ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » ධම්මසඞ්ගණීප්‍රකරණය » 3. නික්ෂෙපකාණ්ඩය » දුකනිර්‍දෙශය

ක්ලේශ ගොච්ඡක

1234. කවර ධර්මයෝ ක්ලේශ වෙති යත්:

ක්ලේශ වස්තූහු දස දෙනෙකි. ලෝභ යැ, ද්වේෂ යැ, මෝහ යැ, මාන යැ, දෘෂ්ටි යැ, විචිකිත්සා යැ, ස්ත්‍යාන යැ, මිද්ධ යැ, අහ්‍රීක යැ, අනපත්‍රපා යි.

1235. එහි ලෝභ කවරේ යත්:

යම් රාගයෙක් බලවත් රාගයෙක් අරමුණෙහි සත්ත්වයන්ගේ පැමිණවීමෙක් ඇවිරීමෙක් (භවයෙහි) ඇලීමෙක් නන්දි සඞ්ඛ්‍යාත රාගයෙක් චිත්තයාගේ සංරාගයෙක් ඉච්ඡායෙක් මුර්ඡායෙක් බැසගෙන සිටීමෙක් ගිජු වීමෙක් හාත්පසින් ගිජු වීමෙක් ඇලීමෙක් පඞ්කයෙක් භවයට ඇදීමෙක් වඤ්චායෙක් (සසරවට සත්වයන්) ඉපැදවීමෙක් (සත්ත්වයන් දුක හා සමග යොදමින්) ඉපදවීමෙක් (සසරවට) හිවීමෙක් ජාලිනියක් (තෘෂ්ණා සඞ්ඛ්‍යාත) නදියක් විසත්තිකායෙක් විසතායෙක් ආයූහනියෙක් (සහාය වන හෙයින්) දෙවැන්නක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් (ඒ ඒ අරමුණෙහි ඇලෙන හෙයින්) වනයෙක් බලවත් වූ ගහනයෙක් සන්ථවයෙක් ස්නේහයෙක් අපේක්ෂායෙක් ප්‍රතිබන්ධුයෙක් ආශායෙක් ආශංසායෙක් ආශංසිත බවෙක් රූපෙයහි ආශායෙක් ශබ්ධාශායෙක් ගන්ධාශායෙක් රසාශායෙක් ස්ප්‍රෂ්ටව්‍යාශායෙක් ලාභාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් (ජල්පන කරන හෙයින්)ජල්පායෙක් ප්‍රකර්ෂජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනයෙක් ජල්පිත බවෙක් පුනපුනා අරමුණෙහි ලොල්වීමෙක් ලෝලුපාකාරයෙක් ලොලුපායිත බවෙක් නගුට සලන බවෙක් මිහිරි අරමුණු කැමති වන බවෙක් අධර්මරාගයෙක් විෂමලෝභයෙක් නිකාන්තියෙක් නිකාමනයෙක් ප්‍රාර්ථනායෙක් පිහායෙක් සම්ප්‍රාර්ථනායෙක් කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරෝධතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක් ශබ්දතෘෂ්ණායෙක් ගන්ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙක් ධර්මතෘෂ්ණායෙක් ඔඝයෙක් යෝගයෙක් ග්‍රන්ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් (කුසල් දහම් වසන හෙයින්) ඡාදනයෙක් බන්ධනයෙක් උපක්ලේශයෙක් අනුශයයෙක් (උපදනා කුශල වාරය ගන්නා) පර්ය්‍යුත්ථානයෙක් (පරිවෙෂ්ටන කරන හෙයින්) ලතායෙක් (විවිධ වස්තු කැමති වන හෙයින්) විවිධ විප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබඩිශයෙක් මාරවිෂයයෙක් තෘෂ්ණා නදියෙක් තෘෂ්ණාසඞ්ඛ්‍යාත ජාලයෙක් තෘෂ්ණාසඞ්ඛ්‍යාත ගර්දුල(බලු බැඳුම)යෙක් තෘෂ්ණා සමුද්‍රයෙක් දැඩි ලෝභයෙක් ලෝභ අකුසල මූලයෙක් ඇද්ද, මේ ‘ලෝභ’ ය යි කියනු ලැබේ.

1236. එහි ද්වේෂ කවරේ යත්:

මට අවැඩ කළැයි කෝප උපදී. මට අවැඩ කෙරෙයි කෝප උපදී. මට අවැඩ කරන්නේ වනැයි කෝප උපදී. මාගේ ප්‍රිය මනාප වූවහුට අවැඩ කළැයි ... අවැඩ කෙරෙයි ... අවැඩ කරන්නේ යයි කෝප උපදී. මාගේ අප්‍රිය අමනාප වූවහුට අර්ථ කළැයි ... අර්ථ කෙරෙයි ... අර්ථ කරන්නේ යයි කෝප උපදී. යළි අස්ථානයෙහි හෝ කෝප උපදී. මෙබඳු චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් සිත පෙරළීමෙක් චිත්තයාගේ ප්‍රද්වේෂයෙක් ක්‍රෝධකේ ක්‍රෝධාකාරයෙක් ක්‍රෝධ කරන බවෙක් දෝෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යාපත්තියෙක් ව්‍යාපත්ති ආකාරයෙක් ව්‍යාපාදිත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඬ බවෙක් අපරිපූර්ණ වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් ඇද්ද, මේ ‘ද්වේෂ’ යයි කියනු ලැබේ.

1237. එහි මෝහ කවරේ යත්:

දුඃඛය නො දැනීම, දුඃඛසමුදය නො දැනීම, දුඃඛනිරෝධය නො දැනීම, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් නො දැනීම, පූර්වාන්තය නො දැනීම, අපරාන්තය නො දැනීම, පූර්වාන්තාපරාන්තය නො දැනීම, ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්මයන් නො දැනීම යන මෙබඳු වූ යම් නො දැනීමෙක් අදර්ශනයෙක් අනභිසමයෙක් අනවබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අසංගාහනායෙක් දුර්මේධායෙක් බාල්‍යයෙක් අසම්ප්‍රජන්‍යයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යයෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්යුත්ථානයෙක් අවිද්‍යාලඞ්ගියෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් ඇද්ද, මේ ‘මෝහ’ යයි කියනු ලැබේ.

1238. එහි මාන කවරේ යත්:

‘මම ශ්‍රේෂ්ඨ වෙමි’යි මාන යැ, ‘මම සදෘශ වෙමි’යි මාන යැ, ‘මම හීන වෙමි’යි මාන යැ, මෙබඳු වූ යම් මානෙයක් මාන ආකාරෙයක් මානිත බෙවක් උන්නතියෙක් නඟාතැබීමෙක් (මාන සඞ්ඛ්‍යාත)ධ්වජයෙක් සම්ප්‍රග්‍රාහයෙක් (චිත්තයාගේ) කේතුකාම්‍යතායෙක් ඇද්ද, මේ ‘මාන’ යයි කියනු ලැබේ.

1239. එහි දෘෂ්ටි කවරේ යත්:

‘ලෝකය ශාශ්වත’ යයි හෝ ‘ලෝකය අශාශ්වත’ යයි හෝ ‘ලෝකය අන්තවත්’ යයි හෝ ‘ලෝකය අනන්තවත්’ යයි හෝ ‘ඒ මැ ජීව යැ යි ඒ මැ ශරීර යැ’ යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි හෝ ‘සත්ත්වයා මරණින් මතු වෙයි’ හෝ ‘සත්ත්වයා මරණින් මතු නො වෙයි’ හෝ ‘සත්ත්වයා මරණින් මතුයෙහි වන්නේත් නො වන්නේත් වේ’ යයි හෝ ‘සත්වයා මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වේ’ යයි හෝ මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිෂ්පන්දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (දෘඪ) ග්‍රාහයෙක් පිහිටාගැන්මෙක් අභිනිවේශයෙක් පරාමර්ශයෙක් කුත්සිතමාර්ගයෙක් මිත්ථ්‍යාපථයෙක් මිත්ථ්‍යාත්වයෙක් තීර්ත්ථායතනයෙක් විපර්ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘දෘෂ්ටි’ යයි කියනු ලැබේ. හැම මිත්‍යාදෘෂ්ටි මැ දෘෂ්ටි වේ.

1240. එහි විචිකිත්සා කවර යත්:

ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක‍ කෙරයි, විචිකිත්සා කෙරෙයි. ධර්මයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. සඞ්ඝයා කෙරෙහි සැක‍ කෙරයි, විචිකිත්සා කෙරෙයි. ශික්ෂායෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්වාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. අපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්වාන්තාපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පාදයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. මෙබඳු වූ යම් සැකයෙක් සැකයට පැමිණීමෙක් සැකයට පැමිණි බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වේළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයෙක් අනේකාන්තග්‍රාහයෙක් පසුබැසීමෙක් හාත්පසින් පසුබැසීමෙක් නො බැසගැනීමෙක් චිත්තයාගේ තද බවෙක් මනෝවිලේඛයෙක් ඇද්ද, මේ ‘විචිකිත්සා’ යයි කියනු ලැබේ.

