එවං මෙ සුතං: එකං සමයං භගවා විදෙහෙසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. තෙන ඛො පන සමයෙන බ්රහ්මායු නාම බ්රාහ්මණො මිථිලායං පටිවසති ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො වීසංවස්සසතිකො ජාතියා, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. අස්සොසි ඛො බ්රහ්මායු බ්රාහ්මණො: ‘‘සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො විදෙහෙසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති.
මා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විදෙහ දනවියෙහි පන්සියක් පමණ (ගුණ විසින්) මහත් බික්සඟුන් හා සමග සැරිසරන සේක. එකල ජරාජීර්ණ, වෘද්ධ, මහලු, කල් ගැලවූ, පශ්චිම වයසට පැමිණි, උපතින් එක්සිය විසිහැවිරිදි, නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත, ශික්‍ෂා නිරුක්ති සහිත, ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයන්ගේ පරතෙර පත්, පද හදාරන, ව්‍යාකරණ හදාරන, ලෞකායතික මහාපුරුෂලක්ෂණයෙහි පරිපූරකාරී වූ බ්‍රහ්මායු නම් බමුණු මිථිලායෙහි වෙසෙයි. “සැහැකුලපුත් මහණ භවත් ගොයුම්හු සැහැකුලින් පැවිදි වැ පන්සියක් පමණ වූ මහත් බික්සඟුන් හා සමග විදේහජනපදයෙහි සැරිසරනසේක්ල” යනු බ්‍රහ්මායු බමුණු ඇසී. ඒ භවත් ගොයුමාණන්ගේ මෙසේ කලණ යසගී උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භගවත්හු අරහත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලොකවිත්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙලොව හා මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමන් විසින් විශ්ෂ්ටඥානයෙන් දැන පසක් කොට දන්වති. ඔබ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්ය්‍යවසාන කල්‍යාණ කොට සාර්‍ථ කොට සව්‍යඤ්ජන කොට දහම් දෙසති, කේවලපරිපූර්ණ පරිශුද්ඛ බ්‍රහ්මචර්ය්‍යය ප්‍රකාශ කෙරෙති. එ බඳු රහතුන් දැක්ම මනා මැ නු”යි.
තෙන ඛො පන සමයෙන බ්රහ්මායුස්ස බ්රාහ්මණස්ස උත්තරො නාම මාණවො අන්තෙවාසී හොති තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො, ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො උත්තරං මාණවං ආමන්තෙසි: ‘අයං තාත උත්තර, සමණො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො විදෙහෙසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො -පෙ- සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති. එහි ත්වං තාත උත්තර, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා සමණං ගොතමං ජානාහි යදි වා තං භවන්තං ගොතමං තථාසන්තං යෙව සද්දො අබ්භුග්ගතො. යදි වා නො තථා, යදි වා සො භවං ගොතමො තාදිසො, යදි වා න තාදිසො. තථා මයං තං භවන්තං ගොතමං වෙදිස්සාමා’ති. යථා කථම්පනාහං භො තං භවන්තං ගොතමං ජානිස්සාමි: යදි වා තං භවන්තං ගොතමං තථා සන්තං යෙව සද්දො අබ්භුග්ගතො, යදි වා නො තථා, යදි වා සො භවං ගොතමො තාදිසො යදි වා න තාදිසො’ති.
එකල උත්තර නම් මාණවකයෙක් බ්‍රහ්මායු බ්‍රාහ්මණ ගේ අතැවැසි වෙයි. නිඝණ්ඩු කේටුභශාස්ත්‍ර සහිත, ශික්ෂානිරුක්ති සහිත, ඉතිහාසය පස් වනු කොට ඇති, ත්‍රිවේදයන්ගේ පරතෙර දුටුයේ වෙයි. පදශාස්ත්‍ර හදාරනුයේ වෙයි, ව්‍යාකරණ හදාරනුයේ වෙයි, ලෝකායත මහාපුරුෂ ලක්ෂණයෙහි පරිපූරකාරී වෙයි. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ උත්තර මාණවකයා ඇමැතී: “පුතැ උත්තරයෙනි, මේ ශාක්‍යපුත්‍රයෝ ශ්‍රමණගෞතමයෝ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වැ විදේහජනපදයෙහි පන්සියක් පමණ මහත් බික්සඟුන් හා සමග සැරිසරන සේක් ල, ඒ භගවත් ගෞතමයන්ගේ මෙසේ කලණ යසගී උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, ... එ බඳු රහතුන් දැක්ම වේ නම් මනා මැ නු! පුතැ උත්තරයෙනි, තෝ එව. මහණ ගොයුමන් කරා යා. ගොස් ඒ මහණ ගොයුමන් ගේ ඇති සෙයින් මැ යසගී නැඟිණි ද? ඇති සෙයින් නො නැඟිණි දැ? යි ඒ මහණ ගොයුමන් දැනගනැ”යි. “ඉදින් ඒ භවත් ගොයුමාණෝ ඒ සැටි මැ වෙත් ද නොහොත් ඒ සැටි මැ නො වෙත් දැ? යි තා ගේ වශයෙන් අපි ඒ භවත් ගොයුමාණන් හඳුනාගනුම්හ”යි. භවත්නි, කෙසේ නම් මම ඒ භවත් ගොයුමාණන් හඳුනාගන්නෙම් ද? ඒ භවත් ගොයුමාණන් ගේ ඇති සැටි මැ යසගී නැඟිණි ද, නොහොත් ඇති සැටි නො නැඟිණි ද, ඒ භවත් ගොයුමාණෝ එ බඳු මැ වෙත් ද, නොහොත් එ බඳු මැ නො වෙත් දැ? යි පිළිවිත්.
ආගතානි ඛො තාත උත්තර, අම්හාකං මන්තෙසු ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි, යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙයෙව ගතියො භවන්ති අනඤ්ඤා, සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්ත රතනානි භවන්ති, සෙය්යථිදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති: සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡදො1. අහං ඛො පන තෙ තාත උත්තර, මන්තානං දාතා, ත්වං මෙ මන්තානං පටිග්ගහෙතාති.
පුතැ උත්තරයෙනි, යම් ලකුණින් සමන්වාගත මහාපුරුෂයක්හට ගතීහු දෙදෙනෙක් මැ ඇද්ද ... අන් ගතියක් නැද්ද, එ බඳු දෙතිස් මහාපුරුෂලක්ෂණයෝ අපගේ වේදයෙහි ආහ. ඉදින් ගිහිගෙහි වෙසේ නම් දැහැමින් වැටෙන දැහැමින් රජ තන් පත් සතර මුහුදු හිම් කොට ඉසුරු කරන අභ්‍යන්තර බාහිර සතුරන් දිනූ දනවියෙහි ධ්‍රැවභාවය ලත් සර්‍වරත්න සමන්වාගත වූ සක්විති රජ වෙයි. ඔබ ගේ සප්තරත්නයෝ වෙති. ඔහු කවරහ යත්: චක්‍රරත්න යැ හස්තිරත්න යැ අශ්වරත්න යැ මණිරත්න යැ ස්ත්‍රීරත්න යැ ගෘහපතිරත්න යැ සත් වැනි පුත්‍රරත්න යැ යි. ඔබට ශූර වූ වීර්ය්‍යමයශරීර ඇති පරසෙන් මඩනා දහසින් වැඩි පුත්‍රයෝ ඇත. ඔබ සාගර පර්ය්‍යන්ත කොට ඇති මේ පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් පඤ්චශීලධර්‍මයෙන් දිනා ගෙන වෙසෙති. ඉදින් ගෙන් නික්ම සසුන් වදනේ නම් ලොකයෙහි කෙලෙස් සියන් පෙරළු අර්හත් සම්‍යක් සම්බුද්ධ වෙති. (එ බඳු මහාපුරුෂ ලක්ෂණයෝ යි.) පුතැ උත්තරයෙනි, මම් කලි තට වෙද දින්මි. තෝ මා ගේ මතුරු පළිගත්හි”යි.
එවං භොති ඛො උත්තරො මාණවො බ්රහ්මායුස්ස බ්රාහ්මණස්ස පටිස්සුත්වා උට්ඨායාසනා බ්රහ්මායුං බ්රාහ්මණං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා විදෙහෙසු යෙන භගවා තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උත්තරො මාණවො භගවතො කායෙ ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි සම්මන්නෙසි. අද්දසා ඛො උත්තරො මාණවො භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි යෙභුෙය්යන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති: ‘කොසොහිතෙ ච වත්ථගුය්හෙ පහූතජිව්හතාය චා’ති. අථ ඛො භගවතො එතදහොසි: ‘පස්සති ඛො මෙ අයං උත්තරො මාණවො ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි යෙභුෙය්යන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති කොසොහිතෙ ච වත්ථගුය්හෙ පහූතජිව්හතාය චා’ති.
