[සාවත්‍ථිනිදානං]
(සැවැත්නිදාන යි)
සීහො භික‍්ඛවෙ මිගරාජා සායන‍්හසමයං ආසයා නික‍්ඛමති. ආසයා නික‍්ඛමිත්‍වා විජම‍්භති: විජම‍්භිත්‍වා සමන‍්තා චතුද‍්දිසං අනුවිලොකෙති. සමන‍්තා චතුද‍්දිසං අනුවිලොකෙත්‍වා තික‍්ඛත‍්තුං සීහනාදං නදති. තික‍්ඛත‍්තුං සීහනාදං නදිත්‍වා ගොචරාය පක‍්කමති. තං කිස‍්ස හෙතු: ‘මාහං ඛුද‍්දකෙපාණෙ විසමගතෙ සඞ‍්ඝාතං ආපාදෙසින‍්ති”.
මහණෙනි, මෘගරාජන් වන සිංහ සවස් වේලෙහි ලැග්මෙන් නික්මෙයි. ලැග්මෙන් නික්ම වජඹනේය. වජඹා වටා සිවු දිගුන් නහමයි. වටා සිවුදිගුන් නහමා තෙවරක් සිංහ නාද කරයි. තෙවරක් සිංහ නාද කොට ගොදුරට නික්ම යයි. එ කවර හෙයින යත්: “විෂම ස්ථානගත ක්ෂූද්‍රප්‍රාණීන් නහමක් වධයට පමුණුව මැ”යි.
සීහොති ඛො භික‍්ඛවෙ තථාගතස‍්සෙතං අධිවචනං අරහතො සම‍්මා සම‍්බුද‍්ධස‍්ස: යං ඛො භික‍්ඛවෙ තථාගතො පරිසාය ධම‍්මං දෙසෙති, ඉදමස‍්ස හොති සීහනාදස‍්මිං.
මහණෙනි, සීහ යන තෙල අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට නමෙකි. මහණෙනි, යම් හෙයකින් තථාගතයෝ (සිවුවණක්) පර්ෂද්හි දහම් දෙසත් ද මේ උන්වහන්සේගේ සිංහනාද යයි.
දස ඉමානි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලානි යෙහි බලෙහි සමන‍්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති. කතමානි දස:
මහණෙනි, යම්බදු බලයෙකින් සමන්වාගත තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද අට පිරිස්හි සිංහනාද කෙරෙත් ද විශිෂ්ට ධර්‍මචක්‍රය පවත්වත් ද තථාගතයන්ගේ එබඳු වූ මේ බලයෝ දශ දෙනෙක. කවර දශ කෙනෙක යත්:
1. ඉධ භික‍්ඛවෙ තථාගතො ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං පජානාති. යම‍්පි භික‍්ඛවෙ තථාගතො ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං පජානාති, ඉදම‍්පි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලං හොති. යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.
1. මහණෙනි, මෙලොව්හි තථාගතයෝ කාරණය කාරණ වශයෙන් ද අස්ථානය අස්ථානය විසින් ද යථාභූතව දන්නාහ: මහණෙනි, යම් කරුණෙකින් තථාගතයෝ ස්ථානය ස්ථාන වශයෙන් ද අස්ථානය අස්ථාන වශයෙන් ද යථාභූතයෙන් දන්නාහු ද, මහණෙනි, යම්බඳු බලයෙකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, අට පිරිස්හි සිංහ නාද කරත් ද, බ්‍රහ්ම චක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මේ ද තථාගතබල යි.
2. පුන චපරං භික‍්ඛවෙ තථාගතො අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති. යම‍්පි භික‍්ඛවෙ තථාගතො අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම‍්පි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලං හොති යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.
2. තවද මහණෙනි, තථාගතයෝ අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත ප්‍රත්‍යය විසින් හේතු විසින් දන්නාහ. මහණෙනි, යම් කරුණෙකින් තථාගතයෝ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත ව ප්‍රත්‍යය විසින් හේතු විසින් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළින කරත් ද, පිරිස්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
3. පුන චපරං භික‍්ඛවෙ තථාගතො සබ‍්බත්‍ථගාමිනීපටිපදං යථාභූතං පජානාති. යම‍්පි භික‍්ඛවෙ තථාගතො සබ‍්බත්‍ථගාමිනීපටිපදං යථාභූතං පජානාති, ඉදම‍්පි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලං හොති, යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.
3. තවද මහණෙනි, යථාභූත වූ සර්‍වත්‍රගාමිනීප්‍රතිපද් දන්නාහ. මහණෙනි, යම් හෙයකින් තථාගතයෝ යථාභූතයෙන් සර්‍වත්‍රගාමිනීප්‍රතිපද් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළින කරත් ද, පර්ෂද්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
4. පුන චපරං භික‍්ඛවෙ තථාගතො අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාති. යම‍්පි භික‍්ඛවෙ තථාගතො අනෙකධාතු නානාධාතු ලොකං යථාභූතං පජානාති, ඉදම‍්පි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලං හොති. යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.
4. තවද මහණෙනි, තථාගතයෝ යථාභූත වූ (කාමධාතු ඈ) බහුධාතුක (විලක්ෂණ විසින්) නානාධාතුක ස්කන්‍ධලොකය දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ අනෙකධාතු නානාධාතු ලොකය ඇති සැටියෙන් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළිනකරත් ද, පර්ෂද්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
5. පුන චපරං භික‍්ඛවෙ තථාගතො සත‍්තානං නානාධිමුත‍්තිකතං යථාභූතං පජානාති, යම‍්පි භික‍්ඛවෙ තථාගතො සත‍්තානං නානාධිමුත‍්තිකතං යථාභූතං පජානාති, ඉදම‍්පි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලං හොති, යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.
5. තවද මහණෙනි, තථාගතයෝ සත්ත්‍වයන්ගේ (හීනාදි) නානාධිමුක්තික භාවය වූ යථාභූතය දන්නාහ. මහණෙනි, යම්හෙයකින් තථාගතයෝ සත්ත්‍වයන්ගේ යථාභූත කොට නානාධිමුක්තික භාවය දනිත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළිනකරත් ද, පර්ෂද්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
6. පුන චපරං භික‍්ඛවෙ තථාගතො පරසත‍්තානං පරපුග‍්ගලානං ඉන්‍ද්‍රියපරොපරියත‍්තං යථාභූතං පජානාති. යම‍්පි භික‍්ඛවෙ තථාගතො පරසත‍්තානං පරපුග‍්ගලානං ඉන්‍ද්‍රියපරොපරියත‍්තං යථාභූතං පජානාති, ඉදම‍්පි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලං හොති, යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.
6. තවද මහණෙනි, තථාගතයෝ ප්‍රධාන සත්ත්‍වයන්ගේ හා හීනසත්ත්‍වයන්ගේ ඉන්‍ද්‍රියපරාවරභාවය යථාභූත කොට දන්නාහ. මහණෙනි, යම් කරුණෙකින් තථාගතයෝ ප්‍රධානාප්‍රධාන සත්ත්‍වයන්ගේ ඉන්ද්‍රිය පරාවරතාව යථාභූත කොට දනිත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ඍෂ්භස්ථානය පිළින කරත් ද, පිරිස්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
7. පුන චපරං භික‍්ඛවෙ තථාගතො ඣානවිමොක‍්ඛසමාධිසම‍්පත‍්තීනං සංකිලෙසං වොදානං වුට‍්ඨානං යථාභූතං පජානාති, යම‍්පි භික‍්ඛවෙ තථාගතො ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනං සංකිලෙසං වොදානං වුට‍්ඨානං යථාභූතං පජානාති, ඉදම‍්පි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලං හොති, යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.
7. තවද මහණෙනි, තථාගතයෝ ධ්‍යාන, විමෝක්ෂ, සමාධි සමාපත්තීන්ගේ (හානභාගිය ධර්‍මසඞ්ඛ්‍යාත) සංක්ලේශයත් (විශේෂ භාගිය ධර්‍ම සඞ්ඛ්‍යාත) ව්‍යවදානයත් ප්‍රගුණධ්‍යාන හා භවාඞ්ග (ඵලසමාපත්ති සඞ්ඛ්‍යාත) ව්‍යුත්‍ථානයත් යථාභූතයෙන් දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ ධ්‍යානවිමෝක්ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශව්‍යවදාන ව්‍යුත්‍ථාන යථාභූතයෙන් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ඍෂ්භස්ථානය ප්‍රතිඥාකරත් ද, පර්ෂද්හි සිංහනාද කරත් ද, ධර්‍මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
8. පුන චපරං භික‍්ඛවෙ තථාගතො අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති, සෙය්‍යථීදං: එකම‍්පි ජාතිං, ද‍්වෙපි ජාතියො, තිස‍්සොපි ජාතියො, චතස‍්සොපි ජාතියො, පඤ‍්චපි ජාතියො -පෙ- දසපි ජාතියො - වීසම‍්පි ජාතියො, තිංසම‍්පි ජාතියො, චත‍්තාරීසම‍්පි ජාතියො, පඤ‍්ඤාසම‍්පි ජාතියො, ජාතිසතම‍්පි, ජාතිසහස‍්සම‍්පි, ජාතිසතසහස‍්සම‍්පි, අනෙකෙපි සංවට‍්ටකප‍්පෙ, අනෙකෙපි විවට‍්ටකප‍්පෙ, අනෙකෙපි සංවට‍්ටවිවට‍්ටකප‍්පෙ, අමුත්‍රාසිං එවන‍්නාමො, එවංගොත‍්තො, එවංවණ‍්ණො එවමාහාරො එවං සුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො. සො තතො චුතො අමුත්‍ර උපපාදිං, තත්‍රාපාසිං එවං නාමො එවංගොත‍්තො එවංවණ‍්ණො එවමාහාරො එවංසුඛදුක‍්ඛපටිසංවෙදී එවමායුපරියන‍්තො සො තතො චුතො ඉධූපපන‍්නොති. ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති. යම‍්පි භික‍්ඛවෙ තථාගතො අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති, සෙය්‍යථීදං එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති, ඉදම‍්පි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලං හොති, යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්ම චක‍්කං පවත‍්තෙන‍්ති.
8. තවද මහණෙනි, තථාගතයෝ අනෙකවිධ පූර්‍වනිවාසානු ස්මෘතිය, එනම් එක්ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දශයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියදහසකුදු නොයෙක් සංවර්‍ත කල්පයනුදු නොයෙක් විවර්ත කල්පයනුදු නොයෙක් සංවර්ත විවර්ත කල්පයනුදු සිහි කරත්: “මෙසේ නම් ඇතියෙම්, මෙසේ ගොත්‍ර ඇතියෙම්, මෙසේ වර්‍ණ ඇතියෙම්, මෙසේ ආහාර ඇතියෙම්, මෙසේ සුවදුක් විඳුනා සුල්ලෙම්, මෙසේ ආයුපරියන්ත ඇතියෙම් අසෝතන්හි වීමි. හේ මම් එයින් සැව අසෝ තැන්හි උපන්මි. එහිදු මෙසේ නමැතියෙම් මෙසේ ගොත්‍ර ඇතියෙම් මෙසේ වර්‍ණ ඇතියෙම් මේ ආහාර ඇතියෙම් මෙසේ සුව දුක් විඳුනෙම් මෙසේ ආපිරියත් ඇතියෙම් වීමි. හෙ මම ඉන් ච්‍යුතවූයෙම් මෙහි උපන්මි”යි මෙසේ ආකාර සහිත, උද්දේශ සහිත අනෙකවිධ පූර්‍වානිවාසානු ස්මෘතිය සිහිකරත්. මහණෙනි, යම් හෙයෙකින් අනෙකවිධ පූර්‍වනිවාසය එ නම් එක් ජාතියකුදු, ජාති දෙකකුදු, ... සිහිකරත්, ... මෙසේ ආකාර සහිත උද්දේශ සහිත අනෙකවිහිත පූර්‍වනිවාසය සිහිකරත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ඍෂ්භස්ථානය ප්‍රතිඥා කරත් ද, පර්ෂද්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහු ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.
