1. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන කොසම්බියං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. තෙ න චෙව අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙන්ති, න ච සඤ්ඤත්තිං උපෙන්ති, න ච අඤ්ඤමඤ්ඤං නිජ්ඣාපෙන්ති, න ච නිජ්ඣත්තිං උපෙන්ති.
1. මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක්හි භගවත්හු කොසැඹෑ නුවර ගොසසිටුහු කළ ඝොසිතාරාමයෙහි වැඩවාස කෙරෙති. එසමයෙහි කොසැඹෑයෙහි භික්‍ෂූහූ හටගත් කලහපූර්‍වභාග සටන් ඇතියෝ, හටගත් (හස්තපරාමර්‍ෂ-පාත්‍රචීවරනීහරණාදි) කලහ ඇතියෝ, පැමිණි විරුදධවාද ඇතියෝ, උනුන් තෙපුල් සැතින් විදුනාහු වාස කෙරෙති. ඔහු (අර්ත්‍ථ හා කාරණ හා දක්වා) උනුන් නො ම හඟවත්. (ඉදින් හඟවන්නට නිසි වුව ද) සංඥප්තියට (හඟනට) නො එළඹෙති. (දන්නට නො කැමැති වෙති.) උනුන් නො ම සිතවත්. සිතීමට නො එළඹෙති.
2. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ඉධ භන්තෙ කොසම්බියං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. තෙ න චෙව අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙන්ති, න ච සඤ්ඤත්තිං උපෙන්ති, න ච අඤ්ඤමඤ්ඤං නිජ්ඣාපෙන්ති, න ච නිජ්ඣත්තිං උපෙන්තීති.
2. එක්බිති අන්‍යතර (නොපාළ) මහණෙක් භගවත්හු කරා එළඹිණ. එළඹ භගවත්හු සකසා වැඳ එකත්පස් ව හින. එකත් පස් ව හුන් ඒ මහණ භගවත් හට තෙල සැළකෙළේ: “වහන්ස, කොසැඹෑ නුවර නිවැසි භික්‍ෂූහු උපන් ඩබර ඇත්තාහු, (හස්තපරාමර්‍ෂාදි විසින්) උපන් මුදුන්පත් කලහ ඇත්තාහු, විරුද්ධවාදයට ගියාහු, උනුන් මුව සැතින් විදුනාහු වාස කෙරෙති. ඔහු උනුන් නො ම හඟවත්. සංඥප්තියට නො වැටෙති. උනුන් නොම සිතවති. සිතීමට නො වැටෙති” කියායි.
3. අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: එහි ත්වං භික්ඛු මම වචනෙන තෙ භික්ඛූ ආමන්තෙහි ‘සත්ථායස්මන්තෙ ආමන්තෙතී’ති. එවම්භන්තෙති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතීති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ භගවා එතදවොච: සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරථ, තෙ න චෙව අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙථ, න ච සඤ්ඤත්තිං උපෙථ, න ච අඤ්ඤමඤ්ඤං නිජ්ඣාපෙථ, න ච නිජ්ඣත්තිං උපෙථාති. ‘එවම්භන්තෙ’.
3. එසඳ භගවත්හු එක්තරා මහණකු ඇමැතුසේක. “මහණ, තො එව ‘ශාසතෲන් වහන්සේ ආවතුන් අමතන සේකැ’යි මා බසින් ඒ භික්‍ෂූන් අමතුව” යි වදාළෝ. ‘වහන්ස, එසේයැ’ යි එ මහණ භගවත්හට පිළිවදන් දී එ මහණුන් කරා එළඹියේය. එළඹ එ මහණුන්හට තෙල කී: “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් අමතන සේකැ” යි. ‘ඇවත එසේ යැ’ යි එ මහණහු එ මහණහට පිළිවදන් දී භගවත්හු කරා එළඹියහ. එළඹ භගවත්හු සකසා වැඳ එකත්පස් ව හුන්හු. එකත්පස් ව හුන් එ මහණුන්ට භගවත්හු තෙල බස් වදාළසේක: “සැබැව? මහණෙනි’ තෙපි උපන් ඩබර ඇති ව උපන් මුදුන්පත් කලහ ඇති ව විවාදාපන්න ව අන්‍යෝන්‍යයන් මුවඅඩයටියෙන් විදුනහු වාස කරව? තෙපි උනුන් නොම හඟවනු ව? ගඟනට නොයන්නාව? උනුන් නොම සිතවන්නාව? සිතන්නට නො යන්නාව?”යි. ‘වහන්ස, එසේ ය’යි සැළ කළෝ.