‘භවත්නි, එසේ යැ’යි උත්තර මණෙවු බ්‍රහ්මායු බමුණුහට පිළිවදන් දී හුනස්නෙන් නැඟී බ්‍රහ්මායු බමුණු සකසා වැඳ විදෙහ දනවියෙහි භාග්‍යවතුන් වහන්සේ කරා චාරිකා කොට ගියේ. පිළිවෙළින් සැරිසරනුයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹිණ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. සතුටු වියයුතු සිහි කළයුතු කථා නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් උත්තර මාණවක භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහපුරිස් ලකුණු සමනාගන්නට වී. උත්තර මාණවක භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහපුරිස් ලකුණු බෙහෙවින් දිට, දෙකක් තබා යැ. මහාපුරුෂලක්ෂණ දෙකෙකැ පැතුම් කෙරෙයි, සොයමින් වෙහෙසෙයි, සනිටුහනට නො යෙයි, විමති හෙයින් නො පහදියි. කෝෂාවහිතවස්ත්‍රගුභ්‍යයෙහි යැ ප්‍රභූතජිහ්වතායෙහි යැ යි. එසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: “මේ උත්තර මාණවක මා ගේ දෙතිස් මහාපුරුෂලක්ෂණ දෙකක් තබා බෙහෙවින් දක්නේ යැ. මහාපුරුෂලක්ෂණ දෙකෙකැ ආකාඞ්ක්ෂා කෙරෙයි, විචිකිච්ඡා කෙරෙයි, අධිමුක්ති නො කෙරෙයි, සම්ප්‍රසාද නො කෙරෙයි. කොෂාවහිතවස්ත්‍රගුහ්‍යයෙහි යැ. ප්‍රභූතජිහ්වතායෙහි යැ යි.
අථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි2. යථා අද්දස උත්තරො මාණවො භගවතො කොසොහිතං වත්ථගුය්හං. අථ ඛො භගවා ජිව්හං නින්නාමෙත්වා උභොපි කණ්ණසොතානි අනුමසි පරිමසි3. උභොපි නාසිකාසොතානි අනුමසි පරිමසි. කෙවලම්පි4 ලලාටමණ්ඩලං5 ජිව්හාය ඡාදෙසි.
එසඳ භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි උත්තර මාණවක භාග්‍යවතුන් වහන්සේගේ කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යය දිටී ද ඒ පරිදි ඉදුහයක් කළසේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ දිවනෙරැ දෙකන්සිදුරු අනුමාර්ජන පරිමාර්ජන කළ සේක. දෙ නැහැසිදුරු දු අනුමාර්ජන පරිමාර්ජන කළ සේක. හැම නළල් මඬල ද දිවින් වැසූ සේකි.
අථ ඛො උත්තරස්ස මාණවස්ස එතදහොසි: සමන්නාගතො ඛො සමණො ගොතමො ද්වත්තිංස මහාපුරිසලක්ඛණෙහි. යන්නූනාහං සමණං ගොතමං අනුබන්ධෙය්යං ඉරියාපථඤ්චස්ස පස්සෙය්ය’න්ති. අථ ඛො උත්තරො මාණවො සත්ත මාසානි භගවන්තං අනුබන්ධි ඡායාව අනපායිනී. අථ ඛො උත්තරො මාණවො සත්තන්නං මාසානං අච්චයෙන විදෙහෙසු යෙන මිථිලා තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන මිථිලා යෙන බ්රහ්මායු බ්රාහ්මණො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා බ්රහ්මායුං බ්රාහ්මණං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො උත්තරං මාණවං බ්රහ්මායු බ්රාහ්මණො එතදවොච: කච්චි තාත උත්තර, තං භවන්තං ගොතමං තථා සන්තං යෙව සද්දො අබ්භුග්ගතො නො අඤ්ඤථා, කච්චි ච පන සො භවං ගොතමො තාදිසො, නො අඤ්ඤාදිසො’ති.
ඉක්බිති උත්තර මාණවකයාහට තෙල සිත් වී: ශ්‍රමණ ගෞතමයෝ ද්වාත්ත්‍රිංශත් මහාපුරුෂලක්ෂණයෙන් සමන්වාගතයහ. මම ශ්‍රමණගෞතමයන් ලුහුබඳනෙම් නම් ඔබගේ ඉරියවු දක්නෙම් නම් මනා මැ නු යි. ඉක්බිති උත්තර මාණවක සත් මසක් භාග්‍යවතුන් වහන්සේ වෙන් වැ නො යන සේයක් සෙයින් ලුහුබැඳ ගියේ. ඉක්බිති උත්තර මාණවක සත් මස් ඇවෑමෙන් විදෙහ දනවියෙහි මිථිලාව කරා සැරිසරා ගියේ. පිළිවෙළින් සැරිසරමින් මිථිලාව කරා බ්‍රහ්මායු බමුණු කරා එළැඹණ. එළැඹ බ්‍රහ්මායු බමුණු සකසා වැඳ එකත්පස් වැ හින. බ්‍රහ්මායු බමුණු එකත්පස් වැ හුන් උත්තර මාණවකයාහට තෙල කී: “කිමෙක දරුව උත්තරයෙනි, ඒ භවත් ගෞතමයන්ගේ එසේ ඇති සැටි වූ මැ යසගී නැඟිණි ද? අන් පරිදි නො නැඟිණි ද? කිමෙක ඒ භවත් ගෞතමයෝ එ බඳු මැ වෙත් ද? අන් බඳු නො වෙත් දැ?”යි.
තථාසන්තංයෙව භො තං භවන්තං ගොතමං තථා සද්දො අබ්භුග්ගතො, නො අඤ්ඤථා, තාදිසොව ච භො සො භවං ගොතමො, න අඤ්ඤාදිසො. සමන්නාගතො ච සො භො භවං ගොතමො ද්වත්තිංස මහාපුරිසලක්ඛණෙහි.
භවත්නි, ඒ භවත් ගෞතමයන්ගේ එසේ ඇති සැටි වූ මැ එසේ යසගී නැඟිණ. අන් පරිදි නො වෙයි. භවත්නි, ඒ භවත් ගොයුමාණෝ එ බඳු ද වෙති. අන් බඳු නො වෙති. ඒ භවත් ගොයුමාණෝ දෙතිස් මහපුරිස්ලකුණන් සමන්වාගත ද වෙත්:
සුප්පතිට්ඨිතපාදො ඛො පන සො භවං ගොතමො, ඉදම්පි තස්ස1 භොතො ගොතමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
ඒ භවත් ගෞතමයෝ කලි සුප්‍රතිෂ්ඨිතපාද ඇතියහ, ඒ භවත් ගොයුමාණන්ගේ මෙ මහපුරිස්ලකුණ ද වෙයි.
හෙට්ඨා ඛො පනස්ස භොතො ගොතමස්ස පාදතලෙසු චක්කානි ජාතානි සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරාණි.
ඒ භවත් ගෞතමයන්ගේ යට පාතෙලෙහි දහස් අර ඇති නිම්වළලු සියෝ නැබමඬුලු සියෝ, සර්‍වාකාර පරිපූර්ණ චක්‍රයෝ උපන්හ.
ආයතපණ්හි ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ දික්විලුම් ඇතියහ.
දීඝඞ්ගුලී ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ දිගැඟිලි ඇතියහ.
මුදුතළුණහත්ථපාදො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ මෘදු තරුණ හස්තපාද ඇතියහ.
ජාලහත්ථපාදො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ ජාලහස්තපාද ඇතියහ.
උස්සඞ්ඛපාදො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ (උඩ පිහිටි ගොප් ඇට ඇතියෙන්) උත්සඞ්ඛපාදයහ.
එණිජඞ්ඝො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ (එණිමෘගයන්ට බඳු ජඞ්ඝා ඇතියෙන්) එණිජඞ්ඝයහ.
ඨිතකොච ඛො පන සො භවං ගොතමො අනොනමන්තො උභොහි පාණිතලෙහි ජණ්ණුකානි පරිමසති පරිමජ්ජති.
ඒ භවත් ගෞතමයෝ සිටි වන සිටි සේක් මැ නො නැමෙන්නාහු දෙ අත්ලෙන් දෙ දණ පිරිමදින්නාහ.
කොසොහිතවත්ථගුය්හො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ (කොෂයෙහි ගිලුණු අඞ්ගජාත ඇතියෙන්) කොෂාවහිතවස්ත්‍රගුහ්‍ය ඇතියහ.
සුවණ්ණවණ්ණො ඛො පන සො භවං ගොතමො කඤ්චනසන්තිභත්තචො.
ඒ භවත් ගෞතමයෝ ස්වර්ණවර්ණයහ. කසුන් වන් සිවිපැහැ ඇතියහ.
සුඛුමච්ඡවි ඛො පන සො භවං ගොතමො සුඛුමත්තා ඡවියා රජොජල්ලං කායෙ න උපලිප්පති.2
ඒ භවත් ගෞතමයෝ සියුම්සිවි ඇතියහ. සිවි සියුම් වන බැවින් රජස් හා දැලි කයෙහි නො ලැගෙයි.
එකෙකලොමො ඛො පන සො භවං ගොතමො, එකෙකානි ලොමානි ලොමකූපෙසු ජාතානි.
ඒ භවත් ගෞතමයෝ එකෛකලොමයහ, එක් එක් ලොමෙක් ලොමකූපයෙහි උපන.
උද්ධග්ගලොමො ඛො පන සො භවං ගොතමො උද්ධග්ගානි ලොමානි ජාතානි නීලානි අඤ්ජනවණ්ණානි කුණ්ඩලාවත්තානි3 පදක්ඛිණාවත්තකජාතානි.
ඒ භවත් ගෞතමයෝ ඌර්ධ්වාග්‍රරොම ඇතියහ. නිල්වන් අඳුන්වන් කුණ්ඩලාවර්‍ත ඇති දක්ෂිණාවර්‍ත වැ උපන් උඩු අක් ඇති රොමයෝ උපන්හ.
බ්රහ්මුජ්ජුගත්තො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ බ්‍රහ්මයාට බඳු ඍජුගාත්‍ර ඇතියහ.
