1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා කුමාරකස්සපො අන්ධවනෙ විහරති. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං අන්ධවනං ඔභාසෙත්වා යෙනායස්මා කුමාරකස්සපො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා ආයස්මන්තං කුමාරකස්සපං එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ ජෙතවනාරාම යෙහි වැඩවාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් කුමාරකාශ්‍යප තෙරණුවෝ අන්‍ධවනයෙහි වාසය කරති. එකල එක්තරා දෙවියෙක් මධ්‍යමරාත්‍රියෙහි විශිෂ්ට වර්‍ණ ඇත්තේ අන්‍ධවනය හාත්පස එකාලොක කොට ආයුෂ්මත් කුමාරකාශ්‍යප තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ එකත්පස්ව සිටියේ ය. එකත්පස්ව සිටි ඒ දෙවියා ආයුෂ්මත් කුමාරකාශ්‍යප තෙරණුවන්ට මෙය සැළ කෙළේය:
2. “භික්ඛු, භික්ඛු, අයං වම්මිකො1 රත්තිං ධූපායති2. දිවා පජ්ජලති. බ්රාහ්මණො එවමාහ: ‘අභික්ඛණ සුමෙධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස ලඞ්ගිං3. ‘ලඞ්ගී භදන්තෙ’ති. බ්රාහ්මණො එවමාහ: ‘උක්ඛිප ලඞ්ගිං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස උද්ධුමායිකං. ‘උද්ධුමායිකා භදන්තෙ’ති. බ්රාහ්මණො එවමාහ: ‘උක්ඛිප උද්ධුමායිකං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස ද්විධාපථං. ‘ද්විධාපථො භදන්තෙ’ති. බ්රාහ්මණො එවමාහ: ‘උක්ඛිප ද්විධාපථං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස චඞ්ගවාරං.4 ‘චඞ්ගවාරං භදන්තෙ’ති. බ්රාහ්මණො එවමාහ: ‘උක්ඛිප චඞ්ගවාරං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස කුම්මං. ‘කුම්මො භදන්තෙ’ති. බ්රාහ්මණො එවමාහ: ‘උක්ඛිප කුම්මං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස අසිසූනං ‘අසිසූනා භදන්තෙ’ති. බ්රාහ්මණො එවමාහ. ‘උක්ඛිප අසිසූනං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස මංසපෙසිං. ‘මංසපෙසී භදන්තෙ’ති. බ්රාහ්මණො එවමාහ: ‘උක්ඛිප මංසපෙසිං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස නාගං. ‘නාගො භදන්තෙ’ති. බ්රාහ්මණො එවමාහ: “තිට්ඨතු නාගො, මා නාගං ඝට්ටෙසි. නමො කරොහි නාගස්සා”’ති.
2. “මහණ, මහණ, මේ තුඹස රාත්‍රියෙහි දී දුමයි. දාවල දිළෙයි බමුණෙක් මෙසේ කියයි: ‘සුමෙධය (මනානුවණැත්ත) ශස්ත්‍රය ගෙණ සාරව’. සුමෙධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ හිදිඅගුලක් දුටුවේය. ‘වහන්ස, හිදිඅගුලෙකි’ යි (හේ කීය). බමුණා මෙසේ කියයි: හිදිඅගුල ඔසොවාලව. ශස්ත්‍රය ගෙණ තව සාරව’. සුමෙධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ මැඩියකු දුටුවේය. ‘වහන්ස, මැඩියෙකැ’යි. බමුණා මෙසේ කියයි: ‘මැඩියා ඔසොවා ලව. සුමෙධය, ශස්ත්‍රය ගෙණ තවත් සාරව’ යි. සුමෙධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ දෙමංහන්දියක් දුටුවේය. ‘වහන්ස, දෙමංහන්දියෙකි’යි. බමුණා, මෙසේ කියයි: ‘දෙමං හන්දිය ඔසොවාලව. සුමෙධය, ශස්ත්‍රය ගෙණ තවත් සාරව’ යි. සුමෙධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ කරපෙරහනක් (අළුපද්දක්) දුටුවේය. ‘වහන්ස, කරපෙරහනකි’යි. බමුණා මෙසේ කියයි: ‘කරපෙරහන ඔසොවාලව. සුමෙධය, ශස්ත්‍රය ගෙණ තවත් සාරව’. සුමෙධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ ඉදිබුවකු දුටුවේය. ‘වහන්ස, ඉදිබුවෙකි’යි. බමුණා, මෙසේ කියයි: ‘ඉදිබුවා ඔසොවාලව. සුමෙධය, ශස්ත්‍රය ගෙණ තවත් සාරව’. සුමෙධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ සිපතක් (මස් කපන කැත්තක්) හා මස්ළොඹුවක් දුටුවේ ය. ‘වහන්ස, සිපතක් හා මස්ළොඹුවකි’යි. බමුණා මෙසේ කියයි: ‘සිපත හා මස්ළොඹුව ඔසොවාලව. සුමෙධය, ශස්ත්‍රය ගෙණ තවත් සාරව’. සුමෙධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ මස් වැදැල්ලක් දුටුවේය. ‘වහන්ස, මස් වැදැල්ලකි’යි. බමුණා මෙසේ කියයි: ‘මස්වැදැල්ල ඔසොවාලව. සුමෙධය, ශස්ත්‍රය ගෙණ තවත් සාරව’. සුමෙධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ නාගයකු දිටී ය. ‘වහන්ස, නාගයෙකි’. බමුණා මෙසේ කියයි: ‘නාගයා සිටීවා. නාගයා නො ගටව නාගයාට නමස්කාර කරව’.”
