ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 3. ඛජ්‌ජනීය වර්ගය

1.2.3.7. ඛජ්ජනීය සුත්තං

1.2.3.7. ඛජ්‌ජනීය සූත්‍රය

79. සාවත්ථියං:

79. සැවැත්නුවර:

යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරමානා අනුස්සරන්ති, සබ්බෙ තෙ පඤ්චුපාදානක්ඛන්ධෙ අනුස්සරන්ති, එතෙසං වා අඤ්ඤතරං.

මහණෙනි, අනේකප්‍රකාර පූර්වනිවාසය නුවණින් මෙනෙහි කරන යම් මැ ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ අනුස්මරණය කෙරෙත් ද, එ හැම පඤ්චොපාදාන ස්කන්ධයන් අනුස්මරණ කෙරෙති, තුලුන් අතුරෙන් අන්‍යතරයක් හෝ අනුස්මරණ කෙරෙත්.

“එවංරූපො අහොසිං අතීතමද්ධානන්ති” ඉති වා හි භික්ඛවෙ, අනුස්සරමානො රූපඤ්ඤෙව අනුස්සරති. “එවංවෙදනො අහොසිං අතීතමද්ධානන්ති” ඉති වා භික්ඛවෙ, අනුස්සරමානො වෙදනඤ්ඤෙව අනුස්සරති. එවංසඤ්ඤී1 අහොසිං අතීතමද්ධානන්ති ඉති වා භික්ඛවෙ අනුස්සරමානො සඤ්ඤං යෙව අනුස්සරති. එවංසඞ්ඛාරො අහොසිං අතීතමද්ධානන්ති ඉති වා හි භික්ඛවෙ අනුස්සරමානො සංඛාරෙයෙව අනුස්සරති. එවංවිඤ්ඤාණො අහොසිං අතීතමද්ධානන්ති ඉති වා හි භික්ඛවෙ, අනුස්සරමානො විඤ්ඤාණමෙව අනුස්සරති.

මහණෙනි, "අතීත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි" යි හෝ සිහි කරන්නේ රූපස්කන්ධය මැ සිහි කෙරෙයි. මහණෙනි, "අතීතකාලයෙහි මෙබඳු වේදනා ඇතියෙම් වීමි"යි හෝ සිහිකරන්නේ වේදනාස්කන්ධය මැ සිහි කෙරෙයි. මහණෙනි, "අතීතකාලයෙහි මෙබඳු සංඥා ඇතියෙම් වීමි" හෝ සිහිකරන්නේ සංඥාස්කන්ධය මැ සිහි කෙරෙයි. මහණෙනි, "අතීතකාලයෙහි මෙබඳු සංස්කාර ඇතියෙම් වීමි" හෝ සිහිකරන්නේ සංස්කාරයන් මැ සිහි කෙරෙයි. මහණෙනි, "අතීතකාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි" හෝ සිහිකරන්නේ විඥානස්කන්ධය මැ සිහි කෙරෙයි.

කිඤ්ච භික්ඛවෙ, රූපං වදෙථ: රුප්පතීති ඛො භික්ඛවෙ, තස්මා රූපන්ති වුච්චති. කෙන රුප්පති: සීතෙන’පි රුප්පති, උණ්හෙන’පි රුප්පති, ජිඝච්ඡාය’පි රුප්පති, පිපාසාය’පි රුප්පති, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙන’පි රුප්පති. රුප්පතීති ඛො භික්ඛවෙ, තස්මා රූපන්ති වුච්චති.

මහණෙනි, කවර කරුණින් රූපය කියන්නේ ය යත්: මහණෙනි, "බිඳේ" නුයි එයින් රූපයයි කියනු ලැබෙයි, කුමකින් බිඳේ ය යත්: ශීතයෙනුදු බිඳෙයි, උෂ්ණයෙනුදු බිඳෙයි, බඩසයියිනුදු බිඳෙයි, පවසිනුදු බිඳෙයි, ඩහැ ලේ බොන මැසි ය – විද ලේ බොන මදුරු ය – වාත ය – ආතප ය – දීර්ඝජාති ය යන මොවුන්ගේ සංස්පර්ශ යෙනුදු බිඳේ. මහණෙනි, "බිඳෙනු" යි එයින් රූප යි කියනු ලැබේ.

