210. සාවත්‍ථියං:
210. සැවැත්නුවර:
කිස්මිං නු ඛො භික්ඛවෙ, සති කිං උපාදාය කිං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරොලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. චාතුම්මහාභූතිකො අයං පුරිසො, යදා කාලං කරොති පඨවී පඨවීකායං අනුපෙති, අනුපගච්ඡති, ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති, තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති, වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති. ආකාසං ඉන්ද්රියානි සඞ්කමන්ති. ආසන්දිපඤ්චමා පුරිසො මතං ආදාය ගච්ඡන්ති. යාව ආළාහනා පදානි පඤ්ඤායන්ති. කාපොතකානි අට්ඨීනි භවන්ති. භස්මන්තා1 ආහුතියො. දත්තුපඤ්ඤත්තමිදං දානං නාම. තෙසං තුච්ඡං මුසා විප්පලාපො, යෙ කෙචි අත්ථිකවාදං වදන්ති. බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති විනස්සන්ති, න හොන්ති පරම්මරණා”ති.
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් ඇසුරු කොට කුමකට පිවිස දෙන ලද්දෙහි ඵල විපාක නැත. මහායාගයෙහි ඵල විපාක නැත. ප්‍රහෙණක සත්කාරයෙහි ඵලවිපාක නැත. කුශලාකුශලකර්මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත. මෙ ලොවෙක් නැත. පරලොවෙක් නැත. මවක් නැත. (මවට කළ උපකාරයෙන් ඵලවිපාක නැත) පියෙක් නැත. පියාට කළ උපකාරයෙන් ඵලවිපාක නැත) ඔපපාතික (මැරෙන උපදින) සත්ත්වයෝ නැත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැනැවින් දැන පසක් කොට ප්‍රකාශ කෙරෙත් නම් මනාව පිළිපන් මැනැවින් ගිය (අනුලොමප්‍රතිපදා ප්‍රතිපන්න එ බඳු) මහණ බමුණෝ ලොව නැත. මේ පුරිස් තෙමේ චාතුර්මහාභුතයන්ගෙන් හටගත්තේ යැ. යම් කලෙක කලුරිය කෙරේ නම් (එ කල්හි) පඨවි ධාතුව පඨවිධාතුව කරා යෙයි, පැමිණෙ යි. ආපෝධාතුව ආපෝධාතුව කරා යෙයි, පැමිණෙයි, තේජෝධාතුව තේජෝ ධාතුව කරා යෙයි, පැමිණෙයි, වායෝධාතුව වායෝධාතුව කරා යෙයි, පැමිණේ. ඉඳුරෝ අහසට පැනගනිත්. මිනී ඇඳ පස් වැනි කොට ඇති පුරුෂයෝ මළ සිරුර ගෙන යෙත්. (ගුණාගුණ) පදයෝ සොහොන දක්වා පෙනෙත් ඇට පරෙවි පැහැවන් වේ. හෝමදානයෝ අළු කෙළෙවර කොට ඇත්තෝ ය. මේ දානය නම් අඥානයන් විසින් පනවන ලද්දකි. යම් කිසි කෙනෙක් ආස්තිකවාදය බෙණෙත් නම් එය ඔවුන්ගේ හිස් බොරු ප්‍රලාපයෙකි. බාලයෝත් පණ්ඩිතයෝත් කාබුන් මරණින් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නො වෙතැ යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
භගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. …
රූපෙ ඛො භික්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “නත්ථි දින්නං, නත්ථි යිට්ඨං -පෙ- කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති, විනස්සන්ති, න හොන්ති පරම්මරණා”ති. වෙදනාය සති -පෙ- සඤ්ඤාය සති -පෙ- සඞ්ඛාරෙසු සති -පෙ- විඤ්ඤාණෙ සති විඤ්ඤාණං උපාදාය විඤ්ඤාණං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති : “නත්ථි දින්නං, නත්ථි යිට්ඨං -පෙ- කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති, විනස්සන්ති, න හොන්ති පරම්මරණා”ති.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය ඇසුරු කොට රූපයට පිවිස ‘දෙන ලද්දෙහි විපාක නැත. මහායාගයෙහි විපාක නැත. … කය බිඳීමෙන් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නො වෙති යි මෙ බඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි … සංඥාව ඇති කල්හි … සංස්කාර ඇති කල්හි … විඥානය ඇති කල්හි විඥානය ඇසුරු කොට විඥානයට පිවිස දෙන ලද්දෙහි විපාක නැත. මහායාගයෙහි විපාක නැත. … කායභේදයෙන් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නො වෙති ”යි මෙබඳු දෘෂ්ටියක් උපදී.
තං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
මහණෙනි, ඒ කිමැ”යි හැඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි?
අනිච්චං භන්තෙ, -පෙ-
වහන්ස, අනිත්‍ය ය ….
යං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “නත්ථි දින්නං, නත්ථි යිට්ඨං -පෙ- කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති, විනස්සන්ති, න හොන්ති පරම්මරණා”ති.
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “දෙන ලද්දෙහි ඵල විපාක නැත. මහායාගයෙහි ඵල විපාක නැත. … කය බිඳීමෙන් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නොවෙති”යි මෙ බඳු දෘෂ්ටියක් උපදී දැ යි?
නො හෙතං භන්තෙ.