4. තං කිං මඤ්ඤථ භික්ඛවෙ: යස්මිං තුම්හෙ සමයෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරථ, අපි නු තුම්හාකං තස්මිං සමයෙ මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච, මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච, මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො චාති. ‘නො හෙතම්භන්තෙ’.
ඉති කිර භික්ඛවෙ යස්මිං තුම්හෙ සමයෙ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරථ, නෙව තුම්හාකං තස්මිං සමයෙ මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච. න මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවීචෙව රහො ච. න මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අථ කිං චරහි තුම්හෙ මොඝපුරිසා, කිං ජානන්තා කිං පස්සන්තා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරථ, තෙ න චෙව අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙථ, න ච සඤ්ඤත්තිං උපෙථ, න ච අඤ්ඤමඤ්ඤං නිජ්ඣාපෙථ, න ච නිජ්ඣත්තිං උපෙථ. තං හි තුම්හාකං මොඝපුරිසා, භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛායාති.
4. මහණෙනි, එ කිසේ හඟනාව? තෙපි යම් දවසෙක උපන් කලහාරම්භ ඇති ව උපන් කලහ ඇතිව අවන් විරුද්ධවාද ඇති ව උනුන් මුවතෙබින් විදුනහු වාස කරහු නම්, එදවස් තොප තුළ සබ්‍රම්සරුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෙත්සහගිය කායකර්‍ම එළවිණි ද, සබ්‍රම්සරුන් කෙරෙහි හමුවෙහිත් නො හමුවෙහිත් මෙත් සහගිය වාක්‍කර්‍ම එළවිණි ද, සබ්‍රම්සරුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෙත්සහගිය මනඃකර්‍ම එළවිණි දැයි පුළුවුත්සේක. “වහන්ස, තෙල නො වේ මයැ” යි පිළිවදන් දුන්හු. “මහණෙනි, මෙසෙයින් තෙපි යම් දිනෙක හණඩනජාත ව කලහ ජාත ව විවාදපනනව අන්‍යෝන්‍යයන් මුවසැතින් විදුමින් වාස කරවු නම්, එදින තොප තුළ සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු මෛත්‍රීමය කායකර්‍ම නො ම එළවිණ. සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු මෛත්‍රීමය වාක්‍කර්‍ම නො එළවිණ. සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෛත්‍රීමය මනඃකර්‍ම නො එළවිණ. කිමෙක, මොඝ පුරුෂයෙනි, එබැවින් තෙපි කුමක් දන්මින් කුමක් දක්මින් භණ්ඩන ජාත ව කලහජාත ව විවාදපන්නව උනුන් මුව සැතින් විදුමින් වාස කරන්නාව? තෙපි උනුන් නො ම හඟවන්නාව? හඟනට නො එන්නාව? උනුන් නො ම සිතවන්නාව? සිතන්නට නො එන්නාව? මොඝපුරුෂයෙනි, එකරුණ තොපට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වේ යයි වදාළෝ.
5. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: ඡයිමෙ භික්ඛවෙ ධම්මා සාරාණීයා පියකරණා ගරුකරණා සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තන්ති. කතමෙ ඡ?
