ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 3. ඕපම්ම වර්ගය

1.3.6 අරියපරියෙසනසුත්තං{*:* පාසරාසි සුත්ත - අට්ඨකථා. මඡසං.}

1.3.6 අරියපරියේසන සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොචුං: “චිරස්සුතා නො ආවුසො ආනන්ද භගවතො සම්මුඛා ධම්මී කථා. සාධු මයං ආවුසො ආනන්ද ලභෙය්යාම භගවතො සම්මුඛා ධම්මිං කථං සවනායා”ති. තෙන හායස්මන්තො යෙන රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමො තෙනුපසඞ්කමථ. අප්පෙවනාම ලභෙය්යාථ භගවතො සම්මුඛා ධම්මිං කථං සවනායාති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසුං.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳපෙරව පාසිවුරු ගෙණ සැවැත් නුවරට පිඬු පිණිස පිවිසිසේක. එකල්හි බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනඳ තෙරුන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල කීහ: “ඇවැත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, අප භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි ධර්ම කථාව ඇසුවිරු බොහෝකල් වෙයි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, අපි භාග්‍යවතුන් සම්බුඛයෙහි ධර්ම කථාවක් අසන්ට ලබන්නමෝ නම් මැනැවි” යනුයි. ඇවැත්නි, එසේ නම් රම්මක බමුණාගේ අසපුව කරා එළඹෙව. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි දැහැමි කථාවක් අසවු නම් මනා මය. ඒ භික්ෂූහු ‘එසේය ඇවැත්නි’ යි ආයුෂ්මත් අනඳ තෙරුන්ට පිළිතුරු දුන්හ.

2. අථ ඛො භගවා සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ආයාමානන්ද යෙන පුබ්බාරාමො මිගාරමාතු පාසාදො තෙනුපසඞ්කමිස්සාම දිවාවිහාරායාති. එවම්භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන සද්ධිං යෙන පුබ්බාරාමො මිගාරමාතුපාසාදො තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලාණා වුට්ඨිතො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ආයාමානන්ද යෙන පුබ්බකොට්ඨකො තෙනුපසඞ්කමිස්සාම ගත්තානි පරිසිඤ්චිතුන්ති. එවම්භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි.

2. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතෙන් පසු පිණ්ඩපාතයෙන් නැවතුනු සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: “ආනන්දය, දිවාවිහාරය සඳහා පුබ්බාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදය කරා යම්හ”. ‘එසේ ය වහන්සැ’යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් සමග දිවාවිහාරය සඳහා මෘගාරිමාතෘ ප්‍රාසාදය කරා වැඩියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිසිටි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල වදාළසේක. “ආනන්දය, ගාත්‍රපරිෂෙකය සඳහා නැගෙනහිර නාන කොටුවට යම්හ.” “එසේ ය වහන්සැ”යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.

3. අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන සද්ධිං යෙන පුබ්බකොට්ඨකො තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං. පුබ්බකොට්ඨකෙ ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසි ගත්තානි පුබ්බාපයමානො.

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් සමග නැගෙනහිර නානකොටුවට වැඩියහ. සිරුරුඅවයව සනහා ගැන්ම සඳහාය. නැගෙනහිර නානකොටුවෙන් සිරුරුඅවයව සනහා ගෙන ගොඩනැගී එක් (අඳනා) සිවුරු ඇතිව සිරුරුඅවයව පූර්ව අවස්ථාවට පමුණුවමින් (=වියළවමින්) සිටිසේක.

4. අථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: අයං භන්තෙ රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමො අවිදූරෙ. රමණීයො භන්තෙ රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමො, පාසාදිකො භන්තෙ රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමො. සාධු භන්තෙ භගවා යෙන රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමො තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.

4. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ. ‘වහන්ස, රම්මකබමුණාගේ මේ අසපුව රමණීය ය. රම්මකබමුණාගේ අසපුව සිත්කලු ය. වහන්ස භාග්‍යවතුන් වහන්සේ, අනුකම්පා උපදවා රම්මකබමුණාගේ අසපුව කරා පැමිණෙනසේක් නම් මැනවි’. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතායෙන් ඉවසු සේක.

5. අථ ඛො භගවා යෙන රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමෙ ධම්මියා කථාය සන්නිසින්නා හොන්ති. අථ ඛො භගවා බහිද්වාරකොට්ඨකෙ අට්ඨාසි කථාපරියොසානං ආගමයමානො. අථ ඛො භගවා කථාපරියොසානං විදිත්වා උක්කාසිත්වා අග්ගළං ආකොටෙසි. විවරිංසු ඛො තෙ භික්ඛූ භගවතො ද්වාරං.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මකබමුණාගේ අසපුව කරා පැමිණි සේක. එසමයෙහි බොහෝ භික්ෂූහු රම්මකබමුණාගේ අසපුවෙහි දැහැමි කථාවෙන් යුතුව රැස්ව හුන්නාහු වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කථා අවසානය බලනුවෝ බිහිදොරටුයෙහි වැඩ සිටි සේක. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ කථාව අවසන්සේ දැන කැස දොර කවුළුව පහළහ. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට දොර විවර කළහ.

6. අථ ඛො භගවා රම්මකස්ස බ්රාහ්මණස්ස අස්සමං පවිසිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “කායනුත්ථ භික්ඛවෙ එතරහි කථාය සන්නිසින්නා, කා ච පන වො අන්තරා කථා විප්පකතා’ති. ‘භගවන්තමෙව ඛො නො භන්තෙ ආරබ්භ ධම්මී කථා විප්පකතා, අථ භගවා අනුප්පත්තො’ති. සාධු භික්ඛවෙ, එතං ඛො භික්ඛවෙ තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතානං යං තුම්හෙ ධම්මියා කථාය සන්නිසීදෙය්යාථ. සන්නිපතිතානං වො භික්ඛවෙ ද්වයං කරණීයං: ධම්මී වා කථා අරියො වා තුණ්හීභාවො.

6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මකබමුණාගේ අසපුවට පිවිස පනවනලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ආමන්ත්‍රණය කළසේක: “මහණෙනි, දැන් කිනම් කථාවකින් යුක්ත ව හුන්හු ද? තොපගේ කවර අතුරුකතාවක් අඩාළ කරණ ලද ද?” “වහන්ස, අප විසින් භාග්‍යවතුන් වහන්සේ ම අරභයාවූ දැහැමි කථාව අඩාළ කරණ ලදී. එකල භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැ”යි සැළ කළහ. “මහණෙනි, මැනවි. මහණෙනි, යම් ලෙසකින් තෙපි දැහැමි කථාවෙන් යුක්ත ව හුන්හුද, එය ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සසුන්වන් කුලපුත්‍ර වූ තොපට නිසිය. මහණෙනි, රැස්වූ තොප විසින් දැහැමි කථාව හෝ ආර්යතුෂ්ණීම්භාවය (ද්විතීයධ්‍යානය හෝ මූලකර්මස්ථානය මෙනෙහි කිරීම) යන දෙක කළ යුතුය.”

7. ද්වෙමා භික්ඛවෙ පරියෙසනා: අරියා ච පරියෙසනා අනරියා ච පරියෙසනා.

7. මහණෙනි, ආර්යපර්යේෂණය ය, අනාර්යපර්යේෂණයයි මේ සෙවීම් දෙකකි.

කතමා ච භික්ඛවෙ අනරියා පරියෙසනා? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මඤ්ඤෙව පරියෙසති, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මඤ්ඤෙව පරියෙසති, අත්තනා බ්යාධිධම්මො සමානො බ්යාධිධම්මඤ්ඤෙව පරියෙසති, අත්තනා මරණධම්මො සමානො මරණධම්මඤ්ඤෙව පරියෙසති, අත්තනා සොකධම්මො සමානො සොකධම්මඤ්ඤෙව පරියෙසති, අත්තනා සංකිලෙසධම්මො සමානො සංකිලෙසධම්මඤ්ඤෙව පරියෙසති.

මහණෙනි, අනාර්යපර්යේෂණය කුමක් ද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුඟුලෙක් තෙමේ ජාතිය ස්වභාවය කොට ඇත්තේ ජාතිධර්මයක් (ජාතිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරා ධර්මයක් (ජරාව ස්වභාව) කොට ඇත්තක් ම සොයයි. තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධිධර්මයක් (ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ මරණ ධර්මයක් (මරණය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තේ ශෝක ධර්මයක් (ශෝකය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ කෙලෙසන ස්වභාව ඇත්තේ කෙලෙසන ස්වභාව ඇත්තක් ම සොයයි.

8. කිඤ්ච භික්ඛවෙ ජාතිධම්මං වදෙථ? පුත්තභරියං භික්ඛවෙ ජාතිධම්මං, දාසිදාසං ජාතිධම්මං, අජෙළකං ජාතිධම්මං, කුක්කුටසූකරං ජාතිධම්මං, හත්ථිගවාස්සවළවං ජාතිධම්මං, ජාතරූපරජතං ජාතිධම්මං. ජාතිධම්මාහෙතෙ භික්ඛවෙ උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මඤ්ඤෙව පරියෙසති.

8. මහණෙනි, කුමක් ජාතිධර්ම යයි කියන්නේ ද? පුත්‍රදාරාවෝ ජාතිධර්මයෝයි. දැසි දස්හු ජාතිධර්මයෝයි. එළුබැටළුවෝ ජාතිධර්මයෝයි. කුකුළන් හා ඌරෝ ජාතිධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ජාතිධර්මයෝ ය. රන් රිදී ජාතිධර්මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ජාතිධර්මයෝ ය. මෙහි තෘෂ්ණාවෙන් බැඳුණා වූ මුසපත් වූ බැසගත්තා වූ මේ ලෝ වැසි තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාතිධර්මයක් ම සොයයි.

9. කිඤ්ච භික්ඛවෙ ජරාධම්මං වදෙථ? පුත්තභරියං භික්ඛවෙ ජරාධම්මං, දාසිදාසං ජරාධම්මං, අජෙළකං ජරාධම්මං, කුක්කුටසූකරං ජරාධම්මං, හත්ථිගවාස්සවළවං ජරාධම්මං , ජාතරූපරජතං ජරාධම්මං. ජරාධම්මාහෙතෙ භික්ඛවෙ උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මඤ්ඤෙව පරියෙසති.

9. මහණෙනි, කුමක් ජරාධර්මයයි කියන්නේ ද? පුත්‍රභාර්යාවෝ ජරාධර්මයෝ ය. දැසිදස්හු ජරාධර්මයෝ ය එළු බැටළුවෝ ජරාධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ ජරාධර්මයෝය. ඇත් ගව අස් වෙළඹහු ජරාධර්මයෝය. රන්රිදී ජරාධර්මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ ජරාධර්ම වෙති. මේ ලෝවැසි, තෙමේ මෙහි ගැට ගැසුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරාධර්මයක් ම සොයයි.

10. කිඤ්ච භික්ඛවෙ බ්යාධිධම්මං වදෙථ? පුත්තභරියං භික්ඛවෙ බ්යාධිධම්මං, දාසිදාසං බ්යාධිධම්මං, අජෙළකං බ්යාධිධම්මං, කුක්කුටසූකරං බ්යාධිධම්මං, හත්ථිගවාස්සවළවං බ්යාධිධම්මං. බ්යාධිධම්මා හෙතෙ භික්ඛවෙ උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා බ්යාධිධම්මො සමානො බ්යාධිධම්මඤ්ඤෙව පරියෙසති.

10. මහණෙනි, කුමක් ව්‍යාධිධර්මයයි කියන්නේ ද? පුත්‍ර භාර්යාවෝ ව්‍යාධිධර්මයෝ ය. දැසිදස්හු ව්‍යාධිධර්මයෝ ය. එළු බැටළුවෝ ව්‍යාධිධර්මයෝය. කුකුළන් හා ඌරෝ ව්‍යාධිධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ව්‍යාධිධර්මයෝ ය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ව්‍යාධිධර්මයෝ ය. මේ ලෝවැසි තෙම මෙහි ගැටගැසුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධිධර්මයක් ම සොයයි.