කිඤ්ච භික්ඛවෙ, වෙදනං වදෙථ: වෙදියතීති1 ඛො භික්ඛවෙ, තස්මා වෙදනාති වුච්චති. කිඤ්ච වෙදියති1 සුඛම්පි වෙදියති, දුක්ඛම්පි වෙදියති, අදුක්ඛමසුඛම්පි වෙදියති. වෙදියතීති ඛො භික්ඛවෙ, තස්මා වෙදනාති වුච්චති.

මහණෙනි, කවර කරුණින් වෙදනා කියන්නේය යත්: මහණෙනි, "වළඳ කෙරේ" නු යි එයින් වෙදනා යි කියනු ලැබෙයි. කුමක් වළඳ කෙරෙයි යත්: සුඛය ද වළඳ කෙරෙයි. දුක්ඛය ද වළඳ කෙරෙයි, උපේක්‍ෂාව ද වළඳ කෙරේ. මහණෙනි, මෙසේ වළඳ කෙරේ නු යි එයින් වේදනා යි කියනු ලැබේ.

කිඤ්ච භික්ඛවෙ, සඤ්ඤං වදෙථ: සඤ්ජානාතීති ඛො භික්ඛවෙ, තස්මා සඤ්ඤාති වුච්චති. කිඤ්ච සඤ්ජානාති: නීලම්පි සඤ්ජානාති; පීතකම්පි සඤ්ජානාති; ලොහිතකම්පි සඤ්ජානාති; ඔදාතම්පි සඤ්ජානාති. සඤ්ජානාතීති ඛො භික්ඛවෙ, තස්මා සඤ්ඤාති වුච්චති.

මහණෙනි, කවර කරුණින් සංඥා කියන්නේ ය යත්: මහණෙනි, "හඳුනාගනී" නුයි එයින් සංඥායි කියනු ලැබෙයි. කවර කරුණින් හඳුනයි යත්: නිල ද හඳුනයි, කහවන ද හඳුනයි, ලෙහෙවන ද හඳුනයි, සුද ද හඳුනයි. මෙසේ "හඳුනා" නුයි එයින් සංඥා යි කියනු ලැබේ.

කිඤ්ච භික්ඛවෙ, සඞ්ඛාරෙ වදෙථ: සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති භික්ඛවෙ, තස්මා සඞ්ඛාරාති වුච්චන්ති. කිඤ්ච සඞ්ඛතං අභිසඞ්ඛරොන්ති: රූපං රූපත්තාය2 සඞ්ඛතං අභිසඞ්ඛරොන්ති. වෙදනං වෙදනත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්ති. සඤ්ඤං සඤ්ඤත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්ති. සඞ්ඛාරෙ සඞ්ඛාරත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්ති, විඤ්ඤාණං විඤ්ඤාණත්තාය සඞ්ඛතං අභිසඞ්ඛරොන්ති. සඞ්ඛතං අභිසඞ්ඛරොන්තීති ඛො භික්ඛවෙ, තස්මා සඞ්ඛාරාති වුච්චන්ති.

මහණෙනි, කවර කරුණින් සංස්කාර කියන්නේ ය යත්: මහණෙනි, "සඞ්ඛත කොට අභිසංස්කරණ කෙරෙත්" නුයි එයින් සංස්කාරහ කියනු ලැබෙත්. කවර කරුණින් සඞ්ඛතය අභිසංස්කරණ කෙරෙති යත්: රූපය රූපය පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. වේදනාව වේදනා පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. සංඥාව සංඥා පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙති. සංස්කාර සංස්කාර පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණ කෙරෙති. විඥානය විඥානය පිණිස සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙත්. "මහණෙනි, සඞ්ඛත කොට අභිසංස්කරණය කෙරෙත්" නුයි එයින් සංස්කාරහ යි කියනු ලැබෙත්.

