ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 1. ගහපති වර්ගය

2.1.6 උපාලි සුත්තං

2.1.6 උපාලි සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා නාලන්දායං විහරති පාවාරිකම්බවනෙ. තෙන ඛො පන සමයෙන නිගණ්ඨො1 නාතපුත්තො නාලන්දායං පටිවසති මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං. අථ ඛො දීඝතපස්සී නිගණ්ඨො නාලන්දායං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන පාවාරිකම්බවනං, යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො දීඝතපස්සිං නිගණ්ඨං භගවා එතදවොච: සංවිජ්ජන්තෙ2 ඛො තපස්සි ආසනානි, සචෙ ආකඞ්ඛසි නිසීදාති. එවං වුත්තෙ දීඝතපස්සී නිගණ්ඨො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො දීඝතපස්සිං නිගණ්ඨං භගවා එතදවොච:

මා විසින් මෙසේ අසන ලද. එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දායෙහි පාවාරික නම් සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි නිගණ්ඨනාතපුත්‍ර මහත් නුවට පිරිස් සමග නාලන්දායෙහි වෙසෙයි. එකල දීර්ඝතපස්වී නුවට නාලන්දායෙහි පිඬු පිණිස හැසිර සවස්වේලෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ පාවාරික අඹ වෙනෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යි. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු කථා කොට නිමවා එක් පසෙක සිටියේ යැ. එක් පසෙක හුන් දීර්ඝතපස්වී නුවටුහට තෙල වදාළහ. ‘තපස්විය, අසුන් ඇත. ඉදින් රිසියෙහි නම් හිඳුව’යි. මෙසේ වදාළ කල්හි දීර්ඝතපස්වී නුවට එක්තරා මිටි අස්නක් ගෙන එක් පසෙක හින. එක් පසෙක හුන් දීර්ඝතපස්වී නුවටුහට බුදුහු තෙල වදාළහ.

කති පන තපස්සි නිගණ්ඨො1 නාතපුත්තො3 කම්මානි පඤ්ඤාපෙති4 පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියාති. න ඛො ආවුසො ගොතම, ආචිණ්ණං නිගණ්ඨස්ස නාතපුත්තස්ස කම්මං කම්මන්ති පඤ්ඤාපෙතුං. දණ්ඩං දණ්ඩන්ති ඛො ආවුසො ගොතම, ආචිණ්ණං නිගණ්ඨස්ස නාතපුත්තස්ස පඤ්ඤාපෙතුන්ති. කති පන තපස්සි නිගණ්ඨො නාතපුත්තො දණ්ඩානි පඤ්ඤාපෙති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියාති. තීණි ඛො ආවුසො ගොතම, නිගණ්ඨො නාතපුත්තො දණ්ඩානි පඤ්ඤාපෙති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා සෙය්‍යථිදං: කායදණ්ඩං වචීදණ්ඩං මනොදණ්ඩන්ති. කිම්පන තපස්සි අඤ්ඤදෙව කායදණ්ඩං අඤ්ඤං වචීදණ්ඩං අඤ්ඤං මනොදණ්ඩන්ති. අඤ්ඤදෙව ආවුසො ගොතම, කායදණ්ඩං අඤ්ඤං වචීදණ්ඩං අඤ්ඤං මනොදණ්ඩන්ති.

තපස්විය, නිගණ්ඨනාථපුත්‍ර පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් කර්‍ම පනවා ද? යි. ඇවැත්නි ගෞතමයෙනි, නිගණ්ඨනාථපුත්‍රහට ‘කර්‍ම යැ කර්‍ම යැ’යි දක්වනු අනාචිර්‍ණ යැ. ඇවැත්නි, ගෞතමයෙනි, නිගණ්ඨනාථපුත්‍රහට ‘දණ්ඩ යැ දණ්ඩ යැ’යි දක්වනු ආචිර්‍ණ යැ යි. තපස්විය, නිගණ්ඨනාථපුත්‍ර පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් දණ්ඩ දක්වා දැ? යි. ඇවැත්නි, ගෞතමයෙනි, නිගණ්ඨනාතපුත්‍ර පව්කම් කිරීමට පව්කම් පැවැත්මට තුන් දණ්ඩයක් දක්වයි. ඒ මෙසේ යැ: කායදණ්ඩ යැ වාග්දණ්ඩ යැ මනෝදණ්ඩ යි. කිමෙක තපස්විය, කායදණ්ඩය අනෙකෙකැ වාග්දණ්ඩය අනෙකෙකැ මනෝදණ්ඩය අනෙකෙකැ’යි. ඇවැත්නි, ගෞතමයෙනි, කායදණ්ඩ අනෙකෙකැ වාග්දණ්ඩ අනෙකෙකැ මනෝදණ්ඩ අනෙකෙකැ’යි.

ඉමෙසං පන තපස්සි තිණ්ණං දණ්ඩානං එවං පටිවිභත්තානං එවං පටිවිසිට්ඨානං කතමං දණ්ඩං නිගණ්ඨො නාතපුත්තො මහාසාවජ්ජතරං පඤ්ඤාපෙති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා යදි වා කායදණ්ඩං යදි වා වචීදණ්ඩං යදි වා මනොදණ්ඩන්ති. ඉමෙසං ඛො ආවුසො ගොතම, තිණ්ණං දණ්ඩානං එවං පටිවිභත්තානං එවං පටිවිසිට්ඨානං කායදණ්ඩං නිගණ්ඨො නාතපුත්තො මහාසාවජ්ජතරං පඤ්ඤාපෙති පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නො තථා වචීදණ්ඩං නො තථා මනොදණ්ඩන්ති. කායදණ්ඩන්ති තපස්සි වදෙසි. කායදණ්ඩන්ති ආවුසො ගොතම වදාමි. කායදණ්ඩන්ති තපස්සි වදෙසි. කායදණ්ඩන්ති ආවුසො ගොතම වදාමි. කායදණ්ඩන්ති තපස්සි වදෙසි. කායදණ්ඩන්ති ආවුසො ගොතම වදාමීති. ඉතිහ භගවා දීඝතපස්සිං නිගණ්ඨං ඉමස්මිං කථාවත්ථුස්මිං යාවතතියකං පතිට්ඨාපෙසි.

තවද තපස්විය, මෙසේ බෙදනලද මෙසේ වෙසෙසන ලද තුන් දණ්ඩයන් අතුරෙන් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට නිගණ්ඨනාථපුත්‍ර කවර දණ්ඩයක් මහාසාවද්‍යතර කොට පනවා ද? කායදණ්ඩ හෝ යැ වචීදණ්ඩ හෝ යැ මනෝදණ්ඩ හෝ යැ’යි. ඇවැත්නි, ගෞතමයෙනි, මෙසේ බෙදන ලද මෙසේ වෙසෙසන ලද තුන් දණ්ඩයන් අතුරෙන් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට නිගණ්ඨනාථපුත්‍ර කායදණ්ඩය මහාසාවද්‍යතර කොට පනවයි. වචීදණ්ඩය එසේ නො වෙයි. මනෝදණ්ඩය එසේ නො වේ යයි. තපස්විය, කායදණ්ඩය යි කියෙහි ද? ඇවැත්නි ගෞතමයෙනි, කායදණ්ඩ යයි කියමි. තපස්විය, කායදණ්ඩ යයි කියෙහි ද? ඇවැත්නි ගෞතමයෙනි, කායදණ්ඩ යයි කියමි. තපස්විය, කායදණ්ඩය යි කියෙහි ද? ඇවැත්නි ගෞතමයෙනි, කායදණ්ඩ යයි කියමි. මෙසේ භාග්‍යවත්හු දීර්‍ඝතපස්වි නුවටු මේ කථාවස්තුයෙහි තුන් වර දක්වා පිහිටි වූහ.

එවං වුත්තෙ දීඝතපස්සී නිගණ්ඨො භගවන්තං එතදවොච: ත්වං පනාවුසො ගොතම, කති දණ්ඩානි පඤ්ඤාපෙසි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියාති. න ඛො තපස්සි ආචිණ්ණං තථාගතස්ස දණ්ඩං දණ්ඩන්ති පඤ්ඤාපෙතුං, කම්මං කම්මන්ති ඛො තපස්සි ආචිණ්ණං තථාගතස්ස පඤ්ඤාපෙතුන්ති. ත්වං පනාවුසො ගොතම, කති කම්මානි පඤ්ඤාපෙසි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියාති. තීණි ඛො අහං තපස්සි, කම්මානි පඤ්ඤාපෙමි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. සෙය්යථිදං: කායකම්මං, වචීකම්මං, මනොකම්මන්ති. කිං පනාවුසො ගොතම, අඤ්ඤදෙව කායකම්මං, අඤ්ඤං වචීකම්මං, අඤ්ඤං මනොකම්මන්ති. අඤ්ඤදෙව තපස්සි කායකම්මං, අඤ්ඤං වචීකම්මං, අඤ්ඤං මනොකම්මන්ති.

මෙසේ වදාළ කලිහි දීර්‍ඝතපස්වි නිගණ්ඨ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ඇවැත්නි, ගෞතමයෙනි, තෙපි වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් දණ්ඩයන් පනවවු දැ? යි. තපස්විය, තථාගතයනට දණ්ඩ යැ දණ්ඩ යැ යි දක්වනු අනාචීර්‍ණ යැ. තපස්විය, තථාගතයනට කර්‍මය යැ කර්‍මය යැ යි දක්වනු ආචීර්‍ණ යැ. ඇවැත්නි, ගෞතමයෙනි, තෙපි වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් කර්‍මයන් දක්වවු දැ? යි. තපස්විය, මම පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කර්‍ම තුනක් දක්වමි. ඒ මෙසේ යැ: කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යි. ඇවැත්නි, ගෞතමයෙනි, කායකර්‍ම අනෙකෙක් ද? වාක්කර්‍ම අනෙනෙක් ද? මනඃකර්‍ම අනෙකෙකැ’යි.

ඉමෙසං පනාවුසො ගොතම, තිණ්ණං කම්මානං එවං පටිවිභත්තානං එවං පටිවිසිට්ඨානං කතමං කම්මං මහාසාවජ්ජතරං පඤ්ඤාපෙසි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා, යදි වා කායකම්මං, යදි වා වචීකම්මං, යදි වා මනොකම්මන්ති. ඉමෙසං ඛො අහං තපස්සි, තිණ්ණං කම්මානං එවං පටිවිභත්තානං එවං පටිවිසිට්ඨානං මනොකම්මං මහාසාවජ්ජතරං පඤ්ඤාපෙමි පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නො තථා කායකම්මං, නො තථා වචීකම්මන්ති මනොකම්මන්ති ආවුසො ගොතම, වදෙසි. මනොකම්මන්ති තපස්සි, වදාමි. මනොකම්මන්ති ආවුසො ගොතම, වදෙසි. මනොකම්මන්ති තපස්සි, වදාමි. මනොකම්මන්ති ආවුසො ගොතම, වදෙසි. මනොකම්මන්ති තපස්සි, වදාමීති. ඉතිහ දීඝතපස්සී නිගණ්ඨො භගවන්තං ඉමස්මිං කථාවත්ථුස්මිං යාවතතියකං පතිට්ඨපෙත්වා උට්ඨායාසනා යෙන නිගණ්ඨො නාතපුත්තො තෙනුපසඞ්කමි.

තවද ඇවැත්නි, ගෞතමයෙනි, මෙසේ බෙදනලද මෙසේ වෙසෙසනලද මේ තුන් කර්‍මයන් කෙරෙහි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කවර කර්‍මයක් මහාසාවද්‍යතර කොට පනවවු ද? කායකර්‍ම හෝ යැ වාක්කර්‍ම හෝ යැ මනඃකර්‍ම හෝ යැ යි. තපස්විය, මම මෙසේ බෙදනලද මෙසේ වෙසෙසන ලද තුන් කර්‍මයන් කෙරෙහි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට මනඃකර්‍ම මහාසාවද්‍යතර යයි දක්වමි. කායකර්‍ම එසේ නො වෙයි. වාක්කර්‍ම එසේ නො වෙයි. ඇවැත්නි, ගෞතමයෙනි, මනඃකර්‍මය යි කියවුද? තපස්විය, මනඃකර්‍ම යයි කියමි. ඇවැත්නි, ගෞතමයෙනි, මනඃකර්‍මය යි කියවුද? තපස්විය, මනඃකර්‍ම යයි කියමි. ඇවැත්නි, ගෞතමයෙනි, මනඃකර්‍මය යි කියවුද? තපස්විය, මනඃකර්‍ම යයි කියමි. මෙසේ දීර්‍ඝතපස්වී නිගණ්ඨ භාග්‍යවතුන් මේ කථාවස්තුයෙහි තුන් යළ දක්වා පිහිටුවා හුනස්නෙන් නැඟී නිගණ්ඨනාතපුත්‍රයා කරා එළැඹියේ යි.