11. කිඤ්ච භික්ඛවෙ මරණධම්මං වදෙථ? පුත්තභරියං භික්ඛවෙ මරණධම්මං, දාසිදාසං මරණධම්මං, අජෙළකං මරණධම්මං, කුක්කුටසූකරං මරණධම්මං, හත්ථිගවාස්සවළවං මරණධම්මං. මරණධම්මා හෙතෙ, භික්ඛවෙ උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා මරණධම්මො සමානො මරණධම්මඤ්ඤෙව පරියෙසති.

11. මහණෙනි, කුමක් මරණධර්මයයි කියන්නේද? මහණෙනි, පුත්‍ර භාර්යාවෝ මරණධර්මයෝ ය. දැසිදස්හු මරණධර්මයෝ ය. එළුබැටළුවෝ මරණධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ මරණධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු මරණධර්මයෝ ය. මහණෙනි, මේ උපධීහු මරණධර්මයෝ ය. මේ ලෝ වැසි තෙමේ මෙහි ගෙතුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ මරණධර්මයක් ම සොයයි.

12. කිඤ්ච භික්ඛවෙ සොකධම්මං වදෙථ? පුත්තභරියං භික්ඛවෙ සොකධම්මං, දාසිදාසං සොකධම්මං, අජෙළකං සොකධම්මං, කුක්කුටසූකරං සොකධම්මං, හත්ථිගවාස්සවළවං සොකධම්මං. සොකධම්මා හෙතෙ, භික්ඛවෙ උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා සොකධම්මො සමානො සොකධම්මඤ්ඤෙව පරියෙසති.

12. මහණෙනි, කුමක් ශොකධර්මයයි කියන්නේද? මහණෙනි, පුත්‍ර භාර්යාවෝ ශොකධර්මයෝ ය. දැසිදස්හු ශොකධර්මයෝ ය. එළුබැටළුවෝ ශොකධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ ශොකධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ශොකධර්මයෝ ය. මහණෙනි, මේ උපධීහුය. මේ ලෝ වැසි තෙමේ මෙහි වෙළුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තේ ශොකධර්මයක් ම සොයයි.

13. කිඤ්ච භික්ඛවෙ සඞ්කිලෙසධම්මං වදෙථ? පුත්තභරියං භික්ඛවෙ සඞ්කිලෙසධම්මං, දාසිදාසං සඞ්කිලෙසධම්මං, අජෙළකං සඞ්කිලෙසධම්මං, කුක්කුටසූකරං සඞ්කිලෙසධම්මං, හත්ථිගවාස්සවළවං සඞ්කිලෙසධම්මං, ජාතරූපරජතං සඞ්කිලෙසධම්මං. සඞ්කිලෙසධම්මා හෙතෙ භික්ඛවෙ උපධයො. එත්ථායං ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අත්තනා සඞ්කිලෙසධම්මො සමානො සඞ්කිලෙසධම්මඤ්ඤෙව පරියෙසති. අයං භික්ඛවෙ අනරියා පරියෙසනා.

13. මහණෙනි, කුමක් සංක්ලේශධර්මයයි කියන්නේද? අඹුදරුවෝ සංක්ලේශධර්මයෝ ය. දැසිදස්හු සංක්ලේශධර්මයෝ ය. එළුබැටළුවෝ සංක්ලේශධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ සංක්ලේශධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු සංක්ලේශධර්මයෝ ය. රන්රිදී සංක්ලේශධර්මයෝ ය. මහණෙනි, මේ උපධීහු සංක්ලේශධර්ම වෙත්. මේ ලෝවැසි තෙමේ මෙහි ගෙතුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ සංක්ලේශධර්ම වූයේ සංක්ලේශධර්මයක් ම සොයයි. මහණෙනි, මේ අනාර්යපර්යේෂණයි.

14. කතමා ච භික්ඛවෙ අරියා පරියෙසනා? ඉධ භික්ඛවෙ එකච්චො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මෙ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මෙ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති, අත්තනා බ්යාධිධම්මො සමානො බ්යාධිධම්මෙ ආදීනවං විදිත්වා අබ්යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති, අත්තනා මරණධම්මො සමානො මරණධම්මෙ ආදීනවං විදිත්වා අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති, අත්තනා සොකධම්මො සමානො සොකධම්මෙ ආදීනවං විදිත්වා අසොකං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති, අත්තනා සඞ්කිලෙසධම්මො සමානො සඞ්කිලෙසධම්මෙ ආදීනවං විදිත්වා අසඞ්කිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති. අයං භික්ඛවෙ අරියා පරියෙසනා.

14. මහණෙනි, ආර්යවූ සෙවීම කුමක් ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් තෙමේ ජාතිධර්ම වූයේ ජාතිධර්මයෙහි ආදීනව දැන ජාතියක් නැති නිරුත්තරවූ යොගක්ෂේම සංඛ්‍යාත නිර්වාණය සොයයි. තෙමේ ජරාධර්ම වූයේ ජරාධර්මයෙහි ආදීනව දැන ජරාවක් නැති නිරුත්තරවූ යොගක්ෂේම වූ නිවන සොයයි. තෙමේ ව්‍යාධිධර්ම වූයේ ව්‍යාධිධර්මයෙහි ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර යොගක්ෂේම වූ නිවන සොයයි. තෙමේ මරණධර්ම වූයේ මරණධර්මයෙහි ආදීනව දැන මරණයක් නැති නිරුත්තර යොගක්ෂේම වූ නිවන සොයයි. තෙමේ ශොකධර්ම වූයේ ශොකධර්මයෙහි ආදීනව දැන ශොකයක් නැති නිරුත්තර යොගක්ෂේම වූ නිවන සොයයි. තෙමේ සංක්ලේශධර්ම වූයේ සංක්ලේශධර්මයෙහි ආදීනව දැන කෙලෙසීමක් නැති නිරුත්තර යොගක්ෂේම වූ නිවන සොයයි. මහණෙනි, මේ ආර්යපර්යේෂණයි.

15. අහම්පි සුදං භික්ඛවෙ පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා බ්යාධිධම්මො සමානො බ්යාධිධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා මරණධම්මො සමානො මරණධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා සොකධම්මො සමානො සොකධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා සඞ්කිලෙසධම්මො සමානො සඞ්කිලෙසධම්මඤ්ඤෙව පරියෙසාමි.

15. මහණෙනි, මම බුදු වීමට පෙර බෝසත් වූයෙම් ම තෙමේ ජාතිධර්ම වූයෙම් ජාතිධර්මයක් ම සෙවීමි. තෙමේ ජරාධර්ම වූයෙම් ජරාධර්මයක් ම සෙවීමි. තෙමේ ව්‍යාධිධර්ම වූයෙම් ව්‍යාධිධර්මයක් ම සෙවීමි. තෙමේ මරණධර්ම වූයෙම් මරණධර්මයක් ම සෙවීමි. තෙමේ ශොකධර්ම වූයෙම් ශොකධර්මයක් ම සෙවීමි. තෙමේ සංක්ලේශධර්ම වූයෙම් සංක්ලේශධර්මයක් ම සෙවීමි.

16. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: “කින්නු ඛො අහං අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා බ්යාධිධම්මො සමානො බ්යාධිධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා මරණධම්මො සමානො මරණධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා සොකධම්මො සමානො සොකධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා සඞ්කිලෙසධම්මො සමානො සඞ්කිලෙසධම්මඤ්ඤෙව පරියෙසාමි, යන්නූනාහං අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මෙ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්යං, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මෙ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්යං, අත්තනා බ්යාධිධම්මො සමානො බ්යාධිධම්මෙ ආදීනවං විදිත්වා අබ්යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්යං, අත්තනා මරණධම්මො සමානො මරණධම්මෙ ආදීනවං විදිත්වා අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්යං, අත්තනා සොකධම්මො සමානො සොකධම්මෙ ආදීනවං විදිත්වා අසොකං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්යං, අත්තනා සඞ්කිලෙසධම්මො සමානො සඞ්කිලෙසධම්මෙ ආදීනවං විදිත්වා අසඞ්කිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්ය”න්ති.

16. මහණෙනි, ඒ මට මේ අදහස විය: “කුමක් නිසා මම තෙමේ ජාතිධර්ම වූයෙම් ජාතිධර්මයක් ම සොයම් ද, තෙමේ ජරාධර්ම වූයෙම් ජරාධර්මයක් ම සොයම් ද, තෙමේ ව්‍යාධිධර්ම වූයෙම් ව්‍යාධිධර්මයක් ම සොයම් ද, තෙමේ මරණධර්ම වූයෙම් මරණධර්මයක් ම සොයම් ද, තෙමේ ශොකධර්ම වූයෙම් ශොකධර්මයක් ම සොයම් ද, තෙමේ සංක්ලේශධර්ම වූයෙම් සංක්ලේශධර්මයක් ම සොයම් ද? මම ජාතිධර්ම වූයෙම් ජාතිධර්මයෙහි ආදීනව දැන ජාතියක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. ජරාධර්ම වූයෙම් ජරාධර්මයෙහි ආදීනව දැන ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ ව්‍යාධිධර්ම වූයෙම් ව්‍යාධිධර්මයෙහි ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ මරණධර්ම වූයෙම් මරණධර්මයෙහි ආදීනව දැන මරණයක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ ශෝකධර්ම වූයෙම් ශෝකධර්මයෙහි ආදීනව දැන ශෝකයක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ සංක්ලේශධර්ම වූයෙම් සංක්ලේශධර්මයෙහි ආදීනව දැන සංක්ලිෂ්ට නො වූ නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව” යි කියායි.

17. සො ඛො අහං භික්ඛවෙ අපරෙන සමයෙන දහරොව සමානො සුසුකාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා, අකාමකානං මාතාපිතුන්නං අස්සුමුඛානං රුදන්තානං, කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං. සො එවං පබ්බජිතො සමානො කිං කුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං: ‘ඉච්ඡාමහං ආවුසො කාලාම ඉමස්මිං ධම්මවිනයෙ බ්රහ්මචරියං චරිතු’න්ති.

17. මහණෙනි, ඒ මම පසුකාලයෙහි ළදරු වූයෙම් ම ඉතා කළුකෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරුයොව්නෙන් යුක්ත වූයෙම්, නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මවුපියන් හඬද්දී, කෙස්රවුළු බා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි. ඒ මම මෙසේ පැවිදි වූයෙම් ‘කුසලය කුමක්දැ’යි සොයන සුලුවුයෙම් නිරුත්තර වූ උතුම් වූ ශාන්තිපදය සොයමින් ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාර කාලාමට මෙය කීමි: ‘ඇවැත්නි, කාලාම, මේ ශාසනයෙහි බඹසර කරන්නට කැමැත්තෙමි.’

18. එවං වුත්තෙ භික්ඛවෙ ආළාරො කාලාමො මං එතදවොච: “විහරතායස්මා, තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤූ පුරිසො නචිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යා”ති. සො ඛො අහං භික්ඛවෙ නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං භික්ඛවෙ තාවතකෙනෙව ඔට්ඨපහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි ථෙරවාදඤ්ච. ‘ජානාමි පස්සාමී’ති ච පටිජානාමි අහඤ්චෙව අඤ්ඤෙ ච. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි:

18. මහණෙනි, මෙසේ කී කල්හි ආළාර කාලාම මට මෙසේ කීය: “ආයුෂ්මත් තෙමේ බඹසර වෙසෙවා. යම් තැනක නුවණැති පුරුෂයෙක් නොබෝකලකින් ම ස්වකීය ආචාර්යවරයන්ගේ ධර්මය තෙමේ දැන ප්‍රත්‍යක්ෂ කොට වෙසේ ද, මේ ධර්මය එ බඳු ය”. මහණෙනි, ඒ මම නොබෝදිනකින් ම ඒ ධර්මය ප්‍රගුණ කෙළෙමි. (ඒ මම උන් කී දැය පිලිගනුමට) තොල් පහළ පමණින් ම, උන් කියූ දැය නැවත කීම් පමණෙකින්ම ‘දනිමි’යි ද, ‘දකිමි’යි ද මම පිළින කෙළෙමි. අන්‍යයෝ ද මා ගැන එසේ කීහ. මහණෙනි, ඒ මට මේ අදහස වී ය:

“න ඛො ආළාරො කාලාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙති. අද්ධා ආළාරො කාලාමො ඉමං ධම්මං ජානං පස්සං විහරතී”ති. අථ ඛ්වාහං භික්ඛවෙ යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං: “කිත්ත වතා නො ආවුසො කාලාම ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී”ති. එවං වුත්තෙ භික්ඛවෙ ආළාරො කාලාමො ආකිඤ්චඤ්ඤායතනං පවෙදෙසි. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: “න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සද්ධා, මය්හම්පත්ථි සද්ධා. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි විරියං, මය්හම්පත්ථි විරියං. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සති, මය්හම්පත්ථි සති. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සමාධි, මය්හම්පත්ථි සමාධි. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි පඤ්ඤා, මය්හම්පත්ථි පඤ්ඤා. යන්නූනාහං යං ධම්මං ආළාරො කාලාමො ‘සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවෙදෙති. තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්ය”න්ති. සො ඛො අහං භික්ඛවෙ නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.