සත්තුස්සදො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ සත් තැනෙක පරිපූර්ණ මාංශොත්සද ඇතියහ.
සීහපුබ්බද්ධකායො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ සිංහයාට බඳු පූර්වාර්ධකාය ඇතියහ.
චිතන්තරංසො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ (මාංශයෙන් පරිපූර්ණ අන්තරාංශ ඇතියෙන්) විතාන්තරාංශයහ.
නිග්රොධපරිමණ්ඩලො ඛො පන සො භවං ගොතමො, යාවතක්වස්ස කායො තාවතක්වස්ස ව්යාමො යාවතක්වස්ස ව්යාමො තාවතක්වස්ස කායො.
ඒ භවත් ගෞතමයෝ න්‍යග්‍රොධපරිමණ්ඩලයහ. ඔබගේ කය යම් තාක් වේ ද, ඔබගේ ව්‍යාමය ඒ තාක් වෙයි. ඔබගේ ව්‍යාමය යම් තාක් වේ ද, ඔබගේ කය ඒ තාක් වෙයි.
සමවත්තක්ඛන්ධො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ සමවර්‍තස්කන්ධ ඇතියහ.
රසග්ගසග්ගී ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ රාසග්‍රසාග්‍ර ඇතියහ.
සීහහනු ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ සිංහහනු ඇතියහ.
චත්තාළීසදන්තො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ චත්වාරිංශද්දන්ත ඇතියහ.
සමදන්තො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ සමදන්ත ඇතියහ.
අවිවරදන්තො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ අවිවරදන්ත ඇතියහ.
සුසුක්කදාඨො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ සුශුක්ලදංෂ්ට්‍රා ඇතියහ.
පහූතජිව්හො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ ප්‍රභූතජිහ්වා ඇතියහ.
බ්රහ්මස්සරො ඛො පන සො භවං ගොතමො, කරවීකභාණී.
ඒ භවත් ගෞතමයෝ බ්‍රහ්මස්වර ඇතියහ. කුරවිකෙවිල්ලන් ස්වර වැනි ස්වර ඇතියහ.
අභිනීලනෙත්තො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ අභිනීලනෙත්‍ර ඇතියහ.
ගොපඛුමො ඛො පන සො භවං ගොතමො.
ඒ භවත් ගෞතමයෝ (එ මොහොත උපන් රතුවස්සන්ගේ චක්ෂුර්‍ගණ්ඩ වැනි චක්ෂුර්ගණ්ඩ ඇතියෙන්) ගොපක්ෂ්මයහ.
උණ්ණා ඛො පනස්ස භොතො ගොතමස්ස භමුකන්තරෙ ජාතා ඔදාතා මුදුතූලසන්නිභා.
ඒ භවත් ගෞතමයන් ගේ දෙ බැම අතර සුදු මොළොක් පිලින් වැනි ඌර්ණාරොමධා උපන.
උණ්හීසසීසො ඛො පන සො භවං ගොතමො ඉදම්පි තස්ස භොතො ගොතමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති. ඉමෙහි ඛො සො භවං ගොතමො ද්වත්තිංස මහාපුරිසලක්ඛණෙහි සමන්නාගතො.
ඒ භවත් ගෞතමයෝ උෂ්ණීෂශීර්‍ෂ ඇතියහ. මෙ ද මහාපුරුෂ වූ ඒ භවත් ගෞතමයන් ගේ මහාපුරුෂලක්ෂණ වෙයි. ඒ භවත් ගෞතමයෝ මෙකී දෙතිස් මහපුරිස් ලකුණින් සමන්වාගතයහ.
ගච්ඡන්තො ඛො පන සො භවං ගොතමො දක්ඛිණෙනෙව පාදෙන පඨමං පක්කමති. සො නාතිදූරෙ පාදං උද්ධරති, නාච්චාසන්නෙ පාදං නික්ඛිපති, සො නාතිසීඝං ගච්ඡති, නාතිසනිකං ගච්ඡති, න ච අද්දුවෙන අද්දුවං සඞ්ඝට්ටෙන්තො ගච්ඡති, න ච ගොප්ඵකෙන ගොප්ඵකං සඞ්ඝට්ටෙන්තො ගච්ඡති. සො ගච්ඡන්තො න සත්ථිං උන්නාමෙති, න සත්ථිං ඔනාමෙති, න සත්ථිං සන්නාමෙති, න සත්ථිං විනාමෙති. ගච්ඡතො ඛො පනස්ස භොතො ගොතමස්ස අධරකායොව1 ඉඤ්ජති. න ච කායබලෙන ගච්ඡති. අවලොකෙන්තො ඛො පන සො භවං ගොතමො සබ්බකායෙනෙව අවලොකෙති. සො න උද්ධං උල්ලොකෙති. න අධො ඔලොකෙති. න ච විපෙක්ඛමානො ගච්ඡති, යුගමත්තඤ්ච පෙක්ඛති. තතො චස්ස උත්තරිං අනාවටං ඤාණදස්සනං භවති.
තවද ඒ භවත් ගෞතමයෝ යන්නාහු දකුණුපයින් මැ පළමු කොට ගමන් අරඹති, ඔබ ඉතා නුදුරෙහි පිය නඟති, ඉතා ළඟ පිය නො තබති, ඔබ ඉතා වෙලෙවි වැ නො යෙති, ඉතා ලැසි වැ නො යෙති, නො ද දණින් දණ ගටමින් යෙති, නො ද ගොප් ඇටයෙන් ගොප් ඇටය ගටමින් යෙති, ඔබ යන්නාහු (ගැඹුරු දියෙහි යනුවන් සෙයින්) කලවේ උඩට නො නමති, කලවේ යටට නො නමති, (තෙමුනු තැන පා තබන සෙයින්) තද කොට නො තබති, (පොතැලිරූ කෙළවන සෙයින්) ඔබ මොබ නො කෙළවති, යන්නා වූ භවත් ගෞතමයන් ගේ කලි යටිකය මැ සැලෙයි, නො ද කායබලයෙන් යෙති, භවත් ගෞතමයෝ කලි බලන්නාහු (ග්‍රීවා නො පෙරළා) හැම කයින් මැ බලති, ඔබ (නකත් ගණන සෙයින්) උඩ නො බලති, යට නො බලති, නො ද අවට බලමින් යෙති, වියදඬු පමණ (දුර) බලති, එතෙකුදු වත් එයින් මතු උන් වහන්සේ ගේ අනාවෘත ඥානදර්ශනය වෙයි.
සො අන්තරඝරං පවිසන්තො න කායං උන්නාමෙති. න කායං ඔනාමෙති. න කායං සන්නාමෙති. න කායං විනාමෙති. සො නාතිදූරෙ නාච්චාසන්නෙ ආසනස්ස පරිවත්තති. න ච පාණිනා ආලම්බිත්වා ආසනෙ නිසීදති. න ච ආසනස්මිං කායං පක්ඛිපති. සො අන්තරඝරෙ නිසින්නො සමානො න හත්ථකුක්කුච්චං ආපජ්ජති. න පාදකුක්කුච්චං ආපජ්ජති. න ච අද්දුවෙන අද්දුවං2 ආරොපෙත්වා නිසීදති. න ච ගොප්ඵකෙන ගොප්ඵකං ආරොපෙත්වා නිසීදති. න ච පාණිනා හනුකං උපාදියිත්වා3 නිසීදති. සො අන්තරඝරෙ නිසින්නොව සමානො නඡම්භති න කම්පති න වෙධති න පරිතස්සති. අඡම්භී අකම්පී අවෙධී අපරිතස්සී විගතලොමහංසො. විවෙකාවත්තො ච4 සො භවං ගොතමො අන්තරඝරෙ නිසින්නො හොති.
ඔබ ඇතුළුගමට පිවිසෙන්නාහු කය උඩට නො නමති, කය යටට නො නමති, කාය සන්නාමන නො කෙරෙති, කය ඔබ මොබ නො නමති, ඔබ ඉතා දුර සිට ඉතා ළඟ සිට අසුනට නො පෙරළෙති, අතින් එල්බගෙන අස්නෙහි නො ද හිඳිති, අස්නෙහි කය නොද බහාලති, ඔබ ඇතුළුගමැ හුන්නාහු අත්කුකුසට නො පැමිණෙති, පාකුකුසට නො පැමිණෙති, දණින් දණ නඟාලා නො ද හිඳිති, ගොප් ඇටයෙන් ගොප්ඇටය නඟාලා නො හිඳිති, අත්ලෙන් හණුව ගෙන නො ද හිඳිති, ඔබ ඇතුළුගම හුන්නාහු බිය නො වෙති, නො ගැලෙති, නො සැලෙති, නො තැතිගනිති. ඔබ නො බන්නාහු නො ගැලෙන්නාහු නො සැලෙන්නාහු නො තැතිගන්නාහු පහවූ ලොමුදහ ඇත්තාහු වෙති. ඒ භවත් ගෞතමයෝ නිර්‍වාණාවර්‍ත සිත් ඇති වැ ඇතුළුගම හුන්නාහු වෙත්.
