ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 2. භික්ඛු වර්ගය

2.2.4 මහාමාලුඞ්ක්‍යසුත්තං

2.2.4 මහාමාලුඞ්ක්‍ය සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච: ධාරෙථ නො තුම්හෙ භික්ඛවෙ, මයා දෙසිතානි පඤ්චොරම්භාගියානි සංයොජනානීති.

මා විසින් මෙසේ අසන ලද. එක් කලෙක බුදුහු සැවැත්නුවර නිසා ජෙතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී බුදුහු ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු මෙසේ වදාළහ: “මහණෙනි, තෙපි මා විසින් දෙසූ ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ධරවු දැ?”යි.

එවං වුත්තෙ ආයස්මා මාලුඞ්ක්යපුත්තො භගවන්තං එතදවොච: ‘අහං ඛො භන්තෙ ධාරෙමි භගවතා දෙසිතානි පඤ්චොරම්භාගියානි සංයොජනානී’ති. යථා කථං පන ත්වං මාලුඞ්ක්යපුත්ත, ධාරෙසි මයා දෙසිතානි පඤ්චොරම්භාගියානි සංයොජනානී’ති. සක්කායදිට්ඨිං ඛො අහං භන්තෙ, භගවතා ඔරම්භාගියං සංයොජනං දෙසිතං ධාරෙමි. විචිකිච්ඡං ඛො අහං භන්තෙ, භගවතා ඔරම්භාගියං සංයොජනං දෙසිතං ධාරෙමි. සීලබ්බතපරාමාසං ඛො අහං භන්තෙ, භගවතා ඔරම්භාගියං සංයොජනං දෙසිතං ධාරෙමි, කාමච්ඡන්දං ඛො අහං භන්තෙ, භගවතා ඔරම්භාගියං සංයොජනං දෙසිතං ධාරෙමි, බ්යාපාදං ඛො අහං භන්තෙ, භගවතා ඔරම්භාගියං සංයොජනං දෙසිතං ධාරෙමි. එවං ඛො අහං භන්තෙ, ධාරෙමි භගවතා දෙසිතානි පඤ්චොරම්භාගියානි සංයොජනානීති.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, මම භාග්‍යවතුන් වදාළ ප‍ඤ්චොරම්භාගිය සංයොජන දරමි”යි. “මාලුඞ්ක්‍යපුත්‍රය, කිසෙයින් තෙපි මා කී ප‍ඤ්චොරම්භාගිය සංයෝජන ධරවු දැ?”යි. “වහන්ස, මම ‘සක්කායදිට්ඨිය’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස මම ‘විචිකිච්ඡාව’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම ‘සීලබ්බතපරාමාස’ය බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම ‘කාමච්ඡන්දය’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම ‘ව්‍යාපාදය’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම මෙසෙයින් බුදුන් වදාළ ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් දරමි’යි කීහ.

කස්ස ඛො නාම ත්වං මාලුඞ්ක්යපුත්ත, මයා එවං පඤ්චොරම්භාගියානි සංයොජනානි දෙසිතානි ධාරෙසි. නනු මාලුඞ්ක්යපුත්ත, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ඉමිනා තරුණූපමෙන උපාරම්භෙන උපාරම්භිස්සන්ති. දහරස්ස හි මාලුඞ්ක්යපුත්ත, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස සක්කායොතිපි න හොති. කුතො පනස්ස උප්පජ්ජිස්සති සක්කායදිට්ඨි. අනුසෙතිත්වෙවස්ස සක්කායදිට්ඨානුසයො.

