැහැදීමෙන් (ප්‍රසාදය හේතු කොට ගෙන) මෙසේ කියවු. අනඳයෙනි, තථාගතයන්ගේ වූකලි මෙ කරුණෙහි ලා ‘මෙ මහණ මුළුයෙහි එක් මහණකුට ද බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ ම‍ඟෙහි හෝ පිළිවෙතෙහි හෝ සැකයෙක් හෝ විමතියෙක් හෝ නැත. අනඳයෙනි, මේ පන්සියක් මහණුන් අතුරැ යම් පැසිම් සවු මහණෙක් වේ ද, හේ සිවු අවාහි නො වැටෙන සුලු සම්‍යක්ත්‍ව නියමයෙන් නියත වූ, සම්බෝධිය (ඉදිරි මාර්ගත්‍රයය) ප්‍රතිෂ්ඨා කොට ඇත්තෙ මැ” යි දැනීම ඇත්තෙකු වි වදාළ සේක.

අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “හන්ද’දානි භික්ඛවෙ, ආමන්තයාමි වො, වයධම්මා සඞ්ඛාරා අප්පමාදෙන සම්පාදෙථා”ති.

ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමැතූ සේක: “මහණෙනි. දැන් ‍තොප අමතමි (තොපට උපදෙස් දෙමි). සංස්කාරයෝ නැසෙන සුලු හ. (එ බැවින්) නො පමායෙන් (එළැඹැවූ සිහියෙන්) රහත් බව පිණිස කළ යුතු දෑ සපය වූ (සපුරවු)”

අයං තථාගතස්ස පච්ඡිමා වාචා1.

මේ භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම වචනය විය.

භගවතො පරිනිබ්බානං

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීම

109. අථ ඛො භගවා පඨමං ඣානං සමාපජ්ජි. පඨමජ්ඣානා වුට්ඨහිත්වා දුතියං ඣානං සමාපජ්ජි. දුතියජ්ඣානා වුට්ඨහිත්වා තතියං ඣානං සමාපජ්ජි. තතියජ්ඣානා වුට්ඨහිත්වා චතුත්ථං ඣානං සමාපජ්ජි. චතුත්ථජ්ඣානා වුට්ඨහිත්වා ආකාසානඤ්චායතනං සමාපජ්ජි. ආකාසානඤ්චායතනසමාපත්තියා වුට්ඨහිත්වා විඤ්ඤාණඤ්චායතනං සමාපජ්ජි. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා වුට්ඨහිත්වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජි. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා වුට්ඨහිත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා වුට්ඨහිත්වා සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජි.

109. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පළමු දහන් සම වැදුණු සේක. පළමු දැහැනෙන් නැඟී දෙවෙනි දහන් සම වැදුණු සේක. දෙවෙනි දැහැනෙන් නැඟී තෙවෙනි දහන් සම වැදුණු සේක. තෙවෙනි දැහැනෙන් නැඟී සිවුවැනි දහන් සමවන් සේක. සිවුවැනි දැහැනෙන් නැඟී ආකාසානඤ්චායතන දහන් සමවත් සේක. ආකාසානඤ්චායතන සමවතින් නැඟි විඤ්ඤාණඤ්චායතනයට සමවන් සේක. විඤ්ඤාණඤ්චායතන සමවතින් නැඟී ආකිඤ්චඤ්ඤායතනයට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතන සමවතින් නැඟී නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවතින් නැඟී සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන් සේක.

අථ ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච, “පරිනිබ්බුතො භන්තෙ අනුරුද්ධ භගවා’ති. “න ආවුසො ආනන්ද, භගවා පරිනිබ්බුතො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො”ති.

එ කල්හි අනඳ තෙරණුවෝ ‘අනුරුද්ධයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සේක් දැ?’ යි අනුරුත් තෙරුන් විචාළහ. ‘ඇවැත් අනඳයෙනි, භාග්‍යවතුන් වහන්සේ නො පිරිනිවි සේක. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන් සේකැ’ යි අනුරුත් තෙරණුවෝ වදාළහ.

අථ ඛො භගවා සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහිත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා වුට්ඨහිත්වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජි. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා වුට්ඨහිත්වා විඤ්ඤාණඤ්චායතනං සමාපජ්ජි. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා වුට්ඨහිත්වා ආකාසානඤ්චායතනං සමාපජ්ජි. ආකාසානඤ්චායතනසමාපත්තියා වුට්ඨහිත්වා චතුත්ථං ඣානං සමාපජ්ජි. චතුත්ථජ්ඣානා වුට්ඨහිත්වා තතියං ඣානං සමාපජ්ජි. තතියජ්ඣානා වුට්ඨහිත්වා දුතියං ඣානං සමාපජ්ජි. දුතියජ්ඣානා වුට්ඨහිත්වා පඨමං ඣානං සමාපජ්ජි. පඨමජ්ඣානා වුට්ඨහිත්වා දුතියං ඣානං සමාපජ්ජි. දුතියජ්ඣානා වුට්ඨහිත්වා තතියං ඣානං සමාපජ්ජි. තතියජ්ඣානා වුට්ඨහිත්වා චතුත්ථං ඣානං සමාපජ්ජි. චතුත්ථජ්ඣානා වුට්ඨහිත්වා සමනන්තරා භගවා පරිනිබ්බායි.

ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැඟී සිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවතින් නැඟී ආකිඤ්චඤ්ඤායතන සමවතට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතන සමවතින් නැඟී විඤ්ඤානඤ්චායතනයට සමවන් සේක. විඤ්ඤානඤ්චායතන සමවතින් නැඟී ආකාසානඤ්චායතනයට සමවන් සේක. ආකාසානඤ්චායතන සමවතින් නැඟී සිවුවැනි දහනට සමවන් සේක. සිවුවැනි දැහැනෙන් නැඟී තෙවෙනි දහනට සමවන් සේක. තෙවෙනි දැහැනින් නැඟී දෙවෙනි දහනට සමවන් සේක. දෙවෙනි දැහැනින් නැඟී පළමු දහනට සමවන් සේක. පළමු දැහැනින් නැඟී දෙවෙනි දහනට සමවන් සේක. දෙවෙනි දැහැනින් නැඟී තෙවෙනි දහනට සමවන් සේක. තෙවෙනි දැහැනින් නැඟී සිවුවැනි දහනට සමවන් සේක. සිවුවැනි දැහැනින් නැඟී එයට අනතුරු වැ පිරිනිවි සේක.

110. පරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බානා මහාභූමිචාලො අහොසි, භිංසනකො සලොමහංසො. දෙවදුන්දුභියො ච ඵලිංසු. පරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බානා බ්රහ්මා සහම්පති ඉමං ගාථං අභාසි:

110. භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, පිරිනිවෙනු හා මැ බිහිසුනු වූ ලොමුදහ ගැනුම් ඇති කරන මහද් භූමිචලනයෙක් විය. දෙව්බෙර පැළිණ. භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, පිරිනිවන හා මැ සහම්පති මහ බඹ “සබ්බේව නික්ඛිපිස්සන්ති ... සම්බුද්ධො පිරිනිබ්බුතො” යි මේ ගීය ගැයී ය.

“සබ්බෙව නික්ඛිපිස්සන්ති භූතා ලොකෙ සමුස්සයං1
යථා එතාදිසො සත්ථා ලොකෙ අප්පටිපුග්ගලො
තථාගතො බලප්පත්තො සම්බුද්ධො පරිනිබ්බුතො”ති.

එහි අදහස: “ලොවැ හැම සත්හු ම යම් සේ (ජීවිතේන්ද්‍රිය පරිහාණියෙන්) සිරුර හැරදමත් ද, එසේ ම දශවැදෑරුම් ඥාණබලයට පැමිණි, ලොවැ ඔබට සමපුඟුලක්හු නැති, තථාගත වූ සම්බුද්ධ වූ මෙ බඳු වූ ශාස්තෘන් වහන්සේ පිරිනිවි සේක.”

පරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බානා සක්කො දෙවානමින්දො ඉමං ගාථං අභාසි:

භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, පිරිනිවෙනු හා මැ සක්දෙවිඳු “අනිච්චාවත සංඛාරා ... තෙසං වූපසමො සුඛො” යි මේ ගය කී ය.

“අනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො,
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො”ති.

එහි අදහස: “පසයෙන් හටගත් සියලු දෑ ඒකාන්තයෙන් ඉපැදෙන වැනැසෙන සුලු ය. ඔහු ඉපැද නැසෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ගෙන දෙයි.”‍

පරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බානා ආයස්මා අනුරුද්ධො ඉමා ගාථායො අභාසි:

භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි පිරිනිවෙනු හා මැ අනුරුත් තෙරණුවෝ “නාහු අස්සාසපස්සාසා ... විමොක්ඛො චෙතසෝ අහු” යි මේ ගාථා වදාළහ.

“නාහු අස්සාසපස්සාසො ඨිතචිත්තස්ස තාදිනො,
අනෙජො සන්තිමාරබ්භ යං කාලමකරී මුනි.

අසල්ලීනෙන චිත්තෙන වෙදනං අජ්ඣවාසයී,
පජ්ජොතස්සෙව නිබ්බානං විමොක්ඛො චෙතසො අහූ”ති.2

එහි අදහස: “තහවුරු සිතැති, අටලෝ දහමින් නොසැලෙන බුදුරජුන්ගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නැවැතුණාහ (නො පැවැත්මට පැමිණියාහ). ඒ මුනිහු තෘෂ්ණා නැතියාහු, නිවන් අරමුණු කොට කලුරිය කළාහ ඔබ (නො හැකුලුණු සිතින් මරණාන්තික) වේදනාව ඉවැසූහ. පහනක් නිවෙනු සෙයින් ඔබ සිතැ මිදීම විය.”

පරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බානා ආයස්මා ආනන්දො ඉමං ගාථං අභාසි:

භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි ඔබ පිරිනිවෙන්නා හා මැ අනඳ තෙරණුවෝ මේ “තදාසි යං හිංසනකං ... සම්බුද්ධො පරිනිබ්බුතෙ” යි මේ ගය වදාළහ.

“තදාසි යං භිංසනකං තදාසි ලොමහංසනං
සබ්බාකාරවරූපෙතෙ සම්බුද්ධෙ පරිනිබ්බුතෙ”ති.

එහි අදහස: “(සිල් ආදි) සියලු උතුම් කරුණින් යුත් සම්මාසම්බුදු රජුන් පිරිනිවි කල්හි, එ කෙණෙහි මහත් බිහිසුනු පොළෝ සැලීමෙක් විය. එකෙණෙහි මහත් ලොමුදහ ගැන්මෙක් විය. ”

111. “පරිනිබ්බුතෙ භගවති යෙ තෙ තත්ථ භික්ඛූ අවීතරාගා අප්පෙකච්චෙ බාහා පග්ගය්හ කන්දන්ති ඡින්නපාතං පතන්ති ආවට්ටන්ති විවට්ටන්ති:” අතිඛිප්පං භගවා පරිනිබ්බුතො, අතිඛිප්පං සුගතො පරිනිබ්බුතො අතිඛිප්පං චක්ඛු ලොකෙ අන්තරහිතන්ති. යෙ පන තෙ භික්ඛූ වීතරාගා තෙ සතා සම්පජානා ‘අධිවාසෙන්ති අනිච්චා සඞ්ඛාරා, තං කුතෙත්ථ ලබ්භා’ති.

111. එහි නොපහ වූ රාගය ඇති යම් මහණ කෙනෙක් වූහු ද, ඔහු භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, “භාග්‍යවතුන් වහන්සේ ඉතා යුහු වැ පිරිනිවි සේක! සුගතයන් වහන්සේ ඉතා යුහු වැ පිරිනිවි සේක!! ලොවේ ඇස ඉතා යුහු වැ අතුරුදහන් වී යැ!!!” යි ඇතැම් කෙනෙක් දොහොත් හුවා හඬත්, මැදින් බිඳී වැටුණවුන් සේ වැටෙත්. (පෙරැළෙන්නාහු) වැටුණ තැනට ම පෙරැළී එත්, වැටුණු තැනින් ඔබ්බට ද පෙරැළී යෙත්. යම් මහණ කෙනෙක් පහ වූ රාග ඇත්තාහු ද, ඔහු එළැඹැවූ සිහි ඇත්තාහු නුවණින් සලකන්නාහු, ‘සංස්කාරයෝ අනිත්‍යහ. ඔවුන් නොනැසෙන බවෙක් කොයින් ලැබෙන්නේ දැ’ යි සලකන්නෝ ඉවසත්.

112. අථ ඛො ආයස්මා අනුරුද්ධො භික්ඛූ ආමන්තෙසි: අලං ආවුසො, මා සොචිත්ථ මා පරිදෙවිත්ථ. නනු එතං ආවුසො, භගවතා පටිගච්චෙව අක්ඛාතං, සබ්බෙහෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ්ඤථාභාවො, තං කුතෙත්ථ ආවුසො, ලබ්භා යන්තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං තං වත මා පලුජ්ජීති නෙතං ඨානං විජ්ජති. දෙවතා ආවුසො, උජ්ඣායන්තී”ති.

112. ඉක්බිති අනුරුත් තෙරණුවෝ භික්ෂූන් අමතා, “ඇවැත්නි, හැඬුමෙන් වැඩෙක් නැත. නො ම සොවිවු. නො ම වැලැපෙවු. ප්‍රිය මනාප හැම දැයෙන් ඉවත් වීම, වෙන් වීම, අන් සැටියෙකින් වීම යන මෙය කල් තබා ම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදුයේ නො වේ ද? ඇවැත්නි, යමෙක් උපන්නේ ද, වූයේ ද පසයෙන් සකස් වූයේ ද, නැසෙන සුලු ද, එය නො නැසේ ව” යි යන්න කොයින් ලැබෙන්නේ ද? මෙ කරුණ අවිද්‍යමාන ය. ඇවැත්නි, දේවතාවෝ ද තොප හැඬුමට දොස් කියත්” යි වදාළහ.

“කථම්භූතා පන භන්තෙ, අනුරුද්ධ දෙවතා මනසි කරොති? සන්තාවුසො ආනන්ද, දෙවතා ආකාසෙ පඨවිසඤ්ඤිනියො කෙසෙ පකිරිය කන්දන්ති බාහා පග්ගය්හ කන්දන්ති ඡින්නපාතං පතන්ති, ආවට්ටන්ති, විවට්ටන්ති අතිඛිප්පං භගවා පරිනිබ්බුතො, අතිඛිප්පං සුගතො පරිනිබ්බුතො, අතිඛිප්පං චක්ඛු ලොකෙ අන්තරහිතන්ති. සන්තාවුසො ආනන්ද, දෙවතා පඨවියා පඨවිසඤ්ඤිනියො කෙසෙ පකිරිය -පෙ- අන්තරහිතො ති. යා පන තා දෙවතා වීතරාගා තා සතා සම්පජානා අධිවාසෙන්ති ‘අනිච්චා සඞ්ඛාරා තං කුතෙත්ථ ලබ්භා’ති.

“වහන්ස, අනුරුත් තෙරුනි, ඔබ කෙසේ වූ දේවතා කෙනකු මෙනෙහි කරත් දැ?” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ. “ඇවැත් අනඳයිනි, අහ සැ පොළොවැ යි සංඥා ඇති දේවතා කෙනෙක් ඇත. ඔහු ‘භාග්‍යවතුන් වහන්සේ ඉතා වහා පිරිනිවි සේකැ යි, සුගතයන් වහන්සේ ඉතා වහා පිරිනිවි සේකයි, ලොවැ ඇස ඉතා වහා අතුරු දහන් වී යැ’ යි කෙහෙ මුදා වැලැපෙත්. හිසැ අත් හුවා වැලැපෙත්. මැදින් බිඳුණවුන් සේ ඇද වැටෙත්. බිමැ පෙරැළෙන්නාහු වැටී හොත් තැනට ම පෙරැළී එත්, වැටී හොත් තැනින් ඔබ්බට ද පෙරැළී යෙත්. අනඳයෙනි, පොළොවහි පොළොවැ යි සංඥා ඇති දේවතා කෙනෙක් ඇත. ඔහු “... අතුරුදහන් වී යැ” යි කෙසේ මුදා වැලැපෙත්. යම් දේවතා කෙනෙක් පහ වූ රාග ඇත්තෝ ද (අනාගාමී හෝ රහත් වූ වෝ ද), ඔහු “සංස්කාරයෝ අනිත්‍යහ, (ඔහු නො නැසෙත් යන) එය මෙහි කොයින් ලැබේ දෑ?” එළැඹැවූ සිහි ඇත්තාහු, නුවණින් දන්නාහු ඉවසත්. ”

113. අථ ඛො ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච ආනන්දො තං රත්තාවසෙසං ධම්මියා කථාය වීතිනාමෙසුං. අථ ඛො ආයස්මා අනුරුද්ධො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ගච්ඡාවුසො ආනන්ද, කුසිනාරං. කුසිනාරං පවිසිත්වා කොසිනාරකානං මල්ලානං ආරොචෙහි: ‘පරිනිබ්බුතො වාසිට්ඨා භගවා, යස්ස’දානි කාලං මඤ්ඤථා’ති. එවම්භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො ආයස්මතො අනුරුද්ධස්ස පටිස්සුත්වා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය අත්තදුතියො කුසිනාරං පාවිසි. තෙන ඛො පන සමයෙන කොසිනාරකා මල්ලා සන්ථාගාරෙ සන්නිපතිතා හොන්ති තෙනෙව කරණීයෙන. අථ ඛො ආයස්මා ආනන්දො යෙන කොසිනාරකානං මල්ලානං සන්ථාගාරං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා කොසිනාරකානං මල්ලානං ආරොචෙසි: “පරිනිබ්බුතො වාසිට්ඨා භගවා, යස්ස’දානි කාලං මඤ්ඤථා”ති. ඉදමායස්මතො ආනන්දස්ස වචනං සුත්වා මල්ලා ච මල්ලපුත්තා ච මල්ලසුණිසා ච මල්ලපජාපතියො ච අඝාවිනො දුම්මනා චෙතො දුක්ඛසමප්පිතා අප්පෙකච්චෙ කෙසෙ පකිරිය කන්දන්ති, බාහා පග්ගය්හ කන්දන්ති, ඡින්නපාතං පතන්ති ආවට්ටන්ති විවට්ටන්ති අතිඛිප්පං භගවා පරිනිබ්බුතො, අතිඛිප්පං සුගතො පරිනිබ්බුතො, අතිඛිප්පං චක්ඛු ලොකෙ අන්තරහින්ති.”