සො පත්තොදකං පතිගණ්හන්තො න පත්තං උන්නාමෙති. න පත්තං ඔනාමෙති. න පත්තං සන්නාමෙති. න පත්තං විනාමෙති. සො පත්තොදකං පතිගණ්හාති නාතිථොකං නාතිබහුං. සො න බුලුබුලුකාරකං1 පත්තං ධොවති. න සම්පරිවත්තකං පත්තං ධොවති. න පත්තං භූමියං නික්ඛිපිත්වා හත්ථෙ ධොවති. හත්ථෙසු ධොතෙසු පත්තො ධොතො හොති. පත්තෙ ධොතෙ හත්ථා ධොතා හොන්ති. සො පත්තොදකං ඡඩ්ඩෙති නාතිදූරෙ නාච්චාසන්නෙ න ච විච්ඡඩ්ඩයමානො.
ඔබ පාත්‍ර දෝනා දිය පිළිගන්නාහු පාත්‍රය උඩට නො නමති, පාත්‍රය යටට නො නමති, පාත්‍රය තද කොට නො ගනිති, පාත්‍රය ඔබ මොබ නො සලති. ඔබ ඉතා මඳ නො කොට ඉතා බොහෝ නො කොට පාත්‍ර දෝනා දිය පිළිගනිති, ඔබ ‘බුලු බුලු’ අනුකරණ කොට පාත්‍රය නො දොවති, පාත්‍රය පෙරළා නො දොවිති, පාත්‍රය බිමැ බහා අත් නො දොවිති, දෙ අත් දෙවූ කලැ පාත්‍රය දෝනාලද වෙයි. පාත්‍රය දෙවූ කලැ හස්තයෝ දෝනාලද වෙති, ඔබ පාදෙවූ දිය ඉතා දුර නො වැ ඉතා ළඟ නො වැ නො ද විසුරුවමින් බැහැරලති.
සො ඔදනං පතිගණ්හන්තො2 න පත්තං උන්නාමෙති. න පත්තං ඔනාමෙති. න පත්තං සන්නාමෙති. න පත්තං විනාමෙති. සො ඔදනං පතිගණ්හාති නාතිථොකං නාතිබහුං. බ්යඤ්ජනං ඛො පන සො භවං ගොතමො බ්යඤ්ජනමත්තාය ආහාරෙති, න ච බ්යඤ්ජනෙන ආලොපං අතිමානෙති3. ද්වත්තික්ඛත්තුං ඛො පන සො භවං ගොතමො මුඛෙ ආලොපං සම්පරිවත්තෙත්වා අජ්ඣොහරති. න චස්ස කාචි ඔදනමිඤ්ජා අසම්භින්නං කායං පවිසති, න චස්ස කාචි ඔදනමිඤ්ජා මුඛෙ අවසිට්ඨා හොති. අථාපරං ආලොපං උපනාමෙති. රසපටිසංවෙදී ඛො පන සො භවං ගොතමො ආහාරං ආහාරෙති නො ච රසරාගපටිසංවෙදී. අට්ඨඞ්ගසමන්නාගතං ඛො පන සො භවං ගොතමො ආහාරං ආහාරෙති. නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි. යාත්රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා’ති.
ඔබ බත් පිළිගන්නාහු පාත්‍රය උඩට නො නමති, යටට නො නමති, පාත්‍රය තද කොට නො ගනිති, පාත්‍රය ඔබමොබ නො සලති. ඔබ ඉතා මද නො කොට ඉතා බොහෝ නො කොට බත් පිළිගනිති, යළි ඒ භවත් ගෞතමයෝ ව්‍යඤ්ජනය ව්‍යඤ්ජන පමණින් වළඳති, ව්‍යඤ්ජනයෙන් ආලොපය (බත්පිඬ) නො ද ඉක්මවති, ඒ භවත් ගෞතමයෝ දෙතුන් වරක් මුවෙහි ආලොපය පෙරළා පරඟලා කෙරෙති (ගිලිති) කිසි හක්තමජ්ජාවක් අමිශ්‍ර වැ ඔබ ගේ කයට නො ද වදිති, කිසි හක්තමජ්ජාවක් ඔබ ගේ මුවෙහි නො ද ශෙෂ වෙයි. ඉක්බිති අනෙක් ආලොපයක් එළවති. තවද ඒ භවත් ගෞතමයෝ රසවිඳුමින් අහර වළඳති, රසරාගවිදුමින් නො ද වළඳති. තවද ඒ භවත් ගෞතමයෝ අෂ්ටාඞ්ග සමන්වාගත ආහාරය වළඳති: ‘දවයට නො වැ මදයට නො වැ මණ්ඩනයට නො වැ භූෂණයට නො වැ මෙ සිරුරෙහි සිටීමට යැපීමට වෙහෙස සන්හිඳීමට බඹසරට අනුග්‍රහයට පමණි. මෙසේ පැරැණි කුසගිනි වෙදනාවත් නසමි, අළුත් හත්තසම්මද වෙදනාවත් නො උපදවන්නෙමි, මා ගේ ජීවිතයාත්‍රාවන් නිරවද්‍ය භාවයත් පහසුවිහරණයත් වන්නේ යැ”යි.
සො භුත්තාවී පත්තොදකං පතිගණ්හන්තො න පත්තං උන්නාමෙති න පත්තං ඔනාමෙති. න පත්තං සන්නාමෙති. න පත්තං විනාමෙති. සො පත්තොදකං පතිගණ්හාති නාතිථොකං නාතිබහුං. සො න බුලුබුලුකාරකං1 පත්තං ධොවති න සම්පරිවත්තකං පත්තං ධොවති. න පත්තං භූමියං නික්ඛිපිත්වා හත්ථෙ ධොවති. හත්ථෙසු ධොතෙසු පත්තො ධොතො හොති. පත්තෙ ධොතෙ හත්ථා ධොතා හොන්ති. සො පත්තොදකං ඡඩ්ඩෙති නාතිදූරෙ නාච්චාසන්නෙ, න ච විච්ඡඩ්ඩයමානො. සො භුත්තාවී න පත්තං4 භූමියං නික්ඛිපති නාතිදූරෙ නාච්චාසන්නෙ, න ච අනත්‍ථිකො පත්තෙන හොති, න ච අතිවෙලානුරක්ඛී පත්තස්මිං.
ඔබ වැළැඳූ සේක් පාත්‍ර දෝනා දිය පිළිගන්නාහු පාත්‍රය උඩට නො නඟති, යටට නො බහති, පාත්‍රය ලාහෙලා නො නමති, පාත්‍රය ඔබ මොබ නො නමති, ඔබ ඉතා මඳ නො කොට ඉතා බොහෝ නො කොට පාත්‍ර දෝනා දිය පිළිගනිති. ඔබ ‘බුලු බුලු’ අනුකරණ කොට පාත්‍රය නො දොවිති, පාත්‍රය පෙරළා නො දොවිති, පාත්‍රය බිමැ තබාලා දෙ අත් නො දොවිති, දෙ අත් දෙවූ කල්හි පාත්‍රය දෝනාලද වෙයි, පාත්‍රය දෙවූ කල්හි හස්තයෝ දෝනා ලද වෙති. ඔබ පාත්‍රය දෙවූ දිය නාතිදූරයෙහි හෝ නාත්‍යාසන්නයෙහි හෝ නො දමති. නො ද විසුරුවමින් දමති, ඔබ වැළඳූ සේක් නාතිදූරයෙහි හෝ නාත්‍යාසන්නයෙහිහෝ පාත්‍රය බිමැ නො තබති. පාත්‍රයෙන් අර්‍ථ නැත්තාහු නො ද වෙති. පාත්‍රය කල් පන්වා රක්නාහු නො ද වෙති.
සො භුත්තාවී මුහුත්තං තුණ්හී නිසීදති. න ච අනුමොදනස්ස කාලමතිනාමෙති. සො භුත්තාවී අනුමොදති. න තං භත්තං ගරහති. න අඤ්ඤං භත්තං පාටිකඞ්ඛති5 අඤ්ඤදත්‍ථු ධම්මියාව කථාය තං පරිසං සන්‍දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. සො තං පරිසං ධම්මියා කථාය සන්‍දස්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත්තෙජෙත්‍වා සම්පහංසෙත්‍වා උට්ඨායාසනා පක්කමති.
ඔබ වැළැඳූසේක් මොහොතක් තූෂ්ණීම්භූත වැ වැඩහිඳිති, අනුමෙවුනියට නො ද කල් ඉක්මවති, ඔබ වැළැඳූසේක් අනුමෝදනා කෙරෙති. එ බත නො ගරහති, අන් බතක් නො පතති. එකත්නෙන් දැහැමි කථායෙකින් මැ එ පිරිස කරුණු දක්වති, සමාදන් කරවති, තෙද ගන්වති, සතුටු කරවති. ඔබ එ පිරිස දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා හුනස්නෙන් නැඟී නික්ම යෙති.
සො නාතිසීඝං ගච්ඡති, නාතිසණිකං ගච්ඡති, න ච නිමුච්චිතුකාමො1 ගච්ඡති. න ච තස්ස භොතො ගොතමස්ස කායෙ චීවරං අච්චුක්කට්ඨං හොති, න ච අච්චොක්කට්ඨං, න ච කායස්මිං අල්ලීනං, න ච කායස්මා අපකට්ඨං, න ච තස්ස භොතො ගොතමස්ස කායම්හා වාතො චීවරං අපවහති2. න ච තස්ස භොතො ගොතමස්ස කායෙ රජොජල්ලං උපලිප්පති3.
