ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 8. ගාමණී සංයුක්තය » 8. ගාමණි වර්ගය

8.1.2. තාලපුටසුත්තං

8.1.2. තාලපුට සූත්‍රය

416. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. අථ ඛො තාලපුටො1 නටගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්‍වා භගවන්තං අභිවාදෙත්‍වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො තාලපුටො නටගාමණි භගවන්තං එතදවොච: සුතං මෙතං භන්තෙ පුබ්බකානං ආචරියපාචරියානං නටානං භාසමානානං යො සො නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස්ස භෙදා පරම්මරණා පහාසානං දෙවානං සහව්‍යතං උපපජ්ජතීති. ඉධ භගවා කිමාහාති.

416. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි තාලපුට නම් නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්ස්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, යම් ඒ නළුවෙක් රඟ මැද, නැටුම් මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයා සතුටු කරවා ද, ඇලුම් කරවා ද, හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’යි. මෙය මා විසින් පෙර විසූ ඇජර පැජර නළුවන් කියද්දී අසන ලදී. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සෙක් දැ?” යි.

අලං ගාමණි තිට්ඨතෙතං. මා මං එතං පුච්ඡී2ති. දුතියම්පි ඛො තාලපුටො නටගාමණි භගවන්තං එතදවොච: සුතං මෙතං භන්තෙ, පුබ්බකානං ආචරියපාචරියානං නටානං භාසමානානං යො සො නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස්ස භෙදා පරම්මරණා පහාසානං දෙවානං සහව්යතං උපපජ්ජතීති. ඉධ භගවා කිමාහාති. අලං ගාමණි තිට්ඨතෙතං. මා මං එතං පුච්ඡීති. තතියම්පි ඛො තාලපුටො නටගාමණි භගවන්තං එතදවොච: සුතං මෙතං භන්තෙ, පුබ්බකානං ආචරියපාචරියානං නටානං භාසමානානං යො සො නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස්ස භෙදා පරම්මරණා පහාසානං දෙවානං සහව්යතං උපපජ්ජතීති. ඉධ භගවා කිමාහාති.

“ගාමිණී, කම් නැත. මෙය තිබේ වා. මෙය නහමක් මා පුළුවුස්ව” යි. දෙවන වටදු තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, යම් ඒ නළුවෙක් රඟ මැද, නැටුම් මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයා සතුටු කරවා ද, ඇලුම් කරවා ද, හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’යි. මෙය මා විසින් පෙර විසූ ඇජර පැජර නළුවන් කියද්දී අසන ලදි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සෙක් දැ?” යි. “ගාමිණී, කම් නැත මෙය තිබේ වා. මෙය නහමක් මා පුළුවුස්ව” යි. තෙවන වට දු තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, යම් ඒ නළුවෙක් රඟ මැද, නැටුම් මැද, සැබෑවෙනුත් බොරුවෙනුත් ජනයා සිනා ගන්වා ද, ඇලුම් කරවා ද, හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’යි. මෙය මා විසින් පෙර විසූ ඇජර පැජර නළුවන් කියද්දී අසන ලදි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සෙක් දැ?” යි.

අද්ධා ඛො ත්‍යාහං ගාමණි න ලභාමි1 “අලං ගාමණි තිට්ඨතෙතං මා මං එතං පුච්ඡී”ති. අපිච ත්‍යාහං ව්‍යාකරිස්සාමි. පුබ්බෙ ඛො ගාමණි, සත්තා අවීතරාගා රාගබන්‍ධනබද්ධා,2 තෙසං නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ යෙ ධම්මා රජනීයා තෙ උපසංහරති භිය්‍යො සරාගාය3. පුබ්බෙ ඛො ගාමණි සත්තා අවීතදොසා දොසබන්‍ධනබද්ධා. තෙසං නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ යෙ ධම්මා දොසනීයා තෙ උපසංහරති භිය්‍යො සදොසාය3. පුබ්බෙ ඛො ගාමණි, සත්තා අවීතමොහා මොහබන්‍ධනබද්ධා. තෙසං නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ යෙ ධම්මා මොහනීයා තෙ උපසංහරති භීය්‍යො සමොහාය3. සො අත්තනා මත්තො පමත්තො පරෙ මදෙත්‍වා පමාදෙත්‍වා කායස්ස භෙදා පරම්මරණා පහාසො නාම නිරයො තත්‍ථුප්පජ්ජති4.

