ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 2. රාධ සංයුක්තය » 4. උපනිසින්‌න වර්ගය

2.4.12. නිරොධධම්ම සුත්තං

2.4.12. නිරොධධම්‌ම සූත්‍රය

205. සාවත්‍ථියං:

205. සැවැත්නුවර:

යො ඛො රාධ, නිරොධධම්මො තත්ර -පෙ- ඡන්දරාගො පහාතබ්බොති.

රාධය, යමෙක් නිරුද්ධ වනසුලු නම් එහි ලා තොපගේ ඡන්දය පහකට යුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකට යුතු යි.

කො ච රාධ, නිරොධධම්මො: රූපං ඛො රාධ, මාරො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිරොධධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො, යො ඛො රාධ, නිරොධධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.

රාධය, කිමෙක් නිරුද්ධ වනසුලු ද යත්: රාධය, රූපය නිරුද්ධ වනසුලු යැ. එහි ලා තොපගේ ඡන්දය පහකට යුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්දරාගය පහකට යුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නිරුද්ධ වනසුලු ය. එහි ලා තොපගේ ඡන්දය පහකට යුතු යැ, රාගය පහකට යුතු යැ, ඡන්දරාගය පහකට යුතු යි. රාධය යමක් නිරුද්ධ වනසුලු නම් එහි ලා තොපගේ ඡන්දය පහකට යුතු යැ රාගය පහකට යුතු යැ ඡන්දරාගය පහකට යුතු ය යි.