113. එ කල්හි අනුරුත් තෙරණුවෝ ද අනඳ තෙරණුවෝ ද ඒ රැය ඉතිරි කොටස දැහැමි කතායෙන් ගෙවූහ. ඉක්බිති අනුරුත් තෙරණුවෝ අනඳ තෙරුන් අමතා, “ඇවැත්නි, අනඳයෙනි, කුසිනාරාවට යන්න. කුසිනාරාවට වැද, “‍වාසිෂ්ඨයිනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සේක. එහි යම් ගමනකට අදහස් කරවු ද එයට (දැන් කාලය වේ යැ යි) කාලය දනිවු” යැ යි කුසිනාරාවාසී මල්ල රජුනට සැළ කරවු” යැ යි වදාළාහ. ‘එසේ යැ වහන්සැ’ යි ම අනඳ තෙරණුවෝ අනුරුත් තෙරුනට පිළිවදන් දී, පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, තමා දෙවැනි ‍කොටැති වැ, කුසිනාරාවට පිවිසියාහ. එ සමයෙහි කුසිනාරා වැසි මල්ලයෝ ඒ කටයුත්තෙන් ම සන්ථාගාරයෙහි රැස්වූවාහු වෙත්. එ කලැ අනඳ තෙරණුවෝ කුසිනාරා වැසි මල්ලයන්ගේ සන්ථාගාරය කරා එළැඹියාහ. එළැඹ ඔවුනට ‘වාසිෂ්ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සේක. එහි යම් ගමනකට අදහස් කරවු නම් එයට කල් දනිවු’ යැ යි සැළ කළාහ. අනඳ තෙරුන්ගේ මේ වචන අසා, මල්ල රජහු ද, මල්ල රජුන් පුත්තු ද, මල්ල රජුන් ලෙහෙළියෝ ද, මල්ල රජුන් බිරියෝ ද, දුක් ඇත්තාහු දොම්නස් ඇත්තාහු, සිත්හි උපන් දුකින් යුක්ත වූවාහු, “ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සේක! ඉතා වහා සුගතයන් වහන්‍සේ පිරිනිවි සේක!! ඉතා වහා ලොවැ ඇස අතුරුදහන් වී යැ!!!’ යි ඇතැම් කෙනෙක් කෙහෙමුදා හඬත්, ඇතැම් කෙනෙක් දොහොත් හුවා හඬත්, ඇතැම් කෙනෙක් මැදින් බිඳුණවුන් සේ ඇද වැටෙත්, වැටී ‍ හොත් තැනට පෙරැළී එත්, වැටී හොත් තැනින් ඔබ්බට පෙරැළී යෙත්.

114. අථ ඛො කොසිනාරකා මල්ලා පුරිසෙ ආණාපෙසුං “තෙන හි භණෙ කුසිනාරායං ගන්ධමාලඤ්ච සබ්බඤ්ච තාළාවචරං සන්නිපාතෙථා”ති. අථ ඛො කොසිනාරකා මල්ලා ගන්ධමාලඤ්ච සබ්බඤ්ච තාළාවචරං පඤ්ච ච දුස්සයුගසතානි ආදාය යෙන උපවත්තනං මල්ලානං සාලවනං යෙන භගවතො සරීරං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතො සරීරං නච්චෙහි ගීතෙහි වාදිතෙහි මාලෙහි ගන්ධෙහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා චෙලවිතානානි කරොන්තා මණ්ඩලමාළෙ පටියාදෙන්තා ‘එකදිවසං වීතිනාමෙසුං. අථ ඛො කොසිනාරකානං මල්ලානං එතදහොසි. ‘අතිවිකාලො ඛො අජ්ජ භගවතො සරීරං ඣාපෙතුං, ස්වෙදානි මයං භගවතො සරීරං ඣපෙස්සාමා”ති. අථ ඛො කොසිනාරකා මල්ලා භගවතො සරීරං නච්චෙහි ගීතෙහි වාදිතෙහි මාලෙහි ගන්ධෙහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා චෙලවිතානානි කරොන්තා මණ්ඩලමාළෙ පටියාදෙන්තා දුතියම්පි දිවසං වීතිනාමෙසුං, තතියම්පි දිවසං වීතිනාමෙසුං, චතුත්ථම්පි දිවසං වීතිනාමෙසුං, පඤ්චමම්පි දිවසං වීතිනාමෙසුං, ඡට්ඨම්පි දිවසං වීතිනාමෙසුං. අථ ඛො සත්තමං දිවසං කොසිනාරකානං මල්ලානං එතදහොසි: මයං භගවතො සරීරං නච්චෙහි ගීතෙහි වාදිතෙහි මාලෙහි ගන්ධෙහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා, දක්ඛිණෙන දක්ඛිණං නගරස්ස හරිත්වා බාහිරෙන බාහිරං දක්ඛිණතො නගරස්ස භගවතො සරීරං ඣාපෙස්සාමා’ති.

114. එයට පසු කුසිනාරා වාසී මල්ලයෝ පුරුෂයන් බණවා “සගයෙනි, එසේ වී නම් තෙපි කුසිනාරායෙහි සුවඳ දෑ හා මල් ද සියලු තූර්‍ය්‍ය භාණ්ඩ ද රැස්කරවු යැ” යි ඇණැවූහ. ඉක්බිති කුසිනාරා පුරවැසි මල්ලයෝ සුවඳ ද මල් ද සියලු තූර්‍ය්‍ය භාණ්ඩ ද කාසික වස්ත්‍ර යුගල පන්සියයක් ද ගෙන මල්ලයන්ගේ උපවර්තන සල් උයන යම් තැනෙක ද, භගවත් බුදුරජුන්ගේ ශ්‍රී දේහය යම් තැනෙක ද, එ තැනට එළැඹියාහ. එළැඹැ, භගවත් බුදුරජුන්ගේ සිරි සිරුරට නැටුමින් ගීයෙන් වැයුමෙන් මලින් සුවඳින් සත්කාර කරන්නාහු, ගෞරව කරන්නාහු, බුහුමන් කරන්නාහු, පූජා කරන්නාහු මහඟු වතින් වියන් බඳනාහු, මඩුලුමල් පිළියෙල කරන්නාහු එක් දවසක් ගෙවූහ. ඉක්බිති කුසිනාරා වැසි මල්ලයනට ‘අද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන කරන්නට ඉතා නො කල් ය. සෙට දවසැ අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන කරන්නමු’ යි මේ සිත විය. එයට පසු කුසිනාරා වැසි මල්ලයෝ භගවත් බුදුරජුන් සිරි සිරුරට නැටුම් ගැයුම් වැයුම් මල් සුවඳ යන මෙයින් සත්කාර ගරුකාර කරන්නාහු, බුහුමන් කරන්නාහු, පූජා කරන්නාහු, මහඟු වතින් වියන බඳනාහු, මඬුලුමල් පිළියෙල කරන්නාහු, දෙවෙනි දවස ද ගෙවූහ, තෙවෙනි දවස ද ගෙවූහ, සතරවැනි දවස ද ගෙවූහ, පස්වැනි දවස ද ගෙවූහ, සවැනි දවස ද ගෙවූහ. ඉක්බිති සත්වැනි දවසෙහි කුසිනාරා වැසි මල්ලයනට “අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරි සිරුර නැටුම් ගී වැයුම් මල් සුවඳ යන මෙයින් සත්කාර ගරුකාර මානන පූජන කරන්නමෝ, නුවර දකුණු දෙසින් දකුණු දිගට වැඩම කරවා, (ඇතුළු නුවරට නො පිවිස්වා) නුවර බැහැරින් ම බැහැරට පමුණුවා, නුවරට දකුණු දිග්හි දී ආදාහන කරන්නෙමු” යි මේ සිත විය.

115. තෙන ඛො පන සමයෙන අට්ඨ මල්ලපාමොක්ඛා සීසං නහාතා අහතානි වත්ථානි නිවත්ථා ‘මයං භගවතො සරීරං උච්චාරෙස්සාමා’ති නසක්කොන්ති උච්චාරෙතුං. අථ ඛො කොසිනාරකා මල්ලා ආයස්මන්තං අනුරුද්ධං එතදවොචුං: කො නු ඛො භන්තෙ අනුරුද්ධ, හෙතු කො පච්චයො යෙනිමෙ අට්ඨ මල්ලපාමොක්ඛා සීසං නහාතා අහතානි වත්ථානි නිවත්ථා ‘මයං භගවතො සරීරං උච්චාරෙස්සාමා’ති න සක්කොන්ති උච්චාරෙතුන්ති?” “අඤ්ඤථා ඛො වාසිට්ඨා, තුම්හාකං අධිප්පායො, අඤ්ඤථා දෙවතානං අධිප්පායො”ති. “කථං පන භන්තෙ, දෙවතානං අධිප්පායො”ති. “තුම්හාකං ඛො වාසිට්ඨා, අධිප්පයො: “මයං භගවතො සරීරං නච්චෙහි ගීතෙහි වාදිතෙහි මාලෙහි ගන්ධෙහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා දක්ඛිණෙන දක්ඛිණං නගරස්ස හරිත්වා, බාහිරෙන බාහිරං දක්ඛිණතො නගරස්ස භගවතො සරීරං ඣාපෙස්සාමා”ති. දෙවතානං ඛො වාසිට්ඨා, අධිප්පායො “මයං භගවතො සරීරං දිබ්බෙහි නච්චෙහි ගීතෙහි වාදිතෙහි මාලෙහි ගන්ධෙහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා, උත්තරෙන උත්තරං නගරස්ස හරිත්වා, උත්තරෙන ද්වාරෙන නගරං පවෙසෙත්වා, මජ්ඣෙන මජ්ඣං නගරස්ස හරිත්වා, පුරත්ථිමෙන ද්වාරෙන නික්ඛාමෙත්වා, පුරත්ථිමතො නගරස්ස මකුටබන්ධනං නාම මල්ලානං චෙතියං, එත්ථ භගවතො සරීරං ඣාපෙස්සාමා”ති. “යථා භන්තෙ, දෙවතානං අධිප්පායො, තථා හොතූ”ති.

