ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 1. සළායතන සංයුක්තය » 16. නන්‌දික්‌ඛය වර්ගය

1.16.11. සක්කායදිට්ඨිප්පහානසුත්තං

1.16.11. සක්‌කායදිට්‌ඨිප්පහාන සූත්‍රය

166. සාවත්‍ථියං–

166. සැවැත්නුවර–

එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: කථන්නු ඛො භන්තෙ ජානතො කථං පස්සතො සක්කායදිට්ඨි පහීයතීති?

එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ දැ? යි.

චක්ඛුං ඛො භික්ඛු දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. රූපෙ දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. චක්ඛුවිඤ්ඤාණං දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. චක්ඛුසම්ඵස්සං දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති.

මහණ, ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වෙදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ.

සොතං –පෙ– ඝානං –පෙ– ජිව්හං –පෙ– කායං –පෙ– මනං දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. ධම්මෙ දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. මනොවිඤ්ඤාණං දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. මනොසම්ඵස්සං දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. එවං ඛො භික්ඛු ජානතො එවං පස්සතො සක්කායදිට්ඨි පහීයති.

කන ... නැහැය ... දිව ... කය ... සිත දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. දහම් දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. මනෝවිඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. මනෝසම්ඵස්සය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. මහණ, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ යි.