“ආළාරකාලාම තෙමේ මේ ධර්මය හුදෙක් ඇදහීම් පමණෙකින් තමන් ‘විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරමි’ යි ප්‍රකාශ නොකරයි. ඒකාන්තයෙන් ආළාරකාලාම මේ ධර්මය දන්නේ, දක්නේ වාසය කෙරේය”යි කියායි. මහණෙනි, ඉක්බිති මම ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාරකාලාමහට මෙය කීමි. “ඇවැත් කාලාමය, කොපමණෙකින් මේ ධර්මය තමන් ප්‍රත්‍යක්ෂ කොට දැන ඊට පැමිණ ප්‍රකාශ කෙරෙහි ද?” මහණෙනි, මෙසේ කී කල්හි ආළාරකාලාම තෙමේ ආකිඤ්චඤ්ඤායතනය ප්‍රකාශ කළේය. ඒ මට මේ අදහස විය: “ශ්‍රද්ධාව ඇත්තේ ආළාරකාලාමහට පමණක් නො වේ. මට ද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාමහට පමණක් ම වීර්ය ඇත්තේ නො වේ. මට ද වීර්ය ඇත. ආළාරකාලාමහට පමණක් ම සිහිය ඇත්තේ නො වේ. මට ද සිහිය ඇත. ආළාරකාලාමහට පමණක් ම සමාධිය ඇත්තේ නො වේ. මට ද සමාධිය ඇත. ආළාරකාලාමහට පමණක් ම ප්‍රඥාව ඇත්තේ නො වේ. මට ද ප්‍රඥාව ඇත. ආළාරකාලාම තෙමේ ‘යම් ධර්මයක් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වෙසෙමි’යි කියා නම්, මම ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීමට උත්සාහ කෙරෙම් නම් මැනැවැ” යි කියා යි. මහණෙනි, ඒ මම නොබෝ කලෙකින් ම වහා ම ඒ ධර්මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙළෙමි.

19. අථ ඛ්වාහං භික්ඛවෙ යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං: “එත්තාවතා නො, ආවුසො කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී”ති. ‘එත්තාවතා ඛො අහං ආවුසො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමී’ති. “අහම්පි ඛො ආවුසො එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී”ති. ‘ලාභා නො ආවුසො, සුලද්ධං නො ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්රහ්මචාරිං පස්සාම, ඉති යාහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තමහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි. ඉති යාහං ධම්මං ජානාමි, තං ත්වං ධම්මං ජානාසි, යං ත්වං ධම්මං ජානාසි, තමහං ධම්මං ජානාමි. ඉති යාදිසො අහං, තාදිසො ත්වං, යාදිසො ත්වං, තාදිසො අහං. එහිදානි ආවුසො, උභොව සන්තා ඉමං ගණං පරිහරාමා’ති. ඉති ඛො භික්ඛවෙ ආළාරො කාලාමො ආචරියො මෙ සමානො අන්තෙවාසිං මං සමානං අත්තනො1 සමසමං ඨපෙසි, උළාරාය ච මං පූජාය පූජෙසි. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: “නායං ධම්මො නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව ආකිඤ්චඤ්ඤායතනුපපත්තියා”ති. සො ඛො අහං භික්ඛවෙ තං ධම්මං අනලඞ්කරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.

19. මහණෙනි, ඉක්බිති මම ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාරකාලාමහට “ඇවැත් කාලාමය, මෙ පමණෙකින් ම මේ ධර්මය තමන් වෙසෙසින් දැන සාක්ෂාත් කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙහිදැ”යි මෙය කීමි. “ඇවත, මම මෙපමණෙකින් ම මේ ධර්මය තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙමි” යි කී ය. “ඇවත, මම ද මෙපමණෙකින් මේ ධර්මය තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කෙරෙමි”යි කීම්. “ඇවත, යම්බඳු වූ අපි තොප වැනි සබ්‍රහ්මචාරි අයුෂ්මතකු දක්නමෝ ද, ඒ අපට ලාභය, අපට මනා ලැබුමෙකි. මෙසේ මම යම් ධර්මයක් තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙම් ද, තෙපි ඒ ධර්මය තමන් ප්‍රත්‍යක්ෂ කොට වෙසෙසින් දැන ඊට පැමිණ වාසය කරව. තෙපි යම් ධර්මයක් තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නහු නම්, මම ඒ ධර්ම තමන් ම වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කරමි. මෙසේ යම් ධර්මයක් මම දනිම් ද, ඒ ධර්මය තෙපි දනුව.යම් ධර්මයක් තෙපි දනීහු නම් ඒ ධර්මය මම දනිමි. මෙසේ මම යම්බඳුයෙම් නම්, තෙපි ද එබඳු ව. තෙපි යම්බඳුහු නම්, මම ද එබඳුයෙමි. ඇවැත, දැන් එව. දෙදෙන ම එකතු ව මේ පිරිස පරිහරණය කරමු”යි කියායි. මහණෙනි, මෙසේ ආළාරකාලාම තෙමේ මට ආචාර්ය වූයේ ම අතවැසි වූ මා තමාට සමතැන තැබී ය. උසස් පූජාවෙනුදු මා පිදී ය. මහණෙනි, ඒ මට මේ අදහස විය: “මේ ධර්මය සසර කළකිරීම සඳහා නො වේ. නො ඇලීම සඳහා නො වේ. නිවන සඳහා නො වේ. කෙලෙස් සන්හිඳුවීම සඳහා නො වේ. විශේෂ දැනීම සඳහා නො වේ. සම්බෝධිය සඳහා නො වේ. නිවන් සඳහා නො පවතියි. මේ ධර්මය ආකිඤ්චඤ්ඤායතනයෙහි ඉපදීමට ම වෙයි.” මහණෙනි, ඒ මම ඒ ධර්මය (ශාන්තපදයට) ප්‍රමාණ නො කොට (මෙයින් කම් නැතැයි සිතා එයින් තෘප්ත නොවී) ඒ ධර්මයෙන් කළකිරී වෙන්ව ගියෙමි.

20. සො ඛො අහං භික්ඛවෙ කිං කුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන උද්දකො1 රාමපුත්තො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා උද්දකං රාමපුත්තං එතදවොචං: “ඉච්ඡාමහං ආවුසො ඉමස්මිං ධම්මවිනයෙ බ්රහ්මචරියං චරිතු”න්ති. එවං වුත්තෙ භික්ඛවෙ උද්දකො රාමපුත්තො මං එතදවොච ‘විහරතායස්මා, තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤෑ පුරිසො නචිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යා’ති. සො ඛො අහං භික්ඛවෙ නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං භික්ඛවෙ තාවතකෙනෙව ඔට්ඨපහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි ථෙරවාදඤ්ච. ‘ජානාමි, පස්සාමී’ති ච පටිජානාමි අහඤ්චෙව අඤ්ඤෙ ච.

20. මහණෙනි, ඒ මම ‘කිංකුසලගවෙසී’ වූයෙම් අනුත්තර වූ උතුම් ශාන්තිපදය සොයන්නෙම් උද්දක රාමපුත්‍රයා කරා පැමිණියෙමි. පැමිණ උද්දක රාමපුත්‍රහට මෙය කීමි: “ඇවැත්නි, මම මේ ශාසනයෙහි බඹසර සරන්නට කැමැත්තෙමි”. මහණෙනි, මෙසේ කි කල්හි උද්දක රාමපුත්‍ර තෙමේ “ආයුෂ්මත් තෙමේ වෙසේවා. යම් ශාසනයෙක්හි නුවණැති පුරුෂයෙක් නොබෝකලෙකින් ම ස්වකීය ආචාර්යවරයාගේ ධර්මය තමන් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ ද, මේ ධර්මය එබඳු ය” යි මෙය මට කී ය. මහණෙනි, ඒ මම නොබෝකලෙකින් ම ඒ ධර්මය වහා ම ප්‍රගුණ කෙළෙමි. එපමණින් ම (පිළිගැණුමට) තොල් පහළ පමණින් ම, කියන ලද්ද නැවත කීම් පමණෙකින් ම ‘දනිමි’යි යන කථාව හා ‘එහි ස්ථීර වෙමි’ යන කථාව ද කියමි. ‘දනිමි’යි, ‘දකිමි’යි ද මමත් ප්‍රතිඥා කරමි. අන්‍යයෝ ද මා ගැන එසේ කියති.

21. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: “න ඛො රාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසි. අද්ධා රාමො ඉමං ධම්මං ජානං පස්සං විහාසී”ති. අථ ඛ්වාහං භික්ඛවෙ යෙන උද්දකො රාමපුත්තො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා උද්දකං රාමපුත්තං එතදවොචං: “කිත්තාවතා නො ආවුසො රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී”ති. එවං වුත්තෙ භික්ඛවෙ උද්දකො රාමපුත්තො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං පවෙදෙසි. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: “න ඛො රාමස්සෙව අහොසි සද්ධා, මය්හම්පත්ථි සද්ධා. න ඛො රාමස්සෙව අහොසි විරියං, මය්හම්පත්ථි විරියං. න ඛො රාමස්සෙව අහොසි සති, මය්හම්පත්ථි සති. න ඛො රාමස්සෙව අහොසි සමාධි, මය්හම්පත්ථි සමාධි. න ඛො රාමස්සෙව අහොසි පඤ්ඤා, මය්හම්පත්ථි පඤ්ඤා. යන්නූනාහං යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවෙදෙසි, තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්ය”න්ති. සො ඛො අහං භික්ඛවෙ නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.

21. මහණෙනි, ඒ මට මේ අදහස ඇති විය: “රාම තෙමේ මේ ධර්මය හුදෙක් ශ්‍රද්ධා මාත්‍රයෙන් තමන් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරමි යි ප්‍රකාශ නො කෙළේ ය. රාම තෙමේ මේ ධර්මය එකාන්තයෙන් දනිමින් දක්මින් වාසය කෙළේය”යි කියායි. මහණෙනි, ඉක්බිති මම උද්දක රාමපුත්‍රයා වෙත පැමිණියෙමි. පැමිණ රාමපුත්‍ර උද්දකහට මෙය කීමි. “ඇවැත, (ඔබගේ පිතෘ වූ) රාම තෙමේ කොපමණෙකින් මේ ධර්මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට එළඹ ප්‍රකාශ කෙළේදැ?”යි. මහණෙනි, මෙසේ කී කල්හි රාමපුත්‍ර උද්දක තෙමේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ප්‍රකාශ කෙළේ ය. මහණෙනි, ඒ මට මේ අදහස ඇතිවිය: “ශ්‍රද්ධාව රාමයාට පමණක් නො වී ය. මට ද ශ්‍රද්ධාව ඇත. වීර්ය රාමයාට පමණක් නො වී ය. මට ද වීර්ය ඇත. සිහිය රාමයාට පමණක් නො වී ය. මට ද සිහිය ඇත. සමාධිය රාමයාට පමණක් නො වී ය. මට ද සමාධිය ඇත. ප්‍රඥාව රාමයාට පමණක් නො වී ය. මට ද ප්‍රඥාව ඇත. යම් ධර්මයක් රාම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කෙරෙමි යි කීයේ ද, මම ද ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීමට උත්සාහ කෙරෙම් නම්, යෙහෙකැ”යි කියායි. මහණෙනි, ඒ මම නොබෝකලෙකින් ම වහා ම ඒ ධර්මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ විසීම්.

22. අථ ඛ්වාහං භික්ඛවෙ යෙන උද්දකො රාමපුත්තො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා උද්දකං රාමපුත්තං එතදවොචං: “එත්තාවතා නො ආවුසො රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසීති? ‘එත්තාවතා ඛො රාමො ආවුසො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති. අහම්පි ඛො ආවුසො එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී”ති.

