40. සාවත්ථියං–
40. සැවැත්නුවර:
ධම්මානුධම්මපටිපන්නස්ස භික්ඛවෙ, භික්ඛුනො අයමනුධම්මො හොති:
මහණෙනි, ධර්මානුධර්ම ප්‍රතිපන්න මහණහට මේ අනුලෝමධර්ම වෙයි:
යං රූපෙ අනිච්චානුපස්සී විහරෙය්ය, වෙදනාය –පෙ– සඤ්ඤාය –පෙ– සඞ්ඛාරෙසු –පෙ– විඤ්ඤාණෙ අනිච්චානුපස්සී විහරෙය්ය, සො රූපෙ අනිච්චානුපස්සී විහරන්තො වෙදනාය –පෙ– සඤ්ඤාය –පෙ– සඞ්ඛාරෙසු –පෙ– විඤ්ඤාණෙ අනිච්චානුපස්සී විහරන්තො රූපං පරිජානාති, වෙදනං –පෙ– සඤ්ඤං –පෙ– සඞ්ඛාරෙ –පෙ– විඤ්ඤාණංපරිජානාති. සො රූපං පරිජානං වෙදනං –පෙ– සඤ්ඤං –පෙ– සඞ්ඛාරෙ –පෙ– විඤ්ඤාණං පරිජානං පරිමුච්චති රූපම්හා, පරිමුච්චති වෙදනාය, පරිමුච්චති සඤ්ඤාය, පරිමුච්චති සඞ්ඛාරෙහි. පරිමුච්චති විඤ්ඤානම්හා, පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, පරිමුච්චති දුක්ඛස්මාති වදාමීති.
යම් හෙයෙකින් රූපයෙහි අනිත්‍යානුදර්ශී වැ (අනිත්‍ය නුවණින්, දකිමින්) වාස කෙරේ ද, වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අනිත්‍යානුදර්ශී වැ වාස කෙරේ ද, හේ රූපයෙහි අනිත්‍යානුදර්ශී වැ වාස කරනුයේ වේදනායෙහි ... සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අනිත්‍යානුදර්ශී වැ ව්‍යාස කරනුයේ රූපය පිරිසිඳ දනියි. වේදනාව ... සංඥාව …. සංස්කාර … විඥානය පිරිසිඳ දනියි. හේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි. වේදනායෙන් මිදෙයි, සංඥායෙන් මිදෙයි, සංස්කාරයන්ගෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි. ජාතියෙන් – ජරා මරණයෙන් – ශෝකයෙන් – පරිදේවයෙන් – දුකින් – දොම්නසින් උපායාසයෙන් මිදෙයි. පස්කඳ දුකින් මිදේ යයි කියමි යි.