ගාමණී මම "ගාමණී, කම් නැත, මෙය තිබේවා. මෙය නහමක් මා පුළුවුස් ව” යි තොපගෙන් ඒකාන්තයෙන් නො ලබමි. යලිදු තොපට මම විසඳන්නෙමි. ගාමිණී, පෙර සත්ත්වයෝ නො පහ වූ රාග ඇතියහ. රාග බැඳුමෙන් බැඳුණාහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු ඇලුම් කටයුත්තාහු නම්, ඔවුන් බෙහෙවින් රාග සහිත වීම පිණිස එළවා දක්ව යි. ගාමිණී, පෙර සත්ත්වයෝ නො පහ වූ දෝස ඇතියහ. දෝස බැඳුමින් බැඳුණහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු දෝසයට කරුණු වෙති නම් ඔවුන් බෙහෙවින් දෝස සහිත වීම පිණිස එලවා දක්වයි. ගාමිණී, පෙර සත්ත්වයෝ නො පහ වූ මෝහ ඇතියහ. මෝහ බැඳමෙන් බැඳුණහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු මෝහයට කරුණු වෙත් නම් ඔවුන් බෙහෙවින් මෝහ සහිත වීම පිණිස එලවා දක්වයි.

සචෙ ඛො පනස්ස එවං දිට්ඨි හොති “යො සො නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස්ස භෙදා පරම්මරණා පහාසානං දෙවානං සහව්යතං උපපජ්ජතී”ති, සාස්ස හොති මිච්ඡාදිට්ඨි. මිච්ඡා දිට්ඨිකස්ස ඛො පනාහං ගාමණි පුරිසපුග්ගලස්ස ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි නිරයං වා තිරච්ඡානයොනිං වාති.

හේ තෙමේ මත් වූයේ පමා වූයේ මෙරමා මත් කරවා පමා කරවා කාබුන් මරණින් මතු පහාස නම් නිරයෙක් වේ නම් එහි උප දී. ඉදින් ඔහුට “යම් ඒ නළුවෙක් රඟ මැද නැටුම් මැද සැබෑවෙනුත් බොරුවෙනුත් ජනයා සිනා ගන්වා ද ඇලුම් කරවා ද හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස නම් දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය” යි මෙබඳු දිටෙක් වේ නම් ඒ ඔහුගේ මිසදිටු වේ. ගාමිණී, මිසදිටු ගත් පුරිස පුඟුල්හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා ගතියක් කියමි යි.

එවං වුත්තෙ තාලපුටො නටගාමණි පරොදි, අස්සූනි පවත්තෙසි. “එතං ඛො ත්යාහං ගාමණි නාලත්ථං, අලං ගාමණි තිට්ඨතෙතං මා මං එතං පුච්ඡී”ති.

මෙසේ වදාළ කල්හි තාලපුට නටගාමිණී තෙමේ හැඬී ය. කඳුලු හෙළී ය. ගාමිණී මම “ගාමිණී, කම් නැත මෙය තිබේවා, මෙය නහමක් මා පුළුවුස්ව” යි මෙය තොපගෙන් නො ලදිමි.

නාහං භන්තෙ එතං රොදාමි, යං මං භගවා එවමාහ, අපිචාහං භන්තෙ පුබ්බකෙහි ආචරියපාචරියෙහි නටෙහි දීඝරත්තං නිකතො වඤ්චිතො පරද්ධො5; “යො සො නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස්ස භෙදා පරම්මරණා පහාසානං දෙවානං සහව්‍යතං උප්පජ්ජතී”ති.

“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට යමක් වදාළ සේක් නම් මේ ගැන මම නො හඬමි. වහන්ස, වැලිදු ‘යම් ඒ නළුවෙක් රඟ මැද නැටුම් මැද සැබෑවෙනුත් බොරුවෙනුත් ජනයා සිනා ගන්වා ද ඇලුම් කරවා ද හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි පෙර විසූ ඇජර පැජර නළුවන් විසින් මම දිගුකලක් මුළුල්ලෙහි මුළා කරන ලද්දෙමි. රවටන ලද්දෙමි. වරද්දන ලද්දෙමි.

අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භන්තෙ භගවතො සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්යං උපසම්පදන්ති. අලත්ථ ඛො තාලපුටො නටගාමණි භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථුපසම්පදං. අචිරූපසම්පන්නො ච පනායස්මා තාලපුටො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො –පෙ– අඤ්ඤතරො ච පනායස්මා තාලපුටො අරහතං අහොසීති.

වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. වහන්ස යම් සේ යටිකුරු වූවක් හෝ උඩුකුරු කරන්නේ ද, වැසුණු දෙයක් හෝ වැසුම් හරින්නේ ද, මංමුළා වූවකුට හෝ මඟ කියා දෙන්නේ ද, ඇස් ඇත්තෝ රූ දකින්නාහ යි අඳුරෙහි හෝ තෙල් පහනක් දරන්නේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් නයින් දහම් පවසන ලදි. වහන්ස, මේ මම භාග්‍යවතුන් වහන්සේත්, දහමත්, බික් සඟනත් සරණ යෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ලඟ පැවිද්ද ලබන්නෙමි. උපසපුව ලබන්නෙමි යි. තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ ලඟ පැවිද්ද ලදි. උපසපුව ලදි. උපසපන් වූ නොබෝ කල් ඇති ආයුෂ්මත් තාලපුට තෙරණුවෝ එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නාහු ... ආයුෂ්මත් තාලපුට තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ යි.