22. මහණෙනි, ඉක්බිති මම රාමපුත්‍ර උද්දක වෙත එළඹියෙමි. එළඹ උද්දක රාමපුත්‍රහට මෙය කීයෙමි. “ඇවැත්නි, (ඔබ පියාවූ) රාම තෙමේ මේ ධර්මය මෙපමණෙකින් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේ ද? ඇවැත්නි (මාගේ පිය වූ) රාම තෙමේ මෙ මතුයෙකින් මේ ධර්මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේය”යි (උද්දක තෙමේ කීය). “ඇවැත්නි, මම ද මෙපමණෙකින් මේ ධර්මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙරෙමි” යි කීමි.

“ලාභා නො ආවුසො සුලද්ධං නො ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්රහ්මචාරිං පස්සාම. ඉති යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි. ඉති යං ධම්මං රාමො අභිඤ්ඤාසි, තං ත්වං ධම්මං ජානාසි. යං ත්වං ධම්මං ජානාසි, තං ධම්මං රාමො අභිඤ්ඤාසි. ඉති යාදිසො රාමො අහොසි. තාදිසො ත්වං, යාදිසො ත්වං, තාදිසො රාමො අහොසි. එහිදානි ආවුසො, ත්වං ඉමං ගණං පරිහරා”ති. ඉති ඛො භික්ඛවෙ උද්දකො රාමපුත්තො සබ්රහ්මචාරී මෙ සමානො ආචරියට්ඨානෙ ච මං ඨපෙසි. උළාරාය ච මං පූජාය පූජෙසි. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: නායං ධම්මො නිබ්බිදාය න විරාගාය න නිරොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපපත්තියාති. සො ඛො අහං භික්ඛවෙ තං ධම්මං අනලංකරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.

“ඇවැත්නි, යම් බඳු වූ අපි තොප වැනි සබ්‍රහ්මචාරී අයුෂ්මතකු දක්නමෝ ද ඒ අපට ලාභය. අපට මනා ලැබීමෙකි. මෙසේ රාම යම් ධර්මයක් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේ ද, තෙපිත් ඒ ධර්මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරව. තෙම යම් ධර්මයක් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරවු ද, (මාගේ පිය වූ) රාම තෙමේත් ඒ ධර්මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කළේ ය. මෙසේ යම් ධර්මයක් (මාගේ පිතෘවූ) රාම තෙමේ දැනගත්තේ ද, ඒ ධර්මය තෙපි දන්නහුය. යම් ධර්මයක් තෙපි දන්නහු ද, ඒ ධර්මය රාම තෙමේ දත්තේ ය. මෙසේ රාම යම්බඳු වූයේ ද, තෙපි එබඳු වැ. තෙපි යම්බඳු ද, රාම තෙමේ එබඳු වී ය. ඇවැත්නි, මෙහි එව. දැන් තෙපි මේ පිරිස පරිහරණය කරව.” මෙසේ රාම පුත්‍ර උද්දක තෙමේ මාගේ සබ්‍රහ්මචාරී වූයේ ම මා අදුරු තනතුරෙහි තැබී ය. මහත් පූජායෙකින් මා පිදීය. මහණෙනි, ඒ මට “මේ ධර්මය සසර කළකිරීම පිණිස නො වෙයි. විරාගය පිණිස නො වෙයි. නිරෝධය පිණිස නො වෙයි. ක්ලේශව්‍යුපශමය පිණිස නො වෙයි. අභිඥාව පිණිස නො වෙයි. සම්බෝධිය පිණිස නො වෙයි. නිවන පිණිස නො පවතී. එය හුදෙක් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ඉපදීම පිණිස පමණක් ම වෙයි” යන මේ අදහස වී ය. මහණෙනි, ඒ මම ඒ ධර්මය (ශාන්තපදයට) ප්‍රමාණ නො වන්නක් කොට මෙයින් කම් නැතැයි සිතා ඒ ධර්මයෙන් කළකිරී බැහැරගියෙමි.

23. සො ඛො අහං භික්ඛවෙ කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො මගධෙසු අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන උරුවෙලා සෙනානිගමො තදවසරිං. තත්ථද්දසං රමණීයං භූමිභාගං, පාසාදිකඤ්ච වනසණ්ඩං, නදිඤ්ච සන්දන්තිං1 සෙතකං සුපතිත්ථං රමණීයං, සමන්තා ච ගොචරගාමං. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: “රමණීයො වත2 භූමිභාගො පාසාදිකො ච වනසණ්ඩො, නදී ච සන්දති සෙතකා සුපතිත්ථා රමණීයා, සමන්තා ච ගොචරගාමො. අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානායා3”ති. සො ඛො අහං භික්ඛවෙ තත්ථෙව නිසීදිං “අලමිදං පධානායා”ති.

23. මහණෙනි, ඒ මම ‘කුසලය කුමක් දැ’යි සොයනසුලු වූයෙම් අනුත්තර උතුම් නිර්වාණපදය සොයමින් මගධ දනව්වෙහි පිළිවෙලින් සැරිසරන්නෙම් උරුවෙලායෙහි සේනානිගමය කරා පැමිණියෙමි. එහි සිත්කලු භූමි භාගය ද, පහදවන වනළැහැබ ද, වැලිතලා ඇති මානා තොටු ඇති සිත්කලු ගලාබස්නා නදිය ද, හාත්පස ගොදුරුගම ද, දිටිමි. මහණෙනි, ඒ මට මේ අදහස වී ය: “භූමිභාගය රමණීය ය. වන ළැහැබ ප්‍රසාද ජනක ය. සුදුවැලි තලා ඇති මනා තොටු ඇති සිත්කලු නදිය ද ගලා බස්නී ය. හාත්පස ගොදුරුගම ද වෙයි. ප්‍රධන් කරනු කැමැති කුලපුත්‍රයකුට ප්‍රධන්වීර්ය සඳහා මෙය සුදුසු ම ය.” මහණෙනි, ඒ මම ප්‍රධන්වීර්ය පිණිස “මෙය සුදුසු ම ය” යි සිතා එහි ම (බෝමැඩ) හුන්නෙමි.

24. සො ඛො අහං භික්ඛවෙ අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මෙ ආදීනවං විදිත්‍වා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං. අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මෙ ආදීනවං විදිත්‍වා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං. අත්තනා බ්‍යාධිධම්මො සමානො බ්‍යාධිධම්මෙ ආදීනවං විදිත්‍වා අබ්‍යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අබ්‍යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං. අත්තනා මරණධම්මො සමානො මරණධම්මෙ ආදීනවං විදිත්‍වා අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං.-
අත්තනා සොකධම්මො සමානො සොකධම්මෙ ආදීනවං විදිත්වා අසොකං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අසොකං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං. අත්තනා සඞ්කිලෙසධම්මො සමානො සඞ්කිලෙසධම්මෙ ආදීනවං විදිත්වා අසඞ්කිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො අසඞ්කිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි: ‘අකුප්පා මෙ විමුත්ති, අයමන්තිමා ජාති. නත්ථි දානි පුනබ්භවො’ති.

24. මහණෙනි, ඒ මම ජාතිධර්ම වූයෙම් ජාති ධර්මයෙහි ආදීනව දැන ඉපදීමක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයමින් අජාත වූ අනුත්තර වූ යෝගක්ෂේම වූ නිර්වාණය අවබෝධ කෙළෙමි. ජරාධර්ම වූයෙම් ජරාධර්මයෙහි ආදීනව දැන දිරීමක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් අජර වූ අනුත්තර වූ යෝගක්ෂේම වූ නිවන අවබෝධ කෙළෙමි. ව්‍යාධිධර්ම වූයෙම් ව්‍යාධිධර්මයෙහි ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිර්වාණය අවබෝධ කෙළෙමි. මරණධර්ම වූයෙම් මරණධර්මයෙහි ආදීනව දැන මරණයක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවණට පැමිණියෙමි. ශෝකධර්ම වූයෙම් ශෝකධර්මයෙහි ආදීනව දැන ශෝක රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් ශෝක රහිත නිරුත්තර යෝගක්ෂේම වූ නිවන අවබෝධ කෙළෙමි. තෙමේ සංක්ලේශධර්ම වූයෙම් සංක්ලේශධර්මයෙහි ආදීනව දැන නො කිලිටි වූ නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් අසංක්ලිෂ්ට වූ නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිර්වාණය අවබෝධ කෙළෙමි. මාගේ අර්හත් ඵලවිමුක්තිය අකොප්‍ය (ස්ථීර) විය. ‘මේ මාගේ අන්තිම උත්පත්තියයි. දැන් පුනර්භවයක් නැතැයි’ මට ඥානදර්ශනය (සියලු දෙය දන්නා වූ සර්වඥතාඥානය) පහළ විය.

25. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: අධිගතො ඛො ම්යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අහඤ්චෙව ඛො පන ධම්මං දෙසෙය්යං පරෙ ච මෙ න ආජානෙය්යුං, සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසාති. අපිස්සු මං භික්ඛවෙ ඉමා අනච්ඡරියා ගාථා පටිභංසු පුබ්බෙ අස්සුතපුබ්බා:

25. මහණෙනි, ඒ මට මේ අදහස විය: “මා අවබෝධ කළ මේ ධර්මය ගැඹුරු ය. දැක්මට අවබෝධයට නොපහසු ය. ශාන්තය. ප්‍රණීත ය. තර්කයෙන් බැසගත නො හෙන්නේ ය. නිපුණ ය. පණ්ඩිතයන් විසින් දත යුතු ය. මේ ප්‍රජාතොමෝ පඤ්චකාමගුණ සංඛ්‍යාත ආලයන්හි රමණය කරන්නීය. ආලයන්හි ඇලුණීය පඤ්චකාමගුණයෙහි සතුටු වන්නී ය. පඤ්චකාමගුණ ආලයන්හි රමණය කරණ ආලයන්හි ඇලුණු ආලයන්හි සතුටු ප්‍රජාව විසින්, යම් මේ ඉදප්පච්චයතා (සංස්කාරාදීන්ට ප්‍රත්‍ය වූ අවිද්‍යාදි) පටිච්චසමුප්පාදයක් වේ ද, මේ කාරණය දක්නට නොපහසුය. සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම් වූ සියලු උපධීන්ගේ දූර ලීම වූ ආශාව නැති කිරීම වූ විරාගය වූ නිරොධය වූ යම් මේ නිවනක් වේ ද, මේ කාරණය ද දැක්මට නොහැකිය. මම දහම් දෙසන්නෙම් නම් අන්‍යයෝ එය දැන නොගන්නාහු නම්, එය මට ක්ලාන්තියකි. එය මට වෙහෙසකි.” කියායි. මහණෙනි, තවද මට නො ඇසූ විරූ අත්‍යාශ්චර්ය වූ මේ ගාථාවෝ වැටහුණාහ:

කිච්ඡෙන මෙ අධිගතං හලං දානි පකාසිතුං,
රාගදොසපරෙතෙහි නායං ධම්මො සුසම්බුධො.
පටිසොතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුංරාග
රත්තා න දක්ඛින්ති1 තමොඛන්‍ධෙන ආවටාති2.

“මා විසින් දුක සේ අවබොධ කරණ ලද මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීම කම් නැත. රාග ද්වේශයන්ගෙන් මැඩුනවුන් විසින් මේ ධර්මය අවබොධ කිරීම පහසු නො වේ. උඩුහොය (චතුස්සත්‍යධර්මය) කරා යන සුලු මෘදු වූ ගැඹුරු වූ අවබොධයට අපහසු වූ සියුම් වූ මේ ධර්මය රාගයෙන් රත් වූ මොහරාශියෙන් වෙළුණු මේ සත්ත්වයෝ නො දක්නාහ.”

26. ඉතිහ මෙ භික්ඛවෙ පටිසඤ්චික්ඛතො අප්පොස්සුක්කතාය චිත්තං නමති, නො ධම්මදෙසනාය. අථ ඛො භික්ඛවෙ බ්රහ්මුනො සහම්පතිස්ස මම චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය එතදහොසි: නස්සති වත භො ලොකො, විනස්සති වත භො ලොකො, යත්ර හි නාම තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමති, නො ධම්මදෙසනායාති. අථ ඛො භික්ඛවෙ බ්රහ්මා සහම්පති සෙය්යාථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙවං3 බ්රහ්මලොකෙ අන්තරහිතො මම පුරතො පාතුරහොසි.