කිඤ්ච භික්ඛවෙ, විඤ්ඤාණං වදෙථ: විජානාතීති ඛො භික්ඛවෙ, තස්මා විඤ්ඤාණන්ති වුච්චති. කිඤ්ච විජානාති: අම්බිලම්පි විජානාති, තිත්තකම්පි විජානාති, කටුකම්පි විජානාති, මධුරකම්පි3 විජානාති, ඛාරිකම්පි විජානාති, අඛාරිකම්පි විජානාති, ලොණිකම්පි විජානාති, අලොණිකම්පි විජානාති. විජානාතීති ඛො භික්ඛවෙ, තස්මා විඤ්ඤාණන්ති වුච්චති.

මහණෙනි, කවර කරුණින් විඥානය කියන්නේය යත්: මහණෙනි, "විජානන කෙරේ" නුයි එයින් විඥාන යයි කියනු ලැබෙයි. කවර කරුණින් විජානන කෙරේ යත්: ඇඹුල ද විජානන කෙරෙයි, තිත්ත ද විජානන කෙරෙයි. කටුකරස ද විජානන කෙරෙයි, මධුරරස ද විජානන කෙරෙයි, කරරස ද විජානන කෙරෙයි. නොකරරස ද විජානන කෙරෙයි. ලුණුරස ද විජානන කෙරෙයි. නොලුණුරස ද විජානන කෙරේ. මහණෙනි, මෙසේ "විජානන කෙරේ" නුයි එයින් විඥාන යි කියනු ලැබේ.

තත්ර භික්ඛවෙ, සුතවා අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: අහං ඛො එතරහි රූපෙන ඛජ්ජාමි. අතීතම්පහං අද්ධානං එවමෙව රූපෙන ඛජ්ජිං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නෙන රූපෙන ඛජ්ජාමි. අහං චෙව ඛො පන අනාගතං රූපං අභිනන්දෙය්යං, අනාගතම්පහං අද්ධානං එවමෙව රූපෙන ඛජ්ජෙය්යං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නෙන රූපෙන ඛජ්ජාමීති. සො ඉති පටිසඞ්ඛාය අතීතස්මිං රූපස්මිං අනපෙඛො හොති අනාගතං රූපං නාභිනන්දති පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.

මහණෙනි, එහි ශ්‍රැතවත් ආර්යශ්‍රාවක මෙසේ නුවණින් සලකා බලයි: "මම වූකලී දැන් රූපය විසින් කනු ලබමී. යම්සේ දැන් පච්චුප්පන්න රූපය විසින් කනු ලබම් ද, එසෙයින් ම ඉකුත් කල්හි දු රූපය විසින් කනු ලැබීමි. මම අනාගතරූපය පතම් නම් යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න රූපය විසින් කනු ලබම් ද, එපරිදි මම අනාගතකාලයෙහිදු රූපය විසින් කනු ලබමි" යි හේ මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කොට අතීතරූපයෙහි නිරපෙක්ෂ වෙයි, අනාගතරූපය නො පතයි, ප්‍රත්‍යුත්පන්න රූපය පිළිබඳ වැ නිර්වෙදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස පිළිපන්නේ වේ.

අහං ඛො එතරහි වෙදනාය ඛජ්ජාමි. අතීතම්පහං අද්ධානං එවමෙව වෙදනාය ඛජ්ජිං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නාය වෙදනාය ඛජ්ජාමි. අහං චෙව ඛො පන අනාගතං වෙදනං අභිනන්දෙය්යං අනාගතම්පපහං අද්ධානං එවමෙව වෙදනාය ඛජ්ජෙය්යං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නාය වෙදනාය ඛජ්ජාමීති. සො ඉති පටිසඞ්ඛාය අතීතාය වෙදනාය අනපෙඛො හොති, අනාගතං වෙදනං නාභිනන්දති පච්චුප්පන්නාය වෙදනාය නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.

