190. සාවත්‍ථියං:
190. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු -පෙ- පහිතත්තො විහරෙය්‍යන්ති.
එකත්පස් ව හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, …: “නිවන් පිණිස යොමු කළ සිත් ඇති වැ වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එ බඳු දහමක් සැකෙවින් මට දේශනා කරනසේක්‍වා”යි.
යො ඛො රාධ, ඛයධම්මො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. කො ච රාධ, ඛයධම්මො: රූපං ඛො රාධ, මාරධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං ඛයධම්මො තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යො ඛො රාධ, ඛයධම්මො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
රාධය, යමෙක් ක්ෂය වනසුලු නම් එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි. රාධය, කිමෙක් ක්ෂය වනසුලු ද යත්: රාධය, රූපය ක්ෂය වනසුලු යැ. එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය ක්ෂය වනසුලු යැ, එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි. රාධය, යමෙක් ක්ෂය වනසුලු නම් එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යැ, රාගය පහකටයුතු යැ, ඡන්දරාගය පහකටයුතු යි.