ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 1. සළායතන සංයුක්තය » 13. ගහපති වර්ගය

1.13.5. සොණසුත්තං

1.13.5. සොණ සූත්‍රය

128. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො සොණො ගහපතිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි –පෙ– එකමන්තං නිසින්නො ඛො සොණො ගහපතිපුත්තො භගවන්තං එතදවොච: “කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ නො පරිනිබ්බායන්ති? කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තී”ති.

128. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සොණ ගැහැවිපුත් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස්ව හුන් ගැහැවිපුත් භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, යම් හෙයෙකින් ඇතැම් සත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම්, එයට හෙතු කිම? ප්‍රත්‍යය කිම? වහන්ස, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට හේතු කිමැ යි.

සන්ති ඛො සොණ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති, තදුපාදානං. සඋපාදානො සොණ, භික්ඛු නො පරිනිබ්බායති.

සෝණ, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, එය පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වේ. සොණ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි.

සන්ති ඛො සොණ සොතවිඤ්ඤෙය්යා සද්දා –පෙ– ඝානවිඤ්ඤෙය්යා ගන්ධා –පෙ– ජිව්හාවිඤ්ඤෙය්යා රසා –පෙ– කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා –පෙ– සන්ති ඛො සොණ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති, තදුපාදානං. සඋපාදානො සොණ භික්ඛු නො පරිනිබ්බායති. අයං ඛො පන සොණ හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායන්තීති.

සෝණ, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... සෝණ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද එය පතන, ගුණ කියන, ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කෙළේ එය උපාදාන කොට ඇත්තේ වේ. සෝණ, උපාදාන සහිත මහණ නො පිරිනිවෙයි. සොණ, යම් හෙයෙකින් මෙහි ඇතැම් සත්ව කෙනෙක් දිටුදැමියෙහි ම නො පිරිනිවෙත් නම් එයට මේ හෙතු යි, මේ ප්‍රත්‍යය යි.

සන්ති ඛො සොණ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො න තන්නිස්සිතං විඤ්ඤාණං හොති, න තදුපාදානං. අනුපාදානො සොණ, භික්ඛු පරිනිබ්බායති.

සෝණ, ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, එය නො පතන, ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ එය උපාදාන කොට නැත්තේ වෙයි. සෝණ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි.

සන්ති ඛො සොණ සොතවිඤ්ඤෙය්යා සද්දා –පෙ– ඝානවිඤ්ඤෙය්යා ගන්ධා –පෙ– ජිව්හාවිඤ්ඤෙය්යා රසා –පෙ– කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා –පෙ– සන්ති ඛො සොණ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො තන්නිස්සිතං විඤ්ඤාණං හොති, න තදුපාදානං. අනුපාදානො සොණ භික්ඛු පරිනිබ්බායති. අයං ඛො සොණ හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චෙ සත්තා පරිනිබ්බායන්තීති.

සෝණ, කනින් දතයුතු සද ඇත ... නැහැයෙන් දතයුතු ගඳ ... දිවෙන් දතයුතු රස ... කයින් දතයුතු පහස් ... සෝණ, ඉටු කැමති මනවඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද එය නො පතන ගුණ නො කියන ගැලී නො සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නො කෙළේ, එය උපාදාන කොට නැත්තේ වේ. සෝණ, උපාදාන රහිත මහණ පිරිනිවෙයි. සෝණ, යම් හේතුවකින් මෙහි ඇතැම් සත්ව කෙනෙක් දිටුදැමියෙහි ම පිරිනිවෙත් නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.