5. එක්බිති භගවත්හු මහණුන් ඇමැතුසේක. මහණෙනි, සිහිකට යුතු, (සබ්‍රම්සරුන්ට) ප්‍රිය කරන, ගරු කරන මේ දහම්හු සදෙනෙක් සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස එකීභාව පිණිස වැටෙති. කවර සදෙනෙක යත්:
ඉධ භික්ඛවෙ භික්ඛුනො මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති. (1)
මහණෙනි, මෙසස්නෙහි මහණක්හට සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙත්සිතින් කළයුතු කායකර්‍ම එළඹසිටියේ වේ ද, සීකළ යුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස එකීභාව පිණිස වැටෙන්නේ ය. (1)
පුන ච පරං භික්ඛවෙ භික්ඛුනො මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති. (2)
තවද මහණෙනි, ඉන් මතුදු, මහණක්හට සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙත්සිතින් කළයුතු වාක්කර්‍ම එළඹ සිටියේ වේ ද, සීකළයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස එකීභාව පිණිස වැටෙන්නේ ය. (2)
පුන ච පරං භික්ඛවෙ භික්ඛුනො මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති. (3)
තවද මහණෙනි, ඉන් මතුදු, මහණක්හට සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙත්සිතින් කළයුතු මනඃකර්‍ම එළඹසිටියේ වේ ද, සීකළයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස එකීභාව පිණිස වැටෙන්නේ ය. (3)
පුන ච පරං භික්ඛවෙ භික්ඛු යෙ තෙ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි, තථාරූපෙහි ලාභෙහි අප්පටිවිභත්තභොගී හොති සීලවන්තෙහි සබ්රහ්මචාරීහි සාධාරණ භොගී. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති. (4)
තවද මහණෙනි, ඉන් මතුදු, මහණෙක් යටතින් පාත්‍රපර්‍ය්‍යාපන්නමාත්‍ර වේවයි, දැහැමි වූ දැහැමින් ලත් යම් ලාභ කෙනෙක් ඇද්ද, එවන් ලාභයන් (ආමිෂ විසින් වේවයි, පුද්ගල විසින් වේවයි) ප්‍රතිවිභක්ත නො කොට (මෙ පමණක් දෙමි, මෙ පමණක් නො දෙමි, අසුවල් තැනට දෙමි, අසුවල් තැනට නො දෙමි යි මෙසේ සිතින් නොබෙදා) වළඳ කරනසුලු වේ ද, සිල්වතුන් හා සබ්‍රම්සරුන් හා සාධාරණ කොට වළඳ කරනසුලු වේ ද, සීකළයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස එකීභාව පිණිස වැටෙන්නේ ය. (4)
පුන ච පරං භික්ඛවෙ භික්ඛු යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤැප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි, තථාරූපෙසු සීලෙසු සීලසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති. (5)
තවද මහණෙනි, ඉන් මතුදු, මහණෙක් අඛණ්ඩ අච්ඡිද්‍ර, අශබල, අකල්මාෂ, භූජිෂ්‍ය, විද්වතුන් විසින් ප්‍රශස්ත, තෘෂ්ණා දෘෂ්ටි විසින් අපරාමෘෂ‍්ට, සමාධිසංවර්‍තනික යම් සිල් ඇද්ද, එබඳු සීලයෙහි ලා සබ්‍රම්සරුන් හා හමුයෙහිදු නොහමුයෙහිදු ශීලයෙන් සමාන භාවයට ගියේ වාස කෙරේ ද, සීකළ යුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස එකීභාව පිණිස වැටෙන්නේ ය. (5)
පුන ච පරං භික්ඛවෙ භික්ඛු යායං දිට්ඨි අරියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය, තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති. (6)
තවද මහණෙනි, ඉන් මතුදු, නිර්‍දොෂ වූ නෛර්යාණික වූ එය පිළිපදනහු මොනොවට දුඃඛක්‍ෂය පිණිස පමුණුවන යම් (මාර්‍ගසම්ප්‍රයුක්ත) සම්‍යක් දෘෂ්ටියෙක් ඇද්ද, එබඳු දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් හා හමුයෙහිදු නොහමුයෙහිදු සමානදෘෂ්ටිභාවයට ගියේ වේ ද, සීකළ යුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස එකීභාව පිණිස වැටෙන්නේ ය. (6)
ඉමෙ ඛො භික්ඛවෙ ඡ සාරාණීයා ධම්මා පියකරණා ගරුකරණා සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තන්ති.
මහණෙනි, ප්‍රිය කරන ගරු කරන මේ සාරණීය ධර්‍මයෝ සදෙන සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස එකීභාව පිණිස වැටෙත්.
ඉමෙසං ඛො භික්ඛවෙ ඡන්නං සාරණීයානං ධම්මානං එතං අග්ගං එතං සඞ්ගාහිකං එතං සඞ්ඝාතනිකං යදිදං යායං දිට්ඨි අරියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය. සෙය්යථාපි භික්ඛවෙ කූටාගාරස්ස එතං අග්ගං එතං සඞ්ගාහිකං එතං සඞ්ඝාතනිකං යදිදං කූටං, එවමෙව ඛො භික්ඛවෙ ඉමෙසං ඡන්නං සාරාණීයානං ධම්මානං එතං අග්ගං එතං සඞ්ගාහිකං එතං සඞ්ඝාතනිකං යදිදං යායං දිට්ඨි රියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය.