මාලුඞ්ක්‍යපුත්‍රය, තෙපි මා විසින් මෙසේ ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් කවරක්හට දෙසනලදැ’යි ධරවු ද? මාලුඞ්ක්‍යපුත්‍රය, අන්තොටු පිරිවැජියෝ මේ තරුණොපමා උපාරම්භ (නින්‍දාපූර්‍වකදොෂාරොපණ) යෙන් උපාරම්භ කරන්නාහු නො වෙත් ද? “මාලුඞ්ක්‍යපුත්‍රය, උඩුහුරු වැ හෝනා වූ මුග්ධ වූ ළදරු කුමරුහට ‘සක්කාය’ යයි ද දැනුමෙක් නො වෙයි. ඕහට වැළිත් සත්කායදෘෂ්ටියෙක් කොයින් උපදනේ ද ඔහුට සත්කාය දෘෂ්ටි අනුශය වේ මැ යි.

දහරස්ස හි මාලුඞ්ක්යපුත්ත, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස ධම්මාතිපි න හොති. කුතො පනස්ස උප්පජ්ජිස්සති ධම්මෙසු විචිකිච්ඡා, අනුසෙතිත්වෙවස්ස විචිකිච්ඡානුසයො.

මාලුඞ්ක්‍යපුත්‍රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘ධර්‍මය’ යන සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් ධර්‍මයෙහි විචිකිත්සායෙක් කොයින් උපදනේ ද? ඕහට විචිකිත්සානුශය තෙමේ අනුශය වේ මැ යි.

දහරස්ස හි මාලුඞ්ක්යපුත්ත, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස සීලාතිපි න හොති. කුතො පනස්ස උප්පජ්ජිස්සති සීලෙසු සීලබ්බතපරාමාසො. අනුසෙතිත්වෙවස්ස සීලබ්බතපරාමාසානුසයො.

මාලුඞ්ක්‍යපුත්‍රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘ශීල’ යයි සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් ශීලයෙහි ශීලව්‍රතපරාමර්‍ශයෙක් කොයින් උපදනේ ද? ඕහට ශීලව්‍රතපරාමර්‍ශය තෙමේ අනුශය වේ මැ යැ.

දහරස්ස හි මාලුඞ්ක්යපුත්ත කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස කාමාතිපි න හොති. කුතො පනස්ස උප්පජ්ජිස්සති කාමෙසු කාමච්ඡන්දො, අනුසෙතිත්වෙවස්ස කාමරාගානුසයො.

මාලුඞ්ක්‍යපුත්‍රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘කාම’ යයි සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් කාමයෙහි කාමච්‍ඡන්‍දය කොයින් උපදනේ ද? ඕහට කාමරාගානුශය තෙමේ අනුශය වේ මැ යැ.

දහරස්ස හි මාලුඞ්ක්යපුත්ත, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස සත්තාතිපි න හොති, කුතො පනස්ස උප්පජ්ජිස්සති සත්තෙසු බ්යාපාදො, අනුසෙතිත්වෙවස්ස බ්යාපාදානුසයො. නනු මාලුඞ්ක්යපුත්ත, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ඉමිනා තරුණූපමෙන උපාරම්භෙන උපාරම්භිස්සන්තීති.

මාලුඞ්ක්‍යපුත්‍රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘සත්ත්‍ව’ යයි සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් සත්ත්‍වයන් කෙරෙහි ව්‍යාපාදයෙක් කොයින් උපදනේ ද? ඕහට ව්‍යාපාදානුශය තෙමේ අනුශය වේ මැ යි. මාලුඞ්ක්‍යපුත්‍රය, අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ මේ තරුණොපමඋපාරම්භයෙන් උපාරම්භ කරන්නාහු නො වෙත් දැ’යි.

එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: එතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො, යං භගවා පඤ්චොරම්භාගියානි සංයොජනානි දෙසෙය්ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති. තෙන හානන්ද සුණාහි සාධුකං මනසි කරොහි භාසිස්සාමීති. එවං භන්තෙති, ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කී හ: “භාග්‍යවතුන් වහන්ස, යම් හෙයෙකින් බුදුහු ප‍ඤ්චඕරම්භාගියසංයෝජනයන් දෙසනසේක් නම් භාග්‍යවතුන් වහන්ස, එයට කලි. සුගතයන් වහන්ස, එයට කලි. භාග්‍යවතුන්ගේ දේශනාව අසා භික්ෂූහු ධරත්” යයි. එසේ වී නම් ආනන්‍දයෙනි. අසව මොනොවට මෙනෙහි කරව, වදාරමි’යි. ‘එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු තෙල වදාළහ.