3. ඉමෙ ඛො ත්වං භික්ඛු පඤ්හෙ භගවන්තං උපසඞ්කමිත්වා පුච්ඡෙය්යාසි. යථා5 තෙ භගවා බ්යාකරොති, තථා නං ධාරෙය්යාසි. නාහං තං භික්ඛු පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යො ඉමෙසං පඤ්හානං වෙය්යාකරණෙන චිත්තං ආරාධෙය්ය අඤ්ඤත්ර තථාගතෙන වා තථාගතසාවකෙන වා ඉතො වා පන සුත්වාති. ඉදමවොච සා දෙවතා, ඉදං වත්වා තත්ථෙවන්තරධායි.6
3. “මහණ, තෝ මේ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ අසව. භාග්‍යවතුන් වහන්සේ යම් ලෙසකින් තට ප්‍රකාශ කරණ සේක් ද, එය එසේ දරව. මහණ, ‘භාග්‍යවතුන් වහන්සේ හැර, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයකු හැර, මෙතනින් හෙවත් මෙසස්නෙන් අසා කියන්නෙකු හැර, මේ ප්‍රශ්න විසඳීමෙන් යමෙක් සිත සතුටු කෙරේ ද, එවැනි පුද්ගලයෙකු දෙවියන් සහිත වූ බඹුන් සහිත වූ ලොකයෙහි, මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ සත්ත්‍වප්‍රජාවෙහි නො දක්මි’යි කීයේය. ඒ දෙවි තෙමේ මෙය කීය. මෙය කියා එහිම නො පෙණී ගියේය.
4. අථ ඛො ආයස්මා කුමාරකස්සපො තස්සා රත්තියා අච්චයෙන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා කුමාරකස්සපො භගවන්තං එතදවොච: “ඉමං භන්තෙ රත්තිං අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං අන්ධවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො භන්තෙ සා දෙවතා මං එතදවොච:
4. ඉක්බිති ආයුෂ්මත් කුමරකසුප් තෙරණුවෝ ඒ රාත්‍රිය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් කුමරකසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “වහන්ස, මේ රෑ එක්තරා දෙවියෙක් රාත්‍රිය ඉක්මගිය කල්හි විශිෂ්ටවර්‍ණ ඇත්තේ අන්‍ධවනය හාත්පස එකාලොක කොට මා කරා එළඹියේය. එළඹ එකත්පස්ව සිටියේය. වහන්ස, එකත්පසෙක සිටියා වූ ඒ දෙවි තෙමේ මට මෙය කීය:
“භික්ඛු භික්ඛු, අයං වම්මිකො රත්තිං ධූපායති දිවා පජ්ජලති. බ්රාහ්මණො එවමාහ: අභික්ඛණ සුමෙධ සත්ථං ආදායාති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස ලඞ්ගිං. ‘ලඞ්ගී භදන්තෙ’ති. බ්රාහ්මණො එවමාහ: ‘උක්ඛිප ලඞ්ගිං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස උද්ධුමායිකං. ‘උද්ධුමායිකා භදන්තෙ’ති. බ්රාහ්මණො එවමාහ: ‘උක්ඛිප උද්ධුමායිකං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස ද්විධාපථං. ‘ද්විධාපථො භදන්තෙ’ති. බ්රාහ්මණො එවමාහ: ‘උක්ඛිප ද්විධාපථං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස චඞ්ගවාරං. ‘චඞ්ගවාරං භදන්තෙ’ති. බ්රාහ්මණො එවමාහ: ‘උක්ඛිප චඞ්ගවාරං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස කුම්මං. ‘කුම්මො භදන්තෙ’ති. බ්රාහ්මණො එවමාහ: ‘උක්ඛිප කුම්මං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස අසිසූනං. ‘අසිසූනා භදන්තෙ’ති. බ්රාහ්මණො එවමාහ. ‘උක්ඛිප අසිසූනං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස මංසපෙසිං. ‘මංසපෙසී භදන්තෙ’ති. බ්රාහ්මණො එවමාහ: ‘උක්ඛිප මංසපෙසිං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තො සුමෙධො සත්ථං ආදාය අද්දස නාගං. ‘නාගො භදන්තෙ’ති. බ්රාහ්මණො එවමාහ: ‘තිට්ඨතු නාගො. මා නාගං ඝට්ටෙසි. නමො කරොහි නාගස්සා’ති.