මහණෙනි, මේ සාරණීය ධර්‍මයන් සදෙනා අතුරෙහි නිර්‍දොෂ වූ නෛර්යාණික වූ එය කරනහු මනාකොට දුඃඛක්‍ෂය පිණිස ගෙන යන යම් දෘෂ්ටියෙක් ඇද්ද, තෙල අග්‍ර වෙයි. තෙල සඞ්ග්‍රාහික වෙයි. තෙල හැම ගළපනු වෙයි. මහණෙනි, යම් පරිදි කූටගාරයාගේ කූටයෙක් (කැණිමඬලෙක්) ඇද්ද, තෙල කූටය අග්‍ර වේ ද, තෙල සඞ්ග්‍රාහික වේ ද, තෙල හැම ගොනැස් ගළපනු වේ ද, මහණෙනි, එපරිදි ම මේ සවැදෑරුම් සාරාණිය ධර්මයන් අතුරෙහි නිර්‍දොෂ, නෛර්යාණික, එය කරනහු මැනැවින් දුඃඛක්‍ෂය පිණිස පමුණුවන යම් දෘෂ්ටියෙක් ඇද්ද, තෙල අග්‍ර වෙයි. තෙල සඞ්ග්‍රාහික වෙයි. තෙල හැම මුළුලු කරනු වෙයි.
6. කථඤ්ච භික්ඛවෙ යායං දිට්ඨි අරියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය?
6. මහණෙනි, නිර්‍දොෂ වූ නෛර්යාණික වූ, පිළිපදිනහු මොනොවට දුඃඛක්‍ෂයට එළවන යම් ශ්‍රොතාපත්තිමාර්‍ග දෘෂ්ටියෙක් ඇද්ද, ඒ දෘෂ්ටිය කෙසේ ඔහු දුඃඛක්‍ෂය කරා ගෙන යේ ද?
ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති: අත්ථි නු ඛො මෙ තං පරියුට්ඨානං අජ්ඣත්තං අප්පහීනං යෙනාහං පරියුට්ඨානෙන පරියුට්ඨිතචිත්තො යථාභූතං න ජානෙය්යං න පස්සෙය්යන්ති.
මහණෙනි, මෙසස්නෙහි මහණ අරණ්‍යගත වූයේ වේවයි, වෘක්‍ෂමූලගත වූයේ වේවයි, ශුන්‍යාගාරගත වූයේ වේවයි මෙසෙයින් සලකන්නේ ය: මම යම් පර්යුත්‍ථානයෙකින් (කෙලෙසුන්ගේ නැගී සිටීමකින්) මැඩුණු සිතැති ව යථාභූතය නො දන්නෙම් නම්, නො දක්නෙම් නම්, මා සතන්හි නො පුහුන් ඒ පර්යුත්‍ථාන ඇද්ද හෝ කියායි.
“සචෙ භික්ඛවෙ භික්ඛු කාමරාග පරියුට්ඨිතො හොති, පරියුට්ඨිතචිත්තොව හොති. සචෙ භික්ඛවෙ භික්ඛු බ්යාපාදපරියුට්ඨිතො හොති, පරියුට්ඨිතචිත්තොව හොති. සචෙ භික්ඛවෙ භික්ඛු ථීනමිද්ධපරියුට්ඨිතො හොති පරියුට්ඨිතචිත්තොව හොති. සචෙ භික්ඛවෙ භික්ඛු උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතො හොති, පරියුට්ඨිතචිත්තොව හොති. සචෙ භික්ඛවෙ භික්ඛු විචිකිච්ඡාපරියුට්ඨිතො හොති, පරියුට්ඨිතචිත්තොව හොති. සචෙ භික්ඛවෙ භික්ඛු ඉධලොකචින්තාය පසුතො හොති, පරියුට්ඨිතචිත්තොව හොති. සචෙ භික්ඛවෙ භික්ඛු පරලොකචින්තාය පසුතො හොති, පරියුට්ඨිතචිත්තොව හොති. සචෙ භික්ඛවෙ භික්ඛු භණ්ඩනජාතො කලහජාතො විවාදාපන්නො අඤ්ඤමඤ්ඤං1 මුඛසත්තීහි විතුදන්තො විහරති, පරියුට්ඨිතචිත්තොව හොති.”