තෙන ඛො පන සමයෙන නිගණ්ඨො නාතපුත්තො මහතියා1 ගිහිපරිසාය සද්ධිං නිසින්නො හොති බාලකිනියා උපාලි පමුඛාය. අද්දසා ඛො නිගණ්ඨො නාතපුත්තො දීඝතපස්සිං නිගණ්ඨං දූරතොව ආගච්ඡන්තං, දිස්වාන දීඝතපස්සිං නිගණ්ඨං එතදවොච: හන්ද කුතො නු ත්වං තපස්සි ආගච්ඡසි දිවා දිවස්සාති. ඉතො හි ඛො අහම්භන්තෙ, ආගච්ඡාමි සමණස්ස ගොතමස්ස සන්තිකාති. අහු පන තෙ තපස්සි, සමණෙන ගොතමෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපොති. අහු ඛො මෙ භන්තෙ, සමණෙන ගොතමෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපොති. යථා කථං පන තෙ තපස්සි, අහු සමණෙන ගොතමෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපොති. අථ ඛො දීඝතපස්සී නිගණ්ඨො යාවතකො අහොසි භගවතා සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං නිගණ්ඨස්ස නාතපුත්තස්ස ආරොචෙසි. එවං වුත්තෙ නිගණ්ඨො නාතපුත්තො දීඝතපස්සිං නිගණ්ඨං එතදවොච: සාධු සාධු තපස්සි, යථා තං සුතවතා සාවකෙන සම්මදෙව සත්ථුසාසනං ආජානන්තෙන. එවමෙවං දීඝතපස්සිනා නිගණ්ඨෙන සමණස්ස ගොතමස්ස බ්යාකතං. කිං හි සොභති ඡවො මනොදණ්ඩො ඉමස්ස එවං ඔළාරිකස්ස කායදණ්ඩස්ස උපනිධාය. අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩොති.

එසමයෙහි නිගණ්ඨනාතපුත්‍ර උපාලි ගෘහපති ප්‍රමුඛ කොට ඇති බාලකලොණකාර ගම්වැසි මහත් වූ ගිහිපිරිස් සමග හුන්නේ වෙයි. නිගණ්ඨනාතපුත්‍ර දීර්‍ඝතපස්වී නුවටු දුර දී මැ එන්නහු දිට. දැක දීර්‍ඝතපස්වී නුවටුහට තෙල කී: ‘තපස්විය, තෙපි දෙවෙන් දහවලැ කොහි සිට එවු දැ?’යි. ‘වහන්ස, මම මහණගොයුම්හු සමීපයෙහි සිට එමි’යි කී. තපස්විය, ශ්‍රමණගෞතමයන් සමග තොපගේ කිසියම් කථාසල්ලාපයෙක් වි දැ? යි. ‘වහන්ස, ශ්‍රමණ ගෞතමයන් සමග මාගේ කිසියම් කථාසල්ලාපයෙක් වී යැ’යි. තපස්විය, ශ්‍රමණගෞතමයන් සමග තොපගේ කිසි කථාසල්ලාපයෙක් කිසෙයින් වී දැ? යි. ඉක්බිති දීර්‍ඝතපස්වී නිගණ්ඨ භාග්‍යවතුන් සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, එහැම නිගණ්ඨනාතපුත්‍රහට සැල කෙළේ යැ. මෙසේ කී කල්හි නිගණ්ඨනාතපුත්‍ර දීර්‍ඝතපස්වී නුවටුහට තෙල කී: මැනැව මැනැව තපස්විය, මොනොවට ශාස්තෘශාසනය දන්නාවූ ශ්‍රැතවත් ශ්‍රාවකයකු යම්සේ ද එසෙයින් දීර්‍ඝතපස්වී නුවටහු විසින් ශ්‍රමණ ගෞතමයනට ප්‍රකාශ කරනලද. කිම මෙසේ මහත් වූ මේ කායදණ්ඩය සඳහා ලාමක වූ මනොදණ්ඩය හොබනේ ද? වැළි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩය මැ මහාසාවද්‍යතර යැ. වාග්දණ්ඩය එසේ නො වෙයි. මනොදණ්ඩය එසේ නො වේ යයි.

එවං වුත්තෙ උපාලි ගහපති නිගණ්ඨං නාතපුත්තං එතදවොච: සාධු සාධු භන්තෙ තපස්සි1 යථා තං සුතවතා සාවකෙන සම්මදෙව සත්ථුසාසනං ආජානන්තෙන, එවමෙවං භදන්තෙන තපස්සිනා2 සමණස්ස ගොතමස්ස බ්යාකතං: කිං හි සොභති ඡවො මනොදණ්ඩො ඉමස්ස එවං ඔළාරිකස්ස කායදණ්ඩස්ස උපනිධාය. අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩො. හන්ද චාහං භන්තෙ, ගච්ඡාමි සමණස්ස ගොතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරොපෙස්සාමි. සචෙ මෙ සමණො ගොතමො තථා පතිට්ඨිස්සති යථා භදන්තෙන තපස්සිනා පතිට්ඨාපිතං. සෙය්යථාපි නාම බලවා පුරිසො දීඝලොමිකං එළකං ලොමෙසු ගහෙත්වා ආකඩ්ඪෙය්ය, පරිකඩ්ඪෙය්ය, සම්පරිකඩ්ඪෙය්ය, එවමෙවාහං සමණං ගොතමං වාදෙන වාදං ආකඩ්ඪිස්සාමි. පරිකඩ්ඪිස්සාමි. සම්පරිකඩ්ඪිස්සාමි. සෙය්යථාපි නාම බලවා සොණ්ඩිකාකම්මකාරො මහන්තං සොණ්ඩිකාකිලඤ්ජං ගම්භීරෙ උදකරහදෙ පක්ඛිපිත්වා කණ්ණෙ ගහෙත්වා ආකඩ්ඪෙය්ය, පරිකඩ්ඪෙය්ය, සම්පරිකඩ්ඪෙය්ය, එවමෙවාහං සමණං ගොතමං වාදෙන වාදං ආකඩ්ඪිස්සාමි. පරිකඩ්ඪිස්සාමි. සම්පරිකඩ්ඪිස්සාමි. සෙය්යථාපි නාම බලවා සොණ්ඩිකාධුත්තො වාලං3 කණ්ණෙ ගහෙත්වා ඔධුනෙය්ය, නිද්ධුනෙය්ය, නිච්ඡොදෙය්ය4 එවමෙවාහං සමණං ගොතමං වාදෙන වාදං ඔධුනිස්සාමි, නිද්ධුනිස්සාමි,නිච්ඡොදෙස්සාමි5 සෙය්යථාපි නාම කුඤ්ජරො සට්ඨිහායනො ගම්භීරං පොක්ඛරණිං ඔගාහෙත්වා සණධොවිකං6 නාම කීළිතජාතං කීළති. එවමෙවාහං සමණං ගොතමං සණධොවිකං6 මඤ්ඤෙ කීළිතජාතං කීළිස්සාමි. හන්ද චාහං භන්තෙ, ගච්ඡාමි සමණස්ස ගොතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරොපෙස්සාමීති. ගච්ඡ ත්වං ගහපති, සමණස්ස ගොතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරොපෙහි. අහං වා හි ගහපති, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්යං, දීඝතපස්සී වා නිගණ්ඨො ත්වං වාති.

මෙසේ කී කල්හි උපාලි ගෘහපති නිගණ්ඨනාතපුත්‍රයාහට තෙල කී: වහන්ස, තපස්වීහු, ඉතා මැනැවැ. මොනොවට ශාස්තෘශාසනය දන්නා ශ්‍රැතවත් ශ්‍රාවකයක්හු විසින් යම්සේ ද එසෙයින් භදන්ත තපස්වීන් විසින් ශ්‍රමණ ගෞතමයන්හට ප්‍රකාශ කරනලද. මෙසේ මහත් වූ කායදණ්ඩය සඳහා ලාමක වූ මනොදණ්ඩය කිම හොබනේ ද? වැළි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩය මැ මහාසාවද්‍යතර යැ. වාග්දණ්ඩය එසේ නො වෙයි. මනොදණ්ඩය එසේ නො වේ. එයෙයින් යමි. වහන්ස, මම මේ කථාවස්තුව යෙහි ලා ශ්‍රමණ ගෞතමයන්හට වාදාරෝපණ කෙරෙමි. ඉදින් ශ්‍රමණ ගෞතමයෝ භදන්ත තපස්වීන් විසින් යම් පරිදි පිහිටුවනලද ද, එ පරිදි මාගේ කථායෙහි පිහිටා සිටිත් නම්, යම්සේ බල ඇති පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවකු ලොම් ගෙන ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කරන්නේ ද , එසෙයින් මැ මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාද කොට ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කෙරෙමි. යම්සේ බලඇති සුරාකරුවෙක් මහත් වූ පිටිපැදුරු ගැඹුරු දියවළෙකැ බහාතබා දෙකණ ගෙන ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කෙරේ ද එ පරිදි මම මහණ ගොයුම්හු වාදයෙන් වාද කොට ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කෙරෙමි. යම්සේ බලඇති සුරාධූර්‍තයෙක් මටලුකස්ස දෙකණ ගෙන කිබිසිනි කොට පිඹපියා ද උඩුහුරු කොට පිඹපියා ද පුනපුනා ගසාපියා ද එ පරිදි මම මහණ ගොයුම්හු වාදයෙන් වාද කොට අවධූනන නිර්ධූනන නිෂ්ඵොටන කෙරෙමි. යම්සේ සැටහැවිරිදි (රජුගේ) ඇත් ගැඹුරු පොකුණට වැද සණදොවුන්කෙළි නම් කෙළියක් කෙළී ද, එ පරිදි මම මහණ ගොයුම් හා සණදොවුන්කෙළි බඳු වාදකෙළියක් කෙළිමි’යි. වහන්ස, මම යම් මැ යැ, මහණ ගොයුම් හට මේ කථාවස්තුවෙහි වාද නංවමි’යි කී. ගහපතිය, තෙපි යව. මහණ ගොයුම් හට මේ කථාවස්තුයෙහි වාද නංවව. ගහපතිය, මම හෝ මහණ ගොයුම්හට වාද නංවමි. දීර්‍ඝතපස්වී නුවට හෝ නංවයි. තෝ හෝ නංවහි කී.

එවං වුත්තෙ දීඝතපස්සී නිගණ්ඨො නිගණ්ඨං නාතපුත්තං එතදවොච: ‘න ඛො මෙතං භන්තෙ රුච්චති, යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්ය. සමණො හි භන්තෙ, ගොතමො මායාවී, ආවට්ටනිං මායං ජානාති. යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතී’ති. අට්ඨානං ඛො එතං තපස්සි, අනවකාසො යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගච්ඡෙය්ය. ඨානඤ්ච ඛො එතං විජ්ජති යං සමණො ගොතමො උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්ය. ගච්ඡ ත්වං ගහපති සමණස්ස ගොතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරොපෙහි. අහං වා හි ගහපති, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්යං, දීඝතපස්සී වා නිගණ්ඨො ත්වං වාති.

මෙසේ කී කලැ දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාතපුත්‍රයාහට තෙල කී: ‘වහන්ස, යම් හෙයකින් උපාලි ගහපති මහණ ගොයුම්හට වාදාරෝපණය කෙරෙයි, යන තෙල මට නුරුස්නේ යැ. වහන්ස, මහණ ගොයුම්හු මායා ඇත්තාහ. යම් මායාවෙකින් අන්තොටුවන්ගේ සව්වන් ආවර්‍තනය කොට ගනී ද, එබඳු ආවර්‍තනමායාවක් දන්නාහ’යි. තපස්විය, උපාලි ගහපති මහණ ගොයුම්හුගේ සවු බවට යන්නේ යැ යන යමෙක් ඇද්ද තෙල වන්නට නො නිසි යැ. එයට අවකාශ ද නැත‍. ‘මහණ ගොයුම්හු උපාලි ගහපතිහුගේ සවු බවට යන්නේ යැ’යි යන යමෙක් ඇද්ද තෙල වන්නට නිසි යැ. ගහපතිය, තෙපි යව. මහණ ගොයුම්හට තෙල කථාවස්තුයෙහි ලා වාදාරෝපණ කරව. ගහපතිය, මම හෝ මහණ ගොයුම්හට වාදාරෝපණ කෙරෙමි. දීර්‍ඝතපස්වී නුවට හෝ කෙරෙයි. තෙපි හෝ කරව’යි කී.

දුතියම්පි ඛො -පෙ- දීඝතපස්සී වා නිගණ්ඨො ත්වං වාති. තතියම්පි ඛො දීඝතපස්සී නිගණ්ඨො නිගණ්ඨං නාතපුත්තං එතදවොච: න ඛො මෙතං භන්තෙ, රුච්චති යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්ය. සමණො හි භන්තෙ ගොතමො මායාවී, ආවට්ටනිං මායං ජානාති. යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතී’ති. අට්ඨානං ඛො එතං තපස්සි, අනවකාසො යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගච්ඡෙය්ය. ඨානඤ්ච ඛො එතං විජ්ජති, යං සමණො ගොතමො උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්ය. ගච්ඡ ත්වං ගහපති, සමණස්ස ගොතමස්ස ඉමස්මිං කථාවත්ථුස්මිං වාදං ආරොපෙහි. අහං වා හි ගහපති, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්යං, දීඝතපස්සී වා නිගණ්ඨො ත්වං වාති.

