අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

12.7.5. ඔදකජ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 7. ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය

මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ගොඩබිම උපදනාහු ද ඒ සත්වයෝ මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් දියෙහි උපදනෝ ද මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.

12.7.4. සුරාමෙරය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 7. ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය

මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ප්‍රමාදයට කරුණු වූ රහමෙරමත්පැනින් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් ප්‍රමාදයට කරුණු වූ රහමෙර මත්පැනින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්‍ය කටයුතු යි.

12.7.3. පඤ්‌ඤා සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 7. ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය

මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ආර්ය්‍ය වූ ලොවී ලොවුතුරු නුවණැසින් සමන්වාගත වෙත් නම් ඒ සත්වයෝ මඳය හ, වැලි යම් කෙනෙක් අවිද්‍යායෙන් යුතු වූවාහු මුළා වූවෝ වෙද්ද මේ සත්වයෝ ම ඉබොහෝ හ. ... මේ දුක් වැළක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්ය්‍ය කටයුතු යි.

12.7.2. පච්‌චන්‌ත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 7. ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය

එකලහි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස්බිඳක් නගා භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මවිසින් නියසිළෙහි යම් මේ පස්බිඳෙක් නගන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැයි. වහන්ස, යම් මේ මහපොළොවක් වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බිඳ ඉතා මඳ ය ... මහණෙනි, එසෙයින් ම මධ්‍යමජනපදයන්හි යම් සත්‍ව කෙනෙක් උපදිත් නම් ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් අප්‍රසිද්ධ වූ අශිෂ්ට වූ පැසුළු දනව්හි උපදිත් නම් මොහු ම ඉබොහෝ හ. ...

12.7.1. අඤ්‌ඤත්‍ර සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 12. සච්ච සංයුක්තය » 7. ආමකධඤ්‌ඤපෙය්‍යාල වර්ගය

එකලහි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බිඳක් නගා භික්ෂූන් ඇමතූසේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? මා විසින් නියසිළෙහි යම් පස්බිඳෙක් නගන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැ යි. වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බිඳ ඉතා මඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් නිය සිළෙහි නගන ලද පස්බිඳ ගිණුමටත් නො පැමිණේ. සැසඳීමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ යි. මහණෙනි, එසෙයින් ම ...