මහණෙනි, මේ අතපනීය වූ (නොතවන) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි කිසිවකු විසින් කායසුචරිතය කරණ ලද වෙයි. කායදුශ්චරිතය නොකරණ ලද වෙයි. වාක්සුචරිතය කරණ ලද වෙයි. වාග්දුශ්චරිතය නොකරණ ලද වෙයි. මනඃසුචරිතය කරණ ලද වෙයි. මනොදුශ්චරිතය නොකරණ ලද වෙයි. හේ මා විසින් කායසුචරිතය කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් කායදුශ්චරිතය නො කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් වාක්සුචරිතය කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් වාග්දුශ්චරිතය නො කරණ ලදැ යි නො ...
මහණෙනි, මේ තපනීය (සිත් සතැවුලියෙන් තවන) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත් : මහණෙනි, මෙලොව්හි කිසිවකු විසින් කායදුශ්චරිතය කරණ ලද වෙයි. කාය සුචරිතය නොකරණ ලද වෙයි. වාග්දුශ්චරිතය කරණ ලද වෙයි. වාක්සුචරිතය නොකරණ ලද වෙයි. මනොදුශ්චරිතය කරණ ලද වෙයි. මනස්සුචරිතය නොකරණ ලද වෙයි. හේ මා විසින් කායදුශ්චරිතය කරණ ලදැ යි තැවෙයි. මා විසින් කායසුචරිතය නොකරණ ලදැ යි තැවෙයි. මා විසින් වාග්දුශචරිතය කරණ ලදැයි තැවෙයි. මා විසින් වාක්සුචරිතය නොකරණ ලදැ යි ...
මහණෙනි, ලොව්හි දුකසේ පිරිය යුතු මේ (ප්‍රධාන) වීර්‍ය්‍යයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ගිහිගෙයි වසන ගිහියන්ගේ චීවර - පිණ්ඩපාත - ශයනාසන - ග්ලානප්‍රත්‍ය - භෛෂජ්‍ය - පරිෂ්කාර දීම පිණිස යම් වීර්‍ය්‍යයෙක් වේ ද, ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට පැමිණියවුන්ගේ (ස්කන්ධ - ක්ලෙශ - අභිසංස්කාර සඞ්ඛ්‍යාත) සියලු උපධීන් බැහැර ලීම වූ නිවණ පිණිස යම් වීර්‍ය්‍යයෙකුත් වේ ද (යන දෙකයි.) මහණෙනි, ලොව්හි දුෂ්කර වූ මේ වීර්‍ය්‍යයෝ දෙදෙන වෙති. මහණෙනි, මේ ද්විවිධ වීර්‍ය්‍යයන් අතුරෙන් සියලු උපධීන් දුරලීම පිණිස යම් ...
මහණෙනි, මේ වද්‍ය (අපරාධ) දෙකෙකි. කවර දෙකෙක යත් : දෘෂ්ටධර්‍මවිපාක ඇති අපරාධය හා පරලොව විපාක ඇති අපරාධ යි. මහණෙනි, ඉහාත්‍මයෙහි විපාක ඇති අපරාධය කවරේ ය යත්: මහණෙනි, මෙලොව රජවරු අපරාධ කරණ සොරු ගෙණ විවිධ කම්කටොලු කරත්: කසවැලිනුදු තළත්, වේවැලිනුදු තළත්, මුගුරිනුදු තළත්, අතුදු සිඳුති, අත් පා ද සිඳුති, කණුදු සිඳුති, නැහැය ද සිඳුති, කන් නාසා ද සිඳුති, බිලඞ්ගථාලික නම් වධය ද කරත්, සඞ්ඛමුණ්ඩික නම් වධය ද කරත්, රාහුමුඛ නම් වධය ද කරත්, ජොතිමාලික නම් වධය ද කරත්, හත්‍ථපජ්ජොතික ...
මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් ප්‍රෙතවිෂයයෙන් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්ව කෙනෙක් ප්‍රෙතවිෂයයෙන් ච්‍යුත ව ප්‍රෙතවිෂයයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින් ද යත් : මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නුදුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යය කෙනෙක යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍ය ය දුක්ඛනිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ”යි වීර්ය්‍ය කටයුතු. “මේ දුක හටගැනුමැ” යි වීර්ය්‍ය කටයුතු. “මේ දුක් ...