9. පුන චපරං භික‍්ඛවෙ තථාගතො දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති: ‘ඉමෙ වත භොන‍්තො සත‍්තා කාය දුච‍්චරිතෙන සමන‍්නාගතා - වචී -පෙ- මනො දුච‍්චරිතෙන සමන‍්නාගතා ආරියානං උපවාදකා, මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්ම සමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. ඉමෙ වා පන භොන‍්තො සත‍්තා කායසුචරිතෙන සමන‍්නාගතා වචී -පෙ- මනො සුචරිතෙන සමන‍්නාගතා. අරියානං අනුපවාදකා සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා. තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නාති. ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන. සත‍්තෙ පස‍්සති චවමානෙ උප‍්පජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති. යම‍්පි භික‍්ඛවෙ තථාගතො දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්ත මානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උපපජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති. යම‍්පි භික‍්ඛවෙ තථාගතො දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන -පෙ- යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති. ඉදම‍්පි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලං හොති. යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.
9. තවද මහණෙනි, තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිව්‍යචක්ෂුසින් ච්‍යුතවන්නා වූ ද උපදනාවූද හීන වූ ද ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්‍වර්‍ණ වූ ද සුගත වූ ද දුර්‍ගත වූ ද සත්ත්‍වයන් දක්නාහ. කම් වු පරිදි යන සත්ත්‍වයන් දක්නාහ. එකතින් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්වාගතහ. වාක්දුශ්චරිතයෙන් සමන්වාගතහ. මනෝදුශ්චරිතයෙන් සමන්වාගතහ. ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නාහ. මිසදිටු ඇතියහ, මිථ්‍යාදෘෂ්ටික කර්‍මසමාදාන ඇතියහ. උහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත නම් වූ නිරයට (ප්‍රතිසන්ධි විසින්) පැමිණියාහු වෙති. මේ භවත්සත්ත්‍වයෝ ද කායසුචරිතයෙන් සමන්වාගත වූවාහු වාක්සුචරිතයෙන් සමන්වාගත වූවා මනස්සුචරිතයෙන් සමන්වාගත වූවාහු වෙති. ආර්‍ය්‍යයනට උපවාද නො කරන්නාහ, සම්දිටු ඇතියහ, සම්‍යක් දෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ. උහු කාබුන් මරණින් සුගති නම් වූ ස්වර්‍ග ලොකයට (ප්‍රතිසන්ධි විසින්) පැමිණියහ. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැ පවත්නා දිවැසින් ච්‍යුතවන්නා වූත් උපදනාවූත් හීනවූත් ප්‍රණීත වූත් සුවර්‍ණ වූත් දුර්‍වර්‍ණ වූත් සුගත වූත් දුර්‍ගත වූත් සත්ත්‍වයන් දක්නාහ. යථා කර්‍මොපග සත්ත්‍වයන් දක්නාහ. මහණෙනි, යම්හෙයකින් තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් ච්‍යුතවන උපදනා, හීන ප්‍රණීත, සුවර්‍ණ දුර්‍වර්‍ණ සත්ත්‍වයන් දක්නාහු ද, යථාකර්‍මොපග සත්ත්‍වයන් දක්නාහු ද, මහණෙනි, යම් හෙයෙකිනුදු තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්මගියා වූ දිවැසින් ... යථාකර්‍මොපග සත්ත්‍වයන් දක්නාහු නම්, මහණෙනි, යම්බලයකට පැමිණ ඍෂ්භස්ථානය ප්‍රතිඥා කරත් ද, පර්ෂද්හි සිංහනාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල යි.
10. පුන චපරං භික‍්ඛවෙ තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති යම‍්පි භික‍්ඛවෙ තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙවධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති, ඉදම‍්පි භික‍්ඛවෙ තථාගතස‍්ස තථාගතබලං හොති, යං බලං ආගම‍්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති.
10. තවද මහණෙනි, තථාගතයෝ ආස්‍රවක්ෂයයෙන් අනාස්‍රව චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තුමු විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට පැමිණ වෙසෙත්. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ ආස්‍රවක්ෂයයෙන් අනාස්‍රව චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තුමු විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට එළඹ වෙසෙත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ඍෂ්භස්ථානය ප්‍රතිඥා කරත් ද, පර්‍ෂද්හි ශ්‍රේෂ්ඨ නාද කරත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල යි.
ඉමානි ඛො භික‍්ඛවෙ දස තථාගතස‍්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන‍්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති. බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙන‍්ති.
මහණෙනි, යම් බඳු බලයන්ගෙන් සමන්විත වූවාහු තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කරත් ද, පර්ෂද්හි සිංහනාද කරත් ද, (ධර්‍ම) බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, මේ ඒ දශබල යි.