ඉධානන්ද, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, සක්කායදිට්ඨිපරියුට්ඨිතෙන චෙතසා විහරති සක්කායදිට්ඨිපරෙතෙන, උප්පන්නාය ච සක්කායදිට්ඨියා නිස්සරණං යථාභූතං නප්පජානාති. තස්ස සා සක්කායදිට්ඨි ථාමගතා අප්පටිවිනීතා ඔරම්භාගියං සංයොජනං, විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති. තස්ස සා විචිකිච්ඡා ථාමගතා අප්පටිවිනීතා ඔරම්භාගියං සඤ්ඤොජනං. සීලබ්බතපරාමාසපරියුට්ඨිතෙන චෙතසා විහරති සීලබ්බතපරාමාසපරෙතෙන, උප්පන්නස්ස ච සීලබ්බතපරාමාසස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. තස්ස සො සීලබ්බතපරාමාසො ථාමගතො අප්පටිවිනීතො ඔරම්භාගියං සංයොජනං. කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, තස්ස සො කාමරාගො ථාමගතො අප්පටිවිනීතො ඔරම්භාගියං සංයොජනං. බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති බ්යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච බ්යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, තස්ස සො බ්යාපාදො ථාමගතො අප්පටිවිනීතො ඔරම්භාගියං සංයොජනං.

ආනන්‍දයෙනි, මෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ (බුද්ධාදි) ආර්ය්‍යයන් නො දක්නේ ආර්ය්‍යධර්‍මයෙහි අදක්ෂ වූයේ ආර්ය්‍යධර්‍මයෙහි නො හික්මුණේ සත්පුරුෂයන් නො දක්නේ සත්පුරුෂධර්‍මයෙහි අදක්ෂ වූයේ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණේ සත්කායදෘෂ්ටියෙන් මඩනාලද සත්කායදෘෂ්ටිය අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් සත්කාය දෘෂ්ටියගේ ද නිස්සරණය (නිවන) ඇති සැටියෙන් නො දනි. ඕහට සත්කායදෘෂ්ටිය ස්ථිර බවට ගියා නො බැහැර කළා ඕරම්භාගිය සංයෝජන වෙයි. විචිකිත්සායෙන් මඩනාලද විචිකිත්සාව අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් විචිකිත්සාවගේ ද නිස්සරණය ඇති සැටියෙන් නො දනි. ඕහට ඒ විචිකිත්සාව ස්ථිර බවට ගියා නො බැහැර කළා ඕරම්භාගියසංයෝජන වෙයි. ශීලව්‍රතපරාමර්‍ශයෙන් මඩනාලද ශීලව්‍රතපරාමර්‍ශය අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ශීලව්‍රතපරාමර්‍ශයා ගේ ද නිස්සරණය ඇති සැටියෙන් නො දනි. ඕහට ඒ ශීලව්‍රතපරාමර්‍ශය තෙමේ ස්ථිර බවට ගියේ නො බැහැර කෙළේ ඕරම්භාගියසංයෝජන වෙයි. කාමරාගයෙන් මඩනාලද කාමරාගය අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් කාමරාගයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් නො දනි. ඕහට ඒ කාමරාගය ස්ථිර බවට ගියේ නො බැහැර කෙළේ ඕරම්භාගියසංයෝජන වෙයි. ව්‍යාපාදයෙන් මඩනාලද ව්‍යාපාදය අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ව්‍යාපාදයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් නො දනි. ඕහට ඒ ව්‍යාපාදය ස්ථිර බවට ගියේ නො බැහැර කෙළේ ඕරම්භාගියසංයෝජන වේ.

