438. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: අරියො අට්ඨඞ්ගිකො මග්ගො. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො. ඉති ඛො භික්ඛවෙ දෙසිතං වො මයා අසඞ්ඛතං, දෙසිතො අසඞ්ඛතගාමීමග්ගො. යං භික්ඛවෙ සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික්ඛවෙ රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවෙ. මා පමාදත්ථ. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
438. ... මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: අරිඅටඟිමඟ යි. මහණෙනි, මේ නිවන් මඟ යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මා විසින් තොපට නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන් කෙරෙහි හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම්, මා විසින් එය තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල්, ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසුව නහමක් විපිළිසර වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.