1241. එහි ථීනය කවරැ යත්:

චිත්තයාගේ යම් අකල්‍යතායෙක් අකර්මණ්‍යතායෙක් අවලීනයෙක් (පසුබැසීමෙක්) මොනවට එල්බ සිටීමෙක් හැකිළීමෙක් හැකුළුණු අයුරෙක් හැකුළුණු බවෙක් චිත්තයාගේ නො පැතිරීමෙක් නො පැතිරෙන අයුරෙක් නො පතළ බවෙක් ඇද්ද, මේ ‘ථීන’ යයි කියනු ලැබේ.

1242. එහි ඖද්ධත්‍ය කවරේ යත්:

චිත්තයාගේ යම් උඩඟු බවෙක් අව්‍යූපශමයෙක් චිත්තයාගේ වික්ශේපයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් ඇද්ද, මේ ‘ඖද්ධත්‍ය’ යයි කියනු ලැබේ.

1243. එහි අහ්‍රීක කවරේ යත්:

ජුගුප්සා කටයුතු යම් කාය දුෂ්චරිතාදියක් ජුගුප්සා නො කෙරේ ද, ලාමක අකුශල ධර්මයන්ගේ පැමිණීම ජුගුප්සා නො කෙරේ ද, මේ ‘අහ්‍රීක’ යයි කියනු ලැබේ.

1244. එහි අනපත්‍රපා කවරේ යත්:

බිය විය යුතු කාය දුෂ්චරිතාදී හේතුයෙන් යම් නො බිය වීමෙක් ඇද්ද, ලාමක අකුශල ධර්මයන්ගේ පැමිණීමෙන් නො බිය වීමෙක් ඇද්ද, මේ ‘අනපත්‍රපා’ යයි කියනු ලැබේ.

මේ ධර්මයෝ ක්ලේශයෝ යි.

1245. ක්ලේශ නො වූ ධර්මයෝ කවරහ යත්:

ඒ ක්ලේශධර්මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්ම කෙනෙක් ඇද්ද, වේදනාස්කන්ධ යැ ... විඥානස්කන්ධ යැ, සියලු රූපය ද අසඞ්ඛතධාතු ද යන මොහු ක්ලේශ

නො වූ ධර්මයෝ යි.

1246. සාංක්ලේශිකධර්මයෝ කවරහ යත්:

කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්මයෝ යැ රූපස්කන්ධ යැ ... විඥානස්කන්ධ යැ යන මොහු සාංක්ලේශිකධර්මයෝ යි.

1247. අසාංක්ලේශික ධර්මයෝ කවරහ යත්:

අපර්‍ය්‍යාපන්න වූ මාර්ගයෝ ද මාර්ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මොහු අසාංක්ලේශික ධර්මයෝ යි.

1248. සංක්ලිෂ්ටධර්මයෝ කවරහ යත්:

ලෝභ දෝස මෝහ යන තුන් අකුශල මූලයෝ යැ, එය හා එක් වැ සිටි ක්ලේශයෝ යැ, එය හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්ධ යැ ... විඥානස්කන්ධ යැ තත්සමුත්ථාන වූ කායකර්ම යැ වාක්කර්ම යැ මනඃකර්ම යැ යන මොහු සංක්ලිෂ්ටධර්මයෝ යි.

1249. අසංක්ලිෂ්ටධර්මයෝ කවරහ යත්:

කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලඅව්‍යාකෘත ධර්මයෝ යැ වේදනාස්කන්ධ යැ ..... විඥානස්කන්ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්මයෝ අසංක්ලිෂ්ටයෝ යි.

1250. ක්ලේශසම්ප්‍රයුක්තධර්මයෝ කවරහ යත්:

ඒ ක්ලේශධර්මයන් හා යම් ධර්ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද වේදනාස්කන්ධ යැ..... විඥානස්කන්ධ යැ යන මොහු ක්ලේශසම්ප්‍රයුක්තධර්මයෝ යි.

1251. ක්ලේශවිප්‍රයුක්තධර්මයෝ කවරහ යත්:

ඒ ක්ලේශධර්මයන් කෙරෙන් යම් ධර්ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහූ ද වේදනාස්කන්ධ යැ.... විඥානස්කන්ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු ක්ලේශවිප්‍රයුක්තධර්මයෝ යි.

1252. ක්ලේශ වූ ද සාංක්ලේශික වූ ධර්මයෝ කවරහ යත්:

එ මැ ක්ලේශයෝ ක්ලේශයෝත් සාංක්ලේශිකයෝත් වෙති.