සුතවා ච ඛො ආනන්ද අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො, න සක්කායදිට්ඨිපරියුට්ඨිතෙන චෙතසා විහරති න සක්කායදිට්ඨිපරෙතෙන, උප්පන්නාය ච සක්කායදිට්ඨියා නිස්සරණං යථාභූතං පජානාති, තස්ස සා සක්කායදිට්ඨි සානුසයා පහීයති1.

තවද ආනන්‍දයෙනි, ශ්‍රැතවත් වූ ආර්ය්‍යශ්‍රාවක තෙමේ (බුද්ධාදි) ආර්ය්‍යයන් දක්නේ ආර්ය්‍යධර්‍මයට නිපුණ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි මොනොවට හික්මුණේ සත්පුරුෂයන් දක්නේ සත්පුරුෂධර්‍මයට නිපුණ වූයේ සත්පුරුෂධර්‍මයෙහි මොනොවට හික්මුණේ සත්කායදෘෂ්ටියෙන් නො මඩනාලද සත්කායදෘෂ්ටි අනුගත නො වූ සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් සත්කායදෘෂ්ටියගේ ද නිස්සරණය ඇති සැටියෙන් දනියි. ඕහට ඒ සත්කායදෘෂ්ටිය අනුශය සහිත වැ ප්‍රහීණ වන්නේ යැ.

න විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති න විචිකිච්ඡාපරෙතෙන. උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං පජානාති. තස්ස සා විචිකිච්ඡා සානුසයා පහීයති.1

විචිකිත්සායෙන් නො මඩනාලද විචිකිත්සාව අනුව නො ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් විචිකිත්සාවගේ ද නිස්සරණය ඇති සැටියෙන් දකි. ඕහට ඒ විචිකිත්සාව අනුශය සහිත වැ ප්‍රහීණ වන්නේ යැ.

න සීලබ්බතපරාමාසපරියුට්ඨිතෙන චෙතසා විහරති න සීලබ්බතපරාමාසපරෙතෙන, උප්පන්නස්ස ච සීලබ්බතපරාමාසස්ස නිස්සරණං යථාභූතං පජානාති, තස්ස සො සීලබ්බතපරාමාසො සානුසයො පහීයති.1

ශීලව්‍රතපරාමර්‍ශයෙන් නො මඩනාලද ශීලව්‍රතපරාමර්‍ශානුගත නො වූ සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ශීලව්‍රතපරාමර්‍ශයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් දනි. ඕහට ඒ ශීලව්‍රතපරාමර්‍ශය අනුශය සහිත වැ ප්‍රහීණ වන්නේ යැ.

න කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං පජානාති, තස්ස සො කාමරාගො සානුසයො පහීයති.1

කාමරාගයෙන් නො මඩනාලද, කාමරාගානුගත නො වූ සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් කාමරාගයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් දනි. ඕහට ඒ කාමරාගය අනුශය සහිත වැ ප්‍රහීණ වන්නේ යැ.

න බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති න බ්යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච බ්යාපාදස්ස නිස්සරණං යථාභූතං පජානාති, තස්ස සො බ්යාපාදො සානුසයො පහීයති.1

ව්‍යාපාදයෙන් නො මඩනාලද ව්‍යාපාදය අනුව නො ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ව්‍යාපාදයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් දනි. ඕහට ඒ ව්‍යාපාදය අනුශය සහිත වැ ප්‍රහීණ වන්නේ යැ.