"මම වර්තමානයෙහි වේදනාව විසින් කනු ලබමි. මම යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න වේදනාව විසින් කනු ලබම් ද, අතීත කාලයෙහි දු එපරිදි ම වේදනාව විසින් කනු ලැබීමි. මම වනාහි අනාගතවෙදනාව පතම් නම් යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න වෙදනාව විසින් කනු ලබම් ද, එපරිදි ම අනාගතකාලයෙහි දු වේදනාව විසින් කනු ලබමි" යි හේ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කොට අතීතවේදනාව පිළිබඳ වැ නිරපේක්ෂ වෙයි, අනාගතවේදනාව නො පතයි, ප්‍රත්‍යුත්පන්නවේදනාව පිළිබඳ කොට නිර්වෙදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.

අහං ඛො එතරහි සඤ්ඤාය ඛජ්ජාමි –පෙ– අහං ඛො එතරහි සඞ්ඛාරෙහි ඛජ්ජාමි. අතීතම්පහං අද්ධානං එවමෙව සඞ්ඛාරෙහි ඛජ්ජිං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නෙහි සඞ්ඛාරෙහි ඛජ්ජාමි. අහං චෙව ඛො පන අනාගතෙ සඞ්ඛාරෙ අභිනන්දෙය්යං, අනාගතම්පහං අද්ධානං එවමෙව සඞ්ඛාරෙහි ඛජ්ජෙය්යං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නෙහි සඞ්ඛාරෙහි ඛජ්ජාමීති. සො ඉති පටිසඞ්ඛාය අතීතෙසු සඞ්ඛාරෙසු අනපෙඛො හොති; අනාගතෙ සඞ්ඛාරෙ නාභිනන්දති, පච්චුප්පන්නානං සඞ්ඛාරානං නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.

“මම දැන් සංඥාව විසින් කනු ලබමි … මම වනාහි දැන් සංස්කාර විසින් කනු ලබමි. මම යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න සංස්කාර විසින් කනු ලබම් ද, එපරිදිම අතීතකාලයෙහි දු සංස්කාර විසින් කනු ලැබීමි. මම වනාහි අනාගතසංස්කාර පතම් නම් යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්නසංස්කාර විසින් කනු ලබම් ද, එ පරිදි මැ අනාගතකාලයෙහිදු සංස්කාර විසින් කනු ලබමි” යි හේ මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කොට අතීතසංස්කාර කෙරෙහි නිරපෙක්ෂ වෙයි, අනාගතසංස්කාර නො පතයි, ප්‍රත්‍යුත්පන්නසංස්කාර පිළිබඳ කොට නිර්වෙදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.

අහං ඛො එතරහි විඤ්ඤාණෙන ඛජ්ජාමි. අතීතම්පාහං අද්ධානං එවමෙව විඤ්ඤාණෙන ඛජ්ජිං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නෙන විඤ්ඤාණෙන ඛජ්ජාමි. අහං චෙව ඛො පන අනාගතං විඤ්ඤාණං අභිනන්දෙය්යං, අනාගතම්පහං අද්ධානං එවමෙව විඤ්ඤාණෙන ඛජ්ජෙය්යං, සෙය්යථාපි එතරහි පච්චුප්පන්නෙන විඤ්ඤාණෙන ඛජ්ජාමි. සො ඉති පටිසඞ්ඛාය අතීතස්මිං විඤ්ඤාණස්මිං අනපෙඛො හොති අනාගතං විඤ්ඤාණං නාභිනන්දති පච්චුප්පන්නස්ස විඤ්ඤාණස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.

"මම දැන් විඥානය විසින් කනු ලබමි. මම යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න විඥානය විසින් කනු ලබම් ද, අතීතකාලයෙහිදු විඥානය විසින් කනු ලැබීමි. මම වනාහි අනාගතවිඥානය පතම් නම් යම් පරිදි දැන් ප්‍රත්‍යුත්පන්න විඥානය විසින් කනු ලබම් ද, එපරිදි ම අනාගතකාලයෙහි දු විඥානය විසින් කනු ලබමි" යි හේ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කොට අතීතවිඥානය කෙරෙහි නිරපේක්ෂ වෙයි, අනාගතවිඥානය නො පතයි, ප්‍රත්‍යුත්පන්න විඥානය පිළිබඳ කොට නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.

