ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 3. භාර වර්ගය

1.1.3.9. උප්පාද සුත්තං

1.1.3.9. උප්‌පාද සූත්‍රය

30. සාවත්ථියං–

30. සැවැත්නුවර:

යො භික්ඛවෙ, රූපස්ස උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො , දුක්ඛස්සෙසො උප්පාදො රොගානං ඨිති ජරාමරණස්ස පාතුභාවො. යො වෙදනාය උප්පාදො –පෙ– යො සඤ්ඤාය උප්පාදො –පෙ– යො සඞ්ඛාරානං උප්පාදො –පෙ– යො විඤ්ඤාණස්ස උප්පාදො ඨිති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො රොගානං ඨිති ජරාමරණස්ස පාතුභාවො.

මහණෙනි, රූපයාගේ යම් ඉපදීමෙක් ස්ථිතියක් අභිනිර්වෘතියක් පහළවීමෙක් ඇත් ද තෙල දුඃඛයාගේ උත්පාද යයි, රෝගයන්ගේ ස්ථිතිය යි, ජරාමරණයාගේ පහළවීම යි. වෙදනාවගේ යම් ඉපදීමෙක් … සංඥාවගේ යම් ඉපදීමෙක් … සංස්කාරයන්ගේ යම් ඉපදීමෙක් … විඥානයාගේ යම් උත්පාදයෙක් ස්ථිතියක් අභිනිර්වෘතියක් ප්‍රාදුර්භාවයෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ උත්පාදය යි. රෝගයන්ගේ ස්ථිතිය යි. ජරාමරණයන්ගේ පහළවීම යි.

යො ච ඛො භික්ඛවෙ, රූපස්ස නිරොධො වූපසමො අත්‍ථඞ්ගමො, දුක්ඛස්සෙසො නිරොධො රොගානං වූපසමො ජරාමරණස්ස අත්‍ථඞ්ගමො1. යො වෙදනාය නිරොධො –පෙ– යො සඤ්ඤාය නිරොධො –පෙ– යො සඞ්ඛාරානං නිරොධො –පෙ– යො විඤ්ඤාණස්ස නිරොධො වූපසමො අත්‍ථඞ්ගමො, දුක්ඛස්සෙසො නිරොධො රොගානං වූපසමො ජරාමරණස්ස අත්‍ථඞ්ගමොති.

මහණෙනි, රූපයාගේ යම් නිරෝධයෙක් ව්‍යූපශමයෙක් (සන්හිඳීමෙක්) අස්තයට යෑමෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ නිරෝධ යයි, ව්‍යූපශම යයි, අස්තඞ්ගම යයි. වේදනායෙහි යම් නිරෝධයෙක් … සංඥායෙහි යම් නිරෝධයෙක් … සංස්කාරයන්ගේ යම් නිරෝධයෙක් … විඥානයාගේ යම් නිරෝධයෙක් සන්හිඳීමෙක් අස්තයට යෑමෙක් ඇත් ද, තෙල දුඃඛයාගේ නිරෝධ ය, සන්හිඳීම අස්තයට යෑම් වේ යයි.