“මහණ, මහණ, මේ තුඹස රාත්‍රියෙහි දී දූමයි, දවල් දිලෙයි. බමුණෙක් මෙසේ කියයි: ‘සුමෙධය ශස්ත්‍රයක් ගෙණ සාරාලව’යි. සුමෙධ තෙමේ ශස්ත්‍රයක් ගෙණ සාරන්නේ හිදිඅගුලක් දුටුවේය. ‘වහන්ස, හිදිඅගුලකි’ යි (හේ කීය). බමුණා මෙසේ කියයි: හිදිඅගුල ඔසොවා ලව. ශස්ත්‍රය ගෙණ සාරව’. සුමෙධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ මැඩියකු දුටුවේය. ‘වහන්ස, මැඩියෙකැ’යි (හේ කීය). බමුණු මෙසේ කියයි: ‘මැඩියා ඔසොවාලව. සුමෙධය, ශස්ත්‍රය ගෙණ සාරව’ යි. සුමෙධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ දෙමංසන්‍ධියක් දුටුවේය. දෙමංසන්‍ධියෙකි යි (හේ කීය). බමුණා මෙසේ කියයි: ‘දෙමංහන්දිය ඔසොවාලව’. සුමෙධය, ශස්ත්‍රය ගෙණ සාරව. සුමෙධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ කරපෙරහනක් දුටුවේ ය. ‘වහන්ස, කරපෙරහනකි’යි (හේ කීය). බමුණු මෙසේ කියයි: ‘කරපෙරහන ඔසවාලව. සුමෙධය, ශස්ත්‍රය ගෙණ සාරව’. සුමෙධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ ඉදිබුවකු දුටුවේය. ‘වහන්ස, ඉදිබුවෙකි’යි (හේ කීය). බමුණා මෙසේ කියයි: ‘සුමෙධය, ඉදිබුවා ඔසොවාලව. සුමෙධය, ශස්ත්‍රය ගෙණ සාරව’. සුමෙධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ සිපතක් හා මස්ළොඹුවක් දුටුවේය. ‘වහන්ස, සිපතක් හා මස්ළොඹුවෙකි’යි (හේ කීය). බමුණා මෙසේ කියයි: ‘සිපත හා මස්ළොඹුව ඔසොවා ලව. ‘සුමෙධය, ශස්ත්‍රය ගෙණ සාරව’යි. සුමෙධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ මස්වැදැල්ලක් දුටුවේය. ‘වහන්ස, මස්වැදැල්ලෙකි’යි (හේ කීය). බමුණා මෙසේ කියයි: ‘සුමෙධය, මස් වැදැල්ල ඔසොවාලව. සුමෙධය, ශස්ත්‍රය ගෙණ සාරව’ (හේ කීය). සුමෙධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ නාගයකු දිටී ය. ‘වහන්ස, නාගයෙකි’යි (හේ කීය). බමුණා මෙසේ කියයි: ‘නාගයා සිටීවා. නාගයා නොගටව, නාගයාට නමස්කාර කරව’යි.
“ඉමෙ ඛො ත්වං භික්ඛු පඤ්හෙ භගවන්තං උපසඞ්කමිත්වා පුච්ඡෙය්යාසි. යථා තෙ භගවා ව්යාකරොති තථා නං ධාරෙය්යාසි. නාහං තං භික්ඛු පස්සාමි සදෙවකෙ ලොකෙ -පෙ- ඉතො වා පන සුත්වාති. ඉදමවොච භන්තෙ සා දෙවතා, ඉදං වත්වා තත්ථෙවන්තරධායී”ති.
.“මහණ, තෝ මේ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ විචාරව. භාග්‍යවතුන් වහන්සේ යම් ලෙසකින් තට ප්‍රකාශ කරණ සේක් ද, එය එසේ දරව”. “මහණ, භාග්‍යවතුන් වහන්සේ හැර ... නො දක්මි’යි. වහන්ස, ඒ දෙවිතෙමේ මෙය කී ය. මෙය කියා එහි ම අතුරුදහන් වී ය.
5. කො නු ඛො භන්තෙ වම්මිකො? කා රත්තිං ධූපායනා1? කා දිවා පජ්ජලනා? කො බ්රාහ්මණො කො සුමෙධො? කිං සත්ථං? කිං අභික්ඛණං? කා ලඞ්ගී? කා උද්ධුමායිකා? කො ද්විධාපථො? කිං චඞ්ගවාරං? කො කුම්මො? කා අසිසූනා? කා මංසපෙසි? කො නාගොති?
5. වහන්ස, තුඹස කුමක් ද? රෑ දුමාලීම කුමක් ද? බමුණා කවරෙක් ද? සුමෙධයා කවරෙක් ද? ශස්ත්‍රය කුමක් ද? සෑරීම කුමක් ද? හිදිඅගුල කුමක් ද? මැඩියා කවරෙක් ද? දෙමංසන්‍ධිය කුමක් ද? කරපෙරහන කුමක් ද? ඉදිබුවා කවරෙක් ද? මස්කැත්ත හා මස්ළොඹුව කුමක් ද? මස්වැදැල්ල කුමක් ද? නාගයා කවරෙක් ද?
6. වම්මිකොති ඛො භික්ඛු ඉමස්සෙතං චාතුම්මහාභූතිකස්ස කායස්ස අධිවචනං මාතාපෙත්තිකසම්භවස්ස ඔදනකුම්මාසූපචයස්ස අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මස්ස.
6. “මහණ, තුඹස යනු දෙමවුපියන් නිසා හටගත්, බතින් හා කොමුයෙන් වැඩුණු, අනිත්‍ය වූ, ඉළීම් පිරිමැදීම් බිඳීම් වැනසීම ස්වභාව කොට ඇති, සතර මහාභූතයන්ගෙන් හටගත් ශරීරයට මේ නමෙකි”.
යං ඛො භික්ඛු දිවා කම්මන්තෙ2 ආරබ්භ රත්තිං අනුවිතක්කෙති අනුවිචාරෙති, අයං රත්තිං ධූපායනා.
මහණ, ‘දවාලෙහි කළ යුතු කර්මාන්තයන් අරභයා රෑ කල්පනා කරයි. විමසා බලයි’ යන යමක් ඇද්ද, මෙය රෑ දුමාලීම යි.
යං ඛො භික්ඛු රත්තිං අනුවිතක්කෙත්වා අනුවිචාරෙත්වා දිවා කම්මන්තෙ පයොජෙති කායෙන වාචාය මනසා, අයං දිවා පජ්ජලනා.
මහණ, ‘රාත්‍රියෙහි නැවත නැවත කල්පනා කොට, නැවත නැවත සිත හසුරුවා, දාවල්හි කයින් වචනයෙන් සිතින් කර්මාන්තයන් යොදයි’ යන යමක් ඇද්ද, මේ දවල් දිලීම යි.
‘බ්රාහ්මණො’ති ඛො භික්ඛු තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස.
මහණ, ‘බමුණා’ යනු අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේට මේ නමෙකි.
‘සුමෙධො’ති ඛො භික්ඛු සෙඛස්සෙතං භික්ඛුනො අධිවචනං.
මහණ, ‘සුමෙධ’ යනු ශෛක්‍ෂ වූ මහණහට මේ නමෙකි.
‘සත්ථ’න්ති ඛො භික්ඛු අරියායෙතං පඤ්ඤාය අධිවචනං.
මහණ, ‘ශස්ත්‍රය’ යනු ආර්‍යප්‍රඥාවට මේ නමෙකි.
‘අභික්ඛණ’න්ති ඛො භික්ඛු විරියාරම්භස්සෙතං අධිවචනං.
මහණ, ‘සෑරීම’ යනු වීර්ය්‍යාරම්භයට මේ නමෙකි.
‘ලඞ්ගී’ති ඛො භික්ඛු අවිජ්ජායෙතං අධිවචනං. උක්ඛිප ලඞ්ගිං, පජහ අවිජ්ජං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
මහණ, ‘හිදිඅගුල’ යනු අවිද්‍යාවට මේ නමෙකි. හිදිඅගුල උදුරා ලව යනු ‘අවිද්‍යාව දුරු කරව’ යනුයි. ‘සුමෙධය, ශස්ත්‍රය ගෙණ සාරව’ යනු මේ භාෂිතයාගේ අර්‍ථයි.
‘උද්ධුමායිකා’ති ඛො භික්ඛු කොධූපායාසස්සෙතං අධිවචනං. උක්ඛිප ‘උද්ධුමායිකං, පජහ කොධූපායාසං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
මහණ, ‘මැඩි’ යනු බලවත් ක්‍රොධයට මේ නමෙකි. ‘මැඩියා ඔසවාලව’ යනු ‘බලවත් ක්‍රොධය දුරලව’ යනුයි. ‘සුමෙධය, ශස්ත්‍රය ගෙණ සාරව’ යනු මේ භාෂිතයාගේ අර්‍ථයි.
‘ද්විධාපථො’ති ඛො භික්ඛු විචිකිච්ඡායෙතං අධිවචනං. උක්ඛිප ද්විධාපථං, පජහ විචිකිච්ඡං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
මහණ, ‘දෙමංසන්‍ධිය’ යනු විචිකිච්ඡාවට මේ නමෙකි. ‘දෙමංසන්‍ධිය ඔසවාලව’ යනු ‘විචිකිච්ඡාව දුරලව’ යනුයි. ‘සුමෙධය, ශස්ත්‍රය ගෙණ සාරව’ යනු මේ භාෂිතයාගේ අර්‍ථයි.
‘චඞ්ගවාර’න්ති ඛො භික්ඛු පඤ්චන්නෙතං නීවරණානං අධිවචනං: කාමච්ඡන්දනීවරණස්ස බ්යාපාදනීවරණස්ස ථීනමිද්ධනීවරණස්ස උද්ධච්චකුක්කුච්චනීවරණස්ස විචිකිච්ඡානීවරණස්ස. උක්ඛිප චඞ්ගවාරං, පජහ පඤ්ච නීවරණෙ. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
මහණ, ‘කරපෙරහන’ යනු කාමච්ඡන්‍දනීවරණය, ව්‍යාපාදනීවරණය, ථීනමිද්ධනීවරණය, උද්ධච්චකුක්කුච්චනීවරණය, විචිකිච්ඡානීවරණය යන පඤ්‍චනීවරණයන්ට මේ නමෙකි. ‘කරපෙරහන ඔසවාලව’ යනු ‘පඤ්‍චනීවරණ යන් දුරු කරව’ යනුයි. ‘සුමෙධය, ශස්ත්‍රය ගෙණ සාරව’ යනු මේ භාෂිතයාගේ අර්‍ථයි. (හික්මෙන මහණ ආර්යප්‍රඥාව ගෙණ, වීර්ය්‍යාරම්භ කරව’ යනු යි.)
‘කුම්මො’ති ඛො භික්ඛු පඤ්චන්නෙතං උපාදානක්ඛන්ධානං අධිවචනං. සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධස්ස වෙදනුපාදානක්ඛන්ධස්ස සඤ්ඤුපාදානක්ඛන්ධස්ස සඞ්ඛාරූපාදානක්ඛන්ධස්ස විඤ්ඤාණුපාදානක්ඛන්ධස්ස. උක්ඛිප කුම්මං, පජහ පඤ්චුපාදානක්ඛන්ධෙ. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
මහණ, ‘ඉදිබුවා’ යනු රූපොපාදානස්කන්‍ධය, වෙදනොපාදානස්කන්‍ධය, සංඥොපාදානස්කන්‍ධය, සංස්කාරොපාදානස්කන්‍ධය, විඥානොපාදානස්කන්‍ධය යන උපාදානස්කන්‍ධ පසට මේ නමෙකි. ‘ඉදිබුවා ඔසවාලව’ යනු ‘පඤ්‍ච උපාදානස්කන්‍ධයන් දුරලව’ යනුයි. ‘සුමෙධය, ශස්ත්‍රය ගෙණ සාරව’ යනු මේ භාෂිතයාගේ අර්‍ථයි. (හික්මෙන මහණ ආර්යප්‍රඥාව ගෙණ, වීර්ය්‍යාරම්භ කරව’ යනු යි.)