115. එ සමයෙහි පාමොක් මල්ල රජුහු අට දෙනෙක් ඉස් සෝදා නා අළුත් වස්ත්‍ර හැඳගත්තාහු, “අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ඔසොවා ගෙන යන්නම්හ” යි තැත් කරන්නාහු දු එය ඔසොවන්නට නො හැකි වෙත්. එ විට කුසිනාරා වැසි මල්ලයෝ ‘වහන්ස, අනුරුද්ධයෙනි, මේ පාමොක් මල්ලයෝ අට දෙන හිස් සෝදා නා අළුත් වත් හැඳ “අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ඔසොවන්නෙමු’ යි තැත් කරන්නාහු එය ඔසොවන්නට යම් හෙයෙකින් නො හැකි වෙත් ද, එයට හේතුව කවර යැ? එයට ප්‍රත්‍යය කවර යැ?” යි අනුරුත් තෙරුන් විචාළහ. “වාසිෂ්ඨයෙනි, තොප අදහස අන් සැටියෙක. දෙවියන් අදහස අන් සැටියෙකැ” යි අනුරුත් තෙරණුවෝ වදාළහ. “වහන්ස, දෙවියන් අදහස කෙසේ දැ?” යි මල්ලයෝ විචාළහ. “වාසිෂ්ඨයෙනි, ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරි සිරුර නැටුම් ගී වැයුම් මල් සුවඳ යන මෙයින් සත්කාර ගුරුකාර බහුමාන පූජා කෙරෙමින් නුවරැ දකුණු දෙසින් දකුණු දිගට වැඩම කරවා නුවර බැහැරින් ම බැහැරට පමුණුවා නුවරට දකුණු දිග්හි දී ආදාහන කරන්නමු’ යි තොප අදහස ය. “අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරි සිරුර දෙව් නැටුමින් දෙව් ගැයුමින්, දෙව් මලින් දෙව් සුවඳින් සත්කාර ගුරුකාර බහුමාන පූජනා කෙරෙමින් නුවර උතුරින් උතුරු දිගට වැඩම කරවා, උතුරු දොරින් නුව‍ර‍ට පිවිස්වා, නුවරට මැදින් නුවර මැදට පමුණුවා, නැගෙනහිර දිගැ දොරින් පිටතට වැඩම කරවා, නුවරට පෙරදිගැ මල්ලයන්ගේ මුකුට බන්‍ධන නම් යම් සෑයෙක් ඇද්ද, එහි ආදාහනය කරන්නම්හ’ යනු දේවතාවන් ගේ අදහස යැ” යි අනුරුත් තෙරණුවෝ වදාළහ. “වහන්ස, දේවතාවන්ගේ අදහස යම්සේ ද එසේ වේ වා” යි මල්ලයෝ කීහ.

116. තෙන ඛො පන සමයෙන කුසිනාරා යාව සන්ධිසමලසංකටීරා ජණ්ණුමත්තෙන ඔධිනා මන්දාරවපුප්ඵෙහි සන්ථතා හොති. අථ ඛො දෙවතා ච කොසිනාරකා ච මල්ලා භගවතො සරීරං දිබ්බෙහි ච මානුසකෙහි ච නච්චෙහි ගීතෙහි වාදිතෙහි මාලෙහි ගන්ධෙහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා, උත්තරෙන උත්තරං නගරස්ස හරිත්වා, උත්තරෙන ද්වාරෙන නගරං පවෙසෙත්වා, මජ්ඣෙන මජ්ඣං නගරස්ස හරිත්වා, පුරත්ථිමෙන ද්වාරෙන නික්ඛමිත්වා, පුරත්ථිමතො නගරස්ස මකුටබන්ධනං නාම මල්ලානං චෙතියං,1 තත්ථ භගවතො සරීරං නික්ඛිපිංසු.

116. එ සමයෙහි වනාහි කුසිනාරා නුවර ගෘහසන්ධි ද වැසිකිළි කාණු ද කැලිකසල දමන තැන් ද දක්වා ම දනක් පමණ බහල කොට මදාරා මලින් අතුරන ලද්දේ විය. ඉක්බිති දෙවියෝ ද කුසිනාරා පුරැ මල්ල රජදරුවෝ ද භගවත් බුදු රජුන්ගේ ශ්‍රී ශරීරය දිව්‍ය වූ ද මානුෂක වූ ද නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් මලින් සුවඳින් සත්කාර කරන්නාහු, ගෞරව කරන්නාහු, බුහුමන් කරන්නාහු, පුදන්නාහු නුවරැ උතුරින් උතුරු දිගට වැඩම කරවා, උතුරු වහසල් දොරින් නුවරට පිවිස්වා, නුවරැ මැදින් නුවරැ මැදට පමුණුවා පෙරදිගැ වහසල් දොරින් පිටතට වැඩම කරවා, නුවරට පෙර දිගැ වූ මල්ල රජුන්ගේ මුකුටබන්ධන නම් යම් සෑයෙක් (මංගල ශාලාවෙක්) වී ද එහි තැන් පත් කළා හ.

117. අථ ඛො කොසිනාරකා මල්ලා ආයස්මන්තං ආනන්දං එතදවොචුං: “කථං මයං භන්තෙ ආනන්ද, තථාගතස්ස සරීරෙ පටිපජ්ජාමා?”ති. “යථා ඛො වාසිට්ඨා, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති, එවං තථාගතස්ස සරීරෙ පටිපජ්ජිතබ්බන්ති.” “කථං පන භන්තෙ ආනන්ද, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්තී”ති. “රඤ්ඤො වාසිට්ඨා, චක්කවත්තිස්ස සරීරං අහතෙන වත්ථෙන වෙඨෙන්ති, අහතෙන වත්ථෙන වෙඨෙත්වා විහතෙන කප්පාසෙන වෙඨෙන්ති. විහතෙන කප්පාසෙන වෙඨෙත්වා අහතෙන වත්ථෙන වෙඨෙන්ති. එතෙන උපායෙන පඤ්චහි යුගසතෙහි රඤ්ඤො චක්කවත්තිස්ස සරීරං වෙඨෙත්වා ආයසාය තෙලදොණියා පක්ඛිපිත්වා අඤ්ඤිස්සා ආයසාය දොණියා පටිකුජ්ජෙත්වා, සබ්බගන්ධානං චිතකං කරිත්වා රඤ්ඤො චක්කවත්තිස්ස සරීරං ඣාපෙන්ති. චාතුම්මහාපථෙ රඤ්ඤො චක්කවත්තිස්ස ථූපං කරොන්ති. එවං ඛො වාසිට්ඨා, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති. යථා ඛො වාසිට්ඨා, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති, එවං තථාගතස්ස සරීරෙ පටිපජ්ජිතබ්බං. චාතුම්මහාපථෙ තථාගතස්ස ථූපො කාතබ්බො. තත්ථ යෙ මාලං වා ගන්ධං වා චුණ්ණකං වා ආරොපෙස්සන්ති වා අභිවාදෙස්සන්ති වා චිත්තං වා පසාදෙස්සන්ති, තෙසන්නං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායා”ති.

117. ඉක්බිති කුසිනාරා පුරැ මල්ල රජුහු “අනඳ තෙරුන් වහන්ස, කෙසේ අපි තථාගතයන් වහන්සේගේ සිරි සිරුරෙහි පිළිපදිමු දැ?” යි අනඳ තෙරුන් විචාළහ. “වාසිෂ්ඨයෙනි, සක්විති රජුගේ සිරුරෙහි යම් සේ පිළිපදිත් ද, තථාගතයන් වහන්සේගේ සිරි සිරුරෙහි ද එසේ ම පිළිපැදියැ යුතු” යැ යි අනඳ තෙරණුවෝ වදාළහ. ‘අනඳ තෙරුන් වහන්ස, සක්විති රජුගේ සිරුරෙහි කෙසේ පිළිපදිත් දැ?’ යි මල්ල රජුහු විචාළහ. “වාසිෂ්ඨයිනි, සක්විත්තහුගේ සිරුර අළුත් වතින් වෙළත්. අළුත් වතින් වෙළා මොනොවට නඟා පෑදු කපුපුළුනින් වෙළත්. නඟා පෑදු කපුපුළුනින් වෙළා (යළි) අළුත් වතින් වෙළත්. මේ නයින් යුගල පන් සියෙකින් සක්විති රජුගේ සිරුර වෙළා, රන්මුවා තෙල් දෙණෙක බහා අන් රන්මුවා දෙණෙකින් වසා, සියලු වගයේ සුවඳ දරින් දර සෑයක් තනා, සක්විති රජුගේ සිරුර දවත්. සිවුමං හන්දියෙක සක්විති රජුට (ඔහු සිරුරැ ඉතිරි වූ අලු ඈ නිදන් කොට) ස්තූපයක් නංවත්. වාසිෂ්ඨයෙනි, සක්විති රජුගේ සිරුරෙහි මෙසේ පිළිපදිත්. වාසිෂ්ඨයෙනි, සක්විති රජුගේ සිරුරෙහි යම් සේ පිළිපදිත් ද ,එසේම තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි ද පිළිපැද්ද යුතු. සිවුමං හන්දියෙකැ තථාගතයන් වහන්සේ ට (ඔබ ශාරීරික ධාතූන් නිදහන් කොට ස්තූපක් කළ මනා ය. එහි යම් කෙනෙක් මල් හෝ සුවඳ හෝ ... නඟන්නාහු (පුදන්නාහු) හෝ වෙත් ද, ආදරයෙන් වඳින්නාහු හෝ වෙත් ද, සිත පහදවන්නාහු හෝ වෙත් ද, එය ඔවුනට බොහෝ කල් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි අනඳ තෙරණුවෝ වදාළහ.