දෙවනවට ද … දීර්‍ඝතපස්වී නුවට හෝ කෙරෙයි.තෙපි හෝ කරව යි. තුන්වනවට ද දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාතපුත්‍රයාට තෙල කී: වහන්ස, උපාලි ගහපති මහණ ගොයුම්හට වාදාරෝපණය කෙරෙයි’ යන යමෙක් ඇද්ද තෙල මට නුරුස්නේ යැ. වහන්ස, මහණ ගොයුම්හු මායාවීහ. යම් මායායෙකින් අන්තොටුවන්ගේ සව්වන් ආවර්‍තනය කෙරේ ද, එබඳු ආවර්‍තනමායාවක්, දන්නාහ’යි කී. තපස්විය, ‘උපාලි ගහපති මහණ ගොයුම්හුගේ සවු බවට යන්නේ යැ’ යන යමෙක් ඇද්ද තෙල වන්නට නො නිසි යැ. එයට අවකාශ ද නැත‍. ‘ මහණ ගොයුම්හු උපාලි ගහපතිහුගේ සවු බවට යන්නේ යැ’යි යන යමෙක් ඇද්ද, තෙල වන්නට නිසි යැ. ගැහැවිය, තෙපි යව. මහණ ගොයුම්හට මේ කථාවස්තුයෙහි ලා වාදාරෝපණ කරව. ගැහැවිය, මම හෝ මහණ ගොයුම්හට වාදාරෝපණ කරන්නට නිස්සෙමි. දීර්‍ඝතපස්වී නුවට හෝ නිස්ස. තෙපි හෝ නිසිව’යි, (නුවට නතපුත් කී.)

එවං භන්තෙති ඛො උපාලි ගහපති නිගණ්ඨස්ස නාතපුත්තස්ස පටිස්සුත්වා උට්ඨායාසනා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන පාවාරිකම්බවනං, යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උපාලි ගහපති භගවන්තං එතදවොච: ආගමා නු ඛ්විධ භන්තෙ, දීඝතපස්සී නිගණ්ඨොති. ආගමා ඛ්විධ ගහපති දීඝතපස්සී නිගණ්ඨොති. අහු පන තෙ භන්තෙ, දීඝතපස්සිනා නිගණ්ඨෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපොති. අහු ඛො මෙ ගහපති, දීඝතපස්සිනා නිගණ්ඨෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපොති. යථා කථං පන තෙ භන්තෙ, අහු දීඝතපස්සිනා නිගණ්ඨෙන සද්ධිං කොචිදෙව කථාසල්ලාපොති. අථ ඛො භගවා යාවතකො අහොසි දීඝතපස්සිනා නිගණ්ඨෙන සද්ධිං කථාසල්ලාපො තං සබ්බං උපාලිස්ස ගහපතිස්ස ආරොචෙසි.

‘වහන්ස, එසේ යැ’යි උපාලි ගහපති නිගණ්ඨනාතපුත්‍රයාහට පිළිවදන් දී හුනස්නෙන් නැඟී නිගණ්ඨනාතපුත්‍රයා සකසා වැඳ පැදකුණු කොට පාවාරික අඹවනයට ගොස් බුදුන් කරා එළැඹියේ යැ. එළැඹ බුදුන් සකසා වැඳ එකත්පසවැ හින. එකත්පස්වැ හුන් උපාලි ගැහැවි බුදුන්ට තෙල කී: ‘වහන්ස, දීර්‍ඝතපස්වී නුවට මෙහි ආ යැ හෝ? ගහපතිය, දීර්‍ඝතපස්වී නුවට මෙහි ආ යැ. වහන්ස, දීර්‍ඝතපස්වී නුවටහු හා තොප වහන්සේ කිසියම් කථාසල්ලාපයෙක් ඇත හෝ’යි. ගහපතිය, දීර්‍ඝතපස්වී නුවටහු හා මාගේ කිසියම් කථාසල්ලාපයෙක් ඇත. වහන්ස, දීර්‍ඝතපස්වී නුවටහු හා තොප වහන්සේ කිසියම් කථාසල්ලාපය කෙසේ නම් වී ද? එසඳ බුදුහු දීර්‍ඝතපස්වී නුවටහු හා උපන් කථාසල්ලාපය තාක් එ හැම උපාලි ගහපතිට වදාළහ.

එවං වුත්තෙ උපාලි ගහපති භගවන්තං එතදවොච: සාධු සාධු භන්තෙ තපස්සී, යථා තං සුතවතා සාවකෙන සම්මදෙව සත්ථුසාසනං ආජානන්තෙන, එවමෙවං දීඝතපස්සිනා නිගණ්ඨෙන භගවතො බ්යාකතං, කිං හි සොභති ඡවො මනොදණ්ඩො ඉමස්ස එවං ඔළාරිකස්ස කායදණ්ඩස්ස උපනිධාය. අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩොති. සචෙ ඛො ත්වං ගහපති, සච්චෙ පතිට්ඨාය මන්තෙය්යාසි, සියා නො එත්ථ කථාසල්ලාපොති. සච්චෙ අහං භන්තෙ, පතිට්ඨාය මන්තෙස්සාමි. හොතු නො එත්ථ කථාසල්ලාපොති.

මෙසේ වදාළ කල්හි උපාලි ගහපත් බුදුන්ට තෙල කී: වහන්ස, තපස්වී සාධුතර යැ. මොනොවට ශාස්තෘශාසනය අවබෝධ කොට ගත් ශ්‍රැතවත් ශ්‍රාවකයක්හු විසින් යම් පරිදි පිළිතුරු දියයුතු වී නම් එ පරිදි මැ දීර්‍ඝතපස්වී නුවටහු විසින් භගවත්හට ප්‍රකාශ කරනලද. මෙසේ මහත් වූ කායදණ්ඩය සඳහා ලාමක වූ මනොදණ්ඩය කෙසේ හොබනේ වේ ද? වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩය මැ මහාසාවද්‍යතර යැ. වාග් දණ්ඩ එසේ නො වෙයි. මනෝදණ්ඩත් එසේ නො වෙයි කී. ගහපතිය, ඉදින් තෙපි සත්‍යෙයහි පිහිටා මන්ත්‍රණය කරන්නහු වී නම් මෙහි ලා අපගේ කථාසල්ලාපය වෙයි වදාළෝ. වහන්ස, මම සැබැවැ පිහිටා මන්ත්‍රණ කෙරෙමි. මෙහි ලා අපගේ කථාසල්ලාපය වේව්යි.

තං කිං මඤ්ඤසි ගහපති, ඉධස්ස නිගණ්ඨො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො සීතොදකපටික්ඛිත්තො උණ්හොදකපටිසෙවී. සො සීතොදකං අලභමානො කාලං කරෙය්ය. ඉමස්ස පන ගහපති, නිගණ්ඨො නාතපුත්තො කත්ථූපපත්තිං පඤ්ඤාපෙතී’ති. අත්ථි භන්තෙ මනොසත්තා නාම දෙවා, තත්ථ සො උපපජ්ජති, තං කිස්ස හෙතු: අසු හි භන්තෙ, මනොපටිබද්ධො කාලං කරොතීති. ගහපති ගහපති, මනසි කරිත්වා ඛො ගහපති බ්යාකරොහි. න ඛො තෙ සන්ධියති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං. භාසිතා ඛො පන තෙ ගහපති, එසා වාචා: සච්චෙ අහං භන්තෙ පතිට්ඨාය මන්තෙස්සාමි. හොතු නො එත්ථ කථාසල්ලාපොති. කිඤ්චාපි භන්තෙ, භගවා එවමාහ, අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩොති.

ගහපතිය, ඒ කෙසේ හඟිහි? මෙලොව සිහිල්දිය පිළිකෙව් කළ උණුදිය වළඳ කරන නුවටෙක් හටගත් ආබාධ ඇත්තේ හටගත් දුක් ඇතියේ දැඩිගිලන් වූයේ වෙයි. හේ සිහිල් දිය නො ලබනුයේ කලුරිය කෙරෙයි. ගහපතිය, මුහුට නිගණ්ඨනාතපුත්‍ර කොතැන ඉපැත්ම පනවන්නේ දැ? යි. වහන්ස, මනඃසත්ත්ව නම් දෙවි කෙනෙක් ඇත. එහි හේ උපදනේ යැ. එ කවර හෙයින යත්: වහන්ස, තෙල නුවට මනඃප්‍රතිබද්ධ වැ කලුරිය කෙරෙයි. (එහෙයිනැ’යි කී.) ගැහැවිය, ගැහැවිය, මෙනෙහි කොට කියව, තාගේ පළමු කී බස හා පසු වැ කී බස ද පසු වැ කී බස හා පළමු කී බස ද ඝටිත නො වෙයි. ගහපතිය, තා විසින් තෙල බස කියන ලදි: ‘වහන්ස, මම සත්‍යයෙහි පිහිටා මන්ත්‍රණය කරමි. අපගේ කථාසල්ලාපය වේවයි’ කියා යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩ මැ මහාසාවද්‍යතර වෙයි. වාග්දණ්ඩ එසේ නො වෙයි. මනෝදණ්ඩත් එසේ නො වෙයි’ කී.

තං කිම්මඤ්ඤසි ගහපති, ඉධස්ස නිගණ්ඨො1 චාතුයාමසංවරසංවුතො සබ්බවාරිවාරිතො සබ්බවාරියුතො2 සබ්බවාරිධුතො සබ්බවාරිඵුටො. සො අභික්කමන්තො පටික්කමන්තො බහූ ඛුද්දකෙ පාණෙ සඞ්ඝාතං ආපාදෙති. ඉමස්ස පන ගහපති, නිගණ්ඨො නාතපුත්තො කං විපාකං පඤ්ඤාපෙතීති. අසඤ්චෙතනිකං භන්තෙ, නිගණ්ඨො නාතපුත්තො නො මහාසාවජ්ජං පඤ්ඤාපෙතීති. සචෙ පන ගහපති, චෙතෙතීති. මහාසාවජ්ජං භන්තෙ, හොතීති. චෙතනං පන ගහපති, නිගණ්ඨො නාතපුත්තො කිස්මිං පඤ්ඤාපෙතීති. මනොදණ්ඩස්මිං භන්තෙති. ගහපති ගහපති, මනසිකරිත්‍වා ඛො ගහපති, බ්‍යාකරොහි. න ඛො තෙ සන්‍ධියති පුරිමෙන වා පච්ඡිමං පච්ඡිමෙන වා පුරිමං. භාසිතා ඛො පන තෙ ගහපති, එසා වාචා, සච්චෙ අහං භන්තෙ පතිට්ඨාය මන්තෙස්සාමි. හොතු නො එත්‍ථ කථාසල්ලාපොති. කිඤ්චාපි භන්තෙ භගවා එවමාහ, අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩොති.

ගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? මෙලොව්හි චාතුයාමසංවරයෙන් සංවෘත වූ සියලු සිහිල් දිය පිළකෙව් කළ සියලු පව් වැළහීමෙහි යෙදුණු සියලු පාපවාරණයෙන් වැළහූ පව් ඇති සියලු පාපවාරණයෙන් පහස්නාලද නිගණ්ඨායක් වන්නේ යැ. හේ ඉදිරියට යනුයේ පෙරලා නවත්නේ බොහෝ කුඩා පණුවන් වධයට පමුණුවයි. ගැහැවිය, මොහුට වැළිත් නිගණ්ඨනාතපුත්‍ර කවර විපාකයක් පනවා දැ? යි. වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර අසංචේතනික කර්‍මය මහාසාවද්‍ය කොට නො පනවා යයි. වැළි ගැහැවිය, ඉදින් සිතා නම් (කෙබඳු වේ දැ? යි.) වහන්ස, මහාසාවද්‍ය වේ යයි. ගැහැවිය, චේතනාව වැළිත් නිගණ්ඨනාතපුත්‍ර කවර කොටසෙක්හි ලා පනවා දැ? යි. ‘වහන්ස, මනෝදණ්ඩයෙහි ලා පනවා’ යයි. ගැහැවිය, ගැහැවිය, සිහි එළවා කියව. තා පළමු කී බස හා පසු වැ කී බස ඝටිත නො වෙයි. පසු වැ කී බස හා පළමු කී බස ඝටිත නො වෙයි. ගැහැවිය, තොප විසින් තෙල බස් කියනලද වෙයි. ‘වහන්ස, මම සත්‍යයෙහි පිහිටා මන්ත්‍රණය කරමි. අපගේ කථාසල්ලාප වේවයි’ කියා යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩ මැ මහාසාවද්‍යතර වෙයි. වචීදණ්ඩ එසේ නො වෙයි. මනෝදණ්ඩත් එසේ නො වේ යයි.

තං කිං මඤ්ඤසි ගහපති, අයං නාලන්දා ඉද්ධා චෙව ඵීතා ච, බහුජනා ආකිණ්ණමනුස්සාති. එවං භන්තෙ, අයං නාලන්දා ඉද්ධා චෙව ඵීතා ච, බහුජනා ආකිණ්ණමනුස්සාති. තං කිං මඤ්ඤසි ගහපති: ඉධ පුරිසො ආගච්ඡෙය්ය උක්ඛිත්තාසිකො. සො එවං වදෙය්ය: අහං යාවතිකා ඉමිස්සා නාලන්දාය පාණා, තෙ එකෙන ඛණෙන එකෙන මුහුත්තෙන එකමංසඛලං එකමංසපුඤ්ජං කරිස්සාමීති. තං කිම්මඤ්ඤසි ගහපති, පහොති නු ඛො සො පුරිසො යාවතිකා ඉමිස්සා නාලන්දාය පාණා තෙ එකෙන ඛණෙන එකෙන මුහුත්තෙන එකමංසඛලං එකමංසපුඤ්ජං කාතුන්ති. දසපි භන්තෙ පුරිසා වීසම්පි1 පුරිසා තිංසම්පි2 පුරිසා චත්තාරීසම්පි පුරිසා පඤ්ඤාසම්පි පුරිසා නප්පහොන්ති, යාවතිකා ඉමිස්සා නාලන්දාය පාණා, තෙ එකෙන ඛණෙන එකෙන මුහුත්තෙන එකමංසඛලං එකමංසපුඤ්ජං කාතුං. කිං හි සොභති එකො ඡවො පුරිසොති.