තං කිං මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති? “අනිච්චං භන්තෙ”. “යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?” “දුක්ඛං භන්තෙ”. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? “නො හෙතං භන්තෙ”. “වෙදනා –පෙ– සඤ්ඤා –පෙ– සඞ්ඛාරා –පෙ– විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? “අනිච්චං භන්තෙ”. “යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති?” “දුක්ඛං භන්තෙ”. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? “නො හෙතං, භන්තෙ”.

මහණෙනි, කෙසේ හඟීවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය වේ දැ යි? වහන්ස, අනිත්‍ය යැ. යමෙක් අනිත්‍ය වේ නම් හේ දුඃඛ හෝ සුඛ වේ දැ යි? වහන්ස, දුක් යැ. යමෙක් අනිත්‍ය වේ නම් දුක් වේ නම් පෙරළෙන සැහැවි ඇත් නම් "තෙල මාගේ යැ, මම තෙලෙ වෙමි, තෙලෙ මාගේ ආත්ම යයි" එය නුවණින් දක්නට කල්‍ය වේ දැ යි? වහන්ස, තෙල කරුණ එසේ නො වේ මැ යැ.

තස්මාතිහ භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙ සො අත්තා”ති, එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා –පෙ– යා කාචි සඤ්ඤා –පෙ– යෙ කෙචි සඞ්ඛාරා –පෙ– යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.

මහණෙනි, ඒ කරුණින් ම ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඔළාරික වේවයි සියුම් වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි දුරෙහි වේවයි හමියෙහි වේවයි අතීතානාගත ප්‍රත්‍යුත් පන්න යම් මැ රූපයෙක් ඇත් නම් එ හැම රූපය "තෙල මාගේ නො වෙයි, මම තෙලෙ නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ" යයි මෙසේ තෙල කරුණ ඇති සැටි සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. යම් මැ වේදනායෙක් ඇත් ද … යම් මැ සංඥායෙක් ඇත් ද … යම් මැ සංස්කාරයෝ ඇත් ද ... ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඔළාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි දුරෙහි වේවයි සමීපයෙහි වේවයි අතීතා අනාගත ප්‍රත්‍යුත්පන්න වූ යම් මැ විඥානයෙක් ඇත් ද, "තෙලෙ මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වෙ"යි තෙල කරුණ මෙසේ ඇති සැටියෙන් සම්‍යක්ප්‍රඥාවෙන් දතයුතු යි.

අයං වුච්චති, භික්ඛවෙ, අරියසාවකො අපචිනාති, නො ආචිනාති, පජහති, න උපාදියති, විසිනෙති, නො උස්සිනෙති1 විධූපෙති, න සන්ධූපෙති.

මහණෙනි, මේ ආර්ය්‍යශ්‍රාවක (සසරවට) ඉවත් කෙරෙයි. නො රැස් කෙරෙයි, දුරැලයි, නො ගනියි, විසුරුවයි, නො කැටි කෙරෙයි, නිවයි, නො දල්වා යි කියනු ලැබේ.

කිඤ්ච අපචිනාති, නො ආචිනාති: රූපං අපචිනාති, නො ආචිනාති. වෙදනං අපචිනාති, නො ආචිනාති. සඤ්ඤං අපචිනාති, නො ආචිනාති. සඞ්ඛාරෙ අපචිනාති, නො ආචිනාති. විඤ්ඤාණං අපචිනාති, නො ආචිනාති.

කුමක් වනසා ද, නො රැස් කෙරේ ද යත්: රූපය වනසයි, නො රැස් කෙරෙයි, වේදනාව වනසයි, නො රැස් කෙරෙයි. සංඥාව වනසයි, නො රැස් කෙරෙයි. සංස්කාර වනසයි, නො රැස් කෙරෙයි. විඥානය වනසයි. නො රැස් කෙරෙයි.

කිඤ්ච පජහති, න උපාදියති: රූපං පජහති, න උපාදියති, වෙදනං පජහති, න උපාදියති, සඤ්ඤං –පෙ– සඞ්ඛාරෙ පජහති, න උපාදියති, විඤ්ඤාණං පජහති, න උපාදියති.