“මහණෙනි, ඉදින් මහණ කාමරාගයා විසින් මඩනා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ ව්‍යාපාදයා විසින් මඩනා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ ථිනමිද්ධයා විසින් මඩනා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ උද්ධච්චකුක්කුච්චයා විසින් මඩනා ලද්දේ වේද, එයින් මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ විචිකිච්ඡා විසින් මඩනා ලද්දේ වේද, එයින්ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ ඉධලොකචින්තායෙහි යුතුපතු වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් පරලොකචින්තායෙහි යුතුපතු වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ හණ‍්ඩනජාත ව කලහජාත ව විවාදපන්නව උනුන් මුව සැතින් විදුමින් වාස කරනුයේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ.”
සො එවං පජානාති: නත්ථි ඛො මෙ තං පරියුට්ඨානං අජ්ඣත්තං අප්පහීනං යෙනාහං පරියුට්ඨානෙන පරියුට්ඨිතචිත්තො යථාභූතං න ජානෙය්යං න පස්සෙය්යං. සුප්පණිහිතං මෙ මානසං සච්චානං බොධායාති. ඉදමස්ස පඨමං ඤාණං අධිගතං හොති අරියං ලොකුත්තරං අසාධාරණං පුථුජ්ජනෙහි. (1)
ඒ මහණ මෙසෙයින් දන්නේය: “මම සියසතන්හි අප්‍රහීණ වූ යම් පර්‍ය්‍යුත්‍ථානයෙකින් මැඩුණු සිතැති ව සත්‍යය නොදන්නෙම් වේ ද, නොදක්නෙම් වේ ද, පර්‍ය්‍යුත්‍ථානය මට නැත. සත්‍යාවබොධය පිණිස මා විසින් සිත මැනැවින් තැබිණ” කියායි. ඒ මහණ විසින් ආර්යයන් කෙරෙහි වූ, ලොකොත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ ප්‍රථම (ප්‍රත්‍යවෙක්‍ෂා) ඥානය අධිගත (ලබන ලද්දේ) වෙයි. (1)
7. පුන ච පරං භික්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: ඉමං නු ඛො අහං දිට්ඨිං ආසෙවන්තො භාවෙන්තො බහුලීකරොන්තො ලභාමි පච්චත්තං සමථං, ලභාමි පච්චත්තං නිබ්බුතින්ති. සො එවං පජානාති: ඉමං ඛො අහං දිට්ඨිං ආසෙවන්තො භාවෙන්තො බහුලීකරොන්තො ලභාමි පච්චත්තං සමථං, ලභාමි පච්චත්තං නිබ්බුතින්ති. ඉදමස්ස දුතියං ඤාණං අධිගතං හොති අරියං ලොකුත්තරං අසාධාරණං පුථුජ්ජනෙහි. (2)
7. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්ය්යශ්රාවක මෙසේ සලකන්නේ ය: “මම මේ මාර්‍ග දෘෂ්ටිය සෙවුනෙම්, වඩන්නෙම්, බහුල කරන්නෙම් තමා තුළ එකාග්‍රතා ලබම් දෝ හෝ, තමා තුළ ක්ලේශව්‍යපශම ලබම් දෝ හෝ” කියායි. ඒ මහණ මෙසේ දන්නේ ය: “මම මේ දෘෂ්ටිය සෙවුනෙම්, වඩන්නෙම්, බහුල කරන්නෙම් තමා තුළ එකාග්‍රතා ලබමි. තමා තුළ නිර්වෘතිය (නිවීම) ලබමි” කියායි. ඒ මහණ විසින් ආර්යය වූ, ලොකොත්තරවූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ ද්විතිය ඥානය අධිගත වෙයි. (2)
8. පුන ච පරං භික්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යථා රූපායාහං දිට්ඨියා සමන්නාගතො, අත්ථි නු ඛො ඉතො බහිද්ධා අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා තථාරූපාය දිට්ඨියා සමන්නාගතොති. සො එවං පජානාති: යථාරූපායාහං දිට්ඨියා සමන්නාගතො, නත්ථි ඉතො බහිද්ධා අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා තථාරූපාය දිට්ඨියා සමන්නාගතොති. ඉදමස්ස තතියං ඤාණං අධිගතං හොති අරියං ලොකුත්තරං අසාධාරණං පුථුජ්ජනෙහි. (3)
8. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්යයශ්‍රාවක මෙසේ සලකන්නේ ය: “මම යම්බඳු ශ්‍රොතාපත්තිමාර්‍ගදෘෂ‍්ටියෙකින් සමන්‍වාගතයෙම් ද,මෙසස්නෙන් බැහැර එබඳු දෘෂ‍්ටීන් සමන්‍වාගත අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඇද්ද?” කියායි. ඒ මහණ මෙසේ දන්නේ ය: “මම යම් බඳු දෘෂ‍්ටීන් සමන්‍වාගතයෙම් ද, මෙසස්නෙන් බැහැර එබඳු දෘෂ‍්ටීන් සමන්‍වාගත අන් මහණෙක් හෝ බමුණෙක් හෝ නැත කියායි.” ඒ මහණ විසින් ආර්යය වූ, ලොකොත්තර වූ, පෘථග්ජනයන් හා අසාධාරණ වූ මේ තෘතීය ඥානය අධිගත වෙයි. (3)
9. පුන ච පරං භික්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යථාරූපාය ධම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො, අහම්පි තථාරූපාය ධම්මතාය සමන්නාගතොති.
9. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්ය්යශ්රාවක මෙසේ සලකන්නේ ය: දෘෂ‍්ටිසම්පන්නපුද්ගල යම්බඳු ස්වභාවයෙකින් සමන්වාගත වේ ද, මම ද එබඳු ස්වභාවයෙකින් සමන්වාගතයෙම් වේ දෝ හෝ කියායි.
“කථංරූපාය ච භික්ඛවෙ ධම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො? ධම්මතා එසා භික්ඛවෙ දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස: කිඤ්චාපි තථාරූපිං ආපත්තිං1 ආපජ්ජති යථාරූපාය ආපත්තියා උට්ඨානං2 පඤ්ඤායති, අථ ඛො ඛිප්පමෙව සත්‍ථරි වා විඤ්ඤූසු වා සබ්‍රහ්මචාරීසු දෙසෙති විවරති උත්තානී3කරොති. දෙසෙත්‍වා විවරිත්‍වා උත්තානී කරිත්‍වා4 ආයතිං සංවරං ආපජ්ජති. සෙය්‍යථාපි භික්ඛවෙ දහරො කුමාරො මන්‍දො උත්තානසෙය්‍යකො හත්‍ථෙන වා පාදෙන වා අඞ්ගාරං අක්කමිත්‍වා ඛිප්පමෙව පටිසංහරති, එවමෙව ඛො භික්ඛවෙ ධම්මතා එසා දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස: කිඤ්චාපි තථාරූපිං ආපත්තිං1 ආපජ්ජති යථාරූපාය ආපත්තියා උට්ඨානං2 පඤ්ඤායති, අථ ඛො නං ඛිප්පමෙව සත්‍ථරි වා විඤ්ඤූසු වා සබ්‍රහ්මචාරීසු දෙසෙති විවරති උත්තානී3කරොති. දෙසෙත්‍වා විවරිත්‍වා උත්තානී කරිත්‍වා4 ආයතිං සංවරං ආපජ්ජති.”
“මහණෙනි, කෙබඳු ධර්‍මතායෙකින් දෘෂ‍්ටිසම්පන්න පුද්ගල සමන්වාගත වේ ද යත්: මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතා වෙයි: යම් බඳු ආපත්තියෙකින් (සඞ‍්ඝකර්‍ම විසින් වේවයි, දෙශනා විසින් වේවයි) ව්‍යූත්‍ථානය (ඇවැතින් නැගී සිටීම) පැනේ ද, එබඳු ඇවැතක් අවන් නමුදු, වහාම ශාසතෲන් වහන්සේ කෙරෙහි වේවයි, විඥසබ්‍රම්සරුන් කෙරෙහි වේවයි දෙසන්නේය. විවර කරන්නේය, හෙළි කරන්නෙය. දෙසා, විවර කොට, හෙළි කොට ආයතිසංවරයට පැමිණෙන්නේය යනු දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතා වෙයි. මහණෙනි, යම්සේ මන්‍ද වූ, උඩුහුරුව හෝනා, ලදරු කුමරෙක් අතින් වේවයි, පයින් වේවයි, ගිනි අඟුරක් ඇක්මෙන්නා හාම අත හකුළාගන්නේ වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතායෙක් ඇත: යම්බඳු ආපත්තියෙකින් ව්‍යූත්‍ථානය පැනේ ද, එබඳු ඇවත් අවන් නමුදු, වහාම ඒ ඇවැත ශාසතෲන් වහන්සේ කෙරෙහි වේවයි, විඥසබ්‍රම්සරුන් කෙරෙහි වේවයි, දෙසන්නේය, විවර කරන්නේය, හෙළි කරන්නේය. දෙසා විවර කොට, හෙළි කොට, ආයතිසංවරයට පැමිණෙන්නේය.”