අථ ඛො කොසිනාරකා මල්ලා පුරිසෙ ආණාපෙසුං “තෙන හි භණෙ, මල්ලානං විහතං කප්පාසං සන්නිපාතෙථා”ති. අථ ඛො කොසිනාරකා මල්ලා භගවතො සරීරං අහතෙන වත්ථෙන වෙඨෙසුං. අහතෙන වත්ථෙන වෙඨෙත්වා විහතෙන කප්පාසෙන වෙඨෙසුං. විහතෙන කප්පාසෙන වෙඨෙත්වා අහතෙන වත්ථෙන වෙඨෙසුං. එතෙන උපායෙන පඤ්චහි යුගසතෙහි භගවතො සරීරං වෙඨෙත්වා ආයසාය තෙලදොණියා පක්ඛිපිත්වා1 අඤ්ඤිස්සා ආයසාය දොණියා පටිකුජ්ජෙත්වා සබ්බගන්ධානං චිතකං කරිත්වා භගවතො සරීරං චිතකං ආරොපෙසුං.

ඉක්බිති කුසිනාරා පුර වැසි මල්ල රජුහු පුරුෂයන් බණවා ‘එසේ නම් සගයිනි, මල්ල රටැ ඇති නඟා පාදන ලද කපුපුළුන් එක් තැන් කරවු’ යැ යි ඇණැවූහ. එයට පසු කුසිනාරා පුරැ වැසි මල්ල රජුහු භගවත් බුදුරජුන් සිරි සිරුර අළුත් වතින් වෙළූහ. අළුත් වතින් වෙළා නඟා පාදන ලද කපු පුළුනෙන් වෙළූහ. නඟා පාදන ලද කපු පුළුනෙන් වෙළා, නවමු වතින් යලි වෙළූහ. මෙ නයින් යුගල පන්සියෙකින් භගවත් බුදුරජුන් සිරි සිරුර වෙළා, රන්මුවා තෙල් දෙණෙකැ බහා අන් රන්මුවා දෙණෙකින් වසා සියලු වගයේ සුවඳ දරින් චිතකයක් කොට, භගවත් බුදුරජුන්ගේ ශ්‍රී දේහය එයට නැඟූහ.

මහාකස්සපාගමනං.

මහසුප් තෙරුන් වැඩම කිරීම

118. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකස්සපො පාවාය කුසිනාරං අද්ධානමග්ගප්පටිපන්නො හොති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. අථ ඛො ආයස්මා මහාකස්සපො මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො ආජීවකො2 කුසිනාරාය මන්‍දාරවපුප්ඵං ගහෙත්‍වා පාවං අද්ධානමග්ගප්පටිපන්නො හොති. අද්දසා ඛො ආයස්මා මහාකස්සපො තං ආජීවකං දූරතො’ව ආගච්ඡන්තං. දිස්වා තං ආජීවකං එතදවොච: ‘අපාවුසො අම්හාකං සත්‍ථාරං ජානාසී?’ති. ආම ආවුසො ජානාමි. අජ්ජ සත්තාහපරිනිබ්බුතො සමණො ගොතමො. තතො මෙ ඉදං මන්‍දාරවපුප්ඵං ගහිතන්ති”. තත්‍ථ යෙ තෙ භික්ඛූ අවීතරාගා අප්පෙකච්චෙ බාහා පග්ගය්හ කන්‍දන්ති, ඡින්නපාතං පතන්ති, ආවට්ටන්ති විවට්ටන්ති: අතිඛිප්පං භගවා පරිනිබ්බුතො, අතිඛිප්පං සුගතො පරිනිබ්බුතො, අතිඛිප්පං චක්ඛු ලොකෙ1 අන්තරහිතන්ති, යෙ පන තෙ භික්ඛූ වීතරාගා, තෙ සතා සම්පජානා අධිවාසෙන්ති: අනිච්චා සඞ්ඛාරා, තං කුතෙත්‍ථ ලබ්භා”ති.

118. එ සමයෙහි වූ කලි මහසුප් තෙරණුවෝ පාවා නුවරින් කුසිනාරාව බලා පන්සියක් පමණ වූ මහ බික් සඟන කැටුවැ දික් මඟට පිළිපන්නාහු වෙත්. එ කලැ මහසුප් තෙරණුවෝ මහ මඟින් ඉවත් වැ, එක්තරා රුකක් මුලැ වැඩ හුන්හ. එ සමයෙහි එක්තරා ආජීවකයෙක් කුසිනාරා නුවරින් මදාරා මලක් ගෙන පාවා නුවර බලා අදන් මඟට පිළිපන්නේ වෙයි. මහසුප් මහතෙරණුවෝ දුරැ ම එන ඒ ආජීවකයා දුටුහු. දැක “ඇවැත්නි, අප ශාස්තෲන් වහන්සේ දනිවු දැ” යි විචාළාහ. “එසේ ය, ඇවැත්නි, දනිමි. අදට මහණ ගොයුමාණෝ පිරිනිවී සත් දවසක් ඇත්තෝ යැ. මා විසින් එ තැනින් මේ මදාරා මල ගන්නා ලද යැ” යි ආජීවක කී ය. එහි යම් අවීතරාග මහණ කෙනෙක් වූහු ද, ඔහු “ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සේක, ඉතා වහා සුගතයන් වහන්සේ පිරිනිවී සේක, ඉතා වහා ලොව ඇස අතුරුදහන් වි යැ” යි ඇතැම් කෙනෙක් දෝත් හුවා හඬත්, ඇතැම් කෙනෙක් මැදින් බුන් රුකක් සෙයින් ඇද වැටෙත්, හොත් තැනට පෙරැළී එත් හොත් තැනින් ඔබ්බට පෙරැළි යෙත්. යම් විතරාග මහණ කෙනෙක් වුහු ද, ඔහු ‘සංස්කරයෝ අනිත්‍යහ. ඔහු ‍ නො නැසෙත් යන යමෙක් ඇද්ද, එය මෙහි කොයින් ලැබේ දැ!’ යි එළැඹැවූ සිහි ඇත්තාහු, නුවණින් දන්නාහු ඉවසා සිටිත්.

119. තෙන ඛො පන සමයෙන සුභද්දො නාම බුඩ්ඪපබ්බජිතො2 තස්සං පරිසායං නිසින්නො හොති. අථ ඛො සුභද්දො බුඩ්ඪපබ්බජිතො තෙ භික්ඛූ එතදවොච: “අලං ආවුසො, මා සොචිත්ථ, මා පරිදෙවිත්ථ. සුමුත්තා මයං තෙන මහාසමණෙන. උපද්දුතා ච හොම ඉදං වො කප්පති, ඉදං වො න කප්පතී’ති. ඉදානි පන මයං යං ඉච්ඡිස්සාම තං කරිස්සාම, යං න ඉච්ඡිස්සාම න තං කරිස්සාමා”ති. අථ ඛො ආයස්මා මහාකස්සපො භික්ඛූ ආමන්තෙසි: ‘අලං ආවුසො මා සොචිත්ථ, මා පරිදෙවිත්ථ. නනු එතං ආවුසො භගවතා පටිගච්චෙ ව අක්ඛාතං: සබ්බෙහෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ්ඤථාභාවො. තං කුතෙත්ථ ආවුසො, ලබ්භා යන්තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං, තං තථාගතස්සාපි සරීරං මා පලුජ්ජීති නෙතං ඨානං විජ්ජතී”ති.

119. එ සමයෙහි සුභද්‍ර නම් වූ මහළු කලැ පැවිදි වූයෙක් එ පිරිසැ හුන්නේ වෙයි. එ විටැ සුභද්‍ර මහළු පැවිදි තැන ඒ භික්‍ෂූනට “ඇවැත්නි, කම් නැත. නහමක් සොවිවු. නහමක් වැලැපෙවු. අපි ඒ මහා ශ්‍රමණයා ගෙන් මොනොවට මිදුණම්හ. ‘මෙය තොපට කැප වෙයි, මෙය තොපට නො කැප වේ’ යැ යි අපි ඔහුගෙන් උපද්‍රැතයෝ වමු. දැන් වනාහි යමක් අපි කැමැති වන්නමෝ ද, එය කරන්නමු, යමක් නො කැමැති වන්නමෝ ද, එය නො කරන්නමු” යි කීය. එ කලැ මහසුප්‍ තෙරණුවෝ භික්‍ෂූන් අමතා “ඇවැත්නි, කම් නැත. නහමක් සොවිවු, නහමක් වැලපෙවු. ඇවැත්නි, ප්‍රිය මනාප හැම දැයින් ම ඉවත් වීම, වෙන් වීම, අන් සැටියෙකින් වීම යන යමෙක් ඇද්ද, මෙය කල් තබා ම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ නො වේ ද? යමෙක් උපන්නේ ද, වූයේ ද, සැකැසුණේ ද. පලුදු වන සුලු ද, එසේ වූ තථාගතයන් වහන්සේගේ සිරුර ද පලුදු නො වේව’ යි යන ඒ කරුණ කොයින් මෙහි ලැබෙන්නේ ද? මෙ කරුණ විද්‍යාමාන නො වේ” යැ යි වදාළහ.