ඔබ ඉතා වෙලෙවි වැ නො යෙති, ඉතා ලැසි වැ නො යෙති, (පිරිසෙන්) නැඟී යනු කැමැති වැ නො ද යෙති. ඒ භවත් ගෞතමයන්ගේ කයෙහි සිවුර (හනුඇටය දක්වා නඟා පොරෝනාවුන්ගේ සෙයින්) උඩට නැඟුණේ නො වෙයි, (ගොප්ඇටය දක්වා බහා පොරෝනාවුන් ගේ සෙයින්) නො බැහුණේ වෙයි. නො ද කයෙහි ඇලුණේ වෙයි, නො ද කයින් වෙන් වූයේ වෙයි. ඒ භවත් ගෞතමයන්ගේ කයින් වාතය සිවුර නො නඟයි. ඒ භවත් ගෞතමයන්ගේ කයෙහි නො ද රජස්දැල් තැවැරෙයි.
සො ආරාමගතො නිසීදති පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ පක්ඛාලෙති. න ච සො භවං ගොතමො පාදමණ්ඩනානුයොගමනුයුත්තො විහරති. සො පාදෙ පක්ඛාලෙත්වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො නෙව අත්තව්යාබාධාය චෙතෙති, න පරව්යාබාධාය චෙතෙති, න උභයව්යාබාධාය චෙතෙති. අත්තහිතං පරහිතං උභයහිතං සබ්බලොකහිතමෙව සො භවං ගොතමො චින්තෙන්තො නිසින්නො හොති.
ඔබ අරමට ගියාහු පැනවූ අස්නෙහි වැඩහිඳිති. හිඳ පාසඟුළුවන් ප්‍රක්ෂාලනා කෙරෙති. ඒ භවත් ගෞතමයෝ නො ද පාද මණ්ඩනයෙහි යෙදී වෙසෙති. ඔබ පාද ප්‍රක්ෂාලනා කොට පලක් අවුළුවා (බැඳ) කය ඍජු කොට තබා කර්‍මස්ථානාභිමුඛ කොට සිහි එළවා හිඳිති. ඔබ තමහට දුක් පිණිස නො මැ සිතති, පරාහට දුක් පිණිස නො සිතති. තමහට ද පරාහට ද දුක් පිණිස නො සිතති. ඒ භවත් ගෞතමයෝ ආත්මහිතය ද පරහිතය ද උභයහිතය දැ යි (මෙසේ) සර්‍වලොකහිතය මැ සිතමින් හුන්නාහු වෙති.
සො ආරාමගතො පරිසතිං ධම්මං දෙසෙති න තං පරිසං උස්සාදෙති. න තං පරිසං අපසාදෙති. අඤ්ඤදත්‍ථු ධම්මියාව කථාය තං පරිසං සන්‍දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. අට්ඨඞ්ගසමන්නාගතො ඛො පනස්ස භොතො ගොතමස්ස මුඛතො ඝොසො නිච්ඡරති. විස්සට්ඨො ච විඤ්ඤෙෙය්‍යා ච මඤ්ජු ච සවනීයො ච බින්‍දු ච අවිසාරී ච ගම්භීරො ච නින්නාදී ච. යථාපරිසං ඛො පන සො භවං ගොතමො සරෙන විඤ්ඤාපෙති. න චස්ස බහිද්ධා පරිසාය ඝොසො නිච්ඡරති. තෙ තෙන භොතා ගොතමෙන ධම්මියා කථාය සන්‍දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා උට්ඨායාසනා පක්කමන්ති අපලොකයමානායෙව අවිජහන්තා භාවෙන4. අද්දසාම ඛො මයං භො තං භවන්තං ගොතමං ගච්ඡන්තං. අද්දසාම ඨිතං. අද්දසාම අනන්තරඝරං පවිසන්තං5 අද්දසාම අන්තරඝරෙ නිසින්නං තුණ්හීභූතං. අද්දසාම භුත්තාවිං අනුමොදන්තං. අද්දසාම ආරාමං ගච්ඡන්තං6, අද්දසාම ආරාමගතං නිසින්නං තුණ්හීභූතං. අද්දසාම ආරාමගතං පරිසතිං ධම්මං දෙසෙන්තං. එදිසො ච එදිසො ච භො සො භවං ගොතමො, තතො ච භිය්‍යො'ති.
ඔබ අරමට ගියාහු පිරිස්හි දහම් දෙසති. එ පිරිස නො හුවති, එ පිරිස නො හෙළති, එකත්නෙන් දැහැමි කථායෙන් මැ එ පිරිස කරුණු දක්වති, සමාදන් කරවති, තෙද ගන්වති සතුටු කරවති. තවද ඒ භවත් ගෞතමයන්ගේ මුවින් (ශ්ලෙෂ්මාදීන්) බාධිත නො වූ විඥෙය වූ මධුර වූ ශ්‍රවණීය වූ සම්පිණ්ඩිත වූ නො විසිරෙනසුලු වූ ගැඹුරු වූ නින්නාද ඇති අෂ්ටාඞ්ගසමන්වාගත ඝොෂය නික්මෙයි. ඒ භවත් ගෞතමයෝ වැළිත් පිරිස් නො ඉක්ම ස්වරයෙන් හඟවති. ඔබගේ ඝොෂය පිරිසෙන් බැහැර නො නික්මෙයි. ඔහු ඒ භවත් ගෞතමයන් විසින් දැහැමිකථායෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු තෙද ගන්වන ලද්දාහු ප්‍රහර්‍ෂ කරවන ලද්දාහු හුනස්නෙන් නැඟී අවිජහත් ස්වභාවයෙන් අපලොකනය කරන්නාහු මැ බැස යෙති. “භවත්නි, අපි ඒ භවත් ගෞතමයන් වඩනවුන් දකුම්හ, සිටියවුන් දකුම්හ, ඇත්ගමට වදනවුන් දකුම්හ, ඇත්ගමෙහි නිහඬ වැ හිඳිනවුන් දකුම්හ, අනුමොදනා කරන වළඳා නිමවූවන් දකුම්හ, අරම්වදනවුන් දකුම්හ, ආරාමගත වැ නිහඬ වැ හිඳිනවුන් දකුම්හ, ආරාමගත වැ පිරිස්හි දහම් දෙසනවුන් දකුම්හ” කියායි. භවත් ආචාර්ය්‍යයෙනි, ඒ භවත් ගෞතමයෝ මෙබඳු මෙබඳු ගුණ ඇතියෝ යි. එයින් වැඩි ගුණ ඇතියෝ ද වෙති.
එවං වුත්තෙ බ්රහ්මායු බ්රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පනාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙසි: නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස. නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස. නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස. අප්පෙව නාම මයං කදාචි කරහචි තෙන භොතා ගොතමෙන සද්ධිං සමාගච්ඡෙය්යාම, අප්පෙව නාම සියා කොචිදෙව කථාසල්ලාපො’ති.
මෙසේ කී කල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණ හුනස්නෙන් නැඟී උත්තරාසඞ්ගය එකස් කොට බහා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ තෙවිටක් උදන් ඇනි: “ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා” කියා යි. අපි කිසියම් දවසෙක ඒ භවත් ගෞතමයන් හා එක්වන්නමෝ නම් මනා මැ නු, කිසියම් කථාසල්ලාපයෙක් වේ නම් මනා මැ නු”යි.
අථ ඛො භගවා විදෙහෙසු අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන මිථිලා තදවසරි. තත්‍ර සුදං භගවා මිථිලායං විහරති මඛාදෙවම්බවනෙ. අස්සොසුං ඛො මෙථිලෙය්‍යකා1 බ්‍රාහ්මණගහපතිකා සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො විදෙහෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි මිථිලං අනුප්පත්තො මිථිලායං විහරති මඛාදෙවම්බවනෙ. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා, සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති . සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති. අථ ඛො මෙථිලෙය්‍යකා1 බ්‍රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්‍වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරාණීයං2 වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්‍වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්‍වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු.
එකල්හි බුදුහු විදේහජනපදයෙහි අනුක්‍රමයෙන් සැරිසරන්නාහු මියුලු නුවරට වැඩියහ. එහි දී බුදුහු මියුලු නුවර මුවදෙව් නම් අඹ උයන්හි වැඩවෙසෙති. මියුලුනුවර වැසි බමුණු ගැහැවියෝ තෙල බස් ඇසූහ: “භවත්නි, ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයෝ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූවාහු පන්සියක් පමණ මහත් භික්ෂුසඞ්ඝයා හා සමග විදෙහයෙහි සැරිසරනසේක් මියුලුනුවරට පැමිණියාහු මියුලුනුවර මුවදෙව් නම් අඹඋයන්හි වැඩ වෙසෙති. ඒ භවත් ගෞතමයන් ගේ මෙබඳු කලණ යසගී උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්හත්ය, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගත්හ, ලොකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘයහ, බුද්ධයහ, භාග්‍යවත්හ”, ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙලොව හා දෙවිමිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාව තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට දන්වත්. ඔබ ආදි කල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්ය්‍යවසානකල්‍යාණ කොට සාර්‍ථ කොට සව්‍යඤ්ජන කොට කෙවල පරිපූර්ණ කොට දහම් දෙසත්. පිරිසුදු බඹසර පවසත්. එබඳු රහතුන්ගේ දක්මෙක් වේ නම් මැනැවැ”යි. ඉක්බිති මියුලුනුවර වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත්පස් වැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් හමුයෙහි නම්ගොත් අස්වා එකත්පස් වැ හුන්හ. කෙනෙක් තූෂ්ණීම්භූත වැ එකත්පස් වැ හුන්හු.
