66. රාජගහෙ –
66. රජගහනුවර –
සත්තො සත්තොති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, සත්තො වා අස්ස සත්තපඤ්ඤත්ති වාති?
“වහන්ස, ‘සත්ත්ව’ යැ ‘සත්ත්ව’ යැ යි කියනු ලැබෙයි. වහන්ස, කිපමණෙකින් ‘සත්ත්ව’ හෝ ‘සත්ත්වප්‍රඥප්ති’ හෝ වන්නේ දැ” යි.
යත්ථ ඛො සමිද්ධි අත්ථි චක්ඛු, අත්ථි රූපා, අත්ථි චක්ඛුවිඤ්ඤාණං, අත්ථි චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ සත්තො වා සත්තපඤ්ඤත්ති වා. –පෙ– අත්ථි ජිව්හා, අත්ථි රසා, අත්ථි ජිව්හාවිඤ්ඤාණං, අත්ථි ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ සත්තො වා සත්තපඤ්ඤත්ති වා. –පෙ– අත්ථි මනො, අත්ථි ධම්මා, අත්ථි මනොවිඤ්ඤාණං, අත්ථි මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, අත්ථි තත්ථ සත්තො වා සත්තපඤ්ඤත්ති වා.
සමිද්ධිය, යම් තැනෙක, චක්ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්ෂුර්විඥාන ඇද්ද, චක්ෂුර්විඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි සත්ව හෝ සත්ත්වප්‍රඥප්ති ඇත ... ජිහ්වා ඇද්ද, රසයෝ ඇද්ද, ජිහ්වාවිඥානය ඇද්ද, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි සත්ත්ව හෝ සත්ත්වප්‍රඥප්ති ඇත ... මනස ඇද්ද, ධර්මයෝ ඇද්ද, මනෝවිඥාන ඇද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි සත්ත්ව හෝ සත්ත්වප්‍රඥප්ති ඇති.
යත්ථ ච ඛො සමිද්ධි නත්ථි චක්ඛු, නත්ථි රූපා, නත්ථි චක්ඛුවිඤ්ඤාණං, නත්ථි චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ සත්තො වා සත්තපඤ්ඤත්ති වා. –පෙ– නත්ථි ජිව්හා, නත්ථි රසා, නත්ථි ජිව්හාවිඤ්ඤාණං, නත්ථි ජිව්හාවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ සත්තො වා සත්තපඤ්ඤත්ති වා. –පෙ– නත්ථි මනො, නත්ථි ධම්මා, නත්ථි මනොවිඤ්ඤාණං, නත්ථි මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බා ධම්මා, නත්ථි තත්ථ සත්තො වා සත්තපඤ්ඤත්ති වාති.
තවද සමිද්ධිය, යම් තැනෙක චක්ෂුස නැද්ද, රූපයෝ නැද්ද, චක්ෂුර්විඥාන නැද්ද, චක්ෂුර්විඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි සත්ත්ව හෝ සත්වප්‍රඥප්ති නැත ... ජිහ්වා නැද්ද, රසයෝ නැද්ද, ජිහ්වාවිඥාන නැද්ද, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි සත්ත්ව හෝ සත්ත්වප්‍රඥප්ති නැත ... මනස නැද්ද, ධර්මයෝ නැද්ද, මනෝවිඥාන නැද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි සත්ත්ව හෝ සත්ත්වප්‍රඥප්ති නැතැ’යි.