ගැහැවිය, ඒ කිමැ’යි හඟනෙහි? මේ නාලන්දා නුවර සමෘද්ධ වූයේ ඉතා සමෘද්ධ වූයේ බොහෝ මිනිසුන් විසින් ගැවැසිගතැ’යි. එසේ යැ වහන්ස, මේ නාලන්දා නුවර සමෘද්ධ වූයේ ඉතා සමෘද්ධ වූයේ බොහෝ ජනයන් ඇති වැ මිනිසුන් විසින් ආකීර්‍ණ වී යයි. ගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? මෙහි ඔසවාගත් කඩු ඇති පුරුෂයෙක් එන්නේ යැ, හේ මෙසේ කියන්නේ නම් මේ නාලන්දායෙහි යම් තාක් සත්ත්වයෝ ඇද්ද, ඔවුන් එකෙණෙහි එක් මෙහොතෙහි එක් මස් රැසක් එක් මාංසපුඤ්ජයක් කරන්නෙමි’යි කියා නම් ගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? ඒ පුරුෂ මේ නාලන්දායෛහි යම්තාක් ප්‍රාණීහු ඇද්ද, ඔවුන් එක් ඇසිල්ලෙකින් එක් මොහොතකින් එක් මස් රැසක් එක් මාංසපුඤ්ජයක් කරන්නට පෙහොනේ වේ දැ? යි. වහන්ස, පුරුෂයෝ දසදෙනෙකුදු විසිදෙනෙකුදු තිස්දෙනෙකුදු සතලිස්දෙනෙකුදු පුරුෂයෝ පනස්දෙනෙකුදු මේ නාලන්දායෛහි යම් පමණ සත්ත්වයෝ ඇද්ද, ඔවුන් එක් ඇසිල්ලෙකින් එක් මොහොතකින් එක් මස් රැසක් එක් මාංසපුඤ්ජයක් කරන්නට නො පොහොනාහ. එක් ලාමක පුරුෂයෙක් කිම නිසි වේ දැ? යි.

තං කිම්මඤ්ඤසි ගහපති, ඉධාගච්ඡෙය්ය සමණො වා බ්රාහ්මණො වා ඉද්ධිමා චෙතොවසිප්පත්තො. සො එවං වදෙය්ය: අහං ඉමං නාලන්දං එකෙන මනොපදොසෙන භස්මං කරිස්සාමීති. තං කිම්මඤ්ඤසි ගහපති, පහොති නු ඛො සො සමණො වා බ්රාහ්මණො වා ඉද්ධිමා චෙතොවසිප්පත්තො ඉමං නාලන්දං එකෙන මනොපදොසෙන භස්මං කාතුන්ති. දසපි භන්තෙ නාලන්දා වීසතිම්පි නාලන්දා තිංසම්පි නාලන්දා චත්තාරීසම්පි නාලන්දා පඤ්ඤාසම්පි නාලන්දා පහොති සො සමණො වා බ්රාහ්මණො වා ඉද්ධිමා චෙතොවසිප්පත්තො එකෙන මනොපදොසෙන භස්මං කාතුං. කිං හි සොභති එකා ඡවා නාලන්දාති. ගහපති3 ගහපති, මනසිකරිත්වා ඛො ගහපති බ්යාකරොහි. න ඛො තෙ සන්ධියති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං. භාසිතා ඛො පන තෙ ගහපති, එසා වාචා: සච්චෙ අහං භන්තෙ පතිට්ඨාය මන්තෙස්සාමි. හොතු නො එත්ථ කථාසල්ලාපොති. කිඤ්චාපි භන්තෙ භගවා එවමාහ, අථ ඛො කායදණ්ඩොව මහාසාවජ්ජතරො පාපස්ස කම්මස්ස කිරියාය පාපස්ස කම්මස්ස පවත්තියා. නො තථා වචීදණ්ඩො, නො තථා මනොදණ්ඩොති.

ගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? මෙලොවැ සෘද්ධි ඇති චිත්තවශීභාවයට පැමිණි මහණෙක් හෝ බමුණෙක් හො එන්නේ යැ. හේ මෙසේ කියන්නේ නම්, මම මේ නාලන්දාව එක් චිත්තප්‍රදොෂයෙකින් හළු කරන්නෙමි’යි. ගැහැවිය, ඒ කිමැ’යි හඟනෙහි? සෘද්ධි ඇති චෙතොවශීප්‍රාප්ත ඒ මහණ හෝ බමුණු හෝ මේ නාලන්දාව එක් චිත්තප්‍රදොෂයෙකින් හළු කරන්නට පොහොනේ දැ? යි. වහන්ස, නාලන්දා දසයකුදු විස්සකුදු තිසකුදු සතලිසකුදු නාලන්දා පනසකුදු සෘද්ධිමත් චෙතොවශීප්‍රාප්ත ඒ මහණ හෝ බමුණු හෝ මේ නාලන්දාව එක් චිත්තප්‍රදොෂයෙකින් හළු කරන්නට පොහොනේ යැ. එක් ලාමක වූ නාලන්දාව කිම? ගැහැවිය, ගැහැවිය, සිහි එළවා කියහි? තාගේ පළමු කී බස හා පසු වැ කී බස ද පසු වැ කී බස හා පළමු කී බස ද නො ගැළපෙයි. ගැහැවිය, තොප විසින් තෙල බස් කියනලද වෙයි. ‘වහන්ස, මම සත්‍යයෙහි පිහිටා මන්ත්‍රණය කරන්නෙමි. මෙහි අපගේ කථාසල්ලාප වේවයි’ කියා යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩ මැ මහාසාවද්‍යතර යැ. වාග්දණ්ඩ එසේ නො වෙයි. මනෝදණ්ඩත් එසේ නො වේ යයි.

තං කිම්මඤ්ඤසි ගහපති, සුතං තෙ දණ්ඩකාරඤ්ඤං4 කාලිඞ්ගාරඤ්ඤං මෙජ්ඣාරඤ්ඤං5 මාතඞ්ගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤභූතන්ති.එවම්භන්තෙ. සුතං මෙ දණ්ඩකාරඤ්ඤං කාලිඞ්ගාරඤ්ඤං මෙජ්ඣාරඤ්ඤං මාතඞ්ගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤභූතන්ති. තං කිම්මඤ්ඤසි ගහපති, කින්ති තෙ සුතං: කෙන තං දණ්ඩකාරඤ්ඤං කාලිඞ්ගාරඤ්ඤං මෙජ්ඣාරඤ්ඤං මාතඞ්ගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤභූතන්ති. සුතං මෙතං භන්තෙ, ඉසීනං මනොපදොසෙන තං දණ්ඩකාරඤ්ඤං කාලිඞ්ගාරඤ්ඤං මෙජ්ඣාරඤ්ඤං මාතඞ්ගාරඤ්ඤං අරඤ්ඤං අරඤ්ඤභූතන්ති. ගහපති ගහපති, මනසිකරිත්‍වා ඛො ගහපති, බ්‍යාකරොහි. න ඛො තෙ සන්‍ධීයති පුරිමෙන වා පච්ඡිමං, පච්ඡිමෙන වා පුරිමං. භාසිතා ඛො පන තෙ ගහපති එසා වාචා: සච්චෙ අහං භන්තෙ, පතිට්ඨාය මන්තෙස්සාමි. හොතු නො එත්‍ථ කථාසල්ලාපොති.

ගැහැවිය, ඒ කිමැ’යි සිතහි? තොප විසින් දණ්ඩකාරණ්‍ය, කාලිඞ්ගාකරණ්‍යය, මෙධ්‍යාරණ්‍යය, මාතඞ්ගාරණ්‍යය නො ගම් වැ වල් වූ පරිදි ඇසූවිරූ දැ? යි. එසේ යැ වහන්ස, දණ්ඩකාරණ්‍ය, කාලිඞ්ගාකරණ්‍යය, මෙධ්‍යාරණ්‍යය, මාතඞ්ගාරණ්‍යය නො ගම් වැ වල් වූ පරිදි මා විසින් ඇසූවිරූ යයි. ගැහැවිය, ඒ කිමැ’යි සිතහි? ඒ දණ්ඩකාරණ්‍ය, කාලිඞ්ගාකරණ්‍යය, මෙධ්‍යාරණ්‍යය, මාතඞ්ගාරණ්‍යය තොප විසින් කිමෙකින් නො ගම් වැ වල් වී යයි අසනලද ද? වහන්ස, දණ්ඩකාරණ්‍ය, කාලිඞ්ගාකරණ්‍යය, මෙධ්‍යාරණ්‍යය, මාතඞ්ගාරණ්‍යය සෘෂීන්ගේ දැහැවිලින් නො ගම් වැ වල් වී යයි පරිදි මා විසින් අසනලදැ’යි. ගැහැවිය, ගැහැවිය, සිහි එළවා කියව. තාගේ පළමු කී බස හා පසු වැ කී බස ද පසු වැ කී බස හා පළමු කී බස ද ඝටිත නො වෙයි. ගැහැවිය, තොප විසින් තෙල බස් කියනලද: ‘වහන්ස, මම සත්‍යයෙහි පිහිටා මන්ත්‍රණය කරන්නෙමි. මෙහි අපගේ කථාසල්ලාප වේවයි’ කියා යි.

පුරිමෙනෙවාහං භන්තෙ, ඔපම්මෙන භගවතො අත්තමනො අභිරද්ධො අපි චාහං ඉමානි භගවතො විචිත්රානි පඤ්හපටිභානානි සොතුකාමො එවා’හං භගවන්තං පච්චනීකාතබ්බං අමඤ්ඤිස්සං. අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය. පටිච්ඡන්නං වා විවරෙය්ය. මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය. අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය: චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති. එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.

වහන්ස, මම පළමු උපමායෙන් මැ භාග්‍යවතුන් වහන්සේගේ (ප්‍රශ්නව්‍යාකරණයෙහි) සතුටුසිත් ඇතියෙම් ප්‍රසන්න වීමි. එතෙකුදු වත් මම භාග්‍යවතුන් වහන්සේගේ විසිතුරු ප්‍රශ්නව්‍යාකරණයන් අසනු කැමැති වැ මෙසේ මම් භාග්‍යවතුන් වහන්සේට විරුද්ධ බස් කියයුතු යයි සිතීමි. වහන්ස, ඉතා මැනැවැ. වහන්ස, ඉතා මැනැවැ. වහන්ස, යම් පරිදි යටිහුරු කරන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේද, පිළිසන්වූවක් විවර කරන්නේ හෝ වේ ද, මුළා වූවකුට මඟ කියන්නේ හෝ වේ ද, අඳුරෙහි ඇස් ඇත්තාහු රූපයන් දකිත්ව යි තෙල්පහනක් දරන්නේ හෝ වේද, එපරිදි මැ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් දහම් දෙසනලද. වහන්ස, මම් බුදුන් සරණ කොට යමි. ධර්‍මය ද සඬ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයෙකු කොට ධරණ සේක්ව’ යි.

අනුවිච්චකාරං ඛො ගහපති කරොහි. අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතීති. ඉමිනා’පහං භන්තෙ භගවතො භිය්යොසොමත්තාය අත්තමනො අභිරද්ධො, යං මං භගවා එවමාහ: අනුවිච්චකාරං ඛො ගහපති කරොහි. අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතීති. මං හි භන්තෙ අඤ්ඤතිත්ථියා සාවකං ලභිත්වා කෙවලකප්පං නාලන්දං පටාකං පරිහරෙය්යුං: උපාලි අම්හාකං ගහපති සාවකත්තුපගතොති. අථ ච පන මං භගවා එවමාහ: අනුවිච්චකාරං ඛො ගහපති කරොහි, අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතීති. එසාහම්භන්තෙ දුතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.

ගැහැවිය, විමසා කරව. විමසා කිරීම තොප වැනි ප්‍රසිද්ධ පුරුෂයනට සුන්දර වේ යයි. වහන්ස, මම මෙ කරුණෙනුදු භාග්‍යවතුන් වහන්සේට වෙසෙසින් සතුටු වූයෙම් ඇලුණෙම් වෙමි. භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් මට මෙසේ ‘ගැහැවිය, විමසා කරව. විමසා කිරීම තොප වැනි ප්‍රසිද්ධ පුරුෂයනට සුන්දර වේ’ යයි, වදාළසේක් ද එහෙයිනි. වහන්ස, අන්‍යතීර්ථකයෝ මා ශ්‍රාවක කොට ලැබ ‘උපාලි ගැහැවි අපගේ ශ්‍රාවක බවට පැමිණියේ යැ’යි සියලු නාලන්දාව වටා දද නඟා ඇවිදුති. එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාළහ: ‘ගැහැවිය, විමසා කරව. විමසා කිරීම තොප වැනි ප්‍රසිද්ධ පුරුෂයනට සුන්දර වේ’ යයි. වහන්ස, මම දෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඬ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයෙකු කොට මා ධරනසේක්ව’ යි.