1253. සාංක්ලේශික වූ ද නො ද ක්ලේශ වූ ධර්මයෝ කවරහ යත්:

යම් ධර්ම කෙනෙක් ඒ ක්ලේශධර්මයන් විසින් සාංක්ලේශික වූවාහූ ද ඒ ධර්මයන් තබා අවශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘතධර්මයෝ යැ රූපස්කන්ධ යැ... විඥානස්කන්ධ යැ යන මොහු සාංක්ලේශික වූ ද නො ද ක්ලේශ වූ ධර්මයෝ යි.

1254. ක්ලේශ වූ ද සංක්ලිෂ්ට වූ ද ධර්මයෝ කවරහ යත්:

එ මැ ක්ලේශයෝ ක්ලේශයෝ ද සංක්ලිෂ්ටයෝ ද වෙති.

1255. සංක්ලිෂ්ට වූ ද නො ද ක්ලේශ වූ ධර්මයෝ කවරහ යත්:

ඒ ක්ලේශධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් සංක්ලිෂ්ට වූවාහූ ද ඒ ධර්මයන් තබා වේදනාස්කන්ධ යැ ... විඥානස්කන්ධ යැ යන මොහු සංක්ලිෂ්ට වූ ද නො ද ක්ලේශ වූ ධර්මයෝ යි.

1256. කවර ධර්මයෝ ක්ලේශ වූවාහු ද ක්ලේශසම්ප්‍රයුක්ත වූවාහු ද වෙති යත්:

ලෝභය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය ලෝභය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ද්වේෂය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය ද්වේෂය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මානය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය මානය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. දෘෂ්ටිය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය දෘෂ්ටිය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්ඡාව මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය විචිකිච්ඡාව හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි .මෝහය ථීනය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අහිරිකය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය අහිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි .අනෝත්තප්පය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි.

ලෝභය උද්දච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය ලෝභය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ද්වේෂය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය ද්වේෂය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මානය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි .උද්ධච්චය මානය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. දෘෂ්ටිය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය දෘෂ්ටිය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්චාව උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය විච්කිච්චාව හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය ථීනය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය උද්ධචචය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි.

ලෝභය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය ලෝභය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ද්වේෂය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය ද්වේෂය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මානය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය මානය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. දෘෂ්ටිය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය දෘෂ්ටිය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්චාව අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය විචිකිච්චාව හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය ථීනය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝතප්පය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි.

ලෝභය අනෝතප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වේයි. අනෝතප්පය ලෝභය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ද්වේෂය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය ද්වේෂය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මෝහය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය මෝහය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. මානය අනෝතප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය මානය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. දිට්ඨිය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය දිට්ඨිය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිච්චාව අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය විචිකිච්චාව හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. ථීනය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය ථීනය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. උද්ධච්චය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි .අනෝත්තප්පය උද්ධච්චය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අභිරිකය අනෝත්තප්පය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි. අනෝත්තප්පය අභිරිකය හා ක්ලේශ ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වෙයි.

මේ ධර්මයෝ ක්ලේශයෝත් ක්ලේශසම්ප්‍රයුක්තෝත් වෙත්.

1257. කවර ධර්මයෝ ක්ලේශසම්ප්‍රයුක්ත ද නො ද ක්ලේශ ද වෙති යත්:

ඒ ක්ලේශධර්මයන් සමඟ යම් ධර්ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහූ ද ඒ ධර්මයන් තබා වේදනාස්කන්ධ යැ … විඥාන්ස්කන්ධ යැ යන මේ ධර්මයෝ ක්ලේශසම්ප්‍රයුක්ත ද නො ද ක්ලේශ ද වෙත්.

1258. කවර ධර්මයෝ ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශික වෙති යත්:

ඒ ක්ලේශධර්මයන් කෙරෙන් යම් ධර්ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශල අව්‍යාකෘතධර්මයෝ යැ, රූපස්කන්ධය යැ ... විඥානස්කන්ධය යැ යන මේ ධර්මයෝ ක්ලේශවිප්‍රයුක්ත ද සාංක්ලේශික ද වෙත්.

1259. කවර ධර්මයෝ ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික වෙති යත්:

අපරියාපන්න වූ මාර්ගයෝ ද මාර්ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන් මේ ධර්මයෝ ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික්යෝ යි.

ක්ලේශ ගොච්ඡකයි.