ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (23) 3. සුචරිත වර්ගය

4.5.3.11. කවිසුත්තං

4.5.3.11. කවි සූත්‍රය

31. චත්තාරොමෙ භික්ඛවෙ කවී. කතමෙ චත්තාරො?

31. මහණෙනි, මේ කවීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

චින්තාකවි, සුතකවි, අත්ථකවි, පටිභානකවි. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො කවීති.

චින්තාකවිය, ශ්‍රැතකවිය, අර්‍තථකවිය, ප්‍රතිභානකවි යි. මහණෙනි, මේ සතර කවීහු වෙති.