යො ආනන්ද, මග්ගො යා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානාය, තං මග්ගං තං පටිපදං අනාගම්ම පඤ්චොරම්භාගියානි සඤ්ඤොජනානි ඤස්සති වා දක්ඛිති1, වා පජහිස්සති2 වාති නෙතං ඨානං විජ්ජති. සෙය්යථාපි ආනන්ද, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො තචං අච්ඡෙත්වා ඵෙග්ගුං අච්ඡෙත්වා සාරච්ඡෙදො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. එවමෙව ඛො ආනන්ද, යො මග්ගො යා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානාය තං මග්ගං තං පටිපදං අනාගම්ම පඤ්චොරම්භාගියානි සඤ්ඤොජනානි ඤස්සති වා දක්ඛිති1 වා පජහිස්සති වාති නෙතං ඨානං විජ්ජති. යො ච ඛො ආනන්ද, මග්ගො යා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය තං මග්ගං තං පටිපදං ආගම්ම පඤ්චොරම්භාගියානි සඤ්ඤොජනානි ඤස්සති වා දක්ඛිති1 වා පජහිස්සති වාති ඨානමෙතං විජ්ජති. සෙය්යථාපි ආනන්ද, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො තචං ඡෙත්වා ඵෙග්ගුං ඡෙත්වා සාරච්ඡෙදො භවිස්සතීති ඨානමෙතං විජ්ජති එවමෙව ඛො ආනන්ද, යො මග්ගො යා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානාය තං මග්ගං තං පටිපදං ආගම්ම පඤ්චොරම්භාගියානි සංයොජනානි ඤස්සති වා දක්ඛිති වා පජහිස්සති වාති ඨානමෙතං විජ්ජති.

ආනන්‍දය, ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට යම් මාර්‍ගයෙක් ඇද්ද, යම් ප්‍රතිපදාවක් ඇද්ද, ඒ මාර්‍ගයට ඒ ප්‍රතිපදාවට නො පැමිණ ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් දන්නේ යැ හෝ දක්නේ යැ හෝ දුරැලන්නේ යැ හෝ යන තෙල කරුණ නො පැනේ. ආනන්‍දය, යම්සේ ස්ථිර වැ සිටුනා, හර ඇති මහත් රුකක්හුගේ සිවි නො සිඳ ඵලය නො සිඳ හර සිඳුමෙක් වන්නේ යැ යන මෙ කරුණ නො වන්නේ ද, එසෙයින් මැ ආනන්‍දය ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට යම් මඟෙක් යම් පිළිවෙතෙක් වේ ද, එමඟට එ පිළිවෙතට නො පැමිණ ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් දන්නේ යැ හෝ දක්නේ යැ හෝ දුරැලන්නේය යැ හෝ යන තෙල කරුණ නො වෙයි. තවද ආනන්‍දය, ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට යම් මඟෙක් ඇද්ද යම් පිළිවෙතෙක් ඇද්ද, එමඟට එ පිළිවෙතට පැමිණ ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් දන්නේ යැ හෝ දක්නේ යැ හෝ දුරැලන්නේ යැ හෝ යන තෙල කරුණ පැනෙයි. ආනන්‍දය, යම්සේ ස්ථිර වැ සිටුනා හර ඇති මහත් රුකෙකැ සිවි සිඳ ඵලය සිඳ හර සිඳීම වන්නේ යැ යන තෙල කරුණ පැනේ ද, එසෙයින් මැ ආනන්‍දය, ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට යම් මඟෙක් ඇද්ද, යම් පිළිවෙතෙක් ඇද්ද, එ මඟට එ පිළිවෙතට පැමිණ ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් දන්නේ යැ හෝ දක්නේ යැ හෝ දුරැලන්නේ යැ හෝ යන තෙල කරුණ පැනෙයි.

සෙය්‍යථාපි ආනන්‍ද, ගඞ්ගා නදී පූරා උදකස්ස සමතිත්තිකා කාකපෙය්‍යා, අථ දුබ්බලකො පුරිසො ආගච්ඡෙය්‍ය අහං ඉමිස්සා ගඞ්ගාය නදියා තිරියං බාහාය සොතං ඡෙත්‍වා සොත්‍ථිනා පාරං ගච්ඡාමී’ති3 සො න සක්කුණෙය්‍ය ගඞ්ගාය නදියා තිරියං බාහාය සොතං ඡෙත්‍වා සොත්‍ථිනා පාරං ගන්තුං. එවමෙව ඛො ආනන්‍ද, යස්ස කස්සචි සක්කාය නිරොධාය ධම්මෙ දෙසියමානෙ චිත්තං න පක්ඛන්‍දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති. සෙය්‍යථාපි සො දුබ්බලකො පුරිසො එවමෙතෙ දට්ඨබ්බා.