120. තෙන ඛො පන සමයෙන චත්තාරො මල්ලපාමොක්ඛා සීසං න්හාතා අහතානි වත්ථානි නිවත්ථා මයං භගවතො චිතකං ආලිම්පෙස්සාමාති න සක්කොන්ති ආලිම්පෙතුං. අථ ඛො කොසිනාරකා මල්ලා ආයස්මන්තං අනුරුද්ධං එතදවොචුං: කො නු ඛො භන්තෙ අනුරුද්ධ හෙතු, කො පච්චයො, යෙනිමෙ චත්තාරො මල්ලපාමොක්ඛා සීසං න්හාතා අහතානි වත්ථානි නිවත්ථා මයං භගවතො චිතකං ආලිම්පෙස්සාමාති න සක්කොන්ති ආලිම්පෙතුන්ති”? “අඤ්ඤථා ඛො වාසිට්ඨා දෙවතානං අධිප්පායො”ති. “කථං පන භන්තෙ, දෙවතානං අධිප්පායො?”ති. “දෙවතානං ඛො වාසිට්ඨා අධිප්පායො: අයං ආයස්මා මහාකස්සපො පාවාය කුසිනාරං අද්ධානමග්ගපටිපන්නො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. න තාව භගවතො චිතකො පජ්ජලිස්සති යාවායස්මා මහාකස්සපො භගවතො පාදෙ සිරසා න වන්දිස්සතී”ති. “යථා භන්තෙ දෙවතානං අධිප්පායො තථා හොතූ”ති.

120. එසමයෙහි පාමොක් මල්ල රජුහු සිවු දෙනෙක් හිස් සෝදා නා නවමු වත් හැඳ ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි අවුලු වන්නම්හ’ යි (යත්න කරන්නාහු දු) ගිනි අවුලුවන්නට නො හැකි වෙත්. එ විට කුසිනාරාවාසී මල්ල රජුහු ‘වහන්ස, අනුරුත් තෙරුනි, මේ පාමොක් මල්ල රජුහු සතර දෙනා හිස් සෝදා නා නවමු වත් හැඳ ‘අපි භෘග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි අවුලුවන්නම්හ’ යි යත්න කරන්නාහු දු, යම් හෙයෙකින් ගිනි අවුලුවන්නට නො හැකි වෙත් ද, ඒ හේතුව කවර යැ? ඒ ප්‍රත්‍යය කවර යැ?” යි අනුරුත් තෙරුන් විචාළහ. “වාසිෂ්ඨයෙනි, දේවතාවන්ගේ අදහස අන් පරිද්දෙකිනැ” යි අනුරුත් තෙරුණුවෝ වදාළහ. “වහන්ස, දේවතාවන්ගේ අදහස කෙසේ වේ දැ?” යි මල්ල රජුහු පුළුවුත්හ. “වාසිෂ්ඨයෙනි, මේ මහසුප් තෙරණුවෝ පාවා නුවරින් නික්මැ කුසිනාරාව බලා පන්සියක් පමණ වූ මහ බික්සඟන සමග අදන් මඟ පිළිපන්හ. ‘මහසුප් මහ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා නොවඳනා තාක් භාග්‍යවතුන් වහන්සේගේ චිතකය ගිනි නො ගනී වා’ යනු දේවතාවන්ගේ අදහස වේ යැ” යි අනුරුත් තෙරණුවෝ වදාළහ. “වහන්ස, දේවතාවන්ගේ අදහස යම් සේ ද, එසේ වේ වා” යි මල්ල රජුහු කීහ.

121. අථ ඛො ආයස්මා මහාකස්සපො යෙන කුසිනාරා මකුටබන්ධනං නාම මල්ලානං චෙතියං යෙන භගවතො චිතකො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකංසං චීවරං කත්වා අඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං චිතකං පදක්ඛිණං කත්වා, පාදතො විවරිත්වා භගවතො පාදෙ සිරසා වන්දි. තානි පි ඛො පඤ්ච භික්ඛුසතානි එකංසං චීවරං කත්වා අඤ්ජලිම්පණාමෙත්වා තික්ඛත්තුං චිතකං පදක්ඛිණං කත්වා භගවතො පාදෙ සිරසා වන්දිංසු. වන්දිතෙසු1 ච පනායස්මතා මහාකස්සපෙන තෙහි පි පඤ්චහි භික්ඛුසතෙහි, සයමෙව භගවතො චිතකො පජ්ජලි.

121. ඉක්බිත්තෙන් මහසුප් තෙරණුවෝ කුසිනාරා නුවරැ මුකුට බන්ධන නම් මල්ලයන්ගේ චෛත්‍යය යම් තැනෙක ද, භාග්‍යවතුන් වහන්සේගේ චිතකය යම් තැනෙක ද, එතැනට එළැඹියාහ. එළැඹ සිවුර එකස් කොට දොහොත් නඟා තුන් වටක් චිතකය පැදකුණු කොට, හිස් නමා භගවත් බුදු රජුන්ගේ සිරි පා වැන්දාහ. ඒ පන්සියක් භික්‍ෂූහු ද සිවුර එකස් කොට දොහොත් නඟා තුන් වටක් චිතකය පැදකුණු කොට, හිස නමා භගවත් බුදුරජුන්ගේ සිරි පා වැන්දාහ. මහසුප් තෙරුන් විසින් ද ඒ පන්සියක් භික්‍ෂූන් විසින් ද භාග්‍යවතුන් වහන්සේගේ සිරි පා වඳනා ලද කල්හි, භගවත් බුදුරජුන්ගේ චිතකය තෙමේ ම ගිනි ගත.

122. ඣායමානස්ස ඛො පන භගවතො සරීරස්ස, යං අහොසි ඡවීති වා චම්මන්ති වා මංසන්ති වා නහරූ ති වා ලසිකා ති වා තස්ස නෙව ඡාරිකා පඤ්ඤායිත්ථ, න මසි. සාරීරානෙව අවසිස්සිංසු. සෙය්යථාපි නාම සපිස්ස වා තෙලස්ස වා ඣායමානස්ස නෙව ඡාරිකා පඤ්ඤායති න මසි, එවමෙව භගවතො සරීරස්ස ඣායමානස්ස යං අහොසි ඡවීති වා චම්මන්ති වා මංසන්ති වා නහාරූති වා ලසිකාති වා තස්ස නෙව ඡාරිකා පඤ්ඤායිත්ථ’න මසි, සාරීරානෙව අවසිස්සිංසු. තෙසඤ්ච පඤ්චන්නං දුස්සයුගසතානං ද්වෙව දුස්සානි න ඩය්හිංසු යඤ්ච සබ්බබ්භන්තරිමං2 යඤ්ච බාහිරං. දඩ්ඪෙ ච ඛො පන භගවතො සරීරෙ අන්තළික්ඛා උදකධාරා පාතුභවිත්වා භගවතො චිතකං නිබ්බාපෙසි. උදකං සාලතො පි අබ්භුන්නමිත්වා භගවතො චිතකං නිබ්බාපෙසි. කොසිනාරකා පි මල්ලා සබ්බගන්ධොදකෙන භගවතො චිතකං නිබ්බාපෙසුං.

122. දැවෙන්නා වූ, භගවත් බුදුරජුන් සිරි සිරුර සිවියැ යි හෝ සම යි හෝ මසැ යි හෝ නහරැ යි හෝ සඳමිදුලුයැ යි යමෙක් වී ද, එහි අළු නො ම පැනිණ, දැලි ද නො ම පැනිණ. ශාරීරික ධාතුහු ම ඉතිරි වූහ. යම් සේ දැවෙන ගිතෙලැ හෝ තලතෙලැ අළුයෙක් නො ම පැනේ ද, දැලියෙක් නො ම පැනේ ද, එසේ ම දැවෙන, භගවත් බුදුරජුන් සිරි සිරුරැ සිවි යැ යි හෝ සමැ යි මසැ යි නහරැ යි හෝ සඳමිදුලු යැ යි යමෙක් වී ද, එහි අළු ද නො පැනිණ, දැලි ද නො පැනිණ, ශාරීරික ධාතුහු ම ඉතිරි වූහ. ඒ පන්සියක් වස්ත්‍ර යුගලයන් අතුරෙන් ද යම් වස්ත්‍රයෙක් හැමට යැටින් වී ද, යම් වස්ත්‍රයෙක් හැමට පිටින් වී ද, ඒ වස්ත්‍ර දෙක ම නො දැවිණ. භගවත් බුදුරජුන් සිරි සිරුර දැවුණු කල්හි අහසින් දිය දහර පහළ වැ චිතකය නිවී ය. වටා සිටි සල් රුක් හි අතු පතරින් ද ජලය මතු වී චිතකය නිවී ය. කුසිනාරාවාසී මල්ල රජුහු ද හැම වර්ගයේ සුවඳ කැවු සුවඳ දියෙන් භගවත් බුදුරජුන්ගේ චිතකය නිවූහ.

අථ ඛො කොසිනාරකා මල්ලා භගවතො සරීරානි සත්තාහං සන්ථාගාරෙ සත්තිපඤ්ජරං කරිත්වා ධනුපාකාරං පරික්ඛිපාපෙත්වා නච්චෙහි ගීතෙහි වාදිතෙහි මාලෙහි ගන්ධෙහි සක්කරිංසු ගරුකරිංසු මානෙසුං පූජෙසුං.

