අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

17. පාරායණානුගීති නිර්දේශය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චූල නිද්දේස පාළි » පාරායණානුගීති නිර්දේශය

භාග්‍යවතුන් වහන්සේ මගධරටැ පහණසෑ නම් වෙහෙරෙහි වැඩ වසනසේක් මේ පාරායණ සුත්‍රය වදාළසේක (බාවරි) ඇතැවැසි (පිඞ්ගිය හා සමග) සොළොස් බමුණන් විසින් අයදනා ලදහු පුළුවුත්හු පැන විස‍ඳුසේක. ඉදමවො ච භගවා යනු: මේ පාරායණ සූත්‍රය වදාළහ. භගවා යනු: තෙල ගෞරවනාම යැ ... මේ ‘භගවත්’ යනු බෝමුල්හි සිව්සස් පසක් කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් නුයි ‘ඉදමවො ච භගවා’ යනු වේ. මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ - මගධෙසු යනු: ‘මගධ’ නම් ඇති දනවියෙහි ...

16. පිඞ්ගිය සූත්‍ර නිර්දේශය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චූල නිද්දේස පාළි » පිඞ්ගිය සූත්‍ර නිර්දේශය

(ආයුෂ්මත් පිඞ්ගිය මෙසේ විචාරයි:) මම් ජීර්ණයෙමි දුර්වලයෙමි විවර්ණයෙමි, (මාගේ) නෙත්‍රයෝ ශුද්ධ නො වෙති, ශ්‍රවණය පහසු නො වෙයි, මම් (මුඹ වහන්සේ ගේ දහම්, පසක් නො කොට) අතුරෙහි මැ මුළා වූයෙම් නහමක් නැසෙම්වා, මේ පහණසෑ වෙහෙරෙහි දී මැ ජාතිජරාවගේ ප්‍රහාණය වූ යම් දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව. ජිණ්ණොහමස්මි අඛලො විවණ්ණො ‘ජිණ්ණොහමස්මි’ යනු: ජිර්ණයෙමි වෘද්ධයෙමි මහලුයෙමි තුන් වැනි විය ඉක්ම ගියේ අන්තිම වයසට පැමිණි ...

15. මෝඝරාජ සූත්‍ර නිර්දේශය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චූල නිද්දේස පාළි » මෝඝරාජ සූත්‍ර නිර්දේශය

(ආයුෂ්මත් මෝඝරාජ මෙසේ විචාරයි:) මම් දෙවරක් ශාක්‍යමුනිහු විචාළෙමි. චක්ෂුර්මත්හු ප්‍රකාශ නො කළහ, දෙවර්ෂීහු තුන්වනවට දක්වා විචාරන ලද්දාහු ප්‍රකාශ කරන සේකැ යි මා විසින් අසන ලද. ද්වාහං සක්කං අපුච්ඡිස්සං යනු: එ බමුණු දෙවරක් භාග්‍යවත් බුදුන් පැන පුළුවුත්. ඔහට බුදුහු පැන පුළුවුස්නා ලද්දාහු ‘එයට ඉක්බිති මෙ බමුණුහට ඉන්ද්‍රියපරිපාකය වන්නේ යැ’යි ප්‍රකාශ නො කළහ. සක්කො යනු බුදුහු ශාක්‍යයහ: ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූහ යි ද ශාක්‍යයහ, නොහොත් ආඪ්‍යයහ ...

14. පෝසාල සූත්‍ර නිර්දේශය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චූල නිද්දේස පාළි » පෝසාල සූත්‍ර නිර්දේශය

(ආයුෂ්මත් පෝසාල මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ සිඳුනා ලද සැක ඇති යම් සර්වඥ කෙනෙක් ස්වකීය වූ ද පරකීය වූ ද අතීතය (පූර්වෙනිවාසානුස්මෘතිඥානයෙන්) ප්‍රකාශ කෙරෙත් ද, සියලු ධර්මයන් ගේ පරතෙරට ගිය ඒ සර්වඥයන් කරා ප්‍රශ්නයෙන් අර්ථි වැ ආයෙමි. යො අතීතං ආදිසති- ‘යො’ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ස්වයම්භූ වූවාහු (තමනට) ආචාර්‍ය්‍යයන් නැත්තාහු පෙර නොඇසූ සිව්සස් දහම්හි සත්‍යයන් තුමූ අවබෝධ කළසේක් ද එහිදු සර්වඥභාවයට පැමිණියාහු බලධර්මයන්හි ...

13. උදය සූත්‍ර නිර්දේශය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චූල නිද්දේස පාළි » උදය සූත්‍ර නිර්දේශය

(ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ධ්‍යාන කරන සුලු වූ විගතරජස් ඇති වැ වැඩහුන් සිව්මඟින් කළ (සොළොස් වැදෑරුම්) කිස ඇති අනාස්‍රව සියලු ධර්මයන් ගේ පරතෙර පැමිණි භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් අර්ථී වැ ආයෙමි, අවිද්‍යාව බිඳුනා අඤ්ඤාවිමොක්ඛ සඞ්ඛ්‍යාත නිවන වදාළ මැනැව. ඣායිං විරජමාසීනං- “ඣායී” යනු: බුදුහු ධ්‍යාන කරන සුල්ලහ. ප්‍රථම ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, ද්විතීය ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, තෘතීය ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, චතුර්ථධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙ ...