161. සාවත්ථියං:
161. සැවැත්නුවර:
එකමන්තං නිසින්නො ඛො ආයස්මා රාධො භගවන්තං එතදවොච : සත්තො සත්තොති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, සත්තොති වුච්චති?
එකත්පස් ව හුන් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, “සත්ත සත්ත“ යි කියනු ලැබෙයි. වහන්ස කොපමණකින් සත්ත’යි කියනු ලැබේ දැයි?
රූපෙ ඛො රාධ, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා. තත්ර සත්තො, තත්ර විසත්තො තස්මා සත්තොති වුච්චති. වෙදනාය යො ඡන්දො යො රාගො -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා තත්ර සත්තො තත්ර විසත්තො. තස්මා සත්තොති වුච්චති.
රාධය රූපයෙහි යම් කැමැත්තෙක් යම් ඇල්මෙක් යම් සතුටෙක් යම් ආශාවක් වේ ද එහි ඇලුණේ යැ, එහි දැඩි ව ඇලුණේ යි. එ හෙයින් “සත්ත’යි කියනු ලැබෙ යි. වේදනාවෙහි යම් කැමැත්තෙක් යම් ඇල්මෙක්. . . සංඥායෙහි. . . සංස්කාර යෙහි… විඥානයෙහි යම් කැමැත්තෙක් යම් ඇල්මෙක් යම් සතුටෙක් යම් ආශාවක් වේ ද එහි ඇලුණේ යැ, එහි දැඩි ව ඇලුණේ යි. එහෙයින් ‘සත්ත’යි කියනු ලැබේ.
සෙය්‍යථා’පි රාධ, කුමාරකා වා කුමාරිකායො2 වා පංස්වාගාරකෙහි කීළන්ති3 යාවකීවඤ්ච තෙසු පංස්වාගාරකෙසු අවිගත4රාගා හොන්ති අවිගත4 ච්ඡන්‍දා අවිගත4 පෙමා අවිගත4 පිපාසා අවිගත4 පරිළාහා අවිගත4 තණ්හා තාව තානි පංස්වාගාරකානි අල්ලීයන්ති කෙලායන්ති ධනායන්ති5. මමායන්ති.
රාධය, යම්සේ කුඩාදරුවෝ හෝ කුඩාදැරියෝ හෝ වැලිගෙවලින් කෙළිද්ද, යම්තාක් ඒ වැලිගෙවල නොපහ වූ ඇලුම් ඇත්තෝ නොපහ වූ කැමැත්ත ඇත්තෝ නොපහ වූ ප්‍රේම ඇත්තෝ නොපහ වූ පවස් ඇත්තෝ නොපහ වූ පරිදාහ ඇත්තෝ නොපහ වූ ආශා ඇත්තෝ වෙද්ද, ඒතාක් ඒ වැලිගෙවල ඇලුම් කෙරෙති. කෙලායන (ලොල්බව) කෙරෙති. (එය) ධනයක් මෙන් හඟිති. මමත්වය කෙරෙත්.
යතො ච ඛො රාධ, කුමාරකා වා කුමාරිකායො වා තෙසු පංස්වාගාරකෙසු විගතරාගා හොන්ති විගතඡන්‍දා විගතපෙමා විගතපිපාසා විගතපරිළාහා විගතතණ්හා, අථ ඛො තානි පංස්වාගාරකානි හත්‍ථෙහි ච පාදෙහි ච විකිරන්ති විධමන්ති විද්ධංසෙන්ති විකීළනිකං.6 කරොන්ති.
රාධය, යම් කලෙක කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ වැලිගෙවල පහ ව ගිය කැමැත්ත ඇත්තෝ පහවගිය ඇලුම් ඇත්තෝ පහවගිය පෙම් ඇත්තෝ පහවගිය පවස් ඇත්තෝ පහවගිය පරිදාහ ඇත්තෝ පහවගිය ආශා ඇත්තෝ වෙද්ද, එ කල්හි ඒ වැලිගෙවල් අතින් ද පයින් ද විසුරුවති, බිඳදමති, වනසති, පහවූ ක්‍රීඩා ඇති කෙරෙත්.
එවමෙව ඛො රාධ, තුම්හෙපි රූපං විකිරථ විධමථ විද්ධංසෙථ, විකීළනිකං කරොථ. තණ්හක්ඛයාය පටිපජ්ජථ. වෙදනං විකිරථ -පෙ- සඤ්ඤං විකිරථ -පෙ- සඞ්ඛාරෙ විකිරථ -පෙ- විඤ්ඤාණං විකිරථ විධමථ විද්ධංසෙථ විකීළනිකං කරොථ තණ්හක්ඛයාය පටිපජ්ජථ. තණ්හක්ඛයො හි රාධ, නිබ්බානන්ති.
රාධය, එ පරිද්දෙන් ම තොප විසින් රූපය විසුරුවවු, බිඳදමවු, වනසවු, පහ වූ, ක්‍රීඩා ඇත්තක් කරවු, තෘෂ්ණාව ක්ෂය කිරීම පිණිස පිළිපදිවු. වේදනාව විසුරුවවු. . . සංඥාව විසුරුවවු. . . සංස්කාරය විසුරුවවු. . . විඥානය විසුරුවවු, බිඳ දමවු, වනසවු, පහවගිය ක්‍රීඩා ඇත්තක් කරවු, තෘෂ්ණාව ක්ෂය කිරීම පිණිස පිළිපදිවු. රාධ, තෘෂ්ණා ක්ෂය නිවන යි.