ආනන්‍දය, යම්සේ ගඞ්ගානදිය දියෙන් පිරුණී ඉවුරු සම වැ සිටියා කවුඩන් විසින් පිය හැකි වන්නී ද, එකල්හි දුර්‍වල පුරුෂයෙක් “මම් මේ ගඞ්ගානදියෙහි සරස බාහුයෙන් දිය වතුරු සිඳ සුවසේ පරතෙරට යෙමි”යි එන්නේ යැ. හේ ගඞ්ගානදියෙහි සරස බාහුයෙන් දියවතුරු සිඳ සුවසේ පරතෙරට යන්නට නො හැකි වන්නේ යැ. ආනන්‍දය, එපරිද්දෙන් මැ සත්කාය නිරෝධය පිණිස දහම් දෙසනු ලබන කල්හි යම් කිසිවක්හු ගේ සිත (එයට) නො බැස සිටී ද, නො පහදී ද, නො පිහිටාසිටී ද, නො මිදේ ද, ඒ දුර්‍වල පුරුෂයා සෙයින් තෙල මෙ බඳු පුද්ගලයෝ දැක්ක යුත්තාහ.

සෙය්‍යථාපි ආනන්‍ද, ගඞ්ගා නදී පූරා උදකස්ස සමතිත්තිකා කාකපෙය්‍යා. අථ බලවා පුරිසො ආගච්ඡෙය්‍ය අහං ඉමිස්සා ගඞ්ගාය නදියා තිරියං බාහාය සොතං ඡෙත්‍වා සොත්‍ථිනා පාරං ගච්ඡාමී’ති.3 සො සක්කුණෙය්‍ය ගඞ්ගාය නදියා තිරියං බාහාය සොතං ඡෙත්‍වා සොත්‍ථිනා පාරං ගන්තුං. එවමෙව ඛො ආනන්‍ද යස්ස කස්සචි සක්කාය නිරොධාය ධම්මෙ දෙසියමානෙ චිත්තං පක්ඛන්‍දති, පසීදති, සන්තිට්ඨති, විමුච්චති. සෙය්‍යථාපි සො බලවා පුරිසො එවමෙතෙ දට්ඨබ්බා.

ආනන්‍දය, යම්සේ ගඞ්ගානදිය දියෙන් පිරුණී ඉවුරු සම වැ සිටියා කවුඩන් විසින් පියහැකි වන්නී ද, එකල්හි බලවත් පුරුෂයෙක් “මම් මේ ගඞ්ගානදියෙහි සරස බාහුයෙන් දියවතුරු සිඳ සුවසේ පරතෙරට යෙමි”යි එන්නේ යැ, හේ ගඞ්ගානදියෙහි සරස බාහුයෙන් දියවතුරු සිඳ සුවසේ පරතෙරට යන්නට හැකි වන්නේ යැ. එසෙයින් මැ ආනන්‍දය, සත්කාය නිරෝධය පිණිස දහම් දෙසනුලබන කල්හි යම් කිසිවක්හු ගේ සිත (එහි) බැසගනී ද, පහදී ද, පිහිටාසිටී ද, මිදේ ද, ඒ බලවත් පුරුෂයා සෙයින් තෙල මෙ බඳු පුද්ගලයෝ දැක්ක යුත්තාහ.

