ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (25) 5. ආපත්‌තිභය වර්ගය

4.5.5.5. ථූපාරහසුත්තං

4.5.5.5. ථූපාරහ සූත්‍රය

47. චත්තාරොමෙ භික්ඛවෙ ථූපාරහා. කතමෙ චත්තාරො?

47. මහණෙනි, මේ ථූපාරහ පුද්ගලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

තථාගතො අරහං සම්මාසම්බුද්ධො ථූපාරහො, පච්චෙකබුද්ධො ථූපාරහො, තථාගතසාවකො ථූපාරහො, රාජා චක්කවත්තී ථූපාරහො.

තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ථුපාරහයහ. ප්‍රත්‍යෙක සම්බුද්ධයන් වහන්සේ ථූපාරහයහ. තථාගතශ්‍රාවකයන් වහන්සේ ථූපාරහයහ. සක්විති රජ ථුපාරහ යි.

ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ථූපාරහාති.

මහණෙනි, මේ සතර දෙනා ථුපාරහයයෝ (=සෑ බැඳ පුදන්නට නිස්සෝ) යි.