දීඝරත්තං ඛො තෙ ගහපති නිගණ්ඨානං ඔපානභූතං කුලං, යෙන නෙසං උපගතානං පිණ්ඩකං දාතබ්බං මඤ්ඤෙය්යාසීති. ඉමිනාපහං භන්තෙ භගවතො භිය්යොසොමත්තාය අත්තමනො අභිරද්ධො යං මං භගවා එවමාහ: දීඝරත්තං ඛො තෙ ගහපති නිගණ්ඨානං ඔපානභූතං කුලං, යෙන නෙසං උපගතානං පිණ්ඩකං දාතබ්බං මඤ්ඤෙය්යාසීති- සුතං මෙතං භන්තෙ. සමණො ගොතමො එවමාහ: මය්හමෙව දානං දාතබ්බං, නාඤ්ඤෙසං දානං දාතබ්බං, මය්හමෙව සාවකානං දානං දාතබ්බං, නාඤ්ඤෙසං සාවකානං දානං දාතබ්බං, මය්හමෙව දින්නං මහප්ඵලං, නාඤ්ඤෙසං දින්නං මහප්ඵලං, මය්හමෙව සාවකානං දින්නං මහප්ඵලං, නාඤ්ඤෙසං සාවකානං දින්නං මහප්ඵලන්ති. අථ ච පන මං භගවා නිගණ්ඨෙසුපි දානෙ සමාදපෙති. අපි ච භන්තෙ මයමෙත්ථ කාලං ජානිස්සාම. එසාහම්භන්තෙ තතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.

ගැහැවිය, තොපගේ ගෙය බොහෝ දවස් නුවටනට පැන්පොකුණක් මෙන් සිටියේ යැ. එහෙයින් එළැඹියා වූ ඔවුනට පිණ්ඩපාතය දියයුතු කොට සිතව යි. වහන්ස, මම මෙ කරුණෙනුදු භාග්‍යවතුන් වහන්සේට වෙසෙසින් සතුටු වූයෙම් ඇලුණෙම් වෙමි. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ ‘ගැහැවිය, තොපගේ ගෙය බොහෝ දවස් නුවටනට පැන්පොකුණක් මෙන් සිටියේ යැ. එහෙයින් උපගත වූ ඔවුනට පිණ්ඩපාතය දියයුතු කොට සිතව’ යි වදාළසේක් ද එහෙයිනි. වහන්ස, මා විසින් තෙල අසනලද: ‘මහණ ගොයුම්හු මෙසේ කියති: මට මැ දන් දියයුත්තේ යැ. අන්‍යයනට දන් නො දියයුත්තේ යැ, මාගේ සවුවනට මැ දන් දියයුත්තේ යැ, අනුන්ගේ සවුවනට දන් නො දියයුත්තේ යැ, මට මැ දෙනලද්ද මහත්ඵල යැ. අනුනට දෙන ලද්ද මහත්ඵල නො වෙයි, මාගේ සවුවනට මැ දෙනලද්ද මහත්ඵල යැ. අනුනගේ සවුවනට මැ දෙනලද්ද මහත්ඵල නො වේ’යයි. එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ නුවටුන් කෙරෙහි දු දානයෙහි මා සමාදන් කරවන සේක. තවද වහන්ස, මෙහි ලා අපි මැ කල් දනුම්හ. වහන්ස, මම තෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඬ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයෙකු කොට මා ධරනසේක්ව’ යි.

අථ ඛො භගවා උපාලිස්ස ගහපතිස්ස අනුපුබ්බීකථං කථෙසි. සෙය්යථිදං: දානකථං, සීලකථං, සග්ගකථං, කාමානං ආදීනවං, ඔකාරං සංකිලෙසං, නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි උපාලිං ගහපතිං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි: දුක්ඛං, සමුදයං, නිරොධං, මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය. එවමෙවං උපාලිස්ස ගහපතිස්ස තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: යඞ්කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති. අථ ඛො උපාලි ගහපති දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථඞ්කථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච: හන්ද ච’දානි මයං භන්තෙ ගච්ඡාම. බහුකිච්චා මයං බහුකරණීයාති. යස්සදානි ත්වං ගහපති කාලං මඤ්ඤසීති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උපාලි ගැහැවිහට පිළිවෙළ කථා වදාළසේක. ඒ මෙසේ යැ: දානකථා යැ, ශීලකථා යැ, ස්වර්‍ගකථා යැ, කාමයන්ගේ ආදීනව යැ, ලමු බව යැ, කෙලෙසිලි බව යැ, නෛෂ්ක්‍රම්‍යෙයහි ආනිසංස යැ යන මේ වදාළසේක. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ උපාලි ගහපතිහු කල්‍ය සිත් ඇත්තහු මෘදු සිත් ඇත්තහු විනීවරණ සිත් ඇත්තහු උදග්‍ර සිත් ඇත්තහු ප්‍රසන්න සිත් ඇත්තහු දැනගත්සේක ද එකල්හි බුදුවරුන් ගේ යම් සාමුක්කංසික දේශනාවක් ඇද්ද ඒ දුඃඛසත්‍ය සමුදය සත්‍යය නිරොධසත්‍යය මාර්‍ගසත්‍යය වදාළසේක. යම්සේ පහ වූ කිලුටු ඇති ශුද්ධ වස්ත්‍රෙයක් මොනොවට රජන් ගන්නෙ ද එසෙයින් මැ උපාලි ගහපතිහට ඒ අස්නෙහි මැ විගතරජස් ඇති විගතමල ඇති ධර්‍මචක්‍ෂුස පහළ විය: ‘යම්කිසි සමුදයධර්‍මයෙක් ඇද්ද එ හැම නිරුද්ධ වන ස්වභාව ඇතැ’යි. ඉක්බිති උපාලි ගහපති දුටු (සිව්සස්) දහම් ඇතියේ පැමිණි දහම් ඇතියේ දත් දහම් ඇතියේ බැසගත් දහම් ඇතියේ තරණය කළ විචිකිත්සා ඇතියේ පහවූ සැක ඇතියේ විශාරද බවට පැමිණියේ ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ‘වහන්ස, අපි දැන් යම්හ. අපි බොහෝ කිස ඇතියම්හ. බොහෝ කරණී ඇතියම්හ’යි. ගැහැවි, තෙපි දැන් එයට කල් දනුව’යි.

අථ ඛො උපාලි ගහපති භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන සකං නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා දොවාරිකං ආමන්තෙසි: අජ්ජතග්ගෙ සම්ම දොවාරික, ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං, අනාවටං ද්වාරං භගවතො භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං, සචෙ කොචි නිගණ්ඨො ආගච්ඡති. තමෙනං ත්වං එවං වදෙය්යාසි: තිට්ඨ භන්තෙ, මා පාවිසි, අජ්ජතග්ගෙ උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො. ආවටං ද්වාරං නිගණ්ඨානං, නිගණ්ඨීනං, අනාවටං ද්වාරං භගවතො භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. සචෙ තෙ භන්තෙ පිණ්ඩකෙන අත්ථො එත්ථෙව තිට්ඨ, එත්ථෙව තෙ ආහරිස්සන්තීති. එවං භන්තෙති ඛො දොවාරිකො උපාලිස්ස ගහපතිස්ස පච්චස්සොසි.

ඉක්බිති උපාලි ගැහැවි භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට සිය නිවෙස්න කරා එළැඹියේ යැ. එළඹ ද්වාරපාලයා කැඳවී යැ. ‘සගය, දොවාරිකය, අද පටන් කොට නුවට නුවටු දෙපසට දොර වසමි. අප බුදුන්ගේ මහණ මෙහෙණ උවසු උවැසියනට දොර විවෘත වෙයි. ඉදින් යම් මැ නුව‍ටෙක් ආ නම් තුලුන්ට තෙපි මෙසේ කියව. වහන්ස, සිටිනු මැනැවැ, නො පිවිසෙනු මැනැවැ, අද පටන් කොට උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ. නුවට නුවටුනට දොර ඇවිරිණි. බුදුන්ගේ මහණ මෙහෙණ උවසු උවැසියනට දොර නො ඇවිරිණි. වහන්ස, ඉදින් තොපට පිණ්ඩයෙන් වැඩ වේ නම් මෙහි මැ සිටිනු මැනවැ. තොපට මෙහි ලා මැ ගෙන එති’යි. (කියා ගෙට වන.) වහන්ස, එසේ යයි දොරටු ගොවු උපාලි ගැහැවිහට පිළිවදන් දිනි.

අස්සොසි ඛො දීඝතපස්සී නිගණ්ඨො උපාලි කිර ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතොති. අථ ඛො දීඝතපස්සී නිගණ්ඨො යෙන නිගණ්ඨො නාතපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා නිගණ්ඨං නාතපුත්තං එතදවොච: සුතං මෙතං භන්තෙ උපාලි කිර ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතොති. අට්ඨානං ඛො එතං තපස්සි අනවකාසො යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගච්ඡෙය්ය. ඨානඤ්ච ඛො එතං විජ්ජති යං සමණො ගොතමො උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්යාති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො දීඝතපස්සී නිගණ්ඨො නිගණ්ඨං නාතපුත්තං එතදවොච: සුතං මෙතං භන්තෙ, උපාලි කිර ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතොති. අට්ඨානං ඛො එතං තපස්සී අනවකාසො යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගච්ඡෙය්ය. ඨානඤ්ච ඛො එතං විජ්ජති යං සමණො ගොතමො උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්යාති. හන්ද චාහං භන්තෙ ගච්ඡාමි යාව ජානාමි යදි වා උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො යදි වා නොති. ගච්ඡ ත්වං තපස්සි ජානාහි යදි වා උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො යදි වා නොති.

දීර්‍ඝතපස්වී නුවටහු ‘උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට පැමැණියේ යැ’යි ඇසි. එකල්හි දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාථපුත්‍රයා කරා ගියෙ, ගොස් නිගණ්ඨනාථපුත්‍රට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ ලැ’යි තෙල මා විසින් අසනලදැ’යි. තපස්විය, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට යන්නෙ යැ යන යමෙක් ඇද්ද, තෙල වන්නට නො නිසි යැ. අවකාශ ද නැත. ‘මහණ ගොයුම් උපාලි ගැහැවිහුගේ සවු බවට යන්නෙ යැ’ යන යමෙක් ඇද්ද, තෙල වන්නට නිසි යැ යි කී. දෙවනවට ද ... තෙවනවට ද දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාථපුත්‍රයාහට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට පැමිණියේ ලැ’යි තෙල මා විසින් අසනලදි. තපස්විය, ‘උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට යන්නෙ යැ’ යන යමෙක් ඇද්ද, තෙල වන්නට නො නිසි යැ. ‘මහණ ගොයුම් උපාලි ගැහැවිහුගේ සවු බවට යන්නෙ යැ’ යන යමෙක් ඇද්ද, තෙල කරුණ ඇතැ’යි කී. වහන්ස, දැන් මම යමි. උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියෙ හෝ නොහොත් නො ගියෙ හෝ’යි දනිම් මැ යැ. තපස්විය, තෙපි යව. උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ හෝ නොහොත් නොගියෙ හො’යි දන්ව යි.

අථ ඛො දීඝතපස්සී නිගණ්ඨො යෙන උපාලිස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. අද්දසා ඛො දොවාරිකො දීඝතපස්සිං නිගණ්ඨං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන දීඝතපස්සිං නිගණ්ඨං එතදවොච: තිට්ඨ භන්තෙ, මා පාවිසි. අජ්ජතග්ගෙ උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො, ආවටං ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං, අනාවටං ද්වාරං භගවතො භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං සචෙ තෙ, භන්තෙ, පිණ්ඩකෙන අත්ථො, එත්ථෙව තිට්ඨ. එත්ථෙව තෙ ආහරිස්සන්තීති. න මෙ ආවුසො පිණ්ඩකෙන අත්ථොති වත්වා තතො පටිනිවත්තිත්වා යෙන නිගණ්ඨො නාතපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා නිගණ්ඨං නාතපුත්තං එතදවොච: සච්චංයෙව ඛො භන්තෙ යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො. එතං ඛො තෙ අහං භන්තෙ නාලත්ථං: න ඛො මෙතං භන්තෙ රුච්චති යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්ය. සමණො හි භන්තෙ ගොතමො මායාවී. ආවට්ටනිං මායං ජානාති, යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතීති. ආවට්ටො ඛො තෙ භන්තෙ උපාලි ගහපති සමණෙන ගොතමෙන ආවට්ටනියා මායායාති. අට්ඨානං ඛො එතං තපස්සි අනවකාසො යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගච්ඡෙය්ය. ඨානඤ්ච ඛො එතං විජ්ජති යං සමණො ගොතමො උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්යාති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො දීඝතපස්සී නිගණ්ඨො නිගණ්ඨං නාතපුත්තං එතදවොච: සච්චං යෙව ඛො භන්තෙ යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො: එතං ඛො තෙ අහං භන්තෙ නාලත්ථං: න ඛො මෙතං භන්තෙ රුච්චති, යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්ය. සමණො හි භන්තෙ ගොතමො මායාවී. ආවට්ටනිං මායං ජානාති, යාය අඤ්ඤතිත්ථියානං සාවකෙ ආවට්ටෙතීති. ආවට්ටො ඛො තෙ භන්තෙ උපාලි ගහපති සමණෙන ගොතමෙන ආවට්ටනියා මායායාති. අට්ඨානං ඛො එතං තපස්සි අනවකාසො යං උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගච්ඡෙය්ය ඨානඤ්ච ඛො එතං විජ්ජති යං සමණො ගොතමො උපාලිස්ස ගහපතිස්ස සාවකත්තං උපගච්ඡෙය්ය. හන්ද චාහං තපස්සි ගච්ඡාමි යාය සාමං යෙව ජානාමි. යදි වා උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො යදි වා නොති.