කතමො චානන්‍ද, මග්ගො කතමා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානාය: ඉධානන්‍ද භික්ඛු උපධිවිවෙකා අකුසලානං ධම්මානං පහානා සබ්බසො කායදුට්ඨුල්ලානං පටිප්පස්සද්ධියා විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්‍ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං. තෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති. සො තෙහි ධම්මෙහි චිත්තං පටිවාපෙති.1 සො තෙහි ධම්මෙහි චිත්තං පටිවාපෙත්‍වා2 අමතාය ධාතුයා චිත්තං උපසංහරති. එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති. සො තත්‍ථට්ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං ඛයං පාපුණාති. තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්‍දියා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්‍ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. අයම්පි ඛො ආනන්‍ද, මග්ගො අයං පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානාය.

ආනන්‍දය, ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට මාර්‍ගය කවරේ ද, ප්‍රතිපදා කවර යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ උපධි සඞ්ඛ්‍යාත කාමගුණයෙන් වෙන් වීමෙන් අකුශලධර්‍ම සඞ්ඛ්‍යාත නීවරණයන් ගේ ප්‍රහාණයෙන් සර්‍වප්‍රකාරයෙන් කය පිළිබඳ අලසබව සන්හිඳීමෙන් කාමයෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ එහි ඇතුළුසමවත්හි යම් රූපගතයෙක් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් වේ ද ඒ රූපාදි ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දුඃඛ වශයෙන් රෝග වශයෙන් ගණ්ඩ වශයෙන් ශල්‍ය වශයෙන් අඝ (දුඃඛස්වභාව) වශයෙන් ආබාධ වශයෙන් පරායත්ත වශයෙන් නැසෙනපියවි ඇති වශයෙන් ශුන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් මනා කොට බලයි. හේ ඒ (තිලකුණට නඟා දක්නාලද ඇතුළුසමවත්හි වූ පඤ්චස්කන්ධ) ධර්‍මයන්ගෙන් සිත හකුළුවාලයි. (බැහැර කෙරෙයි,) හේ එ දහමින් සිත හකුළුවා “තෙල සියලු සංස්කාරයන් ගේ සන්හිදීමෙන් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය වීමෙන් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද, තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැ”යි අමෘත සඞ්ඛ්‍යාත නිර්‍වාණධාතුයෙහි සිත එළවයි. හේ එහි (ත්‍රිලක්ෂණාලම්බනවිදර්‍ශනායෙහි) සිටියේ ආස්‍රවක්ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්ෂයට නො පැමිණේ නම් එ මැ (ශමථවිදර්‍ශනා) ධර්‍මයෙහි ඡන්‍දරාගයෙන් එ මැ ධර්‍මනන්‍දියෙන් ප‍ඤ්චොරම්භාගිය ධර්‍මයන් ක්‍ෂය වීමෙන් ඒ ශුද‍ධාවාසලෝකයෙන් (උපප්‍රාප්ති වශයෙන්,) පෙරළා නො එනසුලු, එහි මැ පිරිනිවෙනසුලු ඕපපාතිකයෙක් වේ. ආනන්‍දය, ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට මෙ ද මාර්‍ගයෙක, මෙ ද ප්‍රතිපදාවකි.

පුන ච පරං ආනන්ද, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- තතියං ඣානං, චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං -පෙ- අනාවත්තිධම්මො තස්මා ලොකා. අයම්පි ඛො ආනන්ද, මග්ගො අයං පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානාය.

තවද ආනන්‍දය, මහණ විතර්‍කවිචාරයන් ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම චිත්තයාගේ එකඟ බව ඇති, විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට .... තෘතීයධ්‍යානයට ... චතුර්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ එහි ඇතුළු සමවත්හි යම් රූපගතයෙක් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් වේ ද ... ඒ ශුද්ධාවාසලෝකයෙන් උපප්‍රාප්ති වශයෙන් පෙරළා නො එනසුලු වූයේ වේ. ආනන්‍දය, ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට මෙ ද මාර්‍ගයෙක, මෙ ද ප්‍රතිපදාවකි.

පුන ච පරං ආනන්ද, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං -පෙ- අනාවත්තිධම්මො තස්මා ලොකා. අයම්පි ඛො ආනන්ද, මග්ගො අයං පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානාය.