ඉක්බිති කුසිනාරා වැසි මල්ල රජදරුවෝ සන්ථාගාරයේ අඩයැටි මැදිරියක් කොට දුනුපවුරක් වටා ලවා භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූන් එහි තුළට වැඩම කරවා නැටුමෙන් ගීයෙන් වැයුමෙන් මලින් සුවඳින් පුරා සත් දිනක් ගරු කළහ, බුහුමන් කළහ, පිදූහ.

සාරීරිකධාතුවිභජනා

ශාරීරිකධාතුන් බෙදීම

122. අස්සොසි ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො: “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතො”ති. අථ ඛො රාජා මාගධො: අජාතසත්තු වෙදෙහිපුත්තො කොසිනාරතානං මල්ලානං දූතං පාහෙසි “භගවා පි ඛත්තියො අහම්පි ඛත්තියො. අහම්පි අරහාමි භගවතො සාරීරානං භාගං, අහම්පි භගවතො සරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමී”ති.

122. වේදේහී පුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සේක් ලැ’ යි ඇසී ය. එ කලැ වේදේහි පුත්‍ර මගධාධිපති අජාසත් රජ කුසිනාරා වැසි මල්ල රජදරුවනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. මම ද ක්‍ෂ‍්‍ත්‍රියයෙකිමි. මම් ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන් කොටසක් ලබන්නට සුදුස්සෙමි. මම් ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් පිණිස ස්තූපයක් ද පුද උළෙලක් ද කරන්නෙමි” යි කියා දූතයකු යැවී ය.

අස්සොසුං ඛො වොසාලිකා ලිච්ඡවී: ‘භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතො’ති. අථ ඛො වෙසාලිකා ලිච්ඡවී කොසිනාරකානං මල්ලානං දූතං පාහෙසුං: “භගවා පි1 ඛත්තියො මයම්පි ඛත්තියා. මයම්පී අරහාම භගවතො සාරීරානං භාගං. මයම්පි භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමා”ති.

විසල් පුර වැසි ලිච්ඡවී රජචරුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහිදී පිරිනිවි සේක් ලැ’ යි ඇසූහ. එ කලැ විසල් පුරැ වැසි ලිච්ඡවී රජුහු කුසිනාරා වැසි මල්ලයනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය යෝ ය. අපි දු ක්‍ෂත්‍රිය යම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද කරන්නමු. පුද උළෙල ද කරන්නමු” යි දූතයකු යැවූහ.

අස්සොසුං ඛො කාපිලවත්ථවා සක්යා: “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතො”ති. අථ ඛො කාපිලවත්ථවා සක්යා කොසිනාරකානං මල්ලානං දූතං පාහෙසුං: “භගවා අම්හාකං ඤාතිසෙට්ඨො. මයම්පි අරහාම භගවතො සාරීරානං භාගං. මයම්පි භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච කාරිස්සාමා”ති.

කිඹුල්වත් පුරැ වැසි ශාක්‍ය රජදරුවෝ “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සෙක් ලැ” යි ඇසූහ. ඉක්බිති කිඹුල්වත් වැසි ශාක්‍යයෝ කුසිනාරාහි වැසි මල්ලයනට “භාග්‍යවතුන් වහන්සේ අපේ ශ්‍රේෂ්ඨ නෑයෝ ය. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූනට ස්තූපයක් ද කරන්නෙමු, පුද උළෙලක් ද කරන්නෙමු” යි කියා දූතයකු යැවූහ.

අස්සොසුං ඛො අල්ලකප්පකා බුලයො “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතො”ති. අථ ඛො අල්ලකප්පකා බුලයො කොසිනාරකානං මල්ලානං දූතං පාහෙසුං: “භගවා පි ඛත්තියො මයම්පි ඛත්තියා, මයම්පී අරහාම භගවතො සාරීරානං භාගං. මයම්පි භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමා”ති.

අල්ලකප්ප රට වැසි බුලි රජුහු “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දි පිරිනිවි සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති අල්ලකප්ප රව වැසි බුලි රජදරුවෝ කුසිනාරාහි වැසි මල්ලයනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රියයෝ ය, අපි ද ක්‍ෂත්‍රියම් හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූන් කොටසකට සුදුසු වමු. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූනට ස්තූපයක් ද කරන්නමු, පුද උළෙල ද කරන්නමු” යි දූතයකු අත කියා යැවූහ.

අස්සොසුං ඛො රාමගාමකා කොළියා “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතො”ති. අථ ඛො රාමගාමකා කොලියා කොසිනාරකානං මල්ලානං දූතං පාහෙසුං: “භගවා පි ඛත්තියො, මයම්පී ඛත්තියා, මයම්පී අරහාම භගවතො සාරීරානං භාගං. මයම්පි භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමා”ති.

රඹගම් නුවරැ වැසි කෝලිය රජුහු “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා හිදී පිරිනිවී සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති රඹගම් වැසි කෝලිය රජදරුවෝ “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. අපි දු ක්‍ෂත්‍රියයම් හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් කොටසක් ලබන්නට සුදුසු වමු. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූනට ස්තූපයක් කරන්නමු, පුද උළෙලක් ද කරන්නමු” යි දූතයකු අතැ කියා යැවූහ.

අස්සොසි ඛො වෙඨදීපකො බ්රාහ්මණො: “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතො”ති. අථ ඛො වෙඨදීපකො බ්රාහ්මණො කොසිනාරකානං මල්ලානං දූතං පාහෙසි: “භගවා තු1 ඛත්තියො. අහමස්මි බ්රාහ්මණො, අහම්පි අරහාමි භගවතො සාරීරානං භාගං. අහම්පි භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමී”ති.

වේඨදීප නගරාධිපති බ්‍රාහ්මණ තෙමේ “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවී සේක් ලැ” යි ඇසී ය. ඉක්බිති වේඨදීපක බමුණු තෙමේ “භාග්‍යවතුන් වහන්සේ වූ කලි ක්‍ෂත්‍රියයෙක. මම බමුණෙකිමි. මම් දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූන් කොටසක් ලබන්නට සුදුස්සෙමි. මම් දු භාග්‍යවතුන් වහන්සේගේ ධාතූනට ස්තූපයක් කරන්නෙමි, පුද උළෙල ද කරන්නෙමි” යි කියා කුසිනාරා පුරවැසි මල්ලයනට දූතයකු යැවී ය.

අස්සොසුං ඛො පාවෙය්යකා මල්ලා: “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතො”ති. අථ ඛො පාවෙය්යකා මල්ලා කොසිනාරකානං මල්ලානං දූතං පාහෙසුං. භගවා පි ඛත්තියො මයම්පි ඛත්තියා. මයම්පි අරහාම භගවතො සාරීරානං භාගං, මයම්පි භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමා”ති.

පාවා නුවරැ වැසි මල්ලරජහු “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති පාවා පුරැ වැසි මල්ලයෝ “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. ඇපි දු ක්‍ෂත්‍රියයම් හ. ඇපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. ඇපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූනට ස්තූපයක් කරන්නමු, පුද උළෙල ද කරන්නෙමු” යි කියා කුසිනාරා වැසි මල්ලයනට දූතයකු යැවූහ.

එවං වුත්තෙ කොසිනාරකා මල්ලා තෙ සඞ්ඝෙ ගණෙ එතදවොචුං, භගවා අම්හාකං ගාමක්ඛෙත්තෙ පරිනිබ්බුතො, න මයං දස්සාම භගවතො සාරීරානං භාගන්ති.

මෙසේ කී කල්හි කුසිනාරා වැසි මල්ල රජුහු ඒ රාජ සමූහයනට, ඒ රාජගණයනට “භාග්‍යවතුන් වහන්සේ අප ගම්කෙතෙහි පිරිනිවි සේක. අපි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතු කොටස් නො දෙන්නෙමු” යි කීහ.

123. එවං වුත්තෙ දොණො බ්රාහ්මණො තෙ සඞ්ඝෙ ගණෙ එතදවොච:

123. මෙසේ කී කල්හි ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමෙ ඒ රාජසමූහයන් ඒ රාජගණයන් බණවා මෙ වදන් පැවැසී ය:

සුණන්තු භොන්තො මම එකවාක්‍යං1
අම්හාක බුද්ධො අහු ඛන්තිවාදො.
න හි සාධු’යං උත්තමපුග්ගලස්ස
සරීරභාගෙ සියා සම්පහාරො.

සබ්බෙව භොන්තො සහිතා සමග්ගා
සම්මොදමානා කරොමට්ඨභාගෙ.
විත්‍ථාරිකා හොන්තු දිසාසු ථූපා
බහූ ජනා චක්ඛුමතො පසන්නා”ති.

“පින්වත්නි, මගේ මේ එක් වචනය අසත් වා.<br/><br/>අප බුදුරජහු ක්‍ෂාන්තිවාද වූහ.<br/>උතුම් පුඟුලක්හුගේ සිරුරු කොටස්<br/>නිමිති කොට අවියෙන් ඇන කොටා ගැන්මෙක්<br/>වන්නේ නම්, මෙය නො මැනැවි.<br/><br/>භවත්නි, අපි හැම දෙනා ම එක්සිත් වැ එකමුතු වැ,<br/>සතුටු වෙමින් ධාතූන් අට කොටසක් කරමු.<br/>ඒ ඒ දෙසැ ස්තූපයෝ පැතිර පවත්නෝ වෙත් වා.<br/>(ඒ හැම දෙසැ) පසැසියාණන් වහන්සේට<br/>පැහැදුණු බොහෝ ජනයෝ වෙත්” යනු යි.