අස්සොසි ඛො බ්රහ්මායු බ්රාහ්මණො, ‘සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො මිථිලං අනුප්පත්තො, මිථිලායං විහරති මඛාදෙවම්බවනෙ’ති. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො සම්බහුලෙහි මාණවකෙහි සද්ධිං යෙන මඛාදෙවම්බවනං තෙනුපසඞ්කමි. අථ ඛො බ්රහ්මායුනො බ්රාහ්මණස්ස අවිදූරෙ අම්බවනස්ස එතදහොසි: ‘න ඛො මෙතං පතිරූපං යොහං පුබ්බෙ අප්පටිසංවිදිතො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමෙය්ය’න්ති. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො අඤ්ඤතරං මාණවකං ආමන්තෙසි: ‘එහි ත්වං මාණවක, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන සමණං ගොතමං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ, බ්රහ්මායු භො ගොතම බ්රාහ්මණො භවන්තං ගොතමං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවං ච වදෙහි, බ්රහ්මායු භො ගොතම, බ්රාහ්මණො ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො වීසංවස්සසතිකො ජාතියා තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. යාවතා ඛො බ්රාහ්මණගහපතිකා මිථිලායං පටිවසන්ති බ්රහ්මායු තෙසං බ්රාහ්මණො අග්ගමක්ඛායති යදිදං භොගෙහි. බ්රහ්මායු තෙසං බ්රාහ්මණො අග්ගමක්ඛායති යදිදං මන්තෙහි. බ්රහ්මායු තෙසං බ්රාහ්මණො අග්ගමක්ඛායති යදිදං ආයුනා චෙව යසසා ච. සො භොතො ගොතමස්ස දස්සනකාමො’ති.
බ්‍රහ්මායු බමුණු: “සැහැකුලපුත් සැහැකුලින් පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මියුලු නුවරට වැඩිසේක් මියුලුනුවර මුවදෙව් අඹඋයන්හි වැඩවෙසෙති”යි ඇසුයේ මැ යි. එසඳ බ්‍රහ්මායු බමුණු බොහෝ මණෙවුවන් හා සමග මුවදෙව් අඹ උයන් කරා ගියේ. ඉක්බිති බ්‍රහ්මායු බමුණුහට අඹඋයන්නුදුරෙහි දී තෙල සිත් වී: “මම කැල මැ නො දන්වන ලදුයෙම් මහණ ගොයුමන් දක්නට එළැඹෙම් නම් තෙල මට නො නිසි යැ” යනු යි. එසඳ බ්‍රහ්මායු බමුණු එක්තරා මාණවයකු ඇමැතී: “මාණවකය තෝ එව. මහණ ගොයුමන් කරා එළැඹෙව, එළැඹ මා බසින් මහණ ගොයුමන්ගේ අතින් අල්පාබාධ අල්පාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුස්ව: “භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු බමුණු භවත් ගෞතමයන් අතින් නිරාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුසී” කියා යි. මෙසේත් කියව: “භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු බ්‍රහ්මණ ජීර්ණ යැ වෘද්ධ යැ මහලු යැ බොහෝ කල් ගැළවී යැ. පශ්චිම වයසට පැමිණියේ යැ, උපතින් එක්සියවිසිහැවිරිදි යැ, නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත ශික්ෂානිරුක්ති සහිත ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයන්ගේ පරතෙර ගියේ යැ පද හදාරන්නේ යැ තදවශේෂ ව්‍යාකරණ හදාරන්නේ යැ. ලෝකායතමහාපුරුෂලක්ෂණයෙහි පරිපූරකාරී යැ. මියුලු නුවර යම් තාක් බමුණුගැහැවියෝ වෙසෙත් ද, ඔවුනතුරින් බ්‍රහ්මායු බ්‍රාහ්මණ භොගයෙන් අග්‍ර ය‘යි කියනු ලැබේ. ‘බ්‍රහ්මායු බ්‍රාහ්මණ ඔවුනතුරින් ආයුෂ හා යසසිනුදු අග්‍ර යැ’යි කියනු ලැබේ. හේ භවත් ගෞතමයන් වහන්සේ දක්නා කැමැත්තේ යැ”යි.
එවං භොති ඛො සො මාණවකො බ්රහ්මායුස්ස බ්රාහ්මණස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො මාණවකො භගවන්තං එතදවොච: බ්රහ්මායු භො ගොතම, බ්රාහ්මණො භවන්තං ගොතමං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. බ්රහ්මායු භො ගොතම, බ්රාහ්මණො ජිණ්ණො -පෙ- ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. යාවතා භො බ්රාහ්මණගහපතිකා මිථිලායං පටිවසන්ති, බ්රහ්මායු තෙසං බ්රාහ්මණො අග්ගමක්ඛායති යදිදං භොගෙහි. බ්රහ්මායු තෙසං බ්රාහ්මණො අග්ගමක්ඛායති යදිදං මන්තෙහි. බ්රහ්මායු තෙසං බ්රාහ්මණො අග්ගමක්ඛායති යදිදං ආයුනා චෙව යසසා ච. සො භොතො ගොතමස්ස දස්සනකාමො’ති.
‘එසේ යැ භවත්නි’ යි ඒ මණෙවු බ්‍රහ්මායු බමුණුහට පිළිවදන් දී භාග්‍යවතුන් කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඒ මණෙවු භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කී: “භවත් ගොයුමාණෙනි, බ්‍රහ්මායු බ්‍රාහ්මණ භවත් ගෞතමයන් අතින් නිරාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුසි. භවත් ගෞතමයෙනි, බ්‍රහ්මායු බමුණු ජීර්ණ යැ . . . ලොකායතමහාපුරුෂලක්ෂණයෙහි පරිපූරකාරී යැ. මියුලු නුවර යම් තාක් බමුණුගැහැවියෝ වෙසෙත් ද, ඔවුනතුරෙහි ‘බ්‍රහ්මායු බමුණු භොගයෙන් අග්‍ර යැ’යි කියනු ලැබේ. ඔවුනතුරින් බ්‍රහ්මායු බමුණු වෙදයෙන් අග්‍ර යැ’යි කියනු ලැබේ. බ්‍රහ්මායු බමුණු ඔවුනතුරින් ආයුෂ හා යසසිනිදු අග්‍ර යැ’යි කියනු ලැබේ. හේ භවත් ගෞතමයන් වහන්සේ දක්නා කැමැත්තේ යැ”යි.
‘යස්සදානි මාණවක, බ්රහ්මායු බ්රාහ්මණො කාලං මඤ්ඤතී’ති.
මාණවකය, එයට දැන් බ්‍රහ්මායු බමුණු කල් දන්නේ යැ’යි.
අථ ඛො සො මාණවකො යෙන බ්රහ්මායු බ්රාහ්මණො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා බ්රහ්මායුං බ්රාහ්මණං එතදවොච: ‘කතාවකාසො ඛො භවං සමණෙන ගොතමෙන. යස්සදානි භවං කාලං මඤ්ඤතී’ති.
එසඳ ඒ මණෙවු බ්‍රහ්මායු බමුණු කරා එළැඹියේ. එළැඹ බ්‍රහ්මායු බමුණුහට තෙල කී: “භවත් ශ්‍රමණ ගෞතම විසින් කළ අවකාශ ඇත්තේ යැ, එයට දැන් භවත් කල් දන්නේ යැ’යි.
අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. අද්දසා ඛො සා පරිසා බ්රහ්මායුං බ්රාහ්මණං දූරතොව ආගච්ඡන්තං, දිස්වාන අථ නං1 ඔකාසමකාසි යථා තං ඤාතස්ස යසස්සිනො. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො තං පරිසං එතදවොච: අලං භො, නිසීදථ තුම්හෙ සකෙ ආසනෙ, ඉධාහං සමණස්ස ගොතමස්ස සන්තිකෙ නිසීදිස්සාමීති. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො බ්රහ්මායු බ්රාහ්මණො භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි සමන්නෙසි. අද්දසා ඛො බ්රහ්මායු බ්රාහ්මණො භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි, යෙභුය්යෙන ඨපෙත්වා ද්වෙ ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, කොසොහිතෙ ච වත්ථගුය්හෙ පහූතජිව්හතාය ච. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො භගවන්තං ගාථාහි අජ්ඣභාසි:
එසඳ බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එ පිරිස බ්‍රහ්මායු බමුණු දුරැ දී මැ එන්නා දුටු. දැක ඉක්බිති යසස්වී ඥාතපුරුෂයකුට සෙයින් ඔහුට අවකාශ කළා. එසඳ බ්‍රහ්මායු බමුණු එ පිරිසට තෙල කී: “භවත්නි, කම් නැත, තෙපි සිය අස්නෙහි හිඳුව, මෙහි මම් මහණ ගොයුමන් වෙත හිඳිමි”යි. ඉක්බිති බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටු වියයුතු සාරාණීය කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි දෙතිස් මහපුරිස් ලකුණු පිරික්සී. බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන්ගේ කයෙහි දෙලකුණක් තබා දෙතිස් මහාපුරිස්ලකුණු බෙහෙවින් දිට. මහපුරිස් ලකුණු දෙකක් (දක්නට) පතයි, සොයමින් වෙහෙසෙයි, සනිටුහනට නො යෙයි, (නො දැක්මෙන්) නො පහදි. කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යතායෙහි ද ප්‍රභූතජිහ්වතායෙහි ද යන දෙක්හි යැ. ඉක්බිති බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී:
යෙ මෙ ද්වත්තිංසාති සුතා මහාපුරිසලක්ඛණා,
දුවෙ තෙසං න පස්සාමි භොතො කායස්මිං ගොතම.
“ගොයුමාණෙනි, මා විසින් යම් මහපුරිස්ලකුණු දෙතිසකැ’යි අසනලද ද ඔවුනතුරින් දෙකක් භවතුන්ගේ කයෙහි නො දක්මි.
නරොත්තමයෙනි, කිම භවත්හුගේ කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යය ඇද්ද? කිම ස්ත්‍රීලිඞ්ගයෙන් කියයුතු භ්‍රස්ව නො වූ ජිහ්වා ඇද්ද?
කච්චි පහූතජිව්හොසි? යථා තං ජානියාමසෙ,
නින්නාමයෙතං තනුකං, කඞ්ඛං විනය නො ඉසෙ.
කිම ප්‍රභූතජිහ්ව වෙහි ද? භවත් ඍෂිවරයිනි, අපි යම් පරිදි එය දනුමෝ නම් එ පරිදි තෙල තුනී දිව නෙරුව මැනැවැ. සැක දුරු කළ මැනැවැ.
දිට්ඨධම්මහිතත්‍ථාය සම්පරාය සුඛාය ච,
කතාවකාසා පුච්ඡෙමු4 යං කිඤ්චි අභිපත්‍ථිත’න්ති.
යම් කිසිවක් පතනලද නම් එය කළ අවකාශ ඇතියමෝ ඓහලෞකිකසුඛය සඳහාත් පාරලෞකිකසුඛය සඳහා ත් පුළුවුසුම්හ.
අථ ඛො භගවතො එතදහොසි: ‘පස්සති ඛො මෙ අයං බ්රහ්මායු බ්රාහ්මණො ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි යෙභුෙය්යන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති කොසොහිතෙ ච වත්ථගුයහ පහූතජිව්හතාය චාති. අථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි. යථා අද්දස බ්රහ්මායු බ්රාහ්මණො භගවතො කොසොහිතං වත්ථගුය්හං. අථ ඛො භගවා ජිව්හං නින්නාමෙත්වා උභොපි කණ්ණසොතානි අනුමසි පරිමසි1, උභොපි නාසිකසොතානි අනුමසි පරිමසි. කෙවලම්පි2 ලලාටමණ්ඩලං3 ජිව්හාය ඡාදෙසි4. අථ ඛො භගවා බ්රහ්මායුං බ්රාහ්මණං ගාථාහි පච්චභාසි.
එසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: “මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණ මා ගේ දෙතිස් මහපුරිස් ලකුණු බෙහෙවින් දෙකක් තබා දක්නේ යැ, මහපුරිස් ලකුණු දෙකෙක ආකාඞ්ක්‍ෂා කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, සනිටුහන් නො කෙරෙයි, සම්ප්‍රසාද නො කෙරෙයි. කොෂාවහිතවස්ත්‍රගුහ්‍යයෙහි හා ප්‍රභූතජිහ්වතායෙහි යි. එසඳ බුදුහු යම්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේගේ කොෂාවහිතවස්ත්‍රගුහ්‍යය දිටි නම් එබඳු ඉදුහයක් කොළෝ. ඉක්බිති බුදුහු දිව නෙරැ දෙකන්සිදත් අනුමර්ශ පරිමර්ශ කළහ, දෙනැහැසිදත් අනුමර්ශ පරිමර්ශ කළහ, සියලු නළල්මඬල ද වැසූහ. ඉක්බිති බුදුහු බ්‍රහ්මායු බමුණුහට ගාථායෙන් මෙසේ වදාළහ:
යෙ තෙ ද්වත්තිංසාති සුතා මහාපුරිසලක්ඛණා,
සබ්බෙ තෙ මම කායස්මිං මා තෙ කඞ්ඛාහු බ්‍රාහ්මණ.
“බමුණ තොප විසින් දෙතිසකැ’යි යම් මහපුරිස්ලකුණු කෙනෙක් අසනලදහු නම් එ හැම මාගේ කයෙහි වෙයි. තොපට නහමක් සැක වේවා.
අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං භාවෙතබ්බඤ්ච භාවිතං,
පහාතබ්බං පහීනං මෙ තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ.
බමුණ මා විසින් දතයුත්ත දන්නාලද, භාවිතව්‍යය භාවිත යැ, ප්‍රහාතව්‍යය ප්‍රහාණය කරන ලද, එහෙයින් බුද්ධ වෙමි.
දිට්ඨධම්මහිතත්‍ථාය සම්පරාය සුඛාය ච,
කතාවකාසො පුච්ඡස්සු යං කිඤ්චි අභිපත්‍ථිතන්ති.
ඉහාත්මයෙහි හිතයට ද පරලෙව්හි සුඛයට ද කළ අවකාශ ඇතියම්හ, යම් කිසිවක් පතනලද නම් එය පුළුවුස්ව”යි.
අථ ඛො බ්රහ්මායුස්ස බ්රාහ්මණස්ස එතදහොසි: ‘කතාවකාසො ඛොම්හි සමණෙන ගොතමෙන. කින්නු ඛො අහං සමණං ගොතමං පුච්ඡෙය්යං දිට්ඨධම්මිකං වා අත්ථං සම්පරායිකං වාති. අථ ඛො බ්රහ්මායුස්ස බ්රාහ්මණස්ස එතදහොසි: ‘කුසලො ඛො අහං දිට්ඨධම්මිකානං අත්ථානං. අඤ්ඤෙපි මං දිට්ඨධම්මිකං අත්ථං පුච්ඡන්ති. යන්නූනාහං සමණං ගොතමං සම්පරායිකඤ්ඤෙව අත්ථං පුච්ඡෙය්ය’න්ති. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො භගවන්තං ගාථාහි අජ්ඣභාසි.
එසඳ බ්‍රහ්මායු බමුණුහට තෙල සිත් වී: “ශ්‍රමණ ගෞතමයන් විසින් කළ අවකාශ ඇතියෙමි. මම කුමක් මහණ ගොයුමන් අතින් පුළුවුස්නෙම් ද? ඓහලෞකික අර්‍ථය හෝ යැ පාරලෞකික අර්‍ථය හෝ යැ”යි. ඉක්බිති බ්‍රහ්මායු බමුණුහට තෙල සිත් වී: “මම් වූකලි දෘෂ්ටධාර්මිකාර්‍ථයෙහි කුශලයෙමි, අන්‍යයෝ ද මා අතින් දෘෂ්ටධාර්මිකාර්‍ථය පුළුවුසිති. මම් මහණ ගොයුමන් අතින් සාම්පරායිකාර්‍ථය පුළුවුස්නෙම් නම් මනා මැ නු”යි. ඉක්බිති බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් තෙල කී:
‘කථං භො5 බ්‍රාහ්මණො හොති කථං භවති වෙදගූ,
තෙවිජ්ජො භො කථං හොති සොත්තියො6 කින්ති වුච්චති.
අරහං භො කථං හොති කථං භවති කෙවලී,
මුනිච්ච7 භො කථං හොති බුද්ධො කින්ති පවුච්චතී’ති.
“භවත්නි, කිසෙයින් ‘බ්‍රාහ්මණ’ වේ ද, කිසෙයින් වෙදගූ වේ ද, කිසෙයින් ‘ත්‍රෛවිද්‍ය’ වේ ද, කවරෙක් ‘සොත්තිය’යි කියනු ලැබේ ද?
භවත්නි, කිසෙයින් අර්හත් වේ ද, කිසෙයින් ‘කෙවලී’ (සකලගුණසම්පන්න) වේ ද, කිසෙයින් ‘මුනි’ වේ ද, කවරෙක් ‘බුද්ධ’යි කියනු ලැබේ ද?” යි.
අථ ඛො භගවා බ්රහ්මායුං බ්රාහ්මණං ගාථාහි පච්චභාසි.
එකල්හි බුදුහු බ්‍රහ්මායු බමුණුහට ගාථායෙන් පිළිතුරු වදාළහ:
පුබ්බෙනිවාසං යො වෙදී සග්ගාපායඤ්ච පස්සති,
අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤා වොසිතො මුනි.
“යමෙක් පූර්‍වනිවාසය දන්නේ ද, (දිවැසින්) ස්වර්‍ගයත් අපායත් දකී ද, යළි ජාතික්‍ෂයට පැමිණියේ ද, (අර්හද්ඥානයෙන්) අභිජානන කොට අවසානයට පැමිණියේ ද, (අර්හත්ඥන සඞ්ඛ්‍යාත) මුනිභාවයෙන් සමන්වාගත වූයේ ද.
චිත්තං විසුද්ධං ජානාති මුත්තං රාගෙහි සබ්බසො,
පහීන ජාතිමරණො බ්‍රහ්මචරියස්ස කෙවලී,
පාරගූ සබ්බධම්මානං බුද්ධො තාදී පවුච්චතී’ති.
සර්වප්‍රකාරයෙන් රාගයෙන් මිදුණු (එහෙයින් මැ) විශුද්ධ වූ සිත දනී ද, ප්‍රහීණ වූ ජාති හා මරණ ඇත්තේ ද, සියලු සිව්මඟබඹසර ඇත්තේ ද, සියලු (ලොවිලොවුතුරු) දහමුන්ගේ පාරයට ගියේ ද, එ බඳු පුද්ගල ‘බුද්ධ’යයි කියනු ලැබේ” යයි.
