අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

1. වේරඤ්ජකාණ්ඩය

ත්‍රිපිටකය » විනය පිටකය » පාරාජිකපාළිය » 1. වේරඤ්ජකාණ්ඩය

“භවත් ගෞතමයෝ රසවිරෝධිහු”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ රස විරෝධිහුය යි මෙනොවට කියන තෙනැත්තේ මට කියන්නේ ද, ඒ කාරණය මා කෙරෙහි විද්‍යමාන වේ ම ය. බමුණ, යම් ඒ රූපාස්වාදයෝ ශබ්දාස්වාදයෝ ගන්‍ධාස්වාදයෝ රසාස්වාදයෝ ස්ප්‍රෂ්ටව්‍යාස්වාදයෝ වෙද්ද, ඒ ආස්වාද (රසයෝ) තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලදහ. සිඳුනා ලද මුල් ඇතියහ. මුදුන සුන් තල් රුකක් මෙන් කරණ ලදහ. නැවත නූපදනා සේ විනාශයට පමුණුවන ලදහ. මත්තෙහි නූපදනා ...

5. ඉන්‌ද්‍රියවිභඞ්ගය

ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » විභඞ්‌ගප්පකරණය 1 » 5. ඉන්‌ද්‍රියවිභඞ්ගය

එහි චක්ඛුන්ද්‍රිය කවරෙ යත්: යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වේ ද … තෙල ‘ශුන්‍යග්‍රාම’ නමුදු වේ. මේ චක්ඛුන්ද්‍රි යි කියනු ලැබේ. එහි සෝතින්ද්‍රිය කවරෙ යත්: … ඝානින්ද්‍රිය … ජිව්හින්ද්‍රිය … කායින්ද්‍රිය කවරෙ යත්: යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වේ ද … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ කායින්ද්‍රිය යි කියනු ලැබේ. එහි මනින්ද්‍රිය කවරෙ යත්: එක් ප්‍රකාරයෙකින් මනින්ද්‍රිය වෙයි. ස්පර්ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි. ද්විප්‍රකාරෙයකින් මනින්ද්‍රිය වෙයි: සහේතුකයෙක් ...

3. ධාතුවිභඞ්ගය

ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » විභඞ්‌ගප්පකරණය 1 » 3. ධාතුවිභඞ්ගය

එහි මනෝවිඤ්ඤාණධාතු කවර යත්: චක්ෂුර්විඥානධාතූහු ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව මනෝධාතුව උපදී. මනෝධාතූහු ද ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව (යම්) චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුවෙක් උපදී ද, ශ්‍රොත්‍රවිඥානධාතූහු … ඝ්‍රාණවිඥානධාතූහු … ජිහ්වාවිඥානධාතූහු … කායවිඥානධාතූහු … ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව මනෝ ...

4. සත්‍යවිභඞ්ගය

ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » විභඞ්‌ගප්පකරණය 1 » 4. සත්‍යවිභඞ්ගය

ආර්‍ය්‍යසත්‍යයෝ සතර දෙනෙකි: දුඃඛාර්‍ය්‍යසත්‍යය, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. එහි දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ යත්: ජාතිය ද දුක් ය, ජරාව ද දුක් ය, මරණය දුක් ය, සෝකපරිදේවදුක්ඛදොමනස්සූපායාසයෝ ද දුක්, අප්‍රියසම්ප්‍රයෝගය දුක් ය, ප්‍රියවිප්‍රයෝගය දුක් ය, කැමැති වූයේ යමක් නො ලබා නම් හෙ ද දුක් ය, සැකෙවින් පඤ්චොපාදානස්කන්ධයෝ දුඃඛයෝ යි. එහි ‘ජාති’ කවර යත්: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායයෙහි (අපරිපූර්ණායතන විසින්) යම් ...

6. ෂෂ්ඨ භූමි

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » පෙටකොපදෙශ » 6. ඡට්ඨ භූමි - සුත්තත්‍ථසමුච්චය

6–1. භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය තුන්පරිද්දෙකින් සංග්‍රහයට යෙයි: ස්කන්ධ–ධාතු ආයතනයන්හි යැ. එහි පඤ්චස්කන්ධයෝ නම් : රූපස්කන්ධ යැ, විඥානස්කන්ධය දක්වා ඇති පස ද රූපායතනයෝ දසයෙකි. : ඇස ද රූපයෝ ද – කය ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද යන මේ රූපස්කන්ධ යි. එහි සවැදෑරුම් වෙදනාකාය වෙදනාස්කන්ධය යැ : චක්ඛු සම්ඵස්සජ වෙදනා යැ – මනොසම්ඵස්සජවෙදනාව දක්වා ඇති මේ සැවැදෑරුම් වෙදනා වෙදනාස්කන්ධ යි. එහි, සැවැදෑරුම් සංඥාකාය සංඥාස්කන්ධ යැ, ...