ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 2. දේවපුත්‌ත සංයුත්‌තය » 3. නානාතිර්ථය වර්ගය

2.3.6. රොහිතස්සසුත්තං

2.3.6. රෝහිතස්ස සූත්‍රය

107. සාවත්ථියං ---

107. සැවැත්නුවර -

එකමන්තං ඨිතො ඛො රොහිතස්සො දෙවපුත්තො භගවන්තං එතදවොච.

එකත්පසෙක සිටි රොහිතස්ස දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය:

යත්ථ නු ඛො භන්තෙ, න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති3 සක්කා නු ඛො සො භන්තෙ ගමනෙන ලොකස්ස අන්තො ඤාතුං වා දට්ඨුං වා පාපුණිතුං වාති.

“වහන්ස, යම්තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, චුත නො වේ ද, නො හට ගණී ද. වහන්ස, ඒ ලෝකයේ කෙළවර පාගමනින් දැන ගන්නට හෝ දක්නට හෝ පැමිණෙන්නට හෝ හැක්කේ ද?” යි.

යත්ථ ඛො ආවුසො න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති3 නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමීති.

ඇවැත්නි, යම් තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, චුත නො වේ ද, නො හට ගණී ද ඒ ලෝකයේ කෙළවර පාගමනින් දත හැකි ය, දැක්ක හැකි ය, පැමිණිය හැකිය යි මම නො කියමි.

අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාවසුභාසිතමිදං භන්තෙ, භගවතා, යත්ථ ඛො ආවුසො න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති3 නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමීති.

වහන්ස, ආශ්චර්යෙකි, වහන්ස අත්භූතයෙකි. වහන්ස, “ඇවැත්නි, යම් තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, චුත නො වේ ද, නො හට ගණී ද ඒ ලෝකයේ කෙළවර පාගමනින් දත හැකි ය, දැක්ක හැකි ය, පැමිණිය හැකිය යි මම නො කියමි” යි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් වදාරණ ලද්දේ මය,

භූතපුබ්බාහං භන්තෙ, රොහිතස්සො නාම ඉසි අහොසිං භොජපුත්තො ඉද්ධිමා වෙහාසඞ්ගමො. තස්ස මය්හං භන්තෙ එවරූපො ජවො අහොසි: සෙය්‍යථාපි නාම දළ්හධම්මා4 ධනුග්ගහො සික්ඛිතො5 කතහත්‍ථො කතයොග්ගො කතූපාසනො ලහුකෙන අසනෙන අප්පකසිරෙනෙව තිරියං තාලච්ඡායං අතිපාතෙය්‍ය.

පෙරවූවක් කියමි. වහන්ස, මම භෝජ පුත්‍ර වූ ඍද්ධි ඇති අහසින් යන රෝහිතස්ස නම් තවුසෙක් වීමි වහන්ස, ඒ මට දැඩිදුනු ඇති පුහුණු වූ කළ පුරුදු ඇති කළ තරඟ ඇති දැක්වූ ශිල්ප ඇති දුනුවායෙක් සැහැල්ලු ඊතලයෙකින් තල්සෙය සරස නිදුකින් ම යම්සේ ඉක්මවන්නේ ද, එබඳු ජවයෙක් වී ය.

තස්ස මය්හං භන්තෙ, එවරූපො පදවීතිහාරො අහොසි: සෙය්‍යථාපි6 නාම පුරත්‍ථිමසමුද්දා පච්ඡිමො සමුද්දො. තස්ස මය්හං භන්තෙ, එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි: “අහං ගමනෙන ලොකස්ස අන්තං පාපුණිස්සාමී”ති.

වහන්ස, ඒ මට පෙරදිග මුහුදින් අපරදිග මුහුද යම්සේ දුර ද, එබඳු පා තැබීමෙක් වි ය. වහන්ස, ඒ මට “මම පාගමනින් ලොව කෙළවරට පැමිණෙන්නෙමි”යි මෙබඳු ආශායෙක් උපන.

සො ඛ්වාහං භන්තෙ එවරූපෙන ජවෙන සමන්නාගතො එවරූපෙන ච පදවීතිහාරෙන අඤ්ඤත්‍රෙව අසිතපීතඛායිතසායිතා අඤ්ඤත්‍ර උච්චාරපස්සාවකම්මා අඤ්ඤත්‍ර නිද්දාකිලමථපටිවිනොදනා වස්සසතායුකො වස්සසතජීවී වස්සසතං ගන්ත්‍වා අප්පත්‍වා ව7 ලොකස්ස අන්තං අන්තරාව කාලකතො.8

වහන්ස, ඒ මම මෙබඳු ජවයෙන් යුක්ත වූයෙම් මෙබඳු පදවීතිභාරයෙන් යුක්ත වූයෙම් සියවසක් ආයු ඇත්තෙම් සියවසක් ජීවත්වන සුලු වූයෙම් කන බොන බුදින රස විඳින වෙලාවන් හැර මල මූ පහ කරණ වෙලාවන් හැර නිදන විඩා හරිණ වෙලාවන් හැර සියවසක් ගමන් කොට ලොව කෙළවරට නො පැමිණ ම අතරමගදී ම කලුරිය කෙළෙමි.

අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාවසුභාසිතමිදං භන්තෙ, භගවතා: “යත්ථ ඛො ආවුසො න ජායති, න ජීයති, න මීයති, න චවති, න උප්පජ්ජති, නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමී”ති.

වහන්ස, ආශ්චර්යයෙකි, වහන්ස අත්භූතයෙකි. වහන්ස, “ඇවැත්නි, යම් තැනෙක නූපදී ද, නො දිරා ද, නො මියේ ද, චුත නො වේ ද, නැවත නො හටගණී ද, ලෝකයේ ඒ කෙළවර පාගමනින් දතහැකි ය, දැක්කහැකි ය, පැමිණිය හැකි ය යි මම නො කියමි” යි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් වදාරණ ලද්දේ මය.

න ඛො පනාහං ආවුසො, අප්පත්වා ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමි. අපි චාහං ආවුසො ඉමස්මිඤ්ඤෙව බ්යාමමත්තෙ කලෙබරෙ සසඤ්ඤිම්හි සමනකෙ ලොකඤ්ච පඤ්ඤාපෙමි, ලොකසමුදයඤ්ච ලොකනිරොධඤ්ච ලොකනිරොධගාමිනිඤ්ච පටිපදන්ති.

ඇවැත්නි, මම ලොව කෙළවරට නො පැමිණ දුක් කෙළවර කිරීමක් නො ම කියමි. ඇවැත්නි, වැලිදු මම සංඥා සහිත සිත් සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝකසමුදයයත්, ලෝකනිරෝධයත්, ලෝකනිරෝධගාමිනී පටිපදාවත් පණවමි.

ගමනෙන න පත්තබ්බො ලොකස්සන්තො කුදාචනං,
න ච අප්පත්වා ලොකන්තං දුක්ඛා අත්ථි පමොචනං.

පාගමනින් කිසිකලෙක ලොව කෙලවර නො පැමිණිය හැක්කේ ය. ලොව කෙළවරට නො පැමිණ දුකෙන් මිදීමෙකුත් නැත.

තස්මා හවෙ ලොකවිදූ සුමෙධො ලොකන්තගූ වුසිතබ්රහ්මචරියො,
ලොකස්ස අන්තං සමිතාවි ඤත්වා නාසිංසති1 ලොකමිමං පරඤ්චාති.

එහෙයින් ලොව දන්නා මහානුවණැති ලොව කෙළවරට ගිය වැස නිමවූ මගබඹසර ඇති පව් සංසිඳ වූ පුද්ගල තෙමේ ලොව කෙළවර දැන මේ ලොව ද පරලොව ද නො පතයි.