[සාවත්‍ථිනිදානං]
[සැවැත්]
දස ඉමෙ භික‍්ඛවෙ ධම‍්මා පබ‍්බජිතෙන අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බා. කතමෙ දස:
මහණෙනි, මේ දහම් දස දෙනෙක් පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවෙක්ෂා කටයුතුවහ. කවර දස දෙනෙක යත්:
දස ඉමෙ භික‍්ඛවෙ ධම‍්මා පබ‍්බජිතෙන අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බා. කතමෙ දස:
1. ‘විවර්‍ණභාවයට පැමිණියෙම් වෙමි’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවෙක්ෂා කටයුතු.
2. “පරපටිබද‍්ධා මෙ ජීවිකා”ති පබ‍්බජිතෙන අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං.
2. ‘මගේ දිවි වැටුම් පරා අයත්ය’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවෙක්ෂා කටයුතු යි.
3. “අඤ‍්ඤො මෙ ආකප‍්පො කරණීයො”ති පබ‍්බජිතෙන අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං.
3. ‘මා විසින් අන්‍ය වූ ආකල්පයෙක් කටයුතු’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවෙක්ෂා කටයුතු.
4. “කච‍්චිනු ඛො මෙ අත‍්තා සීලතො න උපවදතී”ති පබ‍්බජිතෙන අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං.
4. ‘කිමෙක මාගේ සිත සීලහෙතුයෙන් උපවාද නො කෙරේදැ’යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවෙක්ෂා කටයුතු.
5. “කච‍්චිනු ඛො මං අනුවිච‍්ච විඤ‍්ඤූ සබ්‍රහ‍්මචාරී සීලතො න උපවදන‍්තී”ති පබ‍්බජිතෙන අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං.
5. “කිමෙක විඥ සබ්‍රම්සරහු කරුණු දැන සීලහේතුවෙන් මට උපවාද නො කෙරෙත් දැ”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවෙක්ෂා කටයුතු.
6. “ සබ‍්බෙහි මෙ පියෙහි මනාපෙහි නානා භාවො විනාභාවොති” පබ‍්බජිතෙන අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං.
6. ‘ප්‍රිය වූ මනාප වූ හැමයෙන් මාගේ නානාභාවය, විනාභාවය වේ’යයි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවෙක්ෂා කටයුතු.
7. “කම‍්මස‍්සකොම‍්හි කම‍්මදායාදො කම‍්මයොනි කම‍්මබන්‍ධු කම‍්මපටිසරණො යං කම‍්මං කරිස‍්සාමි කල්‍යාණං වා පාපකං වා තස‍්ස දායාදො භවිස‍්සාමීති” පබ‍්බජිතෙන අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං.
7. “කර්‍මය ස්වකීය කොට ඇතියෙම් කර්‍මය දායාද කොට ඇතියෙම් කර්‍මය යොනි කොට ඇතියෙම් කර්‍මය බන්ධු කොට ඇතියෙම් වෙමි. කල්‍යාණ වූ හෝ පාපක වූ හෝ යම් ම කර්‍මයක් කෙරෙම් නම් එයට දායාද වෙමි”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවෙක්ෂා කටයුතු.
8. “කථං භූතස‍්ස මෙ රත‍්තින්‍දිවා වීතිපතන‍්තී”ති පබ‍්බජිතෙන අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං.
8. “කෙබඳු වූ මට රෑ දාවල් හු ඉක්ම යෙත් දැ”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවෙක්ෂා කටයුතු.
9. “කච‍්චිනු ඛොහං සුඤ‍්ඤාගාරෙ අභිරමාමී”ති පබ‍්බජිතෙන අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං.
9. “කිමෙක මම් ශූන්‍යාගාරයෙහි සිත් අලවා වෙසෙම් දැ”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවෙක්ෂා කටයුතු.
10. “අත්‍ථිනු ඛො මෙ උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සන විසෙසො අධිගතො සොහං පච‍්ඡිමෙ කාලෙ සබ්‍රහ‍්මචාරීහි පුට‍්ඨො න මඞ‍්කුභවිස‍්සාමී”ති පබ‍්බජිතෙන අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බං.
10. “උතුරුමිනිස්දමින් වැඩි ආර්‍ය්‍යභාව කරණයට සමත් ඥානදර්‍ශන විශෙෂයෙක් ම විසින් අධිගත වූයේ ඇද්දැයි ඒ මම් පැසුළු කල්හි සබ්‍රම්සරුන් විසින් පුළුවුස්නා ලදුයෙම් නිතෙද නො වෙමැ”යි පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවෙක්ෂා කටයුතු.
ඉමෙ ඛො භික‍්ඛවෙ දස ධම‍්මා පබ‍්බජිතෙන අභිණ‍්හං පච‍්චවෙක‍්ඛිතබ‍්බා ති.
මහණෙනි, පැවිද්දහු විසින් නිතර ප්‍රත්‍යවෙක්ෂා කටයුතු මේ ධර්‍ම දසදෙනා යි.