කුමක් දුරැලා ද, නො ගනී ද යත්: රූපය දුරැලයි, නො ගනියි. වේදනාව දුරැලයි, නො ගනියි. සංඥාව ... සංස්කාර දුරැලයි, නො ගනියි. විඥානය දුරැලයි, නො ගනියි.

කිඤ්ච විසිනෙති, න උස්සිනෙති: රූපං විසිනෙති, න උස්සිනෙති. වෙදනං විසිනෙති, න උස්සිනෙති. සඤ්ඤං –පෙ– සඞ්ඛාරෙ –පෙ– විඤ්ඤාණං විසිනෙති, න උස්සිනෙති.

කුමක් විසුරුවා ද, රැස් නො කෙරේ ද යත්: රූපය විසුරුවයි, රැස් නො කෙරෙයි. වෙදනාව විසුරුවයි, රැස් නො කෙරෙයි. වෙදනාව විසුරුවයි, රැස් නො කෙරෙයි. සංඥාව ... සංස්කාර ... විඥානය විසුරුවයි, රැස් නො කෙරෙයි.

කිඤ්ච විධූපෙති, න සන්ධූපෙති: රූපං විධූපෙති, න සන්ධූපෙති. වෙදනං විධූපෙති, න සන්ධූපෙති. සඤ්ඤං –පෙ– සඞ්ඛාරෙ විධූපෙති, න සන්ධූපෙති. විඤ්ඤාණං විධූපෙති, න සන්ධූපෙති.

කුමක් නිවා ද, නො දල්වා ද යත්: රූපය නිවයි, නො දල්වයි. වේදනාව නිවයි, නො දල්වයි. සංඥාව... සංස්කාර නිවයි, නො දල්වයි. විඥානය නිවයි, නො දල්වයි.

එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනාය’පි නිබ්බින්දති, සඤ්ඤායපි –පෙ– සඞ්ඛාරෙසුපි –පෙ– විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු නෙවාචිනාති න අපචිනාති, අපචිනිත්වා ඨිතො. නෙව පජහති, න උපාදියති, පජහිත්වා ඨිතො. නෙව විසිනෙති න උස්සිනෙති. විසිනෙත්වා ඨිතො නෙව විධූපෙති න සන්ධූපෙති විධූපෙත්වා ඨිතො.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි, වේදනායෙහි දු කලකිරෙයි. සංඥායෙහි දු ... සංස්කාරයන් කෙරෙහි දු ... විඥානයෙහි දු කලකිරෙයි, කලකිරෙන්නේ විරක්ත වෙයි. විරාග හේතුයෙන් විමුක්ත වෙයි, විමුක්ත වත් ම "විමුක්ත යෙමි" යි ඥානය වෙයි: “ජාතිය ක්ෂීණ විය, බඹසර වැස නිමවන ලදී. කරණී කරන ලද, මේ රහත් බව පිණිස අන් කිසෙක් නැති" යි නුවණින් දනී. මහණෙනි, මේ මහණ රැස් නො කෙරෙයි, නො වනසයි. වනසා සිටියේ වෙයි. නො ම හැරපියයි, නො ගනියි, හැරැ පියා සිටියේ වෙයි, නො ම විසුරුවයි, රැස් නො කෙරෙයි, විසුරුවා සිටියේ වෙයි. නො ම නිවයි, නො ම දල්වයි. නිවා සිටියේ යයි කියනු ලැබේ.

කිඤ්ච නෙවාචිනාති න අපචිනාති අපචිනිත්වා ඨිතො: රූපං නෙවාචිනාති, න අපචිනාති, අපචිනිත්වා ඨිතො. වෙදනං –පෙ– සඤ්ඤං –පෙ– සඞ්ඛාරෙ –පෙ– විඤ්ඤාණං නෙවාචිනාති, න අපචිනාති. අපචිනිත්වා ඨිතො.