‘අසිසූනා’ති ඛො භික්ඛු පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං: චක්ඛුවිඤ්ඤෙය්යානං රූපානං ඉට්ඨානං කන්තානං මනාපානං පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, සොතවිඤ්ඤෙය්යානං සද්දානං -පෙ- ඝානවිඤ්ඤෙය්යානං ගන්ධානං -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යානං රසානං -පෙ- කායවිඤ්ඤෙය්යානං පොට්ඨබ්බානං ඉට්ඨානං කන්තානං මනාපානං පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. උක්ඛිප අසිසූනං, පජහ පඤ්ච කාමගුණෙ. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
මහණ, ‘මස් කැත්ත හා මස්ළොඹුව’ යනු ඇසින් දත යුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය වූ කාමනිඃශ්‍රීත වූ ඇලීමට කරුණු වූ රූපය ... කණින් ඇසිය යුතු ශබ්දය ... නැහැයෙන් දත යුතු ගඳය ... දිවෙන් දතයුතු රසය ... කයින් ස්පර්ශ කළ යුතු යහපත්, කමනීය, මනවඩන, ප්‍රියස්වරූප වූ කාමය උපදවන සිත් අලවන සපර්‍ශය යන පඤ්‍චකාම ගුණයන්ට මෙ නමෙකි. ‘මස් කැත්ත හා මස්ළොඹුව ඔසවාලව’ යනු පඤ්‍චකාමගුණයන් දුරු කරව, යනුයි. මෙය ‘සුමෙධය, ශස්ත්‍රය ගෙණ සාරව’ යනු මේ භාෂිතයාගේ අර්‍ථයි. (‘හික්මෙන මහණ ආර්යප්‍රඥාව ගෙණ, වීර්ය්‍යාරම්භ කරව’ යනු යි.)
‘මංසපෙසී’ති ඛො භික්ඛු නන්දිරාගස්සෙතං අධිවචනං. උක්ඛිප මංසපෙසිං, පජහ නන්දිරාගං. අභික්ඛණ සුමෙධ සත්ථං ආදායාති අයමෙතස්ස අත්ථො.
මහණ, ‘මස්වැදැල්ල’ යනු නන්‍දිරාගයට මේ නමෙකි. ‘මස්වැදැල්ල ඔසවාලව’ යනු ‘නන්‍දිරාගය දුරු කරව’ යනුයි. ‘සුමෙධය, ශස්ත්‍රය ගෙණ සාරව’ යනු මේ භාෂිතයාගේ අර්‍ථයි. (හික්මෙන මහණ ආර්යප්‍රඥාව ගෙණ, වීර්ය්‍යාරම්භ කරව’ යනුයි.)
‘නාගො’ති ඛො භික්ඛු ඛීණාසවස්සෙතං භික්ඛුනො අධිවචනං. තිට්ඨතු නාගො, මා නාගං ඝට්ටෙසි, නමො කරොහි නාගස්සාති අයමෙතස්ස අත්ථොති.
මහණ, ‘නාගයා’ යනු ක්‍ෂිණාස්‍රව මහණහුට මේ නමෙකි. ‘ක්‍ෂිණාස්‍රව තෙමේ සිටීවා. ක්‍ෂිණාස්‍රවතථාගතයන් නො ගටව, ක්‍ෂිණාස්‍රව තථාගතයන් වහන්සේට නමස්කාර කරව’ යනු නාගයා සිටීවා. ‘නාගයා නොගටව. නාගයාට නමස්කාර කරව’ යන මේ භාෂිතයාගේ අර්‍ථයි.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා කුමාරකස්සපො භගවතො භාසිතං අභිනන්දීති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ආයුෂ්මත් කුමාර කාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු විය.
වම්මිකසුත්තං තතියං.
වම්මිකසූත්‍රය තුන්වැනි යි.