26. මහණෙනි, මෙසේ නුවණින් සලකන්නා වූ මාගේ සිත මන්දෝත්සාහ භාවයට නැමේ. දහම් දෙසීමට නො නැමේ. මහණෙනි, ඉක්බිති සහම්පතී මහාබ්‍රහ්මයාට සිය සිතින් මා සිත්හි වූ විතර්කය දැනීමෙන් මේ අදහස විය: “යම් ලෝකයෙක්හි තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ සිත අල්පොත්සාහභාවයට නැමේ ද, දහම් දෙසීමට නො නැමේ ද, පින්වත්නි, ඒ ලෝකය නැසේ. ඒකාන්තයෙන් වැනැසේ.” මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙමේ යම් සේ ශක්තිමත් පුරුෂයෙක් හැකුළු ඇත දිගු කෙරේ ද, දිගු කළ අත හකුළු වන්නේ ද, එසේ ම බඹලොවින් අතුරුදහන් වූයේ (ක්ෂණයෙන්) මා ඉදිරියෙහි පහළ විය.

27. අථ ඛො භික්ඛවෙ බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා1* යෙනාහං තෙනඤ්ජලිං පණාමෙත්වා මං එතදවොච: “දෙසෙතු භන්තෙ භගවා ධම්මං. දෙසෙතු සුගතො ධම්මං. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො”ති. ඉදමවොච භික්ඛවෙ බ්රහ්මා සහම්පති. ඉදං වත්වා අථාපරං එතදවොච:

27. මහණෙනි, ඉක්බිති සහම්පතී මහා බ්‍රහ්ම තෙමේ උතුරුසළුව එකංස කොට මා වෙත ඇඳිලි බැඳ මට මෙය කීයේ ය: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්ව. මඳකෙලෙස්රජස් සහිත ස්වභාව ඇති සත්ත්වයෝ ඇත. ධර්මය නො ඇසීමෙන් ඔහු පිරිහෙත්. ධර්මය අවබෝධ කරන්නෝ ඇතැ”යි. මහණෙනි, සහම්පතීබ්‍රහ්ම තෙමේ මෙය කීය. මෙය කියා යලිත් මේ ගාථා කීය:

“පාතුරහොසි මගධෙසු පුබ්බෙ,
ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො.
අවාපුරෙතං2 අමතස්ස ද්වාරං,
සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං.

“පෙර මගධ දනව්හි කෙලෙස් මල සහිත ශාස්තෘවරයන් විසින් සිතන ලද අශුද්ධ ධර්මයෙක් පහළ විය. මේ නිවන්දොර විවෘත කරණු මැනැවි. නිර්මල වූ මුඹ වහන්සේ විසින් අවබෝධ කළ ධර්මය සත්ත්වයෝ අසත්වා.

සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො,
යථාපි පස්සෙ ජනතං සමන්තතො;
තථූපමං ධම්මමයං සුමෙධ,
පාසාදමාරුය්හ සමන්තචක්ඛු.

සොකාවතිණ්ණං3 ජනතමපෙතසොකො,
අවෙක්ඛස්සු4 ජාතිජරාභිභූතං

උට්ඨෙහි වීර විජිතසඞ්ගාම සත්ථවාහ අනණ විචර ලොකෙ,
දෙසස්සු5 භගවා ධම්මං අඤ්ඤාතාරො භවිස්සන්තී”ති.

යහපත් ප්‍රඥා ඇති සර්වඥයන් වහන්ස, ශෛලමයපර්වතයක් මුදුනෙහි සිටියෙක් හාත්පස ජන සමූහයා යම්සේ දකී ද, එබඳු උපමා ඇති ධර්මප්‍රසාදයට නැඟ තමන්වහන්සේ පහ වූ ශොක ඇති සේක් ශොකයෙන් (ජාති ජරාදියෙන්) මැඩුණු සත්ත්ව සමූහයා බලන සේක්වා. මාරසංග්‍රාමය දිනූ වීරයන් වහන්ස, සාර්ථවාහකයන් වහන්ස, කාමච්ඡන්ද සංඛ්‍යාත ණය නැතියාණන් වහන්ස, නැගිසිටිනු මැනව. ලෝකයෙහි හැසිරෙනු මැනව. භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරණ සේක්වා. අවබෝධ කරන්නෝ ඇතිවන්නාහ.”

28. අථ ඛ්වාහං භික්ඛවෙ බ්රහ්මුනො ච අජ්ඣෙසනං විදිත්වා සත්තෙසු ච කාරුඤ්ඤතං පටිච්ච බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙසිං. අද්දසං ඛො අහං භික්ඛවෙ බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ, තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ, ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ [දුවිඤ්ඤාපයෙ], අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනෙ6 විහරන්තෙ, [අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනෙ විහරන්තෙ]

28. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මයාගේ ආරාධනාවත් ලැබ, සත්ත්වයන් කෙරෙහි කරුණාවත් නිසා බුදුඇසින් (ආසයානුසය ඉන්ද්‍රියපරෝපරියත්තඤාණයෙන්) ලොව බලන්නා වූ මම අල්පරජස්ක වූ ද, මහාරජස්ක වූ ද, තීක්‍ෂණ වූ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් ඇත්තා වූ ද, මෘදු ඉන්ද්‍රියයන් ඇත්තා වූ ද, යහපත් වූ ශ්‍රද්ධාදි ආකාර ඇත්තා වූ ද, අයහපත් ශ්‍රද්ධාදි ආකාර ඇත්තා වූ ද, පහසුවෙන් අවබෝධ කරවිය හැක්කා වූ ද, පහසුවෙන් අවබෝධ කරවිය නොහැක්කා වූ ද, සත්ත්වයන් - පරලොව හා වරද (කෙලෙස්) බිය වසයෙන් දක්නාසුලු ව වසන්නා වූ ඇතැමුන් ද, පරලොව හා කෙලෙස් වරද බිය වසයෙන් නොදක්නාසුලු වූ වසන්නා වූ ඇතැමුන් ද දිටිමි.

සෙය්යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි සමොදකං ඨිතානි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකං අච්චුග්ගම්ම තිට්ඨන්ති7 අනුපලිත්තානි උදකෙන. එවමෙව ඛො අහං භික්ඛවෙ බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො අද්දසං සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ, තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ, ස්වාකාරෙ [ද්වාකාරෙ], සුවිඤ්ඤාපයෙ [දුවිඤ්ඤාපයෙ], අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනෙ විහරන්තෙ, [අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනෙ විහරන්තෙ.]8* අථ ඛ්වාහං භික්ඛවෙ බ්රහ්මානං සහම්පතිං ගාථාය පච්චභාසිං:

මහණෙනි, යම්සේ උපුල්විලෙක හෝ පියුම් විලෙක හෝ හෙළපියුම්විලෙක හෝ දියෙහි හටගන්නා වූ දියෙහි වැඩුණා වූ දියෙන් උඩට නො නැගුණා වූ දියෙහි ගැලී පෝෂණය වන්නා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ හෙළපියුම් හෝ වේද, ජලයෙහි හටගත්තා වූ ජලයෙහි වැඩුණා වූ ජලය හා සම ව සිටියා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ හෙළපියුම් හෝ වේ ද, ජලයෙහි හටගත්තා වූ ජලයෙහි වැඩුණා වූ ජලය ඉක්මවා සිටියා වූ ජලයෙන් නො තැවරුණා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ හෙළපියුම් හෝ වේ ද, එසේ ම, මහණෙනි, බුදු ඇසින් ලොව බලන්නා වූ මම කෙලෙස් අඩු, කෙලෙස් වැඩි, තියුණු ඉන්ද්‍රියයන් ඇති, මෘදු ඉන්ද්‍රියයන් ඇති, යහපත් ආකාර ඇති, අයහපත් ආකාර ඇති, පහසුවෙන් අවබොධ කරවිය හැකි, පහසුවෙන් අවබෝධ කරවිය නොහැකි සත්ත්වයන් ද, පරලොව හා කෙලෙස් බිය වශයෙන් දක්නා සුලු ව වසන ඇතැම් සත්ත්වයන් ද, පරලොව හා කෙලෙස් බිය වසයෙන් නො දක්නාසුලු ව වසන්නාවූ ඇතැම් සත්ත්වයන් ද දිටිමි. මහණෙනි, ඉක්බිති මම සහම්පතී බ්‍රහ්මයාට ගාථාවෙන් පිළිවදන් දිනිමි.

අපාරුතා තෙසං අමතස්ස ද්වාරා
යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං.
විහිංසසඤ්ඤී පගුණං න භාසිං,
ධම්මං පණීතං මනුජෙසු බ්රහ්මෙති.

“යම් කෙනෙක් කන් ඇත්තාහු නම් ඔහු (දැන්) ශ්‍රද්ධාව මුදත්වා (ඉදිරිපත් කෙරෙත්වා). ඔවුනට නිවන් දොර (ම විසින්) විවෘත කරණ ලදී. බ්‍රහ්මය, ‘වෙහෙසකි’ යන කල්පනා ඇත්තෙම් ප්‍රගුණ වූ උතුම් ධර්මය මිනිසුන් කෙරෙහි නො දෙසීමි.”

29. අථ ඛො භික්ඛවෙ බ්රහ්මා සහම්පති ‘කතාවකාසො ඛොම්හි භගවතා ධම්මදෙසනායා’ති මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.

29. ඉක්බිති, සහම්පතීබ්‍රහ්ම තෙම ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මදේශනාවට කරණ ලද අවකාශ ඇත්තෙම් වෙමි’ යි මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.

30. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්යං, කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතීති? තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: ‘අයං ඛො ආළාරො කාලාමො පණ්ඩිතො බ්යත්තො මෙධාවී, දීඝරත්තං අප්පරජක්ඛජාතිකො. යන්නූනාහං ආළාරස්ස කාලාමස්ස පඨමං ධම්මං දෙසෙය්යං, සො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති. අථ ඛො මං භික්ඛවෙ දෙවතා උපසඞ්කමිත්වා එතදවොච: ‘සත්තාහකාලකතො1 භන්තෙ ආළාරො කාලාමො’ති. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි: ‘සත්තාහකාලකතො1 ආළාරො කාලාමො’ති. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: ‘මහාජානියො ඛො ආළාරො කාලාමො. සචෙ හි සො ඉමං ධම්මං සුණෙය්ය ඛිප්පමෙව ආජානෙය්යා’ති.

30. මහණෙනි, ඒ මට “මම පළමු කොට කවරකුට දහම් දෙසන්නෙම් ද, කවරෙක් මේ දහම් වහා අවබොධ කරන්නේ දැ”යි මේ ධර්මවිතර්කය විය. මහණෙනි, ඒ මට මේ සිත විය: මේ ආළාරකාලාම තෙමේ පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. බොහෝ කලක් අල්ප රජස්කස්වභාව (නිකෙලෙස් පියවි) ඇත්තෙක. මම ආළාරකාලාම තවුසාට පළමු කොට දහම් දෙසන්නෙම් නම් මැනව. හෙතෙම මේ ධර්මය වහා ම දැන ගන්නේ ය”යි කියායි. මහණෙනි, අනතුරු ව දෙවියෙක් මා වෙත පැමිණ “වහන්ස, ආළාරකාලාම තෙමේ මින් සත් දවසකට පෙර කලුරිය කළේ ය” යි මෙය කීයේ ය. “ආළාරකාලාම තෙමේ මින් සත් දිනකට පෙර කාලක්‍රියා කෙළේය.” යන ඥානදර්ශනය මට ද පහළ විය. මහණෙනි, ඒ මට “ආළාරකාලාම තෙමේ මහත් පිරිහීම් ඇත්තෙක් විය. ඉදින් හෙතෙම මේ ධර්මය ඇසුයේ නම්, වහා ම දැනගන්නේ ය (මගපල ලබයි)”යි මේ සිත විය.

31. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්යං, කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතීති? තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: ‘අයං ඛො උද්දකො3 රාමපුත්තො පණ්ඩිතො බ්යත්තො මෙධාවී, දීඝරත්තං අප්පරජක්ඛජාතිකො. යන්නූනාහං උද්දකස්ස රාමපුත්තස්ස පඨමං ධම්මං දෙසෙය්යං, සො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති. අථ ඛො මං භික්ඛවෙ දෙවතා උපසඞ්කමිත්වා එතදවොච: ‘අභිදොසකාලකතො4 භන්තෙ උද්දකො රාමපුත්තොති. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි: ‘අභිදොසකාලකතො4 උද්දකො රාමපුත්තො’ති. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: ‘මහාජානියො ඛො උද්දකො රාමපුත්තො. සචෙ හි සො ඉමං ධම්මං සුණෙය්ය ඛිප්පමෙව ආජානෙය්යා’ති.

31. මහණෙනි, ඒ මට “මම කවරකුට පළමුකොට දහම් දෙසම් ද, කවරෙක් මේ ධර්මය වහා ම අවබොධ කරගන්නේ ද” මේ සිත විය. මේ රාම පුත්‍ර උද්දක තෙමේ පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. බොහෝ කලක් අල්පරජස්කස්‌වභාව ඇත්තේ ය. මම රාම පුත්‍ර උද්දකහට පළමු කොට දහම් දෙසන්නෙම් නම් මැනව. හෙතෙම මේ ධර්මය වහා ම දැනගන්නේ ය” යන අදහස විය. මහණෙනි, ඉක්බිති දෙවියෙක් මා කරා පැමිණ “වහන්ස, රාමපුත්‍ර උද්දක තෙමේ ඊයේ මධ්‍යමරාත්‍රියෙහි කාලක්‍රියා කෙළේ ය”යි කියේ ය. “රාමපුත්‍ර උද්දක තෙමේ ඊයේ රෑ කාලක්‍රියා කෙළේ ය”යි මට ද ඥානදර්ශනය පහළ විය. මහණෙනි, “රාමපුත්‍ර උද්දකහට වූයේ මහත් පිරිහීමෙක. ඉදින් හෙතෙම මේ ධර්මය ඇසුයේ නම්, වහා ම මාර්ගඵල අවබොධ කරන්නේ යයි” මට මේ අදහස වී ය.

32. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්යං, කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතීති? තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි:

32. මහණෙනි, ඒ මට “කවරකුට මම පළමු කොට දහම් දෙසන්නෙම් ද, කවරෙක් මේ ධර්මය වහා ම අවබොධ කරන්නේ ද?” යන අදහස විය.

“බහුකාරා ඛො මෙ පඤ්චවග්ගියා භික්ඛූ යෙ මං පධානපහිතත්තං උපට්ඨහිංසු. යන්නූනාහං පඤ්චවග්ගියානං භික්ඛූනං පඨමං ධම්මං දෙසෙය්ය”න්ති. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: කහන්නුඛො එතරහි පඤ්චවග්ගියා භික්ඛූ විහරන්තීති. අද්දසං ඛො අහං භික්ඛවෙ දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන පඤ්චවග්ගියෙ භික්ඛූ බාරාණසියං විහරන්තෙ ඉසිපතනෙ මිගදායෙ.

මහණෙනි, ඒ මට “යම් පස්වග මහණ කෙනෙක් ප්‍රධන්වීර්යෙහි මෙහෙයූ සිත් ඇති මට උවටන් කළාහු ද, ඒ පස්වග මහණහු මට බොහෝ උපකාර ඇත්තාහ. මම පස්වග මහණුන්ට පළමු ව දහම් දෙසන්නෙම් නම් මැනව යි” මේ අදහස වී ය. මහණෙනි, ඒ මට “දැන් ඒ පස්වග මහණහු කොහි වෙසෙත් දෝ හෝ”යි මේ සිත වී ය. මහණෙනි, මම මිනිසැස ඉක්ම සිටි පිරිසුදු වූ දිවැසින් පස්වගමහණුන් බරණැස මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වසන්නවුන් දිටිමි.

33. අථ ඛ්වාහං භික්ඛවෙ උරුවෙලායං යථාභිරන්තං විහරිත්වා යෙන බාරාණසී තෙන චාරිකං පක්කමිං1. අද්දසා ඛො මං භික්ඛවෙ උපකො ආජීවකො2 අන්තරා ච ගයං අන්තරා ච බොධිං අද්ධානමග්ග පටිපන්නං. දිස්වාන මං එතදවොච: විප්පසන්නානි ඛො තෙ ආවුසො ඉන්ද්රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො. කංසි ත්වං ආවුසො උද්දිස්ස පබ්බජිතො? කො වා තෙ සත්ථා? කස්ස වා ත්වං ධම්මං රොචෙසීති? එවං වුත්තෙ අහං භික්ඛවෙ උපකං ආජීවකං ගාථාහි3 අජ්ඣභාසිං:

33. මහණෙනි, ඉක්බිති උරුවෙල්දනව්වෙහි කැමතිතාක් වාසය කොට බරණැස චාරිකාවෙහි ගියෙමි. මහණෙනි, ගයාවටත් බෝධියටත් අතර අදන්මගට පිළිපන් උපක නම් ආජීවකයා මා දුටුයේ ය. දැක මට මෙසේ කී ය: “ඇවැත්නි, මුඹවහන්සේගේ චක්ෂුරාදි ඉන්ද්‍රියෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. ඡවිවර්ණය පිරිසුදු ය, ප්‍රභාස්වරය. ඇවැත්නි, මුඹවහන්සේ කවරකු උදෙසා පැවිදි වූ සේක ද? මුඹවහන්සේගේ ශාස්තෘවරයා හෝ කවරේ ද? මුඹවහන්සේ කාගේ ධර්මයකට රුචි කරණ සේක් ද?” යනුයි. මහණෙනි, මෙසේ කී කල්හි මම උපකආජීවකයාහට ගාථාවෙන් කීමි:

සබ්බාභිභූ සබ්බවිදූහමස්මී
සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො,
සබ්බඤ්ජහො තණ්හක්ඛයෙ විමුත්තො
සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්යං?

“මම සියල්ල අබිබවා සිටියෙමි. දත යුතු සියල්ල දන්නෙම් වෙමි. සියලු ධර්මයන්හි නො ඇලුණෙමි. සියලු කෙලෙස් හැර සිටියෙමි. තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිර්වාණයෙහි අරමුණු කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුණෙමි. මෙසේ තමන් ම සියල්ල දැන අන් කවරකු ආචාර්යවශයෙන් උදෙසනෙම් ද?”

න මෙ ආචරියො අත්ථි සදිසො මෙ න විජ්ජති,
සදෙවකස්මිං ලොකස්මිං නත්ථි මෙ පටිපුග්ගලො.

“මට ලෝකෝත්තරධර්මයෙහි ගුරුවරයෙක් නැත. මට සමානයෙක් නැත. දෙවියන් සහිත ලෝකයෙහි මා හට සම පුද්ගලයෙක් නැත.”

අහං හි අරහා ලොකෙ අහං සත්ථා අනුත්තරො,
එකොම්හි සම්මාසම්බුද්ධො සීතිභූතොස්මි නිබ්බුතො.

“ලෝකයෙහි මම ම රහත් වෙමි. මම ම නිරුත්තර වූ ශාස්තෘ වෙමි. මම එක ම සම්මාසම්බුදු වෙමි. සියලු කෙලෙස්ගිනි නිවීමෙන් සිසිල් වුයෙමි. එහෙයින් ම නිවුනෙම් වෙමි.”

ධම්මචක්කං පවත්තෙතුං ගච්ඡාමි කාසිනං පුරං,
අන්ධභූතස්මිං4 ලොකස්මිං ආහඤ්ඡං5 අමතදුන්දුභින්ති.

“මම දම්සක් පැවැත්වීමට කසීරට බරණැස් නුවර බලා යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි අමාදහම්බෙරය ගසන්නෙමි.”

34. ‘යථා ඛො ත්වං ආවුසො පටිජානාසි අනන්තජිනො’ති?

34. ‘ඇවැත්නි, මුඹ “අනන්තජින” ය යි පිළින කරණ සේය.’ (උපක කීය)

“මාදිසා වෙ ජිනා හොන්ති යෙ පත්තා ආසවක්ඛයං,
ජිතා මෙ පාපකා ධම්මා තස්මාහං උපකා ජිනො”ති.

“ආස්‍රවක්ෂය සංඛ්‍යාත නිර්වාණයට පැමිණියා වූ මා වැනියෝ එකාන්තයෙන් ‘ජින’ නම් වෙති. උපකය, මා විසින් පාපධර්මයෝ දිනන ලදහ. එහෙයින් මම ‘ජින’ වෙමි.” යි

එවං වුත්තෙ භික්ඛවෙ උපකො ආජීවකො ‘හුවෙය්යපාවුසො’ති6 වත්වා සීසං ඔකම්පෙත්වා උම්මග්ගං ගහෙත්වා පක්කාමි.

මෙසේ වදාළ කල්හි උපක ආජීවක තෙමේ, “ඇවැත්නි, එසේත් වන්නේ වනැ”යි හිස සලා සරස් මගක් ගෙණ ගියේ ය.

35. අථ ඛ්වාහං භික්ඛවෙ අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී ඉසිපතනං මිගදායො යෙන පඤ්චවග්ගියා භික්ඛූ තෙනුපසඞ්කමිං. අද්දසාසුං ඛො මං භික්ඛවෙ පඤ්චවග්ගියා භික්ඛූ දූරතොව ආගච්ඡන්තං. දිස්වාන අඤ්ඤමඤ්ඤා සණ්ඨපෙසුං: “අයං ඛො ආවුසො සමණො ගොතමො ආගච්ඡති බාහුලිකො1 පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය. සො නෙව අභිවාදෙතබ්බො, න පච්චුට්ඨාතබ්බො. නාස්ස පත්තචීවරං පටිග්ගහෙතබ්බං. අපි ච ඛො ආසනං ඨපෙතබ්බං සචෙ ආකඞ්ඛිස්සති නිසීදිස්සතී”ති. යථා යථා ඛො අහං භික්ඛවෙ උපසඞ්කමාමි, තථා තථා පඤ්චවග්ගියා භික්ඛූ නාසක්ඛිංසු සකාය කතිකාය සණ්ඨාතුං. අප්පෙකච්චෙ මං පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙසුං. අප්පෙකච්චෙ ආසනං පඤ්ඤාපෙසුං. අප්පෙකච්චෙ පාදොදකං උපට්ඨපෙසුං. අපි ච ඛො මං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරන්ති.

35. මහණෙනි, ඉක්බිති මම පිළිවෙලින් චාරිකා කරන්නෙම් බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි පස්වගමහණුන් වෙත එලඹියෙමි. මහණෙනි, පස්වග මහණහු එන මා දුර දී ම දුටහ. දැක ඔවුනොවුන් කතිකා කළහ: “ඇවැත්නි, ප්‍රත්‍යය බහුල කොට ඇති බවට පැමිණ ප්‍රධන් වීර්යෙන් පිරිහුණු, ප්‍රත්‍යය බහුල කොට ඇති බවට පෙරළුණු මේ ශ්‍රමණ ගෞතම තෙමෙ එයි. නො ම වැඳිය යුතුය. පෙර ගමන් නො කළ යුතුය. ඔහුගේ පා සිවුරු නො පිළිගත යුතු ය. වැලි, ඉදින් කැමැත්තේ නම් හිඳින්නේ යයි ආසනයක් තැබිය යුතු”ය කියායි. මහණෙනි, මා ළං ළං වත් ම පස්වග මහණහු තම කතිකායෙහි පිහිටා සිටින්නට නොහැකි වූහ. ඇතැම්හු මට පෙර ගමන් කොට පාසිවුරු ගත්හ. ඇතැම්හු අසුන් පැනවූහ. ඇතැම්හු පාදොවුන්දිය එළවූහ. එසේ වුවත් මට නාමයෙන් හා ‘ආවුසො’ වාදයෙන් ව්‍යවහාර කෙරෙති.

36. එවං වුත්තෙ අහං භික්ඛවෙ පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං: “මා භික්ඛවෙ තථාගතං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරිත්ථ.2 අරහං භික්ඛවෙ තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ භික්ඛවෙ සොතං. අමතමධිගතං. අහමනුසාසාමි. අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා3 නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති.

36. මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්ට මෙය කීමි “මහණෙනි, තථාගතයන්ට නමිනුත් ‘ආවුසො’ වාදයෙනුත් ව්‍යවහාර නො කරවු. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක්සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. අමෘතය අවබොධ කරණ ලදී. මම දහම් දෙසමි. අනුශාසනයට අනුව පිළිපඳනාහු - කුලපුත්‍රයෝ යම් නිවනක් සඳහා ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද් ද, මාර්ගබ්‍රහ්මචර්යය අවසන් කොට ඇති නිරුත්තර වූ ඒ නිර්වාණය ඉහතාත්මයේදී ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ඊට පැමිණ වාසය කරවු” යි.

37. එවං වුත්තෙ භික්ඛවෙ පඤ්චවග්ගියා භික්ඛූ මං එතදවොචුං: “තායපි ඛො ත්වං ආවුසො ගොතම ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං. කිං පන ත්වං එතරහි බාහුලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසන්ති.” එවං වුත්තෙ අහං භික්ඛවෙ පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං: ‘න භික්ඛවෙ තථාගතො බාහුලිකො, න පධානවිබ්භන්තො, න ආවත්තො බාහුල්ලාය. අරහං භික්ඛවෙ තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ භික්ඛවෙ සොතං. අමතමධිගතං. අහමනුසාසාමි. අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති.

37. මහණෙනි, මෙසේ කී කල්හි පස්වග මහණහු මට මෙය කීහ: “ඇවත ගෞතමයෙනි, මුඹ වහන්සේ ඒ දුෂ්කර වූ ඉරියව්වෙනුත් දුෂ්කර ප්‍රතිපදායෙනුත් දුෂ්කර ක්‍රියායෙනුත්, මනුෂ්‍යධර්මයට වැඩි වූ ආර්යභාවය ඇති කිරීමට සමර්ථ වූ ඥානදර්ශනවිශේෂය නො ලැබූ සේක. මුඹ වහන්සේ දැන් පිරිකර බහුල කොට ඇති සේක්, ප්‍රධන්වීර්යෙන් ගිලිහුණු සේක්, පිරිකර බහුල කොට ඇතිබවට පෙරළුණුසේක්, දශකුශලධර්මයට වැඩි වූ අර්යභාවය සිදු කිරීමට සමර්ථ වූ ඥානදර්ශන විශෙෂය කිසෙයින් ලැබූ සේක් ද?” මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්ට මෙය කීමි: “මහණෙනි, තථාගත තෙමේ බාහුලික වූයේ නො වේ. ප්‍රධන්වීර්යෙන් ගිලිහුණේ නො වේ. බාහුලිකත්වයට පෙරළුණේ නො වේ. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක් සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. අමෘතය මා විසින් ලබන ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනාව යම් සේ ද, එසේ පිළිපදනා වූ තෙපි නො බෝකලෙකින් ම යම් අර්හත්වයක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද්ද, නිරුත්තර වූ බ්‍රහ්මචර්යය කෙළවර කොට ඇත්තා වූ ඒ අර්හත්වය තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරන්නහුය.”

38. දුතියම්පි ඛො භික්ඛවෙ පඤ්චවග්ගියා භික්ඛූ මං එතදවොචුං: “තායපි ඛො ත්වං ආවුසො ගොතම ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං. කිම්පන ත්වං එතරහි බාහුලිකො1 පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසන්ති?”

38. මහණෙනි, දෙවනු ද පස්වග මහණහු මට මෙසේ කීහ: “ඇවැත්නි, ගෞතමයෙනි, මුබවහන්සේ ඒ ඉරියව්වෙන් ඒ ප්‍රතිපදාවෙන් ඒ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩි අර්යභාවය සිදු කිරීමට සමර්ථ වූ ඥානදර්ශන විශේෂයක් අවබොධ නො කළ සේක. කීම, මුබවහන්සේ දැන් ප්‍රත්‍ය බහුල කොට ඇතිසේක් ප්‍රධන්වීර්යයෙන් ගිලිහුණුසේක් ප්‍රත්‍ය බහුල කොට ඇතිබව පිණිස පෙරළුණු සේක් මනුෂ්‍යධර්මයට වැඩි වූ අර්යභාවය සිදු කිරීමට සමර්ථ වූ ඥානදර්ශනය අවබොධ කළසේක් ද? ”

39. දුතියම්පි ඛො අහං භික්ඛවෙ පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං: “න භික්ඛවෙ තථාගතො බාහුලිකො1 න පධානවිබ්භන්තො, න ආවත්තො බාහුල්ලාය. අරහං භික්ඛවෙ තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ භික්ඛවෙ සොතං. අමතමධිගතං. අහමනුසාසාමි. අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති.

39. මහණෙනි, දෙවනු ද මම පස්වග මහණන්ට මෙය කීමි: “මහණෙනි, තථාගත තෙමේ බහුලික වූයේ නො වේ. ප්‍රධන්වීර්යයෙන් ගිලිහුණේ නො වේ. ප්‍රත්‍ය බහුලභාවය පිණිස පෙරළුණේ නො වේ. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක් සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. (මා විසින්) නිවන් අවබෝධ කරණ ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනාව යම්සේ ද, එසේ පිළිපදනා වූ තෙපි නො බෝකලෙකින් ම යම් අර්හත්වයක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද්ද, නිරුත්තර වූ බඹසර කෙළවර කොට ඇති ඒ අර්හත්වය තුමූ ඉහතාත්මයේදී ම අභිඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නහුය.”

40. තතියම්පි ඛො භික්ඛවෙ පඤ්චවග්ගියා භික්ඛූ මං එතදවොචුං: “තායපි ඛො ත්වං ආවුසො ගොතම ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං. කිම්පන ත්වං එතරහි බාහුලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසන්ති?”

40. මහණෙනි, තෙවැනිවටත් පස්වග මහණහු මට මෙසේ කීහ: “ඇවැත් ගෞතමයෙනි, මුබ වහන්සේ ඒ ඉරියව්වෙන් ඒ ප්‍රතිපදාවෙන් ඒ දුෂ්කරක්‍රියාවෙන් මිනිස් දහමට වැඩි අර්යභාවය සිදු කිරීමට සමර්ථ වූ ඥානදර්ශන විශේෂයක් අවබොධ නො කළ සේක. මුබ වහන්සේ දැන් ප්‍රත්‍ය බහුල කොට ඇතිසේක් ප්‍රධන්වීර්යයෙන් ගිලිහුණුසේක් ප්‍රත්‍ය බහුල භාවය පිණිස පෙරළුණු සේක් මිනිස්දහමට වැඩි අර්යභාවය සිදු කිරීමට සමර්ථ වූ ඥානදර්ශනය අවබොධ කළසේකැ යනු කීම?”

41. එවං වුත්තෙ අහං භික්ඛවෙ පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං: “අභිජානාථ මෙ නො තුම්හෙ භික්ඛවෙ ඉතො පුබ්බෙ එවරූපං වබ්භාවිතමෙතන්ති3 නො හෙතං භන්තෙ. න භික්ඛවෙ තථාගතො බාහුලිකො, න පධානවිබ්භන්තො, න ආවත්තො බාහුල්ලාය. අරහං භික්ඛවෙ තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ භික්ඛවෙ සොතං. අමතමධිගතං. අහමනුසාසාමි. අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති.

41. මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්ට මෙය කීමි: මහණෙනි, තෙපි මින් පෙර මාගේ මෙබඳු වූ වාග්භෙදයක් (=වචන කීමක් ගැන) දන්නහු ද?” “වහන්ස, එය නො වේ ම ය.” “මහණෙනි, තථාගත තෙමේ ප්‍රත්‍යය බාහුලික වූයේ නො වේ. ප්‍රධන්වීර්යයෙන් ගිලිහුණේ නො වේ. ප්‍රත්‍ය බහුලභාවය පිණිස පෙරළුණේ නො වේ. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක්සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. (මා විසින්) නිවන ලබන ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනාව යම්සේ ද, එසේ පිළිපදනා වූ තෙපි නො බෝකලෙකින් ම යම් අර්හත්වයක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට ම ගිහි ගෙන් නික්ම අනගාර්යශාසනයට පැමිණෙද්ද, ඒ නිරුත්තර වූ බඹසර කෙළවර කොට ඇති රහත්බව ඉහතාත්මයේදී ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නහුය.”

42. අසක්ඛිං ඛො අහං භික්ඛවෙ පඤ්චවග්ගියෙ භික්ඛූ සඤ්ඤාපෙතුං. ද්වෙපි සුදං භික්ඛවෙ ඔවදාමි. තයො භික්ඛූ පිණ්ඩාය චරන්ති. යං තයො භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්ති, තෙන ඡබ්බග්ගා1 යාපෙම. තයොපි සුදං භික්ඛවෙ භික්ඛූ ඔවදාමි. ද්වෙ භික්ඛූ පිණ්ඩාය චරන්ති. යං ද්වෙ භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්තී, තෙන ඡබ්බග්ගියා යාපෙම.

42. මහණෙනි, මම මා බුදුවූබව පස්වග මහණුන් අඟවන්නට හැකිවීමි. මහණෙනි, මම භික්ෂූන් දෙනමකට අවවාද කරමි. භික්ෂූහු තෙනමක් පිඬු පිණිස හැසිරෙත්. භික්ෂූහු තිදෙන පිඬුපිණිස හැසිර යමක් ගෙනෙත් ද, එයින් සවග වූ අපි යැපෙමු. මහණෙනි, මම භික්ෂූන් තුන් නමකට අවවාද කරමි. භික්ෂූහු දෙ නමක් පිඬු පිණිස හැසිරෙත්. භික්ෂූහු දෙනම පිඬු පිණිස හැසිර යමක් ගෙනෙත් ද, එයින් සවග වූ අපි යැපෙමු.

43. අථ ඛො භික්ඛවෙ පඤ්චවග්ගියා භික්ඛූ මයා එවං ඔවදියමානා එවං අනුසාසියමානා අත්තනා ජාතිධම්මා සමානා ජාතිධම්මෙ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමංසු. අත්තනා ජරාධම්මා සමානා ජරාධම්මෙ ආදීනවං විදිත්වා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානා අජරං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමංසු. අත්තනා බ්යාධිධම්මා සමානා බ්යාධිධම්මෙ ආදීනවං විදිත්වා අබ්යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානා අබ්යාධිං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමංසු. අත්තනා මරණධම්මා සමානා මරණධම්මෙ ආදීනවං විදිත්වා අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානා අමතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමංසු. අත්තනා සොකධම්මා සමානා සොකධම්මෙ ආදීනවං විදිත්වා අසොකං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානා අසොකං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමංසු. අත්තනා සංකිලෙසධම්මා සමානා සංකිලෙසධම්මෙ ආදීනවං විදිත්වා අසංකිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානා අසංකිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං අජ්ඣගමංසු. ඤාණඤ්ච පන නෙසං2 දස්සනං උදපාදි: “අකුප්පා නො විමුත්ති, අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවො”ති.

43. මහණෙනි, මෙසේ මා විසින් අවවාද කරණු ලබන අනුශාසනා කරණු ලබන පස්වග මහණහු තුමූ ඉපදීම ස්වභාව කොට ඇත්තාහු ජාතිධර්මයෙහි ආදීනව දැන ඉපදීමක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන සොයන්නාහු ඉපදීමක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම නිවන අවබොධ කළාහු ය. තුමූ ජරාව ස්‌වභාව කොට ඇත්තාහු ජරාධර්මයෙහි ආදීනව දැන ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන සොයන්නාහු ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. තුමූ ව්‍යාධිය ස්‌වභාව කොට ඇත්තාහු ව්‍යාධිස්වභාවයෙහි දොස් දැන ව්‍යාධි රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන සොයන්නාහු ව්‍යාධි රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. තුමූ මරණය ස්‌වභාව කොට ඇත්තාහු මරණයෙහි ආදීනව දැන මරණ රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන සොයන්නාහු මරණ රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. තුමූ ශෝකය ස්‌වභාව කොට ඇත්තාහු ශෝකයෙහි ආදීනව දැන ශෝක රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන සොයන්නාහු ශෝක රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. තුමූ කෙලෙසීම් ස්‌වභාව කොට ඇත්තාහු සංක්ලේශධර්මයෙහි ආදීනව දැන නො කිලිටි වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන සොයන්නාහු නො කිලිටි වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. ඔවුන්ට ‘අපගේ චිත්තවිමුක්තිය නිශ්චල ය. මේ අන්තිම ජාතිය යි. දැන් පුනර්භවයක් නැත’ යන ඥානදර්ශනය ද පහළ විය.

44. පඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච කාමගුණා.

44. මහණෙනි, මේ කාමගුණයෝ පස් දෙනකි. කවර පස් දෙනෙක යත්: චක්ෂුර්විඥානයෙන් දත යුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමරාගයෙන් යුක්ත වූ රාගොත්පත්තියට කාරණ වූ රූපයෝ ය, ශ්‍රොත්‍රවිඥානයෙන් දත යුතු වූ … ශබ්දයෝ ය, ඝාණවිඥානයෙන් දත යුතු වූ … ගන්ධයෝ ය, ජිහ්වාවිඥානයෙන් දත යුතු වූ … රසයෝ ය, කායවිඥානයෙන් දත යුතු වූ ඉෂ්ට වූ කමතීය වූ මන වඩන්නා වූ ප්‍රියස්වරූප වූ කාමරාගයෙන් යුක්ත වූ රාගොත්පත්තියට කාරණ වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ ය, යන මොහුයි. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ ය.

45. යෙ හි කෙචි3 භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ ගථිතා4 මුච්ඡිතා අජ්ඣාපන්නා5 අනාදීනවදස්සාවිනො අනිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති, තෙ එවමස්සු වෙදිතබ්බා: අනයමාපන්නා බ්යසනමාපන්නා යථාකාමකරණීයා පාපිමතො.

45. මහණෙනි, යම් මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් (මේ පස්කම් ගුණයන්හි) වෙළුනාහු මුසපත් වූවාහු බැසගත්තාහු දොස් නොදක්නාසුලු වූවාහු ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙන් තොර වූවාහු මේ පස්කම්ගුණයන් පරිභෝග කෙරෙද් ද, ඔහු අනභිවෘද්ධියට පැමිණියාහු ව්‍යවසනයට පැමිණියාහු පවිටු මරහු විසින් කැමති සේ කට යුත්තාහු යි මෙසේ දත යුත්තාහු ය.

46. සෙය්යථාපි භික්ඛවෙ ආරඤ්ඤකො මිගො1 බද්ධො පාසරාසිං අධිසයෙය්ය. සො එවමස්ස වෙදිතබ්බො: අනයමාපන්නො බ්යසනමාපන්නො යථාකාමකරණීයො ලුද්දස්ස, ආගච්ඡන්තෙ ච පන ලුද්දෙ2 න යෙන කාමං පක්කමිස්සතීති. එවමෙව ඛො භික්ඛවෙ යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා අනාදීනවදස්සාවිනො අනිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති, තෙ එවමස්සු වෙදිතබ්බා: අනයමාපන්නා බ්යසනමාපන්නා යථාකාමකරණීයා පාපිමතො.

46. මහණෙනි, අරණ්‍යකමෘගයෙක් මල පුඬුරැස මත යම්සේ ශයනය කරන්නේ නම්, හෙතෙමේ අනභිවෘද්ධියට පැමිණියේ ව්‍යවසනයට පැමිණියේ වැද්දා විසින් කැමැති සේ කට යුත්තේ ය. වැද්දා එන කල්හි කැමැති මගකින් නො යන්නේ ය යි මෙසේ දතයුතු වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම යම්කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ පස්කම්ගුණයන්හි ගෙතුනාහු මුසපත් වූවාහු බැසගත්තාහු දොස් නො දක්නාසුලු වූවාහු ප්‍රත්‍යවෙක්ෂාඥානයෙන් තොර වූවාහු මේ පස්කම්ගුණයන් පරිභොග කෙරෙත් ද, ඔහු විපතට පැමිණියාහු වැසනට පැමිණියාහු පවිටු මරහු විසින් කැමැති සේ කට යුත්තාහු ය යි මෙසේ දත යුතු වන්නාහු ය.

47. යෙ ච3 ඛො කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ අගථිතා අමුච්ඡිතා අනජ්ඣොපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති, තෙ එවමස්සු වෙදිතබ්බා: න අනයමාපන්නා න බ්යසනමාපන්නා න යථාකාමකරණීයා පාපිමතො.

47. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පස්කම්ගුණයන්හි නො ගෙතුනාහු මුසපත් නො වූවාහු බැස නොගත්තාහු දොස් දක්නාසුලු වූවාහු ප්‍රත්‍යවෙක්ෂාඥානයෙන් යුක්ත වූවාහු මේ පස්කම්ගුණයෙන් පරිභොග කෙරෙත් ද, ඔහු විපතට නො පැමිණියාහු ය. ඔහු වැසනට නො පැමිණියාහු ය. පවිටු වූ මරහු විසින් කැමැති සේ කට යුතු නො වන්නාහුය යි මෙසේ දත යුතු වන්නාහු ය.

48. සෙය්යථාපි භික්ඛවෙ ආරඤ්ඤකො මිගො අබද්ධො පාසරාසිං අධිසයෙය්ය, සො එවමස්ස වෙදිතබ්බො: න අනයමාපන්නො න බ්යසනමාපන්නො න යථාකාමකරණීයො ලුද්දස්ස, ආගච්ඡන්තෙ ච පන ලුද්දෙ යෙන කාමං පක්කමිස්සතීති. එවමෙව ඛො භික්ඛවෙ යෙ කෙචි සමණා වා බ්රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ අගථිතා අමුච්ඡිතා අනජ්ඣාපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති, තෙ එවමස්සු වෙදිතබ්බා: න අනයමාපන්නා න බ්යසනමාපන්නා න යථාකාමකරණීයා පාපිමතො.

48. මහණෙනි, යම් සේ වනමුවෙක් නො බැඳුනේ මලපුඬු රැස මත හොනේ ද, හෙතෙමේ විපතට නො පැමිණියේ ය. වැසනට නො පැමිණියේ ය. වැද්දා විසින් කැමැති සේ කට යුතු නොවන්නේ ය. වැද්දා එන කල්හි කැමැති මගකින් පලායන්නේ ය යි මෙසේ දත යුතු වන්නේ ය. මහණෙනි, මේ පරිද්දෙන් ම යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු හෝ පස්කම්ගුණයන්හි නො ගෙතුනාහු මුසපත් නො වූවාහු බැස නො ගත්තාහු දොස් දක්නාසුලු වූවාහු ප්‍රත්‍යවෙක්ෂාඥානයෙන් යුක්ත වූවාහු මේ පස්කම්ගුණයෙන් පරිභෝග කෙරෙත් ද, ඔහු විපතට නො පැමිණියෝ ය. වැසනට නො පැමිණියෝ ය. පවිටු මරහු විසින් කැමැති සේ කටයුතු නො වන්නෝ ය යි මෙසේ දත යුතු වන්නාහු ය.

49. සෙය්යථාපි භික්ඛවෙ ආරඤ්ඤකො මිගො අරඤ්ඤෙ පවනෙ විස්සත්ථො ගච්ඡති, විස්සත්ථො තිට්ඨති, විස්සත්ථො නිසීදති, විස්සත්ථො සෙය්යං කප්පෙති. තං කිස්ස හෙතු? අනාපාථගතො භික්ඛවෙ ලුද්දස්ස. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමංඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො’.

49. මහණෙනි, යම්සේ වනමුවෙක් මහ වහයෙහි හැසිරෙන්නේ බියරහිත වූයේ යේ නම්, බියරහිත වූයේ සිටී නම්, බියරහිත වූයේ හිඳී නම්, බියරහිත වූයේ හොවී නම්, මහණෙනි, ඒ කවරහෙයින යත්: වැද්දාට හමු නො වූ හෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්මයන්ගෙන් වෙන් ව ම විතර්ක සහිත විචාර සහිත විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ද ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි ද, මහණෙනි, මේ භික්‍ෂු තෙමේ මාරයා අන්ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිටක් නැති සේ නසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ යයි ද කියනු ලැබේ.

50. පුන ච පරං භික්ඛවෙ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං **දුතියං ඣානං** උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො’.

50. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් සිය සතන්හි පැහැදීම වූ සිතේ එකඟගබව ඇති විතර්ක නැති විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ද ඇති දෙවැනි දැහැනට පැමිණ වාසය කෙරෙයි. මේ මහණ තෙමේ ‘මාරයා අන්ධ කෙළේ යයි ද, පිහිටක් නැති සේ මරඇස නසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ’ යයි ද කියනු ලැබේ.

51. පුන ච පරං භික්ඛවෙ භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යන්තං අරියා ආචික්ඛන්ති: උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති **තතියං ඣානං** උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො’.

51. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ ප්‍රීති විරාගයෙන් උපෙක්ෂා ඇත්තේ ද ස්මෘතිමත් වූයේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ ද වාසය කරයි. කයින් සැප ද විඳියි. ආර්යයෝ ඒ යමක් ‘උපෙක්ෂා ඇත්තේ ය. සිහි ඇත්තේ ය. සැප විහරණ ඇත්තේ ය’යි වර්ණනා කරත් ද, ඒ තෙවැනි දැහැනට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙම ‘මාරයා අන්ධ කෙළේ ය යි ද, මාරයාගේ ඇස පිහිටක් නැති සේ නසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ’ ය යි ද කියනු ලැබේ.

52. පුන ච පරං භික්ඛවෙ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං **චතුත්ථං ඣානං** උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො’.

52. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සැපය නැසීමෙන් ද දුක නැසීමෙන් ද පළමු කොට ම සොම්නස් දොම්නස් වැනසීමෙන් දුක් රහිත වූ සැප රහිත වූ උපෙක්ෂා විසින් කළ ස්මෘතිපරිශුද්ධභාව ඇති සිවුවැනි දැහැනට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ ‘මාරයා අන්ධ කෙළේ ය යි ද මාරයාගේ ඇස පිහිටක් නැති සේ වනසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ’ ය යි ද කියනු ලැබේ.

53. පුන ච පරං භික්ඛවෙ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති **ආකාසානඤ්චායතනං** උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො’. පුන ච පරං භික්ඛවෙ භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති **විඤ්ඤාණඤ්චායතනං** උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො’. පුන ච පරං භික්ඛවෙ භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති [**ආකිඤ්චඤ්ඤායතනං** උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො’. පුන ච පරං භික්ඛවෙ භික්ඛු] සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම [**නෙවසඤ්ඤානාසඤ්ඤායතනං** උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ‘අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො’. පුන ච පරං භික්ඛවෙ භික්ඛු සබ්බසො] නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම **සඤ්ඤාවෙදයිතනිරොධං** උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො. තිණ්ණො ලොකෙ විසත්තිකං. සො විස්සත්ථො ගච්ඡති. විස්සත්ථො තිට්ඨති. විස්සත්ථො නිසීදති. විස්සත්ථො සෙය්යං කප්පෙති. තං කිස්ස හෙතු? අනාපාථගතො භික්ඛවෙ පාපිමතොති.

53. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් නැසීමෙන් නානාත්වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසානාඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ ‘මාරයා අන්ධ කෙළේ ය යි ද, මරඇස පිහිටක් නැති සේ වනසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ’ ය යි ද කියනු ලැබේ. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්වප්‍රකාරයෙන් ආකාසනඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි … සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ඔළාරික කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි … සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි … මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරොධයට පැමිණ වාසය කෙරෙයි. ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආස්‍රවයෝ ක්ෂීණ වූවාහු වෙත්. මහණෙනි, මේ තෙම ‘මාරයා අන්ධ කෙළේ ය. මරඇස පිහිටක් නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට පැමිණියේ’ ය යි ද කියනු ලැබේ. ලොකයෙහි විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාවෙන් එතෙර වූයේ ය. හෙතෙම නිර්භය වූයේ නිර්භය ව සිටියි. නිර්භය ව හිඳියි. නිර්භය ව හොවියි. කවර හෙයින යත්: මහණෙනි, පවිටු මාරයාට හමු නොවූ හෙයිනි.

ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.

බුදුරජාණන් වහන්සේ මෙය වදාළසේක. සතුටු වූ ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

අරියපරියෙසනසුත්තං ඡට්ඨං.

අරියපරියෙසන සූත්‍රය සවැනියි.