කුමක් නො ම රැස් කෙරේ ද නො ම වනසා ද, වනසා සිටියේ වේ ද යත්: රූපය නො මැරැස් කෙරෙයි, නො මැ වනසයි, වනසා සිටියේ වෙයි. වෙදනාව ... සංඥාව ... සංස්කාර ... විඥාන නො මැ රැස් කෙරෙයි, නො ම වනසයි, වනසා සිටියේ යැ.

කිඤ්ච නෙව පජහති න උපාදියති පජහිත්වා ඨිතො: රූපං නෙව පජහති න උපාදියති පජහිත්වා ඨිතො. වෙදනං නෙව පජහති න උපාදියති පජහිත්වා ඨිතො. සඤ්ඤං –පෙ– සඞ්ඛාරෙ –පෙ– විඤ්ඤාණං නෙව පජහති න උපාදියති. පජහිත්වා ඨිතො.

කුමක් නො ම හරනේ ද, නො ගනී ද, හැර පියා සිටියේ වේ ද යත්: රූපය නො ම හරියි, නො ගනියි, හැර පියා සිටියේ යැ. වෙදනාව නො ම හරියි, නො ගනියි, හැරපියා සිටියේ යැ, සංඥාව ... සංස්කාර ... විඥානය නො ම හරියි, නො ගනියි, හැරපියා සිටියේ යැ.

කිඤ්ච නෙව විසිනෙති, න උස්සිනෙති, විසිනෙත්වා ඨිතො: රූපං නෙව විසිනෙති න උස්සිනෙති විසිනෙත්වා ඨිතො. වෙදනං නෙව විසිනෙති, න උස්සිනෙති, විසිනෙත්වා ඨිතො. සඤ්ඤං –පෙ– සඞ්ඛාරෙ –පෙ– විඤ්ඤාණං නෙව විසිනෙති, න උස්සිනෙති, විසිනෙත්වා ඨිතො.

කුමක් නො ම විසුරුවයි ද, රැස් නො කරයි ද ,විසුරුවා සිටියේ වේ ද යත්: රූපය නො ම විසුරුවයි, නො ම රැස් කෙරෙයි, විසුරුවා සිටියේ යැ. වෙදනාව නො ම විසුරුවයි, රැස් නො කෙරෙයි, විසුරුවා සිටියේ යැ. සංඥාව ... සංස්කාර ... විඥාන නො ම විසුරුවයි, නො ම රැස් කෙරෙයි, විසුරුවා සිටියේ යැ.

කිඤ්ච නෙව විධූපෙති න සන්ධූපෙති විධූපෙත්වා ඨිතො: රූපං නෙව විධූපෙති න සන්ධූපෙති විධූපෙත්වා ඨිතො. වෙදනං –පෙ– සඤ්ඤං –පෙ– සඞ්ඛාරෙ –පෙ– විඤ්ඤාණං නෙව විධූපෙති න සන්ධූපෙති විධූපෙත්වා ඨිතො.

කුමක් නිවාපියා ද නොදල්වාද, නො නිවාපියාසිටියාද සිටියේවේ ද යත්: රූපය නො ම නිවයි, නො ම දල්වයි, නිවාපියා සිටියේ යැ. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නො ම නිවයි, නො ම දල්වයි, නිවාපියා සිටියේ යි.

එවං විමුත්තචිත්තං ඛො භික්ඛවෙ, භික්ඛුං සඉන්දා දෙවා සබ්රහ්මකා සපජාපතිකා ආරකාව නමස්සන්ති:

මහණෙනි, මෙසේ විමුක්ත සිත් ඇති මහණ හට ඉන්ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපතී සහිත දෙවියෝ දුරින් ම නමස්කාර කෙරෙත්.(කෙසේ යැ:)

“නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම,
යස්ස තෙ නාභිජානාම යම්පි නිස්සාය ඣායසීති.”

"යමක් ඇසිරි කොට ධ්‍යාන කරවු ද, යම් ඒ තොපගේ සිතැඟි නො දනුම්හ, පුරුෂ ශ්‍රේෂ්ඨයාණනි, තොපට නමස්කාර වේවා, පුරිෂෝත්තමයාණෙනි, තොපට නමස්කාර වේවා" යි (කියා යි).