ඉක්බිති දීර්‍ඝතපස්වී නුවට උපාලි ගැහැවිහුගේ නිවෙස්න කරා ගියෙ, දොරටුගොවු දීර්‍ඝතපස්වී නුවට එන්නහු දුරැ ලා මැ දිට. දැක දීර්‍ඝතපස්වී නුවටහට තෙල කී: ‘වහන්ස, සිටුව. නො වදිනු මැනැවැ. අද පටන් කොට උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ. නුවට නුවටුනට දොර වැසිණ, බුදුන්ගේ මහණ මෙහෙණ උවසු උවැසියනට දොර නො වැසිණ. වහන්ස, ඉදින් තොපට බතින් අර්‍ථ ඇත් නම් මෙහි මැ සිටුව. මෙහි ලා මැ තොපට ගෙන එති’යි කී. ‘ඇවැත, මට බතින් වැඩෙක් නැතැ’යි කියා එයින් පෙරලා නිගණ්ඨනාථපුත්‍රයා කරා ගියෙ, ගොස් නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ’ යනු සැබෑ මැ යි. වහන්ස, මම තොපගේ තෙල සවු වළහනු නො ලත්මි. වහන්ස, ‘උපාලි ගැහැවි මහණගොයුම්හට වාදාරෝපණය කරන්නෙ යැ’ යන යමෙක් ඇද්ද තෙල මට නො රිසුණේ යැ. වහන්ස, මහණ ගොයුම්හු මායා ඇත්තාහ. යම් මායායෙකින් අන්තොටු වන්ගේ සවුවන් ආවර්‍තනය කොට ගනිත් ද, එබඳු ආවර්‍තනී මායාවක් දන්නාහ. වහන්ස, තොපගේ උපාලි ගැහැවි මහණ ගොයුම්හු විසින් අවර්‍තනී මායායෙන් ආවර්තිත වැ ඇති’යි. තපස්විය, ‘උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ’ යන යමෙක් වේ ද තෙල වන්නට නො නිසි යැ. අවකාශ ද නැත‍. ‘මහණ ගොයුම්හු උපාලි ගැහැවිහුගේ සවු බවට යන්න යැ’ යන යමෙක් වේද තෙල කරුණ ඇතැ’යි. දෙවනවට දු ... තුන්වනවට ද දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ’ යන යමෙක් වේ ද තෙල සැබෑ මැ යැ. වහන්ස, මම තොපගේ තෙල සවු වළහන්නට නො ලත්මි. වහන්ස, ‘උපාලි ගැහැවි මහණගොයුම්හට වාදාරෝපණය කරන්නෙ යැ’ යන යමෙක් වේ ද තෙල මට නො රිසුණේ යැ. වහන්ස, මහණ ගොයුම්හු මායාවීහ. යම් මායායෙකින් අන්තොටුවන්ගේ සවුවන් ආවර්‍තනය කොට ගනිත් ද, එබඳු ආවර්‍තනී මායාවක් දන්නාහ. වහන්ස, තොපගේ උපාලි ගැහැවි මහණ ගොයුම්හු විසින් ආවර්තිත වැ ඇතැ’යි කී. තපස්විය, ‘උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට යන්නේ යැ’ යන යමෙක් ඇද්ද, තෙල වන්නට නො නිසි යැ. ‘මහණ ගොයුම්හු උපාලි ගැහැවිහුගේ සවු බවට යන්නාහ’යන යමෙක් වේද තෙල කරුණ විද්‍යාමාන වෙයි. තපස්විය, එබැවින් මම යමි. උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියෙ හෝ නොහොත් නො ගියෙ යැ හො’යි මම් මැ දනිමි’යි.

අථ ඛො නිගණ්ඨො නාතපුත්තො මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං යෙන උපාලිස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. අද්දසා ඛො දොවාරිකො නිගණ්ඨං නාතපුත්තං දූරතොව ආගච්ඡන්තං, දිස්වාන නිගණ්ඨං නාතපුත්තං එතදවොච: තිට්ඨ භන්තෙ, මා පාවිසි. අජ්ජතග්ගෙ උපාලි ගහපති සමණස්ස ගොතමස්ස සාවකත්තං උපගතො, ආවටං ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං, අනාවටං ද්වාරං භගවතො භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. සචෙ තෙ භන්තෙ පිණ්ඩකෙන අත්‍ථො එත්‍ථෙව තිට්ඨ. එත්‍ථෙව තෙ ආහරිස්සන්තීති. තෙන හි සම්ම දොවාරික, යෙන උපාලි ගහපති තෙනුපසඞ්කම. උපසඞ්කමිත්‍වා උපාලිං ගහපතිං එවං වදෙහි: නිගණ්ඨො භන්තෙ නාතපුත්තො මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං බහිද්වාරකොට්ඨකෙ ඨිතො. සො තෙ දස්සනකාමොති. එවං භන්තෙති ඛො දොවාරිකො නිගණ්ඨස්ස නාතපුත්තස්ස පටිස්සුත්‍වා යෙන උපාලි ගහපති තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්‍වා උපාලිං ගහපතිං එතදවොච: නිගණ්ඨො භන්තෙ නාතපුත්තො මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං බහිද්වාරකොට්ඨකෙ ඨිතො, සො තෙ දස්සනකාමොති. තෙන හි සම්ම දොවාරික, මජ්ඣිමාය ද්වාරසාලාය ආසනානි පඤ්ඤාපෙහීති. එවං භන්තෙති ඛො දොවාරිකො උපාලිස්ස ගහපතිස්ස පටිස්සුත්‍වා මජ්ඣිමාය ද්වාරසාලාය ආසනානි පඤ්ඤපෙත්‍වා යෙන උපාලි ගහපති තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්‍වා උපාලිං ගහපතිං එතදවොච: පඤ්ඤත්තානි ඛො තෙ භන්තෙ මජ්ඣිමාය ද්වාරසාලාය ආසනානි. යස්සදානි කාලං මඤ්ඤසීති.

ඉක්බිති නිගණ්ඨනාථපුත්‍ර මහත් නුවට පිරිස් හා සමග උපාලි ගැහැවිහුගේ නිවෙස්න කරා ගියෙ යැ. දොරටුගොවු නිගණ්ඨනාථපුත්‍රයා එන්නහු දුර දී මැ දිටි. දැක නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, සිටුව. නො වදුව. අද පටන් කොට උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියෙ වෙයි. නුවට-නුවටුනට දොර ඇවිරිණි. බුදුන්ගේ මහණ මෙහෙණ උවසු උවැසියනට දොර නො ඇවිරිණි. වහන්ස, ඉදින් තොපට බතින් වැඩ ඇත් නම් මෙහි මැ සිටුව. මෙහි ලා මැ තොපට ගෙන එති’යි. සගය, දොවාරිකය, එ‍හෙයින් උපාලි ගැහැවිහු කරා එළැඹෙව. එළැඹැ උපාලි ගැහැවිහට මෙසේ කියව: ‘වහන්ස, නිගණ්ඨනාථපුත්‍ර මහත් නුවටපිරිස් හා සමඟ බිහි දොරකොටුයෙහි සිටියෙ යැ. හෙ තොප දක්නා කැමැතියේ යැ’යි. ‘වහන්ස, එසේ යැ’යි දොවාරික නුවටනතපුත්තහට පිළිවදන් දී උපාලි ගැහැවිහු කරා එළැඹියෙ යැ. එළැඹ උපාලි ගැහැවිහට තෙල කී: ‘වහන්ස, නුවටනතපුත් මහන් නුවටපිරිස් හා සමග බිහි දොරකොටුයෙහි සිටියෙ යැ. හෙ තොප දක්නා කැමැත්තැ’යි. සගය දොවාරිකය, එහෙයින් මධ්‍යම ද්වාරශාලායෙහි අසුන් පනවාලව යි. ‘වහන්ස, එසේ යැ’යි දොවාරිකයා උපාලි ගැහැවිහට පිළිවදන් දී මධ්‍යම ද්වාරශාලායෙහි අසුන් පනවා උපාලි ගැහැවිහු කරා ඔළැඹියෙ යැ. එළැඹ උපාලි ගැහැවිහට තෙල කී: ‘වහන්ස, මධ්‍යම ද්වාරශාලායෙහි තොපට අසුන් පනවනලද. දැන් එයට කල් දනුව’යි කී.

අථ ඛො උපාලි ගහපති යෙන මජ්ඣිමා ද්වාරසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්‍වා යං තත්‍ථ ආසනං අග්ගඤ්ච සෙට්ඨඤ්ච උත්තමඤ්ච පණීතඤ්ච තත්‍ථ නිසීදිත්‍වා දොවාරිකං ආමන්තෙසි: තෙන හි සම්ම දොවාරික, යෙන නිගණ්ඨො නාතපුත්තො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්‍වා නිගණ්ඨං නාතපුත්තං එවං වදෙහි: උපාලි භන්තෙ ගහපති එවමාහ: පවිස කිර භන්තෙ සචෙ ආකඞ්ඛසීති. එවං භන්තෙති ඛො දොවාරිකො උපාලිස්ස ගහපතිස්ස පටිස්සුත්‍වා යෙන නිගණ්ඨො නාතපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්‍වා නිගණ්ඨං නාතපුත්තං එතදවොච: උපාලි භන්තෙ ගහපති එවමාහ: පවිස කිර භන්තෙ සචෙ ආකඞ්ඛසීති. අථ ඛො නිගණ්ඨො නාතපුත්තො මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං යෙන මජ්ඣිමා ද්වාරසාලා තෙනුපසඞ්කමි. අථ ඛො උපාලි ගහපති යං සුදං පුබ්බෙව යතො පස්සති නිගණ්ඨං නාතපුත්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන තතො පච්චුගන්ත්‍වා යං තත්‍ථ ආසනං අග්ගඤ්ච සෙට්ඨඤ්ච උත්තමඤ්ච පණීතඤ්ච, තං උත්තරාසඞ්ගෙන පමජ්ජිත්‍වා පරිග්ගහෙත්‍වා නිසීදාපෙති. සො’දානි යං තත්‍ථ ආසනං අග්ගඤ්ච සෙට්ඨඤ්ච උත්තමඤ්ච පණීතඤ්ච තත්‍ථ සාමං නිසීදිත්‍වා නිගණ්ඨං නාතපුත්තං එතදවොච: සංවිජ්ජන්තෙ1 ඛො භන්තෙ ආසනානි, සචෙ ආකඞ්ඛසි නිසීදාති. එවං වුත්තෙ නිගණ්ඨො නාතපුත්තො උපාලිං ගහපතිං එතදවොච: උම්මත්තොසි ත්‍වං ගහපති, දත්තොසි ත්‍වං ගහපති. ගච්ඡාමහං භන්තෙ සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙස්සාමීති ගන්ත්‍වා මහතාසි වාදසඞ්ඝාටෙන පටිමුක්කො ආගතො. සෙය්‍යථාපි ගහපති පුරිසො අණ්ඩහාරකො ගන්ත්‍වා උබ්භතෙහි අණ්ඩෙහි ආගච්ඡෙය්‍ය, සෙය්‍යථාපි වා පන ගහපති පුරිසො අක්ඛිහාරකො ගන්ත්‍වා උබ්භතෙහි අක්ඛීහි ආගච්ඡෙය්‍ය. එවමෙව ඛො ත්‍වං ගහපති ගච්ඡාමහං භන්තෙ සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙස්සාමීති ගන්ත්‍වා මහතාසි වාදසඞ්ඝාටෙන පටිමුක්කො ආගතො. ආවට්ටොසි ඛො ත්‍වං ගහපති සමණෙන ගොතමෙන ආවට්ටනියා මායායාති.