සො එවං පජානාති: යථාරූපාය ධම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො, අහම්පි තථාරූපාය ධම්මතාය සමන්නාගතොති. ඉදමස්ස චතුත්ථං ඤාණං අධිගතං හොති අරියං ලොකුත්තරං අසාධාරණං පුථුජ්ජනෙහි. (4)
ඒ මහණ මෙසේ දන්නේය: “දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු ධර්‍මතායෙකින් සමන්‍වාගත වේද, මම ද එබඳු ධර්‍මතායෙන් සමන්‍වාගත යෙමි” කියායි. ඒ මහන විසින් ආර්‍ය්‍ය වූ, ලොකොත්තර වූ, පෘථග්ජනයන් හා අසාධාරණ වූ මේ චතුර්‍ථඥානය අධිගත වෙයි. (4)
10. පුන ච පරං භික්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යථාරූපාය ධම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො, අහම්පි තථාරූපාය ධම්මතාය සමන්නාගතොති.
10. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්ය්යශ්රාවක මෙසේ සලකන්නේය: දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු ධර්‍මතායෙකින් සමන්‍වාගත වේද, මම ද එබඳු ධර්‍මතායෙන් සමන්‍වාගත යෙම් ද හෝ කියායි.
“කථංරූපාය ච භික්ඛවෙ ධම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො? ධම්මතා එසා භික්ඛවෙ දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස: කිඤ්චාපි යානි තානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානි කිඞ්කරණීයානි, තත්‍ථ උස්සුක්කං ආපන්නො5 හොති. අථ ඛ්වාස්ස6 තිබ්බාපෙක්ඛා7 හොති අධිසීලසික්ඛාය අධිචිත්තසික්ඛාය අධිපඤ්ඤාසික්ඛාය. සෙය්‍යථාපි භික්ඛවෙ ගාවී තරුණවච්ඡා ථම්බඤ්ච8 ආලුම්පති9 වච්ඡකඤ්ච අපවීණති,10 එවමෙව ඛො භික්ඛවෙ ධම්මතා එසා දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස: කිඤ්චාපි යානි තානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානි කිඞ්කරණීයානි තත්‍ථ උස්සුක්කං ආපන්නො හොති. අථ ඛ්වාස්ස තිබ්බාපෙක්ඛා හොති අධිසීලසික්ඛාය අධිචිත්තසික්ඛාය අධිපඤ්ඤාසික්ඛාය.”
“මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගල කෙබඳු ධර්‍මතායෙකින් සමන්‍වාගත වේද යත්: සබ්‍රම්සරුන්ගේ යම් ඒ උච්චඅවච (උස්පහත්) කිංකර්‍තව්‍යයෝ (කුමැයි විමසා කටයුතු) ඇද්ද, එහි උත්සුක වේ. වැලිත් ඔහු තුළ අධිශීලශික්‍ෂායෙහි අධිචිත්තශික්‍ෂායෙහි අධිප්‍රඥාශික්‍ෂායෙහි තීව්‍රප්‍රාර්ත්‍ථනා ඇති වේ’ යනු දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතා වෙයි. මහණෙනි, යම්සේ තුරුණුවසු ඇති එළදෙන තණ ද බිඳ කන්නී වසුත් බලා ද, මහණෙනි, එපරිදිම දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතා ඇත: සබ්‍රම්සරුන්ගේ යම්යම් උච්චනීච කිංකර්‍තව්‍යයෝ ඇද්ද, එහි සොත්සුක වේ. වැලිත් අධිශීලශීක්‍ෂායෙහි අධිචිත්තශික්‍ෂායෙහි අධිප්‍රඥාශික්‍ෂායෙහි ත්‍රීව්‍රප්‍රාර්ත්‍ථනා ඇති වේ” යනුයි.
සො එවං පජානාති: යථාරූපාය ධම්මතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො, අහම්පි තථාරූපාය ධම්මතාය සමන්නාගතොති. ඉදමස්ස පඤ්චමං ඤාණං අධිගතං හොති අරියං ලොකුත්තරං අසාධාරණං පුථුජ්ජනෙහි. (5)
ඒ මහණ මෙසේ දන්නේය: දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු ධර්‍මතායෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු ධර්‍මතායෙකින් සමන්‍වාගතයෙමි කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍ය වූ, ලොකොත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ පඤ්‍චමඥානය අධිගත වෙයි. (5)
11. පුන ච පරං භික්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යථාරූපාය බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො, අහම්පි තථාරූපාය බලතාය සමන්නාගතොති.
11. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්ය්යශ්රාවක මෙසේ සලකන්නේය: “දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්‍වාගයෙම් ද හෝ” කියායි.
“කථංරූපාය ච භික්ඛවෙ බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො? බලතා එසා භික්ඛවෙ දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස: යං තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ අට්ඨිකත්වා1 මනසි කත්වා සබ්බචෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාති.”
“මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගල කෙබඳු බලයෙකින් සමන්‍වාගත වේ ද යත්: මහණෙනි, තථාගතප්‍රවිදිත ධර්‍මවිනය දෙසන කල අර්ථී කොට මෙනෙහි කොට මුළුසිතින් සමනා ගෙන පිහිටුකන් ඇතිව දහම් අසා යන යමෙක් ඇද්ද, මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල බලතා වෙයි.”
සො එවං පජානාති: යථාරූපාය බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො, අහම්පි තථාරූපාය බලතාය සමන්නාගතොති. ඉදමස්ස ඡට්ඨං ඤාණං අධිගතං හොති අරියං ලොකුත්තරං අසාධාරණං පුථුජ්ජනෙහි. (6)
ඒ මහණ මෙසේ දන්නේය: “දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්‍වාගතයෙමි” කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍යවූ, ලොකොත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ ෂෂ්‍ඨඥානය අධිගත වෙයි. (6)
12. පුන ච පරං භික්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යථාරූපාය බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො, අහම්පි තථාරූපාය බලතාය සමන්නාගතොති.
12. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්‍ය්‍ය ශ්‍රාවක මෙසේ සලකන්නේය: “දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්‍වාගත යෙම් ද හෝ” කියායි.
“කථංරූපාය ච භික්ඛවෙ බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො? බලතා එසා භික්ඛවෙ දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස: යං තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං.”
“මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගල කෙබඳු බලයෙකින් සමන්‍වාගත වේ ද යත්: මහණෙනි, තථාගත ප්‍රවිදිත ධර්‍මවිනය දෙසන කල අර්‍තථවෙදය හා ධර්‍ම වෙදය හා ධර්‍මය හා මිශ්‍රව ගිය ප්‍රමොදය ලබා යන යමෙක් ඇද්ද, මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල බලතා වෙයි.”
සො එවං පජානාති: යථාරූපාය බලතාය දිට්ඨිසම්පන්නො පුග්ගලො සමන්නාගතො, අහම්පි තථාරූපාය බලතාය සමන්නාගතොති. ඉදමස්ස සත්තමං ඤාණං අධිගතං හොති අරියං ලොකුත්තරං අසාධාරණං පුථුජ්ජනෙහි. (7)
ඒ මහණ මෙසේ දන්නේය: ‘දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්‍වාගතයෙමි’ කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍ය වූ, ලොකොත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ සප්තම ඥානය අධිගත වෙයි. (7)
එවං සත්තඞ්ගසමන්නාගතස්ස ඛො භික්ඛවෙ අරියසාවකස්ස ධම්මතා සුසමන්නිට්ඨා හොති සොතාපත්තිඵලසච්ඡිකිරියාය. එවං සත්තඞ්ගසමන්නාගතො ඛො භික්ඛවෙ අරියසාවකො සොතාපත්තිඵලසමන්නාගතො හොතීති.
මහණෙනි, මෙසේ සප්තාඞ‍්ගසමන්වාගත ආර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් ශ්‍රොතාපත්තිඵලය සාක්‍ෂාත් කළ ඥානයෙන් ස්‍වභාවධර්‍මය මැනවින් ස්මන්වෙෂිත වෙයි. මහණෙනි, මෙසේ සප්තාඞ‍්ග (සප්තවිධ ප්‍රත්‍යවෙක්‍ෂා ඥානයෙන්) සමන්වාගත ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රොතාපත්තිඵල සමන්වාගත වෙයි.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ බස අභිනන්‍දන කොට පිළිගත්හු.
කොසම්බියසුත්තං අට්ඨමං.
කොසම්බිය සූත්‍රය අටවැනියි.