එවං වුත්තෙ, බ්රහ්මායු බ්රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්‍වා භගවතො පාදෙසු සිරසා නිපතිත්‍වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම්බති. පාණීහි ච පරිසම්බාහති. නාමඤ්ච සාවෙති: බ්‍රහ්මායු චාහං1 භො ගොතම බ්‍රාහ්මණො, බ්‍රහ්මායු චාහං1 භො ගොතම බ්‍රාහ්මණො’ති. අථ ඛො සා පරිසා අච්ඡරියබ්භුතචිත්තා ජාතා අහොසි: ‘අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, සමණස්ස මහිද්ධිකතා මහානුභාවතා.2 යත්‍ර හි නාමායං බ්‍රහ්මායු බ්‍රාහ්මණො ඤාතො යසස්සී එවරූපං පරමනිපච්චකාරං3 කරිස්සතී’ති.
මෙසේ වදාළ කල්හි බ්‍රහ්මායු බමුණු හුනස්නෙන් නැඟී උතුරුසඟ එකස් කොට පෙරෙවැ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුයෙහි හිසින් වැඳවැටී භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුවන් මුවිනුදු සිඹී. අතිනුදු සම්බාහන කෙරෙයි: “භවත් ගොයුමාණෙනි, මම් බ්‍රහ්මායුබ්‍රාහ්මණයෙමි, භවත් ගොයුමාණෙනි, මම් බ්‍රහ්මායු බ්‍රාහ්මණයෙමි”යි නමුදු අස්වයි. එස, එ පිරිස ආශ්චර්ය්‍ය අද්භූත සිත් ඇති වූ: “භවත්නි ආශ්චර්ය්‍ය යැ, භවත්නි අද්භූත යි, මහණක්හුගේ මහත් ඍද්ධියක් බලව, මහත් අනුභාවයක් බලව. යම් කරුණෙක්හි ලා ප්‍රකට වූ යසස් ඇති මේ බ්‍රහ්මායු බමුණු මෙ වන් පරමනිපත්‍යාකාරයක් කෙරේ”යයි.
අථ ඛො භගවා බ්රහ්මායුං බ්රාහ්මණං එතදවොච: ‘අලං බ්රාහ්මණ, උට්ඨහ, නිසීද ත්වං සකෙ ආසනෙ, යතො තෙ මයි චිත්තං පසන්න’න්ති. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො උට්ඨහිත්වා සකෙ ආසනෙ නිසීදි.
එසඳ බුදුහු බ්‍රහ්මායු බමුණුහට තෙල වදාළහ: බමුණ කම් නැත, නැඟී සිටුව, තෙපි සිය අස්නෙහි හිඳුව, මා කෙරෙහි තොප ගේ සිත් පහන් හෙයිනැ”යි. එකල්හි බ්‍රහ්මායු බමුණු නැඟී සිය අස්නෙහි හින.
අථ ඛො භගවා බ්රහ්මායුස්ස බ්රාහ්මණස්ස අනුපුබ්බිං කථං කථෙසි. සෙය්යථිදං: ‘දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි බ්රහ්මායුං බ්රාහ්මණං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙවං බ්රහ්මායුස්ස බ්රාහ්මණස්ස තස්මිඤ්ඤෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි, යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො දිට්ඨධම්මො, පත්තධම්මො, විදිතධම්මො, පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථඞ්කථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච: ‘‘අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය. පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භගවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණඞ්ගතං. අධිවාසෙතු ච මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
ඉක්බිති බුදුහු බ්‍රහ්මායු බමුණුහට අනුපූර්‍වකථා වදාළහ. ඒ කෙසේ යැ යත්: දානකථා යැ ශීලකථා යැ ස්වර්‍ගකථා යැ කාමයන් ගේ ආදීනව යැ සංක්ලෙශයන්ගේ ලාමක බව හා නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ප්‍රකාශ කළහ. යම් කලෙක බුදුහු බ්‍රහ්මායු බමුණු අරොග සිත් ඇතියහු මෘදු සිත් ඇතයහු විගත නීවරණ සිත් ඇතියහු ඔදවැඩි සිත් ඇතියහු පහන්සිත් ඇතියහු බව දත්සේක් ද එකල්හි බුදුවරුන්ගේ යම් සාමුක්කංසික (සිව්සස්) ධර්‍මදේශනාවක් වේ ද, එ දහම ප්‍රකාශ කළහ: දුඃඛ යැ සමුදය යැ නිරෝධ යැ මාර්‍ග යැ යි. යම්සේ නම් පහවැ ගිය කළුපැහැ ඇති ශුද්ධ වස්ත්‍රයක් මොනොවට රඳන් ගන්නේ ද එසෙයින් මැ බ්‍රහ්මායු බමුණුහට එ අස්නෙහි දී මැ ‘යම් කිසි සමුදය ධර්‍මයෙක් ඇද්ද, එ හැම නිරොධස්වභාවය ඇතැ’යි පහ වැ ගිය (රාගාදි) රජස් ඇති පහ වැ ගිය (රාගාදි) මල ඇති දහම් ඇස උපන. ඉක්බිති බ්‍රහ්මායු බමුණු දක්නාලද (ලොවුතුරු) දහම් ඇති වැ පැමිණි දහම් ඇති වැ දන්නා ලද දහම් ඇති වැ බැසගත් දහම් ඇති වැ තරණය කළ විචිකිත්සා ඇති වැ පහ වැ ගිය සැක ඇති වැ විශාරද බවට පැමිණියේ ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගොයුමාණෙනි ඉතා කාන්ත යැ, භවත් ගෞතමයෙනි ඉතා කාන්ත යැ. භවත් ගොයුමාණෙනි, යම්සේ යටිහුරු කළ දැයක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් වූවක් හෝ විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තාහු රූප දක්නාහ’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එසෙයින් මැ භවත් ගොයුමාණන් විසින් නොයෙක් අයුරින් දහම් පවසන ලද. තෙල මම් භවත් ගෞතමයන් ද දහම් ද බික්සඟන ද සරණ කොට යෙමි. භවත් ගෞතමයෝ මා අද පටන් කොට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට ධරත්වා. භවත් ගෞතමයෝ බික්සඟන හා සමඟ සෙට මා ගේ බත ද ඉවසත්ව”යි. බුදුහු තුෂ්ණීම්භාවයෙන් ඉවැසූහ.
අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: කාලො භො ගොතම, නිට්ඨිතං භත්ත’න්ති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන බ්රහ්මායුස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි
සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන විදෙහෙසු චාරිකං පක්කාමි. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො අචිරපක්කන්තස්ස භගවතො කාලමකාසි.
එසඳ බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට බැස ගියේ. ඉක්බිති බ්‍රහ්මායු බමුණු එ රැය ඇවෑමෙන් සිය නිවෙස්නෙහි ප්‍රණීත ඛාද්‍යභොජ්‍ය පිළියෙල කරවා ‘භවත් ගෞතමයන් වහන්ස, බත නිමියේ යැ, වඩනට කලැ’යි භාග්‍යවතුන් වහන්සේට කල් දැන් වී. එසඳ බුදුහු පෙරවරු සමයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන බ්‍රහ්මායු බමුණුහුගේ නිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනැවූ අස්නෙහි බික්සඟුන් හා සමග වැඩහුන්හ. ඉක්බිති බ්‍රහ්මායු බමුණු සතියක් මුළුල්ලෙහි බුදුපාමොක් බික්සඟුන් ප්‍රණීත ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සැතැප්වී, පැවැරී. එකල බුදුහු එ සත්දවස ඇවෑමෙන් විදෙහදනවියෙහි චාරිකාවට නික්ම වැඩියහ. ඉක්බිති බ්‍රහ්මායු බමුණු බුදුන් නික්ම ගිය නොබෝ කල්හි කලුරිය කෙළේ.
අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ‘බ්රහ්මායු භන්තෙ, බ්රාහ්මණො කාලකතො. තස්ස කා ගති, කො අභිසම්පරායො’ති.
එසඳ බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල කීහු: වහන්ස, බ්‍රහ්මායු බමුණු කලුරිය කෙළේ. ඔහුගේ ගතිය (උපත) කවර? (හේ) පරලෙවිහි කවරෙක් වේ දැ?”යි.
පණ්ඩිතො භික්ඛවෙ, බ්රහ්මායු බ්රාහ්මණො, පච්චපාදි ධම්මස්සානුධම්මං න ච මං1 ධම්මාධිකරණං විහෙසෙසි. බ්රහ්මායු භික්ඛවෙ, බ්රාහ්මණො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකාති.
මහණෙනි, බ්‍රහ්මායු බමුණු පණ්ඩිත යැ, ධර්‍ම (අර්හත්මාර්‍ග)යාගේ අනුධර්‍ම (යට තුන්මඟපල) යට පිළිපන්නේ යැ. ධර්‍මහෙතුයෙන් මා නො ද වෙහෙසී. මහණෙනි, බ්‍රහ්මායු බමුණු පඤ්ච ඔරම්භාගිය සංයොජනයන් ක්‍ෂය වීමෙන් ඒ සුදවස් බඹලොවැ පිරිනිවෙනසුලු වැ එ ලොවින් පෙරළා නො එන සැහැවි ඇති වැ ඔපපාතික වේ”යයි.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
බුදුහු මෙය වදාළහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළහ’යි.
බ්රහ්මායුසුත්තං පඨමං.
පළමු වැනි බ්‍රහ්මායු සූත්‍ර යි.