තවද ආනන්‍දය, මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් නැසීමෙන් නානාත්වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාසය අනන්ත යැ’යි ආකාසානඤ්චායතනය උපදවා වෙසෙයි. හේ එහි යම් වෙදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාර ගතයෙක් විඥානගතයෙක් වේ ද ... ඒ ශුද්ධාවාසලෝකයෙන් පෙරළා නො එනසුලු වූයේ වෙයි. ආනන්‍දය, ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට මෙ ද මාර්‍ගයෙක මෝ ප්‍රතිපදා යි.

පුන ච පරං ආනන්ද, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො යදෙව තත්ථ හොති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති. සො තෙහි ධම්මෙහි චිත්තං පටිවාපෙති.3 සො තෙහි ධම්මෙහි චිත්තං පටිවාපෙත්වා4 අමතාය ධාතුයා චිත්තං උපසංහරති: එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසංඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති. සො තත්ථට්ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං කයං පාපුණාති. තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. අයං ඛො ආනන්ද, මග්ගො අයං පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානායාති.

තවද ආනන්‍දය, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත යැ’යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙයි ... සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවෙක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙයි. හේ එහි යම් වෙදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් වේ ද ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දුඃඛ වශයෙන් රෝග වශයෙන් ගණ්ඩ වශයෙන් ශල්‍ය වශයෙන් අඝ වශයෙන් ආබාධ වශයෙන් පරායත්ත වශයෙන් නැසෙනසුලු වශයෙන් ශුන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් විදර්‍ශනාඥානයෙන් බලයි. හේ ඒ ධර්‍මයන්ගෙන් සිත හකුළුවාගනියි. හේ ඒ ධර්‍මයන්ගෙන් සිත හකුළුවාගෙන තෙල සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්ෂය වීමෙක් විරාගයෙක් නිරොධයෙක් නිර්‍වාණයෙක් වේ ද ‘තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැ’යි නිර්‍වාණධාතුයෙහි සිත එළවයි, හේ එහි සිටියේ ආස්‍රවක්ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්ෂයට නො පැමිණේ නම් එ මැ ධර්‍මරාගයෙන් එ මැ ධර්‍මනන්‍දියෙන් ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ක්ෂය වීමෙන් ඔපපාතික වූයේ එහි පිරිනිවෙනසුලු වූයේ ඒ ශුද‍ධාවාස ලොකයෙන් (උපප්‍රාප්ති විසින්) පෙරළා නො එන සුලු වූයේ වෙයි. ආනන්‍දය, ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට මෙ ද මාර්‍ගයෙක, මෝ ප්‍රතිපදා යි.

එසො චෙ භන්තෙ, මග්ගො එසා පටිපදා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පහානාය අථ කිඤ්චරහි ඉධෙකච්චෙ භික්ඛූ චෙතොවිමුත්තිනො එකච්චෙ භික්ඛූ පඤ්ඤාවිමුත්තිනොති. එත්ථ ඛො තෙසාහං1 ආනන්ද, ඉන්ද්රියවෙමත්තතං වදාමීති.

වහන්ස, ඉදින් ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට තෙල මාර්‍ග වී නම් තෙල ප්‍රතිපත් වී නම් එකල්හි කුමක් හෙයින් මෙසස්නෙහි ඇතැම් මහණ කෙනෙක් චෙතෝවිමුක්ති ඇත්තාහු ඇතැම් මහණ කෙනෙක් ප්‍රඥාවිමුක්ති ඇත්තාහු වෙත් දැ?යි. ආනන්‍දය, මම මෙහි ලා ඔවුන්ගේ ඉන්ද්‍රියයන් පිළිබඳ වෙනස් බව කියමි’යි.

ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ’යි.

මහාමාලුක්යසුත්තං චතුත්ථං.

සතර වැනි මහාමාලුඞ්ක්‍යසුත්‍රයි.