වහන්ස, තෙල නො වේ ම යැ.
වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා ති?
වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ යි?
අනිච්චං භන්තෙ,
වහන්ස, අනිත්‍ය යැ.
“යං පනා’නිච්චං දුක්ඛං වා තං සුඛං වාති?
යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ දැ යි?
දුක්ඛං භන්තෙ,
වහන්ස, දුක් යැ.
යං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය “නත්ථි දින්නං නත්ථි යිට්ඨං -පෙ- කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති, විනස්සන්ති, න හොන්ති පරම්මරණා”ති?
යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය නො ඇසුරු කොට “දෙන ලද්දෙහි විපාක නැත. මහායාගයෙහි විපාක නැත … කය බිඳීමෙන් සිඳෙත්, වැනසෙත්, මරණින් මතු නො වෙති"යි මෙබඳු දෘෂ්ටියක් උපදී දැ යි?
නො හෙතං භන්තෙ,
වහන්ස, තෙල නො වේ ම ය.
යම්පිදං දිට්ඨං, සුතං, මුතං, විඤ්ඤාතං, පත්තං, පරියෙසිතං, අනුවිචරිතං මනසා, තම්පි නිච්චං වා අනිච්චං වාති?
මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳුනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේ නම් එයත් නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ දැ? යි.
අනිච්චං භන්තෙ, -පෙ-
වහන්ස, අනිත්‍ය ය. …
දුක්ඛං විපරිනාමධම්මං අපි නු තං අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජෙය්ය : “නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරොලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. චාතුම්මහාභූතිකො අයං පුරිසො. යදා කාලං කරොති පඨවී පඨවීකායං අනුපෙති අනුපගච්ඡති, ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති, තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති, වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති. ආකාසං ඉන්ද්රියානි සඞ්කමන්ති. ආසන්දිපඤ්චමා පුරිසො මතං ආදාය ගච්ඡන්ති. යාව ආළාහනා පදානි පඤ්ඤායන්ති. කාපොතකානි අට්ඨීනි භවන්ති. භස්මන්තා ආහුතියො. දත්තුපඤ්ඤත්තමිදං දානං නාම. තෙසං තුච්ඡං මුසා විලාපො, යෙ කෙචි අත්ථිකවාදං වදන්ති. බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති විනස්සන්ති, න හොන්ති පරම්මරණාති?
දුක් නම් වෙනස්වන සුලු නම් එය නො ඇසුරු කොට දෙන ලද්දෙහි ඵල විපාක නැත. මහායාගයෙහි ඵල විපාක නැත. ප්‍රහේණකසත්කාරයෙහි ඵල විපාක නැත කුශලාකුශල කර්මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත. මෙලොවෙක් නැත. පරලෙ වෙක් නැත. මවක් නැත. පියෙක් නැත. ඔපපාතික සත්ත්වයෝ නැත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැනැවින් දැන පසක් කොට පවසත් නම් මනාව පිළිපන් මැනැවින් ගිය එබඳු මහණ බමුණෝ ලොව නැත. මේ පුරිස් තෙමේ සතර මහාභුතයන්ගෙන් හටගත්තේ ය. යම් කලෙක කලුරිය කෙළේ නම් (එ කල්හි) පඨවිධාතුව පඨවිධාතුව කරා යෙයි, පැමිණේ. ආපෝධාතුව ආපෝධාතුව කරා යෙයි, පැමිණේ. තෙජොධාතුව තේජෝධාතුව කරා යෙයි. පැමිණේ. වායෝධාතුව වායෝධාතුව කරා යෙයි. පැමිණේ. ඉඳුරෝ අහසට පැන ගනිත්. මිනී ඇඳ පස්වැනි කොට ඇති පුරුෂයෝ මළසිරුර ගෙන යෙත්. (ගුණාගුණ) පදයෝ සොහොන දක්වා පෙනෙත්. ඇට පරෙවිපැහැ වන් වේ. හොමයෝ අළු කෙළවර කොට ඇත්තාහ. මේ දානය නම් මෝඩයන් විසින් පනවන ලද්දෙක. යම් කිසි කෙනෙක් ආස්තික වාදය බෙණෙත් නම් එය ඔවුන්ගේ හිස් නන්දෙඩවිල්ලෙකි. බාලයෝත් පණ්ඩිතයෝත් කය බිඳීමෙන් සිඳෙත් වැනසෙත්, මරණින් මතු නො වෙති”යි මෙ බඳු දිටෙක් උපදනේ දැ යි?
නො හෙතං භන්තෙ,
වහන්ස තෙල නො වේ ම ය.
යතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස ඉමෙසු ඡසු ඨානෙසු කඞ්ඛා පහීනා හොති, දුක්ඛෙ පිස්ස කඞ්ඛා පහීනා හොති -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදාය’පිස්ස කඞ්ඛා පහීනා හොති. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
මහණෙනි, යම් කලෙක මේ සතැන්හි අරිසවුහුගේ සැකය ප්‍රහීණ වූයේ නම් දුකෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වෙයි … දුක නැවැත්මට පමුණුවන පිළිවතෙහි ද ඔහුගේ සැකය ප්‍රහීණ වූයේ වේ. මහණෙනි, අපායෙහි නො වැටෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති මේ අරිසවු තෙමේ සෝතාපන්න ය යි කියනු ලැබේ යි.