124. “තෙන හි බ්රාහ්මණ, ත්වඤ්ඤෙව භගවතො සාරීරානි අට්ඨධා සමං සුවිභත්තං විභජාහී”ති. ‘එවං භො’ති ඛො දොණො බ්රාහ්මණො තෙසං සඞ්ඝානං ගණානං පටිස්සුත්වා භගවතො සාරීරානි අට්ඨධා සමං සුවිභත්තං විභජිත්වා තෙ සඞ්ඝෙ ගණෙ එතදවොච: “ඉමං මෙ භොන්තො තුම්බං දදන්තු, අහම්පි තුම්බස්ස ථූපඤ්ච මහඤ්ච කරිස්සාමී”ති. අදංසු ඛො තෙ දොණස්ස බ්රාහ්මණස්ස තුම්බං.

124. (බමුණු මෙසේ කී කල්හි) “බමුණාණනි, එසේ වී නම් ඔබ ම භාග්‍යවතුන් වහන්‍සේගේ ශාරීර ධාතූන් අට කොටසකට සම සේ මනා කොට බෙදන්නැ” යි ඒ රජදරුවෝ කීහු. ‘එසේ යැ පින්වත්නි’ යි කියා ම ද්‍රෝණ බ්‍රාහ්මණ තෙම ඒ රජමුළුවනට ඒ ගණයනට පිළිවදන් දී, භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූන් සම සේ අට කොටසකට මොනොවට බෙදා ඒ රාජ සමූහයන් ගණයන් බණවා, “භවත්නි, මට මේ (ධාතු බෙදූ) නැළිය දෙත්වා. මම් ද මේ නැළියට ස්තූපයක් කරන්නෙමි. පුද උළෙලක් ද කරන්නෙමි” යි මේ බස් පැවැසී ය. ඔහු ද්‍රෝණ බ්‍රාහ්මණයාට නැළිය දුන්නාහු ම ය.

අස්සොසුං ඛො පිප්පලිවනියා2 මොරියා: ‘භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතො’ති. අථ ඛො පිප්පලිවනියා මොරියා කොසිනාරකානං මල්ලානං දූතං පාහෙසුං: භගවා පි ඛත්තියො මයම්පි ඛත්තියා. මයම්පි අරහාම භගවතො සාරීරානං භාගං, මයම්පි භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමා’ති. “නත්ථි භගවතො සාරීරානං භාගො, විභත්තානි භගවතො සාරීරානි, ඉතො අඞ්ගාරං හරථා”ති. තෙ තතො අඞ්ගාරං හරිංසු:3

පිප්පලී වන නගර වාසී මෝරිය රජ දරුවෝ “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති පිප්පලිවන නුවරැ වැසි මෝරිය රජුහු කුසිනාරා වැසි මල්ල රජුනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. අපි දු ක්ෂත්‍රියයම් හ. අපිදු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූනට ස්තූපයක් කරන්නමු, පුද උළෙල ද කරන්නමු” යි කියා දූතයකු යැවූහ. “භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටසක් (ඉතිරි වැ) නැත. භාග්‍යවතුන් වහන්සේගේ සියලු ශාරීර ධාතූහු බෙදා දෙන ලදහ. මෙයින් අඟුරු ගෙනයවු” යැ යි මල්ල රජුහු කියා යැවූහ. ඒ පිප්පලීවනික රජුහු ද (ආදාහනස්ථානයෙන්) අඟුරු ගෙන ගියහ.

ධාතුචෙතියපූජා

දා සෑ පුද

124. අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජගහෙ භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකාසි. වෙසාලිකා පි ලිච්ඡවී වෙසාලියං භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. කාපිලවත්ථවා පි සක්යා කපිලවත්ථුස්මිං භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. අල්ලකප්පකා පි බුලයො අල්ලකප්පෙ භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. රාමගාමකා පි කොලියා රාමගාමෙ භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. වෙඨදීපකො පි බ්රාහ්මණො වෙඨදීපෙ භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකාසි. පාවෙය්යකාපි මල්ලා පාවායං භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. කොසිනාරකා පි මල්ලා කුසිනාරායං භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. දොණො පි බ්රාහ්මණො තුම්බස්ස ථූපඤ්ච මහඤ්ච අකාසි. පිප්පලිවනියා පි මොරියා පිප්පලිවනෙ අඞ්ගාරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. ඉති අට්ඨ සරීරථූපා නවමො තුම්බථූපො දසමො අඞ්ගාරථූපො. එවමෙතං භූතපුබ්බන්ති.

124. ඉක්බිත්තෙන් වෛදේහී පුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ රජගහ පුරයෙහි භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කෙළේ ය. විසල් පුරැ වැසි ලිච්ඡවීහු ද භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූනට විසල් පුරැ ස්තූපයක් ද පුද උළෙලක් ද කළහ. කිඹුල්වත් වැසි ශාකයෝ ද භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කිඹුල්වත් පුරැ කළාහ. අල්ලකප්ප රටැ බුලි රජුහු ද අල්ලකප්ප නුවරැ භගවත් බුදුරජුන‍්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. රඹගම් වැසි කෝලිය රජුහු ද රඹගම් නුවරැ භගවත් බුදුරජුන්ගේ ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. වේඨදීප නුවරැ වැසි බමුණු ද වේඨදීපයෙහි භගවත් බුදුරජුගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. පාවා නුවරැ වැසි මල්ලයෝ ද පාවා නුවරැ භගවත් බුදුරජුන්ගේ ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. කුසිනාරා පුරැ වැසි මල්ල රජුහු ද භගවත් බුදුරජුන්ගේ ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. ද්‍රෝණ බමුණු ද (ධාතූන් මිනූ) නැළියට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. පිප්ලීවන නුවරැ වැසි මොරිය රජුහු ද පිප්පලීවන නුවරෙහි (ආදාහන කළ තැනින් ගෙනා) අඟුරු පිණිස ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. මෙසේ ශාරීරික ධාතූන් තැන්පත් කළ ස්තූප අටෙක, නැළිය තැන්පත් කළ නව වැනි ස්තූපය, දස වැනි අංගාර ස්තූපයැ යි සියලු ස්තූප දශයෙක. මෙසේ මේ දස ස්තූප පළමුවෙන් වී ය.

125. “අට්ඨ දොණා1 චක්ඛුමතො සරීරා
සත්තදොණං ජම්බුදීපෙ මහෙන්ති,
එකඤ්ච දොණං පුරිසවරුත්තමස්ස
රාමගාමෙ නාගරාජා මහෙන්ති.

එකාහි දාඨා තිදිවෙහි පූජිතා
එකා පන ගන්‍ධාරපුරෙ මහීයති,
කාලිඞ්ගරඤ්ඤො විජිතෙ පුනෙකං
එකං පුන නාගරාජා මහෙන්ති.

තස්සෙව තෙජෙන අයං වසුන්‍ධරා
ආයාගසෙට්ඨෙහි මහී අලංකතා
එවං ඉමං චක්ඛුමතො සරීරං
සුසක්කතං සක්කතසක්කතෙහි.

දෙවින්‍දනාගින්‍දනරින්‍ද පූජිතො
මනුස්සසෙට්ඨෙහි තථෙව පූජිතො,
තං2 වන්‍දථ පඤ්ජලිකා භවිත්‍වා
බුද්ධො හවෙ කප්පසතෙහි දුල්ලභො’ති.

125. පසැස් ඇති බුදුරජුන්ගේ සිරුරැ ධාතූහු ද්‍රෝණ අටෙකි. එයින් ද්‍රෝණ සතක් ධාතූන් දඹදිවැ පුදත්. පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ එක් ද්‍රෝණයක් ධාතූන් රඹගමැ නාරජුහු පුදති. එක් දළදායෙක් වූ කලි දෙවියන් විසින් පුදනු ලැබේ. එක් දළදායෙක් ගන්ධාර පුරයෙහි පුදනු ලැබේ. යලි තව ද දළදායෙක් කළිඟු රජුගේ රටෙහි පුදනු ලැබේ. තව එක් දළදාවක් (නාලොවැ) නා රජුහු පුදති. ඒ සතර දළදා වහන්සේගේ තෙදින් මේ මුළු පොළොව ශ්‍රේෂ්ඨ පූජෝත්සවයෙන් සැරැසුණේය. මෙසේ පසැසියාණන්ගේ සිරුරුදා සෙසු ජනයා විසින් මොනොවට සත්කාර කරනු ලැබේ. දෙවියන් විසින් ද රජුන් විසින් ද මනා ව සත්කෘත විය. දෙවිඳු විසින්ද නයිඳුන් විසින්ද නිරිඳුන් විසින් ද එසේම උතුම් මිනිසුන් විසින් ද පුදන ලද ඒ බුදු රජ තෙම ඒකාන්තයෙන් කල්ප සිය ගණනෙකිනුදු දුර්ලභ ය. දොහොත් මුදුනැ තබාගත්තෝ වැ ඔබ නමදි වු.

චත්තාළීස සමා දන්තා කෙසා ලොමා ච සබ්බසො,
දෙවා හරිංසු එකෙකං චක්කවාලපරම්පරා”ති.

සම සාළිස් දන්තධාතූන් ද කේශ ධාතූන් ද ලෝමධාතූන් ද එක එකක් පාසා සක්වළ පිළිවෙළින් දෙවියෝ ගෙන ගියහ.

මහාපරිනිබ්බානසුත්තං තතියං.

තෙවෙනි මහ පිරිනිවන් සුත නිමියේ යි.