ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (11) 1. වලාහක වර්ගය

4.3.1.7. මූසිකාසුත්තං

4.3.1.7. මූසිකා සූත්‍රය

7. චතස්සො ඉමා භික්ඛවෙ මූසිකා. කතමා චතස්සො?

7. මහණෙනි, මේ මූෂිකාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

ගාධං කත්තා නො වසිතා, වසිතා නො ගාධං කත්තා, නෙව ගාධං කත්තා නො වසිතා, ගාධං කත්තා ච වසිතා ච. ඉමා ඛො භික්ඛවෙ චතස්සො මූසිකා.

බිල කරන්නී වාස නො කරන්නී ය, වාස කරන්නී බිල නො කරන්නී ය. බිල නො කරන්නී ම වාස නො කරන්නී ය. බිල කරන්නීත් වාස ද කරන්නී ය. මහණෙනි, මේ සතර මූෂිකාවෝ ය.

එවමෙව ඛො භික්ඛවෙ චත්තාරො’මෙ මූසිකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?

මහණෙනි, එපරිදි ම මේ මූෂිකොපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක් ද යත්:

ගාධං කත්තා නො වසිතා, වසිතා නො ගාධං කත්තා, නෙව ගාධං කත්තා නො වසිතා, ගාධං කත්තා ච වසිතා ච.

බිල කරන්නේ වාස නො කරන්නේ ය. වාස කරන්නේ බිල නො කරන්නේ ය. බිල නො කරන්නේ ම වාස ද නො කරන්නේ ය. බිල කරන්නේත් වාස ද කරන්නේ යි.

කථඤ්ච භික්ඛවෙ පුග්ගලො ගාධං කත්තා හොති නො වසිතා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ධම්මං පරියාපුණාති : සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති –පෙ– අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ගාධං කත්තා හොති නො වසිතා. සෙය්යථාපි සා භික්ඛවෙ මූසිකා ගාධං කත්තා නො වසිතා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල බිල කරන්නේ වාස නො කරන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි නො දනී ... ‘‘මේ දුක්ඛනිරොධගාමිනී පටිපදාය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල බිල කරන්නේ වාස නො කරන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව බිල කරන්නී වාස නොකරන්නී වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.

කථඤ්ච භික්ඛවෙ පුග්ගලො වසිතා හොති නො ගාධං කත්තා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ධම්මං න පරියාපුණාති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො ඉදං ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති –පෙ– අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො වසිතා හොති නො ගාධං කත්තා. සෙය්යථාපි සා භික්ඛවෙ මූසිකා වසිතා නො ගාධං කත්තා. තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල වාස කරන්නේ බිල නොකරන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නො හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී ... ‘‘මේ දුක්ඛනිරොධගාමිනී පටිපදාය”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල වාස කරන්නේ බිල නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව වාස කරන්නී බිල නොකරන්නී වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.

කථඤ්ච භික්ඛවෙ පුග්ගලො නෙව ගාධං කත්තා හොති නො වසිතා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ධම්මං න පරියාපුණාති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානාති –පෙ– අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො නෙව ගාධං කත්තා හොති නො වසිතා. සෙය්යථාපි සා භික්ඛවෙ මූසිකා නෙව ගාධං කත්තා නො වසිතා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල බිල නොකරන්නේ ම වාස නො කරන්නේත් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නො හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි නො දනී ... ‘‘මේ දුක්ඛනිරොධගාමිනී පටිපදාය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල බිල නො කරන්නේ ම වාසත් නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව බිල නොකරන්නී වාස නො කරන්නී වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.

කථඤ්ච භික්ඛවෙ පුග්ගලො ගාධං කත්තා ච හොති වසිතා ච? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ධම්මං පරියාපුණාති සුත්තං ගෙය්යං වෙය්යාහකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති –පෙ– අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ගාධං කත්තා ච හොති වසිතා ච. සෙය්යථාපි සා භික්ඛවෙ මූසිකා ගාධං කත්තා ච වසිතා ච, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.

මහණෙනි, කෙසේ පුද්ගල බිල කරන්නේත් වාස කරන්නේත් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී ... ‘‘මේ දුක්ඛනිරොධගාමිනී පටිපදා”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල බිල කරන්නේත් වාස කරන්නේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව බිල කරන්නීත් වාස කරන්නීත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.

ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො මූසිකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.

මහණෙනි, මේ මූෂිකොපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.