ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 9. අසඞ්ඛත සංයුක්තය » 1. අසඞ්‌ඛත වර්ගය

9.1.1. කායගතාසතිසුත්තං

9.1.1. කායගතාසති සූත්‍රය

428. අසඞ්ඛතඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අසඞ්ඛතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ අසඞ්ඛතං: යො භික්ඛවෙ රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතං. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමී මග්ගො: කායගතාසති. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමී මග්ගො.

428. මහණෙනි, තොපට අසඞ්ඛතය (නිවන) ද, අසඞ්ඛත (නිවන්) මඟ ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, අසඞ්ඛතය කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්ෂයයෙක්, ද්වේෂක්ෂයයෙක්, මෝහක්ෂයයෙක් වේ නම් මහණෙනි, මෙය අසඞ්ඛත යි කියනු ලැබේ. මහණෙනි, අසඞ්ඛත මඟ කවරේ ද යත්: කායගතාසති යි. මහණෙනි, මේ අසඞ්ඛත මඟ යි කියනු ලැබේ.

ඉති ඛො භික්ඛවෙ දෙසිතං වො මයා අසඞ්ඛතං දෙසිතො අසඞ්ඛතගාමී මග්ගො. යං භික්ඛවෙ සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා එතානි භික්ඛවෙ රුක්ඛමූලානි එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං ඛො අම්හාකං අනුසාසනී.

මහණෙනි, මෙසේ තොපට මා විසින් අසඞ්ඛතය දෙසන ලදි. අසඞ්ඛත මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන්ට හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම්, එය මවිසින් තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල්, ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසුව නහමක් විපිළිසර වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.