ඉක්බිති උපාලි ගැහැවිහු මධ්‍යම ද්වාරශාලාව කරා එළැඹියෙ යැ. එළැඹ එහි අග්‍ර වූත් ශ්‍රෙෂ්ඨ වූත් උත්තම වූත් ප්‍රණිත වූත් යම් අස්නෙක් වී ද එහි හිඳ දොවාරිකයා කැඳවී. සගය, දොවාරිකය, එහෙයින් නිගණ්ඨනාථපුත්‍රයා කරා එළැඹෙව. එළැඹ නිගණ්ඨනාථපුත්‍රයාට මෙසේ කියව: ‘වහන්ස, උපාලි ගැහැවි මෙසේ කියයි’: ’වහන්ස, ඉදින් කැමැත්තෙහි නම් වදුව’යි. ‘වහන්ස, එසේ යැ’යි දොවාරිකයා උපාලි ගැහැවිට පිළිවදන් දී නිගණ්ඨනාථපුත්‍රයා කරා එළැඹියෙ යැ. එළැඹ නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මෙසේ කියයි’: ‘වහන්ස, ඉදින් කැමැත්තෙහි නම් වදුව’යි. එකල්හි නිගණ්ඨනාථපුත්‍ර මහත් නුවටපිරිස් හා සමග මධ්‍යම ද්වාරශාලාව කරා එළැඹියේ යැ. ඉක්බිති උපාලි ගැහැවි යම් තැනෙකැ සිට පෙර යම් නිගණ්ඨනාථපුත්‍රයකු එන්නාහු දුරදීම දැක එතැන සිට පෙරගමන් කොට එහි අග්‍ර වූත් ශ්‍රෙෂ්ඨ වූත් උත්තම වූත් ප්‍රණිත වූත් යම් අස්නෙක් වී නම් එය උත්තරාසඞ්ගයෙන් පිස පරිග්‍රහ කොට බලා හිඳුවාලයි. හෙ දැන් එහි අග්‍ර වූත් ශ්‍රෙෂ්ඨ වූත් උත්තම වූත් ප්‍රණිත වූත් යම් අස්නෙක් වී ද එහි තෙමේ හිඳ නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, අසුන් ඇත. ඉදින් කැමැත්තහු නම් හිඳුව’යි. මෙසේ කී කලැ නුවට නතපුත් උපාලි ගැහැවිහට තෙල කී: ගැහැවිය, තෙපි ඇළල ගියහු? ගැහැවිය තෙපි ජඩ වැ ගියහු? ‘වහන්ස, මම යමි. මහණ ගොයුම්හට වාදාරොපණ කෙරෙමි යි ගොස් මහත් වාදබන්ධනයෙන් තිර වැ ආව? ගැහැවිය, යම් පරිදි පුරුෂයෙක් අණ්ඩහාරක වැ ගොස් උපුටා හළ අණ්ඩයෙන් යුතු වැ එන්නේ වේ ද, ගැහැවිය, යම් සේ පුරුෂයෙක් අක්ඛිහාරකවැ ගොස් උපුටාහළ ඇසින් යුතු වැ එන්නේ වේ ද, ගැහැවිය, එසේ මැ තෙපි ‘වහන්ස, මම යමි. මහණ ගොයුම්හට වාදාරොපණ කෙරෙමි’යි ගොස් මහත් වාදබන්ධනයෙන් ප්‍රතිමුක්ත වැ ආව. ගැහැවිය, තෙපි මහණ ගොයුම්හු විසින් ආවර්තනී මායායෙන් ආවර්තිත ව? යි.

භද්දිකා භන්තෙ ආවට්ටනී මායා, කල්‍යාණී භන්තෙ ආවට්ටනී මායා, පියා මෙ භන්තෙ ඤාතිසාලොහිතා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්‍යුං, පියානම්පි මෙ අස්ස ඤාතිසාලොහිතානං දීඝරත්තං හිතාය සුඛාය. සබ්බෙ චෙපි භන්තෙ ඛත්තියා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්‍යුං. සබ්බෙසානම්පිස්ස2 ඛත්තියානං දීඝරත්තං හිතාය සුඛාය. සබ්බෙ චෙපි භන්තෙ බ්‍රාහ්මණා -පෙ- වෙස්සා -පෙ- සුද්දා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්‍යුං, සබ්බෙසානම්පිස්ස2 සුද්දානං දීඝරත්තං හිතාය සුඛාය. සදෙවකො චෙපි භන්තෙ ලොකො සමාරකො සබ්‍රහ්මකො සස්සමණබ්‍රාහ්මණී පජා සදෙවමනුස්සා ඉමාය ආවට්ටනියා ආවට්ටෙය්‍ය, සදෙවකස්සපිස්ස1 ලොකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දීඝරත්තං හිතාය සුඛාය. තෙන හි භන්තෙ උපමන්තෙ කරිස්සාමි. උපමායපිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්‍ථං ආජානන්ති.

වහන්ස, ආවර්තනී මායා භද්‍ර යැ. වහන්ස, ආවර්‍තනී මායා කල්‍යාණි යැ. වහන්ස, මාගේ ප්‍රිය නෑසාලේ නෑයෝ මෙ ආවර්‍තනී මායායෙන් ආවර්තිත වෙද්ද මාගේ ප්‍රිය වූ නෑසාලේ නෑයනට ද බොහෝ කල් හිතයට සුඛයට වැටෙයි. වහන්ස, හැම ක්ෂත්‍රියයෝ ද මේ ආවර්‍තනීමායායෙන් ආවර්තිත වෙද්ද, හැම ක්ෂත්‍රියයනට ද බොහෝ කල් හිතයට සුඛයට වැටෙයි. වහන්ස, හැම බමුණෝ ද … හැම වෛශ්‍යෙයෝ ද ... හැම ශුද්‍රෙයෝ ද මෙ ආවර්‍තනී මායායෙන් ආවර්තිත වෙද්ද එ හැම ශුද්‍රයනට ද බොහෝ කල් හිතයට සුඛයට වැටෙයි. වහන්ස, මරුන් සියො බඹුන් සියො සදේවක ලෝකයා ද මහණබමුණන් සියො දෙව් මිනිසුන් සියො ප්‍රජාව ද මෙ ආවර්‍තනී මායායෙන් ආවර්තිත වේ ද, මරුන් සියො බඹුන් සියො සදේවක ලෝකයාහට ද මහණබමුණන් සියො දෙව්මිනිසුන් සියො ප්‍රජාවට ද බොහෝ කල් හිතයට සුඛයට වැටෙයි. වහන්ස, එ කරුණින් තොපට උපමාවක් කරමි. කිසි විඥපුරුෂ කෙනෙක්, උපමායෙනුදු භාෂිතයාගේ අර්‍ථය නුවණ එළවා දනිත්.

භූතපුබ්බං භන්තෙ අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස ජිණ්ණස්ස වුද්ධස්ස මහල්ලකස්ස දහරා මාණවිකා පජාපතී අහොසි ගබ්භිනි උපවිජඤ්ඤා. අථ ඛො භන්තෙ සා මාණවිකා තං බ්රාහ්මණං එතදවොච: ගච්ඡ ත්වං බ්රාහ්මණ, ආපණා මක්කටච්ඡාපකං කිණිත්වා ආනෙහි යො මෙ කුමාරකස්ස කීළාපනකො භවිස්සතීති. එවං වුත්තෙ භන්තෙ සො බ්රාහ්මණො තං මාණවිකං එතදවොච: ආගමෙහි තාව භොති යාව විජායසි. සචෙ ත්වං භොති කුමාරකං විජායිස්සසි, තස්ස තෙ අහං ආපණා මක්කටච්ඡාපකං කිණිත්වා ආනෙස්සාමි.2 යො තෙ කුමාරකස්ස කීළාපනකො භවිස්සති. සචෙ පන ත්වං භොති කුමාරිකං විජායිස්සසි, තස්සා තෙ අහං ආපණා මක්කටච්ඡාපිකං කිණිත්වා ආනෙස්සාමි. යා තෙ කුමාරිකාය කීළාපනිකා භවිස්සතීති. දුතියම්පි ඛො භන්තෙ -පෙ- කීළාපනිකා භවිස්සතීති. තතියම්පි ඛො භන්තෙ සා මාණවිකා තං බ්රාහ්මණං එතදවොච: ගච්ඡ ත්වං බ්රාහ්මණ ආපණා මක්කටච්ඡාපකං කිණිත්වා ආනෙහි යො මෙ කුමාරකස්ස කීළාපනකො භවිස්සතීති. අථ ඛො භන්තෙ සො බ්රාහ්මණො තස්සා මාණවිකාය සාරත්තො පටිබද්ධචිත්තො ආපණා මක්කටච්ඡාපකං කිණිත්වා ආනෙත්වා තං මාණවිකං එතදවොච: අයං තෙ භොති ආපණා මක්කටච්ඡාපකො කිණිත්වා ආනීතො යො තෙ කුමාරකස්ස කීළාපනකො භවිස්සතීති. එවං වුත්තෙ භන්තෙ සා මාණවිකා තං බ්රාහ්මණං එතදවොච: ගච්ඡ ත්වං බ්රාහ්මණ, ඉමං මක්කටච්ඡාපකං ආදාය යෙන රත්තපාණී රජකපුත්තො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා රත්තපාණිං රජකපුත්තං එවං වදෙහි: ඉච්ඡාමහං සම්ම රත්තපාණි, ඉමං මක්කටච්ඡාපකං පීතාවලෙපනං නාම රඞ්ගජාතං රඤ්ජිතං ආකොටිතපච්චාකොටිතං උභතොභාගවිමට්ඨන්ති. අථ ඛො භන්තෙ සො බ්රාහ්මණො තස්සා මාණවිකාය සාරත්තො පටිබද්ධචිත්තො තං මක්කටච්ඡාපකං ආදාය යෙන රත්තපාණි රජකපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රත්තපාණිං රජකපුත්තං එතදවොච: ඉච්ඡාමහං සම්ම රත්තපාණි, ඉමං මක්කටච්ඡාපකං පීතාවලෙපනං නාම රඞ්ගජාතං3 රඤ්ජිතං ආකොටිතපච්චාකොටිතං උභතොභාගවිමට්ඨන්ති. එවං වුත්තෙ භන්තෙ රත්තපාණි රජකපුත්තො තං බ්රාහ්මණං එතදවොච: අයං ඛො තෙ භන්තෙ මක්කටච්ඡාපකො රඞ්ගක්ඛමො හි ඛො, නො ආකොටනක්ඛමො නො විමජ්ජනක්ඛමොති. එවමෙව ඛො භන්තෙ බාලානං නිගණ්ඨානං වාදො රඞ්ගක්ඛමො හි ඛො බාලානං නො පණ්ඩිතානං, නො අනුයොගක්ඛමො, නො විමජ්ජනක්ඛමො. අථ ඛො භන්තෙ සො බ්රාහ්මණො අපරෙන සමයෙන නවං දුස්සයුගං ආදාය යෙන රත්තපාණි රජකපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රත්තපාණිං රජකපුත්තං එතදවොච: ඉච්ඡාමහං සම්ම රත්තපාණි, ඉමං නවං දුස්සයුගං පීතාවලෙපනං නාම රඞ්ගජාතං රඤ්ජිතං3 ආකොටිතපච්චාකොටිතං උභතොභාගවිමට්ඨන්ති. එවං වුත්තෙ භන්තෙ රත්තපාණි රජකපුත්තො තං බ්රාහ්මණං එතදවොච: ඉදං ඛො තෙ භන්තෙ නවං දුස්සයුගං රඞ්ගක්ඛමඤ්චෙව ආකොටනක්ඛමඤ්ච විමජ්ජනක්ඛමඤ්චාති. එවමෙව ඛො භන්තෙ තස්ස භගවතො වාදො අරහතො සම්මාසම්බුද්ධස්ස රඞ්ගක්ඛමො චෙව පණ්ඩිතානං නො බාලානං, අනුයොගක්ඛමො ච විමජ්ජනක්ඛමො චාති.

වහන්ස, වූවිරි දැයෙකි. ජීර්‍ණ වූ වෘද්ධ වූ මහලු වූ එක්තරා බමුණක්හට ළදරු මෙණෙවියක් භාර්යා වූ යැ. ගැබ් ඇත්තී වදන වර ළං වැ ඇත්තී වූ යැ. වහන්ස, ඉක්බිති එ මෙණෙවි එ බම්ණුට තෙල කිවු: ‘බමුණ, තෙපි යව. යම් වඳුරු පැටෙක් මාගේ කුමරහට කෙළි බඩු වේ ද, එ බඳු වඳුරු පැටකු අවුණුදොරින්, මිල දී ගෙන එව’යි. වහන්ස, මෙසේ කී කලැ එ බමුණු එ මෙණෙවියට තෙල කී: ‘සොඳුර, වදන තාක් බලව. සොඳුර ඉදින් තෙපි කුමරකු වදන්නවු නම් තොපට මම අවුණුදොරින් තොපගේ එ කුමරුට කෙළි බඩු වන වඳුරු පැටකු මිල දී ගෙන එමි. ඉදින් තෙපි කුමරියක වදන්නවු නම් ‍තොපගේ එ කුමරියට කෙළි බඩු වන වඳුරු පැටියක අවුණුදොරින්ගෙන එමි. වහන්ස, දෙවනවට ද … තෙවනවට ද වහන්ස, එ මෙණෙවි එ බමුණුහට තෙල කිවු: බමුණ, තෙපි යව. යම් වඳුරුපැටෙක් මාගේ කුමරහට කෙළිබඩු වේ ද, එ බඳු වඳුරු පැටකු මිල දී ගෙන එව’යි. වහන්ස, ඉක්බිත් එ බමුණු එ මෙණෙවිය කෙරෙහි ඇලුණෙ, පිළිබඳ සිත් ඇතියේ අවුණුදොරින් වඳුරුපැටකු මිල දී ගෙනවුත් එ මෙණෙවියට තෙල කී: ‘භවතිය, තොපට වඳුරුපැටකු මිල දී ගෙන එන ලද. එ තොපගේ කුමරහට කෙළෙනට නිසි වන්නේ’ යයි. වහන්ස, මෙසේ කී කල්හි එ මෙණෙවි එ බමුණුහට තෙල කිවු ය: බමුණ තෙපි මෙ වඳුරුපැටහු ගෙන රඟ පොවන රදාදරු කරා එළඹ රඟ පොවන රදාදරුහට මෙසේ කියව. ‘යහළු රක්තපාණීය, මම මේ වඳුරු පැටහු රන්වන් රඳනින් රඳනලදහු කොළන පිළිකොළන ලදහු දෙපස මට කරනලදහු කැමැත්තෙමි’ යි වහන්ස, එසඳ එ බමුණු එ මෙණෙවිය කෙරෙහි ඇලුණේ පිළිබඳසිත් ඇත්තේ එ වඳුරුපැටහු ගෙන රක්තපාණී රදාදරු කරා එළැඹියෙ. එළැඹ රක්තපාණී රදාදරුහට තෙල කී: ‘යහළු රක්තපාණීය, මම මේ වඳුරු පැටහු රන්වන් රඳනින් රඳනලදහු කොළන පිළිකොළන ලදහු දෙපස මට කරනලදහු කැමැත්තෙමි’යි. වහන්ස, මෙසේ කී කල්හි රක්තපාණී රදාදරු එ බමුණුහට තෙල කී: හිමි, තොපගෙ මෙ වඳුරුපොවු රඬ්ගක්ෂම මැ වෙයි. ආකොටනක්ෂම නො වෙයි, විමාර්ජනක්ෂම නො ද වේ යයි. වහන්ස, ඉක්බිති එසෙයින් මැ බාල නුවටුන්ගේ වාද පණ්ඩිතයනට නො වැ බාලයනට රඬ්ගක්ෂම මැ වෙයි. අනුයොගක්ෂම නො වෙයි, විමාර්ජනක්ෂම නො ද වෙයි. වහන්ස, එසෙයින් මැ බාල නුවටුන්ගේ වාද පණ්ඩිතයනට නො වැ බාලයනට රඬ්ගක්ෂම මැ වෙයි. අනුයොගක්ෂම නො වෙයි, විමාර්ජනක්ෂම නො ද වෙයි. වහන්ස, ඉක්බිති එ බමුණු මෑතභාගයෙහි අළුත් පිළිසඟලක් ගෙන රක්තපාණී රදාදරු කරා එළැඹියෙ. එළැඹ රක්තපාණී රදාදරුහට තෙල කී: යහළු රක්තපාණීය, මම මේ අළුත් පිළීසඟල රන්වන් රඳනින් රඳනා ලදහු කොළන පිළිකොළන ලදහු දෙපස මට කරනලදහු කැමැත්තෙමි’යි. වහන්ස, මෙසේ කී කල්හි රක්තපාණී රජකපුත්‍ර එ බමුණුහට තෙල කී: හිමි, තොපගෙ මෙ අළුත් පිළීසඟල රඬ්ගක්ෂම ද ආකොටනක්ෂම ද විමාර්ජනක්ෂම ද වේ යයි. වහන්ස එහෙයින් මැ එ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ කථා බාලයනට නො ව පණ්ඩිතයනට රඬ්ගක්ෂම ද අනුයොගක්ෂම ද විමාර්ජනක්ෂම ද වේ යයි.

