[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
1. ඡ , භික්‌ඛවෙ, ධම්‌මෙ අප්‌පහාය අභබ්‌බො කායෙ කායානුපස්‌සී විහරිතුං. කතමෙ ඡ:
1. මහණෙනි, කරුණු සයක් නො පහා කයෙහි කායානුදර්ශී ව (කය පිළිකුල් ආදීන් බලමින්) වාස කරන්නට අභව්‍ය වෙයි. කවර සයෙක යත්:
කම්‌මාරාමතං, භස්‌සාරාමතං, නිද්‌දාරාමතං, සඞ්‌ගණිකාරාමතං, ඉන්‌ද්‍රියෙසු අගුත්‌තද්‌වාරතං, භොජනෙ අමත්‌තඤ්‌ඤුතං.
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉඳුරන්හි පියූ දොර නැතිබව ය, භෝජනයෙහි පමණ නොදන්නා බව යි.
ඉමෙ ඛො, භික්‌ඛවෙ, ඡ ධම්‌මෙ අප්‌පහාය අභබ්‌බො කායෙ කායානුපස්‌සී විහරිතුං.
මහණෙනි, මෙ කරුණු සය නො දුරලා කයෙහි කායානුදර්ශී ව වසන්නට අභ්‍යව්‍ය වේ ය යි.
ඡ , භික්‌ඛවෙ, ධම්‌මෙ පහාය භබ්‌බො කායෙ කායානුපස්‌සී විහරිතුං. කතමෙ ඡ:
මහණෙනි, කරුණු සයක් දුරු කොට කයෙහි කායානුදර්ශී ව වසන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
කම්‌මාරාමතං, භස්‌සාරාමතං, නිද්‌දාරාමතං, සඞ්‌ගණිකාරාමතං, ඉන්‌ද්‍රියෙසු අගුත්‌තද්‌වාරතං, භොජනෙ අමත්‌තඤ්‌ඤුතං
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්ද්‍රියයන්හි අගුප්තද්වාරතා ය, භෝජනයෙහි අමාත්‍රඥතා යි.
ඉමෙ ඛො, භික්‌ඛවෙ, ඡ ධම්‌මෙ පහාය භබ්‌බො කායෙ කායානුපස්‌සී විහරිතුන්‌ති.
මහණෙනි, මෙ කරුණු සය දුරු කොට කයෙහි කායානුදර්ශී ව වසන්නට භව්‍ය වේ යයි.