සරාජිකා ඛො තං ගහපති පරිසා එවං ජානාති: උපාලි ගහපති නිගණ්ඨස්ස නාතපුත්තස්ස සාවකොති. කස්ස තං ගහපති සාවකං ධාරෙමාති. එවං වුත්තෙ උපාලි ගහපති උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා නිගණ්ඨං නාතපුත්තං එතදවොච: තෙන හි භන්තෙ සුණොහි යස්සා’හං සාවකො:

ගැහැවිය, සරාජිකපර්‍ෂද් තොප මෙසෙ දනි: ‘උපාලි ගැහැවි නිගණ්ඨනාථපුත්‍රයාගේ ශ්‍රාවක යැ’ කියා යි. ගැහැවිය, තොප කවරක්හුගේ ශ්‍රාවක කොට ධරම්හ? යි. මෙසේ කී කල්හි උපාලි ගැහැවි හුනස්නෙන් නැගී උතුරුසළු එකස් කොට බුදුන් වසන දසට ඇඳිලි පනවා නිගණ්ඨනාථපුත්‍රයාහට තෙල කී: ‘ වහන්ස, එසේ වී නම් මම් යම් කෙනෙකුගේ ශ්‍රාවකයෙම් ද උන් වහන්සේගේ ගුණ අසව:

1. ධීරස්ස විගතමොහස්ස පභින්නඛිලස්ස විජිතවිජයස්ස,
අනීඝස්ස සුසමචිත්තස්ස වුද්ධසීලස්ස සාධුපඤ්ඤස්ස,
වෙස්සන්තරස්ස1 විමලස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.

(1) ධීර වු හෙවත් පාණ්ඩිත්‍යයෙන් සමන්වාගත වූ, විගත වූ මොහ ඇති, බිඳුනා ලද පඤ්චචෙතොඛිල ඇති, දිනන ලද මෘත්‍යුමාරාදි මාරවිජය ඇති, ක්ලේශදුඃඛයෙන් හා විපාකදුඃඛයෙන් නිදුක් වූ, දෙව්මිනිසුන් කෙරෙහි මොනොවට සමමෙත් ඇති, වැඩූ ආචාර ශීල ඇති, සුන්දරප්‍රඥා ඇති, රාගාදි විෂමය තැරැසිටි, විගතවූ රාගාදි මල ඇති, ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි. (‘ඔබ මාගේ ශ්‍රාස්තෘ වූහ’යි යූ සේ යි.)

2. අකථංකථිස්ස තුසිතස්ස වන්තලොකාමිසස්ස මුදිතස්ස,
කතසමණස්ස මනුජස්ස අන්තිමසාරීරස්ස නරස්ස,
අනොපමස්ස විරජස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.

(2) අකථංකථී වූ, තුටුසිත් ඇති, වමාළ කාමගුණ ඇති, මුදිතාවිහාරවශයෙන් සතුටු වූ, කරනලද මහණදම් ඇති, මනුජ වූ අන්තිමදේහධාරී වු, උත්තම නර වූ අනූපගම වූ, විගත කෙලෙස්රජස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

3. අසංසයස්ස කුලස්ස වෙනයිකස්ස සාරථිවරස්ස,
අනුත්තරස්ස රුචිරධම්මස්ස නික්කඞ්ඛස්ස පභාසකරස්ස,
මානච්ඡිදස්ස වීරස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.

(3) ශංසය රහිත වූ නිපුණ වූ සත්වයන් විනයනය කරනු වූ උත්තම සාරථි වූ අනුත්තර වූ පවිත්‍රධර්ම ඇති නිශ්ශඬ්ක වූ ඔභාසකර වූ සිඳින ලද මාන ඇති වීර වූ ඒ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

4. නිසභස්ස අප්පමෙය්යස්ස ගම්භීරස්ස මොනපත්තස්ස,
ඛෙමඞ්කරස්ස දෙවස්ස ධම්මට්ඨස්ස සංවුතත්තස්ස,
සඞ්ගාතිගස්ස මුත්තස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.

(4) අප්‍රතිසමාර්ථයෙන් නිසඟ වූ අප්‍රමේය වූ ගම්භීර වූ මෝන සඬ්ඛ්‍යාත ඥානයට පැමිණි ක්‍ෂේමකර වූ වේද සඬ්ඛ්‍යාත ඥානයෙන් සමන්වාගත වූ ධර්මයෙහි පිහිටා සිටි සංවෘත වූ සිත් ඇති ක්ලෙශසඬ්ගයන් ඉක්මැ සිටි වීර වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

5. නාගස්ස පන්තසෙනස්ස ඛීණසංයොජනස්ස මුත්තස්ස,
පටිමන්තකස්ස ධොනස්ස පන්නද්ධජස්ස වීතරාගස්ස,
දන්තස්ස නිප්පපඤ්චස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.

(5) සියුකරුණෙන් නාග වූ ප්‍රාන්තශයනාසන ඇති ක්ෂීණ වූ සංයෝජන ඇති කෙලෙසුන් කෙරෙන් මිදුණු ප්‍රතිමන්ත්‍රණ ප්‍රඥායෙන් සමන්වාගත වූ ධොන සඬ්ඛ්‍යාත ඥානයෙන් සමන්වාගත වූ පතිත මානධවජ ඇති වීතරාග වූ නිර්විශෙවන වූ ක්ලේශ ප්‍රපඤ්ච රහිත වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

6. ඉසිසත්තමස්ස අකුහස්ස තෙවිජ්ජස්ස බ්රහ්මපත්තස්ස,
නහාතකස්ස2 පදකස්ස පස්සද්ධස්ස
විදිතවෙදස්ස,පුරින්දදස්ස සක්කස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.

(6) සප්තමර්ෂී වූ කුහන නො වූ ත්‍රිවිද්‍යා ඇති ශ්‍රේෂ්ඨස්ථානයට පැමැණි දෙවූ කෙලෙස් ඇති ගාථාපද කරණයෙහි කුශල වූ සන්හුන් කායචිත්ත ඇති විදිත වූ ඥාන ඇති හැමට පළමු කොට ධර්මදාන දායක වූ ශක්‍ය වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

7. අරියස්ස භාවිතත්තස්ස පත්තිපත්තස්ස වෙය්යාකරණස්ස,
සතීමතො විපස්සිස්ස අනභිනතස්ස නො අපනතස්ස,
අනෙජස්ස වසිප්පත්තස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.

(7) ආර්යය වූ වැඩූ සිත් ඇති පැමැණියයුතු ගුණයට පැමිණි විස්තර කොට අර්ථ දක්වන ස්මෘතිමත් වූ විදර්‍ශක වූ අර්හත් වූ අදුෂ්ට වූ තෘෂ්ණා රහිත වූ වශීප්‍රාප්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

8. සම්මග්ගතස්ස ඣායිස්ස අනනුගතන්තරස්ස සුද්ධස්ස,
අසිතස්ස අප්පහීනස්ස4 පවිවිත්තස්ස අග්ගපත්තස්ස,
තිණ්ණස්ස තාරයන්තස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.

(8) සම්‍යග්ගත වූ ධ්‍යායී වූ කෙලෙසුන් විසින් අනුගත නො වූ සිත් ඇති ශුද්ධ වූ අබද්ධ වූ අප්‍රහීන වූ ප්‍රවිවේක ඇති අග්‍රප්‍රාප්ත වූ තරණය කළ චතුරොඝ ඇති අනුන් තරණය කරවන ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

9. සන්තස්ස භූරිපඤ්ඤස්ස මහාපඤ්ඤස්ස වීතලොභස්ස,
තථාගතස්ස සුගතස්ස අප්පටිපුග්ගලස්ස අසමස්ස;
විසාරදස්ස නිපුණස්ස භගවතො තස්ස සාවකො’හමස්මි.

(9) ශාන්ත වූ, පොළොව සෙයින් පතළ ප්‍රඥා ඇති මහාප්‍රඥායෙන් යුක්ත වූ පහ කළ ලොභ ඇති තථාගත වූ අප්‍රතිපුද්ගල වූ අසම වූ විශාරද වූ නිපුණ වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

10. තණ්හච්ඡිදස්ස බුද්ධස්ස වීතධූමස්ස අනුපලිත්තස්ස,
ආහුණෙය්යස්ස යක්ඛස්ස උත්තමපුග්ගලස්ස අතුලස්ස,
මහතො යසග්ගපත්තස්ස භගවතො තස්ස සාවකො’හමස්මී’’ති.

(10) බිඳලූ තෘෂ්ණා ඇති චතුස්සත්‍යාවබොධ කළ පහ කළ කෙලෙස්දුම් ඇති කෙලෙසුන් විසින් උපලිප්ත නො වූ ආහුති පිළිගන්නට නිසි (අනුභාව වශයෙන්) යක්ෂ වූ උත්තම පුද්ගල වූ අතුල වූ මහත් වූ අගපත් යශස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

කදා සඤ්ඤෑළ්හා පන තෙ ගහපති ඉමෙ සමණස්ස ගොතමස්ස වණ්ණාති. සෙය්යථාපි භන්තෙ නානාපුප්ඵානං මහාපුප්ඵරාසි, තමෙනං දක්ඛො මාලාකාරො වා මාලාකාරන්තෙවාසී වා විචිත්තං මාලං ගන්ථෙය්ය. එවමෙව ඛො භන්තෙ සො භගවා අනෙකවණ්ණො අනෙකසතවණ්ණො කො හි භන්තෙ වණ්ණාරහස්ස වණ්ණං න කරිස්සතීති.

ගැහැවිය, මහණ ගොයුම්හුගේ මේ ගුණයෝ තොප විසින් කවර කලෙක එක්රැස් කරනලද්දාහු ද? වහන්ස, යම් පරිදි නානා පුෂ්පයන් පිළිබඳ පුෂ්පරාශියෙක් ඇද්ද තෙල මල්රැස දක්ෂ මාලාකාරයෙක් වේවයි මල්කරු අතැවැසියෙක් වේවයි විසිතුරු මල්දමක් ගොතන්නේ වේ ද, වහන්ස, එපරිදි භාග්‍යවතුන් වහන්සේ අනේකවර්‍ණයහ, අනේකශත වර්‍ණයහ. වහන්ස, කවරෙක් නම් වර්‍ණාභියාගේ ගුණවැනුම් නො කරන්නේ වේ ද?

අථ ඛො නිගණ්ඨස්ස භගවතො සක්කාරං අසහමානස්ස තත්ථෙව උණ්හං ලොහිතං මුඛතො උග්ගඤ්ජීති.1

එසඳ බුදුනට සත්කාර නො සහන නුවටනතපුත්හට එ අසුන්හි දී මැ හුණුලේ මුවින් නැඟිණි.

උපාලිසුත්තං ඡට්ඨං.

සවැනි උපාලිසූත්‍ර යි.